ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 01.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 01.

    ඉලක්ක තබාගැනීම (Goal Setting) කියන්නේ ඕනෑම එකෙක්ට කරන්න පුළුවන් දෙයක්. නමුත් ඉලක්ක සාර්ථක කරගැනීම (Achieving Goals) කියන්නේ කලාවක්. ඒක ප්‍රගුණ කරපං.

    අලුත් අවුරුද්දක් පටන් ගන්නකොට හැමෝම වගේ ඒ අවුරුද්දේ සාර්ථක කරගන්න බලාපොරොත්තු වන ඉලක්ක තබාගන්නවා නමුත් 95% දෙනාගේ ඒ ඉලක්ක අවුරුද්ද අවසානය වෙනකොට නිකම්ම නිකම් කොළ කැල්ලක් බවට පත්වෙනවා. මේකට ප්‍රධාන හේතුවක් ලෙස ඉලක්ක තබාගැනීමේ අඩුපාඩුත් ඉලක්ක ජය ගැනීමේ කලාව ප්‍රගුණ නොකිරීමත් පෙන්වන්න පුළුවන්. හැමවෙලේම ඉලක්ක තියාගන්නකොට SMART ඉලක්ක තියාගන්න ඕන. මොකක්ද මේ SMART Goals කියන්නේ?
    S - Specific (නිශ්චිත ඉලක්කයක් විය යුතුයි)
    M - Measurable (එය මැනීමට හැකි විය යුතුයි)
    A - Attainable (එය තාත්වික හෙවත් අත්පත් කරගත හැකි විය යුතුයි)
    R - Relevant (එය ඔබට අදාළ විය යුතුයි)
    T - Timely (එය කාල රාමුවකට යටත් විය යුතුයි)

    මෙහෙම තියාගත්ත ස්මාර්ට් ගෝල් එක සපුරන්න ඔබ සතුව STP තියෙන්න ඕනේ. මොකක්ක්ද මේ STP?

    S – Strategy (ක්‍රමවේදයක් තියෙන්න ඕන)
    T – Tactic (උපාය උපක්‍රම තියෙන්න ඕන)
    P – Process (ක්‍රියාවලියක් තියෙන්න ඕන)

    ත්රුම් ගන්න මම උදාහරණයක් කියන්නම්. මගේ රුපලාවන්‍ය ව්‍යාපාරයේදී මගේ ඉලක්කයක් වුනා වසරක් තුල ලක්ෂ 5ක් දක්වා ව්‍යාපාරයේ ප්‍රාග්ධනය වැඩි කරන්න. මේක අර කලින් කිව්ව් ජාතියේ SMART ඉලක්කයක් දැන් මේකට මගේ ස්ට්‍රැටජී එක වුනේ සැලුන් වලට එන ක්ලයන්ට්ලා මගේ ලඟට ගෙන්න ගන්න (හේතුව සැලුන් වලට එන අය මගේ ව්‍යාපාරය තුල අලෙවි කරන භාණ්ඩ සඳහා කැමැත්තක් දක්වනවා. මම අටපිරිකර කඩ වලට එන අය ගෙන්නන්න හැදුවනම් වැඩේ දෙල් වෙනවා. මොකද ඒ අය මේ ගැන දක්වන උනන්දුව සාපේක්ෂව අඩුයි)
    මොකක්ද ටැක්ටික් එක? ටැක්ටික් එක වුනේ සැලුන් වලදී ෆෙෂල් එකක් හෝ වෙනත් සර්විස් එකක් ගන්න කෙනෙක්ට හෝ ලොයල් කස්ටමර් කෙනෙක්ට මගේ ව්‍යාපාරයේ ඩිස්කවුන්ට් කාඩ් එකක් දීම)
    ප්‍රොසෙස් එක මම මාසයකට සැලුන් 10ක් සමග මේ වගේ ඩිල් එකක් ගහන එක.. මම හිතන්නේ දැන් වැඩේ තේරෙන්න ඇති.
    මේ මම සඳහන් කලේ ගෝල් සෙටින්ග් වල ප්‍රාතමිකම මුලිකම කොටස. තව සැහෙන්න දේවල් තියනවා මේ ගැන කියන්න.
    ඊළඟට අපි මේ වගේ තවත් වැදගත් දෙයක් සමගින් හමුවෙමු.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන් මටත් ජොබ් කරලා ඇති වෙලා තියෙන්නේ....

    මම දැන් ඉන්නේ පිටරට, තව අවුරුද්දකින් මම ලංකාවට එනවා...

    ඇවිත් ජොබ් කරන්න නම් අදහසක් නෑ... පොඩියට බිස්නස් එකක් කරන්නයි හිතන් ඉන්නේ...

    මචන් දුර පලාත් වලින් කහ,මිරිස්,ගම්මිරිස් වගේ ඒවා ගෙනල්ලා කුඩු කරලා ගෙදර ඉස්සරහම පොඩි කඩ කෑල්ලක් දාලා විකුනන්න අයිඩියා එකක් තියනවා. ඒ කඩේම කොමිනිකේශන් එකක් වගේ කරගෙනයන්නත් පුලුවන් පරිගනක වැඩ දන්න නිසා..

    තව මෙහේ දැකපු බංගලි කෑමක් තියනවා ඒක හදලා බෝතල් කරලා කඩ, සුපර්මාර්කට් වලට දාන්න අයිඩියා එකක් තියනවා...

    මේ ගැන උබට හිතෙන දෙයක් කියපන්කෝ... ලොකු පිනක් බන්
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් මටත් ජොබ් කරලා ඇති වෙලා තියෙන්නේ....

    මම දැන් ඉන්නේ පිටරට, තව අවුරුද්දකින් මම ලංකාවට එනවා...

    ඇවිත් ජොබ් කරන්න නම් අදහසක් නෑ... පොඩියට බිස්නස් එකක් කරන්නයි හිතන් ඉන්නේ...

    මචන් දුර පලාත් වලින් කහ,මිරිස්,ගම්මිරිස් වගේ ඒවා ගෙනල්ලා කුඩු කරලා ගෙදර ඉස්සරහම පොඩි කඩ කෑල්ලක් දාලා විකුනන්න අයිඩියා එකක් තියනවා. ඒ කඩේම කොමිනිකේශන් එකක් වගේ කරගෙනයන්නත් පුලුවන් පරිගනක වැඩ දන්න නිසා..

    තව මෙහේ දැකපු බංගලි කෑමක් තියනවා ඒක හදලා බෝතල් කරලා කඩ, සුපර්මාර්කට් වලට දාන්න අයිඩියා එකක් තියනවා...

    මේ ගැන උබට හිතෙන දෙයක් කියපන්කෝ... ලොකු පිනක් බන්

    උඹලාගේ ගේ තියන්නේ ටවුන් එකකද? උඹේ පලවෙනි අදහස් දෙක බිස්නස් අයිඩියා දෙකක් තුන්වෙනි එක තමයි ව්‍යවසායකයෙක් වෙන අදහස (මට දැනට පෙන විදිහ) උඹ ආවට පස්සේ මට කියපන් මම උදව් කරන්නම්.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    බම්ප්.
    එල වැඩක් මචන්

    සැහෙන්න වැදගත් මචන්..

    elaz rep+




    බුමප්



    ස්තුතියි රාලේ~ +5

    නියමයි මචන්..

    tfs bro
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.



    හැමෝටම ස්තුතියි මචන්ලා :yes::yes::cool:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    Jaya wewa Japura campus Eken oya wage course ekak yanawa poddak hoyala Balanna Jaya wewaaaaaaa
    Thank you....