අමරණීය-සොල්දාදුවන්-විසි-නවය
අමරණීය සොල්දාදුවන් විසි නවය
මෙය හුදෙක් පොතක් ම නොවේ. එය අප හට සාමයේ අරුණලූ දකිනු සඳහා ස්වකීය ජීවිත පූජා කළ උදාර මිනිසුන් වෙනුවෙන් කතුවරයා විසින් පිදෙන මාහැගි උත්තුංග හෘදයංගම උපහාරයකි.
එය සැම ශ‍්‍රී ලාංකිකයෙකු විසින් සැබෑ විරුවන්ට ගෞරව බහුමානය දක්වමින් ඔවුන් මතකයේ රඳවා ගනිමින්, කිසි දා අමතක නොකළ යුතු බව හ`ගවන, කියවිය යුතු ම ග‍්‍රන්ථයකි.
1. දෙවන ලුතිනන් S U අලදෙනිය
2. ලාන්ස් කොප්රල් Y G ගාමිනී කුලරත්න (හසලක ගාමිණී)
3. දෙවන ලුතිනන් K W T නිශ්ශන්ක
4. මාණ්ඩලික නිලධාරී H P B ගුණසේකර
5. ලාන්ස් කොප්රල් W I M සෙනෙවිරත්න
6. ලුතිනන් කර්නල් A F ලෆිර්
7. කපිතාන් G S ජයනාත්
8. මේජර් A J L ජයසින්හ
9. මේජර් K A ගමගේ
10. කපිතාන් U G S සමරනයක
11. කපිතාන් H M K I මේඝවර්ණ
12. සෑරයන් H G S බන්ඩර
13. කොප්රල් P N සුරන්ග
14. කොප්රල් P M N පුශ්පකුමාර
15. කොප්රල් D M S චන්ද්රසිරි බන්ඩර
16. ලාන්ස් කොප්රල් K චන්දන
17. ආදුනික සෙබල R M D M රත්නායක
18. ලාන්ස් කොප්රල් A M M P අබේසින්හ
19. ආධුනික සෙබල A M B H G අබේරත්න බන්ඩා
20. සාමාන්ය සෙබල T G R දයානන්ද
21. ලුතිනන් P N පුන්සිරි
22. දෙවන ලුතිනන් W D ජයතිලක
23. සෑරයන් K G N L R පෙරේරා
24. කොප්රල් K P D T ගුණසේකර
25. ලාන්ස් කොප්රල් H A නිලන්තකුමාර
26. ලාන්ස් කොප්රල් S V A M පුශ්පමාල්
27. ලුතිනන් J L D S විජේතුන්ග
28. සුලු නිලධාරී K G ශාන්ත
29. බලඝන නායක T D S සිල්වාපුල්ලේ
පරම වීර විභුශන පදක්කම් ලාභින් මොවුන් 29 දෙනා පමනක් වේ.
මෙය ශ්රි ලාන්කීය හමුදා සොල්දාදුවෙකුගේ වීරත්වය සඳහා පිරිනෑමෙන ඉහලම සම්මානය වේ.
මෙම පද්ක්කම ලෑබීම සඳහා ඔවුන්:
1. ස්ව කෑමෑත්තෙන් ඉතා භිහිසුනු ප්රහාරයකට ඉදිරිපත් වියයුතුය.
2. මෙම ප්රහාරයේදී සිය ජීවිතය පූජාවිය යුතුය
3. මෙම ක්රියාව නිසා තම සහොදර සොල්දදුවන් ගේ ජීවිත ආරශා වියයුතුය. විශාල විනාශයක් වෑලෑක්වීමට පුලුවන් වූවා විය යුතුය.
මොවුන්ගේ වෑඩි පිරිසක් තරුනයන්ය. පරිනතම රනවිරුවා 39 හෑවිරිදි ලුතිනන් කර්නල් ලෆිර් ය, බාලයා 19 හෑවිරිදි සාමාන්ය සෙබල රත්නායකය, දස දෙනෙකු වයස 25 අඩුවු අතර, නව දෙනෙකු 26-30 වයස් පරතරයේ වුහ, 20 දෙනෙකු දුශ්කර ප්රදේශවල අඩු ආදායම් ලාභි පිරිසක් වුහ.
මෙම පොතෙහි විස්තර වන්නේ මොවුන් තම ජීවිත පරදුවට තබා කල අභීත වික්රමයන්ය.
මේ පොතෙහි කර්තෘ භාගය ජාතික රණවිරු සෙවා අධිකාරියට පිරිනමන ආධාරයකි.
They did not live to see the medals heaped on them, or hear the praises sung, or the insults hurled upon them. This brings to mind the immortal words of Lieutenant Colonel John McCrae MD, a surgeon in the Canadian Army (1872-1918) immortalized by ‘the most memorable of war poems’ ever written, which made the red poppy in Flanders Fields a symbol of commemoration:
We are the Dead. Short days ago
We lived, felt dawn, saw sunset glow,
Loved and were loved, and now we lie
In Flanders Fields
The medals are not mere pieces of metal but are vitalized by powerful emotions of gratitude, appreciation, acknowledgement, and love beyond measure for those that gave us a new lease of life. But that is only poor consolation for the living –
that too only for those who are sensitive. The death of a dedicated soldier, sailor, airman or other hero creates energy for the nation to move forward towards its goals. It appears that in death they perform that role more effectively. But not for long! The tragedy is that memories are short.
Today, many are those who have forgotten the ravages of terrorism, of war, the fear of death that lurked around every corner, the carnage, the mayhem. As stated at the outset, this book by Prasad is timely.
It should be a reminder to those with such short memories how much we owe to the dedicated men who went beyond reach. It brings to mind the words of the bard “ingratitude, thou marble-hearted fiend … ”
When the guns are silent the nation breathes that blissful sense of life, thanks to the sacrifices made by our heroes; we breathe in silence the last breath that they left forever in our midst.
මිනිස් හදවතට සමීප කරවීමට අසීරු සමහර ආවේගයන් සිය හදවතින් ම සකසා එය මානව මනසට තුරුලූ කිරීමට සමත් ලේඛකයෙකු වූ ප‍්‍රසාද් පොල්වත්තගේ මෙම කාලීන කෘතිය ඉතා අගනා ජාතික මෙහෙවරක් බව පළමුව කියමි. මෙහිලා ඔහු යුද්ධයේ බියකරු බව – මහිමය හෝ එ් සඳහා වැලපිය යුතු බව හුවා නොදැක්වීමට තරම් එඩිතර වෙයි. ඔබත් – මමත් අද දිවි ගෙවන්නේ එකී ජීවිතය දන් දුන් හෝ අංගවිකල බවට පත් වූ පුතුන්ගේ පිනෙනි.
ප‍්‍රසාද් අපට පවසන්නේ එයයි. මරණින් හෝ පීඩාවෙන් අප ගලවා ගත් එ් වීරයන් ගැන අප මුනිවත නොරැුකිය යුතු බව ප‍්‍රසාද් අපට පුන පුනා ප‍්‍රකාශ කරයි. අපේ හදවත් අද පණ ගසන්නේ ඔවුන් දිවි දුන් නිසා මිස අන් යමක් මත නොවේ.
මගේ ජීවිතයේ වටිනා වසර 30ක් තුළ දී මම යුද බිම – යුද බිය හා යුද පෙරමුණ ඉතා සමීප ව අත්දුටු පුද්ගලයෙකි. එකී අත්දැකීම් නොලැබෙන පාඨක ඔබ වැනි කෙනෙකුට එ් පිළිබඳ ව විස්තර රැුගත් මෙවන් වචන රැුසක් ගොනු කළ ග‍්‍රන්ථයකින් එකී යුද වේදනා නිවැරදි ව වටහා ගැනීමට ඉඩ සලසා දී තිබේ.
ප‍්‍රසාද්ගේ මේ කතන්දර හුදු පෞද්ගලික ඓතිහාසික වීර කාව්‍යයක් හෝ සාමාන්‍ය සිදුවීම් මාලාවක් පිළිබඳ විදැහුමක් නොව, සිය මවුබිම වෙනුවෙන් පිදු සෙනෙහසේ ස්වභාවය සිය ජීවිත මඟින් ලෝකයටම අර්ථගන්වා වීරයන් බවට පත් වූ අයුරු වේදනාබර ව විදහාලන්නකි.
තමන් වෙනුවෙන් පුද දෙනු ලැබූ පදක්කම් සියැසින් දැකීමට ඔවුහු ජීවත් නොවෙති. ගැයෙන ගැයුම් – ප‍්‍රශංසා – කවි – ගීත ඔවුන්ගේ දෙසවනට අද ඇසෙන්නේ නැත.
මෙහිලා අතීත ලූතිනන් කර්නල් ජෝන් මැක්කේ‍්‍ර MD නම් වූ (1872 – 1918) කැනේඩියානු යුද හමුදාවේ ශල්‍ය වෛද්‍යවරයකු පවසා ඇති කවි පද කිහිපය
අද ලෝකයේ ශ්‍රේෂ්ඨතම ‘යුද කාව්‍යය’ බවට පත් ව ඇති බව මතක් කරමි. රතු පොපි මල් ෆ්ලැන්ඩර්ස් හි ස්මාරකය මත මේ කවිය සටහන් කර තිබේ. එ් මෙලෙස ය.
”අප ඊයේ පෙරේදා මිය ගිය උදවියයි.අපි ජීවත් වූයෙමු.
උදෑසන අරුණාලෝකය මෙන් ම හිරු අවරට යාමද මනාව දුටිමු.
ආදරය ලැබූවෙමු. ආදරය දුන්නෙමු.
අද අපි මිහිදන්ව සිටිමු.
ෆ්ලැන්ඩර්ස් භූමියේ.”
පදක්කම් යනු හුදෙක් ලෝහ තහඩු පමණක් නොවේ. එ්වා තුළ සැඟවුණු ඇගයීම – කෘතඥ භාවය – පිළිගැනීම මෙන් ම මැනිය නොහැකි ස්වභාවයේ ආදරයක් ද ගැබ් ව පවතියි. එහෙත් එය ජීවිතය ගෙන යන බොහෝ අයට සරල සැනසීමක් පමණි. එය මෙවන් විෂයයකදී සංවේදී වන උදවියට සීමා වූවකි.
ජීවිතය දන් දුන් සොල්දාදුවා – නැවියා – ගුවන් නැවියා හෝ වෙනත් වීරයෙකු සිය ජාතියේ අනාගත ප‍්‍රාර්ථනා සපථ කරවීමට ලබා දෙන රුකුල වදනින් විස්තර කළ නොහැකි ය. වීරයා එය ඉටු කරන්නේ සිය මරණය මඟින් ම ය.
එහෙත් මෙහි ලා ඛේදවාචකය වන්නේ ඔවුන් පිළිබඳ මතකය ඉතා කෙටි මොහොතකට සීමා වීමයි. අද යුද්ධය හා ත‍්‍රස්තවාදය මෙන් ම මරණ බිය ද බොහෝ අයට අමතකව ගොස් තිබේ. රට හෙල්ලූම් කැවූ දරුණු ත‍්‍රස්ත අපරාධ අද පොදු මිනිස් මතකයෙන් ඈත් වෙමින් තිබෙනු ද පෙනේ.
පෙර කියූ පරිදි ප‍්‍රසාද්ගේ මේ පොත කාලෝචිත බව මා පැවසුයේ එබැවිනි.වීරයන් පිළිබඳ මතකය මැකී ගිය ජනතාවකට මේ ග‍්‍රන්ථය මනා මතක ජනන යන්ත‍්‍රයක් වනු නිසැක ය.
තුවක්කු නිහඬ වූ විට පමණක් සමස්ත ජාතිය ම, නිදහසේ හුස්ම ගනියි. එහි සම්මානය හිමි විය යුත්තේ යුද වීරයන්ටයි. අපට නිදහස් ව අපගේ අවසන් හුස්ම පොද හෙළීමට ඉඩ හර සලසා දුන්නේ එකී උදාර වීර යුද පුතුන් ය.
සාමය අරභයා අනාගත සැලසුම් සම්පාදනය කරන ජාතික ප‍්‍රතිරූපයන්ට වටිනා උපදෙස් සමූහයක් යෝජනා කිරීමට මෙමඟින් ප‍්‍රසාද් සමත්කම් දක්වා ඇති බව ද කිව යුතු ය. සාමය සඳහා කැප වූ මඟක් නොවන්නේ නම්, එය වීරවරයන්ට ද කරන මහඟු අවමානයකි. සාමයේ මාවත සූදානමයි. අවදියෙන් සිටීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑ මිල එබඳු ය.
අප මාතෘ භූමිය තුළ දැනට දිවි ගෙවන හා මතු උපදින්නට පතන පරපුරට ද මනාව කියවා දිරවා ගත හැකි ජාති මාමක – දේශීය වස්තුවක් ප‍්‍රසාද් දැයට උරුම කර තිබීම අවසන් ලෙස මම යළිත් අගයමි. මෙහි අඩංගුව ඇත්තේ සත්‍යමයි. සත්‍යය මිස අනෙකක් මෙහි අඩංගු නැත. පාඨක යුතුකම එය කියවා – දිරවා ගැනීමයි. එය මාතෘ භූමිය හා ජාතිය වෙනුවෙනි.
රියර් අද්මිරාල් ආචාර්ය සරත් පී. වීරසේකර
VSV RWP USP PSC (USA) Nde (India) DISS (Havaii)
පාර්ලිමේන්තු මන්ත‍්‍රී
2015 ජුනි 16
අප රටේ ඉතිහාසය විදේශීය යටත් කිරීම් සහ යටත් විජිත පාලනය වැනි අප‍්‍රසන්න කාලවකවානුවලින් පිරී ඉතිරී පවතී.අප සතු ව තිබූ කෘෂිකර්මයෙන් ස්වයං පෝෂිත වූ ආර්ථික ක‍්‍රමය සහ සංස්කෘතික වටිනාකම් මේ ආක‍්‍රමණ සමඟ විනාශ වී ගිය අයුරු ඛේදජනක කතාවතකි. බහුතර ජනතාවට සිය දේපළ ද අහිමි කරන ලදි.
නමුත් බලවත් රටවල් ලෝකය තුළ ගොඩනඟා ඇති ශිෂ්ට සම්පන්න ප‍්‍රතිරූපය විසින් අද ඔවුන්ගේ යටත් විජිතයන් පවත්වා ගැනීම අභාවයට ගොස් ඇත. මෙය පාලන ක‍්‍රමවල වෙනස්වීමක් ලෙසට අර්ධ සංවර්ධිත රටවලට බල කිරීමේ වේශයකින් ක‍්‍රියාත්මක වේ. මෙහි මූලබීජය ත‍්‍රස්තවාදී සංවිධාන ලෙස ඉතා සුළුතරයකින් පටන් ගෙන ඊට මාධ්‍යය මඟින් ජාත්‍යන්තර ප‍්‍රතිරූප ද ගොඩන`ගා ගැනීමට ඉඩ දී රට තුළ සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය කරවීම ඔවුන්ගේ පරම අභිලාෂයයි.
බටහිර රටවල් තමන්ගේ න්‍යාය පත‍්‍රයන්ට අනුව ත‍්‍රස්තවාදී සංවිධාන වර්ගීකරණය කරයි. බලවත් රටවලට පක්ෂපාතිි රටවල ඇති වන ත‍්‍රස්තවාදී කල්ලි මර්දනය සඳහා උදවු ලැබේ. එ් රටවල් සම`ග සම්බන්ධතා නැති රටවල් හමුවේ දී ත‍්‍රස්තවාදීන් විමුක්තිකාමීන් ලෙස වෙනත් රටවල සහයෝගය සහිත ව වර්ධනය වේ. මෙය නූතන ලෝකයේ යටත් විජිත වාදයේ අලූත් ප‍්‍රවණතාවයි.
ශ‍්‍රී ලංකාවේ කොටි ත‍්‍රස්තවාදයට ද නොමඳ ව විදේශ රටවලින් සහයෝගය ලැබුණි. ඉතා සුළු පිරිසකින් ආරම්භ වූ මේ සංවිධානය පසුව විදේශ පුහුණුව ලබා අරමුදල් රැුස්කරමින් ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී සංවිධානයක් බවට පත් වී, තුන් වන ඊළාම් යුද්ධය වන විට ශ‍්‍රී ලංකා හමුදාවටත් වඩා බලවත් ව සිටියහ.
ජාතීන් අතර අසමගිය බොහෝ රටවල පවතින සනාතනික ප‍්‍රශ්නයකි. මෙය කාලයෙන් කාලයට බලපාන ප‍්‍රශ්න අනුව අඩු වැඩි වේ. ජාතීන් අතර සම්පත් බෙදී යෑමේ විෂමතාව අනුව එය අඩු වැඩි විය හැකි ය. තව ද, දේශපාලන නායකත්වය විසින් මෙය සිය පටු චේතනා මත වර්ධනය කිරීමේ හෝ සමනය කිරීමේ ප‍්‍රවණතාවක් ද පවතියි.
ප‍්‍රසාද් පොල්වත්ත බොහෝ විට රට තුළ ජාතීන් අතර ඇති ප‍්‍රශ්න මාධ්‍යයන් මඟින් ජාත්‍යන්තර ප‍්‍රශ්න ලෙස හුවා දක්වනු ලබන්නේ ය. බලවත් ජාතීන් ද වෙනත් කපටි අරමුණු සහිත ව මෙයට මැදිහත් වීමේ ප‍්‍රවණතාවක් ඇති බව මෑත ඉතිහාසයේ දී අප‍්‍රිකානු රටවල සහ ඉරාකය, ලිබියාව, ඊජිප්තුව වැනි රටවල සිදු වූ පාලන බල පෙරළි මඟින් පැහැදිලි වේ. නමුත් අවසානයේ දී එ් රටවල සාමාන්‍ය ජනතාව උග‍්‍ර අපහසුතාවන්ට පත් වූවා මිස ජාත්‍යන්තර මැදිහත් වීම නිසා ඔවුනට සිදු වූ සුගතියක් ඇත්තේ ම නැත.
ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩ සහ සිංහල ජාතීන්ගේ ගැටීම ශත වර්ෂ ගණනක සිට පැවති එන්නකි. ඔවුන් කාලයේ වෙනස් වීමත් සමඟ සමගියෙන් සමාදානයෙන් සිටි අතර, විශ්වාසය බිඳුණු විට විරුද්ධවාදී කම් ද ඇති කර ගත්හ. නමුත් මෙහි සංකීර්ණ භාවය බි‍්‍රතාන්‍ය යටත් විජිත සමයේ දී වැඩි වූවා විය හැකි ය. එහෙත් එය නිදහසෙන් පසු බිහි වූ දේශීය දේශපාලනඥයන් විසින් උග‍්‍ර ප‍්‍රශ්නයක් ලෙස වර්ධනය කිරීමට සහයෝගය දුන්හ.
දෙමළ ත‍්‍රස්තවාදය මෙහි අතුරු ප‍්‍රතිඵලයක් විය. 1970 ට පෙර සිට සුළුවෙන් පටන් ගත් මේ සංවිධානය 1983 කළු ජූලි කලබල දක්වා උග‍්‍ර වීමෙන් ඉතා ප‍්‍රබල ව ජාත්‍යන්තර තලයට ඔසවා තැබූ ත‍්‍රස්තවාදීන් බවට ම පත් වූහ.
ශ‍්‍රී ලංකා රජය දෙමළ ත‍්‍රස්තවාදයට එරෙහි ව ප‍්‍රථම වරට යුද ප‍්‍රකාශ කරනු ලැබුවේ 1980 මුල කාලයේ දී ය. මේ යුද්ධය දේශීය සහ විදේශීය මැදිහත්වීම් නිසා ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් ම නැවැත්වීමට සිදු විය. මෙහිලා සිදු වූයේ කොටි සංවිධාන දුර්වල වූ කාලවල සාම සාකච්ඡුා පැවැත්වීමත්, මේ කාලය තුළ දී ඔවුන් සංවිධානය වී බලවත් වූ පසු නැවත සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කර සටන් කිරීමට අවතීර්ණ වීමත් ය.
මෙවැනි සාධක නිසා මේ විනාශකාරී යුද්ධය තුන්වරක් ම නවතාලීමට සිදු විය. ඊළාම් යුද්ධ 4 ක් සිදු විය. අතිමහත් විනාශයන් මුළු රට ම විනාශ කරන තත්ත්වයන් පැවතුණි. යුද්ධය අවසන් කිරීමට වසර 30 ක පමණ වූ කාලයක් ගත විය.
දැන් යුද්ධය අවසන් වී ඇත. සියලූ ජාතීන් අතර සංහිඳියාවට කාලය එළඹ ඇතැයි සිතමු.
Many brave men lived before Agamemnon: but they are all bound, unknown and unwept, in the long night, for there was no one to sing of them in sacred verse.
— Horace. Odes
links: උපුටා ගැනීම් පහත ලින්කු වලිනි, (මුල් රචකයන්ට සියලු ගෞරවය හිමි විය යුතුයි.)
https://www.facebook.com/GannaDeshiyaDe/photos/a.394889130546000.96481.394867817214798/1116524261715813/
http://www.prasadpolwatte.com/අමරණීය-සොල්දාදුවන්-විසින/
https://www.facebook.com/adaraniya.mau.lanka

Last edited:

ප්‍රභාකරන්ව මරල මානව හිමිකම් කඩ කළා කියන මානසිකත්වයක් උන්ට ඇති වෙන්නත් පුලුවන් මේ යන විදිහටනම්..