සිරියාව දෙදරවන රුසියානු බර අවි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියාව දෙදරවන රුසියානු බර අවි

    jgoWcOm.jpg

    රුසියානු සිරියාවේ සිදුකරන මැදිහත්වීම ගැන බොහෝදෙනා දන්නේ එය ගුවනින් සිදුකරන බෝම්බ හෙළීමක් බවයි.නමුත් ඔවුන් සිතා සිටිනවාට වඩා වැඩි වැඩ කොටසක් රුසියාව විසින් සිරියාව තුල සිදුකරමින් සිටියි.රුසියානුවන් සිරියාව තුල පාබල මෙහෙයුම්වලට අනියුක්ත කර නැති බව ජනපති පුටීන් විසින් පුන පුනා ප්‍රකාශ කරන කාරණයකි.නමුත් ඔහුගේ ප්‍රකාශය 100% සත්‍යය නොවන බව සමහරුන්ගේ මතයයි.රුසියානුවන් සිරියාවට තම බර අවි ගෙනැවිත් තිබෙන බව දැන් රහසක් නොවේ.මෙලෙස බර අවි සිරියාව තුල යෙදවීමේ රුසියානු සැලැස්ම ඇමෙරිකානු හමුදා විශ්ලේෂකයන් දකින්නේ රුසියාව සිරියාවේ පාබල මෙහෙයුම්වලට සම්බන්ධවීමේ ආරම්හයක් ලෙසයි.

    E3QkSMS.jpg

    සිරියානු හමුදාව සතු 2S1 Gvozdika ජංගම කාලතුවක්කු රථ පෙළක්

    c1Qypk4.jpg
    2S1 Gvozdika ජංගම කාලතුවක්කු රථයක්​

    සැබවින්ම එය රුසියාව සාම්ප්‍රදායික ගොඩබිම් යුද්ධයක් සඳහා පිවිසීමේ සලකුණකි.හුදකලා ගුවන් ප්‍රහාර එල්ල කිරීම ඔස්සේ කිසිදාක සිරියානු අර්බුදය නිමාවක් දැකිය නොහැකිබව රුසියාව හොඳින්ම දනියි.ගුවන් ප්‍රහාරවලට සාපේක්ෂව ගොඩබිම ඔස්සේ භූමිය අත්පත් කරගැනීම අනිවාර්යය කාරණයකි.නමුත් එලෙස අල්ලාගත් ප්‍රදේශ ආරක්ෂා කිරීමට යෙදවීමට ප්‍රමාණවත් හමුදාවක් සිරියානු රජය සතුව නොමැතිවීම බරපතල ගැටළුවක් බවට පත්ව තිබේ

    S1oKQhi.jpg
    හුදකලාව සතුරු ඉලක්ක වෙත පහර දීමට යොදාගන්නා සිරියානු හමුදාවේ 2S3 Akatsiya රථයක්​

    DSwmCzj.jpg
    2S1 Gvozdika රථයක්​

    එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුවට අනුව 2015 ඔක්තෝම්බර් මාසයේ පටන් රුසියානු බර අවි ඇතුලු කාලතුවක්කු ඒකක ස්ථානගත කර තිබුණේ හෝම්ස් සහ හමා යන නගර ආශ්‍රිතවයි.මෑතක් වනතුරුම රුසියානු ගුවන් බලය බටහිර සිරියාවේ ලැටාකියා ගුවන් හමුදා කඳවුරට සීමා වී තිබිණි.රුසියාව සිය කාලතුවක්කු ඉදිරි පෙරමුණට ගෙන යාම අළුත්ම තීරණයකි.රුසියානු පාබල හමුදා සිරියාවේ මෙහෙයුම්වල යෙදෙන බව මොස්කව් රජය ප්‍රතික්ෂේප කරයි.

    Tzaqt4J.jpg

    සංග්‍රාම භුමිය වෙත ඇදෙන 2S3 Akatsiya රථයක්

    oNmMP9X.jpg
    2S3 Akatsiya රථ පෙළක්​

    සිරියානු හමුදාව කෙරෙහි රුසියාව දක්වන බලපෑම බොහෝවිට ගොඩබිම් මෙහෙයුම්වල මෑත කාලීන සාර්ථකත්වයට හේතුවී තිබේ.ජෙනරාල් අලි අයොබ් නම් සිරියානු හමුදා නිලධාරී මණ්ඩලයේ ප්‍රධානියා 2015 නොවැම්බර් මාසයේදී කෙටි රූපවාහිනී ප්‍රකාශයක් ඔස්සේ කියා සිටියේ ඔවුන් රුසියානු ගුවන් මෙහෙයුම්වලට සමගාමීව පාබල මෙහෙයුම් දියත් කරන බවයි.ඔහුට අනුව එම මෙහෙයුම් අලුතින් ඇතිකල 4th Assault Corps නම් ඒකකය ඇතුලු ඒකක යොදාගෙන සිදුකරන බවයි.

    ol4MOMi.jpg
    BM-21 Grad රොකට් දියත්කරන රථයක්​

    SriTuub.jpg
    BM-21 Grad රොකට් විදිනයට රොකට් පුරවමින්​

    එක්සත් ජනපද හමුදාවේ විදේශ හමුදා අධ්‍යයන කාර්යාලය විසින් පළකරන OE Watch සඟරාවේ එන ලිපියකට අනුව මෙම නවතම උපාය මාර්ගය අෂාඩ් පාශ්වික මාධ්‍ය විසින් වහාම අගය කර තිබේ.හිස්බුල්ලා සංවිධානයට පක්ෂ අල් හඩාත් නිවුස් නම් පුවත්පතේ මෙලෙස සඳහන් කර තිබිණි."සිරියානු ඉදිරි පෙරමුණට මෝටාර් සහ කාලතුවක්කුවලින් සහාය ලැබුණු අතර ගුවනින් රුසියානු Sukhois යානාවලින් ආරක්ෂාව සපයන ලදි.සිරියානු හමුදාව නවතම උපාය මාර්ගික හමුදා මොඩලයක් ඔස්සේ ඉදිරියට ඇදෙමින් තිබේ.ඔවුන්ට ගුවනින් රුසියානු Sukhois යානාවලින්ද ගොඩබිමින් විශිෂ්ඨ කාලතුවක්කුවලින්ද සහාය ලැබේ".

    aIzdIy7.jpg
    BM-21 Grad රථවලින් රොකට් දියත් කරමින්​

    XsS8xdW.jpg
    TOS-1A රථ පෙළකින් එකවර ප්‍රහාර එල්ල කරමින් - සිරියාව​

    OE Watch සඟරාවට අනුව 4th Assault Corps ඒකකයේ සංයෝජනය සහ පිරිස් බලය සම්බන්ධව පරස්පර විරෝධී තොරතුරු තිබේ.රුසියාව බටහිර රටවලට වඩා සිය හමුදා ශක්තිය කාලතුවක්කු කෙරෙහි බර තබා ඇත.යුක්‍රේන තුල කිව් පාලනය සහ රුසියානු සහාය ලබන බෙදුම්වාදීන් තමන් සෝවියට් පාලනය ඔස්සේ උරුම කරගත් කාලතුවක්කු නොමසුරුව භාවිතා කරයි.

    7uyQ6Lw.jpg
    සිරියාවට ගෙන්වූ මාරාන්තික TOS-1A රථ​

    සිරියාවේ යුද්ධය ආරම්භ වීමට පෙර අෂාඩ්ගේ අවි ගබඩාව සෝවියට් සහ රුසියානු සම්භවයක් සහිත howitzers විය.සිරියානු හමුදාව දහස්ගණනක් වූ නිශ්චල සහ ස්වබලයෙන් ක්‍රියාත්මක බර අවි(self-propelled gun) වලින් යැපුණි.යුද්ධය ආරම්භයේ පටන් මොස්කව් වෙතින් අෂාඩ්ගේ කාලතුවක්කු බලය දියුණු 152mm MTSA-B කාලතුවක්කු,BM-27 Uragan,BM-30 Smerch(එකවර රොකට් රැසක් දියත් කල හැකි අවි) ආදී අවි වලින් සන්නද්ධ කෙරිනි.

    nJ8ZgnD.jpg
    සිරියාවට ලබා දුන් BM-27 Uragan(9P140) රථ​

    94LMXhk.jpg
    සිරියාවට ලබා දුන් BM-27 Uragan(9P140) රථ​

    සිරියානු හමුදාව ප්‍රබල ලෙස කාලතුවක්කු මත යැපීම නිසා අෂාඩ් පාලනය රැක ගැනීමට මැදිහත්වීමට රුසියාවට එක් මගක් විවෘත වු බව OE Watch සඟරාව සඳහන් කරයි.ඔවුන් සිරියාවට ලබාදී තිබෙන කාලතුවක්කු වර්ග පුදුමය දනවන සුළුය.මේවා අතරින් අතිශය මාරාන්තික වන්නේ TOS-1A Solnitsa නම් රොකට් ලොන්චරයයි(එකවර රොකට් රැසක් දියත් කල හැකි අවි).පහත වීඩියෝ පටයේ දැක්වෙන පරිදි ඒවා සිය අවි ශීර්ෂ රැගෙන ගමන් කරන්නේ ලැටාකියා හි සිටයි.මේවා T-72 යුද ටැංකියේ චැසියක් මත රඳවා තිබේ.එක් ප්‍රහාරක වටයකදී TOS-1Aහට ප්‍රදාහක(thermobaric) රොකට් 30ක් ගුවන් ගත කල හැකිය.


    නැෂනල් ඉන්ටරෙස්ට් වෙබ් අඩවියේ ඩෙව් මජුම්ඩාර් මෙම අවිය ගැන මෙසේ සඳහන් කර තිබිණි."TOS-1A ඇති කරන පිපිරීම ඒ හා සමාන බරක් සහිත සාම්ප්‍රදායික අවියකට වඩා අතිවිශාලය.මන්ද ඒ ඔස්සේ ඇතිකරන දැවැන්ත ඉහළ උෂ්ණත්වයක් සහිත පිපිරීම සහ ප්‍රබල තෙරපුමක් සහිත කම්පන තරංග නිසා ඒ ආසන්නයේ සිටින ඕනෑම කෙනෙක්ගේ පෙනහළුවලට හානි සිදුවී මියයෑමට ඉහළ සම්භාවිතාවක් තිබේ".

    jxjlF5e.jpg
    TOS-1A රථයක් සිය රොකට් දියත් කරමින්​

    agHSHY5.jpg
    සිරියාවට ලබා දුන් BM-30 Smerch රථ​

    4eiO8pZ.jpg
    සිරියාවට ලබා දුන් BM-30 Smerch රථ​

    කාලතුවක්කු මත විශ්වාසය තැබීම ගැන එක් රුසියානු යුද විශේෂඥයෙක් කියන්නේ එය අෂාඩ් විරෝධී කැරලිකරුවන්ට එරෙහි සටනේ ප්‍රධාන වෙනස්කමක් බවයි.රුසියානු පුවත් වැඩසටහනකදී කොන්ස්ටන්ටින් සිව්කොව් කියා සිටියේ කාලතුවක්කු 300 කට වඩා හමා නගරයෙන් පිටත සැතපුම් භාගයක පෙරමුණක් ඔස්සේ ස්ථානගත කර තිබේ.මෙය “fire wave” යන නමින් හඳුන්වයි.මෙම ක්‍රමයට ප්‍රහාර එල්ල කිරීමට උණ්ඩ විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන මුත් එහි ප්‍රතිඵලය දැඩි ආරක්ෂාවක් සිරියානු හමුදාවට ලබාදෙයි.එසේම මෙම ක්‍රමයෙන් සතුරාගේ ආරක්ෂක විධිවිධාන කඩා බිඳගෙන යාමට ඉඩ ලබාදෙයි.සිරියානුවන්ට තිබෙන ලොකුම ගැටලුව වන්නේ උණ්ඩ ඉක්මණින් අවසන් වීමයි.විශේෂයෙන් රුසියානුවන් සපයන කාලතුවක්කු උණ්ඩ.

    W0nsg8A.png
    BM-30 Smerch රථයකින් රොකට් ප්‍රහාර එල්ල කරන අවස්ථාවක්​

    T5S236S.jpg
    BM-30 Smerch රථයකින් නිකුත් කල පුපුරා නොගිය රොකට්ටුවක්​

    රොයිටර් වාර්තාවලට අනුව රුසියාව හෝම්ස් සහ ඩැමැස්කස් නගර අතර ප්‍රදේශයේ එක් කාලතුවක්කු සේනාංකයක් ස්ථානගත කර තිබිණි.වරක් රුසියානු රාජ්‍ය රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථනයේ සිට විකාශය කල වැඩසටහනකදී ජනපති පුටීන් සිතියමක් ආධාරයෙන් රුසියානු හමුදාවේ 120 වන කාලතුවක්කු සේනාංකය රඳවා තබන ස්ථානය කෙටියෙන් පෙන්වාදෙන ලදි.

    jlWbqTE.jpg

    BM-27 Uragan(9P140) රථයක් අසල සිටින සිරියානු සෙබලෙක්

    රුසියාව 2015 සැප්තැම්බර් මාසයේ පටන් මේවන තෙක් දහස් ගණනක් ගුවන් ප්‍රහාර බෝම්බ හෙළන යානා සහ ප්‍රහාරක යානා මගින් එල්ල කර තිබේ.රුසියාව කියා සිටින්නේ මෙම ප්‍රහාර ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ඉලක්ක කර එල්ල කරන බවයි.නමුත් එක්සත් ජනපද බලධාරීන් කියන්නේ රුසියානුවන්ගේ ප්‍රහාරවලින් 90% පමණ අෂාඩ් විරෝධී කැරලිකරුවන් එනම් එක්සත් ජනපදයේ යුදාධාර ලබන පිරිස් ඉලක්ක කරගෙන එල්ල කරන බවයි.

    මේ දක්වා රුසියාව විසින් සිරියාවට සපයා දී තිබෙන ප්‍රබලතම බර අවි ගැන විස්තර සහිත මෙම කොටසින් විමසා බැලේ.මෙම බර අවි කාලතුවක්කු සහ රොකට් ලෝන්චර් ලෙස බෙදා වෙන් කල හැකිය.පළමුව කාලතුවක්කු ගැන කතා කරමු.




    Self-propelled artillery - ජංගම කාලතුවක්කු​


    මේවා සාමාන්‍ය කාලතුවක්කු මෙන් නොව පහසුවෙන් අවශ්‍ය ස්ථානයක් කරා ගෙන යා හැකිය.යුද ටැංකියක චැසියකට මෙම කාලතුවක්කුව සවිකර තිබේ.


    2S1 Gvozdika​

    රුසියාව සිරියාවට ලබාදී තිබෙන ජංගම කාලතුවක්කු අවියකි( self-propelled howitzer).සෝවියට් යුගයේ නිර්මාණය කල මෙම අවිය 1972 වසරේ සිට භාවිතා කරයි.ටොන් 16 බර මෙම දැවැන්තයා තුල සෙබලුන් 4දෙනෙක් ගමන් කරයි.එහි අඩංගු කාලතුවක්කුව 122mm එකකි.ඊට සාමාන්‍යයෙන් කි.මී. 15 පමණ දුරට වෙඩි තැබිය හැකිය.සාමාන්‍ය මාර්ගයක පැය කි.මී.60ක වේගයක් තිබේ.

    k0RdWpu.jpg




    2S3 Akatsiya​

    මෙයත් සෝවියට් යුගයේ නිර්මාණය කල ජංගම කාලතුවක්කු අවියකි(self-propelled artillery).1971 වසරේ පටන් සේවයේ යොදවා තිබේ.ටොන් 28 බර මෙය තුල කාර්ය මණ්ඩලය ලෙස සෙබලුන් හතරදෙනෙක් ගමන් කරයි.ප්‍රධාන අවිය කාලතුවක්කුවකි.මෙහෙයුම් පරාසය කි.මී.500ක් වන අතර සාමාන්‍ය මාර්ගයක පැයට කි.මී.63ක උපරිම වේගයක් තිබේ.

    HTN1kb0.jpg




    Multiple Launch Rocket Systems - රොකට් විදින​


    සිරියාව තුල ගුවන් ප්‍රහාරවලට අමතරව මහා පරිමාණ විනාශයන් සිදුකරන අවි වන්නේ TOS-1, BM-30 Smerch වැනි රොකට් විදිනයන්ය.මෙවැනි රොකට් විදින රථ(මල්ටි බැරල් රොකට් ලෝන්චර්ස්) ශ්‍රී ලංකා හමුදාව සතුවද තිබේ.මේවා මුලදී යොදවා තිබුනේ සිරියාවේ ලැටාකියා පළාතේය.ලොව වඩාත් විනාශයට පත් නගරය ලෙස හඳුන්වන Grozny නගරයට එම විනාශ අත්කර දුන්නේ මෙවැනි අවි නිසා බවයි කියවෙන්නේ.එසේ නම් සිරියානු හමුදාව භාවිතා කරන රුසියානු රොකට් ලෝන්චර්ස් ගැන විමසා බලමු.



    TOS-1A

    සෝවියට් යුගයේ නිපදවූ මෙම බැරල් 24 ක් සහිත රොකට් විදිනය 1988 වසරේ සිට සේවයේ යොදවා තිබේ.TOS-1A යනු TOS-1 අවියේ දියුණු කල මොඩලයකි.මෙම අවිය ක්‍රියාත්මක කිරීමට තිදෙනෙකුගේ සේවය ලබා ගනියි.මි.මී.222 රොකට් මින් නිකුත් කරයි.රොකට් විදිනය T-72 යුද ටැංකියක චැසියක් මත සවිකර තිබේ.මෙම රොකට් යොදාගෙන කි.මී.6 දුරක වූ ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කල හැකිය.මෙම රථයට පැයට කි.මී.60 උපරිම වේගයකින් ගමන් කල හැකිය.ඉලක්කය ලබා ගැනීම පරිගණකයක් ඔස්සේ සිදුවේ. එම රොකට් ජනාකීර්ණ ප්‍රදේශයකට නම් අතිමහත් විනාශයක් අත් කර දෙයි.

    gnZ9qW1.jpg




    BM-21 Grad

    1960 දශකයේ පටන් භාවිතා කරන සෝවියට් යුගයේ නිර්මාණය කල රොකට් විදිනයකි.රොකට් විදිනය BM-21 නම් ට්‍රක් රථයට සවිකර භාවිතා කරයි.එහි බර ටොන් 13කි.කාර්ය මණ්ඩය තිදෙනෙක්ගෙන් සමන්විත අතර,බැරල් 40ක රොකට් විදිනයට M-21OF නම් රොකට් වර්ගය භාවිතා කරයි.මෙම රොකටයක් උපරිම කි.මී.20ක දුරක් ගමන් කරයි.මෙහි මෙහෙයුම් පරාසය කි.මී. 405කි.උපරිම වේගය පැයට කි.මී.75ක් ලෙස සඳහන් වේ.ශ්‍රී ලංකා හමුදාව සතුවද මෙවැනි රථ 5ක් තිබෙන බව කියවේ.

    hBsYQdg.jpg




    BM-27 Uragan(9P140)

    සෝවියට් යුගයේදී නිර්මාණය කල තවත් රොකට් විදිනයකි.මෙය self-propelled multiple rocket launcher පද්ධතියක් ලෙස හඳුන්වයි.1970 දශකය අග භාගයේ සිට සේවයේ යොදවා තිබේ.මෙහි බර ටොන් 20ක් වේ.මෙම අවි පද්ධතිය වෙනුවෙන් සෙබලුන් හය දෙනෙක්ගේ සේවය අවශ්‍ය වේ.රොකට් විදිනය සඳහා මි.මී.220 රොකට් භාවිතා කරන අතර එහි බැරල් 16 තිබේ.රොකට් විදිනය පිහිටුවා තිබෙන්නේ ZIL-135 8x8 චැසියක් මතය.මෙය එන්ජින් දෙකකින් සමන්විතය.මෙහි මෙහෙයුම් දුර කි.මී.500කි.රොකට් යොදාගෙන කි.මී.35ක් දුරට සාර්ථකව ප්‍රහාර එල්ල කිරීමට හැකියාව තිබේ.

    IWA1UcG.jpg




    BM-30 Smerch

    සෝවියට් දේශයේ නිෂ්පාදිත දැවැන්ත රොකට් විදිනයකි.1989 වසරේ පටන් සේවයේ යොදවා තිබේ.මෙහි බර ටොන් 43කි.කාර්ය මණ්ඩලය තිදෙනෙකුගෙන් සමන්විතය.BM 9A52-2 වර්ගයේ රථයක් මත රොකට් විදිනය රඳවා තිබේ.භාවිතා කරන්නේ 9M55/9M528 වර්ගයේ රොකට්ය.රොකට් විදිනය බැරල් 12කින් යුක්තය.රොකට් යොදාගෙන කි.මී.90 දුරින් වූ ඉලක්කවලට සාර්ථකව ප්‍රහාර එල්ල කල හැකිය.මෙහෙයුම් පරාසය කි.මී.850කි.උපරිම වේගය පැය.කි.මී. 60කි.තත්තපර 38කදී රොකට් 12 නිකුත් කල හැකිය.නැවත පිරවීමට මිනිත්තු 20ක කාලයක් ගතවන බව සඳහන් වේ.

    1j0TAEk.jpg




    මේ අවිවල විනාශකාරී බව ගැන වචනවලින් විස්තර කරන්න බැහැ.පුළුවන් කට්ටිය මේ වීඩියෝ පට කිහිපය නරඹන්න.


    සිරියාවේ 2S1 Gvozdika ක්‍රියාත්මක වන අයුරු



    සිරියාවේ 2S3 Akatsiya ක්‍රියාත්මක වන අයුරු



    සිරියාවේ TOS-1A ක්‍රියාත්මක වන අයුරු



    සිරියාවේ BM-21 Grad ක්‍රියාත්මක වන අයුරු



    සිරියාවේ BM-27 Uragan ක්‍රියාත්මක වන අයුරු



    සිරියාවේ BM-30 Smerch ක්‍රියාත්මක වන අයුරු



    ඇත්තම කිව්වොත් මේ ලිපිය පළකරන්න සැලසුම් කරගෙන හිටියේ මැයි 2දා රෑ.අකුණු සැර වැදීම වැඩි යැ‍යි කියමින් ආසන්න ප්‍රදේශයක තිබූ ඩයලොග් කුලුණකට යම් පිරිසක් හානි කලා යන සිද්ධියක් නිසා පසුගිය දින තුනක කාලය පුරාම මා සිටින ප්‍රදේශයේ ඩයලොග් ජාලය බිඳ වැටීමට ලක්ව තිබිණි.තවමත් පෙර පරිදි අන්තර්ජාලයේ සැරිසැරීමට ප්‍රමාණවත් වේගයක් මේ සිද්ධිය නිසා නොලැබේ.එවැනි දුෂ්කරතාවයක් තිබියදී කෙසේ හෝ ලිපිය පළ කරන්නට හැකිවීම සම්බන්ධව සතුටු වෙමි.

    සම්පුර්ණ ලිපියම සංක්ෂිප්ත ලෙස පහත වීඩියෝ පටයේ අඩංගුය.



    අල්ලාහ් හු අක්බර් ;)



    Source:Warisboring.com

    -HarshaLulzSec-
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙහෙමත් ගැහිල්ලක්...අල්ලා මතක් වෙන්න වදිනවා ඇති :lol:
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,569
    5,468
    113
    මෙහෙමත් ගැහිල්ලක්...අල්ලා මතක් වෙන්න වදිනවා ඇති :lol:

    afo bala dannawada danna russiawa udaw kata Assad uth allah wa adhana minihek kiyala?:lol::lol:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Thanks

    Thanks

    Thanks

    Thanks

    මෙහෙමත් ගැහිල්ලක්...අල්ලා මතක් වෙන්න වදිනවා ඇති :lol:
    :lol:

    Thanks

    අල්ලාහ් හු අක්බර්
    Thanks

    Thanks

    එල. ඇයි බන් දැන් වැඩිය පොස්ට් දන්නෙ නැත්තෙ??
    Thanks.
    කියවන්න කවුරුත් නැති වුනාම...පෝස්ට් දාන්නත් කම්මැලි බන්
     

    wdimantha

    Member
    Nov 19, 2008
    163
    17
    0
    [QUOTE
    කියවන්න කවුරුත් නැති වුනාම...පෝස්ට් දාන්නත් කම්මැලි බන්[/QUOTE]
    කියවන්න අපි ඉන්නවා බං ..........