සදා සැනසිල්ල ලබා ගන්න

16412

Member
Apr 12, 2016
23
12
0
සදා සැනසිල්ල ලබා ගන්න

විමුක්තිය, නිදහස්වීම, එහෙමත් නැත්නම් සැනසීම, සතුට කියන්නෙ මහ පුදුමාකාර ධර්මතාවයක්. හැමෝම වගේ සැනසීමට කැමතියි. ඒත් කැමති වෙන පළියට ඒ දේ ලැබෙන්නෙ නැත්තෙ ඇයි…? ගොඩක් හේතු තියෙනවා…. විමුක්තිය එහෙමත් නැත්නම් සැනසුම ගැන කියන මේ දේවල් ඇතැම් විට ඔබට ප්‍රයෝජනවත් වේවි.

♦සැනසීම හැම වෙලේ ම අත්හැරීමට සාපේක්ෂයි.
♦ඒ නිසා ම අත්හරින්න අත්හරින්න සැනසීම ඔබට ළං වෙනවා.
♦හැම දෙයක් ම අත්හැරල දැම්මොත්, සැනසීම කවදාවත් ඔබෙන් දුරස් වෙන්නෙ නැහැ.
♦දේවල් අල්ලගන්න අල්ලගන්න, සැනසීම ඔබෙන් දුරස් වෙනවා.
♦එක ම දෙයක් හරි අල්ලගෙන හිටියොත්, සදා සැනසීම ඔබට හිමි වෙන්නෙ නැහැ.
♦සැනසීම ‘මගේ’ දෙයක් කර ගන්න උත්සාහ කරනකොට, ඒක ඔබෙන් ඈත් වෙනවා.
♦සැනසීම මගේ දෙයක් නෙවෙයි කියල තේරුම් ගන්න කොට, සැනසීම ඔබට ළංවෙනවා.
♦සැනසීම අල්ලගන්න උත්සාහ කරන කොට, ඔබට අහු වෙන්නේ දුක.
♦සැනසීම අල්ල ගන්න කරන වෑයම අත්හරින කොට, ඔබටත් හොරෙන් ම සැනසීම ඔබ ළඟට එනවා.
♦අනිත් අයගෙ සැනසීමට අකමැති වෙනකොට, ඒ සැනසීම ඈත් වෙන්නෙ, ඒ අයගෙන් නොවෙයි, ඔබෙන්…
♦අනිත් අය ගෙ සැනසීමට කැමති වෙනකොට, අනිත් අයට සැනසුම ප්‍රාර්ථනා කරනකොට, අනිත් අයට ඒ දේ ලැබුණත් නැතත්, ඔබ කරා සැනසුම එනවා.

ඉතින් ඒ නිසා සදා සැනසිල්ල ලබා ගන්න නම්, හැම දෙයක් ම අත්හරින්න. අන් අයගේ සතුට දැකල සතුටු වෙන්න. අන් අය ගේ සැනසුමට කැමති වෙලා ඒ පිණිස කටයුතු කරන්න. අන් අයගෙ සතුට සැනසුම වෙනුවෙන්, තමන්ගෙ දේවල් කැපකරන්න. එතකොට සදා සැනසුම ඔබව අත් නො හැර පවතීවි. එය එසේ ම වේවා..!!!
සදා සැනසිල්ල වේවා !!!


thanks to dhammamedicine
 
Oct 31, 2012
535
31
0
තෙරුවන් සරණයි. ධර්ම දානය දෙන එක බොහොම පින් වැඩෙන කාරණයක්
 

16412

Member
Apr 12, 2016
23
12
0
True Story



තෙරුවන් සරණයි. ධර්ම දානය දෙන එක බොහොම පින් වැඩෙන කාරණයක්

11.gif