Exploring the beauty of Kumana national park.

tharindup

Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    කුමන ජාතික වනෝද්‍යානය කියන්නෙ මුලින් නැගෙනහිර යාල ජාතික වනෝද්‍යානය.මේකට යන්න නං කොළඹ ඉඳන් කිලෝමීටර් 350ක් විතර යන්න වෙනවා.

    ඇත්තටම ගොඩක් අය මේක දන්නෙ කුමන කුරුළු අහය භූමිය කියල.හේතුව තමයි ශ්‍රී ලංකාවට එන සංක්‍රමණික පක්ෂීන් විශාල ප්‍රමාණයකගේ නවාතැනක් තමයි කුමන.කුරුල්ලො විතරක් නෙමෙයි ලංකාවේ වනෝද්‍යානයකට ගිහින් දකින්න පුළුවන් හැම සතෙක්ම බලාගන්න පුළුවන් මේකෙදි.

    ඒ වගේම ඉතාමත් පැරණි ගොඩක් විනාස වෙලා ගිය සිද්ධස්ථාන රැසක බලන්න පුළුවන් කුමන වනෝද්‍යානයට ගියොත්.

    අනික් එක තමා මේකෙදිත් එන සංචාරකයන්ට නවතින්න සංචාරක බංගලාවකුත් camp site 5 කුත් වෙන් කරලා තියෙනව. මේකෙ එන්න හිතන් ඉන්නවා නං අනිවාර්යයෙන් 4wd වාහනයක් ඕන.

    උඹල බලනවා ඇති මේ මොකෝ කියල.ඔව් අපි මෙදා සැරේ ගියේ කුමන..මේ ට්‍රිප් එක තමා set කරගන්න අමාරුම ට්‍රිප් එක කිව්වොත් හරි.මට නං යනකන් sure එකක් තිබුනේ නෑ.ඒ තරන් පොලු.එත් මම ලේසියෙන් වැඩක් අතාරින්නේ නැති හින්ද කොහොමහරි ගියා.මතක තියාගනිල්ල එක.ආවේ නැති උන්.

    අපි ගමන ගියේ අප්‍රේල් 29 30 සහ මැයි 1.මුලින් බර ගානක් හිටියට අන්තිමට යන්න ඉතුරු උනේ 6 දෙනයි.අපි ගියේ rexton එකකයි alto එකකයි.

    කිලෝමීටර් 330ක් විතර තියෙන නිසා උදෙන්ම යන එක හොඳයි. අපි පිටත් උනේ උදේ 4ට විතර.දුර ගමනක් යන්න තියෙන හින්ද රත්නපුර පාරේ තියෙන ඇල්ලේ දෙවාලේටයි රත්නපුර මහා සමන් දෙවාලේටයි පඬුරු දාල ආශිර්වාදය අරගෙන තමයි ගියේ..මුලින්ම නැවැත්තුවේ කොළ කැඳ එකක් බීල යන්න.කොහෙද කියල මතක නෑ.




    ඊට පස්සේ නැවතුනේ උදේට කන්න තණමල්විල.එන ගමන් දඩයකුත් කෑවා කියහන්කො ඉරක් කපල.

    උඩවලව ජලාශය


    උදේට කාපු තැන.


    ලාහුගල හරියේදී පොඩ්ඩක් නැවතුනා ලස්සන බලන්න.

    Beautiful A4 road!


    ඊට පස්සේ නැවතුනේ පොතුවිල් town එකේ.මෙහෙන් ගන්න පුළුවන් හැම දේම අරන් ගිය හින්ද අපිට බඩු කියල ගන්න තිබුනේ බොහොම අඩු දේවල් ටිකක්.ඒ ටිකත් අරගෙන ගීයේ පානමට.අපි එනකන් මග බලන් හිටපු සෆාරි වාහනේට බඩු ටික දාගෙන දවල්ට කන්න පාන් ටිකකුත් ලෑස්ති කරෙගන පිටත් උනා කුමනට.

    පානම ඉඳල කුමනට 16km වගේ තියෙනව.හරියට පාරක් නෑ.තනිකරම කැලෑව තමා.

    මගදී.


    ඈතින් පේන්නෙ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය.ඔය ගල් තලාව ඈතට පේන්නෙ සැතපෙන බුදු පිළිමයක් වගේ.


    park entrance එකට ඇවිල්ල වැඩ කටයුතු ටික කරගෙන යන්න හදනකොට තමා අපේ මග පෙන්වන්නා කිව්වෙ අපි book කරන් හිටපු මෝය කට camp site එකට යන්න විදිහක් නෑ.කුමන විල්ලුවේ වතුර වැඩි වෙලා පාර වැහිලා කියල.කරන්න දෙයක් නැති නිසා පිටත් උනා ගල් අමුණ camp site එකට.

    මගදී.




    අපිට මුලින්ම හම්බුනා සතා තමයි මුවා..






    photo ගහන උන් හෙන busy..


    කපටියා..නරිය..




    ගොඩක් දුර එන්නත් තිබුන නිසා සත්තු බලන එක එච්චරම එලෙව්වේ නෑ.මගදී හම්බවෙන එකෙක් දැක්කොත් මිසක්.අපි ගොඩක් සත්තු දැක්ක.photo ටික විතරක් දාන්නන්.










    මේ නරිය නං ජීප් එක ළඟටම වෙලා හිටිය.


    ඊට පස්සේ අපි ආවේ කුමන වනෝද්‍යානයේ ක්ෂේම භූමියට.කුමන park එකේ heart එක කිව්වොත් හරි මෙතන.මේ තමා කුමන විල්ලුව.


    ගොඩාක් කුරුල්ලන්ගේ නවාතැන තමා මේ කුමන විල්ලුව .කවදාවත් වතුර හින්දෙන්නේ නැති නිසා අනික් සතුන්ටත් ගොඩක් වටිනා තැනක් තමයි මේ.අනික් එක තමා මේක කුරුල්ලො බලන ඒ වගේම bird photography කරන අය අතරේ ලෝක ප්‍රසිද්ද තැනක්.ඈතින් පේනවා පරණ කුමන ගම්මානය.









    එතනින් පිටත් වෙලා ටික දුරක් ආවම අපේ සුද්ද,ඒ කියන්නෙ ජීප් driver බැහැල කිව්ව මල්ලි මෙතනින් එගොඩ උනොත් ගල් අමුණේ එහෙම නැත්තන් යන එන මන් නෑ කියල.බැහැල බැලුවම තඩි වලක්.මිහිහ කොහොමහරි වාහනේ ගොඩ දැම්ම.








    ඊට පස්සේ අපි නැවතුනේ ගල් අමුණ කියන තැන.එතනත් ටිකක් විතර අමාරු උනා වාහනේ පහලට ගන්න.


    Famous gal amuna camp site.!


    මේක තම මෙතනට ගල් අමුණ කියන්න හේතුව.


    මේක පටන් ගන්නකොට කිව්ව කුමන කියන්නෙ සැහෙන්න දිග ඉතිහාසයක් තියෙන තැනක්.මේකත් එහෙමයි.මේක දැනට අව්රුදු දහස් ගානකට කලින් හදපු අමුණක ශේෂ කොටස් තමයි..

    අපි ආපු ගමන් කලේ නාපු එක.

    Happy faces..


    ඉර බහිනව.


    ඊට පස්සේ අපි උයාගෙන කාල නිදා ගත්ත.පොඩි ටෙන්ට් එකක් තිබුන.ඒකෙ දෙන්නයි අනික් අය නිකන් එළියේ හිටියේ.මදුරුවො කනවා හෝ ගාල.මළමිනී නැගිටිනවා වගේ එක එකා ඇහැරෙනවා නිදා ගන්නව..පැඟිරි තෙල් බෝතලයක් ගෙනිහින් තිබුනට කව්රුහරි එකත් පෙරලලා.කරුමේ කියන්නෙ පාන්දර 3 ට විතර වහින්න පටන් ගත්ත.ඉක්මනට ඔක්කොම බඩු ටික rain coat වලින් වහල දාල අපි ගියා ජීප් එක ඇතුලට.උදේ වෙනකන් එකේ තමයි.

    අපේ ටෙන්ට් එක.

    good morning ..!


    කුඹුක්කන් ඔය.


    උදේ milo එක.


    පොඩ්ඩක් ඇවිදින්න ගියා.සමහර උන් තවම නිදි.




    අපි world record එකක් තිබ්බ.badminton ගැහුව.මම හිතන්නේ නෑ මීට කලින් කිසිම කෙනෙක් මෙතන මේ වගේ දෙයක් කරල ඇති කියල.

    ඔව් අපි වෙනස්!


    මේ වෙලාවේ මරු වැඩක් උනා.අපි සෙල්ලම් කර කර ඉන්නැද්දී සජ්ජ ඈත ඉඳන් කෑගහනව හෝ ගාල වරෙන් කියල.මුලින් එච්චර ගණන් ගත්තෙ නැති උනත් පස්සේ ගියා බලන්න.

    සජ්ජ තමා අන්තිමට ඇහැරුනේ.ඌ ඇහැරිලා ජීප් එකෙන් බැහැල බලනකොට එතන තිබ්බ පොඩි කන්ද දිගේ කළු පාට බෝලයක් වගේ පහලට එනවලු.බැලින්නන් වලහ.මූ බය ඉක්මනටම නිදා ගෙන හිටපු ගයිඩට කිව්වට ඌ ගණන් අරන් නෑ.පස්සෙ වලහත් මූව දැකල .ඊට පස්සේ ඌ ආපහු ගිහිල්ල අපේ එකා shape එකේ අපි ඉන්න පැත්තට ආව.අපි ගිහින් හොයනකොට වලහ ගිහින්.

    වලහ හොයන අපේ set එක.


    name board.


    ඒක අතැරලා ආව උදේම නාල කන්න.


    ගැහුව ඕමියක්.දුන්න ගයිඩටයි සුද්දටයි address නැති වෙන්න.


    උදේ කෑම.




    අපි කාල මාළුන්ටත් දුන්න කෑම.










    දවල්ටත් උයගෙනම යන්න හිතුව..උයන ගමන් කෑවා කොමඩු.


    ඒ අතරේ set එකක් නානවා.


    උයල pack කරලා ගැහුව group photo එක.
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    ඊට පස්සේ පිටත් උනා එන්න.ඇත්තටම දෙවන දවසටත් අපි ගල් අමුණ camp site එක වෙන් කරගෙන හිටියට එකම තැනක දවස් දෙකක් ඉන්න එකේ තේරුමක් නැති නිසා අපි වෙන තැනක් හොයාගෙන ආව.

    පොඩ්ඩක් හිර උනා.


    දුෂ්කර ගමනක






    ඊට පස්සේ අපිට මේවා set උනා.දුන්න ගහටම වැඩේ.මොනවද කියපල්ලා බලන්න...




    අපේ target එක උනේ කොහොමහරි තවත් සත්තු ටිකක් බලාගන්න.

    ගස් අස්සේ හැංගිලා


    ඌර.


    නම දන්නේ නෑ.








    තව තැනකදී ලස්සන seen එකක් දැක්ක.අලි දෙන්නෙක් උම්මා දෙනව.


    අපිව දැක්ක විතරයි මුන් දෙන්න දිව්ව.ලජ්ජා හිතිලද කොහෙද.

    පස්සේ අපි ආවේ බෝවත්තලෙන කියන ගල්ගුහා සංකීර්ණයකට.ගොඩක් පරණ අක්ෂර වලින් ලියපු සෙල්ලිපි එහෙම තියෙනව.තව කටාරම් කොටපු ගල් ගුහා.


    සෙල්ලිපි


    මේ පොකුණු හිඳේන්නේ නෑලු.
    =ht



    මේ වගේ කැලෑ වල තියෙන මේ වගේ සිද්ධස්ථාන ඔක්කොම නිදන් හොරු හාරලා ඉවරයි.

    අපේ කට්ටිය මේ නැගල ඉන්නෙ ඉස්සර තිබුන චෛත්‍ය උඩට.


    අපිට නං මේ වගේ උතුම් තැනකට උදලු වලින් ගහල හාරනව වගේ දේවල් කරනවා තියා හිතන්නවත් බැරි උනාට ඒ වගේ පව් වැඩ කරන මිනිස්සු ඕන තරන් ඉන්නව.මේක හරි අගේට ගොඩ දාපු නිදානයක්ලු.


    ඔය සජ්ජ වටේට පෙන පොඩි පොඩි රවුම් රවුම් වගේ ඒවත් නිදන් තිබ්බ එවලු.ඔක්කොම අරන්.


    කටාරම්.


    ගොඩක් ඈත පේනවා.


    අමුතු පිහිටීමක්.




    අපි




    මේ වගේ තැන් ගොඩක් සත්තුන්ට නවාතැන් තමා.ගොඩක් සතුන්ගේ අඩි සටහන් දකින්න පුළුවන්..






    මේක දිවියෙක්ගේ වාසස්ථානයක්.






    තව එහාට ගියා අපි.





    තව දෙයක් කියන්න ඕන.මේවා විනාස කරන මේ වගේ කාලකන්ණි ජාතියකුත් ඉන්නව.මුළු බිත්තිය පුරාම ලියල.


    අපි සත්තු ටිකක් බලන්න කියල එහාට මෙහාට රවුම් ගැහුව.

    ඊට පස්සේ අපි ආවෙ ආපහු කුමන විල්ලුවට.

    අතරමගදී තව අලියෙක් set උනා.හිනා වෙලා ඉන්නවා ලස්සනට මෙය නං.


    කුමන විල්ලුව.




    හැම ගහකම වගේ කුරුල්ලො පදිංචි වෙලා ඉන්නෙ.දහස් ගානක් ඉන්නවා.ඇත්තටම මේක උන්ට ක්ෂේම භූමියක්ම තමයි.




    පරණ කුමන ගම.දැන් ඔච්චරයි ඉතුරු.




    ඔතනදි දවල්ට කාපු අපි පිටත් උනා park එකෙන් එලියට එන්න.ඒ එන අතරේදී තවත් සත්තු දැක්ක සෑහෙන්න.

    මෙයා නං දන්නව ඇති.




    දියකාවෝ ගොඩයි..




    කුළු හරක් හිටිය සෑහෙන්න.


    නරි ජෝඩුවක්.


    කුළු හරක.
    කොහොමද බැල්ම..ලංකාවේ ඉන්න සත්තුන්ගෙන් භයානකම සතා මම හිතන්නේ මෙය තමා.


    ඊට පස්සේ මෙන්න මෙයාව දැක්ක.


    මෙතනත් හරි ලස්සනයි.එක එක ජාති වල සත්තු ගොඩක් හිටිය..


    ආපහු කිඹුල් තඩියෙක්.


    මුවෙක් මැරිල.


    ඊට පස්සෙ අපේ guide මල්ලි අපිව එක්කන් ගියෙ මේ park එක ඇතුලේ තියෙන කැස්බෑ සංරක්ෂණ මද්‍යස්ථානය වෙත.කිරිගල්බේ කියන බොක්ක හරියේ තමා මේක තියෙන්නෙ.එතන අලුතින් සංචාරක බංගලාවකුත් හදනවලු.

    ඒ යන අතරමගදී තමා අපි වලහ දැක්කෙ.ඈත තියල දැක්ක මෙයා පාර දිගේ එනව.


    අපිව දැක්ක ගමන් ගිහින් හැන්ගුනා.


    ගස් අස්සට ගිහින් ඉන්නව අපි යනකන්.


    අපිත් සෑහෙන වෙලාවක් හිටිය.මූ යන්නෙත් නෑ.අපිට බැන බැන ඉන්න ඇති මේ ගොන් වස්සො ටික යන්නෙ නැනේ කිය කිය.

    හරියන්නෙ නෑ මමම එනව එළියට කියල ආව.


    ඇවිල්ල උගේ පාඩුවේ ඌ ගමන ගියා.හැබැයි.ආපහු හැරිලා බැලුව දෙපාරක්.අපේ නලින්ද මල්ලි කියපු විදියට වලහ එහෙම හැරිලා මූණ බලන්නේ නෑලු.ඒ අතින් අපි හෙන වාසනාවන්තයි කිව්ව.


    මේ කාලකන්ණි ටික හින්ද මගේ කෙල්ලත් miss උනාද දන්නෑ..!මම යනව යන්න.කියල ගියා.


    අහුවෙයන්කෝ මට කියල ආපහු බැලුව.


    මට මතක් උනේ අපේ blacky ව..අපේ මෝඩ බලු සුරතලව..

    එතනින් පිටත් උන අපි ඊළඟට ආවේ කිරිගල්බේ වෙරළට.ගොඩක් ලොකු තැනක් ඒක.


    මේ කොටු කරලා තියෙන්නෙ කැස්බෑ බිත්තර දාන තැන්.


    මැරිච්ච පැට්ටෙක්..


    වෙරළ.


    කිරිගල් බේ.


    එතනින් පිටත් වෙලා ටික දුරක් එනකොට දැක්ක හාවෙක්ව.කිසි ගානක් නෑ ඔහේ ඉන්නවා පාර අයිනෙ.




    තව අලියෙක් දැක්ක අන්තිම හරියේදී.


    ඊට පස්සෙ අපි කෙලින්ම ආවේ park එකෙන් එළියට.නලින්ද මල්ලිව බස්සල ආපහු රෑ වෙලා අපි එක්ක set වෙන්න කියල අපි කෙලින්ම ආවේ ඕකන්ද දේවාලෙ ළඟට.

    මොකද එදා රෑ අපේ නවාතැන විදියට අපි set කරන් හිටියෙ ඕකන්ද රන් ඔරුගල beach එක.දේවාලෙ ගාව ඉඳන් පොඩ්ඩ දුරයි.

    දේවාලෙට සෙනග ටිකක් විතර ඇවිල්ල හිටිය නිවාඩු දවසක් නිසා.ලස්සන නංගි කෙනෙක් එහෙම හිටිය නාන්න ඇවිල්ල ළිඳට.දෙයියනේ කියල මම කොහේ ගියත් කාව දැක්කත් දකින්නෙ එකම විදියටනෙ.ඉතින් ඒ නංගිත් එහෙම්මම තමයි..අපේ කොල්ලන්ගෙන් ඇහුව නං කියයි.

    මේ ඉන්නෙ අපි.


    අපේ සුද්ද, ඒ කිව්වෙ අපේ සෆාරි රියදුරු මහත්තයාගේ දැන හැඳුනුම්කම් ගොඩක් වැදගත් උනා මේ වෙලාවේදී.මෙතන තියෙන්නෙ ධීවර වරායක්.ඒ ධීවර අයගේ වාඩියක තමා අපි නවතින්න හිතන් හිටියෙ.එත් එක පාරටම එහෙම යන්න බැරි උනාට අපේ සුද්ද ඉස්සරහට ඇවිල්ල ගිහිල්ල කිව්ව මේ මගේ කට්ටියක් ඇවිල්ල ඉන්නෙ අපිට ඉන්න වාඩියක් දෙන්න කියල.පස්සේ බැලුවම සුද්ද මේ ධීවර සමිතියේ ලේකම්ලු ඉස්සර.

    අපිට මුහුද අයිනෙම තියෙන වාඩිය ගන්න කිව්ව.එතකොටත් ටිකක් රෑ වෙලා තිබුන හින්ද අපි උයන්න පටන් ගත්ත.වතුර නං නෑ පුතෝ.ඔක්කොම අපි අරන් ගිය ඒවා පාවිච්චි කලේ.දෙන්නෙක් ගියා වාහනේ අරන් එන්න කියල පානම එයාලට උදෙන්ම කොළඹ එන්න හදිසි වෙලා.

    මේකෙ තමා අපි හිටියේ.


    මෙතනදීත් අපි වෙනද වගේම කෑම හැදුව මුලින්ම.රෑ වෙලා හින්ද මුහුදේ නාන්න එපා කිව්ව.ඒ නිසා උයල ඉවර වෙලා මමයි සජ්ජයි ගියා දේවාලෙ ළිඳට.යනකොට අපේ වාඩියට ටිකක් මෙහා තිබුන පඳුරු අස්සෙන් පොඩි සද්දයක් ආව නිසා හැරිලා ටෝච් ගහල බැලුවම අලියා.ටිකක් විතර බය උනත් නාගෙන එනකොට පොර ගිහිල්ල.අපි එනකොට අපේ set එකම වෙන වෙන ග්‍රහලෝක වල.අපි රෑට කාල ඉවර වෙලා ගියා night safari.මම මීට කලින් මෙහෙම දෙයක් කරලා තිබුනේ නෑ..පාරවල් පුරා කිඹුල්ලු..අපිට අලිත් හම්බුනා 4ක් වගේ..හාවො එහෙට මෙහෙට දුවනවා හෝ ගාල..රෑට තමා සත්තු එළියට එන්නෙ.අපි පැයක් විතර රවුම් ගහල ආව වාඩියට.ඇවිත් නිදා ගත්ත හොඳට.හොඳට මතක තියාගනිල්ල park එක ඇතුලෙ නෙමෙයි ගියේ..එළියේ..
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    අපි හිටියෙ මෙහෙම තමා නිදා ගත්තෙ.හොඳට නින්ද ගියා.


    මට තමා මුලින්ම ඇහැරුණේ.මෙතන ඉර පායනව බලන්න පුළුවන්. හරි ලස්සනයි..


    රන් ඔරුගල.


    ඉර පායනව..




    ගොඩක් අය මුහුදු යනව උදේ පාන්දරම.


    අපේ උන් ටික තවම බුදි.


    ඊට පස්සෙ අපේ set එකක් එන්න පිටත් උනා.ඉතුරු උනේ මමයි තව දෙන්නයි.alto එකේ අව set එක.

    අපි ගියා උදෙන්ම මුහුදේ නාන්න.පට්ට place එක නාන්න.!




    මෙයාලත් එළියට එනව


    මෙතන නානකොට ටිකක් පරිස්සමින්.එක පැත්තක විතරයි නාන්න හොඳ.




    හිටපු ගමන් ලොකු රැළි එනව..බය වෙන්න දෙයක් නෑ ගහගෙන යන ඒව අදින ඒව නෑ මෙතන.




    අපි ගොඩට එනකොටම set උනා බෝට්ටුවක් තල්ලු කරන්න.


    ඊට පස්සෙ ළිඳට ගියා නාන්න.


    බඩු ටික pack කරගෙන ජීප් එකට දාගෙන ගියා දේවාලෙට.මුකුත් නොකා ගියේ.හේතුව තමා මේකට යනවා නං මස් මාළු පිලී ජාති කන්න හොඳ නෑ.ගොඩක් අනුහස් තියෙන තැනක්..






    අපේ අක්කල නංගිලට තමා මේක..


    ඊට පස්සෙ අපි ආවේ පානමට.ජීප් එකේ ගාස්තු ඔක්කොම බේරල අපි එන්න පිටත් උනා ගම රටවල් වලට.එන ගමන් අපි ගියා පොතුවිල් මුහුදු මහා විහාරයට.




    මුස්ලිම් ජාතිකයන්ගෙන් දැඩි බලපෑම් තියෙන මේ පන්සලට පුළුවන් උදව් කරපල්ල.එළකිරි එකෙයි FB එකෙයි කොට කොටා ඉඳල හරියන්නෙ නෑ.උන් එහෙම නං අපිත් එහෙම වෙන්න ඕන.නැතුව බැන බැන ඉන්න නෙමෙයි.අපිට සිංහල නායකයෙක් නැති එකේ අපි එකතු වෙන්න ඕන.


    මේ වැලි යට හැංගිලා තියෙන්නෙ අපේ ඉතිහාසය..


    මේවා දැක්කම දුක හිතෙනව සිංහල ‌‍විදියට.එතනින් පිටත් උන අපි ආෙව ‌්‍වැල්ලවායට ඇවිත් එතනින් බෙරගල හරහා..වැල්ලවායේ ඉඳන් බෙරගලට එනකන් නං පාර සවුත්තුයි..එතනින් මෙහාට පාර හොඳටම හොඳයි.මගදී දැක්ක දියළුම ඇල්ල..








    එතනින් බෙලිමල් එකක් බීල පිටත් උනා.


    මගදී අහු උනා පට්ට මීදුමකට..බෙරගල කිට්ටුව.






    දවල්ට කන්න කියල කඩයක් හොයාගෙන ඇවිල්ල හල්පේ හරියේදී set උනා නියම කඩයක්.ගොඩක් අය දන්නවත් ඇති මෙතන.කෑම ටික මරු.!දෙනව කඳුළු පනින්න.ඒ තරං සැරයි..ජීවිතේට කාල තිබුනේ නැති අලකොල මාලුවයි තව සැර සම්බෝලෙකුයි කෑවා තොසෙයි රොටියි එක්ක.




    මේ ඉන්නෙ අපි set එක.


    ඔන්න ඔහොම තමා අපේ මේ ට්‍රිප් එක ඉවර උනේ..මොනව හරි මේකෙ අවුලක් තියෙනව නං සමා වෙන්න ඕන.ටිකක් දිග වැඩි ඇති.මීට වඩා පොඩි කරන්න බෑ.

    වෙනද වගේම කියන්න තියෙන්නෙ අපිට තියෙන මේ රට පුළුවන් තරන් ආදරෙන් රැක ගනිල්ල.සිංහල අපිට කව්රුත් නෑ.නායකයෙක් නෑ කොන්ද පන තියෙන..ජාතිවාදියෙක් කියයි මට.කමක් නෑ ඒකට.මේ වගේ පළාතක රවුමක් ගියාම පලයල්ලා බලන්න.එතකොට තේරෙයි.
    පුළුවන් තරන් ගහ කොළට ආදරය කරපල්ල.සත්තුන්ට ආදරය කරපල්ල..ඒවා කවදාහරි තමන්ට ලැබෙනවා.අපි මේ වගේ ට්‍රිප් එකක් ගිහින් ගන්න දේවල් town එකේ හොඳ හෝටලයකට ගිහින් ගන්න බෑ.

    අනික මේ ට්‍රිප් එක set කරනකොට සෑහෙන්න කටු කෑවා.මට මුලින් set වෙලා හිටපු සෆාරි ජීප් කාරයට ,(උගේ නම චමීර) යන්න කලින් දවසෙ හවස කතා කරලා ඇහුවම නවතින්නෙ කොහෙද ඇහුව.ගල් අමුණ කියපු ගමන් මූ බෑ කිව්වනෙ.මුලින් කියන්න ඕන මචං ඒ වගේ දේවල්.මම මාර අමාරුවක වැටුනේ.එත් අපේ සුද්ද එහෙම කිව්වෙ නෑ.අපි යමු කිව්ව.අන්න මිනිස්සු.අනික් එක තමා මේකට එන්න ගොඩක් කට්ටිය ඉඳල ඔක්කොම set කලාට පස්සේ එක එකා හැලුන.ඔක්කොමටම budget හදල book කරලත් ඉවරයි.කමක් නෑ අපි ගිහින් ආවනෙ.හොඳට මතක තියාගනිල්ල,මම ලේසියෙන් අතාරින්නේ නෑ.

    මේ ගමනට උදව් කරපු හැමෝම මතක් කරන්න ඕන.විශේෂයෙන් සනස සංවර්ධන බැංකුවේ පොතුවිල් ශාඛාවෙ කළමනාකාර තුමාටත් ,සනස රක්ෂණ සමාගමේ පොතුවිල් නියෝජිත ඒ මල්ලිටත් ගොඩක් පින්.මාර කට්ටක් කෑවා ජීප් හොයන්න.ඒ වගේම තමා අපිත් එක්ක ආපු ගයිඩ් මල්ලි නලින්දටත් ,අපේ ජීප් driver සුද්දටත් ගොඩක් ස්තුතියි..කිසි දෙයක් බොරු කිව්වෙ නෑ.අපි කොහොමහරි කරමු බැරි නං බෑ කිව්ව ඇරෙන්න.අනික් අය තමා අපිට bulb එකයි holder එකයි දීපු කුමන park එකේ gate එක ළඟ කඩේ අක්කල..තව මතක් කරන්න ඕන අපිට ගමන් පහසුකම් දීපු අපේ සජ්ජවයි ඉන්දිකයි.තව අපිට කිරිටෝපි හදල දීපු මද්දගේ wife ටත් ස්තුතියි.අනික් කෙනා තමා මට gopro එක දීපු අපේ එහා ගෙදර මල්ලියි නිකොන් lens එක දීපු අපේ ලොක්කයි.තව අපිට දේවාලේදී හම්බවෙලා කිරිබත් දීපු ඒ ඇන්ටිලටයි.මේ ගමනට ආපු හැමෝටමත් ගොඩක් ස්තුතියි..අපේ වාහන දෙකටම දඩ කොළ දීපු පොලිස් මාමලටත් ස්තුතියි...

    ඕන අයට වැදහත් වෙයි.අපි මෙදා පාර පාවිච්චි කළේ
    Nikon d5100 with sigma 17-50mm
    Nikon d5100 with Nikon 70-300mm vr
    Canon 70d with sigma 18-35mm and sigma 150-500mm
    Hero gopro 4 silver
    සමහර වෙලාවට xiaomi redmi note 3

    එහෙනං මගේ කතාව මෙතනින් අවසානයි..අසා සිටි ඔබ සැමට බුදු සරණයි...!සමන් දෙවි පිහිටයි..!
    අනේ දන්න එකෙක් මට කියහන් මේකෙ rep දෙන හැටි අනික් උන්ට..
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    WwlrxvR_700wa_0.gif


    R++++