රුවන්මැලි මහා චෛත්‍ය හතරට පුපුරයි.. ඇත්තද ?

රුවන්මැලි මහා චෛත්‍ය හතරට පුපුරයි.. ඇත්තද ?

රුවන්මැලි මහා චෛත්‍ය හතරට පුපුරයි..

June 16, 2016 at 10:00 am | lanka C news



image1.jpg
අනුරාධපුර ඓතිහාසික රුවන්මැලි මහා සෑයේ ස්ථාන හතරකින් පුපුරා ගොස් ඇති බව පුරාවිද්‍යා බලධාරීහු කියති.
මෙහි පිපිරැම් සිදු ඇත්තේ චෛත්‍යයේ දේවතා කොටුව ආසන්නයේ සිට පේසා වලලූ දක්වා ස්ථාන හතරකින් වන අතර එම පිපිරැම් පියවි ඇසට පෙනෙන තරම් ඒවායි.
රුවන්මැලි සෑය ලොව ඇති ස්මාරක අතරින් උසම ස්මාරකයක් වන අතර උස මීටර් 92ක් හා විශ්කම්භය මීටර් 292 ක් වෙයි.
:shocked::shocked::shocked::shocked::shocked:

රුවන්වැලි සෑයේ පිපුරුම් 4ක්

ස්ථාන හතරකින් පිපිරීම් සිදුව ඇති අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටා ඇති ද්‍රෝණයක් වූ සර්වඥධාතුන් වහන්සේ තැන්පත් කර තිබෙන රුවන්වැලි මහා සෑ චෛත්‍ය ගර්භය පුරාවිද්‍යා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වගකිව යුත්තන්ට අවධානය යොමු කිරීමට කාලය එළැඹ ඇති බව පුරාවිද්‍යා නිලධාරිහු පිරිසක් පෙන්වා දුන්හ.

Share

Tweet












Mawbima, 2016-06-16 02:00:00
Read 13 Times


අනුරාධපුර -
මහේෂ් විජේසූරිය
ස්ථාන හතරකින් පිපිරීම් සිදුව ඇති අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටා ඇති ද්‍රෝණයක් වූ සර්වඥධාතුන් වහන්සේ තැන්පත් කර තිබෙන රුවන්වැලි මහා සෑ චෛත්‍ය ගර්භය පුරාවිද්‍යා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වගකිව යුත්තන්ට අවධානය යොමු කිරීමට කාලය එළැඹ ඇති බව පුරාවිද්‍යා නිලධාරිහු පිරිසක් පෙන්වා දුන්හ.

ලෝ පුරා විසිර සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ වන්දනීයත්වයට පත් ලෝකයේ පවතින ස්මාරක අතරින් උසම ස්මාරකයක් ලෙස අනුරාධපුර පිහිටි ස්වර්ණමාලි සෑරදුන් හැඳින්වෙයි. එහි උස මීටර් 92ක් (අඩි 300ක්) හා විශ්කම්භය මීටර් 292 (අඩි 950)කි.
වසර හැත්තෑවකට වැඩි කාලයක් තිස්සේ නිසි ප්‍රතිසංස්කරණයක් සිදුකර නැති චෛත්‍යයේ හතරැස් කොටුව (දේවතා කොටුව) ආසන්නයේ සිට පේසා වළලු දක්වා ස්ථාන හතරකින් පියවි ඇසට පෙනෙන දරුණු පිපිරීම් හතරක් සිදුව ඇතත් එය කඩිනමින් සංරක්ෂණය කිරීම සඳහා කිසිදු වගකිවයුතු ආයතනයක් පියවර ගෙන නොමැති බව ඔවුහු පැවැසූහ.
වසර සිය දහස් ගණනාවක් තිස්සේ චෛත්‍ය අව්වට වැස්සට සුළඟට නිරාවරණය වෙලා තියෙන්නේ. ඒ නිසා ස්වාභාවිකවම යම් යම් ආපදාවන් සිදුවෙනවා. ඒක කාගෙවත් අභාග්‍යක් නෙවෙයි. එහෙත් අභාග්‍යයක් වීමට පෙර පිළියම් යෙදිය හැකි මේ ස්ථානය අපේ ජාතික වස්තුවක්. මේවා ගැන අපි පෙන්වලා දුන්නම සමහරුන්ට හුඟක් රිදෙනවා. අවාසනාවකට යම් සිදුවීමක් සිදු වුවහොත් අතින් අල්ලලා නවත්වන්න පුළුවන්ද?

මීට මාස කිහිපයකට ඉහතදී ඉන්ජිනේරු සංස්ථාව දාගැබේ පිපිරී ගිය ස්ථාවලට පිළියම් ලෙස විශේෂ තඹ පටි යොදා ප්‍රතිසංස්කරණය කිරීමක් සිදුකරන බව පැවැසුවා. අලුත්වැඩියාව මෙතෙක් සිදුවී නෑ. ජනාධිපතිතුමා අගමැතිතුමා මේ ගැන අවධානය යොමු කරලා මේ ස්ථාන රැකගන්න ඕනෑ යැයි ඔවුහු පැවැසූහ.
මේ සම්බන්ධයෙන් විමසීමට ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමියන් සම්බන්ධකර ගැනීමට දින හතරක් උත්සාහ දැරුවද උන්වහන්සේ දුරකතනයට ප්‍රතිචාර නොදැක් වූහ.
මව්බිමත් වාර්තා කරයි.


තවත් බ්ලොග් ලිපියක් පහලින් - එළකිරියට ඉදිරිපත් කළේ පොඩ්ඩා

රැවන්වැලි මහා සෑයේ පිපුරැම් හතරක්


2016 ජුනි 8 වෙනි දින මා විසින් සිදු කරන ලද ගවේෂණයේදී රුවන්වැලිසෑයේ පිපිරුම් 4 ක් ඇති බව දැනගන්නට ලැබුණි. පුරා විද්‍යා අධ්‍යක්‍ෂක ජෙනරාල් සෙනරත් දිසානායක මහතා මට පැවසුවේ එය නවතාගැනීම සඳහා යකඩ පටි බැඳීමට අදහස් කරන බවයි.
මෙසේ රුවන්වැලිසෑය අනතුරකට මුහුණ පා තිබියදී සලපතළ මළුවේ විශාල ඉදිකිරීමකට අවසර දුන්නේ කෙසේද? ඔබ රුවන්වැලිසෑයට ඇතුල්වෙද්දී එහි වම් පැත්තේ ඇති පස් පිළිම විහාරය මතකද? එය 1940 දී ඇවරියවත්තේ කුමාරසිංහ වෙද මහතාගේ සභාපතිත්වයෙන් තවත් දානපතියන් කීපදෙනෙක් විසින් ඉදි කරන ලද්දේ එවකට සලපතළ මළුවේ නිරාවරණය වී තිබු පස් පිළිම වහන්සේලා තැන්පත් කිරීම සඳහායි. ඒ අනුව එම විහාරයට දැන් වසර 76 ක් පමණ වේ. එහි බිත්තිවලට කිසිම අනතුරක් සිදු වී නැති බව වන්දනාකරුවන්ට පෙනේ. (විහාරය තීන්ත ගා පිළිසකර කරනවා ඇතිනේ) පැරණි වීමෙන් බලපෑමක් ඇතිවිය නොහැකි බව අවු.90 කට ආසන්න වයසක් ඇති මගේ නිවසින්ම මට අවබෝධ වේ.

අලුත්වැඩියාවක් අවශ්‍ය වෙතොත් අවශ්‍ය වන්නේ වහලයට පමණි. ඒ අනුව මේ වහලය තැනින් තැන දිරා ඇති නිසා එය පිළිසකර කිරීමට පුරා විද්‍යාවෙන් අවසර ඉල්ලීමක් සිදු කරන්නේ රුවන්වැලිසෑයේ විහාරාධිපති කන්දේගම හේමරතන හිමියන් ය. මේ සඳහා ගිය අවුරුද්දේ සාකච්චා වට 3 ක් පවත්වා ඇත. එයට ඇමති අකිල කාරියවසම් මහතාද සහභාගී වී ඇත. ඒ අනුව වරක් වහලට පෙති උළු යෙදීමට ද, තවත් වරක් තඹ උළු යෙදීමට ද සාකච්චා වුණි. අනතුරුව වැඩ පටන් ගැනුණි. මුල්‍ය ආධාර සැපයීම මොබිටෙල් සමාගමෙන්ය. (මීයක් කඩන්නේ අත ලෙව කන්ටද කියා අහන්න එපා)

මේ වැඩේ කරන්නේ යුධ හමුදා ඉංජිනේරු බලකාය විසිනි. සෙවිලි තහඩු වලින් මනාව වට කෙරුණි. වන්දනාකරුවන්ට ඇතුලේ වෙන දේ නොපෙනේ. වැඩේ කෙරීගෙන යද්දී සහකාර අධ්‍යක්‍ෂ කෙනෙක් බිත්ති කඩා ඉවත් කළ යුතු බව පැවසීය. එක් නිලධාරියෙක් එයට තදින් විරුද්ධ විය. එහෙත් බිත්ති කඩා ඉවත් කෙරුණි. සෙවිලි තහඩු වලින් උඩට පවා ඉතා දිග කම්බි කූරු දක්නට ලැබේ. ඒ අනුව මා නිගමනය කළේ මේවා බැස්සවීම සඳහා සලපතළ මළුව යටට හැරිය යුතු බවයි. මා මෙය නිරීක්ෂණය කරන්නෙක් ඇමතීමි. ඇය කීවේ “වැඩිය නෙමෙයි අඩි 1 ½ ක් පමණ හෑරුව” බවයි. “එහෙම නෙමෙයි මේ කම්බි කුරු හැටියට ඊට වැඩිය බස්සන්න ඕන නේද?” ඒ මා ය. “ඔවු සමහර තැන්වලින් අඩි 3 ක් විතර යට යනවා”. පොසොන් එකට පෙර මෙය සදා ඉවර වෙන බවත් ඇය කීවාය.

නැවත කාර්යාලයට කතා කොට මා විමසුවේ “කොච්චර යටට හාරන්න දෙනවාද” කියා දැන ගැනීමටයි. “අපොයි අඩියක්වත් දෙන්නේ නෑ. මොබිටෙල් එකෙනුත් අවසර ඉල්ලුවා earth wire එක දාන්න අඩි 6 ක් යටට. මොකද මේ පොසොන් එකට ඉස්සෙල්ලා අවශ්‍යයයි කිව්වා. සෙනග එනවානේ පොසොන් එකට. අලවංගුවක වට ප්‍රමාණය තමයි යන්නේ නම්. එත් දුන්නේ නෑ. දෙන්න බෑනෙ. කොච්චර පුරා විද්‍යා වටිනාකම් තියෙන ඒවා පොළොව යට තියෙනවාද කවුද දන්නේ?” (දෙවරක් දෙක කියා කවුරු හරි මගෙන් ඇහැව්වොත් ආයාසයකින් තොරවම 4 යි කියා මගේ ඔළුවට එයි) “එතකොට එයාලා earth එක දාන්නේ සලපතළ මළුවේද? මෙච්චර දවසක් එයාලා පොසොන් එකට කොහොමද කළේ?”
“අර මිරිසවැටිය ළඟ වෑන් එකක් තියාගෙන තමයි වැඩේ කළේ. එකටත් අපි අවසර දෙන්න ඕන. ඩයලොග් එක නම් ඉල්ලලා තියෙනවා මිහින්තලේ. මෙයාලා තවම ඉල්ලුවේ නැහැ.”
“ඔයාලට සහතිකයක් දෙන්න පුලුවන්ද earth එක සලපතළ මළුවට ඇතුල් කළේ නෑ කියා” ඒ මා ය.
“ඉතින් ඇයි එයාලා එතනට එහෙම එකක් දාන්නේ?” ඒ ඔහු ය.
” ඒ එතන විශ්ව ශක්තිය තියෙන නිසානේ. ඔයාලා දන්නවාද ඉසින්බැස්සගලත් විශ්ව ශක්තිය තියෙන තැනක්” කියා එහි අතීතයත් දක්වා සිටියෙමි. ඔහු විශ්මයට පත් වුණි.
“රුවන්වැලිසෑයේ හාමුදුරුවනුත් ඉල්ලනවා එයාට උඩ මළුවෙන් ආවාස ගේ හදාගන්න දෙන්න කියා. අපි ඒ දුන්නෙත් නෑ”
ඇත්තටම FB යාලුවනේ, ඔයාලා දන්නෙත් නෑ නේද රුවන්වැලිසෑයේ රහස්? අප හිතාගෙන ඉන්නේ මහා සෑයට ඉහළින් යන්න එකක් හදන්න බෑ කියලානේ. විශ්වයට අභියෝග කරන්න හැකි අයෙකුට හදන්න පුළුවන්. හැබැයි හැදුවොත් අනුරාධපුරයේ තියෙන විශ්වශක්තියේ අසමතුලිතභාවයක් ඇති වෙන බව දන්නවාද? අන්න ඒ නිසයි ලෝක පාලක දෙවිවරුත් එයට ඉඩ නොදෙන්නේ. පටවි ධාතු ශක්තිය මනාව තිබු තැනකයි මෙය හදා තියෙන්නේ. එහෙම තැනක් වෙන නෑ අනුරපුරයේ. එතකොට වෙන තැනක ඉදිවෙන සෑයක පටවි ශක්තිය ඇතිවෙන්නේ නෑ. මේ සත්‍යය අපේ පුරා විද්‍යාඥයින් දන්නේ නැතිවාට නාසා ආයතනය දැනටම එය සොයාගෙන තිබෙනවා ඇති. ඉතින් මේ සෑය රැකගැනීම බෞද්ධ අබෞද්ධ කාගේත් යුතුකම නොවේද?

අන්තිමට පුරා විද්‍යා අධ්‍යක්‍ෂක ජෙනරාල්ට කතා කෙරුවෙමි. ඔහු කීවේ අවශ්‍යතාවයන් අනුව ක්‍රියා කිරීම වැදගත් බවත්, විහාරයේ බිත්ති සියල්ල දිරා තිබු බවත්, තමාම ඒවා නිරීක්ෂණය කල බවත් කීවේය. රුවන්වැලිසෑයේ පිපිරීම් 4 ක් ඇති නිසා හමුදාවෙන් එයට යකඩ පටියක් දැමීමට අදහස් කරන බවත් කීවේය. (ඔහු නිසායි මා පිපිරීම් ගැන දැනගත්තේ. ඔහු හිතුවේ මා ඒ සියල්ල දන්නා බවයි) ආ තව දෙයක් කිව්වා. “මේ විහාරය කොන්ක්‍රීට් බීම් උඩයි යන්නේ.” ඒ ඔහුයි.
එවිට මා “එතකොට බිම හෑරුවේ නැද්ද?”
“නෑ. නෑ.”
“එතකොට මොබිටෙල් එකෙන් අර earth wire එක දැම්මාද?” මම ඇසුවෙමි. ඔහු දුරකථනය විසන්ධි කළේය. (0713883888 Fax 0112696514)
මා නැවත බිත්ති කඩනවාට විරුද්ධ වූ නිලධාරියාට කතා කර බිත්ති දිරා ගොස් ඇති බව ජෙනරාල් කිව් බව කීවෙමි. හයියෙන් සිනාසුනු ඔහු “ඉතින් අපි මොනවා කියන්නද නේද?” කියා විමසුවේය.
අද දින අනුරපුරයේ තවත් ඉහළ නිළධාරියෙකුට කතා කෙරුවෙමි. ඔහු මේ ඉදිකිරීම්වලට එකඟ කෙනෙකි. “මේ ඉදිකිරීම්වලට උපදෙස් ගත්තේ උපදෙස් මණ්ඩලයකින්. හමුදා ඉංජිනේරුවරුනුත් ඉන්නවා. Dr.ගැමුණු සිල්වා ඉන්නවා ” ඒ ඔහුයි.
“එතකොට පිපිරුම් 4 ක් තියෙන තැනක මේ වගේ ඉදිකිරීමක් කරන එක හොඳද? ඒ කියන්නේ බිත්ති සමතලා කරලා” ඒ මා ය.
“කව්ද පිපිරුම් තියෙනවා කිව්වේ?” “ඇයි මට ඩිරෙක්ටර් ජෙනරාල්මයි කිව්වේ.”
“ආ! ඒවා සුළු පිපිරුම් ”
“යකඩ පටියකුත් දානවා කියලා මට කිව්වානේ.”
“ඔව්, හමුදාවෙන් දානවා.”
“එතකොට මේ සමතලා කිරීම් හොඳ නෑ නේද සෑයට Mr. දසනායක? ”
“මොනවා ද සමතලා කරන්නේ?”
“ඇයි බිත්ති ඔක්කොම කැඩුවා නේද? මං හිතුවේ සමතලා කරන්න ඇතියි කියලා”
“නෑ, ඒකෙන් බලපෑමක් නෑ.”
“එතකොට අර උඩ මළුවේ හාමුදුරුවන්ට ආවාස ගෙයක් හදනවාද?”
” දැන් තියෙන ආවාස ගෙය යට හුඟක් පුරා විද්‍යාත්මක දේවල් තියෙනවා.” (එන පොට හොඳ නෑ. මාමේ ගන් කෙල්ල ගෙට කිව්වාලු )
“මොබිටෙල් එකෙන් earth wire එක දැම්මාද?” දුරකථනය විසන්ධි කර විය. (0776720255)
හැබැයි earth wire එකක් දැම්මාම අනුරපුර විශ්වශක්තියේ යම් වෙනසක් වෙනවාදැයි මම නොදනිමි. ඇත්තටම මෙහෙම වැඩක් නොවෙන්නත් ඇති. ඒ උනාට නොකැඩිය යුතු බිත්ති කඩද්දී??? යාලුවනේ දන්න දන්න අයගෙන් අහලා දැනගන්න මොනවාද හැබෑවටම වෙන්නේ කියා.
තවත් වැදගත් දෙයක් අවසන් වශයෙන් කිව යුතුයි. මේ හමුදා නිළධාරියා රණවිරු සෑය අධීක්ෂණය කළ අයයි. මොහුම දැන් මිහින්තලේ සලපතළ මළුවත් පිළිසකර කරයි. ඩයලොග් එක කුළුණ දාන්නේ එතනයි. මට අනුරපුර පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැන්වූ පරිදි නම් මේ සලපතළ මළුව පිළිසකර කළ පසු අනිවාර්යෙන්ම මිහින්තලේ චයිත්ය පිපිරීමකට ලක්වන්නේය.
ඔබ රටට ආදරයක් තියෙනවා නම් තවත් අයව දැණුවත් කරන්න.
විශේෂ ස්තුතිය රුවන්වැලිසෑයේ කිසියම් දෙයක් වන බවට දැණුවත් කළ Amila Samarasinghe Peramuna ට.
සටහන – ඉතිහාස දත්ත ගවේෂිකා තිලකා රන්දෙනි

ලිපියේ නිර්මාතෘ
 
Last edited:
  • Like
Reactions: Luckyherald 5

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ow ithin wenna puluwan. Ruwanweliseyath "anithyayai" ne. oka pipirilanam eka hadala dana ekai karanna one
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පහුගිය දවස්වල තිබ්බ රස්නෙට ඕක වෙන්නත් පුලුවන් .හැබැයි ඉතින් ඔය නිව්ස් එක දාල තිබුනෙ සී නිව්ස් එකේ :confused::confused:. ඉතින් පොඩ්ඩක් විශ්වාස කරන්න අමාරුයි
     
    පහුගිය දවස්වල තිබ්බ රස්නෙට ඕක වෙන්නත් පුලුවන් .හැබැයි ඉතින් ඔය නිව්ස් එක දාල තිබුනෙ සී නිව්ස් එකේ :confused::confused:. ඉතින් පොඩ්ඩක් විශ්වාස කරන්න අමාරුයි

    ඒක නිසා තමයි මටත් තහවුරු කර ගන්න ඕනා. මොකද දැන කාලේ ඇත්ත කියන මාධ්‍ය එකක් වත් නෑනේ. :angry::angry:
     

    Similar threads