වාහනය ලෙඩ නොවී තබාගැනීමට ඔබ කලයුතු දේවල්
තමන්ගේ මෝටර් රථය හොඳින් පවත්වා ගැනීමට අප සියලූ දෙනාම කැමතියි. එය වාහනයේ කල් පැවැත්මට මෙන්ම ඔබගේ පසුම්බියටත් වාසිදායක වනවා ඇති (වාහනේ නිතරම ලෙඩ වෙන්නේ නැතිනම් එක ලොකු වාසියක් නේ). බොහෝ දෙනෙක් තමන්ගේ නොදැනුවත් කම සහ අතපසුවීම් නිසා තමන්ගේ මෝටර් රථයට අනවශ්‍ය හානි ලඟා කරගන්නවා. මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වන්නේ ඔබගේ වහනය නිතර නිතර ලෙඩ නොවී තබාගැනීමට ඔබ කලයුතු දේ පිළිබඳවයි. මෙවන් ක්‍රියා පිළිවෙලවල් හඳුන්වන්නේ preventative maintenance ලෙසයි. නම ලොකු වුනාට වැඩ ඒ තරම් ලොකු නැහැ හරිම සරලයි.
වාහනයේ owners manual එක හොඳින් කියවන්න
ඕනෑම වහනයක් නිපදවීමේදී එම ආයතනය මගින් අදාල වාහනයට manual එකක් නිකුත් කරනවා. මේ manual එකෙහි ඔබගේ වහනය පිළිබඳව සියලුම තොරතුරු අඩංගු වෙනවා. මෙය බොහෝ විට තරමක් විශාල පොතක් ලෙස ඔබට පෙනෙන්නට පුළුවන්. එසේත් නැතිනම් manual එක වෙනත් භාෂාවකින් තිබෙනවා වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් එහි engilish copy එකක් සොයාගන්න බලන්න (අද අන්තර්ජාලය තුල මේ සියලුම තොරතුරු අඩංගු වෙනවා වාහනයේ model number එකෙන් search කලොත් නිවැරදි manual එක සොයාගන්න පුළුවන්). මේ manual එකේ ඔබ විසින් කලයුතු සහ නොකළයුතු සියලුම දේ විස්තර සහිතව අඩංගු වෙනවා. එය හොදින් කියවන්න. ඒ මගින් ලැබෙන දැනුම ඔබගේ වහනය හොඳින් නඩත්තු කිරීමට ඔබට උපකාරී වෙනු ඇති.
වාහනය තනිවම පරික්ෂා කර බලන්න
මෙය ඔබට යම් කාලසීමාවකට වරක් තනිවම සිදු කල හැකි ක්‍රියාවක්. ඔබේ වහනය දෙස සුපරික්ෂාකාරීව බලන්න. එවිට කුඩා තෙල් කාන්දුවක්, tire වල අසාමාන්‍ය ගෙවියමක් වැනි මුලික රෝග ලක්ෂණයක් දැකගැනීමට පුළුවන් වනු ඇති. එම ගැටලුව වැඩිදුර පැතිරීමට පෙර ඉතා ඉක්මනින්ම සුළු අලුත්වැඩියාවක් මගින් ඔබගේ වහනය හොඳින් තබාගැනීමට ඔබට හැකි වනු ඇති
වාහනයේ fluids පරික්ෂා කිරීමට හුරු වන්න.
වාහනයක් තුල විවිධ වර්ගයේ fluids භාවිත වෙනවා. (power steering, coolant) මේ අතරින් සමහරක්. මේවා නියමිත මට්ටමට පවත්වා ගැනීම ඔබ විසින් අනිවාර්යයෙන්ම කල යුතු දෙයක්. එය ඔබෙත් මෝටර් රථයේත් ආරක්ෂාවට වැදගත් වනවා. මේවා බොහොමයක් ඉතා පහසුවෙන් ඔබටම නිරීක්ෂණය කර ගැනීමට පුළුවන්. මේවා නිරන්තරයෙන් පරික්ෂාවට ලක් කිරීම අපහසු කාර්යක් නොවෙයි.
එන්ජින් oil නිතරම පරික්ෂාවට ලක්කරන්න ඒවා නියමිත කාලයේදී මාරු කරගන්න
මෙය ඔබගේ වාහනයේ එන්ජිම් නිසියාකාරව ක්‍රියාකිරීමට අත්‍යවශ්‍ය එක් සාදකයක් ඔබගේ වාහනයේ oil වල තත්වය පරික්ෂා කිරීම නිරන්තරයෙන් සිදුකරන්න. එමෙන්ම නියමිත කාල සීමාවේදී ඒවා අලුත් කරගන්න. සැම වහනයකටම පොදු එන්ජින් oil මාරු කලයුතු දුර සීමාවක් ප්‍රකාශ කරන්නට බැහැ. හොඳම දේ වන්නේ ඔබගේ manual එක කියවා බලන්න එහි ඔබ oil මාරු කලයුතු දුර සිමාවන් දක්වා තිබෙනවා. බොහෝ දෙනා එන්ජින් oil ඉතා අවපැහැ ගැන්වෙන තෙක්ම ඒවා මාරු නොකර සිටිනවා. එය ඔබට තාවකාලික මුදල් ඉතිරියක් ලබා දුන්නත් ඒ නිසා එන්ජිමට වෙන හානි නිසා ඔබට පසුවට ඇතිවන අලුත්වැඩියා කටයුතු වලට ඉතා විශාල මුදලක් වැයකිරීමට අනිවාර්යයෙන්ම සිදුවෙනවා
බැටරිය සහ එහි connectors පරික්ෂා කරන්න
දැන් පවතින බැටරි නම් එතරම් එදිනෙදා නඩත්තුවක් අවශ්‍ය වන ඒවා නොවෙයි. නමුත් ඔබේ එන්ජිම පනගැන්වීම ආරම්භ වන්නේ මේ බැටරියෙන් ඒ නිසා ඒ ගැන නිසි අවධානයෙන් පසුවීම ඔබට හදිසියේ මහමගදී ඇතිවිය හැකි කරදර වලින් ඔබව මුදවනවා නොඅනුමානයි. බැටරි connectors මත සුදු පැහැති (mineral) තැන්පත් වී ඇත්නම් එය කුඩා බ්‍රෂ්’ එකක් ආධාරයෙන් ඉවත්කරන්න. එමෙන්ම සරල බැටරි මීටරයක් ලග තබාගෙන බැටරියේ තත්වය පරික්ෂා කිරීමත් ඔබට කල හැකි තවත් එක් හොඳ පියවරක්. එමෙන්ම ඔබ නිතර නිතර දුර බැහැර ගමන් වල යෙදෙන කෙනෙක් නම් (විශේෂයෙන් රාත්‍රී කාලයේ) jump starter එකක් ළඟ තබා ගැනීම හදිසියේ දී හෝ අතරමගදී බැටරියේ දෝෂයක් නිසා ඔබට මග නැවතී සිටීමට සිදුවන අවධානම නැතිවී යනු ඇති.
ඔබේ tires නිසි ලෙස මාරුකරන්න
බොහෝ දෙනා සිත සිටින්නේ වාහනයේ tire එකක් ගෙවී ගිය පසු එය අලුත් එකකින් මාරුකිරීම පමණක් ප්‍රමාණවත් ලෙසයි. නමුත් එය වැරදියි. ඔබගේ වාහනයේ tire සියල්ල එක හා සමානව ගෙවීමට ලක්වීමයි නිවැරදි ක්‍රමය. මේ සඳහා ඔබ ඔබේ වාහනයේ tire එකිනෙක මාරු කල යුතු වෙනවා. ඔබගේ manual එකේ කෙතරම් කාලසීමාවක් තුල ඔබ මෙසේ tire මාරු කල යුතු දැයි සඳහන් වී පවතිනවා. එමන්ම ඔබ tire එකින් මාරුකළ යුතු ආකාරයත් එහිම අන්තර්ගත වලා තියෙනවා. වඩාත්ම නිවැරදි දේ නම් ඔබ ඒ manual එකේ තියෙන ආකාරයටම කටයුතු කිරීමයි. මොකද ඒ මෝටර් රථ නිෂ්පාදකයන් බොහෝ පරීක්ෂණ කිරීමෙන් අනතුරුවයි මෙවන් උපදෙස් manual එකට අන්තර්ගත කරන්නේ.
මේ තියෙන්නේ ඔබ එසේ tire මාරු කලයුතු ආකාරය දැක්වෙන රුප සටහනක්.
වාහනයේ alignment හොඳින් පරික්ෂා කරගන්න.
වාහනයක tire වල අසමමිතික ගෙවියමට ප්‍රබල හේතුවක් වන්නේ වාහනයේ alignment නිසි ආකාරව නොතිබීමයි. එමෙන්ම මෙය රෝදය ආශ්‍රිත අභ්‍යන්තර කොටස් වල පවා අක්‍රමවත් ගෙවියාමක් ඇතිකිරීමට හේතු වෙනවා. එමෙන්ම මෙය වාහනයේ සහ ගමන් ගන්නා අයගේ ආරක්ෂාවටත් තර්ජනයක් විය හැකියි. නිතරම alignment හොඳින් පරික්ෂා කොට නිසි පරිදි නඩත්තු කිරම ඔබට බොහෝ වාසි ගෙන දෙනවා නියතයි.
වාහනයේ spark plugs හොඳින් පරික්ෂා කර පිරිසිදුව තබාගන්න.
ඔබේ වාහනයේ spark plugs පිරිසිදු නැතිනම්, ඒවා buildup වලින් වැසි ඇත්නම් ඔබගේ එන්ජිමේ කාර්යක්ෂමතාවය අඩුවීමට පුළුවන්. මෙය එන්ජිමේ ඉන්දන පරිභෝජනය ඉහල දැමීමටද හේතුවක් වීමට පුළුවන්. මේවා කෙතරම් කාලසීමාවකට වරක් මාරුකළ යුතුදැයි ඔබගේ manual එකේ අන්තර්ගත වෙනවා. සාමානයෙන් කිලෝමීටර් 48, 000 කට පමණ වරක් මේවා මාරුකළ යුතු වෙනවා. නමුත් ඔබේ වාහනයේ වෙනත් දෝෂයක් ඇතිනම් මේවා ඉක්මනින්ම අපිරිසිදු වන්නට පුළුවන්. ඒ නිසා මේවා හොදින් පරික්ෂා කිරීම ඉතා වැදගත්.
fuel filter නිසි කාලයේදී මාරුකරගන්න.
fuel filter එක මගින් ඔබේ එන්ජිමට ලැබෙන ඉන්දන පිරිසිදු වීම සිදුවෙනවා. එවිට ඔබගේ එන්ජිමේ කාර්යක්ෂමත්ව අඩුවී ඉන්දන පරිභෝජනය ඉහල යනවා. එමෙන්ම අපිරිසිදු ඉන්දන නිසා ඔබගේ එන්ජිමේ අභ්‍යන්තර කොටස් වලට හානි සිදුවිමටද පුළුවන්. එවන් අවස්ථාවකදී ඔබට වහනය අලුත්වැඩියාවට ඉතා විශාල මුදලක් වැයවීමට පුළුවන්. Fuel filter එක කාලයෙන් කාලයට මරුකිර්ම මගින් එන්ජිමට හොඳින් පිරිසිදුවූ ඉන්දන ලැබෙනවා.
සිංහල ජාතියට ජය වේවා !!!