උනන්දුන්වෙන් ලොව ජයගත් උනන්දුවා..

Optimus_Prime_42

Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    උනන්දුන්වෙන් ලොව ජයගත් උනන්දුවා..

    උනන්දුන්වෙන් ලොව ජයගත් උනන්දුවා..:rolleyes::rolleyes::)


    ලංකා - ඉන්දීය එක්දින තරගයක් නිමවා 2009 මාර්තුවේ දඹුල්ලේ සිට කොළබ දක්වා එන ගමනේ මංජුල ලන්දෙකුඹුර සමග සිරසේ රොෂාන් වටවලත් රුපවාහිනියේ එම්.එන් රාජාත් විය. ඔවුන්ගේ මාතෘකාව එදා තරගයේ තෙන්ඩුල්කාර්ගේ දැවී යාමයි. වාස් ගේ පන්දුවකට LBW වීමෙන් තෙන්ඩුල්කාර් දැවී ගිය වග සලකුණු කලත් එය පැහැදිලිවම කඩුල්ලට සැහෙන ඇතින් යන පන්දුවක් වග රූපවාහිනි පුනරුපන යලි සනාථ කරන ලදී. DRS නොතිබූ එකල විනිසුරු වෙත තියුණු බැල්මක් හෙලු තෙන්ඩුල්කාර් ආපසු හැරී ගියේ තරමක කේන්තියෙනි. තම මුල්ම අන්තර්ජාතික විනිශ්චය කළු පැල්ලමකින් අරැබූ කුමා ධර්මසේන වෙත වටවල දුරකථන ඇමතුමක් ගත්තේ එන මග අතර තුරය.:shocked:
    " මල්ලි මාර පෙෂර් එකක් මැදට ගියහම තියන්නේ - අම්මපා සෙල්ලන් කරන්න ලේසියි.මාර අවුල උනේ...මට මීට පස්සේ මුන් මැච් දෙයිද .....?" කුමාර් ගේ ක්ෂණික ප්‍රතිචාරය එය විය. එහෙව් බාල්දියක් පෙරලා ඇරබි තම අන්තර්ජාතික විනිශ්චය ලොව හොදම විනිසුරු සම්මානය දක්වා රැගෙන යන්නට ධර්මසේන සමත් වන්නේ තමන් තුල වූ උනන්දුව නිසාමය.
    වසරේ පාසල් cricket ක්‍රීඩකයා ලෙස සම්මාන දිනමින් නාලන්දාවෙන් ජාතික කණ්ඩායමට කුමා තිළිණ විය.ඔෆ් කටර් පන්දු යවන්නෙකු සහ අවස්ථානෝචිත පිතිකරුවකු ලෙස කණ්ඩායම සමබර කලේ ධර්මසේනය.පන්දු රැකීමේ වීරයකු වූ කුමා කණ්ඩායම ජය මාවතේ රැගෙන ගියේ වරක් දෙවරක් නොවේ. ඒ නිසාම පිටියේ ඔහුට ඇමතු සුරතල් නාමය "උනන්දුවා" විය. 1996 ලෝක කුසලානය දිනු කණ්ඩායමේ ස්ථිර සාමාජිකයකු වූ කුමා තම සමුගැනීමත් සමගම විනිසුරුවරයෙකු ලෙස එක්වන බව දන්වා සිටියේය.:cool::yes:
    2006 සරා කුසලාන තරගාවලියෙන් තම පළමු පෙළ විනිශ්චය ඇරබු ධර්මසේන 2011 ලෝක කුසලානයෙන් පසු ජගත් විනිසුරු සුපිරි කැදැල්ලට එකතුවනවා. 2012 ICC සම්මාන උළෙලේ වසරේ හොදම විනිසුරු ලෙස ඩේවිඩ් ෂෙපර්ඩ් සාමානයෙන් පිදුම් ලැබීම උනන්දුවාගේ කතාවේ අවසානය නොවේ.ඔහුගේ විනිසුරු දිවියේ උච්චතම අවස්ථාවක් ලෙස 2015 ලෝක කුසලාන අවසන් තරගයේ පිටියේ විනිසුරු භූමිකාව හදුන්වා දිය හැකිය. ඒ සමගම ලෝක කුසලාන අවසන් තරගයක් ක්‍රීඩා කල හා විනිශ්චය කල ලොව එකම පුද්ගලයා ලෙස කුමා ධර්මසේන ඉතිහාසගතවනවා.:):):cool:
    2016 WT20 අවසන් තරගයේදීද කුමා යලි අපිට මුණගැසෙනවා.තම ක්‍රීඩා සමය තුල තමන්ගේ කාර්යය උවමනාවටත් එහා ඉටුකළ කුමා අද දවසේ ජගත් සුපිරි විනිසුරුවරයෙකු ලෙස කිරුළු දරන්නේ උනන්දුව ඇත්නම් නොහැක්කක් නොමැත යන්න යලිත් පසක් කරමිනි.....:yes:
    එදා ඕස්ට්‍රේලියානු විනිසුරු රොඩ් ටකර් මාලන් සැමුවෙල්ස් ක්‍රීඩකයා දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සටහන් කරත් එහි යම් දෝශයක් ඇති බව වික්ශිප්තයක් තිබීම නිසා එය තෙවැනි විනිසුරු වෙත පුනරුපත් කිරීම සඳහා යොමු කිරීමට කුමා පියවර ගන්නවා.. එය එසේ නොවන්නට මෙවර කොදෙව්වන් ලෝක විස්සයි විස්ස ශූරයන් නොවන්නටද ඉඩ තිබුණා..

    :):):)
    අත්‍යන්ත උනන්දුවෙන් ජීවිතයෙ තමා නියළෙන කාර්‍යයෙහි විශිෂ්ඨයෙකු වූ කුමා අද සිය උපන්දිනය සමරනවා.. ආදරණීය කුමා, ඔබට සුභ උපන්දිනයක්:love::love::love:

    13062265_1738388049709849_7856416115350877733_n.jpg


    අනිත් අයටත් බලන්න බම්පියක් දාගෙනම යන්න. :yes::yes::cool::)

    උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.