වෙබ්සයිට්_එකක්_ගහනවද?
වෙබ්සයිට් එකක් ගහන්න අදහසක් තියෙනවනම් ඇතුලට ඇවිත් බලපන්...වටිනවා...
සුභ දවසක් සිඞ්හළු...
කාලෙකට පස්සේ ඔන්න තව ත්‍රෙඩ් එකක් දානවා මම දන්නා කියන දෙයක් උබල එක්ක බෙදාහදා ගන්න..
මේක දාන්න හිතුනේ මගේ යාලුවෙක් එක්ක මේ ලඟදි කරපු කතා බහක් නිසා....මම හිතනවා මේක දැනගෙන ඉන්න එක උබල හැමෝටම වටීවි කියල....මොකද සමහරවිට තමන්ගේ පුංචි ව්යාපාරයට වෙබ්සයිට් එකක් හදන්න ඉන්න අයට, මේ වෙනකොටත් හදාගෙන තියෙන අයට පණිවිඩයක් දෙන්න තමා මේක දාන්නේ..

ගොඩක් දෙනෙක් හරිම උනන්දුයි තමන්ගේ ව්‍යාපාරයට පොඩියට වෙබ්සයිට් එකක් හදාගන්න...එකෙන් වාසි ගොඩක් තියෙනවා...
වෙබ්සයිට් එකකින් කම්පැනි එකේ විශ්වාසදායි බව වැඩි වෙනවා...තත්වය ඉහල යනවා...නව වෙළඳාම් අවස්ථා ඇති වෙනවා..නව ගැනුම් කරුවන් මේ වගේ එකී නොකී වාසි ගොඩක් තියෙන නිසා තමා දැන් කාලේ වෙබ්සයිට් එකක් හැමෝටම ඕනේ...
මම කෙලින්ම කතාවට බැස්සොත් මේකයි සිද්දිය...දැන් ගහක් ගහක් ගානේ ඉන්නවා රු. 10,000 ට, රු. 12,000 ට වෙබ්සයිට් හදන උන්...උන් ඔය ගානට හදල හොස්ටින් එකත් දෙනවා..එතකොට දැන් වෙබ්සයිට් එකක් හදාගන්න කෙනෙක් කම්පැනි එකකින් ගණන් ඇහුවම අඩුම ලක්ෂයක් වත් කිට්ටුව ඉල්ලනවා...

මේකෙන් ගොඩක් දෙනෙක් හිතන්න පෙළඹෙනවා මේ වෙබ්සයිට් හදනවා කියන්නේ පට්ටම ලේසි වැඩක්...
සතියෙන් වගේ හදන්නත් පුළුවන්...මේ 10,000 ට හදන අය තමා හරි ගානට වැඩේ කරන්නේ...කම්පැනි කාරයෝ දැනුමක් නැති මිනිස්සුන්ව රවට්ටනවා කියල...
මේ වගේ මතයක් දැන් සමාජයේ සෑහෙන්න පැතිරිලා ඉවරයි...මට මගේ යාළුවා කියපු කතා වලින් ඒත්තු ගන්වුනෙත් ඒ වගේම දෙයක්...
ඇත්තටම මොකක්ද මේ සිද්දිය...
කම්පැනි කාරයෝ උබලව රවට්ටනවද...එහෙම නැත්තම් මෙච්චර අඩුවට තියෙද්දී ඇයි එහෙම ලක්ෂ ගණන් ඉල්ලන්නේ? 
මේකයි ඇත්තම සිද්දිය...
වෙබ්සයිට් එකක් හදනවා කියන්නේ මේ ලියුමක් ටයිප් කරනවා වගේ ලේසි වැඩක් නෙමෙයි.
ඔයා කම්පැනි එකකට වැඩේ භාර දුන්නම එයා කරන්නේ ඔයාගෙන් සේරම විස්තර අරගෙන, ඔයාගේ කැමැත්තත් අහල එයාලගෙම ඉන්න වෙබ් අඩවි නිර්මාණය ගැන හොද දැනීමක් තියෙන ඩිසයිනර් කෙනෙක් ලව්වල ඩිසයින් එකක් හදවන එක...මේක පින්තූරයක් වගේ එකක්...මේක එයාල ඔයා වෙනුවෙන්ම හදන එකක්...එහෙම ඩිසයින් කරන්නත් කාලයක් යනවා...මේක ගොඩක් වෙලාවට ඔයාගේ ලෝගෝ එක පාටවල්, කම්පැනි එකෙන් කරන වැඩ ගැන අදහසක් දෙන විදිහට කරන නිර්මාණයක්....එහෙම කරලා ඔයාට ඕක එවල ඔයාගේ කැමැත්ත අහල, ඊළඟ පියවර විදිහට වෙබ්සයිට් එක හදන්න පටන් ගන්නවා...මේකට දැන් අර ඩිසයින් කරපු එක්කෙනාටත් වඩා ටිකක් වැඩිපුර දැනුමක් තියෙන කණ්ඩායමක් ම ඉන්නවා.මොකද පින්තූරේ තියෙන එක ඒ විදිහටම වෙබ්සයිට් එකක් විදිහට හදන්නේ මෙයාල තමයි....ඕක එකෙන් එකට බල බල හරියට හදන්න ඕනේ...එහෙම හදල දැන් භාවිතයේ තියෙන එක එක බ්‍රව්සර් වලට ගැලපෙන විදිහට හදන්නත් ඕනේ...ෆයර්ෆොක්ස් වල පේනවා වගේ නෙමෙයි සෆාරි වල පෙන්නේ...සමහර ඒවා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වල වැඩ නැහැ..ඉතින් මේවා එකින් එක වෙනම testing කරන ටීම් එකකට දීල පරීක්ෂා කරවල, අඩු පාඩු බලල, හොදටම හොඳ තත්වයට ආවම තමයි ඔයාට ඔයාගේ කම්පැනි එකේ සයිට් එක හම්බෙන්නේ...දැන්නම් ගොඩක් වෙලාවට මේවා ඉක්මනට වෙනවා මොකද වැඩේ පහසු වෙන, කාලය ඉතුරු කරන අලුත් අලුත් තාක්ෂනයන් දැන් තියෙනවා නිසා....ඉස්සර වෙබ්සයිට් වල ගණන් වලට සාපේක්ෂව දැන් ගාන ටිකක් අඩුවෙලා තියෙන්නෙත් මේ කාලය අඩු වීමේ වාසිය ගනුදෙනුකරුවාට, එහෙම නැත්තම් වෙබ්සයිට් එකේ අයිතිකාරයා වෙන ඔයාට දෙන්න තමයි...ඒ උනත් මේ විදිහට විවිද කණ්ඩායම් අතින්, හොදටම මේවා ගැන දැනුමක් තියෙන පිරිසක් අතින් මේ වගේ දෙයක් හදනකොට වියදමත් ඒ වගේම යනවා...කාලයත් යනවා...ඒවාට හරියන්න තමයි ඔයාට ගොඩක් වෙලාවට ලක්ෂයක් කිට්ටු මුදලක් වියදම් වෙන්නේ...
එත් ඒ ගෙවන මුදලට සරිලන ගුණාත්මක, ආරක්ෂාකාරී වෙබ් අඩවියක් ඔයාට හම්බෙනවා...
ගොඩක් අය බලාපොරොත්තු වෙනවා තමන් සල්ලි ගෙවල වෙබ්සයිට් එකක් හදාගත්තාම එක තමන්ගේ බ්‍රෑන්ඩ් එකටම ආවේනික වෙබ්සයිට් එකක් වෙන්න ඕනේ කියල....
මේ වගේ හැදෙන වෙබ්සයිට් එකක් ගොඩක් වෙලාවට ඔයාගේ රුචිකත්වය අනුවම හැදෙන නිසා ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා...එහෙම වෙන්නේ ඒ මහන්සියට සරිලන මුදලක් ඔයා වියදම් කරන නිසා...

දැන් එතකොට මොකක්ද මේ අඩු මිලට හදන වෙබ්සයිට් වල ප්‍රශ්නේ? එහෙනම් කොහොමද එයාල අඩුවට කරන්නේ?

මෙන්න මේ ප්‍රශ්නය ගොඩක් අයට එනවා...
මේක තේරුම් ගන්න ගොඩක් අයට මේ වෙබ්සයිට් නිර්මාණය කියන එක ගැන දැනුමක් නැහැ..
ඒ නිසා එයාල හිතන්න පෙළඹෙනවා ලක්ෂයක් දීල හැදුවත්, දහදාහට හැදුවත් සයිට් එක හැදෙනවනේ..මොකක්ද වෙනස කියල...ඇත්ත...
එත් දැන් කොහොමද මම අර කිව්ව වගේ වැඩ සේරම ටික මේ එක මනුස්සයෙක් සතියෙන් එකහාමාරෙන් කරන්නේ?
ඩිසයින් කරලා, එක ඊළඟට හදල, ටෙස්ට් කරලා, වෙන වෙන බ්‍රව්සර් වලට චෙක් කරලා,,,මේවා ඔක්කොම කරන්නේ? එකත් මෙච්චර අඩුවට? 

උත්තරේ පැහැදිලියි...ඔය කිසි දෙයක් ඔයා අඩුවට ගන්න සයිට් වල වෙන්නේ නැහැ...
අපි දන්නවනේ හොඳ කියමනක්...ලාභ බඩුවේ හිලක් කියල...
මේකෙත් හිල් ගොඩක් තියෙනවා...
ගොඩ වෙලාවට ඔයා මෙහෙම දහ දොළොස් දාහට සයිට් එකක් හදන්න ගියොත් ඔයාට ඔයාගේ රුචිකත්වය අනුව සයිට් එකේ නිර්මාණය හම්බෙන්නේ නැහැ...වෙන්නේ එක හදන කෙනාගේ රුචිකත්වය ඔයාගේ රුචිකත්වය කියල ඔයාට සයිට් එකක් ගහල දෙන එක...

එතකොට මේ මනුස්සය කොහොමද මේක සතියෙන් දෙකෙන් කරලා දෙන්නේ? මෙච්චර අඩුවට?
ඇත්තටම කිව්වොත් ඔය අඩුවට කරන අය කරන්නේ එයාල ඊට කලින් තව කාට හරි හදල දීපු සයිට් එකක්, නම ගම වචන ටික පින්තූර වෙනස් කරලා ඔයාගේ ඇඟේ ගහන එක..
එහෙම නැත්තම් ටෙම්ප්ලේට් එකක් අරගෙන එක වෙනස් කරලා හදල දෙන එක...මේක සාමාන්‍ය කෙනෙක්ට කරන්න නම් බැහැ...
දැන් හිතන්නෙපා ඔයාම කරගන්නවනේ කියල...
එක හිතන තරම් ලේසි වැඩකුත් නෙමෙයි ඒ ගැන දැනුමක් නැති කෙනෙක් ට...අන්තිමේ ඔයාගේ කම්පැනි එක කිව්වට ඔයාගේ වෙබ්සයිට් එක වගේ තව සයිට් දහස් ගානක් තියෙනවා එතකොට ඉන්ටනෙට් එකේ...
සමහර ඒවා ගෙඩිය පිටින් දාපුවා...
වැරදිලා හරි ඔයාගේ වටිනා ගැනුම් කරුවෙක් මේ වගේ වෙන වෙබ්සයිට් එකක් දැකල, ඔයාගේ සයිට් එකට ආවම ඔයාගේ සයිට් එකත් ඒ වගේමනේ කියල දැක්කම ඇති වෙන හැගීම මම කියන්න ඕනේ නැහැනේ..අපරාදේ සල්ලි දුන්නට අන්තිමේ ඔයාගෙම නම සවුත්තු වෙලා...
මීට කලින් හදපු පේජ් ම කොපි කරලා හදන නිසා සමහර වෙලාවට ආරක්ෂාකාරී නැති තැන් වලින් අනවශ්‍ය දේවල් ලින්ක් වෙලා ඔයාගේ සයිට් එකේ රෑන්ක් එක පහල බහින්න ගොඩක් ඉඩකඩ තියෙනවා...
සයිට් එකේ ආරක්ෂාව ගැන නම් විස්වාසයක් තියන්නම එපා ඔයා මේ වගේ තුට්ටු දෙකේ සයිට් එකක් ගන්නවානම්...මොකද වෙබ්සයිට් නිර්මාණය කරන ආයතන වල වගේ පළපුරුදු කණ්ඩායම් තියෙන අය මේවයේ නැහැ...එහෙම දැනුමක් තියෙන freelance කරන අය මේ වගේ තුට්ටු දෙකට කරන්නෙත් නැහැ...
ඉතින් බාල විදිහට හැදෙන වෙබ්සයිට් හැක් වෙන්නත් වැඩි ඉඩක් තියෙනවා...ඔයා කියන කියන වෙනස් කම් කරලා දෙන්නෙත් නැහැ..මොකද ඇත්තටම ඔය ගානට කාලය වැය කරන එකත් පාඩුයි එහෙම නැති වුනොත්....එයාල කරන්නේ අඩු මුදලට ලේසි සයිට් ගොඩක් ගහන එක...එකෙන් තමා එයාලගේ ආදායම හම්බෙන්නේ...අද ඔයාට දෙන සයිට් එක හෙට වෙන කෙනෙක් ට දෙන්නත් පුළුවන්...
එතකොට freelance කරන අනිත් හැමෝමත් එහෙමද?
නැහැ...
ගොඩක් අය එහෙම නැහැ...
ගොඩක් හොඳ ඉහල මට්ටමේ වුර්තීය විදිහට freelance කරන අය මේ වගේ තුට්ටු දෙකට සයිට් හදන්නේ නැහැ...එයාල වැය කරන කාලයට සාපේක්ෂව හරියන මුදලක් එයාල අය කරනවා...නමුත් කම්පැනි එකකට වඩා ගාන අඩුයි..කාලය ටිකක් වැඩිපුර ගත වෙන්න පුළුවන්... 
මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ඇත්තමට මගේ යාලුවෙක් මුහුණ දීපු අත්දැකීමක් නිසා...
වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක් විදිහට සහ ඒ ආයතන වල වැඩ කරලා ලබපු අත්දැකීම් වලට මගෙත් දැනුම එක්කාසු කරලා උබලටත් යමක් දැනගන්නත් එක්කයි මම මම මේ දැම්මේ...මම දහදාහට වෙබ්සයිට් හදන අයට වත්, එහෙම අඩුවට හදාගන්න අයටවත් දොස් කියන්නේ නැහැ...
එක ඔයාලගේ කැමැත්ත...
එත් ඔයාල ගෙවන මුදලට ඔයාල ට ලැබෙන්නේ කොයි වගේ දෙයක් ද කියන දේ ගැන මේකෙන් දැනුමක් ලබාදෙන්නැයි මේක දැම්මේ...
මට මොනාහරි මිස් වෙලා තියෙනවනම් කියන්න....
මේක කොටලා අතත් රිදෙනවා...
කහනවට නෙමෙයි දැම්මේ...
බලල වැදගත් වුනානම් බම්ප් එකක් දාල තව කෙනෙක් ට බලන්න අවස්තාවක් දීලම යන්න...
රෙපක් කාරිය ගහනවානම් මෙන්න කොටලා රෙපක් ගහන්නත් පුළුවන් මහන්සියට කලගුණ සැලකීමක් විදිහට....

Last edited: