අනාගත බුදුවරු - Must Read..

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    අනාගත බුදුවරු - Must Read..

    13256318_1357316027618799_77664221594788787_n.jpg








    අතීත බුදුවරු පිළිබඳ කතිකාවන් කොතෙක් තිබුනත් අනාගත බුදුවරු​

    ගැන තොරතුරු අල්ප වේ.​
    වරක් සැරියුත් තෙරුන්ගේ ප්‍රශ්ණයකට පිළිතුරක් ලෙස අප මහා තථාගතයන් වහන්සේ අනාගත බුදුවරුන් දස දෙනෙකු ගැන​
    මෙසේ දේශනා කළසේක..​

    "සාරිපුත්තය, සියලු සත්පුරුෂයෝ ලොවෙහි ඉපිද පිළිවෙළින් පාරමිතා​
    පුරා බුදු බවට පත් ව ආයු අවසන බුදු කිස නිමවා පිරිනිවන් පෑවාහු,​
    අනන්ත අප්‍රමාණ වූවාහු නො වෙත් ද? අනාගත කාලයෙහි ද ධෛර්ය​
    සම්පන්න, දැඩි වීර්යය ඇති තවත් සත්ත්වයෝ පිළිවෙළින් පාරමිතා පුරා​
    කාම භවයන්හි සේ ම බ්‍රහ්ම ලෝකයන්හි ද සම්පත් අනුභව කොට ඉන් පසු​
    ව ම බුදු බවට පත් ව බුදු කිස නිමවා පිරිනිවන් පාන්නාහු,
    අනන්ත අප්‍රමාණ වන්නා හ. සාරිපුත්තය, අනාගතයෙහිත් පහළ වන බුදුවරුන් ගණනින් ප්‍රමාණ නො කරමි. එහෙත් සාරිපුත්තය, අර්හත් වූ සම්මා සම්බුදුවරු දස නමක් පිළිවෙළින් ලොව පහළ වන්නාහු ය"​



    ඒ අනුව පහත ලියා දක්වා ඇති බුදුවරුන් අනාගතයේදී පහළ වීමට
    නියමිතයි.​


    01-මෛත්‍රිය සම්මා සම්බුදු රජාණන් වහන්සේ: අජිත තෙරුන් වහන්සේ​


    02-රාම සම්මා සම්බුදු රජාණන් වහන්සේ: රාම රජතුමා​


    03-ධම්මරාජ සම්මා සම්බුදු රජාණන් වහන්සේ: පසේනදී කොසොල් රජතුමා​


    04-ධම්මසාමි සම්මා සම්බුදු රජාණන් වහන්සේ: අභිභූ දෙව්රජු​


    05-නාරද සම්මා සම්බුදු රජාණන් වහන්සේ: දීඝසෝණ රාහු අසුරේන්ද්‍රයා​


    06-රංසිමුණි සම්මා සම්බුදු රජාණන් වහන්සේ: චඞකි බ්‍රාහ්මණයා​


    07-දේවදේව සම්මා සම්බුදු රජාණන් වහන්සේ: සුභ බ්‍රාහ්මණයා​


    08-නරසීහ සම්මා සම්බුදු රජාණන් වහන්සේ: තොදෙය්‍ය බ්‍රාහ්මණයා​


    09-තිස්ස සම්මා සම්බුදු රජාණන් වහන්සේ: ධනපාල හෙවත් නාලාගිරි හස්ති රාජයා​


    10-සුමඞගල සම්මා සම්බුදු රජාණන් වහන්සේ: පාරිලෙය්‍යක හස්ති රාජයා​


    මුන් වහන්සේලා අනාගථයේදී බිහිවන කාල සීමා අපට සිතන්නටවත්
    නොහැකි.මෛත්‍රී බුදුන්ගේ භද්‍රකල්පය අවසානයේ රාම බුදුන් පහළ වීමට
    පෙර අසඛ්‍යය කාලයක්(ඉලක්කම් වලින් ලිවහොත් 1යි බිංදු 141)
    බුදුවරයෙකු නොමැති කාලයක් පහල වෙයි.ඒ කාලය දෙව් සහ මිනිසුන්ට
    තුණුරුවණක් නැති කාලයකි.මෛත්‍රී බුදුන්ගෙන්ද නිවන් නොදැක්කවුන් මේ
    සසරෙහි තව තවත් මැරි මැරි උපදිමින් සසරෙහි තවත් අතරමන් වේ.
    නිරය තුල අපා දුක් විඳීවි.සසරට අප බිය විය යුත්තේ එබැවිනි.​


    එහෙත් අප තවමත් වාසනාවන්තය අපට අපගේ ගෞතම බුදුන්ගේ දහමින්
    නිවන් දකින්නට අවශ්‍ය නම් අපට තවත් වසර 2400ට වඩා වැඩි කාලයක්
    තිබේ.අප මේ ලැබූ මනුස්ස ආත්මය අපට සම්පතකි.වහ වහා කුසල
    සම්පත්තියේ යෙදුනහොත් ගෞතම බුදුන්ගෙන් නොහැකි වුවහොත් අඩුම
    තරමේ මෙතේ බුදුන්ගෙන් හෝ නිවන් දැකිය හැක.මේ මහා සසර දනවුවේ
    අතරමං නොවී නික්ම යා හැක.​



    (තොරතුරු පොත පතෙන් හා අන්තර්ජාලයෙන්)​


    ධර්ම දානය පිණිසය.​

    තවත් අයෙකුට කියවන්න බම්ප් කර යන්න.​



    සැලකුවාට පවු නැත..​

     
    Last edited:

    Bobby Sus

    Member
    Feb 29, 2016
    65
    12
    0
    මචං මම දන්න තරමින් තථාගතයන් වහන්සේ දේශණා කරේ මෛත්‍රී බුදුහාමුදුරුවො ගැන විතරයි. එක්තරා බකමූණෙක් ගැන වැදෑරුවා මේ සතා මතු පසේබුදු වෙනවයි කියලා. සුමන මාලාකාරයා ගැනත් එහෙමයි. නමුත් මතු සම්‍යක් සම්බුදුවරයෙක් ගැන දේශණා කරේ මෛත්‍රී බුදුහාමුදුරුවො ගැන විතරයි. මම හිතනවා ඔය අනික් සම්බුදුවරු ගැන විස්තර එකතු කලේ මහායානිකයො කියලා. එක සැරයක් රේරුකානේ හාමුදුරුවන්ගෙ පොතක කියෙව්වා මෙපමණ ළඟින් තථාගතයන් වහන්සේව ආශ්‍රය කරපු උදේ හවහා බණ අහපු පසේනදී කොසොල් රඡතුමාට බැරිවුනා කිසිම අධිගමයක් ලබන්න කියලා (අදහස ඒකයි). මට එතකොට හිතුනා අනේ අපොයි ත්‍රිපිටකේ ගැන මෙච්චර දැනුමක් තියෙන මුන්නාන්සෙට තේරුනේ නැද්ද පසේනදී කොසොල් රඡතුමා බුදු වෙන්න පාරමී පුරාගෙන ආ නිසයි අධිගමයක් ලැබුවෙ නැත්තෙ කියලා. නමුත් ටික කලක් ගියාට පස්සෙ කල්පනා කරන කොට තමයි තේරුනේ රේරුකානේ හාමුදුරුවන්ට වැරදෙන්න විදියක් නෑ මේ කොහේවත් යන මහායානකාරයෙක් ගොතපු කතාවක් කියලා. මහායානෙට අනුව අපි ඔක්කෝම බුදු වෙනවා. රහත් වෙලත් බුදු වෙනවා. රහත් වෙලා පිරිනිවන් පාපු මොග්ගල්ලාන මහා රහතන් වහන්සේ පවා මතු අනාගතේදි බුදු වෙනවා. තථාගතයන් වහන්සේගෙන් සැරයක් අහනවා සීලවන්ත ස්වාමීන් වහන්සේලා දෙන්නෙක්ගෙන් එක් අයෙක් දන්දීමට ලැදි නම් මරණින් මතු උත්පත්තියෙදි දීමට ලැදි ස්වාමීන් වහන්සේ මහේශාක්‍යව උපත ලබනවා නම් නිවන සාක්ෂාත් කල දවසට දෙදෙනාගේ නිවනෙත් වෙනසක් තියෙනවද කියලා. තථාගතයන් වහන්සේ වදාරණවා නෑ කියලා. බ්ලැවැත්ස්කි මැතිණිගෙ පොතක තියෙනවා නිවනෙදිත් බුදුවරුන්ගෙ උස් පහත් බේදයක් තියෙනවා ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත වීර්‍යවන්තයි කියලා. මම හිතනවා මේකත් ඒ වගේ මහායාන සිද්ධියක් තමයි. මොකක් වුනත් දහම් පෝස්ට් එකක් දැම්මට උඹට ඡය වේවා!
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    එහෙත් අප තවමත් වාසනාවන්තය අපට අපගේ ගෞතම බුදුන්ගේ දහමින්
    නිවන් දකින්නට අවශ්‍ය නම් අපට තවත් වසර 2400ට වඩා වැඩි කාලයක්
    තිබේ.අප මේ ලැබූ මනුස්ස ආත්මය අපට සම්පතකි.වහ වහා කුසල
    සම්පත්තියේ යෙදුනහොත් ගෞතම බුදුන්ගෙන් නොහැකි වුවහොත් අඩුම
    තරමේ මෙතේ බුදුන්ගෙන් හෝ නිවන් දැකිය හැක.මේ මහා සසර දනවුවේ
    අතරමං නොවී නික්ම යා හැක.
    me tikata nam ekagawenna baha mokada mehema hithena aya thamanta labunu me athmayedima uthum chathurarya sathya avobada karagannava wenuvata pin ras karaganimi yai drushtiyen pasuweemata puluwana. Pin yanu anithya deyaki. Pina, Pawa siyalla gewi awasan wei. Ithin Obata anagatha Lowthura samma sambudu sashanayaka niwan dakinna puluwan yayi sithagena me labuna manushya athmaye sathara apayen midimata uthsaha nokara sitima anuwana kamak lesa hangei. Sithaa balanna oba/mama kalin Buddha sashana waladi mema drustiya athi karagath nisa needa thavama sasara sarisaranne? :(

    sorry, It's harder for me to type in unicode.
     
    Last edited: