වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස

13095944_458355754334931_1789018074612413798_n.jpg


අනියම් බිරියන් සහ කෝටි ගණන් මුදල් අතර පැටලුනු
වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස

* අයර්ලන්ත ගමනේ 'රස රහස්‌ මොකක්‌ද?

දෙවියන් වහන්සේ ගැන කියන වාරයක්‌ පාසා යක්‌ෂයා මතක්‌ කරන්නා සේ විප්ලවය පසුපස පාවාදීම පන්න පන්නා එන බව වාමාංශික සාහිත්‍යයෙන්ම පෙනේ. විප්ලවය ගැන කතා කරමින් සිටින වාමාංශිකයාගේ මනසට, කතාවේ ඊළඟ වචන සඳහා මොළයේ පෙළ ගැසෙන අනිවාර්ය වචනය වන්නේ පාවාදීමය. මේ කියනු ලබන කතාව එවැන්නකි. මෙය පාවාදීමක්‌ ද අතපසුවීමක්‌ ද යන ප්‍රශ්නය තවම විසඳී නැත. නමුත් මෙතෙක්‌ ලංකාවේ බිහිවුණු අතිශය විනයවත් දේශපාලන ව්‍යාපාරයේ සන්ධිස්‌ථානගත ගැටලු බවට මෙය පත්වී තිබේ.

අපේ කතානායක, වාමාංශික නායකයා පසුගිය කාලය පුරාම තම ව්‍යාපාරයේ බරට වඩා වැඩි බරකින් රටේ දේශපාලන තීන්දු තීරණ සදහා මැදිහත් වූවෙකි. ඔහුගේ නම සමග ඇදුනු ගනුදෙනු කතා පසුගිය කාලයේ රටේ ප්‍රචලිත විය. ඇවන්ගාර්ඩ් සිද්ධිය සම්බන්ධ කතාබහක්‌ දුර දිග යැමේ ප්‍රතිපලයක්‌ ලෙස ඇමැති විඡේදාස රාජපක්‌ෂ විසින් මේ ව්‍යාපාරයේ මුල් තැනේ සිටින දෙදෙනකුට තමන් රුපියල් ලක්‌ෂ විසිපහක මුදලක්‌ ලබා දුන්නා යෑයි චෝදනා කළේ ප්‍රසිද්ධියේය. ඒ පිළිබඳ විවාදයකට එන්නැයි ඇමැතිවරයා අභියෝග කරද්දී මේ වාමාංශික නායකයා හෝ මුදල ලබා ගත් අනිත් සගයා ඒ තැනට ගොස්‌ ඇමැතිවරයාට මුහුණ දෙනවා වෙනුවට සුපුරුදු පරිදි 'තනි ටෝකෙන්' ඉවත් විය.

මේ නායකයා පසුගිය අප්‍රේල් මාසයේ හදිස්‌සියේම විදේශගත විය. සාමාන්‍යයෙන් මෙවැනි වාමාංශික නායකයෝ 'ආතල් එකට' රට යන පුද්ගලයෝ නොවෙති. එය, එවැනි ව්‍යාපාර හි ගති ස්‌වභාවයට සහ චර්යාවට ඉඳුරාම පටහැනිය. මෙවැනි 'ආතල්' සාමාන්‍යයෙන් වාම ව්‍යාපාරයේ හඳුන්වන්නේ සුළු ධනේශ්වර මානසිකත්වය වැනි එම ව්‍යාපාරය තුළ කුණුහරුප බඳු වචන යොදමිනි. ආරංචි මාර්ග සඳහන් කර තිබුණේ අප්‍රේල් දෙවැනිදා එමිරේට්‌ස්‌ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මේ රතු නායකයා එතෙර බලා ගිය බවය. ඔහුගේ ගුවන් ගමන් පන්තිය වූයේ, සාමාන්‍ය මගින් ගමන් කරන 'ඉකොනොමික්‌ ක්‌ලාස්‌ එකේ' නොව ධනපතියන් ගමන් කරන බිස්‌නස්‌ ක්‌ලාස්‌යේ බවද සදහන්ය. අනුන්ගේ බැංකු ගිණුම්, හරි හම්බ කර ගත් ආකාරය ගැන උදේ හවා කතා කරන, ගෙදර තිබෙන ෆයිල් කවරයක්‌ රැගෙන හෝ නිතරම අල්ලස්‌ කොමිසමට යන රතු පිලේ මේ නායක සහෝදරයා බිස්‌නස්‌ ක්‌ලාස්‌ එකේ යැම සඳහා මුදල් සොයා ගත්තේ කොහොමද...?

ඔවුන්ම කියන පරිදි ඔවුන් තම මන්ත්‍රී වැටුප පරිත්‍යාග කරන්නේ පක්‌ෂයටය. හොඳ රැකියාවක්‌ කරන ඉහළ වැටුපක්‌ ලබන කෙනකුට පවා මේ ලෙස ව්‍යාපාරික පන්තියේ ගමන් බිමන් යැම අසීරු කටයුත්තකි. එසේ තිබියදී විප්ලවීය නායකයා සුපිරි පන්තියේ ගුවන් ගමන් යන්නේ කෙසේද යන ප්‍රශ්නය තිබේ. මේ සඳහා වියදම දැරුවේ පක්‌ෂයෙන්ද...? පක්‌ෂයෙන් වියදම දැරුවා නම් එතැන තිබෙන ප්‍රශ්නය සඳහා එක්‌ උදාහරණයක්‌ මෙසේය. ගාල්ල ප්‍රදේශයේ විප්ලවීය පéයක කාර්යාලයේ අතිශය දරුණු විනය කතාබහකි. ඊට පෙරදා රාත්‍රියේ පක්‌ෂයේ පෝස්‌ටර් ඇලවීම සඳහා ගිය පක්‌ෂ කාඩර්වරුන් පක්‌ෂ අරමුදලෙන් රාත්‍රි ආහාරය සදහා කොත්තු ආහාරයට ගැනීම මේ විනය පරීක්‌ෂණය සදහා හේතුවය. පක්‌ෂයේ වැඩක්‌ සඳහා ගිය සහෝදරයන් පිsරිසක්‌, පක්‌ෂ අරමුදලෙන් කොත්තු කෑම බරපතල විනය ප්‍රශ්නයක්‌ නම්, නායකයා පක්‌ෂයේ අරමුදලින් සුපිරි පන්තියේ ගුවන් ගමන් යැම කොයිතරම් බරපතල ප්‍රශ්නයක්‌ද...?

රතු නායකයා මේ ගමන හදිස්‌සියේ යැම පක්‌ෂයේ කටයුත්තක්‌ බව මෙතෙක්‌ පෙනී ගොස්‌ නැත. ඒ සඳහා මේ වන විට කතාවක්‌ ගොතාගෙන තිබෙනවා විය හැකි වුවත්, එම විදේශ ගමනේදී පක්‌ෂයට හෝ වාමාංශික ව්‍යාපාරයට අදාළ කිසිදු කර්තව්‍යයක ඔහු නියෑළී නැත. සාමාන්‍යයෙන් මෙම පක්‌ෂයේ නායකයකු එතෙර යන්නේ පක්‌ෂයේ වැඩකටය. එසේ යන විට ඔහු එහිදී, එතෙර සිටින ජවිපෙ සාමාජිකයන් ඇමතීම, එම රටේ තම මතවාදී වම්මුන් මුණ ගැසීම සිදු කරන අතර ඒ සදහා පක්‌ෂයෙන්, මාධ්‍ය ඔස්‌සේ සහ සිය වෙබ් අඩවි මාර්ගයෙන් ප්‍රසිද්ධිය ලබා දේ. එවැනි කිසිදු ප්‍රසිද්ධියක්‌ රතු නායකයාගේ මේ ගමන වෙනුවෙන් පක්‌ෂයෙන් ලැබුණේ නැත.

මේ පිළිබඳව අප්‍රේල් 27 වෙනිදා රතු පක්‌ෂය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදීන් විසින් පක්‌ෂ ලේකම්ගෙන් ප්‍රශ්න කළේය.

ප්‍රශ්නය - (රතු නායකයාගේ නම සඳහන් කරමින් ) ... මහතා මුල්‍ය වංචාවක්‌ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණ නිසා අයර්ලන්තයට ගියා කියලා, වෙබ් අඩවි විසින් තොරතුරු වාර්තා කරලා තිබුණා. මේක ඇත්තක්‌ද...?

පිළිතුර - මොකක්‌ද ..... සහෝදරයාට විරුද්ධව තිබෙන මූල්‍ය වංචාව...ඔය වෙබ් අඩවි කියන්නේ වෙබ් අඩවිත් නෙවෙයි. බංකොලොත් වුණ දේශපාලනඥයන් එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ ඉන්නවා... ඔවුන්ගේ කාර්යය තමයි, තමන්ට විරුද්ධ අය බල බලා බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරන එක. තමන්ගේ නෝනා එෆ්.සී.අයි.ඩි. එකට මුල්‍ය වංචා පිළිබඳව කට උත්තර දෙන්න යන කොට, ඒගොල්ලන්ට ඒවා දරාගන්න බැරි නිසා, ඒවා හොයන්න බල කරන අයට විරුද්ධව නිර්මාණය කරන ප්‍රවෘත්ති තමයි මේ. ------ සහෝදරයා පමණක්‌ නෙවෙයි, අපි ඔක්‌කොම පහුගිය දවස්‌වල හිටියේ විදේශ ගතවෙලා. මමත් ආවේ පෙරේදා.

ප්‍රශ්නය - වෙබ් අඩවි වාර්තා කරලා තිබ්බා, ----- ----- මහතා තමන්ගේ පරණ පෙම්වතිය ළඟට ගිහිල්ලා තියෙන්නේ කියලා.

පිළිතුර - ඔය ජාතියේ අසනීප තියෙන පිරිසක්‌ අපේ රටේ ඉන්නවා. තමන් වගේ අනිත් අයත් කියලා, හිතන අය, ලියන වාර්තා ගැන අපි කලබල වෙන්න ඕනේ නැහැ... ඒවා ඔක්‌කොම අයිති ලියන කට්‌ටියට..

ලේකම්ගේ කතාව තුළ රතු නායකයා විදේශගත වූයේ ඇයි යන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක්‌ නොමැති බව පෙනුණි. යම් හෙයකින් ඔහු විදේශ ගත වූයේ, පක්‌ෂයේ පැහැදිලි කාර්යභාරයකට නම්, ඒ බව ලේකම්වරයා ප්‍රකාශ කරනු ඇත. එසේ නම් රතු නායකයා හදිස්‌සියේ විදේශ ගත වූයේ ඇයි...?

අනුන්ගේ දූෂණ ගැන සෙවීම, විප්ලවයටත් වඩා ප්‍රමුඛ කාර්යය කරගත් රතු නායකයා වෙත පක්‌ෂයෙන් දූෂණ චෝදනාවක්‌ එල්ලවීම, ඔහුගේ එතෙර ගමන සඳහා ප්‍රධාන හේතුව වූ බව පක්‌ෂයේම අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි. මේ රතු නායකයා විවාහ වී සිටින්නේ නෑකමට තමන්ගේ නැන්දා වන කාන්තාවක සමඟය. මේ කතාව දේශපාලන ක්‌ෂේත්‍රයේ කාලයක්‌ තිස්‌සේ කතා බහ වෙමින් තිබුණු මාතෘකාවකි. ඔහුට චෝදනාව එල්ල වන්නේ ඔහුගේ බිරිඳගේ, පැරණි කසාදේ දරුවාගේ බැංකු ගිණුමේ, රුපියල් කෝටි ගණනක තැන්පත් මුදලක්‌ තිබීම සම්බන්ධවය. එවැනි මුදලක්‌ දරුවාගේ බැංකු ගිණුමට බැර වූයේ කෙසේද...? මේ සම්බන්ධයෙන් පක්‌ෂය වෙත තොරතුරු වාර්තා වී තිබුණ අතර පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩලයේදී සහ මධ්‍යම කාරක සභාවේදී මේ ගැන නායකයාගෙන් ප්‍රශ්න කරන්නට පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඉදිරිපත් විය. ඒ සමගම නායකයා වෙත පක්‌ෂයේ තිබූ අවනතභාවය නැතිවූ අතර පක්‌ෂයේ ඉහළ මණ්‌ඩල දෙකේ බහුතරය ඔහුට අහිමි විය. එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කට උත්තර නොමැති වූ නායකයා විසින් කරන ලද්දේ තමන් බැහැර යන බව පවසා පක්‌ෂයට ලියුමක්‌ ලියා, වහාම අයර්ලන්තය බලා පලා යන්නට විය.

රතු නායකයගේ පලා යැමේ ගමනාන්තය අයර්ලන්තයම වූයේ ඇයි...? එතෙර ගමනක්‌ සඳහා නමක්‌ ලෙස මතක්‌ නොවන අයර්ලන්තය, ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායකයෙක්‌ වන සුරේන් සුරේන්ද්‍රන්ගේ සේවා ස්‌ථානය පිහිටි රටය. ඔහු ඇමරිකානු පුරවැසියකු සේ ජීවත් වූවාට සේවයේ යෙදෙන්නේ අයර්ලන්තයේය. ශ්‍රී ලාංකිකයන් හැට හැත්තෑවක්‌ වැනි සීමිත පිරිසක්‌ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර ජීවත් වන නිසා තම රහසිගත කාර්යයන් සදහා අතිරේක පහසුවක්‌ ඩබ්ලින් නගරයේදී රතු නායකයාට ලැබෙන්නට ඇත. සුරේන් සුරේන්ද්‍රන් සිංහල භාෂාව සැහෙන දුරකට කතා කළ හැකි අයෙකු හෙයින් දෙමළ සහ ඉංග්‍රීසී භාෂාවන් කතා කළ නොහැකි රතු නායකයාට 'වන් ටු වන් ටෝකක්‌' සඳහා සුරේන්ද්‍රන් හොඳටම ගැලපෙන බව කිව යුතුය.

රතු පක්‌ෂයේ ලේකම් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදියා විසින් එක්‌ තැනකදී ප්‍රශ්න කරනුයේ, රතු නායකයා තම පැරණි පෙම්වතිය හමුවීම සදහා අයර්ලන්තයට ගියාද යන්නය.

උසස්‌ පෙළ නිමා වී විශ්ව විද්‍යාල ප්‍රවේශය තෙක්‌ මේ රතු නායකයා කාලය ගත කළේ, කෑගල්ල ප්‍රදේශයේ අවන්හලක සේවය කරමිනි. එහිදී තරුණියක සමග හාදකමක්‌ ඇතිකරගත් රතු නායකයා මේ සම්බන්ධය පාලනය කර ගත නොහැකි දුරකට ගෙන ගියේය. එහි ප්‍රතිපලය වූයේ තරුණියට රතු නායකගෙන් දරුවෙක්‌ ලැබීමට සිටීමය. පැවැති තත්ත්වය හමුවේ ධෛර්යවන්ත තරුණිය එංගලන්තය බලා ගිය අතර රතු නායකයගේ දරුවාද ඇය විසින් හදා බලා ගත්තාය. මේ තරුණිය රතු නායකයාට හදවතින්ම ආදරය කළ නිසා ඔහු සමග සන්නිවේදනය දිගටම සිදුවූ බව කියෑවේ. තම පැරණි පෙමවතිය සහ දරුවා බලන්නට රතු නායකයා සිය අයර්ලන්ත ගමන උපයෝගී කර ගත් බව කිව හැක්‌කේ තරුණිය සහ දරුවා ඒ දිනවල අයර්ලන්තයේ සිටි බැවිනි.

නායකයාගේ අමුතු ගමන පක්‌ෂයේ පහළ කාඩර්වරුන්ට ප්‍රශ්නයක්‌ ඇති නොකළේය. ආරංචි පැතිරී ගියත් ඒවා විශ්වාස නොකරන මානසික අභ්‍යාසයක්‌ පක්‌ෂය විසින් මුල සිටම කාඩර් වරුන්ට ලබා දී ඇති නිසා පක්‌ෂය...පක්‌ෂය...කියනා මන්තරයෙන් පිට කිසිවක්‌ ඔවුහු විශ්වාස නොකරන තත්ත්වයක සිටියෝය. මේ කාඩර්වරුන් සහ පිටත සතුරන්ගෙන් ගැලවීම සඳහා පක්‌ෂයේ නායක ගොටුවාදින් කිහිපදෙනකු නායකයා වෙත කතා කරමින් කියා සිටියේ ප්‍රශ්නය විස¹ ගන්නා තෙක්‌ ලංකාවට පැමිණෙන ලෙසය. පවතින තත්ත්වය හමුවේ, නායකයා අයර්ලන්තයේ රැඳුනහොත්, සිය දේශපාලන විරුද්ධවාදීන් එය පාවිච්චි කරණාකාරය අනෙක්‌ නායකයෝ කල්පනාවට ගෙන තිබුණි. මේ නිසා පක්‌ෂය දණ, නායකයා ඉදිරියේ නම්මන්නට ඔවුන් කිහිප දෙනකු පියවර ගන්නා ලදී. නමුත් නායකයාගේ මතය වූයේ පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩල බහුතරය තමනට නොමැත්තේ නම් යළි පැමිණීමෙන් පලක්‌ නොමැති බවය.

එසේ වුවත් නායකයා දිවයිනෙන් බැහැරව යන්නේම අප්‍රේල් විසි නවවෙනිදා යළි දිවයිනට පැමිණීම සඳහා ගුවන් ටිකට්‌ පත් වෙන් කරගෙනය. රතු නායකයා සියරට බලා පැමිණීමට අයර්ලන්තයේ ඩබ්ලින් ගුවන්තොටුපළට පැමිණ, සිය ගමන් බලපත්‍රය ඉදිරිපත් කරන විට එහි සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්‌ විසින් රතු නායකයා හඳුනා ගනු ලැබීය. ඔවුන් දෙදෙනා විසින් රතු නායකයාගේ සියලු ක්‍රියා පිළිවෙත් තමන්ගේ කැමරා දුරකතනයෙන් මතකගත කරනු ලැබීය. මේ දෙදෙනා රතු නායකයා සමග කතාබහට වැටෙන්නේ ඩබ්ලින් ගුවන් තොටුපළෙනි. එම දුරකථන පටිගත කිරීම මේ වනවිට යු ටියුබ් මාර්ගයෙන් කාටත් නැරඹිය හැකිය. එහිදී රතු නායක සහ අනෙක්‌ දෙදෙනා අතර ඇතිවන දෙබස මෙසේය.

දෙදෙනා සහ රතු නායකයා කතා කරනා අතර ඔවුන් නායකයා හඳුනාගෙන කතා කරන බව පෙනේ. ඒ අතර තවත් පුද්ගලයකු පැමිණෙන අතර ඔහු ද රතු නායකයා සමග කතා බහ කරයි.

පුද්ගලයෙකු - - ආ...කොහොමද...?

රතු නායක - ඉතිං ඉන්නවා...ඉන්නවා...හොඳින් ඉන්නවා... (සිනාසී) එහෙනම් අපි යන්නද...? මට චුට්‌ටක්‌ පරක්‌කු වෙලා තියෙන්නේ...එහෙනම් අපි පස්‌සේ හම්බුවෙමු.

එක්‌ පුද්ගලයකු යමක්‌ අසන්නට උත්සාහ කරන අතර ඒ කතාව අතරේම

රතු නායක - ( ඔවුන්ට සමුදීමට උත්සාහ කරමින්...) චුටි ප්‍රශ්නයක්‌ තියෙනවා...(මේ අතරේ දී පැමිණි පිරිසේ අය තවමත් කතා කරන බව ඇසේ .) පොඩි කේස්‌ එකක්‌ තියෙනවා... පොඩි ගමනක්‌ ඇවිල්ලා තියෙන්නේ...ඒකයි ... (කතා කරමින්ම නික්‌ම යන බව පෙනේ.)

ඒ අනුව රතු නායකයා යළි සිය රට පැමිණි අතර, මැයි පෙළපාලියට සහ රැලියට ද පෙර ලෙසම උජාරුවෙන් සහාභාගී වෙනාකාරය දකින්නට ලැබුණි. එය, සිය පක්‌ෂ කාඩර්වරුන් වෙත ශුභාරංචියක්‌ ගෙන යන බව පක්‌ෂ නායකයෝ දැන සිටියහ. එම බලාපොරොත්තුව අකුරටම ඉටු කරමින් රතු නායකයා සිය පක්‌ෂ බල ඇණිය ඇමතුවේය. මතුපිටට එසේ වුවත් 'සිල් බිඳගත්' නායකයා සමග පක්‌ෂ අභ්‍යන්තරයේ ඇති අර්බුදය තවම විසඳී නැත.

13103434_458356064334900_5652959591033353463_n.jpg


source
Code:
[SIZE="1"]http://www.divaina.com/2016/05/08/feature13.html[/SIZE]
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුර කියන්නෙ රනිල්හෙ ඉදුල් කන හිවලෙක් ඔකව එලොල ලල්ව හරි ටිල්වින් හරි නායකය කරන්ඩ ඔනෙ අනිව,
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අනුර කියන්නෙ රනිල්හෙ ඉදුල් කන හිවලෙක් ඔකව එලොල ලල්ව හරි ටිල්වින් හරි නායකය කරන්ඩ ඔනෙ අනිව,

    :rolleyes::rolleyes::rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ආණ්ඩුව ඇති කරන්ඩ සප් එක දුන්නෙ ඔය අනුර කුමාර , මිනිහ අද ආණ්ඩුව විවේශනය කරන්ඩ පටන් අරන් තියෙන්නෙ නායකකම රැක ගන්ඩ.අනුර කුමාර රනිල්ට ගොට්ට අල්ලනව කියල, පක්ශෙ ඇතුලෙ ආයෙ කචල්,ලාල්කාන්ත හරි ටිල්වින් හරි නායකය කරන්ඩ ඔනෙ කියනවලු. අද අනුරය නින්දෙන් ඇහැරුනා වගේ උඩු බුරන්නෙ නායකකම රැක ගන්ඩ නැතුව මේ ආණ්ඩුවට තියෙන විරොදෙට නෙමේ,අනුර කියන්නෙ තනිකර unp ඉදුල් කාල තරවෙන එකෙක්.

    නන්දන ගුනතිලක ජවිපෙන් එලවන්ඩ කුමන්තනය කරේ අනුර
    විමල්
    ඇතුලු ජනිපෙ , ජවිපෙන් එලවන්ඩ කුමන්තනය කරේ අනුර
    කුමාර මහත්තය ඇතුලු පෙරටුගාමින්
    ජවිපෙන් එලවන්ඩ කුමන්තනය කරේ අනුර
    අන්තිමට සොමවoශ
    ජවිපෙන් එලවන්ඩ කුමන්තනය කරේ අනුර

    අනුර ගැහුවෙ තනිකර ගේමක් පක්ශෙ විනාශකරා බලපන්කො ඔය සෙට් එකෙ එකට හිටියනම් තියෙන හයිය,:dull:
    අනුර කියන්නෙ තනිකර unp ඉදුල් කාල තරවෙන එකෙක්,පක්ශෙ කෑව ඔක.
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මේ ආණ්ඩුව ඇති කරන්ඩ සප් එක දුන්නෙ ඔය අනුර කුමාර , මිනිහ අද ආණ්ඩුව විවේශනය කරන්ඩ පටන් අරන් තියෙන්නෙ නායකකම රැක ගන්ඩ.අනුර කුමාර රනිල්ට ගොට්ට අල්ලනව කියල, පක්ශෙ ඇතුලෙ ආයෙ කචල්,ලාල්කාන්ත හරි ටිල්වින් හරි නායකය කරන්ඩ ඔනෙ කියනවලු. අද අනුරය නින්දෙන් ඇහැරුනා වගේ උඩු බුරන්නෙ නායකකම රැක ගන්ඩ නැතුව මේ ආණ්ඩුවට තියෙන විරොදෙට නෙමේ,අනුර කියන්නෙ තනිකර unp ඉදුල් කාල තරවෙන එකෙක්.

    නන්දන ගුනතිලක ජවිපෙන් එලවන්ඩ කුමන්තනය කරේ අනුර
    විමල්
    ඇතුලු ජනිපෙ , ජවිපෙන් එලවන්ඩ කුමන්තනය කරේ අනුර
    කුමාර මහත්තය ඇතුලු පෙරටුගාමින්
    ජවිපෙන් එලවන්ඩ කුමන්තනය කරේ අනුර
    අන්තිමට සොමවoශ
    ජවිපෙන් එලවන්ඩ කුමන්තනය කරේ අනුර

    අනුර ගැහුවෙ තනිකර ගේමක් පක්ශෙ විනාශකරා බලපන්කො ඔය සෙට් එකෙ එකට හිටියනම් තියෙන හයිය,:dull:
    අනුර කියන්නෙ තනිකර unp ඉදුල් කාල තරවෙන එකෙක්,පක්ශෙ කෑව ඔක.

    :yes::yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අනුර කියන්නෙ රනිල්හෙ ඉදුල් කන හිවලෙක් ඔකව එලොල ලල්ව හරි ටිල්වින් හරි නායකය කරන්ඩ ඔනෙ අනිව,
    :angry::angry::angry:
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Ethakota anith paksha nayakayoth pitarata yanne business class neda? Anith nayakayange banks accounts wala salli nethda? JVP eka gena witharak hoyanne mokada? Umbala JVP ekata baya nisa neda? :rofl::D
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    සොහොන;20114364 said:
    :P ලපයාට මොකද බන් බය වෙන්නේ ඔය ලපයා ඉන්නේ හොදට

    Kata wunath private life ekak thienawane ban. Oya gossip walin ratata wedak thienawada?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ethakota anith paksha nayakayoth pitarata yanne business class neda? Anith nayakayange banks accounts wala salli nethda? JVP eka gena witharak hoyanne mokada? Umbala JVP ekata baya nisa neda? :rofl::D
    ජවිපෙම කියන විදිහට,ධනේශ්වර පන්තියෙ ධනපති පලකයො බිස්නස් ක්ලාස් ගියා කියල නිර්ධනපන්තියෙ සමාජ්වාදි නායකයත් එකෙම ගියාම හරියනවද???:rolleyes::rolleyes:
    ධනපති පාලකයො මුදල් වැය කරමින් රට සවාරි ගහනවලු සැපගන්නවලු එතකොට රතු අලි පැටිය මාසයක්ම රට ඉදගෙන මොකො කොරේ හිගාකෑවද??:rofl:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ජවිපෙම කියන විදිහට,ධනේශ්වර පන්තියෙ ධනපති පලකයො බිස්නස් ක්ලාස් ගියා කියල නිර්ධනපන්තියෙ සමාජ්වාදි නායකයත් එකෙම ගියාම හරියනවද???:rolleyes::rolleyes:
    ධනපති පාලකයො මුදල් වැය කරමින් රට සවාරි ගහනවලු සැපගන්නවලු එතකොට රතු අලි පැටිය මාසයක්ම රට ඉදගෙන මොකො කොරේ හිගාකෑවද??:rofl:

    ඔ්කට කථා කරල වැඩක් නෑ බන් අමු ගොනෙක් ඕකා...
    :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Kata wunath private life ekak thienawane ban. Oya gossip walin ratata wedak thienawada?
    සමාජ්වාදි නයකයන්ට කොහෙද බන් පුද්ගලික ජීවිත ලොල්,:P:P උබ කතා කරන්නෙ ජවිපෙ ගැන නෙමේ නම් ඔය කතාව හරි ඒත් ජවිපෙ කියන්නෙ සමාජවාදය වෙනුවෙන් පෙනි සිටින කාල් මාර්ක්ට ලෙනින්ට මල් තියල වදින පක්ශයක්නෙ බන්.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    රතු නායකයා සියරට බලා පැමිණීමට අයර්ලන්තයේ ඩබ්ලින් ගුවන්තොටුපළට පැමිණ, සිය ගමන් බලපත්‍රය ඉදිරිපත් කරන විට එහි සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්‌ විසින් රතු නායකයා හඳුනා ගනු ලැබීය. ඔවුන් දෙදෙනා විසින් රතු නායකයාගේ සියලු ක්‍රියා පිළිවෙත් තමන්ගේ කැමරා දුරකතනයෙන් මතකගත කරනු ලැබීය. මේ දෙදෙනා රතු නායකයා සමග කතාබහට වැටෙන්නේ ඩබ්ලින් ගුවන් තොටුපළෙනි. එම දුරකථන පටිගත කිරීම මේ වනවිට යු ටියුබ් මාර්ගයෙන් කාටත් නැරඹිය හැකිය. එහිදී රතු නායක සහ අනෙක්‌ දෙදෙනා අතර ඇතිවන දෙබස මෙසේය.

    දෙදෙනා සහ රතු නායකයා කතා කරනා අතර ඔවුන් නායකයා හඳුනාගෙන කතා කරන බව පෙනේ. ඒ අතර තවත් පුද්ගලයකු පැමිණෙන අතර ඔහු ද රතු නායකයා සමග කතා බහ කරයි.

    පුද්ගලයෙකු - - ආ...කොහොමද...?

    රතු නායක - ඉතිං ඉන්නවා...ඉන්නවා...හොඳින් ඉන්නවා... (සිනාසී) එහෙනම් අපි යන්නද...? මට චුට්‌ටක්‌ පරක්‌කු වෙලා තියෙන්නේ...එහෙනම් අපි පස්‌සේ හම්බුවෙමු.

    එක්‌ පුද්ගලයකු යමක්‌ අසන්නට උත්සාහ කරන අතර ඒ කතාව අතරේම

    රතු නායක - ( ඔවුන්ට සමුදීමට උත්සාහ කරමින්...) චුටි ප්‍රශ්නයක්‌ තියෙනවා...(මේ අතරේ දී පැමිණි පිරිසේ අය තවමත් කතා කරන බව ඇසේ .) පොඩි කේස්‌ එකක්‌ තියෙනවා... පොඩි ගමනක්‌ ඇවිල්ලා තියෙන්නේ...ඒකයි ... (කතා කරමින්ම නික්‌ම යන බව පෙනේ.)

    ඒ අනුව රතු නායකයා යළි සිය රට පැමිණි අතර, මැයි පෙළපාලියට සහ රැලියට ද පෙර ලෙසම උජාරුවෙන් සහාභාගී වෙනාකාරය දකින්නට ලැබුණි. එය, සිය පක්‌ෂ කාඩර්වරුන් වෙත ශුභාරංචියක්‌ ගෙන යන බව පක්‌ෂ නායකයෝ දැන සිටියහ. එම බලාපොරොත්තුව අකුරටම ඉටු කරමින් රතු නායකයා සිය පක්‌ෂ බල ඇණිය ඇමතුවේය. මතුපිටට එසේ වුවත් 'සිල් බිඳගත්' නායකයා සමග පක්‌ෂ අභ්‍යන්තරයේ ඇති අර්බුදය තවම විසඳී නැත.

    පුළුවන් කෙන්නෙක් මේ video එකේ link එකක් දානවාද? ඕක පත්තර article එකක තිබ්බ එකක් නේ. දැන් මෙතන video එක දන්නා බැරි කමක් නැහැනේ.

    මම දැක්ක ඔය සීන් එකට නඩුවකුත් වැටිලා තියනවා. තව ටිකක් පැහැදිලි කරනවා නම් හොඳයි.
     

    Similar threads