දුම්රිය_අනතුරේ_නොදන්නා_පැත්ත

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,110
    4,911
    113
    -In Darkness-
    දුම්රිය_අනතුරේ_නොදන්නා_පැත්ත



    FB එකේ ඉද්දි සීන් එක දැක්කේ. අපි හිතුවට වඩා වෙනස් දෙයක් වගේ වෙලා තියෙන්නේ. කියවලාම බලන්න.


    දෙහිවලදී දුම්රිය අනතුරෙන් මියගිය කාන්තාවන් දෙදෙනාගේ කතාවේ ඇත්ත සිද්ධිය වසන්කර මිඩියාකාරයෝ එයාලගේ පබ්ලිසිටිය ගන්න බොරු කතාවක් ගොතලා ඇති බව ඔයාලා දන්නවාද? 😭.
    ( දැන් කියන්න එපා එතන හිටපු එක්කෙනෙක් මීඩියා වලට කියනවා අපි දැක්කා කියලා. මිඩියා වුනාම කව්ද මුලින් නිව්ස් එක දෙන්නේ කියන එක නෙවෙයි වටින්නේ, කව්ද ඇත්ත කියන්නනේ යන වගයි වටින්නේ )
    අපි වුනත් මුලින් හිතුවේ Handsfree දාගෙන ගිය නිසා කොච්චිය එන සද්දේ ඇහෙන්නේ නැතුවයි මේ accident එක වුනේ කියලා . ලංකාවේ Media විශ්වාස කරන අපිව එල්ලන්න ඕනේ බං මුලින් 😞😌

    මෙන්න මේකයි ඇත්ත. එම තරුණියන් මිය යන විට එම තරුණියන් සමහ ගිය ඔවුන්ගේ හොඳම යහළුවෙකු පැවසූ කතාව.

    ( මේක ඉංග්‍රීසියෙන් එවලා තිබ්බේ. සිංහලට පරිවර්තනය කලේ Bro - බ්රෝ පිටුවේ ඇඩ්මින්. පොඩි පොඩි තැන්වල වැරදි තියන්න පුළුවන්. ඒත් සිංහලෙන්ම කිව්වොත් හොඳටම තේරෙන නිසා පරිවර්ථනට කරලා දාන්න හිතුවා. ඉංග්‍රීසියෙන් ඔහු එවපු එකත් පල්ලෙහායින් දාන්නම්. කොහෙත්ම අහුවෙන්න එපා මේ මාකටින් මීඩියාවලට. බොහෝ වෙලාවල් වලට එයාල දෙන හැම නිව්ස් එකක්ම සත්‍ය නොවේ . උන්ට ඕනේ අම්මා-අප්පා හරි විකුනලා හිට් වෙන news එකක් ගහලා උන්ගේ වෙබ්සයිට්ස් famous කරගන්න. දුකයි බං 😭😭)

    ----------------------------------------------------------------------
    " ඉමේෂි ( මියගිය එක් තරුණියක් ) ඇයගේ පෙම්වතා 'ශාමිකගේ' උපන්දිනය සඳහා ඔහුව පුදුම කරවන්න ඔහුට හොරෙන් උපන්දින සාදයක් ( තේරෙන භාෂාවෙන් කිව්වොත් surprise Birthday Party එකක් ) සංවිධානය කරලා
    ඇය ඔහුගේ පෙම්වතාට දුරකථන ඇමතුමක් අරන් පැවසුවේ, " Jason ඔයාට බර්ත්ඩේ පාටි එකක් arrange කරලා තියනවා ශාමික, ඔයා දෙහිවල මුහුදු පැත්තේ(sea side එකේ) තියන 'Barracuda' place එකට එන්න " කියලා.
    මම ඉමේශිවයි, ශරෝන්වයි, ශාමිකගේ මල්ලිවයි වැල්ලවත්තෙන් කාර් එකට දාගෙන 'Barracuda' place එකට එයාලව එක්කන් ගියා.
    අපි එතනට ගිහින් කාර් එක නවත්වනවා සමගම 'ශාමික' එනවා දැකපු ඉමේශි, " අපි ඉක්මනට අනිත් පැත්තට (Barracuda එක තියන පැත්තට) යමු " කියලා ශරෝන් එක්ක යන්න ලැහැසිති වුනා.
    මන් එයාලට කිව්වා " මං car එක park කරලා එනකම් ඉන්න අපි එකට යමු " කියලා,
    ඒත් එයාලා දෙන්නා මට කිව්වේ " Jason, ඔයා එනවා කියලා 'ශාමික' කොහොමත් දන්නවා, එයා ඔයාව දැක්කට case එකක් නෑ, හැබැයි එයා අපි එනවා කියලා දන්නේ නැහැනේ Jason, ඒ නිසා අපි එහා පැත්තට ගිහිල්ලා ලැහැස්ති වෙලා ඉන්නම් "ශාමික'ව surprise කරන්න " කියලා ඉමේෂියි, ශරොනුයි Car එකෙන් බැස්සා.
    ඒ එක්කම මම එහෙම්ම ගියා කාර් එක park කරන්න. මන් එවෙලේ දැක්කා කෝච්චියක් යනවා. ඒත් මන් කිසි දෙයක් දැනන් හිටියේ නැහැ.
    පස්සේ මම කාර් එකෙන් බැහැලා 'Barracuda' එක පැත්තට ඇවිදන් යද්දී කොච්චිපාර ළඟ 50 දෙනෙක් විතර කෝච්චිය වට කරගෙන ඒ දිහා බලං හිටියා.
    මට තේරුනා කව්‍රුරු හරි හැප්පිලා කියලා.
    මන් එතන හිටපු අයගෙන් ඇහුවා " අනේ දෙවියනේ කෙල්ලෝ දෙන්නෙක්ද හැප්පුනේ ? " කියලා.
    ඒත් කව්රුත් කිසිම දෙයක් කිව්වේ නෑ.
    මන් ආයෙත් කෑගහලා ඇහුවා " ඕයි ගැහැණු දෙන්නෙක්ද හැප්පුනේ ? " කියලා.
    එතකොට එතන හිටපු කෙනෙක් " ඔව් " කියලා කිව්වා.
    මට එකපාරට " තාත්තේ..." කියලා කෑ ගැහිලා ඇස් දෙකෙන් කඳුළු වැක් කෙරෙන්න ගත්තා.
    ඒ ගමන්ම මං දැක්කා 'ශාමික' පාරෙ මං ඉන්න දිහාවට විරුද්ධ පැත්තෙන් ඇවිදන් යනවා.
    මන් ශාමිකට කතා කරලා කිව්වා "ඒ හැප්පිලා ඉන්නේ ඉමේෂියි, ශරෝනුයිද කියලා බලපං " කියලා.
    ශාමික කෑ ගහපු හැටියට මට තේරුනා ඒ හැප්පිලා තියෙන්නේ එයාලා දෙන්නා කියලා.
    ඉමේශිගේ ඇඟේ කෑලි හොයාගන්න බැරිවුනා. ශරෝන්ට නම් ලොකුවට හානියක් වෙලා තිබ්බේ නැහැ.
    මම එතන හිටපු අයට ඇහුවා " මං ළඟ කාර් එකක් තියනවා, මෙයාලව දාගෙන අපි හොස්පිටල් අරන් යමුද ? " කියලා.
    එතකොට එතන හිටිය අයියා කෙනෙක් " මල්ලි දෙන්නම ඉවරයි " කියලා කිව්වා.
    මට එතනම වමනේ ගියා. 'ඉමේශිගේ' පෙම්වතා 'ශාමිකත් එතනම වමනේ දැම්මා.
    මෙව්වා සිදුවෙද්දී ශාමික එනකං surprise Birthday Party එක දෙන්න බලං හිටපු ශාමිකගේ යාලුවෝ ටිකයි ඉමේශිගේ යහළුවෝ ටිකයි දුවගෙන එනවා මන් දැක්කා.
    ඇත්තටම අදහගන්න බැරි දෙයක් සිද්ද වුනේ. අපේ තාත්තා ඇවිත් මාව එතනින් අරන් ගියා.
    මන් තාම නිදාගත්තේ නැහැ. මට හිතා ගන්න බැහැ එතන වුනදේ "

    ------------------------------------------------------------------------
    කෙල්ලෝ දෙන්නා හදිස්සියේ දිව්වේ එක කෙල්ලෙක්ගේ පෙම්වතා එනවා දැකලා , එයාලව ඔහු දකින්න කලින් යන්න ඕන නිසා ( නැත්තන් surprise Birthday පාටියක් වෙන්නේ නැහැනේ එයාලව දැක්කොත් ) " කියලා සිංහලෙන් දාලා තියෙද්දිත් සමහරු අහනවා මෙතන හැන්ඩ්ස්ෆ්‍රී දාගෙන ගිහින් නෑ කියලා කොහෙත්ම සඳහන් වෙලා නැහැ නේ කියලා🙈😏 දැන් සිංහල උගන්වන්න වෙලා.
    මිඩියා එකේ හැන්ඩ්ස්ෆ්‍රී දාගෙන ගියපු නිසා මෙ දුම්රිය අනතුරුවුනා කියලා ඔයාලා දැනගත්තා මිසක් ඇස් දෙකෙන් දැක්කේ නැහැනේ බං ? 😏
    දැන් ඒ කෙල්ලගේ යාලුවා එව්වෙ " මීඩියා වල දාලා තියන එව්වා බොරු , මේකයි ඇත්ත. මිනිස්සුන්ට පුලුවන් නම් ඇත්ත පහදලා දෙන්න. බොරුවට ඒ කෙල්ලෝ දෙන්නට ශාප කරන්න නැතුව " කියලා.
    තව දෙයක් කියන්න ඕනේ. පාටි එකේ සිහිය නිසා කෙල්ලෝ දෙන්නට කෝච්චිය එන සද්දේ ඇහිලා නැතිවෙන්න පුළුවන්. ඒත් මුහුදු-බඩ දුම්රිය මාර්ග තියන ප්‍රදේශ වල නිතර ගැවසෙන අය දන්නවා සමහර කොච්චි යද්දී සිරාවටම ලඟට එනකන්ම සද්දේ ඇහෙන්නේ නැහැ. මට නම් ඒ වගේ අවස්ථා සෑහෙන්න වෙලා තියනවා.
    😞 ප්ලීස් ඔය රැල්ලට යන එක නතර කරහං බං. පාන්දර 1.30 වෙනකං ඇහැරන් ඉඳලා මෙහෙම පෝස්ට් එකක් දාන්නේ මනුස්සකම අදුනන නිසා. අනේ මන්ඳා බං මේ සමාජය නම්. කළකිරෙනවා සිරාවටම 😞

    -------------------------------------------------------------------

    Imeshi.planned a surprise party for Shamika her guy my class mate and we got Shamika to come there saying its jasons surprise birthday party and he came there.
    I picked imeshi Sharon and Shamikas brother in my car from wellawatte and i went to barracuda and they were like Shamika is coming we'll jump quick and i said wait for me I will come with you guys and they were like no no you come dont worry even if he sees you no problem because he knows that your coming nuh I said wait go with me and she was like " api yannam oya enne" den imeshi and Sharon got down and closed the doors. And i went infront to park the car and i saw a train going.. But i didnt know anything. Den I got down went towards barracuda and there were about 50 people looking at the train and then i asked Omg gaanu dennek da? And they didnt reply and i asked dem again "ganu dennek da oi kiyapan" and one guy said yes and i shouted "daddy" and i cried and i called Shamika who was walking towards the opposite side and got him to check and he shouted and i knew it was them the way he shouted. Imeshi body is nothing. Sharons body was ok. So i asked them I have a car we'll take her and go and one guy said Malli dennama iwarai den I vomited I couldn't take it and Shamika vomited and the other friends who were waiting for Shamika came running outside 😰 it was a blody mess and i got daddy there and thats it... I couldn't sleep I am still in shock

    ---------------------------------------------------------------------------------------------------

    මේ කියලා තියෙන ඒවා ඇත්ත නම් දෙන්නාගේ වෙලාව තමා බං. කෙල්ලෝ කොහොමත් ආසයි ඔය සර්ප්‍රයිස් පාර්ටි අනන් මනන් දෙන්න :(:( මොනවා කරන්න්ද කරුමේ තමා. කොල්ලාට මොනවා හිතෙන්න ඇද්ද? :(
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,827
    45,926
    113
    මට එතනම වමනේ යන්න ආවත් මන් මාව පාලනය කරගත්ත, හැබැයි 'ඉමේශිගේ' පෙම්වතා 'ශාමික' එතනම වමනේ දැම්මා. ( දුක පාලනය කරගන්න බැරිව )


    දුකට වමනේ යනවද බං?:oo:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කර්මය පළ දෙන විදිය අපට හිතාගන් න බැ....
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    media nam boru reddawal ban.... mona unath paw wade...

    habai poddak balala paninna thibbe....

    marena wela nam... mona kalath berenne na
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් ඔය Bro - බ්රෝ පිටුවේ ඇඩ්මින් කියන එකා නේද චාටර් උනේ ලගදි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය වයසේ කෙල්ලෙක් කෝච්චිය එනව දැක දැකම කෝච්චියට කලින් එහාපැත්තට යන්න කියල පනින්න තරන් ගටක් තියෙයි කියල හිතන්න බෑ. පාටි එකේ සිහියෙන් මොකක් හරි හිත හිත වෙන සිහියකින් ඉන්න ඇත්තේ, කෝච්චිය එන සද්දේ ඇහෙන්න නැතුව ඇති. පව් ඉතිං වෙලාව තමයි :sorry:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඔය වයසේ කෙල්ලෙක් කෝච්චිය එනව දැක දැකම කෝච්චියට කලින් එහාපැත්තට යන්න කියල පනින්න තරන් ගටක් තියෙයි කියල හිතන්න බෑ. පාටි එකේ සිහියෙන් මොකක් හරි හිත හිත වෙන සිහියකින් ඉන්න ඇත්තේ, කෝච්චිය එන සද්දේ ඇහෙන්න නැතුව ඇති. පව් ඉතිං වෙලාව තමයි :sorry:

    අනිවා වෙන කල්පනාවකින් තමයි.
    වෙලාව තමයි.:(:(:(
     
    • Like
    Reactions: Sunil dinawamu

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,911
    113
    -In Darkness-

    දුකට වමනේ යනවද බං?
    :oo:

    shock එකට, Pain එකට තමා මචං වමනේ යන්නේ. ඒක මොළෙන් සිද්ධවෙන ක්‍රියාවක්, ඒකට එක එක හේතු බලපානවා. ඒ කෙනා ඉන්න මානසික මට්ටම, ටොලරන්ස් එහෙම
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,911
    113
    -In Darkness-
    Didn't you see cctv footage

    දැක්කා මචං. කෝච්චියක් එද්දි දෙදරණ විදියට එහෙම ලොවෙත් මීටර් වෙනවා. වෙන සිහියකින් ගිහින් තියෙන්නේ. අනික බං දෙන්නාගෙන එක්කෙනෙක් හරි දකින්න ඕනේ කෝච්චිය. දෙන්නම එකම විදියට අවසිහියෙන් ඉන්න මොන චාන්ස් එකක්ද තියෙන්නේ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මොනවා උනත් අපරාදේ තරුණ ජීවිත දෙකක් රටට නැති උනා.. දෙමව්පියොන්ට මොන තරම් වේදනාවක් ඇත්ද? දෙමව්පියොන්ගෙත් වැරදි තියෙනවා මෙතන.. පොෂ් වෙන්න තරුණ ගෑනු ලමයි මෙහෙම තනියම රෑ ජාමේ එලියට යවන එක. දරුවෝ ඉන්න දෙමව්පියෝ මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම කොල්ලෝ කෙල්ලෝත් මොන දේ කරත් හැම වෙලාවකම තමන්ගේ ජීවිතේ ගැන හැම දෙයකටම වඩා හිතන්න ඕන.. එක විනාඩි 5ක් පරක්කු උනාට මුකුත් වෙන්නේ නෑ.. ඉක්මන්කම කොටයි හැම වෙලාවකම.. ඒ නිසා දෙයක් කරන්න කලින් දෙපාරක් හිතපල්ලා.. දෙයක් උනාට පස්සේ කිසිම දෙයක් කරන්න ඉතිරි වෙන්නේ නෑ. පාරක් පනිද්දි උනත් හොදට දෙපැත්ත බලලා වාහන නැත්නම් විතරක් පැනපල්ලා. නැත්නම් අපරාදේ ජීවිත :no:
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    පැණිපයියා චාටර් ගතිය මකාගන්න හෙලුප් ප්ලී

    පැණිපයියා මහතා මේකට ගෑවෙන්නේ කොහොමද ? සමහර විට පහුගිය ටිකේ වෙච්ච චාටර් ගතිය මකාගන්න මානුසික මූණ පෙන්නල ලකුණු ටිකක් දාගෙන සෙට් එක්ක එකතුවෙල mediaවලට againstකෑගහල එහෙම ? :lol::lol::lol: