බුද්ධ ධර්මය අනුව මාංශ අනුභවය (සෑබෑ බෞද්ධය&#350

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    බුද්ධ ධර්මය අනුව මාංශ අනුභවය (සෑබෑ බෞද්ධය&#350

    බුද්ධ ධර්මය අනුව මාංශ අනුභවය
    lord-buddha-raining-glitter.jpg

    :no::no::no:බුද්ධ ධර්මය පිළිබද දැනුම නොමැති අය, අල්ප දැනුම ඇති අය, මිත්‍යා දෘෂ්ඨික අය මෙම සකච්ඡාවට සහභාගි නොවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.:no::no::no:

    මෙම කරුණේදී තමාන්ගේ ඒ ඒ අවස්ථාවේ චෙතනාව බොහොම පරිස්සමීන් ගත යුතුය... මොකද කිවුවොත් තාමාගේ නිවැරදී චෙතනාව මොහය විසින් වහගෙන ඉන්න පුලුවන්... :yes::yes::yes:

    අප තිලොගුරු මහා කාරුණික අරිහත් සම්මා සම්බුදු ගෞතම බුදුරජානන් වහන්සේ මංශ අනුභවය කැප අකෑප දේවල් දේශනා කරලා තියෙනවා


    මම මේ සම්බන්ධයෙන් කල්පනා කරා මුල ඉදලා ඒ කියන්නේ සත්වයා ගේ ඝාතනයේ ඉදලා අනුභාවය දක්වා.....
    මට තේරුණ විදිහ........

    සත්ව ඝාතනය
    සත්වයින් මැරීම බුදුරජානන් වහන්සේ කරන්න එපා කියපු, සිල්පදයකුත් පනවපු දෙයක්.... ඉතිං සමහරු කියනවානේ අපි මරන්නේ අනිත් අය කන නිසා.... අපි මරන්නේ ජීවත් වෙන්න... එත් බුදු රජානන් වහන්සේ සත්ව ඝාතනය අපායගමි අකුසලයක් වශයෙන් පෙන්වා දිලා තියෙන්නේ....
    මේ සිල් පදය කැඩීමට කරුණු 5ක් සම්පුර්ණ වෙන්න ඕනේ..... ඒවා.... 1. පණ ඇති සතෙක් වීම. 2.පණ ඇති බව දැනීම. 3. මැරීමට සිත කැමැත්ත 4.ම‍රන්නට උපක්‍රම කිරීම 5. ඒ උපක්‍රමයෙන් මැරීම. මෙම කරුණු සම්පුර්ණ උනොත් අනිවාරයෙන් එක ප්‍රාණඝාත අකුසලයයි... අත්ම ආරක්ෂාවට, ජීවත් වීමට, අනිත් අය කන නිසා.. වැනි කිසිම දෙයක් හේතුව නිසාවත් මේ කරුණු 5 සම්පුර්ණ වෙලා ප්‍රාණඝාත අකුසලය සිදු නොවනවා කියලා බුදු රජානන් වහන්සේ කියලා නෑ....
    ඒ වගේම බුදු රජානන් වහන්සේ කිරීමට නුසුදුසු වෙළදාමුත් දේශනා කරලා තියෙනවා ඒවාට මත්ස වෙළදාමත් අයත්...... ඒ නිසා ජීවත් වීමට කියලා මරපු මස් වෙළදාම් කරන්න එපා කියලා දේශනා කරලා තියෙනවා.. එකට හේතුව සියල්ලක්ම බුදු නුවනින් දැකපු නිසායි එපා කියලා තියෙන්නේ... සැක හිතන්න එපා.....
    ඒ නිසා කුමත් නිසා වුවත් චෙතනාව කුමක් වුවත් සත්ව ඝාතනය හා මාංශ වෙළදාම එපා කියලා දේශනා කරලා තියෙනවා...

    ඒවාගේම මාංශ මිලදී ගන්නා අය....
    :yes::yes::yes::yes:මෙම කරුණේදී තමාන්ගේ ඒ ඒ අවස්ථාවේ චෙතනාව බොහොම පරිස්සමීන් ගත යුතුය... මොකද කිවුවොත් තාමාගේ නිවැරදී චෙතනාව මොහය විසින් වහගෙන ඉන්න පුලුවන්...:yes::yes::yes::yes:

    මිලදී ගැනීමේදී දානය සදහා මිලදී ගතහොත් එම අවස්ථාවේ චෙතනාව පිරිසිදුය. සාංඝික දාන හෝ අනෙක් ඕනෑම දානයක් (කිසිවක් බලාපොරොත්තු නොවි පිරිසිදු සිතින් දෙන ඕනෑම දානයක්) මෙහිදි තම ක්‍රියාවේ චෙතනාව තමයි මුලික වෙන්නේ... එක එක පුද්ගලයාට වෙනස් වෙනවා චෙතනාව.. ඒ නිසා චෙතනාව මුලික කරගෙන තමයි මෙතන කුසල අකුසල ඇතිවන්නේ.... ඒ වාගේම මිලදි ගන්නවා නිවසේ උදවියට ආහාර පිනිස... මෙය මගේ දැනුම අනුව පිරිසිදු චෙතනා සහිත දෙයක් මොකද විවහා උන පුද්ගලයෙන් අඔු දරුවන්ව පොෂනය කිරිම වගකීමක් ඒ නිසා වගකීම ඉටු කිරිම සදහා මිලදී ගැනිමක් පමණයි වෙන්නේ....මෙහිදි ද චෙතනාව අනුව වෙනස් වෙනවා...

    අනුභාවය
    අනුභාවයේදි සාංඝයා පිළිගන්වන දේ අනුභාව කරනවා.... මොකද සංඝයා ආහාර අනුභව කරන්නේ ශාරිරය පැවැත්ම සදහා පමනයි. ගිහියො අනුභාව කරාට වරදක් නෑ එත් එ අනුභාව කරන මොහොතේ උපදින සිත තෘෂ්ණාවෙන් පිරුනොත් අකුසල් එක ඉතින් තම තමාන් වග බලා ගන්න ඕනේ.... ඒ වාගේම අඔු දරුවන්ව පොෂනය කිරිම සදහා මිලදි ගත් මාංශයක් තාමාද අනුභව කරද්දී තෘෂ්ණාව නුපදවා ශරිර පැවැත්මටද ආජීව කටයුතු කරගෙන යාම සදහා අනුභව කරනවා කියලා අනුභාව කරාට වරදක් නෑ.

    මම අහාලා තියෙනවා අපි කන්නේ ඒ අය විකුනන නිසා, අපි කන්නේ අපේ සල්ලි වලින් , අපි සල්ලි දිලා කන්නේ... කොහොම මාංශ කැවත් තෘෂ්ණාව උපදවාගෙන කැවොත් අකුසල්.... තෘෂ්ණාව නුපදාවාගෙන කැවොත් සාසරින් එතර වන්න උපකාරි වන කුසලයක්...
    ඒ වාගේම මම ආහාලා තියෙනවා "අපි මස් කන්නේ නෑ සත්තු පවු.. අපි කැවොත්නේ එ අය මැරෙන්නේ" කියලා සත්තු පව් කියලා අනුකම්පා සහ ඒ සත්තුන්ගේ මරනය ගැන පසු තැවෙමින් මාංශ අනුභාව කරන්නේ නෑ ඒ පුද්ගලයොත් කරන්නේ මොහය උපදවාගෙන කුක්කුච්චයත් උපදවාගෙන මිත්‍යා දෘෂ්ඨියකුත් උපදවාගෙන ක්‍රියා කිරිමක් එකත් අකුසලයක්...... මේවැනි දෙ "අපි මස් කන්නේ නෑ සත්තු පවු.. අපි කැවොත්නේ එ අය මැරෙන්නේ" කතාව ඇත්තනම් මුලින්ම මස් නොකන්නේ අපේ සරණ ගිය ලොකවිදු තිලොගුරැ සම්මා සම්බුදු ගෞතම බුදු රජානන් වහන්සේ.... ඒ වාගේම එය දේශනාත් කරනවා....

    මාංශ අනුභාවය හෝ වෙනත් ඕනෑම දෙයක් පරිහරණය කිරිමේදී අනුභාව කිරීමේදී ඒය අපට හිතකර පවතින්නේ නැත්නම් එයද දේශනා කරලා තියෙනවා... ඒ උන්වහාන්සේ දෙශනා කරලා තියෙනවා "චෙතනං භික්කවේ කම්මං වදාමි" කියලා චෙතනාව මුලික කරගෙන තමයි කර්මය සිදුවන්නේ....

    මම මාංශ අනුභාවය පිළිබදව තේරුම් ගත්ත විදිහ තමයි මේක... වැරදිනම් නිවැරදි කරන්න (හේතු සහිතව) නිවැරදිනම් .......... .........

    :(:(:(:(අවසාන වශයෙන් මේතන මම තේරුම් ගත්ත විදිහ 100% ම සදහන් කරලා නෑ මොකද සමහර දේවල් තියෙනවා මම තේරැම් ගත්තාට තව කෙනෙකුට තේරෙන විදිහට කියලා දෙන්න, තෙරුම් කරන්න බෑ....:(:(:(:(

    සියලු දෙනාටම තේරැවන් සරණයි !



    ඒ ආමා මහා නිවන් මාර්ගයට පැමිණිමට මේ කරගන්නා වු සියලු කුසල් හේතු වාසනා වේවා...

    කුසල් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම සත්වයින්ටද මේ කුසල් අනුමොදන් කර ඔවුන් ඒ අනුමොදන් වෙන්නාවු කුසලයෙන්ද ඔවුනුත් වර්ණ සැප බල ප්‍රඥා ලබා ඒ අමා මහා නිවනම අවබොධ කරගැනීමට හේතු වසනා වේවා..

    ඒ සියලු සත්වයොද කරාවු කුසල් අනුමොදන් කර ඒ කුසල් මාද අනුමොදන් වෙමින් ඒ කුසලයද ඒ අමා මහා නිවනම අවබොධ කරගැනීමට හේතු වසනා වේවා..

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා
    සියලු සත්වයෝ නිරෝගී වතේවා
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා

    සියලු සත්වයෝ ඒ උතුම් ධර්මය අවබොධ කරගෙන ඒ නිවන් පුරයට පැමිණේත්වා

    සාදු... සාදු... සාදු...

     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මට හිතන්නේ අපි ජීවත් වෙන්නේ අපිට ඕන විදිහට අපේම දර්ශනයකටයි අනුවයි.

    මස් කන්න ඕන කෙනාට මස් නොකන්න හේතු 1000ක් තිබ්බත්, මස් කන්න 1 හේතුවක් හොයාගෙන මස් කනවා.

    මස් කන්න ඕන නැති කෙනාට මස් කන්න හේතු 1000ක් තිබ්බත්, මස් නොකන්න 1 හේතුවක් හොයාගෙන මස් නොකා ඉන්නවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    Thaman wenuwen marala nattnam kanta kiyala neda deshana karalathiyenne...

    කවුද උබට ඔහොම එකක් කිව්වේ? :shocked::shocked:

    බල්ලෝ බළල්ලු කපුටෝ ඕවා සල්ලි දීලා ගන්න එන්න නෑනේ. මිනිස්සු සල්ලි දීලා ගන්න නිසා තමයි සත්තුන්ව මරලා විකුනන්නේ. මිනිස්සු ගන්නේ නැත්නම්, බඩු විකිනෙන්නේ නැත්නම්, ඒ බිස්නස් එක දිගටම කරන්න උන්ට පිස්සුවක් නෑනේ.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    කවුද උබට ඔහොම එකක් කිව්වේ? :shocked::shocked:

    බල්ලෝ බළල්ලු කපුටෝ ඕවා සල්ලි දීලා ගන්න එන්න නෑනේ. මිනිස්සු සල්ලි දීලා ගන්න නිසා තමයි සත්තුන්ව මරලා විකුනන්නේ. මිනිස්සු ගන්නේ නැත්නම්, බඩු විකිනෙන්නේ නැත්නම්, ඒ බිස්නස් එක දිගටම කරන්න උන්ට පිස්සුවක් නෑනේ.

    Eka aththa bn.. mama vegi. mam oka ekekuta kiwwa. u kiyanawa ehema newelu kiyala. bt pora asapuwalata nowaradawama yana porak....:baffled::baffled:
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    සංඝයාට එහෙම තමයි...
    එත් ඔය වචනේ අල්ලගෙන තමයි මේ මිනිස්සු උඩ යට පෙරලන්න හදන්නේ......

    api hamuduruwanta daanekata aradana karala mas malu dunnoth.... pawak neda,,,, e mas malu hamuduruwan wenwen hadala thiyana nisa. waladana eka sudusu na neda..... poddak meka pahadili karapanko...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    Eka aththa bn.. mama vegi. mam oka ekekuta kiwwa. u kiyanawa ehema newelu kiyala. bt pora asapuwalata nowaradawama yana porak....:baffled::baffled:

    එහෙම තමයි මචන්. ඒකයි මම මුලින්ම කිව්වේ "අපි ජීවත් වෙන්නේ අපිට ඕන විදිහට අපේම දර්ශනයකටයි අනුවයි" කියලා. ගොඩක් අය අනුගමනය කරන්න පුළුවන් ලේසිම දේ තෝරගන්නවා. පිලිපදින්න අමාරු දේවල් වලට අත ගන්න යන අය ගොඩක් අඩුයි.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Thaman wenuwen marala nattnam kanta kiyala neda deshana karalathiyenne...

    මට හිතන්නේ අපි ජීවත් වෙන්නේ අපිට ඕන විදිහට අපේම දර්ශනයකටයි අනුවයි.

    මස් කන්න ඕන කෙනාට මස් නොකන්න හේතු 1000ක් තිබ්බත්, මස් කන්න 1 හේතුවක් හොයාගෙන මස් කනවා.

    මස් කන්න ඕන නැති කෙනාට මස් කන්න හේතු 1000ක් තිබ්බත්, මස් නොකන්න 1 හේතුවක් හොයාගෙන මස් නොකා ඉන්නවා.

    :D
     

    Bobby Sus

    Member
    Feb 29, 2016
    65
    12
    0
    මස්මාංස ත්‍රිකෝටි පාරිශුද්ධ නම් ඒ කියන්නෙ තමන් වෙනුවෙන් සතාව මැරුවයි කියලා දැක්කෙ නැත්තං, ඇහුවෙත් නැත්තං, සැකයකුත් නැත්තං ඒ මස තමන් වහන්සේ වළඳනවය, වළඳන්න අනුදැන වදාරනවය කියලයි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ. ඒ වදාළ ටිකෙන්ම තේරුම් ගන්න පුළුවන් අපි කඩේකට ගිහින් ගන්න මස්මාලු ත්‍රිකෝටි පාරිශුද්ධ නැහැයි කියලා. මස්කඩ කාරයා, නම් වශයෙන් අපිටම කියලා නොමැරුවට, මැරුවෙ ඒ මස් ගන්න කෙනෙක් එන නිසා. පාරිභෝගික අපි වෙනුවෙන්. අනාථපිණ්ඩික දේවතාවා තථාගතයන් වහන්සේගෙන් විචාරණවා දිවා රෑ පිං වැඩන කුසළ ක්‍රියා. උන්වහන්සේ පිළිතුරු දෙනවා ඒඳඬු පාළම් හැදීම, පිපාසයට විඩාවට පැන්හල්, ළිං පොකුණු කරවීමාදියෙන් දිවා රෑ පිං වැඩෙනවයි කියලා. මනුස්සයෙක් ඒ දේවල් පාවිච්චි කරන්න කරන්න හදපු මනුස්සයාට පිං වැඩනවා. කවුද පාවිච්චි කළේ කියන එක අදාළ නෑ. මස්කඩ කාරයා, නම් වශයෙන් මටම කියලා නොමැරුවට, මැරුවෙ ඒ මස් ගන්න එන පාරිභෝගික මම නිසා. දානයක් සදහා මිලදී ගත්තා කියලාවත් අඹු දරුවන්ව පෝෂණය කරන්න ගත්තා කියලාවත් එම අවස්ථාවේ චේතනාව පිරිසිදුයි කියලා හිතුවට මම හිතනවා එතන පිරිසිදුවක් නෑ කියලා. සතාව මරලා තියෙන්නෙ මස් සඳහා. වළඳන්නෙ ස්වාමින් වහන්සේලා. අර බණ කතාවක් තියෙනවා අම්මා ලෙඩ ඇඳට වැටුනම අම්මට හා මස් හොඳයි කියලා අයියා මල්ලිව යවනවා හාවෙක් අල්ලං එන්න. හාවා ඇල්ලුවට මල්ලිට තේරෙනවා තමන්ගෙ මවගෙ ඡීවිතේ සඳහා වුවත් නැති කරන්නෙ තවත් ඡීවිතයක් නේද කියලා. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි බව ඇත්ත. නමුත් උදාහරණයක් විදියට දුකින් මුදවීමට පවා සතකු මැරීම වැරදියි. එහෙමයි බෞද්ධ ධර්මයේ කියලා කියන්නෙ. අපේ චේතනාව සතාට යහපතක් කිරීම. නමුත් වෙන්නෙ ප්‍රාණඝාතයක්. කැලෑ පාරවල් දිගේ රෑට වාහනවල යද්දි හාවො එහෙම ලයිට් එලියට දුවගෙන ඇවිත් වාහනේ වදිනවා. එහෙම සතෙකුගෙයි මස්කඩේ මරපු සතෙකුගෙයි වෙනස තේරෙනවා නේද? 'අපි මස් කන්නේ නෑ සත්තු පවු.. අපි කැවොත්නේ ඒ අය මැරෙන්නේ' කියන එකට කියන්න තියෙන්නෙ තමන් කෑවා නොකෑවා ඒ සත්තු පාප කර්ම ගොඩ ගහගෙන ඇවිත් තියෙන්නෙ දරුණු අවසානයක් අත් දකින්නයි. ඒ සතා තමාගෙ මල්ල හිස්කර ගන්නකොට අපි දැනගන්න ඕන කිසිම ආකාරයට අපේ මලු පුරෝ නොගන්න. මනුස්සයා සර්වභක්ෂකය, කටේ රදනක දත් තියෙන්නෙ මස් කන්නය කියලා කට්ටියක් කියනවා. ඒනම් ගඟ ගලන පැත්තට හබල් ගහන්න හොයාගත්තු හේතු.

    මේ මට තේරෙන විදිය. මේක අපිට ලොකුවට නොතේරුනට මහා විශාල ගැඹුරු විෂයක්. මේ තේමාවටම අදාළව තවත් පැතිකඩක් තියෙනවා. එක්තරා වටුවෙක්ව අල්ලගත්ත මස්වැද්දෙක් මූව කූඩුවක දාලා, ඒ වටපිටාවෙ උගුල් අටවලා, මූට කියලා අනිත් වටුවන්ව අල්ලගන්න මුගේ ඔළුවට ගහනවා. වේදනාවට කෑගැහෙනකොට වටපිටාවෙ ඉන්න වටුවො ආවම උගුල්වලට අහුවෙනවා. තමන්ගෙ බොහෝ ගණනක් නහින්නෙ තමන් හින්දය, ඒ පව තමන්ටය කියලා මූ දුක්වෙනවා. දවසක් මස්වැද්දා මූ ඉන්න කූඩුව ගල්තලාවක පැත්තකින් තියලා වතුර වළකින් වතුර බොනකොට ඒ ළඟපාත භාවනා කරන අපේ බෝසතාණන් වහන්සේගෙන් වටුවා අහනවා පව තමාට නේද කියලා. උන්වහන්සේ වදාරනවා නැහැයි කියලා.
     
    • Like
    Reactions: ruchira55

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    මිනිසා විසින් නොකළ යුතු වෙළදාම්,
    1) ආයුධ වෙළදාම
    2) වහල් වෙළදාම
    3) මස් වෙළදාම
    4) මත්පැන් වෙළදාම
    5) විෂ වෙළදාම

    මස් වෙළදාම නොකළ යුතුනම් ඒකට අනුබල දීමත් වැරද්දක් වෙන්න එපැයි. අපි මිළදී ගත්තොත් අපි ඒ ව්‍යාපාරයට සහය දුන්නා වෙනවනේ.

    (මෙතනට අදාළ නැත) තව එකක් ආයුධ වෙළදාම හැරුනම අනිත් 4ම ලංකාවේ එළිපිට වෙන මහා පරිමාණ ව්‍යාපාර.
     
    • Like
    Reactions: ruchira55

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සාදූ සාදු..හොද වැඩක්..එලකිරි..