මේ වගේ වැඩක් උබලට වෙලා තියෙනවද..??

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    මේ වගේ වැඩක් උබලට වෙලා තියෙනවද..??

    ගිය සෙනසුරාදා නුගේගොඩ කිරුලපන පාරේදී උන සිද්දියක්.

    මේකයි සීන් එක..

    මන් බයික් එකේ යද්දී ඉස්සරහින් ගිය වාහනේ පාරේ ඉඩ මදි වෙලා, ඉස්සරහින් ආපු එකට ඉඩ දෙන්න රිවස් එකක් ගැහුව්වා එක පාරට..මාත් නවත්තගෙන රිවස් එකට එන්නඉඩ දුන්නා..කරුමේ කියන්නේ එක පාරට හයියෙන් රිවස් කලා මගේ බයික් එකේ වදින්නම..Land Cruiser එකක්..මගේ බයික් එකේ ඉස්සරහ මඩ් ගාර්ඩ් එක ඉවරයි කැඩිලා..මෙන්න එක පාරට වාහනේ යනවා මුකුත් උනේ නෑ වගේ..මට යකා නැග්ගා වැඩේට..මාත් ටක් ගාලා ඉස්සර කරන් ගිහින් නවත්ත ගත්ත වාහනේ..කෙල්ලෙක් එලවන්නේ වහෙන්..මන් කිව්වා වෙච්ච සිද්දිය..මෙකි කිව්වා අනේ සොරි අය්යේ දැක්කේ නෑ කියල..මගේ මල ඩබල් උනා එකී කිව්ව කතාවට..ඒකිගේ තාත්තා වගේ කෙනෙක් එහා සීට් එකේ හිටියේ..පොර කියනවා දැක්කේ නෑනේ එකයි හැප්පුනේ කියල..මන් කිව්වා දැක්කේ නැති කතා හරි යන්නේ නෑ මගේ මඩ් ගාර්ඩ් එක හදල දෙන්න කියල..පොර කියනවා වාහන හැප්පෙනවා තමයි මොන කරන්නද කියලා..
    පොර වාහනෙන් බැහැල ඇවිත් බයික් එක බලල කියනවා..

    පොර : හරි දැන් ඔයා මොකද මට කරන්න කියන්නේ..??
    මම : මේක මගේ වැරැද්ද නෙවෙයි ඔයාගේ වැරැද්ද මට මේක හදාගන්න මොකක් හරි සාධාරණයක් කරන්න..
    පොර: වාහන හැප්පෙනවා තමයි ඔයා කොහොමද කියන්නේ ඒක අපේ වැරැද්ද කියල.??
    මම : ඔයානේ රිවස් කලේ
    පොර: මේ අයිසේ ලොකු කතා කියන්න එපා හරිද.. තමුසේ දන්නවද මන් කවුද කියාල.. මන් දැන් පොලිසියට call කරලා කියනවා තමුසේ පිටි පස්සෙන් ඇවිල්ලා වැද්දුවා කියලා..මට ඕක අනිත් පැත්ත හරවන එක සුළු දෙයක් ඕයි.. එක හින්ද ලොකු කතා නැතුව මේක අරන් යනවා...

    පොර එහෙම කියල මට රු 1000 දීල යන්න ගියා..පට්ට මලෙන් හිටපු මම මේ ටික කිව්වා පොරට ''දෝනි පොඩ්ඩට පරිස්සමෙන් එලවන්න කියන්න..ආයි කොහේදී හරි හම්බ වෙයිනෙ එතකොට බලාගමු..''

    පොර මට අයිත් සද්දයක් දාල ''මොනා බලාගන්නද උබල වගේ එවුන් එක්ක'' කියල ඇරලා දාලා යන්න ගියා

    ඒ වගේ වෙලාවට කොච්චර අසරණ වෙනවද කියල කියන්න ඕනේ නෑනේ මචන්ලා..සල්ලි බලේට ඕන එකක් යටයි මේ රටේ..

    ඒ යකා දුන්න 1000 මට ඉරල විසි කරන්න හිතුන උගේ මූණටම..ඔහොම හිතන් නුගේගොඩ හන්දියට ආව.. අර 1000ට මොකද කරන්නේ කියලා හිතන කොට දැක්කා වයසක සීයා කෙනෙක් සුවීප් විකුණනවා..වැඩිය හිතන් නැතුව සීය ගාව තිබ්බ සුවීප් ටික ගත්ත.. 24ක් තිබ්බ සේරම..සීයා මට පින් දෙන්න ගත්තා මහත්තයට හරි යන්නම ඕනේ කියල..එකෙන් තිබ්බ මල අඩු උනා..තව 520ක් ඉතුරු උනා..ටිකක් ඉස්සරහට එද්දී අම්ම කෙනෙක් පොඩි දුවෙකුත් එක්ක ෆැබ් එක ලග ඉන්නවා දැක්ක..520ම ඒ අම්මට දුන්නා..හිතේ තිබ්බ අසරණකමයි, කේන්තියයි කොහෙන් ගියාද නෑ බන් ඒ මිනිස්සුන්ගේ හිනාව දකිද්දී..

    ඇත්ත සතුට කියන එක සල්ලි වලට ගන්න බෑ.. :yes::yes:

    පසු සටහන:
    අද මේක ලිව්වේ අර ගත්ත ටිකට් වලින් රු 12000ක් ඇදිලා.. :shocked::shocked: අද හවසට ගිහින් ඒ සීයාගෙන් තව ටිකට් ටිකක් ගන්න ඕනේ..:D:D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ohoma thamai ban podi miniha koheth thalenawa.. loke hati.. ube hoda kamata ubata labunane thaggak.. jaya wewa
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මාත් අක්කිලා පදින වාහන අස්සෙ ගිහිල්ල හප්පන් සල්ලි අරං ටිකට් ගන්නව:lol::lol::lol:
    හිත හොද මිනිහට වරදින්නෙ නෑ මල්ලි:):)
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හොඳ වැඩක්... :yes:

    images
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    mama nam ara LC karayata kelawanawa u mona pakek unath e kivva kathawata nan

    same here.... අහිංසක කොල්ලෙක් අහුවුනම තම ඔකුන්ගේ සද්දේ.... හරි එකෙක් අහු වුනාම ලස්සනට ගැන බේරලා යනවා...

    ඕක උබ දැන් අමතක කරලා දාපන්... ඔය වගේ අපතොයෝ කොහෙත් ඉන්නවා,,, ඔය වගේ එවුන් හැමදාම දිනන්නේ නෑ බන්,, දවසක ඔකුන්ටත් හොද හොටල් වලින් හම්බු වෙනවා...

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    සිරාවටම! උබ පට්ට බන්!! අඩෝ ඕක මට උනානන් උන්ගෙ විස්තර ටික හොයල පස්සෙ දෙනව ගේමක් උන් හිටි තැන් අමතක වෙන්න! සල්ලි බලෙන් මිනිස්සුන්ට අසාධාරනකන් කරන උන්ව මට පෙන්නන්න බෑ බන්. :growl::growl::growl::growl::growl::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :(
    ඔවුවට කරන්න දෙයක් නෑ බං. ලොකු වාහන වල උන් ඔහොම්මම තමා. අපිට පෲෆ් නෑ නේ. ඩෑශ් කැම් එකක ව්අටිනාකම තේරෙන්නේ ඔය වෙලාවට තමා.. උඹට කල දේට උන්ට රිටර්න් එකක් ලැබේවි..
    ඔය වෙලාවට මටත් පට්ට කේන්තියක් යනවා තමා.. ඒත් උඹ මම කියලා මොනා කරන්නද බං?
    ඌ කිවා වගේ ලොවෙත් පොලීසිය ගෙන්නලා කේස් එක අනිත් පැත්ත හරවාවි... උන්ට ඕක සුලු දෙයක්. උඹට ශේප් එකේ විඩියෝ කරගන්න තිබුනා ඌ කියන ටික. උඩ සාකුවේ හරි ෆෝන් එක දාගෙන. එහෙම උනා නම් ලොවෙත් නෑ.. :D
     
    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    ජමාල්;19986885 said:
    ගිය සෙනසුරාදා නුගේගොඩ කිරුලපන පාරේදී උන සිද්දියක්.

    මේකයි සීන් එක..

    මන් බයික් එකේ යද්දී ඉස්සරහින් ගිය වාහනේ පාරේ ඉඩ මදි වෙලා, ඉස්සරහින් ආපු එකට ඉඩ දෙන්න රිවස් එකක් ගැහුව්වා එක පාරට..මාත් නවත්තගෙන රිවස් එකට එන්නඉඩ දුන්නා..කරුමේ කියන්නේ එක පාරට හයියෙන් රිවස් කලා මගේ බයික් එකේ වදින්නම..Land Cruiser එකක්..මගේ බයික් එකේ ඉස්සරහ මඩ් ගාර්ඩ් එක ඉවරයි කැඩිලා..මෙන්න එක පාරට වාහනේ යනවා මුකුත් උනේ නෑ වගේ..මට යකා නැග්ගා වැඩේට..මාත් ටක් ගාලා ඉස්සර කරන් ගිහින් නවත්ත ගත්ත වාහනේ..කෙල්ලෙක් එලවන්නේ වහෙන්..මන් කිව්වා වෙච්ච සිද්දිය..මෙකි කිව්වා අනේ සොරි අය්යේ දැක්කේ නෑ කියල..මගේ මල ඩබල් උනා එකී කිව්ව කතාවට..ඒකිගේ තාත්තා වගේ කෙනෙක් එහා සීට් එකේ හිටියේ..පොර කියනවා දැක්කේ නෑනේ එකයි හැප්පුනේ කියල..මන් කිව්වා දැක්කේ නැති කතා හරි යන්නේ නෑ මගේ මඩ් ගාර්ඩ් එක හදල දෙන්න කියල..පොර කියනවා වාහන හැප්පෙනවා තමයි මොන කරන්නද කියලා..
    පොර වාහනෙන් බැහැල ඇවිත් බයික් එක බලල කියනවා..

    පොර : හරි දැන් ඔයා මොකද මට කරන්න කියන්නේ..??
    මම : මේක මගේ වැරැද්ද නෙවෙයි ඔයාගේ වැරැද්ද මට මේක හදාගන්න මොකක් හරි සාධාරණයක් කරන්න..
    පොර: වාහන හැප්පෙනවා තමයි ඔයා කොහොමද කියන්නේ ඒක අපේ වැරැද්ද කියල.??
    මම : ඔයානේ රිවස් කලේ
    පොර: මේ අයිසේ ලොකු කතා කියන්න එපා හරිද.. තමුසේ දන්නවද මන් කවුද කියාල.. මන් දැන් පොලිසියට call කරලා කියනවා තමුසේ පිටි පස්සෙන් ඇවිල්ලා වැද්දුවා කියලා..මට ඕක අනිත් පැත්ත හරවන එක සුළු දෙයක් ඕයි.. එක හින්ද ලොකු කතා නැතුව මේක අරන් යනවා...

    පොර එහෙම කියල මට රු 1000 දීල යන්න ගියා..පට්ට මලෙන් හිටපු මම මේ ටික කිව්වා පොරට ''දෝනි පොඩ්ඩට පරිස්සමෙන් එලවන්න කියන්න..ආයි කොහේදී හරි හම්බ වෙයිනෙ එතකොට බලාගමු..''

    පොර මට අයිත් සද්දයක් දාල ''මොනා බලාගන්නද උබල වගේ එවුන් එක්ක'' කියල ඇරලා දාලා යන්න ගියා

    ඒ වගේ වෙලාවට කොච්චර අසරණ වෙනවද කියල කියන්න ඕනේ නෑනේ මචන්ලා..සල්ලි බලේට ඕන එකක් යටයි මේ රටේ..

    ඒ යකා දුන්න 1000 මට ඉරල විසි කරන්න හිතුන උගේ මූණටම..ඔහොම හිතන් නුගේගොඩ හන්දියට ආව.. අර 1000ට මොකද කරන්නේ කියලා හිතන කොට දැක්කා වයසක සීයා කෙනෙක් සුවීප් විකුණනවා..වැඩිය හිතන් නැතුව සීය ගාව තිබ්බ සුවීප් ටික ගත්ත.. 24ක් තිබ්බ සේරම..සීයා මට පින් දෙන්න ගත්තා මහත්තයට හරි යන්නම ඕනේ කියල..එකෙන් තිබ්බ මල අඩු උනා..තව 520ක් ඉතුරු උනා..ටිකක් ඉස්සරහට එද්දී අම්ම කෙනෙක් පොඩි දුවෙකුත් එක්ක ෆැබ් එක ලග ඉන්නවා දැක්ක..520ම ඒ අම්මට දුන්නා..හිතේ තිබ්බ අසරණකමයි, කේන්තියයි කොහෙන් ගියාද නෑ බන් ඒ මිනිස්සුන්ගේ හිනාව දකිද්දී..

    ඇත්ත සතුට කියන එක සල්ලි වලට ගන්න බෑ.. :yes::yes:

    පසු සටහන:
    අද මේක ලිව්වේ අර ගත්ත ටිකට් වලින් රු 12000ක් ඇදිලා.. :shocked::shocked: අද හවසට ගිහින් ඒ සීයාගෙන් තව ටිකට් ටිකක් ගන්න ඕනේ..:D:D

    සතුටුයි..ජය වේවා..!! :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Land Cruiser එක ලොකු එකනේ බං...... මහ පාරෙදිත් ලොකු එකාට පොඩි එකා යටයි.... :( අවුලක් නෑ..... උඹට දැන් බයික් එක හදාගන්නත් පුලුවන් නේ..... ඔහොම අමන වැඩ කරන උන්ට රිටර්න් එක සෙට් වෙනවා පොලියත් එක්ක...... :yes:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ahh mamanam ata arinna oyawage unnawa kiypan bike eke cam ekak tiyenawa kiyala aniwa bayawenawa..matath dawasak Benz ekk elawapu aunty kenk sadde dagena awa husband ekka mage wahane happala passe etana hitapu trafic police ekk awa muu idan kiwwa mama happuwa kiyala police huttath unge pathtata adda mm kiwwa car eke cam eke okkoma tiyenawa police karayawath bayakala boruwata mata viruddawa investigate karanawa kiyala menna eka paratama police karaya mage patta gatta evidance tiyenawa nam Benz karayata tami case kiyala passe bumper hadagnna 5000 k ma gatta expense une 3500 wage.. oya wage untakaranna onee oyawage wada machn salli tibbata manusskam danna, hariyata katha karanna dannathi sakkili ballo