සබ්මැරීන සොයා යන දඩයක්කරුවා

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සබ්මැරීන සොයා යන දඩයක්කරුවා

    nFouMLj.jpg

    කාලෙකට පස්සේ එළිකිරියේ ලිපියක් දාන්න හිතුණා.සුපුරුදු පරිදි මෙම ලිපියත් යුද අවියක් සම්බන්ධව ලියවෙන එකක්.ඩ්‍රෝන් යානා කිව්වාම අද කාලේ නොදන්න කෙනෙක් ඉන්න බෑනේ.මොකද නිතරම ඩ්‍රෝන් යානා එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් අසන්නට ලැබෙන නිසා.මේවන විට ගුවන් තලය පමණක් නොව ගොඩබිම සහ සාගරය ජය ගත හැකි නියමුවෙක් රහිත රථ සහ යාත්‍රා නිපදවීමට මිනිසා යොමුවෙමින් සිටියි.සිරියානු යුද්ධය සඳහා රුසියානු හමුදාව රොබෝ යන්ත්‍ර පවා යොදාගන්නා බවට තොරතුරු තිබේ.සමහර විට මෙම යන්ත්‍ර පැල්මයිරා වැනි බිම්බෝම්බ වලින් ගහන නගර ආරක්ෂිත ප්‍රදේශ බවට පත් කිරීමට යොදාගන්නා බිම්බෝම්බ නාශක රොබෝ යන්ත්‍ර යැයි ඔබට සිතෙනවා හැකිය.නමුත් තාක්ෂණය ඉන් ඉදිරියට ගොස් සංග්‍රාම භූමියේ සටන් වදින්නට හැකි ගොඩබිම් ඩ්‍රෝන් රථ නිපදවා තිබේ.රුසියානු T-14 අමාටා යුද ටැංකියද නියමුවෙක් නොමැතිව සංග්‍රාම භූමියට යැවිය හැකි සේ නිර්මාණය කර තිබෙන බව කියවේ.එක්සත් ජනපදය සතුව ස්වයංක්‍රීයව/නියමුවන් රහිතව ක්‍රියාත්මක වන යුද ටැංකි සහ සන්නාහ සන්නද්ධ රථ තිබේ.

    J33YQZX.jpg
    රුසියාවේ T-14 අමාටා යුද ටැංකිය​

    Fs3qtvw.jpg
    රුසියාවේ නිපදවු නියමුවන් රහිතව මෙහෙයුම් සිදුකල හැකි යුද රෝබෝවෙක් -Uran-9​

    vCCm7hr.jpg
    ඇමෙරිකා එක්සත් ජනපදයේ නිපදවූ නියමුවෙක් රහිත ගොඩබිම් සංග්‍රාමික රථයක් වන Black Knight​

    zmwPFYZ.png
    ඇමෙරිකානු හමුදාව සතු Ripsaw නම් ඩ්‍රෝන් යුද ටැංකිය​


    එක්සත් ජනපදයේ DARPA ආයතනය 2010 වසරේදී ASW Continuous Trail Unmanned Vessel (ACTUV) හෙවත් ප්‍රති-සබ්මැරීන ඩ්‍රෝන් නෞකාවක් නිර්මාණය කිරීමට අත ගැසීය.2014 වන විට ඔවුන් එහි මූලාකෘතියක් නිර්මානය කල අතර මේවන විට එය අත්හදා බැලීම චාරිකාවන් හි යොදවා තිබෙන බව කියවේ.මෙම ඩ්‍රෝන් නෞකාව 2018 පටන් සේවයේ යොදවන බව සඳහන් වේ.

    Iq9oGbV.jpg

    ලොව පළමු ඩ්‍රෝන් නෞකාව ලෙස හඳුන්වන ACTUV,අඩි 132ක දිගකින් යුක්තය.මෙය "Sea Hunter" යන නමින්ද හඳුන්වයි.මෙහි පළමු නෞකාව නිර්මාණය කිරීමට ඇ.ඩො. 120ක මුදලක් වැය වී තිබේ.නමුත් එ.ජ. හමුදාව කියන්නේ ඇ.ඩො. මිලියන 20කට එහි පිටපත් නිපදවීමට දැන් හැකියාව තිබෙන බවයි.නමුත් නියමුවෙක් නොමැතිව ක්‍රියාත්මක වන මෙම රොබෝ නෞකා පිටස්තරයන් විසින් සිදුකරන තාක්ෂණික මැදිහත්විම් එසේ නැත්නම් හැක් කිරීමවලට ලක්වීම සහ සම්පුර්ණ පාලනය සතුරන් අතට පත්වීමේ අවදානමක් මතුවීමට ඉඩ තිබෙන බවට සැක සංකා නැත්තේද නොවේ.

    X7fuuV6.jpg

    සී හන්ටර් නෞකාවට පැවරී තිබෙන කාර්යය වන්නේ ලොව පුරා සාගර ඔස්සේ යාත්‍රා කරමින් සතුරු සබ්මැරීන සොයා ගැනීම සහ ලුහුබැඳීමයි.මෙම කාර්යය ඔහු සිදුකරන්නේ කිසිදු මිනිස් මැදිහත්වීමකින් තොරව බවයි ඇමෙරිකානුවන් පවසන්නේ.තවද ඊට සැතපුම් දහස් ගණනක් දුර ,මාස ගණනක් පුරා සතුරු නෞකා ලුහුබැඳ යා හැකිය.

    Uczu4kj.jpg

    මෙම ඩ්‍රෝන් නෞකාව හඳුන්වා දීමේ ප්‍රධානතම අරමුණක් වන්නේ ඇමෙරිකානු මුහුදු සීමාවට හොර රහසේ පිවිසෙන සතුරු සබ්මැරීන සොයා ගැනීමයි.මීට පෙර ලිපියකදී මෙලෙස ඇමෙරිකානු මුහුදු සීමාවේ කරක් ගැසූ අතිශය නිශ්ශබ්දව යාත්‍රා කල හැකි රුසියානු ඩීසල් සබ්මැරීන ගැන කතා කර තිබේ.මෙම නෞකාවේ උපරිම වේගය ලෙස දැක්වෙන්නේ නාවුක සැතපුම් 27කි(පැ.සැ.31).

    mxhllI8.jpg


    hzFJcQR.jpg

    "Sea Hunter" නෞකාව දියත් කිරීම සිදුවූයේ 2016 අප්‍රේල් මාසයේදීය.එහි අත්හදා බැලීමේ ගමන් සිදුකරන්නේ 2016 වසරේ ග්‍රීෂ්ම සෘතුවේ පටන්ය.සබ්මැරීන ලුහුබැඳීම හැරුණු කොට මෙම නෞකාව මුහුදු බෝම්බ සොයා ගැනීම සහ ඔත්තු බැලීමේ කටයුතු සඳහා යොදාගැනීමේ හැකියාවක් තිබේ බව සඳහන්ය.

    S7XvBND.jpg


    TYkN2lB.png

    නූතන ඩීසල් සබ්මැරීන සතුව ආසන්න වශයෙන් නිහඬව යාත්‍රා කිරීමේ හැකියාවක් තිබේ.ඒවා මුහුදේදී සොයා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.මෙවැනි සබ්මැරීනයක් වර්තමානයේදී ඇ.ඩො.මිලියන 200-300 පමණ මිලකට අලෙවි වේ.ඩීසල් සබ්මැරීන අලෙවි කරන රටවල් අතර රුසියාව ප්‍රමුඛස්ථානයේ පසුවේ.වාර්තාවන පරිදි ඇල්ජීරියාව 2ක්,වෙනිසිවුලාව 5ක් සහ ඉන්දුනීසියාව 6ක් ආදී වශයෙන් 2020 වන විට ඩීසල් සබ්මැරීන හිමිකර ගනීවි.ඉරානය සතුව ඩීසල් සබ්මැරීන 17ක ඇණියක් සතුය.

    IrcUEii.jpg

    එක්සත් ජනපදයේ නාවුක මෙහෙයුම් සහ ඇ.ඩො. ට්‍රිලියන 1.8ක් වටිනා ඔවුන්ගේ වාණිජ නෞකා කර්මාන්තයට මේවන විට තිබෙන ලොකු විශාලතම තර්ජනය වන්නේ මෙම ඩීසල් සබ්මැරීන බවයි බලධාරීන්ගේ මතය.ලොව විශාලතම සහ අධි තාක්ෂණික නාවුක හමුදාව සතු එක්සත් ජනපදයට ස්ටෙල්ත් වර්ගයේ සබ්මැරීන සොයා ගැනීම සහ ලුහුබැඳීම ප්‍රබල අභියෝගයක් බවට පත්ව තිබේ.ඊට පිළිතුරක් ලෙස මෙම ඩ්‍රෝන් නෞකාව නිර්මාණය කර තිබේ.

    6It6x7z.jpg


    yLj3lnD.jpg

    "Sea Hunter" නෞකාව මේවන විට අත්හදා බැලීම් චාරිකාවල යොදවා තිබේ.නමුත් එය තවමත් මිනිස් මෙහෙයවීම් යටතේ තිබේ.එසේ වුවද නෞකාව සිය විශ්වාසනීයත්වය ඔප්පු කල පසු ඊට ස්වකැමැත්තෙන් කටයුතු කිරීමට ඉඩ ලැබෙන බව ව්‍යාපෘතිය භාර බලධාරීන් කියයි.ඊට මාස ගණනක් තිස්සේ සැතපුම් 10,000ක් දක්වා දුරක් යාත්‍රා කල හැකිය.මෙහි වැඩසටහන් කළමනාකරු වන ස්කොට් ලිට්ල්ෆීල්ඩ් නැමැත්තාට අනුව නෞකාව දුරස්ථව පාලනය වන නෞකාවක් නොවේ.ලබාදෙන මෙහෙයුම කුමක්ද යන්න,යාත්‍රා කල යුතු ප්‍රදේශය සහ කල යුතු කාර්යය ආදිය නෞකාව ලබාදෙන තොරතුරුය.එහි තිබෙන මෘදුකාංග ඔස්සේ ඒවා තනිව ඉටුකරගෙන ආරක්ෂා සහිතව යාත්‍රා කිරීම සිදුවේ.මෙම නෞකාව ආයුද සන්නද්ධ කිරීමේ සැලැස්මක් නොමැති බව සඳහන් වේ.

    8arVOrN.jpg


    xvclNkZ.jpg

    මෙහි තිබෙන එක් වාසියක් ලෙස සලකන්නේ දෛනික මෙහෙයුම් වියදම අවම වීමයි.Nimitz පන්තියේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන USS George Washington හි දිනක මෙහෙයුම් වියදම ඇ.ඩො. මිලියන 1.1කි.නමුත් Sea Hunter ඩ්‍රෝන් නෞකාවේ දෛනික මෙහෙයුම් වියදම ලෙස දැක්වෙන්නේ ඇ.ඩො. 684,900කි.





    Source:Businessinsider.com,Dailymail.co.uk

    -HarshaLulzSec-
     
    Last edited:

    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    434
    366
    63
    maho speed eka awul, 27 knots kiyanne atleast 50 kmph wage, and diesel submarines outdated just beause of heavy noise and thats why they always go for nuke submarines. pls note dear
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Thanks

    :rolleyes:

    Thanks

    maho speed eka awul, 27 knots kiyanne atleast 50 kmph wage, and diesel submarines outdated just beause of heavy noise and thats why they always go for nuke submarines. pls note dear

    මම උඹ තරම් ඕවා ගැන දන්නේ නෑ.ඒත් මම අහලා තියෙන්නේ දැනට ලෝකේ තියෙන නිශ්ශබ්දම සබ්මැරීනය(Quietest Submarine in the World) තියෙන්නේ රුසියාවේ කියලා .හැබැයි ඉතින් ඒක නම් ඩීසල්-ඉලෙක්ට්‍රික් සබ් එකක්(Varshavyanka-class diesel-electric submarine)... ස්වීඩනයත් ඒ වගේම silent sub හදනවලු(Gotland-class submarine).හැබැයි ඉතින් ඒවත් ඩීසල් sub තමයි.
    ඩිසල් sub අවුට් ඔෆ් ඩේට් නම් රුසියාව මොකටද.... අනේ මන්දා


    27 knots (31 mph; 50 km/h)

    ඔව් ඉතින් ලෝකේ තිබුණ වේගවත්ම සබ්මැරීනය(K-162 /44.7 knots (82.8 km/h; 51.4 mph)) ලුහුබදින්න නම් මේ වේගේ මදි.හැබැයි ඉතින් ඒ සබ් එක දැන් සර්විස් එකේ නෑ..

    රුසියාවට තියෙන වේගවත්ම සබ් එක Yasen-class submarine(35 kn (65 km/h; 40 mph)) ලු.
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    කාලෙකට පස්සේ එළිකිරියේ ලිපියක් දාන්න හිතුණා............

    -HarshaLulzSec-

    635950688391440421473108620_Writing.jpg

    මචෝ උබනම් මාර කොල්ලෙක්නේ, මේ ලිපි ලියන්න කොහෙන්ද කාලය හොයාගන්නේ ??? :yes::yes:මොකද කියන්නේ ? "Reader's Digest" වර්ගයේ සිංහල magazine එකක් පටන්ගම්මුද ???:nerd::nerd: එල මචෝ දිගටම කරපන් !!!:D:D:D

    (You must spread some Reputation around before giving it to HarshaLulzSec again.:baffled::baffled::baffled:)