රාජපක්ෂ බොරුව සහ කොස්ගම කොලබ ආණ්ඩුවේ හෙළ&#3540

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රාජපක්ෂ බොරුව සහ කොස්ගම කොලබ ආණ්ඩුවේ හෙළ&#3540

    විනාශයට බලධාරීන් වගකිවයුතු බව සාලාව අවි ගබඩාව පිපිරීමෙන් හානියට පත්වුවෝ කියති


    ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෝ කොස්ගම සාලාව හමුදා අවි ගබඩාවේ පිපිරීමෙන් අවතැන් වූවන් මුන ගැසීමට අඟහරුවාදා ගියහ. පිපිරීමෙන් සිය නිවාස හා දේපොල වලට සිදු වූ විනාශය ගැන ඔවුන් තුල බලවත් සංශෝභයක් මෙන් ම ආන්ඩුව කෙරෙහි බරපතල කෝපයක් ද ඇත.

    sala-10j-img6.gif


    ඉරිදා සවස 5.30 පමන හටගත් පිපිරීම පසුදින උදේ 10 පමන වන තුරු පැවති අතර තවමත් වරින් වර සුලු පිපිරීම් සිදුවේ. ඉදිරි දින කිහිපය තුල ද එවන් පිපිරීම් සිදුවිය හැකි බව ට හමුදා බලධාරීන් අනතුරු අඟවා ඇත. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරනය වී නැත. ගිනි නිවීමේ පුහුනුවක දී ගිනි ගැනීම සිදු වූ බවට “ආරංචියක්” තිබෙන බවත්, දැනට කෙරීගෙන යන පරීක්ෂන වලින් පසු ව තොරතුරු හෙලි කරන බවත් අඟහරුවාදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ආරක්ෂක ලේකම් කරුනාසේන හෙට්ටිආරච්චි පැවසුවේ ය.

    මියගිය සහ තුවාල වූවන්ගේ සංඛ්‍යාවේ අඩු බව හුවා දක්වමින් පිපිරීමෙන් ප‍්‍රදේශයේ ජනතාවට සිදු වූ දැවැන්ත විනාශය සහ ඒ සම්බන්ධයෙන් සිය වගකීම යට ගැසීමට ආන්ඩුව සහ හමුදා බලධාරීහු උත්සාහයක යෙදී සිටිති.
    ජනතාවට සිදු වූ විනාශයට වර්තමාන මෛත‍්‍රීපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව මෙන් ම ජනාධිපති චන්ද්‍රිකා කුමරාතුංග හා රාජපක්ෂ ගේ ආන්ඩු ද වග කිවයුතු ය.

    පුද්ගලීකරනයෙන් පසු වසා දැමූ කොස්ගම තුනී ලෑලි සංස්ථාව පැවති භූමිය තුල 2000 දසකයේ මුල දී ඉඳි කල සාලාව අවි ගබඩාව රටේ විශාලත ම හමුදා අවි ගබඩාවලින් එකකි. ප‍්‍රදේශවාසීන් ඊට විරුද්ධ වුව ද එය නොතකා බලයට පත් වූ ආන්ඩු කඳවුර සහ අවි ගබඩාව පවත්වාගෙන ගියේ ය. දෙමල බෙදුම්වාදී දෙමල විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය වඩ වඩා උග‍්‍ර කෙරුන ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ රටේ මධ්‍යම හමුදා අවි ගබඩාව ලෙස එය තවදුරටත් වර්ධනය කෙරුනි. එහෙයින් සිය පාලන කාලය තුල එය වෙනත් තැනක ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබු බවට රාජපක්ෂ කරන ප‍්‍රකාශය වංචනික හා කුහකය. යුද්ධය 2009 අවසන් වීමෙන් පසු එහි පැවති අවිවලින් වැඩි කොටසක් වේයන්ගොඩ අවි ගබඩාවට ගෙන ගිය බව කියති.

    බොස්කෝ විද්‍යාලයේ සිටින අවතැන් වූ ලමයින්
    sala-10j-img2.gif

    පිපිරීමෙන් ප‍්‍රදේශවාසීන් ට සිදුවූ හානිය තවමත් නිශ්චිතව තක්සේරු කර නැතත් සීතාවක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වාර්තාවලට අනුව 300 අධික නිවාස පාර්ශවීය ව හෝ සහමුලින් විනාශ වී ඇත. කර්මාන්ත ශාලා දෙකක් බිමට සමතලා වී ඇති අතර කොස්ගම රජයේ රෝහල මුලුමනින් විනාශ වී තිබේ. සිද්ධියෙන් අවතැන් වූ සංඛ්‍යාව 18,628 කි. හමුදා සොල්දාදුවෙක් මිය ගොස් අට දෙනකු තුවාල වූහ. විෂ වායුව ආඝ‍්‍රානය කල තවත් දුසිම් ගනනක් හුස්ම ගැනීමේ අපහසුතාවයට ප‍්‍රතිකාර ගෙන ඇත. විෂ රසායනික අංශු මිශ‍්‍ර වීමෙන් ලිං ජලය සහ වාතය දුෂනය වීම නිසා ජනතාව විවිධාකාර රෝගාබාධාවලට ගොදුරු වීමේ අන්තරායට මුහුන දී සිටිති. ජල සහ විදුලි සැපයුම මුලූමනින් ම බිඳ වැටී තිබේ. පුපුරන ද්‍රව්‍ය සුන්බුන් ප‍්‍රදේශය පුරා ම වාගේ විසිරී ඇත. සමහර ඒවා තවමත් සක‍්‍රිය තත්වයේ පැවති හැකි බව හමුදාව කියයි. පිපිරීම රාත‍්‍රිකාලයේ සිදුවුනි නම් අවම වසයෙන් සිය ගනනක් මියයාමට ඉඩ තිබුනි.

    ප‍්‍රදේශය තුල විසිරී තිබෙන පුපුරන ද්‍රව්‍ය සුන්බුන් සහ නිවාස පිරිසිදු කිරීම ප‍්‍රමාදවීම නිසා අවතැන් වූ ජනයාගෙන් බහුතරයක් තවමත් සිටින්නේ ප‍්‍රදේශයේ පාසල්, පන්සල් සහ ඥාතිමිත‍්‍රාදීන්ගේ නිවෙස්වල ය. ප‍්‍රදේශයේ බොහෝ දෙනා දුගී ගොවීන් වන අතර සෙස්සෝ රජයේ හා පුද්ගලික අංශයේ කම්කරුවන් හා ස්වයං රැකියාවල නිරත වන්නෝ ය. පිපිරීමට පෙර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සතියක් පමන පැවති ගංවතුරෙන් පීඩාවට පත් වූහ.

    පිපිරීම නිරීක්ෂනය කිරීම සඳහා සාලාව හමුදා කඳවුරට ගිය අගමැති වික‍්‍රමසිංහ ව්‍යසනයට පත් ජනතාව අස්වසා ඔවුන්ගේ කෝපය සමනය කිරීමේ අරමුන ඇතිව, විනාස වූ නිවාස හමුදාවේ සහය ලබාගෙන “කඩිනමින්” ප‍්‍රතිසංස්කරනය කර දෙන බවත් ජනතාවට අවශ්‍ය “සියලුම” සහන සලසන බවටත් පොරොන්දු විය.
    එහෙත් බදාදා වනතුරුත් සුන්බුන් ඉවත් කිරීමට හෝ නිවාස පිරිසිදු කිරීමට බලධාරීන් අසමත් වූ හෙයින් සිය නිවාස වහා පිරිසිදුකර දෙන ලෙසත්, විදුලිය හා ජල සැපයුම කඩිනමින් යථා තත්වයට පත්කරන ලෙසත් ඉල්ලමින් කොලඹ අවිස්සාවේල්ල මාර්ගය අවහිර කරමින් ප‍්‍රදේශයේ ජනතාව එදින දහවල් හමුදා කඳවුර ඉදිරිපිට උද්ඝෝශනයක නිරත වූහ. උද්ඝෝශනයට 200-300 පමන සහභාගී වු අතර ආන්ඩුව කෙරෙහි විපතට පත් ජනතාව අතර පවතින කෝපය සිය වාසියට ගසාකෑමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපානඥයන් හා රාජපක්ෂ හිතවාදීන් වන මහේෂ් අල්මේදා සහ රවී ජයසිංහ එහි මුදුනට පැනගෙන ඇත.

    නැවත ඉඳිකිරීම සඳහා දෙන මුදල් ඇතැමුන් “වෙනත් දේවල්” සඳහා වියදම් කිරීමට ඉඩ ඇති බව විපතට පත් ජනතාව ගැන අවඥාවෙන් යුතුව ලියා ඇති බදාදා දි අයිලන්ඩ් කතුවැකිය නැවත ඉඳිකිරීම් හමුදාවට පවරන ලෙස ආන්ඩුවට උපදෙස් දී ඇත.

    ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් කලුඅග්ගල බොස්කෝ විද්‍යාලයේ සහ එහි සිට කිලෝ මීටර් 6 පමන දුරින් පිහිටි අකරවිට කනිෂ්ට විද්‍යාලයේ නවාතැන් ගෙන සිටි අවතැන්වූවන් මුන ගැසුනි. බොස්කෝ විද්‍යාලයේ ලමුන් ඇතුලුව 158 ද අකරවිට කනිෂ්ට විද්‍යාලයේ 200 වැඩි පිරිසක් ද සිටියහ. ඔවුන්ට නිදා ගැනීමට සිදුව තිබුනේ විවෘත පන්ති කාමරවල බිම එලා ගත් පැදුරු මතය. හමුදාවෙන් සහ පරිත්‍යාගශීලින්ගෙන් පිසූ ආහාර හා පානීය ජලය ලැබෙන බව බොස්කෝ විද්‍යාලයේ නවාතැන්ගෙන සිටි අය කී නමුත් ආහාර ලැබුනත් පානීය ජලය සහ ශාරීරික අවශ්‍යතා සඳහා ප‍්‍රමානවත් තරම් ජලය නොලැබෙන බව අකරවිට විද්‍යාලයේ සිටි අය කීහ.

    sala-10j-img3.gif


    අවතැන් වූ දිල්හානි සහ පවුලේ අය මුහුන දුන් අත්දැකීම ගැන විස්තර කරමින්
    අප සමග කතා කල අවතැන් වූවන්ගෙන් සමහරෙක් අනපේක්ෂිත පිපිරීම නිසා තමන් මුහුන දුන් බියකරු අත්දැකීම හා ඉන් වූ හානිය විස්තර කල අතර ආන්ඩුවේ බලධාරීන් හා දේශපාලනඥයන් කෙරහි සිය කෝපයත්, ඔවුන්ගේ පොරොන්දු කෙරෙහි බරපතල අවිශ්වාසයත් පල කලහ.

    නිවාස විනාශ වී අවතැන් වූ ජනයාගෙන් කොටසක්

    sala-10j-img4.gif


    බොස්කෝ විද්‍යාලයේ නවාතැන් ගෙන සිටි, නම්බිගොඩ පදිංචි හිටපු හමුදා සෙබලෙකු වන 25 වියැති ෂෙහාන් ක‍්‍රිස්ටෝපර් මෙසේ පැවසුවේ ය. “අවි ගබඩාවේ පිපිරීමක් කියල දැනගත්තු ගමන් මිනිස්සු හිස හැරුන අතේ දුවන්න පටන් ගත්තා. වාහන තිබුනේ නැහැ. තිබුනත් පාර අවහිර වෙලා නිසා යන්න බැහැ. අපි දිව්වේ පූගොඩ පැත්තට. අම්මට වයස නිසා පයින් යන්න බැහැ. එයා වඩාගෙන ගියේ. ගෙවල් බලන්න තවම ගියේ නැහැ. සමහර ගෙවල් හොරු බිඳලා රත්රන් බඩු, සල්ලි වගේ දේවල් අරගෙන. අවි ගබඩාව තියෙන එක අනතුරක් බව මිනිස්සු දැනගෙන හිටියා. අවි ගබඩාව අයින් කරන්න කියලා චන්ද්‍රිකාගේ කාලේ ඉඳල ම මිනිස්සු ඉල්ලුව. නමුත් එක ආන්ඩුවක්වත් ඒක කලේ නැහැ. යුද්ධෙ කාලේ එල්ටීටීඊ ප‍්‍රහාරයක් එල්ල වුනා නම් මහ විනාශයක් වෙන්න තිබුනා.”

    රාජේශ්වරී සාලාව වත්තේ කම්කරු කාන්තාවකි. ඇගේ වයස 49 කි. සාලාව වත්ත හමුදා කඳවුරට ආසන්නව පිහිටා ඇති නිසා එහි බොහොමයක් නිවාස මුලුමනින් ම විනාශ වී ඇතැයි ඇය පැවසීය. “මගේ පවුලේ 16 ක් ඉන්නවා ගෙවල් දෙකක. අපි එලියට බැහැල දිව්වේ ඇඳගන හිටපු ඇඳුම් පිටින්. ජාතික හැඳුනුම්පත වත් ගත්තේ නැහැ. කිසිම දෙයක් ඉතුරුවෙලා නැතිව ඇති. වැස්ස නිසා මාස දෙකක් වැඩ නැහැ. දැන් තිබුන දේවලුත් විනාශ වෙලා. ජීවත් වෙන්නේ කොහොමද කියල තමයි කල්පනා කරන්නේ. පඩියෙන් කපා ගන්න නයක්වත් දුන්නොත් හොඳයි. වත්තේ මහත්තය කියනවා ගෙවල් හදල දෙනවා කියල. කොහොම වෙයි ද දන්නේ නැහැ” ඇය කීවාය.

    sala-10j-img5.gif


    කලාමදී 30 හැවිරිදි තිදරු මවකි. “තවමත් ඉන්නේ ඇඳගන හිටපු ඇඳුම් පිටින්. ලමයින්ට ඉස්කෝලේ යන්න විදිහක් නැහැ. ගෙවල් කැඩිලා. ලමයින්ගේ පොත් විනාශ වෙලා. බඩු භාන්ඩ විනාශ වෙලා. ටීවී එක හොරු ගෙනිහිල්ල. ගෙට යන්න වෙන්නේ හිස් අතින්. අම්ම පෙන්සන්. පිට කුලී වැඩට යනවා. මේ සිද්ධිය නිසා ඒකත් නැහැ.”

    අකරවිට පාසලේ නවාතැන් ගෙන සිටි 49 වියැති වැන්දඹු මවක් වන මහෙස්වරී පූගොඩ ටෙස්ටා බේක් හවුස් හි සේවිකාවකි. ඇය හමුදා කඳවුර ආසන්නයේ පිහිටි ආනන්දගම පදිංචිකාරියකි. “පිපිරුම් සද්දේ ඇහුනේ මම හවස වැඩ ඇරිලා ගෙදර එනකොට. අපහු හැරිලා දිව්වා. කිලෝ මීටර් 10 විතර පයිනුයි මගදී හමුවුන වාහන වලයි නැගල ගියා. බස් එකට නගින කොට එතනටත් ගින්දර වැටුනා. තවම ගෙවල් සුද්ධ කරලා දුන්නේ නැහැ. රජයෙන්වත් ආරක්ෂක අංශයෙන්වත් කිසිම උදව්වක් ලැබුනේ නැහැ. ගෙවල් හදල දෙනවා කියල ආන්ඩුව පොරොන්දු වුනාට විශ්වාසයක් නැහැ.”

    මුරුතගම දිල්හානි 30 හැවිරිදි විවාහක තරුනියකි. සිද්ධියේ දී ඇය මුහුන දුන් අත්දැකීම ගැන විමසු විට ඇය එකවරම ප‍්‍රකාශ කලේ “පිපිරීම මෙහෙම නම් යාපනේ යුද්ධෙ දි වුන විනාශය කොහොමද කියල හිතා ගන්න පුලුවන්” යනුවෙනි. ඇයගේ නිවසේ වහලය සම්පූර්නයෙන් විනාශ වී බිත්ති ඉරිතලා ඇති බව ඇය පැවසීය. “අයියගේ ගේ සම්පූර්නයෙන් කැඩිලා. ඒවා හදල දෙනවා කිව්වට කවද කෙරෙයි ද දන්නේ නැහැ.”

    පියසීලී 54 වියැති රෝහල් සාත්තු සේවිකාවකි. “මේක නම් හරිම බිහිසුනු අත්දැකීමක්. කිසිම දැනුම්දීමක්, අනතුරු ඇඟවීමක් කලේ නැහැ. පිපිරීමත් එක්ක පවුලේ අය සීසීකඩ දිව්වා. මම රෝද පුටුවේ ඉන්න අම්මත් තල්ලු කරගෙන දිව්වා. මෙතෙන්ඩ ආවේ සඳුදා. දවල්ට දැන් කෑම පැකට් දෙකක් හම්බ වුනා. ඒත් බොන්න වතුර ලැබුනේ නැහැ. වැසිකිලි පහසුකම් මදි. දේශපාලඥයෝ කවුරුවත් අද වෙනකම් ආවේ නැහැ අපි ගැන බලන්න. ඒ ගොල්ලෝ එන්නේ චන්දෙ කාලෙට විතරයි. ආන්ඩුවේ පොරොන්දු ගැන නම් කිසිම විශ්වාසයක් නැහැ.”

    ආර්.ශ‍්‍රී හරන් සහ ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි,

    http://www.wsws.org/sinhala/2016/2016jun/sala-10j.html
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    //දෙමල බෙදුම්වාදී දෙමල විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය වඩ වඩා උග‍්‍ර කෙරුන ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ//

    Wait what? So Rajapakse is held accountable for taking the fight to the terrorists instead of going for a political solution? What about Mavil-Aru?

    //රටේ මධ්‍යම හමුදා අවි ගබඩාව ලෙස එය තවදුරටත් වර්ධනය කෙරුනි. එහෙයින් සිය පාලන කාලය තුල එය වෙනත් තැනක ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබු බවට රාජපක්ෂ කරන ප‍්‍රකාශය වංචනික හා කුහකය.//

    Such logic!
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    //දෙමල බෙදුම්වාදී දෙමල විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය වඩ වඩා උග‍්‍ර කෙරුන ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ//

    Wait what? So Rajapakse is held accountable for taking the fight to the terrorists instead of going for a political solution? What about Mavil-Aru?

    //රටේ මධ්‍යම හමුදා අවි ගබඩාව ලෙස එය තවදුරටත් වර්ධනය කෙරුනි. එහෙයින් සිය පාලන කාලය තුල එය වෙනත් තැනක ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබු බවට රාජපක්ෂ කරන ප‍්‍රකාශය වංචනික හා කුහකය.//

    Such logic!

    :P thamuse mari ne uture minisu marune na tamil aya ehema atal eke ena athi neda yudedi

    ape kolloth nikarune maruna wagema tamil ayath 1000 ganak maruna colombo atal gana unata oya therene na

    marajano kiya kiya enawa :rofl: ubala wage un thama

    ubalage logic :P

    yudedi marune sinhala aya witarai tamil aya marune na egolo atal eke enawa
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    සොහොන;20270305 said:
    :P thamuse mari ne uture minisu marune na tamil aya ehema atal eke ena athi neda yudedi

    ape kolloth nikarune maruna wagema tamil ayath 1000 ganak maruna colombo atal gana unata oya therene na

    marajano kiya kiya enawa :rofl: ubala wage un thama

    ubalage logic :P

    yudedi marune sinhala aya witarai tamil aya marune na egolo atal eke enawa

    ඉතින් යුද්දේ ඉවර කරේ නැත්තං දෙගොල්ලොම තාම මැරෙනවනේ :baffled:
    මැරුණේ මොන ජාතියද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ //යුද්ධය වඩ වඩා උග‍්‍ර කෙරුන ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ// කියන එක. යුද්දෙ උග්‍ර කරේ මහින්ද ද?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතින් යුද්දේ ඉවර කරේ නැත්තං දෙගොල්ලොම තාම මැරෙනවනේ :baffled:
    මැරුණේ මොන ජාතියද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ //යුද්ධය වඩ වඩා උග‍්‍ර කෙරුන ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ// කියන එක. යුද්දෙ උග්‍ර කරේ මහින්ද ද?

    ai bun kondak nada ata gala balahan

    ඉතින් යුද්දේ ඉවර කරේ නැත්තං දෙගොල්ලොම තාම මැරෙනවනේ

    mekediyath yudedi tamil aya saha sihala minusu maruna kiyana ba neda :P

    යුද්දෙ උග්‍ර කරේ මහින්ද ද?

    yude ewara kare duk winde lanu kawe oya pin batha wene kohomada oi :rolleyes:

    gam yala ena kollo tika ata paya kakul nathi kara gathe mokakata gihinda etakota ugandawe thiyana yudekata gihinda:P

    artical eke bane oya pin bathati natuwa me kakul kadan duk widina ape kolonta newe
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    සොහොන;20270396 said:
    ai bun kondak nada ata gala balahan

    ඉතින් යුද්දේ ඉවර කරේ නැත්තං දෙගොල්ලොම තාම මැරෙනවනේ

    mekediyath yudedi tamil aya saha sihala minusu maruna kiyana ba neda :P


    උඹ බීලද බන් :confused:

    සොහොන;20270396 said:
    යුද්දෙ උග්‍ර කරේ මහින්ද ද?

    yude ewara kare duk winde lanu kawe oya pin batha wene kohomada oi :rolleyes:

    gam yala ena kollo tika ata paya kakul nathi kara gathe mokakata gihinda etakota ugandawe thiyana yudekata gihinda:P

    artical eke bane oya pin bathati natuwa me kakul kadan duk widina ape kolonta newe

    මහින්ද එන්න කලින් හමුදාව ලණු කෑවේ දුක් වින්දේ අත පය නැතිකරගත්තේ නෑ නේ :rolleyes: මහින්ද නැතුව එදා රනිල් ආවනං තාම හමුදාවේ කොල්ලො, දෙමළ මිනිස්සු මැරෙනවා :yes: අත පය නැති වෙනවා :yes: උඹ මොකෙක්ද ඒ මනුස්සයට පිං බතා කියන්න :rofl:

    වෙරි හිඳුනම රිප්ලයි කරහන් :P
     
    Last edited: