හොද, නරක, සහ සත්‍යාවබෝධය

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    හොද, නරක, සහ සත්‍යාවබෝධය

    අදුර නැතිනම් ආලෝයක් ගැන කථා කල නොහැකිය.
    වැසි සමය නැතිනම් පායන කාලයක් ගැන කථා කල නොහැකිය.
    මෝහය නැතිනම් බුද්ධියක් ගැන කථා කල නොහැකිය.
    යක්ෂයින් නැතිනම් දෙවිවරැන් ගැන කථා කල නොහැකිය.
    අධමයින් නොමැතිනම් යහපත් මිනිසුන් ගැන කථා කල නොහැකිය.
    නරකක් නැතිනම් හොදක් ගැන කථා කල නොහැකිය.

    ලෝකයේ සෑම දෙයක්ම සැදී ඇත්තේ අන්ත දෙකකින් යුතුව බව ඔබට පෙනේද? එක් අන්තයක් නොමැතිනම් අනෙක් අන්තය පිලිබදව කථා කල නොහැකිය. මෙය Duality හෙවත් ලෝකයේ ද්විත්ව ස්වභාවයයි. මෙම අන්ත දෙක සෑම විටම එකට ගමන් කරයි.

    එසේනම්, සත්‍යාවබෝධය යනු කුමක්ද? නරක නැති කොට "හොද" වීමද? එහෙත් නරක නැති කලහොත් "හොද" ට පැවැත්මක් තිබේද? ඔබ හොද වුවද නරක වුවද ඔබට සත්‍යාවබෝධයට පත්විය නොහැකිය. නරක බව ඔබව ලෝකයට මල කෑ යකඩ දම්වැල් වලින් බැද දමන අතර, හොද බව ඔබව ලෝකයට රනින් දිලිසෙන දම්වැල් වලින් බැද දමයි. ඔබ කොයි අන්තයට ගියද ඔබ ලෝකයට බැදෙනවා මිස එයින් නිදහස් නොවෙයි. එසේ නම්, සත්‍යාවබෝධයට පත් පුද්ගලයා යනු හොද නරක යන දෙකින්ම නිදහස් වූ පුද්ගලයාය. අදුරින් මෙන්ම ආලෝකයෙන්ද නිදහස් වූ පුද්ගලයාය. "මම" සහ "අනෙකා" නැමැති මායාවෙන්ද මිදුනු පුද්ගලයාය. අනෙකුන් නැතිනම්, ඔබට ඔබ ගැන අදහසක් ඇති වේද? අනෙකුන් තැනිතම්, ඔබට ඔබ සිටිනවා කියා පවා නොදැනෙනු ඇත. සත්‍යාවබෝධයට පත් පුද්ගලයා යනු, තමා යනුවෙන් කෙනෙකු සිටිනවා කියා පවා නොදැනෙන "පුද්ගලයා" ය. එවිට ඔහු/ඇය "මම" නැමැති බැම්මෙන් මිදී, ලෝකය සහ විශ්වය සමග ඒකාත්මික වෙයි.

    "දකින්නාත් දකිනදෙයත් දෙකක් නොව එකක්මය" ~ J.ක්‍රිෂ්ණමූර්ති.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    > ඔබ හොද වුවද නරක වුවද ඔබට සත්‍යාවබෝධයට පත්විය නොහැකිය.

    මේ වාකය්‍ය ගැලපෙන්නේ නැහැ. මොකද එය "කවරෙකුටවත් සත්‍යාවබෝධය කල නොහැකිය." යන අර්ථයෙන් විමසන්න පුළුවන් වීම නිසා. එහෙම නම් සත්‍යාවබෝධය ගැන කතා කිරීමත් නිශ්ඵලයි.

    ඒ නිසා වඩාත් හොදයි "ඔබ හොද හෝ නරක පොඩ්ඩක් හරි පැවතීම ගැන අඩු තරමින් සුළු කැමැත්තක් වත් ඇත්නම් ඔබ සත්‍යාවබෝධ කල අයෙක් නොවේ." ලෙස හෝ වෙන යම් නිවැරදි ලෙසකට වාක්‍ය ගැලපීම.

    > අනෙකුන් නැතිනම්, ඔබට ඔබ ගැන අදහසක් ඇති වේද? අනෙකුන් තැනිතම්, ඔබට ඔබ සිටිනවා කියා පවා නොදැනෙනු ඇත.

    ඉහත වාක්‍යය ""මම" සහ "අනෙකා" නැමැති මායාවෙන්ද මිදුනු පුද්ගලයාය." යන වාක්‍යයට ඈදාම ලියුවානම් වඩාත් හොදයි. නැත්නම් කියවන කෙනා වාක්‍ය වල තේරුම වෙන වෙනම පමණක් විමසන්න ගියොත් පටලැවීමක් වෙනවා. බොහෝ අය එහෙම වෙන වෙනම පමණක් විමසනවානේ.

    > සත්‍යාවබෝධයට පත් පුද්ගලයා යනු, තමා යනුවෙන් කෙනෙකු සිටිනවා කියා පවා නොදැනෙන "පුද්ගලයා" ය.

    වැරදිම නැහැ. නමුත් අඩුපාඩු සහිතයි. යම් පුද්ගලයෙක් "තමා යනුවෙන් කෙනෙකු සිටිනවා කියා පවා නොදැනෙන" පමණට පමණක් සත්‍යාවබෝධ කලොත් ඒ පුද්ගලයා පූර්ණ ලෙස නොවූ නමුත් යම් පමණකින් සත්‍යාවබෝධය කල කෙනෙක්. ඒ පුද්ගලයාට අවබෝධ කල යුතු ඉතිරියක් පවතිනවා. ඒ නිසා එවන් පුද්ගලයින් සත්‍යාවබෝධ කල පුද්ගලයින් ලෙස පැවසීම නිවැරදි නැහැ. නමුත් යම් පමණකින් සත්‍යාවබෝධ කල අයෙක් ලෙස, සත්‍යාවබෝදධයට පිළිපන් අයෙක් ලෙස පැවසීම සුදුසුයි.

    > එවිට ඔහු/ඇය "මම" නැමැති බැම්මෙන් මිදී, ලෝකය සහ විශ්වය සමග ඒකාත්මික වෙයි.
    >
    > "දකින්නාත් දකිනදෙයත් දෙකක් නොව එකක්මය" ~ J.ක්‍රිෂ්ණමූර්ති.

    "මම" සහ "අනෙකා" නැමැති මායාවෙන්ද මිදුණු පුද්ගලයා "දකින්නාත් දකින දෙයත් දෙකක් නොව එකක්මය" ලෙස කවර දෙයක් දකින්නද? "මම" සහ "අනෙකා" නැමැති මායාවෙන්ද මිදුණු පුද්ගලයා "ලෝකය සහ විශ්වය සමග ඒකාත්මික වෙයි" ලෙස කවර දෙයක් කවර දෙයකට ඒකාත්මික වන බව දකින්නද?

    යම් පුද්ගලයෙක් "දකින්නාත් දකින දෙයත් දෙකක්මය" ලෙස හෝ "දකින්නාත් දකින දෙයත් දෙකක් නොව එකක්මය" ලෙස හෝ "(මම) ලෝකය සහ විශ්වය සමග ඒකාත්මික නොවෙයි" ලෙස හෝ "(මම) ලෝකය සහ විශ්වය සමග ඒකාත්මික වෙයි" ලෙස හෝ දකිනවානම් ඒ කවර පුද්ගලයෙක්ද? ඒ පූර්ණ ලෙස නොවුනත් අඩු තරමින් "තමා යනුවෙන් කෙනෙකු සිටිනවා කියා පවා නොදැනෙන" පමණටවත් සත්‍යාවබෝධ නොකළ අයෙක්මයි. සරළව කීවොත් ඒ සියළු ප්‍රකාශ සත්‍ය පටලවා ගැනීම් පමණක්මයි, මිත්‍යා දෘෂ්ටි පමණක්මයි, ලොව ඇත හා නැත යන අන්ත දෙකෙන් එක් අන්තයක් හෝ අනෙක් අන්තය හෝ එක් ආකාරයකට සිතා ඇත යන අන්තයත්, තවත් ආකාරයකට සිතා නැත යන අන්තයත් යන දෙකම පිළිගැනීමක්මයි.

    Last edited:

    ඔබේ බුද්ධිමත් විවරණය පිළිබද සැබැවින්ම ස්තූතියි. මා කිසිසේත් පරිපූර්ණයෙකු නොවේ. කෙසේ වුවත් මාගේද අදහස් පල කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලමි:

    >
    "කවරෙකුටවත් සත්‍යාවබෝධය කල නොහැකිය." යන අර්ථයෙන් විමසන්න පුළුවන් වීම නිසා. එහෙම නම් සත්‍යාවබෝධය ගැන කතා කිරීමත් නිශ්ඵලයි.

    කාරණය මෙයයි. හොද / නරක යනු එකම කාසියේ දෙපැත්තයි. මේ දෙකම ලෝකය හා බැදී පවතී. සත්‍යාවබෝධය ලැබීමට ලෝක සම්මතයන් අතහැරිය යුතුය. මෙම කියමනෙහි අර්ථය වටහා ගැනීමට, පොදු සම්මතයෙන් බැහැර විය යුතුය. එයින් කියවෙන්නේ සත්‍යාවබෝධය ලැබූවන් හොද නරක නොසලකන බව නොවේ. එසේ වූයේ නම් ඔවුන් ලෝකයෙහි පවතින සියළු නරක සිදුකරනු ඇත. නමුත් ඔවුන් ‍එසේ නොකරයි. මන්දයත්, ලෝකය යනු තමන්ම බව ඔවුන් දන්නා හෙයිනි (ලෝකය සමග ඒකාත්මික වීම). මේ බව ඔවුන් කොතරම් වටහාගෙන ඇති ද කිවහොත්, පොෆියක් කෑ පසු එහි ආවරණය පිටතට විසිකිරීම පවා, අපද්‍රව්‍යක් තමාගේ සිරැර තුලට දැමීම වැන්නක් බව ඔවුන් වටහා ගෙන සිටිති. එසේ නම්, ඊටද වඩා උගු දෑ කිරීම ගැන කවර කථාද.
    ඇත්තෙන්ම ඔවු, සත්‍යාවබෝධය ගැන කථා කිරීම නිශ්පලය, එය තමා විසින් ම අත්දැකීමට අවශ්‍ය දෙයකි. එහෙත් අප මිනිසුන් යනු කථා මළු හෙයින්, අප ඒ ගැන කථා කරමු. "සත්‍යාබෝධය ගැන කථා කරන්නා සත්‍යාවබෝධ කර නැත" යනු, Lao Tza නැමති ඉපැරණි
    ජපන් ජාතික රහතන් වහන්සේගේ ප්‍රසිද්ධ කියමනකි. එහෙත් උන්වහන්සේ එය පැවසුවේය. එමෙන්ම පරිච්ඡේද 80කින් යුතු පොතක්ද ලීවේය.

    >
    "ඔබ හොද හෝ නරක පොඩ්ඩක් හරි පැවතීම ගැන අඩු තරමින් සුළු කැමැත්තක් වත් ඇත්නම් ඔබ සත්‍යාවබෝධ කල අයෙක් නොවේ."
    ඔවු, එම යෙදුමද අවශ්‍ය නම් පාවිච්චි කල හැකිය.

    >
    ඉහත වාක්‍යය ""මම" සහ "අනෙකා" නැමැති මායාවෙන්ද මිදුනු පුද්ගලයාය." යන වාක්‍යයට ඈදාම ලියුවානම් වඩාත් හොදයි. නැත්නම් කියවන කෙනා වාක්‍ය වල තේරුම වෙන වෙනම පමණක් විමසන්න ගියොත් පටලැවීමක් වෙනවා. බොහෝ අය එහෙම වෙන වෙනම පමණක් විමසනවානේ.

    ඇතැම් විට එසේ වීමටත් ඉඩ ඇත. ස්තූතියි, එය ගෙනහැර දැක්වූවාට.

    >
    යම් පුද්ගලයෙක් "තමා යනුවෙන් කෙනෙකු සිටිනවා කියා පවා නොදැනෙන" පමණට පමණක් සත්‍යාවබෝධ කලොත් ඒ පුද්ගලයා පූර්ණ ලෙස නොවූ නමුත් යම් පමණකින් සත්‍යාවබෝධය කල කෙනෙක්.

    ඔවු, ශමථ භාවනාව අතින් ගත් විට, ධ්‍යාන වලදී තමා සිටී දැයි නොදැනෙන අවස්ථා වලට පත්වෙනවා. එය නිවැරදි සත්‍යාවබෝධය නොවෙයි. මමත්වයෙන් මිදී තාවකාලික සහනයක් ලැබීම පමණකි. එහෙත් ලෝකය සහ තමා ඒකාත්මික වූ කල (නිවැරදි අබෝධය ලද විට), තමා සහ ලෝකය එකක් ලෙසමයි ඔවුන්ට පෙනෙන්නේ. එය දුටු පුද්ගලයා වුවද ඇතැම් විට නැවත මමත්වය වෙත තාවකාලිකව ආපසු පැමිනෙනු ඇත (මා දන්නා ආකාරයට, 'සෝවාන් වීම' යනු මෙවැනි අවස්ථාවකි). ඔවු, ඒ අතින්ද ඔබ කියනා දේ නිවැරදිය. නමුත්, 'සෝවාන්' වූවෙකු අනාගාමී තත්වයට
    (stream enterer) පැමින ඇති හෙයින් ඔහු/ඇය නියතයෙන් පූර්ණ අවබෝධයට යනු විනා, ඔහු/ඇය ට මමත්වය වෙත පූර්ණ වශයෙන් ආපසු ඒමක් නැත.

    >
    "මම" සහ "අනෙකා" නැමැති මායාවෙන්ද මිදුණු පුද්ගලයා "දකින්නාත් දකින දෙයත් දෙකක් නොව එකක්මය" ලෙස කවර දෙයක් දකින්නද? "මම" සහ "අනෙකා" නැමැති මායාවෙන්ද මිදුණු පුද්ගලයා "ලෝකය සහ විශ්වය සමග ඒකාත්මික වෙයි" ලෙස කවර දෙයක් කවර දෙයකට ඒකාත්මික වන බව දකින්නද?

    සත්තකින්ම ඔබ නිවැරදිය. එසේ දකින පුද්ගයෙකු නැත. තිබෙන්නේ මමත්වය නැමති මායාව හැලීගොස්, ලෝකය සමග ඒකාත්මික වීමක් පමනය. ඒකාත්මික වන කෙනෙකු නැත.

    >
    යම් පුද්ගලයෙක් "දකින්නාත් දකින දෙයත් දෙකක්මය" ලෙස හෝ "දකින්නාත් දකින දෙයත් දෙකක් නොව එකක්මය" ලෙස හෝ "(මම) ලෝකය සහ විශ්වය සමග ඒකාත්මික නොවෙයි" ලෙස හෝ "(මම) ලෝකය සහ විශ්වය සමග ඒකාත්මික වෙයි" ලෙස හෝ දකිනවානම් ඒ කවර පුද්ගලයෙක්ද? ඒ පූර්ණ ලෙස නොවුනත් අඩු තරමින් "තමා යනුවෙන් කෙනෙකු සිටිනවා කියා පවා නොදැනෙන" පමණටවත් සත්‍යාවබෝධ නොකළ අයෙක්මයි.

    නැවතත් ඔබ නිවැරදිය.
    "දකින්නාත් දකින දෙයත් දෙකක්මය" යනුවෙන් දකින පුද්ගලයා මමත්වයෙන් (සක්කාය-දෘශ්ටිය) නැමති මායාවෙන් බැදී සිටී. "(මම) ලෝකය සහ විශ්වය සමග ඒකාත්මික වෙයි" යනුවෙන් දකිනවා නම්, ඔහු/ඇය නියතයෙන්ම සිටින්නේ මිත්‍යාදෘශ්ටියෙනි. මන්දයත් එසේ දැකීමට කෙනෙකු නැති හෙයිනි.

    ඔබේ බුද්ධිමත් විවරණය නැවත ස්තූති කරමි. (no pun intended in anyway :) )
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් Dark_Night_of_the_Soul,

    මමත් පරිපූර්ණයෙකු නොවේ. ඔබේත්, මගේත්, අන් අයගේත් යහපත පිණිස තවත් අදහස් ටිකක් එක් කිරීම සුදුසු යැයි හිතනවා. වැඩිදුර විමසන අයගේ යහපත පිණිස බුදු දහමේ එන කරුණු පොඩ්ඩක් විස්තර ඇතිව එක් කිරීමකුත් සුදුසු යැයි හිතනවා.

    > මන්දයත්, ලෝකය යනු තමන්ම බව ඔවුන් දන්නා හෙයිනි (ලෝකය සමග ඒකාත්මික වීම). මේ බව ඔවුන් කොතරම් වටහාගෙන ඇති ද කිවහොත්, පොෆියක් කෑ පසු එහි ආවරණය පිටතට විසිකිරීම පවා, අපද්‍රව්‍යක් තමාගේ සිරැර තුලට දැමීම වැන්නක් බව ඔවුන් වටහා ගෙන සිටිති.

    මෙය නිවැරදි ලෙසින් දැකීමක් නොවේ. මමත්වයෙන් මිදුනු කෙනා ලෝකය යනු තමන් ලෙස දකින්නේ නැහැ. ව්‍යාවහාරයෙන් ඇතුලත සහ පිටත ලෙස නිෂ්චය කිරීමට මමත්වයෙන් මිදුනු කෙනා දක්ෂ නමුත් පරමාර්ථයෙන් ඇතුලත සහ පිටත යන දෙකම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම (අනාත්ම යන්නේ අර්ථය අසාර ලෙසින් සලකන්න) ලෙසයි මමත්වයෙන් මිදුනු කෙනා දකින්නේ. මේ නිසා ව්‍යාවහාරයෙන් පිළිගන්නා "මම" යන්න සේම ව්‍යාවහාරයෙන් පිළිගන්නා "ලෝකය" යන්නත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කාරණා ලෙස දකිනවා. එවිට ලෝකය යනු තමන්ම ලෙස දකින්න හැකියාවක් නැහැ. එවිට ලෝකය සමග ඒකාත්මික වීමක් යන අදහසක් ඇති වන්නේ නැහැ.

    ද්වීමය තර්ක ශාස්ත්‍රයට (Binary logic) අනුව විමසුවොත් මම සහ ලෝකය යන කාරණා දෙක ගත්විට අවස්ථා (states) හතරක් ගැන සැලකිය හැකියී. මමත්වයෙන් මිදුණු කෙනා දකින්නේ "මම" යන්නත් "OFF" ලෙසින්, "ලෝකය" යන්නත් "OFF" ලෙසින්. "මම" සහ "ලෝකය" යන කරුණු දෙකම පරමාර්ථයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස දකින්නේ. මේ නිසා "ලෝකය යනු තමන්ම" ලෙස දකින්නේ නැහැ. ඒකාත්මික වීමක් ගැන හිතන්නවානම් "මම" සහ "ලෝකය" යන දෙකම "ON" අවස්ථාවේ පැවතිය යුතුමයි. මේ කාරණය නිසා යම් අයෙක් මමත්වය යන දෘෂ්ටියෙන් මිදෙනවානම් ඒ කාරණය සිදුවන්නේ "මම" සහ "ලෝකය" යන දෙකම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙසින් දැක පමණයි. එවිට ලෝකය සමග ඒකාත්මික වීමක් යන අදහසක් ඇති වීමට හේතුවක් ඉතිරි වන්නේ නැහැ.

    වැඩිදුර විමසීම පිණිස: බුදු දහමේ පංච උපාදාන ස්කන්ධයේ "ස්කන්ධ" ප්‍රඥප්තිය එකොලොස් ආකාරයකින් දැක්වෙනවා. එනම් අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්මික, බාහිර, ඔළාරික, සියුම්, හීන, ප්‍රණීත, දුර හා ලඟ ලෙසින්. සක්කාය (එනම් පංච උපාදාන ස්කන්ධය) අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙසින් දකින කෙනා මේ දැක්වූ පරිදි ආධ්‍යාත්මික හා බාහිර යන ස්කන්ධ කොටස් දෙකම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස දකිනවා. එවිට "මම" සහ "ලෝකය" යන කාරණා දෙකම අසාරයි. ඒකාත්මික බවක් ගැන අදහසක් ඇති වීමට හේතුවක් ඉතිරි වන්නේ නැහැ.

    > ඇත්තෙන්ම ඔවු, සත්‍යාවබෝධය ගැන කථා කිරීම නිශ්පලය, එය තමා විසින් ම අත්දැකීමට අවශ්‍ය දෙයකි. එහෙත් අප මිනිසුන් යනු කථා මළු හෙයින්, අප ඒ ගැන කථා කරමු.

    සත්‍ය අවබෝධය තමා විසින්ම අත් දැකිය යුතු දෙයක් බව ඇත්ත. නමුත් ඒ ගැන කතා කිරීම නිෂ්ඵල කාර්යයක් නොවෙයි. සත්‍ය අවබෝධය ගැන කතා කරන කෙනාට එය එම සත්‍ය අවබෝධයේ අභිවෘද්ධිය පිණිස හේතු වෙනවා. අසන අයටත් ඉන් ඉමහත් ඵලයක් තිබෙනවා. මොකද අසන අයත් එම සත්‍ය අවබෝධය කෙරෙහි යොමු වන නිසා.

    "සත්‍යාවබෝධය ගැන කථා කිරීම නිශ්ඵලය" හෝ "අන් අයට පැවසීම නිශ්ඵලය" යැයි කීම මිත්‍යා දෘෂ්ටික බවින් කරන ක්‍රියාවක් බවත්, අන් අයට කරන සතුරුකමක් හා නිරයේ හෝ තිරිසන් යෝනියේ ඉපදීමට හේතුවක් බවයි බුදු රජානන් වහන්සේ පවසා ඇත්තේ. ඉතින් සත්‍යාවබෝධය ගැන කතා කරන අය තමන්ගේ දන්නා බව, පණ්ඩිතකම අන් අයට පෙන්වන්න එසේ කතා කරන්නේ යැයිද, එයින් අන් ඵලයක් නැතැයි කියන අයටත් නිරය හෝ තිරිසන් යෝනිය තමයි උරුම වන්නේ. මේ ගැන සූත්‍ර පිටකයේ දීඝ නිකායේ සීලස්කන්ධ වග්ගයේ ලෝහිච්ච සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp1/556 ] විස්තර ඇතිව සඳහන්.

    එපමණක් නොවෙයි. සත්‍යාවබෝධය නොව යම් පුද්ගලයෙක් දෙව් ලොව උපදින්නෙමැයි එම ප්‍රතිපදාවේ යෙදෙයි නම් එම පුද්ගලයාගේ පින් දහම් රැස් කිරීමට, එම පුද්ගලයා නරකින් මිදී හොද දේ කිරීම සඳහා වැඩි වැඩියෙන් වීර්යය කිරීමට ප්‍රතිවිරුද්ධ සතුරු සිත් ඇතිවන හෙයින් "කුසල් දහම් පිණිස පුද්ගලයන් යොමු කිරීම නිෂ්ඵලයි" ලෙස දෙවන පුද්ගලයෙක් කීමත් දෙවන පුද්ගලයාගේ මිත්‍යා දෘෂ්ටික ක්‍රියාවක් බවත්, එය එම දෙවන පුද්ගලයා නිරයට යෑමට හෝ තිරිසන් යෝනියේ ඉපදීමට හේතු වන බවත් ලෝහිච්ච සූත්‍රයේ විස්තර ඇසුරින් වටහා ගන්න පුළුවන්.

    ඉතින් හොද සහ නරකින් යන දෙකෙන්ම මිදෙන්න යොමුවන, මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න යොමුවන, සත්‍යාවබෝධය පිණිස පිළිපන් කෙනා මේ කාරණාවන් හොදින් විමසා බලා පින් කරන්නෝ පින් කරත්වා ලෙසත්, සත්‍යාවබෝධ කරන්නෝ සත්‍යාවබෝධ කරත්වා ලෙසත් කටයුතු කරන්න වෙනවා. හැමෝම සත්‍යාවබෝධය දිශාවට නැඹුරු කරනවා සේම ඒ ඒ පිරිස් වලට ඒ ඒ ආකාරයෙන් උපකාර කිරීමත් කරනවා. පින් කරන්නෝ සිටිත්වා, හැමෝම හැකි පමණින් සත්‍යාවබෝධය පිණිස පමණක් යොමු වේවා යැයි ක්‍රියා කිරීම කරන්නත් බැහැ. හැමෝම පින් පමණක් කරත්වා යැයි ක්‍රියා කිරීම කරන්නත් බැහැ.

    වෙන යම් දෙයක් පැහැදිලි බව පිණිස මෙතනම සඳහන් කිරීම සුදුසු යැයි හිතනවා. මෙය කියවන යම් අයෙකුට සමහර විට හිතෙන්න පුළුවන් "හොද සහ නරකින් යන දෙකෙන්ම මිදීම" යන්න ගැන මෙහි සඳහන් නිසා බුදු රජානන් වහන්සේ නමක් හෝ වෙන යම් පූර්ණ ලෙස සත්‍යාවබෝධ කල අයෙකුට "හොද" යන්න නොගැලපෙන යෙදුමක්ද කියන එක. පූර්ණ ලෙස සත්‍යාවබෝධ කල අයෙකුට "හොද" යන්න ඒකාන්තයෙන්ම සුදුසු යෙදුමක්. එවන් අයෙක් කෙරෙහි "හොද සහ නරක එකවිට පවතිනවා" කීමත් වැරදියී. එවන් අය කෙරෙහි "නරක" නැහැ. එතන "හොඳ" පමනක් ඇතැයි වටහා ගැනීම සුදුසුයි. නමුත් මෙහි විස්තර කිරීම් වලදී "හොද සහ නරකින් යන දෙකෙන්ම මිදීම" සත්‍යාවබෝධය ලෙස සලකන්නේ ඒ සත්‍යාවබෝධ කරන ලද පුද්ගලයා මතු සැප හෝ දුක් විපාක ඇති කරන කර්ම රැස් කිරීමෙන් මිදුණු කෙනෙක් යන අර්ථයෙන්.

    > "සත්‍යාබෝධය ගැන කථා කරන්නා සත්‍යාවබෝධ කර නැත" යනු, Lao Tza නැමති ඉපැරණි ජපන් ජාතික රහතන් වහන්සේගේ ප්‍රසිද්ධ කියමනකි.

    මෙය මම දන්නා පරිදි වන බුදු දහමට නොගැළපෙන කියමනක්. බුදු දහමේ ව්‍යංග ලෙස පවසා ඇති දේ මම දැක නැහැ. "සත්‍යාවබෝධය ගැන කථා කරන්නා සත්‍යාවබෝධ කර නැත" යැයි පැනවීමක් කලොත් බුදු රජානන් වහන්සේ සත්‍යාවබෝධ කර නැත ලෙසින් පැනවීමක් කරන්න වෙනවා. එය පිළිගැනීමට හේතුවක් මම දකින්නේ නැහැ.

    > එය දුටු පුද්ගලයා වුවද ඇතැම් විට නැවත මමත්වය වෙත තාවකාලිකව ආපසු පැමිනෙනු ඇත (මා දන්නා ආකාරයට, 'සෝවාන් වීම' යනු මෙවැනි අවස්ථාවකි). ඔවු, ඒ අතින්ද ඔබ කියනා දේ නිවැරදිය. නමුත්, 'සෝවාන්' වූවෙකු අනාගාමී තත්වයට (stream enterer) පැමින ඇති හෙයින් ඔහු/ඇය නියතයෙන් පූර්ණ අවබෝධයට යනු විනා, ඔහු/ඇය ට මමත්වය වෙත පූර්ණ වශයෙන් ආපසු ඒමක් නැත.

    මමත්වය යන කාරණාවේදී අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවයන්ගේ අවබෝධය හේතුවෙන් දෘෂ්ටිය නිවැරදි වීම හරියටම සිදුවන්නේ සක්කාය දෘෂ්ටි සංයෝජනය ප්‍රහානය වීම හේතුවෙන්. මෙය සෝවාන් පුද්ගලයෙකු ප්‍රහානය කරන ලඳ සක්කාය දෘෂ්ටි, විචිකිච්චා, සීලබ්බතපරාමාස යන සංයෝජන ධර්ම තුනෙන් එකක්. යම් අවස්ථාවක එම සක්කාය දෘෂ්ටි සංයෝජනය ප්‍රහානය පූර්ණ උනාද, නැවත එම "මමත්වය" යන්න එම පුද්ගලයාට ඇති වන්නේ නැහැ. ඒ නිසා එම අවබෝධය තාවකාලික දෙයක් නොවෙයි. වෙන යම් දෙයක් ගැන සිතන විටදී නම් "මමත්වයෙන් නිදහස් වූවෙක්මි" යන සංඥාවක් (හැඟීමක්, හදුනාගැනීමක්) නැහැ. නමුත් ඒ එකම සංඥාවක් නොවෙනස්ව නොපවතින නිසා මිස මමත්වයට නැවත පැමිනීම නිසා නොවෙයි.

    මෙසේ සෝවාන් වූ පුද්ගලයා පූර්ණ ලෙසින් සත්‍යාවබෝධය කිරීමට නම් තවත් සංයෝජන ධර්ම හතක් ප්‍රහාණය කරන්න උවමනායී. ඒවා කාමච්ඡන්ද, ව්‍යාපාද, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච සහ අවිජ්ඡා සංයෝජන ධර්ම ලෙස හැඳින්වෙනවා. කාමච්ඡන්ද සහ ව්‍යාපාද සංයෝජන ධර්ම තුනී බවට පත් කරන ලද අයෙක් සෙදගැමි පුද්ගලයෙක් ලෙසත්, කාමච්ඡන්ද සහ ව්‍යාපාද සංයෝජන ධර්ම සුළුවෙන් හෝ නොවන ලෙසට ප්‍රහාණය කරන ලද අයෙක් අනාගාමී ලෙසත් හැඳින්වෙනවා. ඉතිරි සංයෝජන ධර්ම පහත් ප්‍රහාණය කල අයෙක් රහතන් වහන්සේ නමක් ලෙස හැඳින්වෙනවා. අන්න ඒ රහතන් වහන්සේ ලෙස හැඳින්වෙන කෙනා තමයි කල යුත්ත කල කෙනා, අවබෝධ කල යුත්ත ඉතිරි නැතිව අවබෝධ කල කෙනා ලෙස හැඳින්වෙන්නේ.

    "stream enterer" යන වචනය අනාගාමී පුද්ගලයෙකුට යොදනවාදැයි යන්න හරියටම මම දන්නේ නැහැ. මම හිතාගෙන හිටියේ එය සෝවාන් පුද්ගලයෙකුට යොදනවා කියලා. මේ ගැන බුදුන් දෙසූ ලෝක සම්මතය කෙබදුදැයි පසුව මට නිශ්චය කරගන්න හැකි වේවි.

    > නැවතත් ඔබ නිවැරදිය. "දකින්නාත් දකින දෙයත් දෙකක්මය" යනුවෙන් දකින පුද්ගලයා මමත්වයෙන් (සක්කාය-දෘශ්ටිය) නැමති මායාවෙන් බැදී සිටී. "(මම) ලෝකය සහ විශ්වය සමග ඒකාත්මික වෙයි" යනුවෙන් දකිනවා නම්, ඔහු/ඇය නියතයෙන්ම සිටින්නේ මිත්‍යාදෘශ්ටියෙනි. මන්දයත් එසේ දැකීමට කෙනෙකු නැති හෙයිනි.

    යම් පුද්ගලයෙක් "දකින්නාත් දකින දෙයත් දෙකක්මය" ලෙස හෝ "දකින්නාත් දකින දෙයත් දෙකක් නොව එකක්මය" ලෙස හෝ "(මම) ලෝකය සහ විශ්වය සමග ඒකාත්මික නොවෙයි" ලෙස හෝ "(මම) ලෝකය සහ විශ්වය සමග ඒකාත්මික වෙයි" ලෙස හෝ දකිනවානම් මේ සියළුම දෘෂ්ටීන් සක්කාය දෘෂ්ටියේ පැවැත්මමයි තහවුරු කරන්නේ.

    තර්කයෙන් එම කරුණු හතර එසේ දැකීම වැරදි බව සියුම්ව විමසන සහ තම දෘෂ්ටියම නිවැරදියී, සෙස්ස හිස් යැයි නොපිළිගන්නා සත්‍යාවබෝධය පිණිස උත්සායක් ගන්නා අයෙකුට ඉක්මනින් හෝ යම් කාලයක් ගතවී වටහා ගන්න පුළුවන්. නමුත් එම කරුණු වැරදි ලෙස යම් අයෙක් තමන්ම දකින, තමන්ටම දැනෙන බවකට පත් වෙන්න උවමනා නම් එය තර්කයෙන් පමණක් කල හැකි දෙයක් නොවෙයි. එය තර්ක සීමාවෙන් එහා පවතින දෙයක්. ඒ සඳහා ඊට ඇති ප්‍රතිපත්තියේ යෙදෙන්න ඕනෑ. උපමාවක් ගත්තොත් ඇස් පියා ගෙන ඉන්නා අයෙකුට තර්කයෙන් නිශ්චිතව කියන්න බැහැ තමා ඉදිරියේ ඇති නොදැකපු වස්තුවක වර්ණය කුමක්ද කියන එක. වර්ණය තමන්ම දැක්කොත්, තමන්ට දැනුනොත් එය සිදුවන්නේ තර්කය නිසා නොවෙයි. එය සිදුවන්නේ නිවැරදි ආලෝකය ඇති විට ඇස් ඇර බැලීම යන ක්‍රියාවේ යෙදුනොත් පමණයි. එලෙසින්ම ඉහත දැක්වූ කරුණු හතරම සක්කාය දෘෂ්ටියේ පැවැත්මට අනුරූපව පවත්නා නිවැරදි නොවන දෘෂ්ටීන් බව සහ එම නිවැරදි නොවන දෘෂ්ටීන් වලින් නිශ්චිතවම මිදීම සඳහා තමන්ටම එම කරුණුවලට අදාල ධර්මයන් නිවැරදිව දැනෙන, දකින බවකට පත්වෙන්න ඕනෑ නම් ඊට හේතු වන ප්‍රතිපත්තියේ යෙදීම අවශ්‍යයි. මේ අවබෝධය ලැබීම දුෂ්කරයි. එසේ උවත් වීර්යය කරන නුවනැත්තෝ දැක්මට අපහසු දහම් දකිනවා, නොපසක් කල දහම් පසක් කරනවා.

    Skylark
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    සුභ උදෑසනක් Skylark,

    කෙටියෙන් අදහස් කීපයක් කියන්නම්.

    >මමත්වයෙන් මිදුනු කෙනා ලෝකය යනු තමන් ලෙස දකින්නේ නැහැ.
    ලෝකය යනු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දෙයක් බව ඇත්තය. එහෙත් සත්‍යාවබෝධය ලැබූ "පුද්ගලයා", මේ සියල්ල අනිත්‍යය, එහෙයින් මේ කිසිදෙයකින් පලක් නැත යනුවෙන් නොදකින බව මගේ විශ්වාසයයි. එසේ නම්, බුදුන් වහන්සේ පවා සියල්ල අතැර වනගත විය යුතුය. ලෝකය සහ තමා එකක් ලෙස දකිනවා යැයි කීමේ අර්ථය වන්නේ, මමත්වය හැලී ගිය විට, ලෝකය දකින්නෙක් ඉතිරි නොවන හෙයිනි. ඇත්තේ දැකීමක් පමනය. දකින්නේ අවට ලෝකය ය. එසේ වූවිට එම "පුද්ගලයා" සහ ලෝකය යනුවෙන් දෙකක් වෙන්කර හදුනාගැනීමක් "ඔහු" ට නැත. සත්‍යවබෝධය ලැබුවාය කියා ලෝකය දැකීම නවතින්නේ නැහැනෙ. ලෝකය සමග ඒකාත්මික වීමක්ය ඇත්තේ.

    >
    එවිට ලෝකය සමග ඒකාත්මික වීමක් යන අදහසක් ඇති වන්නේ නැහැ.
    ඔවු අදහසක් ඇතිවෙන්නේ නෑ. අදහසක් ඇතිවීමට කෙනෙක් ඉතිරි නොවන නිසා.

    >
    නමුත් ඒ ගැන කතා කිරීම නිෂ්ඵල කාර්යයක් නොවෙයි.
    ඇත්තෙන්ම නිශ්පල දෙයක් නොවෙයි. අප දන්නා දේ අප දන්නේ ද සත්‍යාබෝධය ලැබූවන් ගේ දේශනාවන් නිසයි. නමුත් මා අදහස් කලේ, බොහෝ විට ඒ ගැන කතා කිරීමෙන් හෝ සවන් දීමෙන් පමණක් නියම අවබෝධය ලැබිය නොහැකි බව දැක්වීමටයි. "බොහෝ විට" යැයි මා කීවේ, සවන් ‍දීමෙන් ම පමනක් සත්‍ය දුටු පුද්ගලයින් සිටින හෙයිනි. ඇතැම් අවස්ථා වලදී, අධ්‍යාත්මික කරැණු ගැන කිසිම උනන්දුවක් නැති පුද්ගලයින්ට පවා සත්‍යාවබෝධ වූ අවස්ථා ඇත. කිසියම් හදිසි උග්‍ර මානසික දුකකදී වැනි අවස්ථාවකදී, තමා වසාගෙන සිටින මායාව දැකීමෙන් එසේ සිදු වී ඇත.

    >
    පූර්ණ ලෙස සත්‍යාවබෝධ කල අයෙකුට "හොද" යන්න ඒකාන්තයෙන්ම සුදුසු යෙදුමක්.
    සම්මතයක් වශයෙන් එම යෙදුම සුදුසු වීමට ඉඩ ඇත. එහෙත් සත්‍යාවබෝධය ලැබූ විට හොද නරක යන සංකල්ප දෙක (ලෝකයේ ද්විත්ව ස්වභාවය) හැලී යයි. "හොද" යනු සාපේක්ෂ වදනකි. ලෝකෝත්තර තත්වයේ සාපේක්ෂ දේ නැත.

    >
    මමත්වයට නැවත පැමිනීම නිසා නොවෙයි.
    මමත්වයට නැවත පැමිනෙනවා යැයි මා අදහස් කලේ, සත්‍ය දුටු පුද්ගලයා සක්කාය-දෘශ්ටිය නැවත වැලදගන්නවා යන අදහසින් නොවේ. එතැන මගේ වචන වල අඩුවක් සිදුවී ඇති බව පිලිගනිමි. සත්‍යාවබෝධයේ මුල් අවස්ථාවේදී සිදුවන්නේ, "මම" නැමති සිතුවිල්ල මුලු මනින් පහව යෑම නොව, මෙතෙක් කල් "මම" යැයි සිතාගෙන සිටි පුද්ගලයා මායාවක් බව පෙනීමයි. මෙනිසා කලින් "මම" කල වැඩ කොටස ඔහු/ඇය අත නොහරින අතර, නමුත් එම "මම" මිරිගුවක් බව දකිමින් එම වැඩ කොටස කරයි. උදාහරණයකට, මවක් සත්‍යාවබෝධයේ මුල් අවස්ථාවට පැමිනියහොත්, ඇය තමා "මවක්" නොවන බව දැනගන්නා නමුත්, තම දරැවන්ට සහ ස්වාමියාට සහ තම වෙනත් රාජකාරීන්ට ඉටු කල යුතු යුතුකම් ඈ අත්නොහරියි. "මමත්වයට අාපසු පැමිනීම" යනුවෙන් මා අදහස් කලේ එයයි. එහෙත් එතැන වචන වල අඩුපාඩුවක් ඇති බව මා පිලිගනිමි.

    >
    "stream enterer" යන වචනය අනාගාමී පුද්ගලයෙකුට යොදනවාදැයි යන්න හරියටම මම දන්නේ නැහැ.
    "stream enterer" යන්න සිංහලයට පරිවර්ථනය කල හොත්, එයින් "ගංගාවට ඇතුල් වූ තැනැත්තා" වැනි අර්ථයක් ගෙන දෙයි. ගංගාවකට පිනූ විට, සැඩ පහර සමග යනු විනා ආපසු පිහිනීමක් නැත. "අනාගාමී" යන්නෙහි අර්ථයද "ආපසු නොඑන" ලෙස නිර්වචනය කල හැකියි. මෙහෙයින් "stream enterer"සහ "අනාගාමී" යන වචන දෙකෙන්ම ගෙන දෙන්නේ එකම ආකාරයේ අර්ථයකි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් Dark_Night_of_the_Soul,

    ඔබේ සහ මගේ අදහස් වල යම් යම් නොගැළපීම් පවතිනවා. සමහරක් නොගැළපීම් අර්ථ ලෙස වෙන්නත් පුළුවන්, සමහරක් අප භාවිතා කරන වචන වලට පමණක් සීමා වී තියෙන්නත් පුළුවන්. උදාහරණයකට "ලෝකය" යන්නත් ඔබ සහ මම දෙවිදිහකට අර්ථ දක්වනවා ඇතැයි මම සිතනවා. ඒ සමහරක් නොගැලපීම් පැත්තකින් තියමුකෝ.

    >>පූර්ණ ලෙස සත්‍යාවබෝධ කල අයෙකුට "හොද" යන්න ඒකාන්තයෙන්ම සුදුසු යෙදුමක්.
    >සම්මතයක් වශයෙන් එම යෙදුම සුදුසු වීමට ඉඩ ඇත. එහෙත් සත්‍යාවබෝධය ලැබූ විට හොද නරක යන සංකල්ප දෙක (ලෝකයේ ද්විත්ව ස්වභාවය) හැලී යයි. "හොද" යනු සාපේක්ෂ වදනකි. ලෝකෝත්තර තත්වයේ සාපේක්ෂ දේ නැත.

    ඔබ මෙසේ සඳහන් කල නිසා මම ඔබේ ආරම්භක ලිපිය නැවත කියවා බැලුවා. එතකොටයි මම දැක්කේ එහි යම් ගැටළුවක් ඇති බව. මොකද මම එහි අර්ථය විමසුවේ මම ඉහත සඳහන් කල මෙම අර්ථයෙන්:

    වෙන යම් දෙයක් පැහැදිලි බව පිණිස මෙතනම සඳහන් කිරීම සුදුසු යැයි හිතනවා. මෙය කියවන යම් අයෙකුට සමහර විට හිතෙන්න පුළුවන් "හොද සහ නරකින් යන දෙකෙන්ම මිදීම" යන්න ගැන මෙහි සඳහන් නිසා බුදු රජානන් වහන්සේ නමක් හෝ වෙන යම් පූර්ණ ලෙස සත්‍යාවබෝධ කල අයෙකුට "හොද" යන්න නොගැලපෙන යෙදුමක්ද කියන එක. පූර්ණ ලෙස සත්‍යාවබෝධ කල අයෙකුට "හොද" යන්න ඒකාන්තයෙන්ම සුදුසු යෙදුමක්. එවන් අයෙක් කෙරෙහි "හොද සහ නරක එකවිට පවතිනවා" කීමත් වැරදියී. එවන් අය කෙරෙහි "නරක" නැහැ. එතන "හොඳ" පමනක් ඇතැයි වටහා ගැනීම සුදුසුයි. නමුත් මෙහි විස්තර කිරීම් වලදී "හොද සහ නරකින් යන දෙකෙන්ම මිදීම" සත්‍යාවබෝධය ලෙස සලකන්නේ ඒ සත්‍යාවබෝධ කරන ලද පුද්ගලයා මතු සැප හෝ දුක් විපාක ඇති කරන කර්ම රැස් කිරීමෙන් මිදුණු කෙනෙක් යන අර්ථයෙන්.
    ඔබ සඳහන් කරන පරිදි "හොඳ සහ නරක" යන කරුණු වල සාපේක්ෂ බවක් ඒකාන්තයෙන්ම පවතිනවා. එම සාපේක්ෂ ස්වරූපයෙන් පූර්ණ ලෙස වෙන් වීම සත්‍යාවබෝධය ලෙස පැවසිය හැකියී. නමුත් "හොඳ සහ නරක" යන කරුණු වල නිරපේක්ෂ බවකුත් ඒකාන්තයෙන්ම පවතිනවා. මේ නිරපේක්ෂ ස්වරූපය කෙබදුද යත් එම නිරපේක්ෂ බව පූර්ණ ලෙස අවබෝධ කිරීමත් සත්‍යාවබෝධය ලෙස පැනවිය හැකියී. "හොඳ සහ නරක" යන කරුණු වල සාපේක්ෂ බවින් මිදෙන කෙනා "හොඳ සහ නරක" යන කරුණු වල නිරපේක්ෂ බව අවබෝධ කරනවා.

    මේ සාපේක්ෂ සහ නිරපේක්ෂ ස්වරූපයන් දෙකේ වෙනස නොසලකා ඔබේ ආරම්භක ලිපියේ සඳහන් කර ඇති පරිදි "සත්‍යාවබෝධයට පත් පුද්ගලයා යනු හොද නරක යන දෙකින්ම නිදහස් වූ පුද්ගලයාය" යැයි කීවොත් අන්න එම ප්‍රකාශය නිවැරදි නැහැ. "හොඳ සහ නරක" යන කරුණු වල සාපේක්ෂ ස්වරූපයක් පමණක් ඇතැයි සිතීම වැරදියී. එය මිත්‍යා දෘෂ්ටි ස්වරූපයක්. එය ඉමහත් අගතියකට කරුණක්. යම් පුද්ගලයෙක් එසේ සැලකීම හේතුවෙන්ම එම පුද්ගලයා සත්‍යාවබෝධය ලැබීමෙන් දුරස් වෙනවා.

    නිරපේක්ෂ ස්වරූපයට අනුව "පූර්ණ ලෙස සත්‍යාවබෝධ කල අයෙකුට "හොද" යන්න ඒකාන්තයෙන්ම සුදුසු යෙදුමක්." යන්න පැහැදිලි කල හැකියී. ඒ නිසා එම ප්‍රකාශය සම්මත ලෙසින් පමණක් සුදුසු යැයි සැලකීම නිවැරදි නැහැ.

    මෙසේ සඳහන් කල පමණින් "හොඳ සහ නරක" යන කරුණු වල සාපේක්ෂ බව සහ නිරපේක්ෂ බව යන කරුණු දෙක පැහැදිලිව වටහා ගැනීම පහසු නැහැනේ. ඒ නිසා මම ටික දිනකින් "හොඳ සහ නරක" යන කරුණු වල සාපේක්ෂ සහ නිරපේක්ෂ බවත්, සාපේක්ෂ බවට හේතු වන කරුණුත්, සාපේක්ෂ බවින් මිදීම සත්‍යාවබොධය වන අයුරුත්, නිරපේක්ෂ බව අවබෝධය සත්‍යාවබෝධය වන අයුරුත්, සාපේක්ෂ බවින් මිදීම සහ නිරපේක්ෂ ස්වභාවය අවබෝධ කිරීම යනු එකම කාසියේ දෙපැත්ත වන අයුරුත් විස්තර සහිතව ඉදිරිපත් කරන්නම්කෝ.

    එවිට "සත්‍යාවබෝධයට පත් පුද්ගලයා යනු හොද නරක යන දෙක නිරපේක්ෂ ලෙසත්, එහෙයින්ම නිවැරදිවත් විනිශ්චය කරන පුද්ගලයාය." ලෙසින් සැලකීම නිවැරදි යැයි මම පැවසුවහොත් එය නිවැරදි දැයි විමසීමටත්, ඒ ගැන ඔබට යම් අදහසක් ඉදිරිපත් කිරීමට ඇත්නම් එයත් කල හැකියී.

    ඇත්ත කියනවානම් වසර 15කට පමණ පෙර මමත් සැලකුවේ හොඳ සහ නරක යන කරුණු දෙක සාපේක්ෂ කරුණු ලෙසින් පමණකයි. එය සාපේක්ෂ ලෙසම දැක හොඳ සහ නරක විනිශ්චයෙන් සම්පූර්ණයෙන්ම මිදීම සත්‍යාවබෝධය යැයි මම ඒ කාලයේ හිතුවා. බුදු රජානන් වහන්සේ කියන්න ඇත්තේ එය යැයි මම හිතුවා. ඇයි ඒ සරළ කාරණාව අන් අය තේරුම් ගන්නේ නැත්තේ යැයි මම හිතුවා. නමුත් තවත් කාලයකට පසුවයි මම තේරුම් ගත්තේ මම කෙතරම් ලාමක අදහසකද දරලා තියෙන්නේ කියලා. හොද වෙලාවට ත්‍රිපිටකය තියෙනවා "සාදු! සාදු!" පමණක් කිය කියා ඉන්නේ නැතිව විමසන අයට විමසලා මේ කාරණාවන් ගැළපුමක් සහිතව, අර්ථ සහිතව පැහැදිලිව තේරුම් ගන්න.

    Skylark
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    මා ත්‍රිපිටකය අවබෝධ කරගැනීමට උත්සාහා නොගිනිමි. අද සිටින සත්‍යාවබෝධය ලැබූවන්ට දැනෙන ඍජු අවබෝධය ගැන පමණක් විශ්වාසය තබමි. මෙනිසා, මා ඉහත දැක්වූයේ ඔවුන් පවසන දෑ සම්බන්ධයෙනි. මා අද පවා ජීවත් වන සත්‍යාවබෝධය ලැබූවන්ගේ දේශනාවන් මත යැපෙනු විනා, පොත පත සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නැත. මන්දයත්, පොත පත යනු වචන සහ වාක්‍ය හෙයිනුත්, වචන වලට ඔබව සත්‍යාවබෝධය කරා ගෙන යාමට නොහැකි හෙයිනුත්ය. උදාහරනයකට අහස නිල් පාට යැයි අප කියමු. නමුත් අහස නිල් පාට නැත. නිල් පාට යනු මිනිසුන් සාදා ගත් වචනයකි. ඔබ අහස දෙස බැලූ විට කිසියම් "පාටක්" පෙනේ. එම පෙනීමම ය සත්‍යය. නිල් පාට කියා කියූ පමනින්, අහසේ නියම ස්වභාවය නොපෙනී යයි.

    සමාවන්න, මේ මගේ අවසාන රිප්ලයි එකය. මන්දයත්, සත්‍යවබෝදය ගැන කථා කිරීමෙන් සත්‍යාවබෝදයට ලගා විය නොහැකි හෙයිනි. එය තමා විසින්ම දැකිය යුතුත්තකි.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    . මා අද පවා ජීවත් වන සත්‍යාවබෝධය ලැබූවන්ගේ දේශනාවන් මත යැපෙනු විනා, පොත පත සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නැත. මන්දයත්, පොත පත යනු වචන සහ වාක්‍ය හෙයිනුත්, වචන වලට ඔබව සත්‍යාවබෝධය කරා ගෙන යාමට නොහැකි හෙයිනුත්ය. උදාහරනයකට අහස නිල් පාට යැයි අප කියමු. නමුත් අහස නිල් පාට නැත. නිල් පාට යනු මිනිසුන් සාදා ගත් වචනයකි. ඔබ අහස දෙස බැලූ විට කිසියම් "පාටක්" පෙනේ. එම පෙනීමම ය සත්‍යය. නිල් පාට කියා කියූ පමනින්, අහසේ නියම ස්වභාවය නොපෙනී යයි.

    සමාවන්න, මේ මගේ අවසාන රිප්ලයි එකය. මන්දයත්, සත්‍යවබෝදය ගැන කථා කිරීමෙන් සත්‍යාවබෝදයට ලගා විය නොහැකි හෙයිනි. එය තමා විසින්ම දැකිය යුතුත්තකි.

    අද පවා ජීවත් වන සත්‍යාවබෝධය ලැබූවන්යනු කවුරුන්ද?
    ඔවුන් දේශනා කරන්නේ වචන වලින් තොරව ද?
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    අද පවා ජීවත් වන සත්‍යාවබෝධය ලැබූවන්යනු කවුරුන්ද?
    ඔවුන් දේශනා කරන්නේ වචන වලින් තොරව ද?

    ලංකාවේ මා දන්නා භික්ෂූන්වහන්සේ නමක් සිටියා (පේරාදෙනිය), නමුත් උන්වහන්සේ දැන් පිරිනිවන් පා ඇත.

    ලංකාවෙන් භාහිරව, සෝවාන් වැනි තත්වයකට පැමිනි පුද්ගලයින් සිටී. Mooji, Jeff Foster, Rupert Spira, Gangaji, යනු එවැනි කීප දෙනෙකි. ඔවු ඔවුන් "දේශනා කරන්නේ" වචන වලිනි. නමුත් අරමුන වන්නේ වචන අසා සත්‍යාව බෝධය ලැබීම නොව. ඔවුන් කථා කරන විට කරන්නේ මමත්වය නැති නිශ්චල තැනක සිටය. එතැන සිට පැමිනෙන වදන්, අසන්නන්ගේද එම නිශ්චල (නමුත් ඔවුන් නොදන්නා) එම ස්ථානයට (හදවත යැයි කියමු) අනුගත වීමක් සිදුවේ. එය සිදුවන්නේ වචන වලින් නොවේ. මෙය බොහෝ විට ඔබට නොවැටහෙනු ඇත. මා ඉහත කියූ වැනි අයගේ දේශනාවන් හොදින් අසා, ඉන්පසු රිප්ලයි කරන මෙන් ඉල්ලමි. එසේ නොකර හුදෙක් ඔබට සිතෙන දේ මෙහි පල කලොත්, මා රිප්ලයි නොකරමි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ex-muslim Ahmed,

    මේ Dark_Night_of_the_Soul සෝවාන් පුද්ගලයින්, අනාගාමී පුද්ගලයින්, රහතන් වහන්සේලා ගැන සඳහන් කලත් ඔහු කතා කරන්නේ සම්මා සම්බුදු රජානන් වහන්සේ ගැනවත් ඒ සම්මා සම්බුදු රජානන් වහන්සේ දේශනා කරන ලද ධර්මය ගැනවත්, ඒ සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ශ්‍රාවකයින් ගැනවත් නොවෙයි. ඔහු වෙන යම් අදහස් ඇති පිරිසක් සහ වෙන යම් ධර්මයක් ගැන බුදු දහමේ කියවෙන කාරණාත් සමගම පවසනවා.

    බුදු රජානන් වහන්සේ යනු තමන් වහන්සේ සෘජුව දන්නා, සෘජුව දක්නා සත්‍යාවබෝධය පිළිබඳව අන් අර්ථ ඇති වක්‍ර ලෙසකින් නොව, සෘජු තේරුම් සහිතව සත්‍යාවබෝධය ගැන දහම් දෙසන ලද අයෙක්. සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ඉතිවුත්‌තකපාළියේ චතුෂ්ක නිපාතයේ ලෝකාවබෝධ සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp18/510 ] බුදු රජානන් වහන්සේගේ ලෝකාවබෝධය ගැනත්, සත්‍යාවබෝධය ප්‍රකාශ කරන ආකාරය ගැනත් සඳහන්. එහි මෙසේ සඳහන්:

    මහණෙනි, තථාගත තෙම යම් රාත්‍රියෙක්හි නිරුත්තර වූ සම්‍යක් සම්බොධිය අවබොධ කෙරේ ද, යම් රාත්‍රියෙක්හි අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවේ ද, මේ අතුරෙහි යමක් වදාරා ද, ප්‍රකාශ කෙරේ ද, දක්වා ද, ඒ සියල්ල එසේ ම වේ. අන් පරිද්දෙකින් නො වේ. එහෙයින් තථාගත යැ යි කියනු ලැබේ.

    ඉතින් "සත්‍යාවබෝධය ගැන කථා කරන්නා සත්‍යාවබෝධ කර නැත" යන්න සම්මා සම්බුදු රජානන් වහන්සේ ගැන කතාවක් නොවෙයි. සම්මා සම්බුදු රජානන් වහන්සේ පවසන ලද දේ ඒ අර්ථයෙන්ම එසේම වනවා මිස අන් අර්ථයක් ඒ පවසන ලද්දේ නැහැ. එහි වක්‍රව අරුත් ගැන්වීමක් නැහැ. එහි අන් පරිදි හිතා අන් අර්ථයක්ම ඇතැයි සිතන්න දෙයක් නැහැ. සෘජුව පවසන ලද දහම් වල අරුත ශ්‍රාවකයින්ට පහසුවෙන්ම සෘජුවම ග්‍රහණය කර ගැනීමට හැකි ලෙසින් සත්‍යාවබෝධය ගැන දහම් දෙසන ලද සම්මා සම්බුදු රජානන් වහන්සේ ගැන යම් අයෙක් "සත්‍යාබෝධය ගැන කථා කරන්නා සත්‍යාවබෝධ කර නැත" ලෙසින් අදහසක්වත් ඇති කරගන්නවානම් ඒ මොන විපරීත අදහස් ඇති අයෙක්ද? එම සත්‍ය අවබෝධ කල සහ කරන ශ්‍රාවකයින් ගැන එසේම අදහසක්වත් ඇති කර ගන්නවානම් ඒ මොන විපරීත අදහස් ඇති අයෙක්ද?

    කථා අතර රාජකථා (රජවරුන්, ජනාධිපතිවරුන් ආදීන් ගැන කථා), චෝරකථා (හොරුන් ගැන කථා), මහාමාත්‍රකථා (මැති ඇමතීන් ගැන කථා), සේනාකථා (හමුදාවන් ගැන කථා), භයකථා (බිය වන කථා), යුද්ධකථා, ආහාරකථා (කෑම ගැන කථා), පානකථා (බීම ගැන කථා), වස්ත්‍රකථා (ඇදුම් ගැන කථා), ශයනකථා (ඇඳ පුටු ගැන කථා), මාලාකථා (මල්, මාලාදිය ගැන කථා), ගන්ධකථා (සෙන්ට්, පවුඩර්, සුවඳ ගැන කථා), ඥාතිකථා (නෑයින් ගැන කථා), යානකථා (වාහන ආදිය ගැන කථා), ග්‍රාමකථා (ගම් ගැන කථා), නිගමකථා (නියම් ගම් ගැන කථා), නගරකථා, ජනපදකථා, ස්ත්‍රීකථා (ගැහැණුන් ගැන කථා), පුරුෂකථා (පිරිමින් ගැන කථා), කුමාරකථා (පිරිමි දරුවන්, කොල්ලන් ගැන කථා), කුමාරීකථා (ගැහැණු දරුවන්, කෙල්ලන් ගැන කථා), ශූරකථා (ශූරයින්ගේ ශූරකම් ගැන කථා), වීථිකථා (වීදි, මං මාවත් ගැන කථා), කුම්භස්ථානකථා (නාන ලිඳ, නාන තොට වැනි නාන තැනට අදාල කථා), පූර්වප්‍රේතකථා, නානත්තකථා (කට කථා), ලෝකාඛ්‍යායිකාකථා (ලෝකයේ අරක, මේක ගැන කථා), සමුද්‍රාඛ්‍යායිකාකථා (සාගරයේ අරක, මේක ගැන කථා), ඉතිභවාභවකථා (මෙසේ මෙසේ උනා, නොවුනා යන කථා) යන මේ බඳු වූ තිරශ්චීන කථාවන් පවතිනවා.

    "සත්‍යාවබෝධය ගැන කථා කරන්නා සත්‍යාවබෝධ කර නැත" යනු Dark_Night_of_the_Soul ගේ පිළිගැනීම නම් සත්‍යාවබෝධය ගැන කිසිත් නොකියා, කියන්නාගේ සහ අසන්නාගේ සත්‍යාවබෝධයට කිසිම ඵලක් නැති ඉහත පරිදි වන තිරශ්චීන කථාවෙන් කාලය කා දාන දොඩමළු, හිස් පුද්ගලයෙක් මේ ලෝකයේ ඇත්නම් Dark_Night_of_the_Soul විසින් එම පුද්ගලයා සත්‍යාවබෝධ කර ඇතැයි පූජනීයයි. මොකද එම පුද්ගලයා සත්‍යාවබෝධය ගැන කථා නොකර අන් තිරශ්චීන කථාම කරන නිසා.

    කථා අතර අල්පෙච්ඡකථා (අල්පේච්ඡ බව ගැන කථා), සන්තුෂ්ටිකථා (ලද දෙයින් සතුටු වීම ගැන කථා), ප්‍රවිවෙකකථා (හුදෙකලාව විවේකීව සිටීම ගැන කථා), අසංසර්ගකථා (පිරිස් සමඟ නොඇලීම ගැන කථා), වීර්‍ය්‍යාරම්භකථා, ශීලකථා, සමාධිකථා, ප්‍රඥාකථා, විමුක්තිකථා, විමුක්තිඥානදර්ශනකථා ආදී ක්ලේශයන් තුනී කරන, චෙතොවිනීවරණයට (සිතේ විවෘත්ත බවට ඇති කිරීමට) හේතු වන, එකාන්ත නිර්‍වෙදය (අවබෝධයෙන් කළකිරීම) පිණිස, විරාගය පිණිස, නිරොධය පිණිස, උපශම (සංසිඳීම) පිණිස, අභිඥා (විශිෂ්ට ඤාණය) පිණිස, සම්බොධය (සත්‍යාවබෝධය) පිණිස, නිර්‍වාණය (නිවන) පිණිස වන දැහැමි කථාවන් පවතිනවා.

    "සත්‍යාවබෝධය ගැන කථා කරන්නා සත්‍යාවබෝධ කර නැත" යනු Dark_Night_of_the_Soul ගේ පිළිගැනීම නම් සත්‍යාවබෝධය ගැනම කියන, අසන්නාගේ සත්‍යාවබෝධයටම හේතු වන ඉහත පරිදි වන දැහැමි කථාවෙන් යුත් සත්‍යාවබෝධ කල පුද්ගලයෙක් මේ ලෝකයේ ඇත්නම් Dark_Night_of_the_Soul විසින් එම පුද්ගලයා සත්‍යාවබෝධ කර නැති පුහුදුන් පුද්ගලයෙක් යැයි සම්මතයි. මොකද එම පුද්ගලයා අන් තිරශ්චීන කථා වලින් තොරව සත්‍යාවබෝධය ගැන කථාම කරන නිසා.

    ඔවු ඔවුන් "දේශනා කරන්නේ" වචන වලිනි. නමුත් අරමුන වන්නේ වචන අසා සත්‍යාව බෝධය ලැබීම නොව. ඔවුන් කථා කරන විට කරන්නේ මමත්වය නැති නිශ්චල තැනක සිටය. එතැන සිට පැමිනෙන වදන්, අසන්නන්ගේද එම නිශ්චල (නමුත් ඔවුන් නොදන්නා) එම ස්ථානයට (හදවත යැයි කියමු) අනුගත වීමක් සිදුවේ. එය සිදුවන්නේ වචන වලින් නොවේ. මෙය බොහෝ විට ඔබට නොවැටහෙනු ඇත.

    මට මදක් විමසනකොට වැටහුනා Dark_Night_of_the_Soul කියන මේ මමත්වය නැති බව කුමක්ද යන්නත්, වචන අසා සත්‍යාවබෝධය ලබන්න බෑ යැයි ඔහු කීමට කාරණයත්, ඔහුට ඔබට වැටහෙන පරිදි වචන වලින් පවසන්න අපහසු "අනුගත වීම" යන්නෙන් ඔහු අදහස් කරන්නේ කුමක්ද යන්නත්, "සත්‍යාවබෝධය ගැන කථා කරන්නා සත්‍යාවබෝධ කර නැත" යන්නෙන් ඔහු කුමක්ද අදහස් කරන්නේත් කියා. ඒ විපරීත දෘෂ්ටිය සත්‍යාවබෝධය අහලකවත් නැහැ. හැබැයි තදින් ඒ දෘෂ්ටියට බැඳුනොත් තමන් රැවටිලා කියලා වැටහෙන්නේ නැහැ, හිතෙන්නෙම තමන් නිවැරදියී කියලා.

    හොඳ වෙලාවට අපට ත්‍රිපිටකය තියෙනවා මේ වාගේ සියුම් කාරණාවන් තේරුම් ගෙන මිත්‍යා දෘෂ්ටීන් ගෙන් මිදෙන්නත්, අවබෝදධ කිරීමට පහසු වන සෘජු අර්ථ ඇති වදන් භාවිතා කර විස්තර වන "මමත්වය" නැති කිරීම යනු කුමක්දැයි සෘජුවම තේරුම් ගන්නත්. ත්‍රිපිටකයේ මිනිසුන් රැවටෙන මිත්‍යා දෘෂ්ටීන් බහුල ප්‍රමාණයක් ගැන එම දෘෂ්ටීන් හටගැනීමට හේතු කාරණා සමග විස්තර ලෙසින් සඳහන් වෙනවා. ඒවා විස්තර සහිතවම දැන ගැනීම එම මිත්‍යා දෘෂ්ටීන්ගෙන් මිදීමටත් මතු එම මිත්‍යා දෘෂ්ටීන් නොදැනුවත් බව හේතුවෙන් තමන්ම පිළිගැනීමෙන් වැළැක්මටත් හේතු වෙනවා.

    Skylark
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    පින්වත් ex-muslim Ahmed,

    මේ Dark_Night_of_the_Soul සෝවාන් පුද්ගලයින්, අනාගාමී පුද්ගලයින්, රහතන් වහන්සේලා ගැන සඳහන් කලත් ඔහු කතා කරන්නේ සම්මා සම්බුදු රජානන් වහන්සේ ගැනවත් ඒ සම්මා සම්බුදු රජානන් වහන්සේ දේශනා කරන ලද ධර්මය ගැනවත්, ඒ සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ශ්‍රාවකයින් ගැනවත් නොවෙයි. ඔහු වෙන යම් අදහස් ඇති පිරිසක් සහ වෙන යම් ධර්මයක් ගැන බුදු දහමේ කියවෙන කාරණාත් සමගම පවසනවා.

    බුදු රජානන් වහන්සේ යනු තමන් වහන්සේ සෘජුව දන්නා, සෘජුව දක්නා සත්‍යාවබෝධය පිළිබඳව අන් අර්ථ ඇති වක්‍ර ලෙසකින් නොව, සෘජු තේරුම් සහිතව සත්‍යාවබෝධය ගැන දහම් දෙසන ලද අයෙක්. සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ඉතිවුත්‌තකපාළියේ චතුෂ්ක නිපාතයේ ලෝකාවබෝධ සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp18/510 ] බුදු රජානන් වහන්සේගේ ලෝකාවබෝධය ගැනත්, සත්‍යාවබෝධය ප්‍රකාශ කරන ආකාරය ගැනත් සඳහන්. එහි මෙසේ සඳහන්:
    .......

    හොඳ වෙලාවට අපට ත්‍රිපිටකය තියෙනවා මේ වාගේ සියුම් කාරණාවන් තේරුම් ගෙන මිත්‍යා දෘෂ්ටීන් ගෙන් මිදෙන්නත්, අවබෝදධ කිරීමට පහසු වන සෘජු අර්ථ ඇති වදන් භාවිතා කර විස්තර වන "මමත්වය" නැති කිරීම යනු කුමක්දැයි සෘජුවම තේරුම් ගන්නත්. ත්‍රිපිටකයේ මිනිසුන් රැවටෙන මිත්‍යා දෘෂ්ටීන් බහුල ප්‍රමාණයක් ගැන එම දෘෂ්ටීන් හටගැනීමට හේතු කාරණා සමග විස්තර ලෙසින් සඳහන් වෙනවා. ඒවා විස්තර සහිතවම දැන ගැනීම එම මිත්‍යා දෘෂ්ටීන්ගෙන් මිදීමටත් මතු එම මිත්‍යා දෘෂ්ටීන් නොදැනුවත් බව හේතුවෙන් තමන්ම පිළිගැනීමෙන් වැළැක්මටත් හේතු වෙනවා.

    Skylark

    දැක්කා ස්කයිලාක්, මම දැක්කා මේ කියන දේ නොගැලපෙන බව. ඒකයි ප්‍රස්න දෙකක් දාලා බැලුවේ තහවුරු කරගන්න. හිතුවත් වගේම දුන්නා මටත් "අල්ටිමේටම්" එකක්! අල්ටිමේටම් දෙන්නේ යමක් ගැන විස්තර කොරගන්න බැරිවෙනකොටයි, මිනිස්සු ප්‍රස්න අහනවට බය අයයි. ඒත් පබ්ලික් ෆෝරම් එකක ත්‍රෙඩ් එකක් පටන් ගන්න පුද්ගලයා සදාචාරත්මකව බැඳී සිටිනවා ඒකට දාන රිප්ලයි වලට උත්තර දෙන්න.
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    දැක්කා ස්කයිලාක්, මම දැක්කා මේ කියන දේ නොගැලපෙන බව. ඒකයි ප්‍රස්න දෙකක් දාලා බැලුවේ තහවුරු කරගන්න. හිතුවත් වගේම දුන්නා මටත් "අල්ටිමේටම්" එකක්! අල්ටිමේටම් දෙන්නේ යමක් ගැන විස්තර කොරගන්න බැරිවෙනකොටයි, මිනිස්සු ප්‍රස්න අහනවට බය අයයි. ඒත් පබ්ලික් ෆෝරම් එකක ත්‍රෙඩ් එකක් පටන් ගන්න පුද්ගලයා සදාචාරත්මකව බැඳී සිටිනවා ඒකට දාන රිප්ලයි වලට උත්තර දෙන්න.

    ස්තූතියි මා "ටෙස්ට්" කිරීමට ලක් කලාට. මා මේ රිප්ලයි එක දමන්නේ, ඔබ මා පිලිතුරැ නොදෙන්නේ යැයි කනු කුනු ගානා හෙයිනි. ඉහතදී මා කී දේ නැවත සිහියට නගා දුනහොත්, මා කීවේ, ඔබ මා දැක්වූ අය පවසන්නේ කුමක්දැයි කියා හොදින් ගවේශණය කර රිප්ලයි කලොත් මාද රිප්ලයි කරන බවය. පෙනෙන පරිදිම ඔබ එසේ නොකර "අල්ටිමේටමයක්" ගැන කියා ඇත.

    මා ලෝකයේ වඩාත්ම ගරැ කොට සලකන දර්ශණයක් කීපයක් ඇත: බුද්ධ දර්ශණය (සෙzන් දහම ඇතුලුව), අද්වයිතා දර්ශණය (non-duality), ක්‍රිස්තු දර්ශණය (දෙවැනි තෙස්තමේන්තුව). එහෙත් මා මේ කිසිවකට බැදී නැත. සත්‍ය පවසන්නේ කොතැනද මා එතැනට ගරැ කරමි. එය බුදුන් වහන්සේ කීවද, ක්‍රිස්තුස් වහන්සේ කීවද, වෙනත් කෙනෙකු කීවද එයින් මට ප්‍රශ්ණයක් නැත. ක්‍රිස්තු දර්ශණයේ සියල්ල පවසා ඇත්තේ ව්‍යංගයෙනි, එනිසා මිනිසුන් එය තේරැම් ගන්නේ වරදවාය. බුද්ධ දර්ශණයේදී සත්වයාගේ ස්වභාවය සහ විමුක්තිය ගැන ඉතා දීර්ඝව සහ නිවැරදිව විස්තර කොට ඇති නමුත්, ත්‍රිපිටකය කියවීමෙන් දැනුම ලැබෙනවා මිස සත්‍යාවබෝධය නොලැබෙයි. සත්‍යය යනු තමාගේ අත්දැකීමෙන්ම දැකිය යුතු දෙයකි. අද්වයිතා සහ සෙzන් දර්ශණයන්ගෙන් කියවෙන්නේ මෙයයි. අද්වයිතා සහ සෙzන් මගින් වචන වලින් තොරව ඍජු අවබෝධයකට යන ක්‍රම පෙන්වා දෙයි. ඒවා මෙහි විස්තර කිරීමට නොයමි. අලසකමක් නැත්තෝ, ඒවා සොයාගනිත්වා. බුද්ධ දර්ශණයෙහි ඇති ච්ත්තානුපස්සනාවෙන්ද සිදුවන්නේ, වචන වලින් තොරව ඍජුව සත්‍යාවබෝධ වීමය.

    අද්වයිතා සහ බුදු දහමෙහි ඇති වෙනස නම්, අද්වයිතා දර්ශණයෙහි සත්‍යාවබෝධයට පත් එම පරම ස්වභාවයට නමක් / සංකල්පයක් (බ්‍රහ්මාත්මන්) ලබාදීමය. මෙහෙයින් ඇතැමුන් මෙය සංකල්පයක් කොට ගෙන ඒ ගැන සිතීම පමනක් කරති. බුදුන් වහන්සේ එම පරම තත්වයට නමක් දී නැත. එසේ කර ඇත්තේම මිනිසුන් එය නැවතත් සංකල්පයක් කර ගැනීමට ඉඩ ඇති හෙයිනි.

    තවද, ඉහත මා "ඒකාත්මික" වීම යැයි කීවේ කුමක් දැයි නැවත කියන්නම්. ඒ නම්, සක්කායදෘශ්ටිය වියැකී යාමෙන් ලෝකය සහ එය දකින්නා තනි දෙයක් බවට පත්වීමය (අද්වයිතා දර්ශණයේ මූලික හරය මෙයයි). චිත්තානුපස්සනාවෙන්ද අවසානයේදී සිදුවන්නේ මෙයමයි. මා සහ ලෝකය දෙකක් ලෙස දකින විට, එය ලෞකික දැක්මක් වෙයි. එය ලෝකයේ ද්විත්ව ස්වභාවයය. ‍අපගේ සිත්වල ඇති දුක් වලට මූලික හේතුව මෙම ද්විත්ව ස්වභාවයයි. එනම්, 'මා ලෝකය නොවේ', යන අදහසයි. මෙසේ හැගීමක් ආ විට, ඔහු ලෝකය තමාගේ සුඛය සහ ප්‍රයෝජනය පිනිස "ඒ මේ අතට නවා" (manipulate කර), එය විනාශ කිරීමට පෙලඹෙයි. එසේ කරන්නේ, මමත්වය සහිත තැනැත්තා, ලෝකය තමාට එරෙහි දෙයක් බවද, එය කරකවා අඹරවා ජය ගත යුතු බව සිතන හෙයිනි. අද අප දකින යුද්ධ, කලකෝලාහල, වන විනාශය ආදියට මූලික හේතුව මෙයයි. එනම්, මමත්වයෙන් ක්‍රියා කිරීමයි. ලෝකය සමග තමා එකක් වූ විට, ඔහු තමා ලෝකය ලෙසම දකින නිසා, ඔහුට ලෝකයට හානියක් කිරීමට බැරිය. එසේ කලහොත් එය හරියට ගිනි කූරකින් තමාගේම අත පුච්චාගැනීමක් සේ ඔහුට දැනෙයි. අරහතුන් ආදිය ශාඛයකට හෝ හානියක් නොකරන්නේ මෙහෙයිනි.

    ක්‍රිස්තු දර්ශණය පිලිබද බිදක් පැවසුවහොත්: ක්‍රිස්තුස් වහන්සේ කීවේ තම පියා දෙවියන් වහන්සේ බවය. එහෙත් එය ව්‍යංගාර්ථයකි. එතුමා දෙවියන් කීවේ අහසේ වැඩසිටින මහළු මිනිසෙකුට නොවේ, තමා තුලම ඇති දේවත්වයටයි. මෙවැනි ව්‍යංගාර්ථ බයිබලයේ නොයෙක් තැන් වල ඇත.

    එපමනයි. ස්තූතියි.
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    දැක්කා ස්කයිලාක්, මම දැක්කා මේ කියන දේ නොගැලපෙන බව. ඒකයි ප්‍රස්න දෙකක් දාලා බැලුවේ තහවුරු කරගන්න. හිතුවත් වගේම දුන්නා මටත් "අල්ටිමේටම්" එකක්! අල්ටිමේටම් දෙන්නේ යමක් ගැන විස්තර කොරගන්න බැරිවෙනකොටයි, මිනිස්සු ප්‍රස්න අහනවට බය අයයි. ඒත් පබ්ලික් ෆෝරම් එකක ත්‍රෙඩ් එකක් පටන් ගන්න පුද්ගලයා සදාචාරත්මකව බැඳී සිටිනවා ඒකට දාන රිප්ලයි වලට උත්තර දෙන්න.

    P.S Skylark ගේ පිලිතුරෙන්, ඔබට මෙහි නැවතත් යමක් පලකිරීමට "ගට්ස්" ලැබී ඇති බව පෙනේ. නැවත ඔබව "බැක්" කිරීමට කෙනෙකු ඉදිරිපත් වූ පසු ඔබ රිප්ලයි කරනු ඇති බව මගේ අදහසයි. කෙසේ වෙතත්, පැරණි ඉන්දියාවේ බ්‍රාහ්මණයින් මෙන් වාද විවාධ කිරීමෙන් කිසිවෙකුට පලක් අත් නොවේ. සත්‍ය යනු භාවනාව වැනි ක්‍රම මගින් තමාම අවබෝධ කර ගත යුතු දෙයක් විනා, වාද කිරීමට දෙයක් නොවේ. බුදුන් වහන්සේම කී පරිදි, බෝට්ටුවකින් ගග එතෙර කල පසු එය කර තබාගෙන යාම මෝඩ කමකි. ඒසේ දෙසුවේ ධර්මය සම්බන්ධයෙනි. "ධර්මය" යැයි කියමින් වචන ටිකක් හෝ වාද විවාද ටිකක් හෝ "ටෙස්ට්" ටිකක් කරපින්නාගෙන යාම, බෝට්ටුව කරපින්නාගෙන යාමටද වඩා අමන වැඩකි. අනුන්ගේ බුද්ධිය ටේස්ට් කර බලනවාට වඩා, තමාම සත්‍යය සොයාගන්නේ නම් ඉතා වටින්නේය.
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Dark_Night_of_the_Soul,

    අවබෝධය යැයි සිතාගෙන ඉන්නා ඔබේම අනවබෝධය ඔබම නොපිළිගන්නා අයුරින් කටයුතු කිරීම ඔබටම යහපත් දෙයක් ලෙසයි මම දකින්නේ.

    ව්‍යවහාරයේ ඇති මහ කකුළුවා හරහට යෑමේ දොස් පවසලා කෙලින් යන්නේ මෙහෙමයි කියා හරහටම ගියා යන උපමාවේ සේම ඔබත් "සත්‍යාවබෝධය ගැන කථා කරන්නා සත්‍යාවබෝධ කර නැත" යන්න මට රිප්ලයි නොදාන්න හේතු සේ දක්වලා තව තවත් සත්‍යාවබෝධය ගැන කියවනවා.

    මහ කකුළුවා හරහට යෑමේ දොස් පවසලා කෙලින් යන්නේ මෙහෙමයි කියා හරහටම ගියා යන උපමාවේ සේම "මා ත්‍රිපිටකය අවබෝධ කරගැනීමට උත්සාහා නොගිනිමි. අද සිටින සත්‍යාවබෝධය ලැබූවන්ට දැනෙන ඍජු අවබෝධය ගැන පමණක් විශ්වාසය තබමි. මෙනිසා, මා ඉහත දැක්වූයේ ඔවුන් පවසන දෑ සම්බන්ධයෙනි. මා අද පවා ජීවත් වන සත්‍යාවබෝධය ලැබූවන්ගේ දේශනාවන් මත යැපෙනු විනා, පොත පත සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නැත. මන්දයත්, පොත පත යනු වචන සහ වාක්‍ය හෙයිනුත්, වචන වලට ඔබව සත්‍යාවබෝධය කරා ගෙන යාමට නොහැකි හෙයිනුත්ය." යැයි පවසලා ත්‍රිපිටකය සරලව [ http://www.elakiri.com/forum/showthread.php?t=1739086 ]ලෙසින් ඔබම එලකිරියේ නව ත්‍රෙඩ් එකක් ආරම්භ කර තිබෙනවා.

    ඉහත පරිදි උනහම ඔබ කියන දේ ඔබම පිළිපදින්නේ නැහැනේ. එහෙම උනහම සිදුවීම් දෙකකට හැකියාවක් තිබෙනවා. එකක් නම් ඔබ කියන දේ බොරු යැයි ඔබම පිළිගන්නා නිසා ඔබ අන් දෙයක්ම කරනවා. අනෙක නම් ඔබ කියන දේ හරි යැයි ඔබම පිළිගන්නවානම් ඔබටම සාපේක්ෂව ඔබ කරන දේවල් ඔබ කරන්නේ පිස්සුවන්. මෙහෙම උනහම ඔබ කියන සහ කරන දේ බලා ඉන්නා අන් අය ඔබ විසින් ඔබවම දැකිය යුත්තේ බොරු කාරයෙක් හෝ පිස්සෙක් ලෙසට බවයි වටහා ගන්නේ. ඒ සහේතුකව මිසක් අහේතුකව නොවෙයි.

    ඔබ තවත් ලියා ඇති දේට අනුව ඔබේ අනවබෝධය ගැන තවත් පැහැදිලියී. ඔබ බුදු දහම දන්නෙත් නැහැ, කිතු දහම දන්නෙත් නැහැ. බුදු දහමේ දැක්වෙන සක්කාය දෘෂ්ටිය ගැන යැයි කියලා non-duality හා ඒකාත්මික වීමක් ඇසුරින් තවත් අනවබෝධයක් පැවසුවානේ. ඉතිරි වෙලා තියෙන්නේ "සෙzන් දර්ශණයනය" ගැන කීම පමණයි. සමහරක් විට "සෙzන් දර්ශණයන" ගැන දන්නා අය ඔබට පවසාවි ඔබ "සෙzන් දර්ශණයනය" ගැන දන්නේත් නැහැ කියා.

    කොහොම උනත් ඉහත විස්තර කල පරිදි අවබෝධය යැයි සිතාගෙන ඉන්නා ඔබේම අනවබෝධය ඔබම නොපිළිගන්නා අයුරින් කටයුතු කිරීම ඔබටම යහපත් දෙයක් ලෙසයි මම දකින්නේ. මොකද ඔබ "සත්‍යාවබෝධය ගැන කථා කරන්නා සත්‍යාවබෝධ කර නැත" යැයි කියා ඊට අනුරූපව ක්‍රියා කරන්නෙමැයි කීවත් ඊට අනුරූපව ක්‍රියා නොකිරීම යන සත්‍යාවබෝධය ගැන කතා කිරීම යහපත් ලෙස මම දකිනවා. ඔබ ත්‍රිපිටකය ගැනත් අඩු තක්සේරුවෙන් කතා කල මුත් ක්‍රියාවෙන් ත්‍රිපිටකය ගැන යම් පමණකින් හෝ වෙහෙස වී ඇති බව යහපත් දෙයක් ලෙස මම දකිනවා.

    බුදු දහම ගැන ඔබේ ඇති අවබෝධය හෝ අනවබෝධය කවර ලෙස උවත් ත්‍රිපිටකය සරළ කිරීම නවත්වන්න. අදාළ බ්ලොග් එකත් වසා දමන්න. ත්‍රිපිටකය සරළ කිරීම සත්‍යාවබෝධ කිරීමට බාධාවක්. ත්‍රිපිටකය සරළ කිරීම බුදු දහමේ චිරස්ථිතියටත් බාධාවක්. බොහෝ දෙනෙක් ඉන් නොමඟ යන්න පුළුවන්. එය බොහෝ දෙනෙකුට දුක් පිණිස හේතු වන කරුණක්. ත්‍රිපිටකය සරළ කරන්න යෑම හේතුවෙන් ඔබට බොහෝ දොස් අහන්නත් අන් දුක් කරදර වලටත් මුහුන දෙන්න වේවි. මේ ගැනත් ත්‍රිපිටකයේම සඳහන් උවත් එම කරුණු සමහරක් විට ඔබ නොපිළිගන්නා ආකාරයේ කරුණු වෙන්න පුළුවන්. ත්‍රිපිටකයේ ඇති සමහරක් දේ තේරුම් ගන්න අපහසු බව ඇත්ත. මටත් සමහරක් විට වැරදෙනවා. නමුත් ඒකට විසදුම අපැහැදිලි දේ පැහැදිලි කරගන්න උත්සාහ කිරීම මිස ත්‍රිපිටකය සරළ කිරීම නොවෙයි. මෙය ඔබට පැවසීම යහපත් යැයි සිතූ නිසා පිළිගන්නවානම් පිළිගෙන ත්‍රිපිටකය සරළ කිරීම නවත්වාවි සහ අදාළ බ්ලොග් එක වසා දමාවි යන අදහසිනුයි මම පැවසුවේ.

    Skylark
     
    Last edited: