හෝ ගානා පොකුන -ආශ්වාදජනක නිර්මානයක්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හෝ ගානා පොකුන -ආශ්වාදජනක නිර්මානයක්

    හෝ ගානා පොකුන - සීමා බන්ධන සහිත වුවද ආශ්වාදජනක නිර්මානයක්

    2.jpg



    සොබාදහම පිලිබඳ ලමා කුතුහලය, ඔවුන්ගේ පරිකල්පනීය සිහිනයන් සහ එම සිහිනයන් සාක්ෂාත් කර ගනුවස් වැඩිහිටියන්ගෙන් අපේක්ෂා කරන සහයෝගය පිලිබඳ නව සෞන්දර්යාත්මක ආලෝකයක් විහිදුවන, ඉන්දික ෆර්ඩිනැන්ඩු ගේ හෝ ගානා පොකුන, ආශ්වාදජනක සිනමා කෘතියකි.

    ඇමරිකාව, චීනය, ඉන්දියාව වැනි රටවල් කිහිපයක පැවති ජාත්‍යන්තර සිනමා උලෙල වලදී සම්මානයට පාත‍්‍රව ඇති මෙම කෘතිය, දිගු කලක් පුරා ශී‍්‍ර ලංකාවේ නොකඩවා තිරගතවීම මගින් පිලිබිඹු කෙරෙන්නේ ලමයින් මෙන්ම වැඩිහිටියන්ද එයින් මහඟු ආශ්වාදයක් ලැබූ බවයි.

    කතා සාරය

    අතිශය දුෂ්කර ගම්මානයක පිහිටි පාසැලකට තම මුල් පත්වීම ලබන ගුරුවරියක වන උමා (අනසුයා සුබසිංහ) සිය පාසලේ මුල්ගුරුවරයාගේ මෙන්ම ගම්මුන්ගේ ආචීර්න කල්පික මතවාදයන්ට එරෙහිව සටන් කරමින් කුඩා පාසැල් දරුවන්ගේ අපේක්ෂාවන් සාක්ෂාත් කර දීමට දරන ප‍්‍රයත්නයේදී සිසුන් අතර සාධනාත්මක ජනපි‍්‍රය ගුරුවරියක ලෙස සම්මානයට පාත‍්‍ර වන්නීය.

    සම්ප‍්‍රදායික පීඩිත ගොවිකම් හැරුනු කොට ගම්බද සිසුන්ට උරුමවූ වෙනත් දිවි පෙවෙතක් නැතැයි යනාදී වූ මතවාදයන් අභියෝගයට ලක් කිරීමට ඇය කි‍්‍රයා කරන්නීය.

    සිසුන්ට අකැප තැනක් ලෙස පැවති පාසැල් සංගීත කාමරය ඔවුනගේ පි‍්‍රයතම ස්ථානයක් බවට පත් කරන ඇය සිසුන්ට සිය අදහස් ප‍්‍රකාශ කිරීමට ඉඩ සලසා දීම සඳහා දිනපතා උදෑසන රැස්වීමක් සංවිධානය කරන්නීය.

    එවන් අදහස් ප‍්‍රකාශ කිරීමක ප‍්‍රතිඵලයක් ලෙස සිසුන් අතර මුහුද පිලිබඳ සාකච්ඡාවක් පැන නගී. පින්තූරයකින් හෝ මුහුද දැක නොතිබූ දරුවන් හට මුහුද පිලිබඳව නැගෙන කුතුහලය නිසා ඔවුනට මුහුද පෙන්වීම ඇයගේ එල්ලයක් බවට පත්වේ.
    අනතුරුව චිත‍්‍රපටය ගලා යන්නේ එම එල්ලය ජයගනුවස් ඇය සහ දරුවන් දරන ආයාසකර ප‍්‍රයත්නය සහ අවසානයේදී ඔවුන් ජය ගන්නා ආකාරය පිලිබිඹු කෙරෙන රූපරාමු පෙලක් ලෙසිනි.

    ලමුන් කෙරෙහි දක්වන සානුකම්පිකභාවය

    ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී-විප්ලවවාදියෙකු වන ලියොන් ට්‍රොට්ස්කි, තම ස්වයං-චරිතාපදානය වන ‘මගේ ජීවිතය’ කෘතියේ මෙසේ සඳහන් කරයි: ‘ජීවිතය විසින් බැට දෙනු ලබන්නේ දුබලයාට ය. ලමයෙකුට වඩා දුබල වන්නේ කවරෙකුද ?’
    ලමයින් දුබල වන්නේ ඔවුනට සෑම විටම කවරෙකු මත හෝ යැපෙන්නට සිදු වෙන බැවිනි. මෙම පරාධීනභාවය නැතහොත් දුබලබව සම්බන්ධයෙන් හෝ ගානා පොකුනේ අධ්‍යක්ෂවරයා දක්වන සානුකම්පිකත්වය ඔහුගේ කලාත්මක සංවේදීභාවය පිලිබිඹු කරයි.

    දරුවන් වැඩිහිටියන්ගෙන් අපේක්ෂා කරන ආදරය, කරුනාව, පරිකල්පනයේ නිදහස සහ අසීමිත සහාය ඉතා ආකර්ෂනීය සිද්ධි මාලාවකින් ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂවරයා සමත් වෙයි.
    චිත‍්‍රපටයෙන් පිලිබිඹු වන පරිදි ආන්තික ගුරු හිඟය හේතුවෙන් විෂයබද්ධ අධ්‍යාපනයෙන් වියෝ කොට ඇති එම පාසැල් දරුවන්ට පාසැලේ දී නියැලීමට සිදුව ඇත්තේ වගා කටයුතුවල පමනි. පාසැලට පැමිනෙන නවක ගුරුවරිය වන උමාට එය පාසැලක් ද යන්න පවා හඳුනා ගැනීමට නොහැකි වෙයි.

    උමා පියානෝව වාදනය කරමින්

    hopo-21a-img1.gif


    පාසැල් සංගීත කාමරයෙන් නැගෙන පියානෝවේ හඬ ගම්මානය සිසාරා යත්ම අපූර්වත්වයෙන් යුත් එම හඬට දරුවන් ඇදී යයි. සරපුවරුව මත චලනය වන ගුරුවරියගේ ඇඟිලි තුඩුවල චමත්කාරයෙන් ද, ඇගේ මධුර ගායන විලාසයෙන් ද පියානෝවෙන් මතුවන කර්න රසායන ස්වරයේ සුන්දරත්වයෙන් ද දරුවෝ වශීකෘත වෙති. එහෙත් එය තමන්ට අකැප දෙයක් යයි සිතන දරුවෝ අසරනභාවයකින් යුත් බයාදු ගතියකින් දුරස්ථව සිටිති. පේ‍්‍රක්ෂකයා තුල එම දරුවන් කෙරෙහි ඇති වන්නේ බලගතු සානුකම්පිකත්වයකි.

    ලමා චින්තනයේ නැවුම්බව

    ගමේ බස් රියැදුරා (ජයලත් මනෝරත්න) චාරිකාව සඳහා එකඟ කර ගැනීමෙන් අනතුරුව, රියැදුරු බලපත් ලබාදීම සඳහා දරුවන් විසින් ඔහුට මාර්ග සංඥා උගන්වන දර්ශනයෙන් ලමා චින්තනයේ ඇති නවමු සහ අව්‍යාජ ස්වභාවය ෆර්ඩිනැන්ඩු විසින් ඉදිරිපත් කරන්නේ සිත් කා වදින අයුරෙනි.

    චිත්‍රපටයේ එන ගමේ බස් රියැදුරා හට දරුවන් විසින් මාර්ග සංඥා පාඩම උගන්වමින්

    hopo-21a-img2.gif


    දරුවන්ගේ දඬුවම් වලට රියැදුරා අහිංසකව යටත් වීම මගින් ලමා මෙන්ම වැඩිහිටි පේ‍්‍රක්ෂකයාට සෞන්දර්යාත්මක අත්දැකීමක් ලබා දෙන අධ්‍යක්ෂවරයා, “දඬුවම” පිලිබඳව සමාජයේ පවතින ආචීර්න කල්පික අර්ථකථනයන්ට අභියෝග කරයි.
    තම අන නොතකා සංගීත කාමරයට වැදීමට මුල්වූ ශිෂ්‍යයාට මුල්ගුරුවරයා (ලූෂන් බුලත්සිංහල) දඬුවම් දෙන ආකාරය හා සංඥා පාඩමේදී ලමුන් විසින් රියදුරා හට දඬුවම් දෙන ආකාරය හාත්පසින්ම වෙනස්ය. එනම් බලය යෙදීම මගින් නොව තමන්ම වරද ඒත්තු ගැනීම මගින් දඬුවමට යටත්වීම විලක්ෂනය කිරීමෙන් නැවුම් ලමා චින්තනයේ ප‍්‍රගාමී බව ඉස්මතු කෙරෙයි.

    ගුරුවරු සහ දරුවන් අතර සබඳතාව

    විශේෂයෙන්ම දරුවන්ගේ සිතැඟි හඳුනන සහ ඒ පිලිබඳ සංවේදී ගුරුවරියක හෝ ගුරුවරයෙකු සහ දරුවන් අතර ඇතිවන සුසංවාදී සබඳතාවක පවත්නා මානුෂීය සුන්දරත්වය මතු කෙරෙමින් ගලා යන රූප රාමු පෙල විචිත‍්‍රය.
    වැඩිහිටි පේ‍්‍රක්ෂකයා තමාගේම ලමා වියට යමින් තම ආදරනීය ගුරුවරයා හෝ ගුරුවරිය පිලිබඳ මතකය මහත් ආහ්ලාදයෙන් ස්පර්ශ කරයි.

    පි‍්‍රයතම ගුරුවරිය වටා දැවටීමෙන්, ඇගේ කාන්තිමත් දෙනෙත් දෙස බලා සිටීමෙන්, ඇගේ මධුර ගායනයට අත්වැල් ඇල්ලීමෙන් සහ, සමහරවිට ඇය කායිකව ස්පර්ශ කිරීමෙන් පවා අති මහත් තෘප්තියක් ලබන දරුවන් පේ‍්‍රක්ෂාගාරයේ සිට, උමා තුලින් තම ගුරුවරිය දකියි. ඒ සමගම තිරයේ නිරූපිත දරුවන් සමග අනන්‍ය වෙයි.

    පවත්නා සමාජ පර්යාය තුල අනේකවිධ සමාජ-ආර්ථික ගැටලු ජාලයක වෙලී පැටලී සිටින ගුරුවරුන් සියලු දෙනාට උමා මෙන් තෘප්තියෙන් සහ උපරිම විභවයෙන් තම භූමිකාව ඉටු කිරීමට නොහැකි වුවද උමාවක වීමේ මානුෂීය පේ‍්‍රක්ෂාව ඔවුන් තුල ජනිත කරයි.

    සාමූහිකත්වය පිලිබඳ සංකල්පය

    දරුවන් සියලු දෙනා එකාවන්ව තම අරමුන ජය ගැනීමට වෙහෙසෙන අතර, අතලොස්සක් දෙනා හැරෙන්නට, ගමේ සියල්ලන්ම පාහේ උමාගේ සහ දරුවන්ගේ ප‍්‍රයත්නයට විවිධ අයුරින් උර දෙයි. සාමාජයීය ගැටලු ජය ගැනීමේදී සාමූහිකත්වය විසින් ඉටු කරන කාර්ය භාරයේ ගැඹුර කෘතිය තුලින් පේ‍්‍රක්ෂකයාට හැඟෙයි, දැනෙයි.

    තමා අත්විඳින ආන්තික පසුගාමිත්වයෙන් තම දරුවන් හෝ විමුක්ත කිරීමට බහුතරයක් ස්තී‍්‍රන් තුල පවත්නා සුවිශේෂී අභිලාශය සෞන්දර්යාත්මකව ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂවරයා සමත් වෙයි.

    උමා සහ දරුවන්ගේ උත්සාහයට අකුල් හෙලන සිය ග‍්‍රාම නිලධාරි සැමියා බිය කිරීමට, ඔහුගේ මියගිය තාත්තා ‘ආරූඪ’ වූ බවක් මවා පාමින්, ආරූඪය වැනි මිථ්‍යා විශ්වාසයන් මෙන්ම පුරුෂාධිපත්‍යය ද ප‍්‍රහසනාත්මකව අභියෝගයට ලක් කෙරෙන අයුරු නාටකීය ය.

    කාව්‍යමය රිද්මය

    සිනමා කෘතියේ චලන වේගය, එහි රූප රාමු සහ සංගීතය සුසංවාදී වෙමින් මවන කාව්‍යමය රිද්මය පේ‍්‍රක්ෂකයා ඇදබැඳ තබා ගැනීමට ඉවහල්වන තවත් ප‍්‍රබල හේතුවකි.

    දිනේෂ් සුබසිංහගේ නැවුම් සංගීතය හා “හෝ ගානා පොකුනේ”, “රෑට පේන කිරි හාවා” හා “හිත පුරාම ඩෙනා නටන” වැනි ගීතයන් මෙහිදී සැලකියයුතු කාර්යයක් ඉටු කරයි. එම සෑම ගීතයකින්ම ලමා පරිකල්පනය පුබුදු කෙරෙන අතරම ගවේෂනාත්මක අභිලාෂයන්ගේ ධාරිතාව පෘථුල කෙරෙයි.

    රෑට පේන කිරි හාවා :D



    ලමාවිය හා ජීවන ප‍්‍රමෝද්‍යය

    ඉහත සඳහන් කල ‘මගේ ජීවිතය’ කෘතියේ ලියොන් ට්‍රොට්ස්කි මෙසේ අසයි: “ලමාවිය ජීවිතයේ පී‍්‍රතිමත්ම කාලය ලෙස හඳුන්වා දෙනු ලැබේ. නමුත් එය සැම විටම සත්‍යයක්ද ?”

    ට්‍රොට්ස්කි එම ප‍්‍රශ්නයට දෙන පිලිතුර වනුයේ, “එනමුත් ආපසු හැරී බැලීමට තරම් උනන්දු වුව හොත් බහුතරයක් දකිනු ඇත්තේ මීට ප‍්‍රතිකූලවූ අඳුරු, කුසගින්නෙන් පිරි හා නිදහස නැති ලමා වියකි” යන්නයි.

    හෝ ගානා පොකුන චිත‍්‍රපටයේ එන ලමයින්ගේ ලමා විය පිලිබඳව කිව හැක්කේද එයමය.

    ඔවුන් ඉගෙනුම ලබන්නේ, නවීන පහසුකම් තබා, අත්‍යවශ්‍ය ගුරුවරුන් පවා නොමැති පාසැලකයි. ඔවුනට චාරිකාවක් යාම පවා ඉතා දුෂ්කර කාර්යයකි. එවන් ඉතා සාමාන්‍ය කර්තව්‍යයක් සාර්ථක වීමෙන් ඔවුන් ලබන බලගතු ප‍්‍රීති ප‍්‍රමෝදයෙන්මත් පෙන්නුම් කෙරෙන්නේ ඔවුනගේ ජීවිතය කෙතරම් අඳුරුද යන්නයි. ඔවුනට එම චාරිකාව දිස් වන්නේ තම අඳුරු දිවි අඹරට පතිත රිදී රේඛාවක් ලෙසිනි.

    ක්ෂුද්‍ර විප්ලව පිලිබඳ සංකල්පය

    කෙසේ නමුත්, ඉහත දැක්වූ වෛෂයික සත්‍යයන් සහ අගය කලහැකි නිර්මානාත්මක කුශලතාවන් තම ප‍්‍රථම සිනමා නිර්මානයෙන්ම ප‍්‍රකට කලද, ෆර්ඩිනැන්ඩු ගේ දෘෂ්ටිවාදාත්මක සීමා බන්ධනයන් කෘතිය තුලින්ම ප‍්‍රකාශයට පත්ව එහි කලාත්මක සත්‍යයට හානි පමුනුවයි.

    මෙම සීමා බන්ධනයන් ඉස්මත්තට පැමිනෙන්නේ උමා සහ ඇගේ පෙම්වතා අතර සම්බන්ධය ගෙනහැර පාන දර්ශන තුලිනි. ‘සමාජ විප්ලවයක්’ සඳහා තමා කැපවන බවක් උමාගේ පෙම්වතා ගේ දෙබස් තුලින් කියැවෙන අතර, ඔහුගේ දේශපාලනයට අභියෝගාත්මක අයුරින්, මහජන සුභ සිද්ධිය සඳහා පවතින ක‍්‍රමය තුලම කල හැකි බොහෝ දෑ ඇතැයි උමාගේ දෙබස් තුලින් කියැවේ.

    උමා තුලින් ප‍්‍රකාශයට පත් වන්නේ අධ්‍යක්ෂවරයාගේම දෘෂ්ටිවාදය බව ෆර්ඩිනැන්ඩු මාධ්‍යයන්ට පල කල අදහස් වලින් පැහැදිලි වෙයි. ඔහු කියා සිටින්නේ මහා විප්ලව මගින් එක රැයෙන් ක‍්‍රමය වෙනස් කරන තෙක් බලා නොසිට, තම තමන් තුල තිබෙන ශක්තිය යොදා කෙරෙන ‘ක්ෂුද්‍ර විප්ලව’ හරහා ලෝකය වෙනස් කිරීමට හැකිය යන්න මෙම චිත‍්‍රපටයෙන් ඔහු ගෙනෙන පනිවිඩය බවයි.

    ෆර්ඩිනැන්ඩු ගේ දේශපාලන අනුබන්ධනය පිලිබඳ දැන ගැනීමට නැතත් ශී‍්‍ර ලංකාවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ලොවපුරා ව්‍යාජ-ව්‍යාජ වාම සංවිධාන විසින් ඔජ වඩවන ඇමරිකානු මහාචාර්යවරයකු වන ඩේවිඩ් හාවි වැන්නන්ගේ මතවාද සමඟ මෙම අදහස් සම්බන්ධිත බව පෙනේ.

    හාවි සිය “නව අධිරාජ්‍යවාදය” කෘතියේ මෙසේ සඳහන් කරයි.

    “මාක්ස්වාදයෙන් සහ කොමියුනිස්ට්වාදයෙන් දිරි ගැන්වුනු වමේ බොහෝ දෙනා අනෙකුත් අරගල බැහැර කර තැබීම සඳහා නිර්ධන පන්ති අරගලය ගැන තනිකර අවධානය යෙදීම මාරක වැරැද්දකි.”

    ෆර්ඩිනැන්ඩුගේ “ක්ෂුද්‍ර විප්ලව” සමාන කල හැක්කේ හාවි ගේ “අනෙකුත් අරගල” වලටය. සමාජයක තනි තනි පුද්ගල කි‍්‍රයාකාරිත්වය සමාජයට හිතකර ක්ෂුද්‍ර විප්ලව ලෙස හසුරුවා ගැනීම මගින් සමාජය තුල විප්ලවීය පරිවර්තනයක් ඇති කල හැකිය යන්න බැඳී ඇත්තේ ආගමික සදාචාරයද ඇතුලු ගොඩිගල් වූ විඤ්ඤානවාදය සමඟය.

    මෙම ක්ෂුද්‍ර විප්ලව න්‍යායයේ බංකොලොත්භාවය ෆර්ඩිනැන්ඩුගේ නිර්මානයෙන්මත් සනාථ වෙයි. එහි එන පාසැල් දරුවන් මුහුද දුටුවද ඔවුන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේදී මුහුන දෙන ගුරු හිඟය සහ ඌන පහසුකම් ආදී අති මූලික ගැටලු තවදුරටත් ඉතිරිව පවතිනවා පමනක් නොව, ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාව මත අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් කි‍්‍රයාත්මක කරන කප්පාදු යටතේ වඩාත් උග‍්‍ර වෙමින් පවතී.

    ශී‍්‍ර ලංකාව වැනි පසුගාමී ධනපති රටක විප්ලවීය පරිවර්තනයක් කල හැක්කේ ගොවීන්ගේ හා දුගීන්ගේ පිටුබලය ලබන කම්කරු පන්තියට යි. සමාජ ප‍්‍රගමනයට බාධාකරමින් මඟ අහුරා සිටින ධනේශ්වර පද්ධතිය පෙරලා දැමීම සඳහා කම්කරු පන්තිය ප‍්‍රමුඛ පීඩිත ජනයා සංවිධානය කිරීමේ භාරදූර කර්තව්‍යය වෙනුවට තනි පුද්ගල කි‍්‍රයාකාරිත්වයන් ඊට ප‍්‍රතිමුඛ කර ඔජ වැඩවීම වනාහි ධනපති ක‍්‍රමයේ රුදුරු සූරා කෑම නිර්බාධිතව කරගෙන යාමට ඉඩ සලසමින් කම්කරු පීඩිත ජනයාගේ විප්ලවවාදී පන්ති විඤ්ඤානය මොට කර ධනපති ක‍්‍රමයේ විය ගසට ගැට ගසන්නාවූ ප‍්‍රතිගාමී කර්තව්‍යයකි.

    ඉහත දෘෂ්ටිවාදාත්මක සීමාබන්ධනයන් තිබියදී පවා හෝ ගානා පොකුන ආස්වාදජනක නිර්මානයක් බවට පත්ව ඇත්තේ ලමුන් පිලිබඳ වෛෂයික සමාජයීය සත්‍යය එයින් සෞන්දර්යාත්මකව පිලිබිඹු වන බැවිනි.




    2.jpg


     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    leaving Marxism and communism aside, this is a highly enjoyable movie to watch. Jayalath Manoratne was top notch as always and the rest of the cast was good as well.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    "ජබුං ගහන පොකුණ" කියල එකක් එයි 18+ ලේබල් එකෙන්. :yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    leaving Marxism and communism aside, this is a highly enjoyable movie to watch. Jayalath Manoratne was top notch as always and the rest of the cast was good as well.

    ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී-විප්ලවවාදියෙකු වන ලියොන් ට්‍රොට්ස්කි, තම ස්වයං-චරිතාපදානය වන ‘මගේ ජීවිතය’ කෘතියේ මෙසේ සඳහන් කරයි

    :ජීවිතය විසින් බැට දෙනු ලබන්නේ දුබලයාට ය. ලමයෙකුට වඩා දුබල වන්නේ කවරෙකුද ?’


    මාක්ස්වාදය යනු යක්ෂයෝ වැසුනු තැනක් නොවේ :rolleyes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    smbawaya wage ekak da ban meka ? :)
    aththama lankawe film nam balanna hithennema na ban :(

    ට්‍රේලර් 2 ක්ම ෂෙයාර් කරා සහෝදරයා අදහසක් ගන්න ලේසියෙන් පුළුවන් එක බැලුවොත් මේක මොන වාගෙද කියලා
    :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට ඔය ෆිල්ම එක මිස් උනා අපරාදයක් උනේ, ඔය ෆිල්ම් එක බලන්ඩ දවස් කීපයක් ට්‍රයි කරා බැරි උනා මොකක්ම හරි උනා,, dvd එනකන් ඉමු,
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    hoda film ekak wage

    ආයෙත් අහලා :D

    මට ඔය ෆිල්ම එක මිස් උනා අපරාදයක් උනේ, ඔය ෆිල්ම් එක බලන්ඩ දවස් කීපයක් ට්‍රයි කරා බැරි උනා මොකක්ම හරි උනා,, dvd එනකන් ඉමු,

    සුහද කොකා මේ 27 එයි ඕක නම් කවදා එයිද මන්දා