කඳු_දෙකක_කතාව

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    3.jpg


    බොක්සින් ගහගන්නේ දෙන්නයි.තරඟය අවසාන වන්නේ කෙනෙක් ජයග්‍රාහකයා වීමෙන් සහ අනිකා පරාජිතයා වීමෙන්.ඒ ඉසව්ව එකවිට දක්ෂයන් දෙදෙනෙක් හදන්නේ නැහැ.වැරදීමකින් වත් නැහැ.නමුත් 1970 දී දක්ෂයන් දෙදෙනෙකු බිහි වුනා.ඒක ඉතිහාසගත් වැ‍රැද්දක්.නමුත් කිවෙකුට කිසිකළෙක එය නිවැරදි කළ නොහැකි වුනා.1972 සිට 1988 දක්වා බොක්සින් ක්‍රීඩාවේ එකම බරපංති ඉසව්වකට ජයාග්‍රාහකයන් දෙදෙනෙක් උරුම කම් කිව්වා.ඒ මොහොමඩ් අලි සහ තියෝ‍ෆිලෝ ස්ටීවන්සන්.ඔවුන් ඉතා හොඳ මිතුරන් මෙන්ම ගමන් සගයන් වුනා.බොක්සින් වළල්ලට එපිටින් අත් අල්ලාගෙන එකට ගමන් කළ ඔවුන් බොක්සින් වළල්ල ඇතුළත කිසිදා කිසිවිටෙක එකිනෙකා හා තරඟ කළේ නැහැ.ඊට හේතුව ඔවුන්ගේ ජන්මයයි.ඒ ජන්මය විසින් මොහොමඩ් අලි ඇමෙරිකා එක්සත් ජනපදයට ලියාදුන් අතර තියෝ‍ෆිලෝ ස්ටීවන්සන් කියුබාවට ලියා දී තිබුනා.
    ඒ ධනවාදී හා සමාජවාදී කඳවුරු දෙක ක්‍රීඩා පිටිය තුළ එදිරිවාදිකම් පිරිමසා ගත් වකවානුවයි.1980 දී මොස්කව් ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමට ඇමෙරිකාව කටයුතු කළ අතර 1984 දී කියුබාව ඇතුළු සමාජවාදී කඳවුර ලොස් ඇන්ජලීස් උළෙල වර්ජනය කළා.නැවතත් 1988 දී සියොල් ඔලිම්පික් උළෙලේ පස්පාගන්නේ නැතිව සිටින්නට සමාජවාදී රටවල් වග බලා ගත්තා.එනිසා මොහොමඩ් අලී සහ තියෝ‍ෆිලෝ ස්ටීවන්සන් රේල් පීලි දෙකක් වුනා.බොක්සින් වළල්ල තුළ කිසිදා ඔවුන්ගේ එක්වීමක් සිදුවුනේ නැහැ.
    කෙසේ නමුත් 1984 දී තියෝ‍ෆිලෝ ස්ටීවන්සන්ට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ආරාධනා දෙකක් කළා.එරට ගෞරවනීය පුරවැසිභාවය පිරිනමමින් ඇමෙරිකාවේ පදිංචිය සඳහා පැමිණෙන ලෙස කළ ආරාධනය ඔහු පළමුවෙන් ප්‍රතික්ෂේප කළා.දෙවනුව ප්‍රතික්ෂේප කළේ කැෂියස් ක්ලේ (මොහොමඩ් අලි) සමඟ තරඟ වැදීමට කළ ආරාධනයයි.තරඟ සහභාගීත්වය සඳහා පමණක් ඩොලර් මිළියනයක් ගෙවන බවට ඇමෙරිකාව ඔහුට දන්වා තිබුණා.
    "මිළියන අටක කියුබානුවන්ගේ ආදරය විඳින මට ඇමෙරිකානු ඩොලර් මිළියනයකින් කළ හැකි දෙයක් නැත."
    ‘The love of 8 million Cubans means more to me than the love of one million dollars’
    මේ ඔහු ඊට ලබා දුන් පිළිතුරයි.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    kochchara hoda manussayekda, melowe mewage manussayen thawama jeewathun athara innawada.