ගම්මිරිස් වගා කළොත් ලක්‍ෂපතියෙක්
කුරුඳුවත්ත - ජගත් ජනප්‍රිය
අද වන විට අප රජය මගින් සුළු අපනයන භෝග ගොවීන් සඳහා කොපමණ ආධාර උපදෙස් දුන්නත් තම ඉඩම් කැලේට යවා නගරයට පැමිණ ගම්මිරිස් කරාබු එනසාල් ගැනීමට පුරුදුවී සිටිනවා. රැකියා නැහැ කියලා උද්ඝෝෂණ කරනවා. ටිකක් සිතන්න ගම්මිරිස් වැල් 100 ක් වගාකර වසර තුනකින් රුපියල් ලක්‍ෂ 4 ක් ගන්න පුළුවන්. එම නිසා තරුණ තරුණියන් මෙයට උනන්දුවක් දැක්‌වුවොත් කාටවත් අතනොපා ජීවත් වීමට හැකි වෙනවා යෑයි ගඟඉහළ කෝරළේ සුළු අපනයන භෝග ව්‍යාපෘති නිලධාරී ඩී. ජී. මොහොට්‌ටි මහතා පැවැසීය.
ඒ මහතා එසේ පැවැසුවේ ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 31 ගොවි ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් ගඟඉහළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති අවස්‌ථාවේදීය.
ගම්මිරිස් වගාව සඳහා 60% ට අඩු බැවුම් සහිත ඉඩම් සුදුසුයි. ඉඩම සුද්දකර කට්‌ටි කාණු කපා අඩි 8 න් 8 ට ආධාර කණු ගිනිසීරියා සිටුවාගත යුතුයි. මෙම ආධාර කණු උස අඩි 7 ක් වට පළල අඟල් 3 ක් තිබිය යුතුයි. වළවල් අඩි 3 ක් යට හා අඩි 2-1/2 පළල වළක් කපා එහි එක කොණක අඩි 1/1 යටට වළක් කපා එහි ආධාරක කණුව සිටුවිය යුතුයි. වළවල් කපා පළමුව පොල් ලෙලි දමා පසුව ලුණු කැට ටිකක් දමන්න. එයට පසු මතුපිට පස් කොම්පෝස්‌ට් කාබනික පොහොර, ඩොලමයිට් දමා වළ සම්පූර්ණව පිරවිය යුතුයි. එයට පසු මාස 3 කට පසු පැළ සිටුවිය යුතුයි. පැළ සිටුවීමේදී කණුව අසලම පැළ සිටුවා කණුවට වැලතබා බැඳිය යුතුයි. එය නිතරම සොයා බලමින් කළේ නැතිනම් වැල වැඩීම අඩුවීමට ඉඩ තිබෙනවා.
අප පළමුව හොඳට බැලිය යුතුයි හොඳ ගම්මිරිස් පැළ, ඒවාට අප ආයතනය ලියාපදිංචි තවාන්කරුවන් සිටිනවා. එම අයගෙන් අප ආධාර යටතේ පැළ සිටුවන අයට ලබාදීමට කටයුතු කරනවා. පැළ සිටුවා මාස 6 කට වරක් පොහොර දැමිය යුතුයි. නැතිනම් පැළ වැඩීම බාල වෙනවා. වසරකට තුන් වතාවක් ආධාරක කණුවේ අතු කැපිය යුතුයි. අක්‌කරයකට පැළ 680 කි. එමනිසා මෙය හොඳින් තමන්ගේ කියලා කරන කෙනකුට වසර දෙකක් තුනක් යනවිට ලක්‍ෂපතියකු විය හැකිය.
මෙම අවස්‌ථාවට ගඟඉහළ කෝරළේ සුළු අපනයන භෝග සංවර්ධන නිලධාරි එස්. වෙත්තසිංහ හා පී. හේමමාලි මහත්මියද සහභාගි විය.
http://www.divaina.com/2016/04/27/provin05.html