රනිල් රට හදයිද ..විනාස කරයිද ..?
ලංකාව කියන්නේ සංවර්ධනය වෙන රටක්නේ..එක අපි ඉස්කෝලේ යනකාලේ ඉදන්ම එහෙමනේ ..
...ඉතින් අපි හැමදාමත් කලේ අපේ අතීතයේ රජවරුන්ගේ වැඩ ගැන පුරසාරම් කියවන එක විතරයි.ඒ කාලයේ හදපු වැව් එහෙම දැන් ඉන්න අයට හදන්නවත් බෑ විදේශ සහය නැතිව .එකෙන්ම තේරෙනවනේ අපේ තත්වය ..ඉතින් ලංකාව ඉන්නේ ඇත්තටම බොහොම පහල තැනක ..එදා ඉදන්ම නිල් - කොළ පක්ෂ වලට බලය මාරු උනාට රට දියුණු උනේ නෑ ..සිරිමාවෝ බණ්ඩාරනායක දේශීය ස්වයන්පොෂිත ආර්ථික ක්‍රමයක් හදන්න ගියා .නමුත් එක කරන්න හදපු වැඩපිළිවෙල අසාර්ථකයි ..එකෙන් උනේ අන්තිමට රටේ මිනිසුන්ට කන්න නැති උන එක ..මේ නිසා UNP ආණ්ඩුව බලයට ඇවිල්ලා විවෘත ආර්ථිකය හදුන්වලා දුන්නා..අදටත් අපි මේ තැනට දියුණු උනේ ඒ නිසා ..අද අපිත් යම් තරමකට ලෝකයා එක්ක සම්බන්ධ වෙන්නේ ඒ නිසා...ඉතින් වර්තමානයේ මහින්ද යුගය අවසාන කරලා රනිල් බලයට ඇවිල්ලා තියෙනවා ...කියපු කතා නම් බොහොමයි ...ඒවා දැන් කතා කරලා වැඩක් නෑ ...මම මේ කියන්න ආවේ රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය සහ අපේ අනාගතය ගැන මට දැනෙන විධිහ ...
අපේ රට තාක්ෂනය අතින් බොහොම පහල තැනක ඉන්නේ .අපේ රටේ විද්වතුන් කියන අය පොතේ දැනුම අනුව එක එක පණ්ඩිත කතා කියවනවා ඇරෙන්න ලංකාවට අලුත් දෙයක් , තාක්ෂණය ලබා ගන්න වැඩ කරන්නේ නෑ .ඉතාම සුළුතරයක් එහෙම කරයි ...ඉතින් අපේ රටේ ස්භාවික සම්පත් , ශ්‍රමය තිබුනට තාක්ෂණය , ප්‍රාග්ධනය නෑ ..මේ ප්‍රශ්නෙම හැමෝම කරන්නේ විදේශ ව්‍යාපෘති ලංකාවට ගෙන එක .මොකද එතකොට එයාලගේ තාක්ෂණය අපිට ලැබෙන නිසා .නමුත් එයාලගේ තාක්ෂනය අපිට ලැබුනට එක තේරුම ගන්න තරම් අපේ මහා විද්වතුන් , ඉංජිනේරුවන්ට හැකියාව නෑ ( නොරොච්චෝලේ බලාගාරය හොදම උදාහරණය )...ඉතින් අපිට මොන තරම් විදේශ ව්‍යාපෘති එක්ක තාක්ෂනය ලැබුනත් එක ඉගෙන ගන්න හැකියාව බොහොමත් අඩුයි ..එක අපේ දුර්වලකමක්...ඉතින් දැන් රනිල් මොකද මේ කරන්නේ ..ලංකාව තනිකරම ණය වලින් දුවන රටක් .අපේ අදායම අඩුයි...අපිට තාක්ෂනය නෑ , ප්‍රග්ධනයත් නෑ ...එහෙනම් අපිට අකමැත්තෙන් උනත් විදේශ ව්‍යපෘති ඕනි වෙනවා ..ඒ කියන්නේ විදේශ සෘජු ආයෝජන..සින්ගපුරුව තනිකරම විදේශ සෘජු ආයෝජනා මත දියුණු උන රටක් . .මේ සෘජු ආයෝජන නිසා අපිට තාක්ෂණයත් , ප්‍රග්ධනයත් දෙකම ලැබෙනවා.ඉතින් මේක මහින්දත් කලානේ ..ඔව් කළා ..එත් චීනය එක්ක විතරයි ..මහින්ද යුගයේ යුද්ධය අවසන් කලාට පස්සේ 2008-2015 කාලය තුල කරපු දේවල් නිසා ලංකාවට බාධක වැටුන..ලෝකය හමුවේ කොන් උනා.( මහින්ද නිසා අපිට ජාත්‍යන්තරය හමුවේ උන පාඩු වෙනම කියන්නම් )..මහින්දට චීනය විතරයි සෙට් උනේ( එක චීනයේ උපක්‍රමශීලි පියවරක් ) ...කෙසේ හෝ දැන් යහපාලනය ඇවිල්ලා තියෙනවා .යහපාලනය කියන එක අපේ ගොඩක් යට හුදෙක් නමක් විතරයි ..එත් ලෝකයේන් අපිට ආපු ගොඩක් බාධක ඉවත් වෙනවා යහපාලනය ( good governance ) නිසා ..උදා : GSP + එකට කෙලින්ම බලන්නේ යහපාලනය , මානව හිමිකම් ...දැන් මේකත් අපිට ලැබෙනවා ඉදිරියේදී ..
ඉතින් අපේ රට දියුණු කරන්න නම් අනිවාර්යෙන් අපිට තාක්ෂනය සහ ප්‍රාග්ධනය ඕනි...එක ලබා ගන්න හොදම ක්‍රමය තමයි විදේශ සෘජු ආයෝජන වලට ඉඩ දෙන එක.මෙතැනදී අපේ රටේ ව්‍යවසායකය ආරක්ෂා වෙන විධිහට මේක සිද්ධ වෙන්න ඕනි.ඉතින් මම පෞද්ගලිකව හිතනවා රනිල්ගේ මේ දැක්ම සාර්ථක ක්‍රමයක් කියලා.මෙතනදි ආයෝජකයෙක් රටකට එන්න නම් ඒ රටේ දේශපාලනය ස්ථාවර වෙන්න ඕනි .ශක්තිමත් නීතිමය පසුබිමක් තියෙන්න ඕනි ..වැදගත්ම දේ ලෝකය හමුවේ පිළිගැනීමක් තියෙන රටක් වෙන්න ඕනි ..ඉතින් දැන් " යහපාලන " රජය තුලින් යම් ස්ථාවර බවක් රට දීලා තියෙනවා ..එත් අඩුපාඩු ගොඩක් තියෙනවා තාම .සැමට එක සමානව ක්‍රියාත්මක වෙන්නේ නැති නිතිය , රජයේ තීන්දු තීරණ ගැන විනිවිධ බවක් නැතිකම වගේ දේවල් ..මේවත් හැදෙනවා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපාලනය අපිට ලැබෙයි.
VAT එක ගැනත් පොඩ්ඩක් කියන්නම්.අපේ රට හදන්න ඕනි නම් තියෙන අයගෙන් පොඩ්ඩක් ගියාට මොකටද ...අපි ඔක්කොම අන්තර්ජාලයේ වැඩ දානවා ..ඉතින් VAT එක පොඩ්ඩක් වැඩි උනා කියලා අව්ලක් තියෙනවා ..නිකරුනේ කාලය ගෙවන්න මෙගාබයිට් විධිහට දියකරලා දන්නේ වැඩිපුර තියෙන සල්ලිනෙ.මොකද කන්න බොන්න නැතිව ඉන්න මිනිස්සු නෙවෙයිනේ අපි ....රටේ නියම දුප්පත් මිනිහට මේකෙන් වැඩෙන පහර 0.1% වගේ ...මොකද එයාලට අන්තර්ජාල , සමාර්ට් පොන් නෑ ...යන්තම් කාලා ඇදලා ඉන්නවා විතරයි..මම ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි...එත් මට කාලා ඇදලා ජීවත් වෙන්න ඇති තරම් සල්ලි තියෙනවා..වැඩි සල්ලි තමයි ෆෝන් බිලට , අන්තර්ජාල බිලට , තෙල් වලට වියදම් කරන්නේ..ඉතින් මම හිතනවා මෙහෙම බදු ගහලා හරි කමක් නෑ අපේ රට දියුණු කරන්න පුළුවන් නම් ..තවත් අවුරුදු ගානකට මේ තත්වය තියාගන්නේ නැතිව...අපේ ලමයින්ටවත් දියුණු රටක් ලැබෙනවා නම් ඒ ඇති ..
ලංකාව කියන්නේ සංවර්ධනය වෙන රටක්නේ..එක අපි ඉස්කෝලේ යනකාලේ ඉදන්ම එහෙමනේ ..
...ඉතින් අපි හැමදාමත් කලේ අපේ අතීතයේ රජවරුන්ගේ වැඩ ගැන පුරසාරම් කියවන එක විතරයි.ඒ කාලයේ හදපු වැව් එහෙම දැන් ඉන්න අයට හදන්නවත් බෑ විදේශ සහය නැතිව .එකෙන්ම තේරෙනවනේ අපේ තත්වය ..ඉතින් ලංකාව ඉන්නේ ඇත්තටම බොහොම පහල තැනක ..එදා ඉදන්ම නිල් - කොළ පක්ෂ වලට බලය මාරු උනාට රට දියුණු උනේ නෑ ..සිරිමාවෝ බණ්ඩාරනායක දේශීය ස්වයන්පොෂිත ආර්ථික ක්‍රමයක් හදන්න ගියා .නමුත් එක කරන්න හදපු වැඩපිළිවෙල අසාර්ථකයි ..එකෙන් උනේ අන්තිමට රටේ මිනිසුන්ට කන්න නැති උන එක ..මේ නිසා UNP ආණ්ඩුව බලයට ඇවිල්ලා විවෘත ආර්ථිකය හදුන්වලා දුන්නා..අදටත් අපි මේ තැනට දියුණු උනේ ඒ නිසා ..අද අපිත් යම් තරමකට ලෝකයා එක්ක සම්බන්ධ වෙන්නේ ඒ නිසා...ඉතින් වර්තමානයේ මහින්ද යුගය අවසාන කරලා රනිල් බලයට ඇවිල්ලා තියෙනවා ...කියපු කතා නම් බොහොමයි ...ඒවා දැන් කතා කරලා වැඩක් නෑ ...මම මේ කියන්න ආවේ රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය සහ අපේ අනාගතය ගැන මට දැනෙන විධිහ ...අපේ රට තාක්ෂනය අතින් බොහොම පහල තැනක ඉන්නේ .අපේ රටේ විද්වතුන් කියන අය පොතේ දැනුම අනුව එක එක පණ්ඩිත කතා කියවනවා ඇරෙන්න ලංකාවට අලුත් දෙයක් , තාක්ෂණය ලබා ගන්න වැඩ කරන්නේ නෑ .ඉතාම සුළුතරයක් එහෙම කරයි ...ඉතින් අපේ රටේ ස්භාවික සම්පත් , ශ්‍රමය තිබුනට තාක්ෂණය , ප්‍රාග්ධනය නෑ ..මේ ප්‍රශ්නෙම හැමෝම කරන්නේ විදේශ ව්‍යාපෘති ලංකාවට ගෙන එක .මොකද එතකොට එයාලගේ තාක්ෂණය අපිට ලැබෙන නිසා .නමුත් එයාලගේ තාක්ෂනය අපිට ලැබුනට එක තේරුම ගන්න තරම් අපේ මහා විද්වතුන් , ඉංජිනේරුවන්ට හැකියාව නෑ ( නොරොච්චෝලේ බලාගාරය හොදම උදාහරණය )...ඉතින් අපිට මොන තරම් විදේශ ව්‍යාපෘති එක්ක තාක්ෂනය ලැබුනත් එක ඉගෙන ගන්න හැකියාව බොහොමත් අඩුයි ..එක අපේ දුර්වලකමක්...ඉතින් දැන් රනිල් මොකද මේ කරන්නේ ..ලංකාව තනිකරම ණය වලින් දුවන රටක් .අපේ අදායම අඩුයි...අපිට තාක්ෂනය නෑ , ප්‍රග්ධනයත් නෑ ...එහෙනම් අපිට අකමැත්තෙන් උනත් විදේශ ව්‍යපෘති ඕනි වෙනවා ..ඒ කියන්නේ විදේශ සෘජු ආයෝජන..සින්ගපුරුව තනිකරම විදේශ සෘජු ආයෝජනා මත දියුණු උන රටක් . .මේ සෘජු ආයෝජන නිසා අපිට තාක්ෂණයත් , ප්‍රග්ධනයත් දෙකම ලැබෙනවා.ඉතින් මේක මහින්දත් කලානේ ..ඔව් කළා ..එත් චීනය එක්ක විතරයි ..මහින්ද යුගයේ යුද්ධය අවසන් කලාට පස්සේ 2008-2015 කාලය තුල කරපු දේවල් නිසා ලංකාවට බාධක වැටුන..ලෝකය හමුවේ කොන් උනා.( මහින්ද නිසා අපිට ජාත්‍යන්තරය හමුවේ උන පාඩු වෙනම කියන්නම් )..මහින්දට චීනය විතරයි සෙට් උනේ( එක චීනයේ උපක්‍රමශීලි පියවරක් ) ...කෙසේ හෝ දැන් යහපාලනය ඇවිල්ලා තියෙනවා .යහපාලනය කියන එක අපේ ගොඩක් යට හුදෙක් නමක් විතරයි ..එත් ලෝකයේන් අපිට ආපු ගොඩක් බාධක ඉවත් වෙනවා යහපාලනය ( good governance ) නිසා ..උදා : GSP + එකට කෙලින්ම බලන්නේ යහපාලනය , මානව හිමිකම් ...දැන් මේකත් අපිට ලැබෙනවා ඉදිරියේදී ..

Last edited: