සිංහල සිංදු

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,318
    1,531
    113
    32
    Earth-Cj025
    සිංහල සින්දු අහන අය එන්න, එන්න........

    මෙක FB එකේන් තමා දැක්කේ, අපි හුගක් වෙලාවට සිංදුව ඇහුවට එකේ තේරුම දන්නේ නැහැනේ,:P
    මෙකේ ටිකක් තියෙනවා, තව Comment වලත් තියෙනවා, ටිකක් කියවලා බලන්නකෝ එහෙනම්
    තව ඔයාලා දන්න ඒවා තියෙනවා නම් මෙකේ දාන්න. තේරුම දැන ගන්න ඕන ඒවත් තියෙනවානම් දාන්න, එතකොට කවුරු හරි දන්න කෙනෙක් කියයි.;)


    https://www.facebook.com/YAMUSinhala/videos/1021149077964859/?video_source=pages_finch_main_video


    ඒක අහලා මේකත් අහලා බලන්න.
    :)
     
    Last edited:

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,318
    1,531
    113
    32
    Earth-Cj025
    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවනලි අතරේ
    ගී ගයමින් හිද මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා
    පිනි කදුලක් මල් පෙති අග රදවා
    මිහිදුම් සලුවෙන් මුහුන වසා.......

    මේ ගීතය විරහ ගියක් නෙමෙයි. මේ ගීතයෙන් කියවෙන්නෙ වැස්ස ගැන.
    අද කලේ ඉස්සර වගේ හොද සහිත්‍ය නිර්මාන බිහි වෙන්නෙ නැතුව නෙමේයි. එවා හරි හැටි රස වින්දින්න දන්නෙ නැති සමාජෙක අපි ඉන්නෙ.(Dyt Yasanka)
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,318
    1,531
    113
    32
    Earth-Cj025
    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්
    හැඬූදා කදුලයි දකින්නේ
    සිනාවේ සරදම්
    කාලයක් ආදරේ කරලා හදවත් වලින් බැඳිලා ජීවත් වෙලා අන්තිමට වියෝ වෙලා වෙන්වෙලා ගියාට පස්සේ තමයි දැනෙන්නේ කුලල්කකා හරි කමක් නෑ එකට හිටියනම් කොච්චර හොඳද කියලා . ප්‍රේමයේ අභිමන් දැනෙන්නේ එහෙම උනාට පස්සේ . ඉතින් එහෙම උනාම අන්තිමට වෙන්නේ ලෝකයට හොරෙන් අඬන්න තමයි . එහෙම අඬනකොට තමයි දැනෙන්නේ ඇස්වලින් උනන කඳුළු කම්මුල් දිගේ පහලට ඇවිත් මූවගින් නැගෙන හිනාවට සරදම් කරනවා කියලා
    ඉවුරු දැලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
    දියට වන් විට එවන් ගඟුලම බිහිසුනුයි චණ්ඩයි..
    ලස්සන ස්ත්‍රියක් දුටුවිට තනිකඩ කාටත් ආදරය කිරීමට සිතෙයි..මෙහි ගඟට සමාන කර ඇත්තේ ස්ත්‍රියයි..''ඉවුරු දැලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි'' පිටත සිට ස්ත්‍රිය දෙස බැලූ විට අපට එම ස්ත්‍රියගේ ලස්සන පෙනෙයි ආදරය කිරීමට සිතෙයි..නමුත් ''දියට වන් විට එවන් ගඟුලම බිහිසුනුයි චණ්ඩයි'' අපි එම ස්ත්‍රියට ආදරය කරන විට තමයි ප්‍රශ්න පැන නගින්නේ..කුල භේද,දුප්පත් කම,නොගැලපීම් ආදිය...
    හඳක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම්..
    පුන් පොහෝ දා එවන් තරුවම ලබන්නේ ගැරහුම්..
    හඳක් නැති උනාම තරුව තමයි අහසේ පාළුව මකන්නේ.පෙම් වතුන් වෙන් උනාම ඒ පෙම් වතිය වෙන කෙනෙක් එක්ක යාලු වෙනවා..ඒත් පළමු පෙම්වතා තරම් දෙවෙනි පෙම්වතා ආදරය කරන්නේ නෑ..නමුත් දෙවෙනි පෙම්වතාගේ ආදරය ඇයගේ ජීවිතය පිටුවහලක් වෙනවා..පළමු පෙම්වතා නැවත ලං උනොත් කිසිම ගානක් නැතුව අර දෙවෙනි පෙම්වතාගේ ආදරය කුණු කූඩෙට විසි වෙලා යනවා..(Gihan Dias)
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,318
    1,531
    113
    32
    Earth-Cj025
    හිත මිතුරු සුළඟ ළග එන වැහි වළාවට කියන්
    අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
    දිගු කලෙකින් ඈ මුණගැසේවි හසගනක් වේසින්
    වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අදුරු වෙයි සැනින්...

    ඇත්තටම වැහි වැටුණට පෙම්වතියකට සහ පෙම්වතෙකුට හමු වීමට නොහැකි ද? ඇයි එහෙනම් මේ වැස්සට මෙච්චර එන්න එපා කියන්නේ? මේ කියන්නේ ඇත්තටම වැස්ස ගැන ද?
    මේ කියන්නේ වෙනම කතාවක්, කාලෙකින් පෙම්වතිය හමු වන පෙම්වතාට ආදරයේ තිබෙන එක්තරා රසයක් වන ශෘංගාරාත්මක රසය සොයා යන්නට අවැසි වෙලා. නමුත් එදාට පෙම්වතියට ඔසප් වීම සිදු වෙලා තිබිණොත් මේ බලාපොරොත්තු බිඳ වැටෙනවා.

    වීදි පුරා වතුර පිරෙයි හෙමින් හෙමින්
    මුමුණ මුමුණ ඇවිද යමි කෙසේ
    තණ නිල්ලේ ගොහොරු සැදේ
    කතා නැතුව අනන්තයට ඉගිල යමි කෙසේ

    මේ වීදි දිගේ හෙමින් හෙමින් මුමුණ මුමුණ ඇවිද යනවා කියන්නේ මොකද්ද? ඇත්තටම මේ වචන පිටිපස්සේ රති සුව සොයා යෑමේ එක් අංගයක රසබර කතාවක් සැඟව තිබෙනවා. තණනිල්ලේ ගොහොරු සැදුනම අනන්තයට පියඹලා යන්නෙ කොහොමද, ඒක තේරෙනවා නේද.

    අප සමුගත් පසු වසින්න
    ගං හෝ වැව් ඉපිල ඉපිල ඉතිර යන තුරා
    හෝරා දෙක තුනක් ඉන්න
    නෑවිත් වැහි වළා බ‍දේ කඩ ඉමෙන් මේහා.......

    අප සමුගත් පසු වසින්න, කමක් නෑ. ඊට කලින් වහින්න එපා. මොකද ඒ කාලෙකින් ලැබෙන සොඳුරු අත්දැකීම ලබාගන්න බැරිව යනවා. ඒක නිසා අපි හමුවන තුරු හෝරා දෙක තුනක් වත් ඉන්න. වැහි වලා බඳේ කඩ ඉමෙන් මෙහා කියන එක මේ ටික තෙරුම් ගත්තම පැහැදිලි වෙනවා නේද.(Hemaka Lakmal Hewathanthree)
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,318
    1,531
    113
    32
    Earth-Cj025
    නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද
    ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ද
    කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද
    අදහන්නට පුළුවන්ද…
    නිල් මහනෙල් මලක් එතරම්ම බරද…? දැරියකගේ ගෙලකට බරක් වෙන්න තරම්.. එය එසේ වේනම් ඇය කෙසේ නම් ජීවිතයේ බර දරා ගන්නද? සිහිල් සුලඟක ඇති සිහිලස සුමුදු බව පවා රළු වන්නටනම් ය කොතෙක් සියුමැලි වන්නට ඇතිද..? එය එසේ වුවත් ඇයගේ ජීවිතයේ පමනක්ම නොවෙයි. පවුලේම බර සිය හිස මතට ගන්නට මෙකී සියුමැලි තරුණිය සූදානම්. එය එතරන්ම අදහන්නට නොහැකි කරුණක්.
    දුඹුළු බැඳී ඉර හඳ දෙක
    අකුරු බැරිව රන් තරු කැට
    මුළුතැන්ගෙයි ඇවිළුණු දුම් නොනඟින ගින්දර
    මෙහෙවු නුඹට වඩා කුමන කවියද සුන්දර….
    ගෙදරක ඉර හඳ සේ ඉන්න මවට පියාට තව දුරටත් පවුලේම බර දරා ගන්නට හැකියාවක් නැති තරමටම මහලුයි. එලෙසම අකුරු කරන්නට නොහැකිව ලතවෙන සහෝදර සහෝදරියන්ගේ එකම බලාපොරොත්තුව වන්නට සිදු වන්නේ ඇයටයි. මුළුතැන්ගෙයි ඇවිළුනේ ලිපේ ගිනි නොවෙයි. දරිද්රොතාවය නිසාම ඇති වුන කුස ගින්නයි. මේ සියලු ගැටළු වලට සිය කැමැත්තෙන්ම විසඳුම් සොයන ඇය තරම් සොඳුරු කවියක්වත් සොයා ගන්නට මේ මිහිපිට නොමැති වනවාට නිසැකයි.
    තබා දෙතොළ ඉඳිකටු තුඬ
    මිහිරි සිනා විකසිත කළ
    නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල
    වාන් දැමූ පට්ටන්දර අද පරසක්වල…
    කාර්ය බහුල බව නිසාම පෙර ගී කියූ කතා පැවසු ඇගේ මුව දැන් ගොළු වී ඇත. ඒ වෙනුවට ඇත්තේ සිය පවුල පිලිබඳ වූ ආදරය සහ ඔවුන්ගේ සතුට නිසාම ඇගේ මුවේ පිපෙන සිනහවයි. ඇගේ රැකියාව නිසා ගෙදරට ශක්තියක් වන්නට හැකියාව ලැබුණු නිසාම ගමේ ඇතැමුන්ගේ උජාරු කතා වල වටිනාකමද අද නැත්තටම නැති වී ඇත.
    වසර කීපයකට පෙර රූපවාහිනී නාලිකා කීපයක ඉඩ ලද බොහෝ අවස්ථාවන්හි විකාශය වූ එක් ගීයකි. ගීතයේ ශබ්ධ අර්ථ රස මෙන්ම ප්රේකක්ෂක පපු තුලට කිඳා බහින සංවේදී කමක් රැගත් රූප රචනාවකින්ද සමන්විත වූ එකී ගීතය අහඹු ලෙස හෝ ඕන සවන් වැකී ඇති බවට සැක නැත. ගීය තුලින් කරුණු ගෙන හැර දැක්වෙන්නේ ග්රාඕමීය ජන සමාජය තුල පවතින දරිද්රටතාව සහ ආදායම් මාර්ග අල්ප වීමේ පලයක් වශයෙන් ඇඟලුම් සේවිකාවන් ලෙස කාර්මික නගර කරා ඇදෙන තරුණියන් පිලිබඳවය. මෙකී කරුණ ප්රෙස්තුතය කර ගනිමින් ලියවුන තවත් ගීයක් මෙහිදී සිහියට නැගෙනු ඇත. එනම් බන්දුල නානායක්කාරවසම් ශූරීන් විසින් ලියවුනු රෑ වැඩ මුරය ගීතයයි. අති දක්ෂ ගේය පද රචකයෙකු වන රත්න ශ්රීර විජෙසිංහයන් විසින් රචනා කෙරෙන ලද “නිල් මහනෙල් ” ගීතය රෝහණ විජෙසිංහයන් අතින් සංගීතවත් වී දීපිකා ප්රිනදර්ශනී නම් ඒ ප්රහතිභාපූර්ණ ගායන ශිල්පිනියගේ හඬින් රසිකන් වෙත තිලින වී ඇත..(ගීතයක කතාව - Story of a Song)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    tfs
    එළකිරි එකේ threads එකක් ඇති "සුන්දර ගීතයක ඇරඹු" ම කියල එකේ තිනවා සින්දු ගොඩක් ඒවගේ තේරුම් ,විචාර
     
    • Like
    Reactions: බෙන් 10