මගේ_පළමු_රස්සාව_ක්ලාක්. ඊළඟට කැෂියර්. ඊට පස&#3

baidu

Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    මගේ_පළමු_රස්සාව_ක්ලාක්. ඊළඟට කැෂියර්. ඊට පස&#3

    මගේ_පළමු_රස්සාව_ක්ලාක්. ඊළඟට කැෂියර්. ඊට පස්සෙ ගරාජ් වැඩපොළේ මිකැනික් -නවලෝක සභාපති ගේ කතාව
    අවුරුදු 22 දියි මං තාත්තා ළඟ වැඩට ආවේ. පඩිය රුපියල් 175 යි. මදියි කිව්වෙ නැහැ. මං ක්ලාක් කාලේ අපේ ම පෑලියගොඩ නවලෝක හෝටලෙන්මයි උදේට දවල්ට කෑවේ. අනිත් සේවකයෝ වගේම සල්ලි ගෙවලා. විශේෂත්වය කියන දේ අපිට ලැබුණෙ නැහැ. එහෙම ගෙවපු ජීවිතේ පහුකරලා මේ තරම් දුර ආවේ වැඩ කරලමයි.

    • ජයන්ත ධර්මදාස කියන්නෙ ව්‍යාපාරිකයෙක් ද ව්‍යාපාර නායකයෙක් ද...

    අපේ රටේ ව්‍යාපාර නායකයො කියලා ජාතියක් නැහැ. ඔක්කොම ඉන්නෙ ව්‍යාපාරිකයො. ඒ අතරෙ මාත් එක් ව්‍යාපාරිකයෙක් පමණයි.

    • ඇයි ඔබ එහෙම කියන්නෙ...

    නායකයො ඉන්නෙ දේශපාලනයේ. ජනාධිපතිගෙන් පටන් ගත්තම පහළට යනකල්ම. බිස්නස් එකක ලීඩර් කෙනෙක් තීරණය කරන්නෙ කොහොම නිර්ණායකයකින්ද... වැඩිම ආදායම් බදු ගෙවන කෙනාද... නැතිනම් වැඩිම රැකියා අවස්ථා හදපු කෙනාද... මට අනුව නම් ඔය කාරණා දෙකෙන් විතරයි එහෙම දෙයක් බලනවා නම් බලන්න පුළුවන්. මේක මං හිතන විදිය.

    • ඒත් ඔබ මේ රටට යමක් එකතු කළ ව්‍යාපාරිකයෙක්...

    ඒක මම දන්නෑ. මං ඒක දකින්නෙ මං මේ රටට ගෙවන ආදායම් බදුවලින් පමණයි. රටේ ආර්ථිකයට යම් දායකත්වයක් සැපයුවා කියන සතුට මට දැනෙන්නෙ ඔය සිතුවිල්ලෙන් බැලුවොත් පමණයි. ඒ හැරෙන්න කිසිදු රජයක් අපිව පිළිඅරන් අපිට ඒක කියලා නැහැ.

    • ඔබ මාසෙකට මොන තරම් බදු ප්‍රමාණයක් ගෙවනවද...

    කොම්පැනි විසිහතරකට ගෙවන බදු එක එක විදියයි. ඒ අතරෙ BOI කොම්පැනි දෙ‍කකුත් තිබෙනවා. ඒවට බදු ගෙවීමක් නැහැ. නමුත් ඒකෙ Turnover එකක් තිබෙනවා.

    • නවලෝක රෝහල, ඔබට සේවාවක් ද ව්‍යාපාරයක් ද...

    ව්‍යාපාරයක්. මේක සේවාවක් වුණොත් මං මාසෙ අන්තිමට පඩි ගෙවන්නෙ කොහොමද... අවුරුද්ද අන්තිමට බෝනස් දෙන්නෙ කොහොමද... Private Hospital කරන කවුරුවත් සේවාවන් කරන්නෑ. මං කෙළින් කතා කරන කෙනෙක්.

    • ඒත් ඔබ ගනුදෙනු කරන්නෙ රෝගීන් එක්ක...

    අපි කරන්නෙ බිල්ඩිමක් හදලා පහසුකම් සහිත කාමර කුලියට දීමක් පමණයි. මම මෙතන වෙදකමවත් හෙදකමවත් කරන්න යන්නෑ, ඒ සඳහා අපි කුලියට පිරිසක් අරන් තියෙනවා. ඒ අය කියන දේ පමණයි අපේ සේවකයන් කරන්නෙ. වෙදකම සම්බන්ධයෙන් අපිට රෝගීන් එක්ක සම්බන්ධතාවක් නැහැ. රෝගීන්ගේ ආරක්ෂාව සහ සුව පහසුව පිළිබඳ වගකීමක් තිබෙන බව ඇත්ත.

    sl-1-2.jpg


    • ඔබත් රෝහල් හිමිකරුවෙක්. ඇයි මේ චැනලින් මාෆියාවට මුකුත් නොකරන්නේ...

    මොකක්ද මාෆියාව... විශේෂඥ වෛද්‍යවරුන්ගේ ගාස්තු නියම කරන්නේ අපි නෙවෙයි, ඔවුන්. අපිට බැහැ ඒකට මැදිහත් වෙන්න. අපිට පුළුවන් රෝහල් ගාස්තුවක් අය කරන්න සහ එන රෝගීන්ට පහසුකම් සපයලා දෙන්න විතරයි. ඔය වගේ ගාස්තු පාලනයකට මැදිහත් වෙන්න පුළුවන් GMO එකට සහ ආණ්ඩුවට පමණයි. ඒක ඒ අය කළ යුතු දෙයක්.

    • ඒත් ඔබ වැනි හිමිකරුවන්ට බැරිද යම් බලපෑමක් කරන්න...

    මං අනවශ්‍ය වැඩ කරන කෙනෙක් නෙවෙයි. මේ රටේ පෞද්ගලික රෝහල් යූනියන් කියලා දෙයකුත් නැහැ. මගේ තනි බලපෑමෙන් කළ හැකි දේකුත් නැහැ. අපිට පුළුවන් විදියට දෙපාර්ශ්වයට ම සාධාරණ ලෙස මිල ගණන් පවත්වාගෙන යනවා. හැබැයි පෞද්ගලික රෝහල් නිසා, පිටරට යන්න හිටි විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙදියන් ගණනාවක් මෙරට යළි නතර වුණා. ඔවුන්ගේ සේවය මේ රටටයි. ඒකත් කිව යුතුයි.

    • ‘අවදානම් ගැනීම’ ව්‍යාපාරයක සාර්ථකත්වයට මොන තරම් වැදගත් කියලද ඔබ හිතන්නේ...

    ව්‍යාපාරයකදි විතරක් නෙවෙයි, අපි මුළු ජීවිතය පුරාම අවදානම ගත යුතුයි. දණගාන දරුවෙක් නැඟිටින්න හදන එකත් අවදානමක්. වැටෙන්න පුළුවන්. ව්‍යාපාරයකදි මේ අවදානම ගුණාකාර වශයෙන් ගන්න වෙනවා. ඒකයි වෙනස. ජීවිතයෙන් ඉදිරියට යන්නෙත් ව්‍යාපාරවලින් ඉදිරියට යන්නෙත් එහෙම අවදානම ගන්න බය නැති මිනිස්සු.

    • ව්‍යාපාර ජීවිතයේ ඔබ ගත් ලොකු ම අවදානම මොකක්ද...

    අවුරුදු හයහමාරකට කලින් මට තිබුණෙ නවලෝක රෝහල විතරයි. ඒක විතරක් දියුණු කරන්නෙ නැතිව, වැටුණු ව්‍යාපාර ගණනාවක් මිලට ගැනීම සහ අලුත් ව්‍යාපාරවලට අත ගහපු එක.

    • ඔබ ‘සූර ව්‍යාපාරිකයෙක්...’ කවුරු හරි ඔබට එහෙම කිව්වොත්...

    මං නෙවෙයි, ඇපල් සමාගම හදපු ස්ටීව් ජොබ්ස්වත් සූර ව්‍යාපාරිකයෙක් විදියට මං දකින්නෑ. ස්ටීව්ලා - වොරන් බුෆේලා තමන්ගෙ ඥාන ශක්තියෙන් සොයාගත් සංකල්පයක් නිසා ලෝකෙට වෙනසක් කරපු අය. ඒ සංකල්පයෙන් තමයි ඔවුන් මුදල් ඉපැයුවේ. රස්සා දුන්නේ.

    • මොනවද ඔබට අයිති බිස්නස්...

    නවලෝක කන්ස්ට්‍රක්ෂන්ස්...., නේෂන්ස් ලංකා ෆයිනෑන්ෂල්, කෝලා ලී බඩු...., නවලෝක පෙට්‍රෝලියම්, ඊස්ට් වෙස්ට් මාකටින්, ඈෂ්ෆර්ඩ්, සසිරි පොලිපැක්ස්..... ඇතුළු කොම්පැණි 24 ක්. මේවායින් පහළොවක් ම පාඩු ලබලා වහපු සමාගම්. මං ඒවා අරගෙන ලාභ ලබන සුවිසල් ව්‍යාපාර බවට පත්කළා.

    • ඔබ වඩා සතුටු වෙන්නෙ අලුත් ව්‍යාපාර පටන් ගන්නා විටද වහපු කොම්පැණි මිලට ගන්නා විටද...

    නවලෝක රෝහල දවසක වැටුණොත්, ඒ මගේ දුර්වලතාවයකින්. නැතුව staff එකේ වරදින් නෙවෙයි. ඒ නිසා ඕනෑම වැටුණු කොම්පැණියක් දිහා මං බලන්නෙ මේ ඇසින්. Management එකේ වරදින් ව‍ැටෙන කොම්පැණියක මං staff එක අයින් කරන්නෑ. ආපහු මං ඒක ගොඩගන්නෙ මගේ කළමනාකරණ හැකියාවෙන්මයි. ශක්තියෙන්මයි. අලුතින් යමක් ආරම්භකරනවට වඩා ඒක මට සතුටක්.

    • වැහුණු කොම්පැණිවලට අතගහන්න බයක් දැනෙන්නෙ නැද්ද....

    හෙට තව වැහුණු දෙකතුනක් ගේන්න... මං අරගෙන දියුණු කරලා පෙන්වන්න.

    • තීන්දු තීරණ ගනිද්දි ඔබ කොහොම හිතන සහ ක්‍රියාත්මක වන කෙනෙක් ද...

    පැය ගණන් කතා කරලා විසඳගන්න බැරි ප්‍රශ්න මගේ ළඟට ආවම විනාඩි දෙකෙන් තුනෙන් විසඳලා ඉවරයි. මං තීන්දු තීරණ ගනිද්දි හිත හිතා ඇද ඇද ඉන්න කෙනෙක් නෙවෙයි. ඒවා බොහොම ඉක්මන් තීරණ.

    • ඒත් සංකීර්ණ ව්‍යාපාරික තීරණවලදිත් ඔය ක්‍රමය සාර්ථකද...

    මගේ මනස බොහොම නිරවුල්. කිසිදේකට කලබල වෙන කෙනකුත් නෙවෙයි මම. මට රෑට හොඳට නින්ද යනවා. හිත සැහැල්ලුයි. ඒ නිසා මෙතෙක් ඔය ක්‍රමයට ගත්තු කිසිම තීරණයක් වැරැදිලා නැහැ.

    • ඔබට ආවේණික Management Style එක මොකක්ද....

    මං මගේ staff එකට හැම වෙලාවෙම කියන්නෙ අවුරුද්දක් ඉදිරියට ජීවත් වෙන්න කියලා. එතකොටයි ලෝකෙත් එක්ක ජීවත් වෙන්න පහසු. හම්බකරන්නෙ 2017 ට වුණාට වියදම් කරන්නෙ 2016 ට. ඉතුරුව හෝ එන්න පුළුවන් ගැටලු පිළිබඳ හෝ පෙර සූදානමක් තිබෙනවා. මගේ ළඟ ඕනෑ වෙලාවක ඕනෑ ප්‍රශ්නෙකට උත්තර දෙක තුනක් සූදානම්. පළමු එක වැරදුණත් තව උත්තර දෙකක් තිබෙනවා. ව්‍යාපාරයකදි විතරක් නෙවෙයි මේ ක්‍රමය ජීවිතයටත් සාර්ථකයි.

    • ව්‍යාපාරික ඥානය ඔබට ලේ උරුමයෙන් ලැබුණු දෙයක් ද... ඔබ විසින් ම වැඩිදියුණු කරගත් දෙයක් ද...

    ලේ උරුමයෙන් ලැබුණු දේට වඩා මා විසින් හදා වඩා ගත් වැඩිදියුණු කර ගත් දේ තමයි වැඩි. අවුරුදු දාහතරක් තිස්සේ මං ඩුබායිවල පොලිසැක්ස් බෑග් ව්‍යාපාරයක් කරනවා. ඩුබායි වගේ රටක බිස්නස් එකක් ගෙනියන එක ලේසි නැහැ. ව්‍යාපාර ලෝකයේ ගැටෙමින් - හැපෙමින් මුහුණ දෙමින් ඉදිරියට යන්න වැදගත් වෙන්නෙ අපි ලබන අත්දැකීම්. ඒවා පතපොතේ නැහැ. කාටවත් කියලා දෙන්නත් බැහැ.

    • මේ සියලු දේ ලැබුණෙ වාසනාව නිසා ද...

    සියයට අනූවක්, මහන්සි වීමයි වැදගත්. සියයට දහයක් තමයි වාසනාව. මට ඒ වාසනාව තිබෙනවා. හුඟාක් මහන්සි වුණත් අර සියයට දහයේ වාසනාව නැති නම් වැඩක් නැහැ. අපි අතරෙ එහෙම අය මොනතරම් ඉන්නවද....

    • තාත්තගෙන් ලැබුණු ව්‍යාපාරයට ඔබ එකතු කළ දේ මොනවද...

    තාත්තා රෝහල පටන් අරන් අවුරුදු තුනකට පස්සෙයි මට දුන්නේ. මං එදා ඉඳන් නවීන ලෝකයත් එක්ක ඉදිරියට ගියා. අති නවීන මැෂින් සහ උපකරණ ගෙනාවා. එදා ඇඳන් සියයයි. අද හාරසියයයි. තට්ටු පහළොවක අලුතින් ඉදිවන ගොඩනැඟිල්ල චැනලින් සහ වාහන පන්සියයක් නැවතිය හැකි පාකින්වලින් සමන්විතයි. වෛද්‍යවරු දාහක් පමණ වැඩකරන, දවසකට රෝගින් දෙදාහක් යන එන තැනක් බවට නවලෝක පත්වුණේ ඒ වෙනස්කම් එක්කයි.

    • ව්‍යාපාර ලෝකයේ දැවැන්තයින් සහභාගි වන සාදවලදි ටිකක් හෝ නොබීවොත් තත්වයට හොඳ මදි... මේ කතාවට ඔබ මොකද කියන්නේ...

    හැම රාත්‍රියකම වගේ මං ව්‍යාපාර සාද තුන හතරකටවත් යනවාමයි. ඒ එක තැනෙක විනාඩි පහළොවක්වත් ගත කරනවාමයි. නමුත් මං ඒ හැටියට ම බොන්න ගියා නම් මෙලහකට ඉතුරු වෙන එකක් නෑ. මං බොන කෙනෙක් නෙවෙයි. මං කරන්නෙ ඕනෑ තරම් වෙලාවක් සෝඩා බොන එක. එහෙම බලද්දි මේ වෙනකොට මං කැලණි ගඟ තරමට සෝඩා බීලා ඇති.

    • ඔබ ජ්‍යෙතිෂය විශ්වාස කරනවද...

    මං නැකතක් රාහුකාලයක් සතපහකට විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. මගේ හොඳ වැඩ ඔක්කොම පටන් ගත්තෙ ඔය කියන රාහු කාලයෙමයි. මං හරි ආසයි ඔය කියන රාහු කාලයෙන් ම වැඩ අරඹන්න. වැදගත් වෙන්නෙ හිත.

    • ජීවිතයේ පහුකරපු දුෂ්කරම කාලය මතකද...

    මීට අවුරුදු හයහමාරකට කලින් මං පහුකළේ නිදිවරාගෙන අධික වෙහෙස මහන්සි වූ කාලයක්. අද බැංකු මගේ පස්සෙන් ආවට එදා බැංකු ණයක් ගැනීම පවා ප්‍රශ්නයක්. අවුරුදු විසි හතරක් මං රෝහල කළාට අලුත් කොම්පැණිවලට අතගහපු සහ ඒවා දියුණු කරන්න උත්සාහ ගත්තු ඒ කාලයේ නම්, හිතන්න බැරි තරමෙ දුකක් වින්ඳා. මට හාට් ඇටෑක් එකක් ආවෙත් ඒ කාලේ. ඒ වුණාට අදටත් වැඩකරන එකයි මගේ සතුට.

    sl-1.jpg


    • අරපිරිමැස්ම ඔබේ ජීවිතයේ තිබෙන දෙයක්ද...

    කවුරු මොන දේ කිව්වත් මං මුලින් ම කරන්නෙ ඔළුවෙන් ගණන් හදන එක. Accountant කෙනකුට වඩා ඉක්මනට හිතෙන් ගණන් හදන්න මට පුළුවනි. ඒක මං කාටවත් පෙන්වන්නෙ නැහැ. මං කිසිම තීරණයක් දෙන්නෑ ගණන් නොහදා. පාඩු නොලබන්න.... පිරිමහින්න අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. මගේ ඇ‍ඟේම තිබෙන මේ ක්‍රමය හොඳටෝම ඇති.

    • පාසල් ජීවිතයේ ඔබ දක්ෂයෙක් ද...

    විශේෂ දක්ෂකමක් මට මතක නැහැ. ඒත් සමහර ළමයින්ට තුන්වරක්වත් පාඩම් නැති පුංචි පන්තියේදි මට පහළොස්වරක් චක්කරේත් කට පාඩම්. එක්සයිස් පොත් පිටුපස්සේ තිබුණු චක්කරේ පාඩම් කරන එක ඒ කාලේ මට හරි විනෝදයක්.

    • අඟහිඟකම්... අඩු ලුහුඬුවෙන් ජීවත්වීම... කවදාවත් ඔබට දැනිලා තිබෙනවද...

    සල්ලි තියෙන පවුලක ඉපදුණා කියලා අපිට ඕන ඕන දේවල් අම්මා - තාත්තා දුන්නෙ නැහැ. මං බැට් එකක් ඉල්ලලා අවුරුදු තුන හතරකට පස්සෙයි තාත්තා අරන් දුන්නේ. අපිට ඕනෙ දේ නෙවෙයි, අපිට අවශ්‍යයයි කියලා දෙමව්පියො තීන්දු කරපු දේයි අපිට ලැබුණේ.

    • මොනවද ඔබේ ජීවිතයට දෙමව්පියන්ගෙන් ලැබුණු දේ...

    තමන්ගෙ වැඩ තමන් කරගන්න. අවංකව ජීවත් වෙන්න... ස්වාධීනව හිතන්න... වගේ තව හුඟක් දේ. උයන්න කෙනෙක් හිටියට බඩගිනි වුණාම කුස්සියට ගිහින් වළංවලින් පිළිවෙළකට කෑම බෙදා ගත්තෙ අපිමයි. අපේ ඇඳුම් හෝදලා අයන් කරගත්තෙ අපිමයි. ඒ පුරුද්ද නිසා අදටත් මගේ ඇඳුම් අයන් කරලා අල්මාරියේ තියන්නෙ මම. මගේ අල්මාරිය අස්පස් කරගන්නෙත් මමම යි. අම්මා තාත්තා අපි හය දෙනාටම සැලකු‍ෙව් එක වගේ. පවුල ඇතුළේ එක එක දරුවන්ට විශේෂ සැලකිලි නැහැ. මමත් මගේ දරු තුන්දෙනාට ම සලකන්නේ ඒ වගේ.

    • කොහේද ඔබ පාසල් ගියේ...

    මල්ලිත් මාත් ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට. අක්කලා තුන්දෙනත් නංගිත් මියුසියස් සහ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට.

    • මොකක්ද ඔබේ පළමු රස්සාව...

    තාත්තට කොම්පැණි තිබුණා කියලා අපිට ලොකු පුටු ලැබුණෙ නැහැ. මගේ පළමු රස්සාව ක්ලාක්. ඊළඟට කැෂියර්. ඊට පස්සෙ අපේ ගරාජ් වැඩපොළේ මිකැනික් කෙනෙක්. ෆෝමන්... පර්චසින් ඔෆිසර්... ඔය වගේ පඩි ගණනාවක් නැගලයි මෙතැනට ආවේ. පංචිකාවත්තෙ පිටකොටුවෙ ඕන තැනක් මට පුරුදුයි. ඒ කාලේ මගේ රස්සාවට අදාළව නිතර ආ ගිය තැන්.

    • පෝසත් ධනවත් පවුලක ලොකු පුතා... මේ තරම් දුක් විඳින්න බැහැ කියලා හිතුණෙ නැද්ද...

    මං වැඩක් කරන්නෙ වැඩේට බැහැලා. ඒක මට දුකක් හෝ වෙහෙසක් නෙවෙයි. ළමා කාලෙත් මං හිතුවෙ ජීවිතේ විශ්වාස නැහැ, ඉන්න ටිකේ හැකි තරම් වේගයෙන් වැඩ කරන්න ඕනෙ කියලා. ඒ වගේ ම අල්පේච්ඡව ජීවත් වෙන්න ඕනෙ කියලා. පහුකරපු තරුණ කාලෙත් අදටත් නොවෙනස්ව මා තුළ තිබෙන සිතුවිල්ල ඒක. මං හැම වෙලාවෙම ඉන්නෙ මරණය පිළිගන්න සූදානමින්. මට ‘අද’ කියලා දෙයක් නැහැ. මට තියෙන්නෙ ‘දැන්’ විතරයි.

    • ඔබේ දරුවො මහපොළොවෙ පය ගහලා ජීවත් වන අයද...

    උසස් පෙළ ඉවර වුණාම පිටරට උසස් අධ්‍යාපනයට යන්න කලින් මං හැම දරුවකුටම කිව්වා, මාත් එක්ක මාස තුනක් වැඩ කරලා යන්න... ඔයාලා ඉගෙන ගන්න ඕනේ අපි හම්බකරන විදිය.... අපි වියදම් කරන විදිය සහ මේ ජීවිතේ ගැන කියලා. අසූ නව වැනි දවසෙ මං කිව්වා, දැන් යන්න ලෑස්තිවෙන්න කියලා. ‘නෑ තාත්තෙ මෙහෙම වැඩකරලා ඉගෙන ගන්න එක හොඳයි අපිට පිටරට යන්න ඕනෙ නැහැ...’ තුන්දෙනාම කිව්වෙ එකම කතාව. ඉතින් කවුරුවත් පිටරට අධ්‍යාපනයට ගියේ නැහැ. අද ඒ තුන්දෙනාම ව්‍යාපාරයේ උන්නතියට කැපවෙලා වැඩකරනවා.

    • මොනවද ඔබ කැමැත්තෙන් කරන්නෙ....

    පැය ගණන් හරි මට ක්‍රිකට් - රගර් මැච් බලා ඉන්න පුළුවන්. පුංචි කාලෙ ඉඳලා මං එක වගේ විඳින්නෙ මේ ක්‍රීඩා දෙක.

    • ඔබ නිතර පන්සල් යනවද...

    මං පන්සල් යන්නෙ අවුරුද්දට වතාවයි. පන්සල තියෙන්නෙ පපුව ඇතුළේ. බුදු හාමුදුරුවො සහ බුදු දහම මගේ ජීවිතය පුරාම තිබෙනවා. පන්සල ඔළුව උඩ තියාගෙන, ධර්මය හදවතේ නැතිනම් මොකක්ද ඇති පලේ...

    • මොකක්ද ඔබේ life Style එක...

    මං උදෙන්ම නැඟිටිනවා. අට වෙද්දි ඔෆිස් එකේ. හැන්දෑවේ හය වෙනකල් මං වැඩ. ඒ අතරතුරේ දෙතුන් පාරක් රෝහල ඇතුළේ සෙනඟ අතරේ ඇවිදිනවා. අඩුපාඩු බලනවා. හයෙන් පස්සෙ මං ගෙදර. කෝටි ගාණක් දෙනවා කිව්වත් ගෙදර ජීවිතෙට ගියාට පස්සෙ මං බිස්නස්වලට අත ගහන්නෑ. බිරිඳ සහ දරුවො එක්ක ගත කරන ඒ ජීවිතේ මොන හේතුවක් නිසාවත් මං නැති කරගන්නෑ.

    • ඔබ අඳින්නෙ පලඳින්නෙ Branded දේ පමණයිද....

    කවදාවත් නැහැ. සුදු ෂර්ට් එක සහ ක්‍රීම් පාට කලිසම විතරයි මගේ ෆැෂන් එක. ඒවා ඔය කියන තරම් මිල අධික ඇඳුම් නෙවෙයි. මොනතරම් කෑම් බීම් තිබුණත් බතුයි කිරිමාළුයි තිබුණොත් මට වේල් තුනම කන්න පුළුවන්. ජීවි‍තේ බොහොම සරලයි.

    • ඔබට ජීවිතේ වෙහෙස දැනෙනවද...

    දැන් මට වයස 67 යි. අවුරුදු 22 දියි මං තාත්තා ළඟ වැඩට ආවේ. පඩිය රුපියල් 175 යි. මදියි කිව්වෙ නැහැ. මං ක්ලාක් කාලේ අපේ ම පෑලියගොඩ නවලෝක හෝටලෙන්මයි උදේට දවල්ට කෑවේ. අනිත් සේවකයෝ වගේම සල්ලි ගෙවලා. විශේෂත්වය කියන දේ අපිට ලැබුණෙ නැහැ. එහෙම ගෙවපු ජීවිතේ පහුකරලා මේ තරම් දුර ආවේ වැඩ කරලමයි. ගතින් වූ වෙනස හැරෙන්නට අවුරුදු තිහ හතළිහකට උඩ හිටපු ජයන්ත ධර්මදාසම තමයි අදත් මේ ඉන්නේ. වැඩ කරන්න තියෙන ආසාවත් එදා වගේමයි.

    • ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් ආදර්ශය මොකක්ද...

    වරදක් වුණොත් ඒක තමන්ගෙ කියලා පිළිගන්න.

    එතකොට ඒ වරද හදාගන්න ලේසියි. අනුන්ට පටවලා ගැලවුණොත් වරද හැදෙන්නෙත් නැහැ. හිත නිදහස් වෙන්නෙත් නැහැ. දවස අවසානයේ සැහැල්ලුවෙන් නින්ද යන්නෙ එහෙම මිනිසුන්ට විතරයි.

    ඉනෝකා පෙරේරා බණ්ඩාර
    ඡායාරූප - විමල් කරුණාතිලක

    තව ජීවිත කතා

    මාළු පිස්සෙක් කෝටිපතියෙක් වුණේ මෙහෙමයි - Water World හිමිකරු ගේ කතාව
    මං ඕ - ලෙවල් තුන් පාරක් ලියුවා."-CIB Group සභාපති ගේ ජීවිත කතාව
    රෑට_නිදාගත්තෙ_පේව්මන්ට්_එකේ . මේ තමයි මම වාසනාව හොයාගත්තු හැටි - සිද්ධාලේප සභාපති ගේ ජීව්ත කතාව
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මං පන්සල් යන්නෙ අවුරුද්දට වතාවයි. පන්සල තියෙන්නෙ පපුව ඇතුළේ. බුදු හාමුදුරුවො සහ බුදු දහම මගේ ජීවිතය පුරාම තිබෙනවා. පන්සල ඔළුව උඩ තියාගෙන, ධර්මය හදවතේ නැතිනම් මොකක්ද ඇති පලේ..
    :dull::dull::dull:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මෙතුමගෙ තාත්තගෙත් මේවගේම සුපිරි ජීවිත කතාවක් ඇති.......
    :yes::yes:++++++
     
    • Like
    Reactions: baidu

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Ona kenek podima thanin patan gaththoth aye e podi thanata watunath baya wenna deyak na, mokada ethana inna ona widiyath hodata dannawa. Risk ekak ganna baya minissu jeewithe kawadawath ethanin udata yanna hadanne na.