[FONT="]මම ගණිකාවක්මි.[/FONT]
[FONT="]මම ගණිකාවක්මි... වීදි ගණිකාව[/FONT], [FONT="]පොෂ් ගණිකාව[/FONT], [FONT="]තරු පහේ ගණිකාව වගේ දහසකුත් ගණිකාවන් අතර ද මම ද ගණිකාවක්මි... මම කරන්නෙත් ඒ ගණිකාවන් වගේම එක එකාලගේ ඕනෑ එපාකම්[/FONT], [FONT="]කුපාඩිකම් පිරිමහන එකය... මම නොම්මර එකේ දේශපාලන ගණිකාවකි...[/FONT]
[FONT="] [/FONT][FONT="]මම දේශපාලනේට ආස වුණේ ලෙනින්[/FONT], [FONT="]මා ඕ සේතුං[/FONT], [FONT="]කාල් මාක්ස්ලගේ තියරිය කියවල නෙවෙයි.. ඒවා හරි බෝරිං ය... මට දේශපාලනේ ගැන ආසාවක් ඇති වුණේ අනුර හොරේෂස්ගේ ගිනි අවි සහ ගිනිකෙළි පොත් කියවලාය... මම ඒ පොත් කියවන කොට පැගිරි කොල්ලෙකි... ඒවයේ තිබ්බ කතා ආතල්ය... වෙඩි තැබීම්[/FONT], [FONT="]බෝම්බ පිපිරීම්[/FONT], [FONT="]පැනිලි[/FONT], [FONT="]කෙටිලි... ෂහ් කියල වැඩක් නෑ... ඒ ආතල් එක වැඩි නිසාම මට ඕන වුණේ අනාගතයේ දේසපාලකයෙක් වීමටය.... එය ඒ තරමටම සුපිරි චරිතයකි... දෙමළ චිත‍්‍රපටයේ චන්ඩියෙකුට වඩා වැඩ දැමිය හැකි තනතුරකි... දෙමල නලූවා එකෙකුට ගැසුවේ පොල් ගහේ කරටියේ වැදී බිම වැටෙන්නටය... ඒත් අපේ දේසපාලකයා ගහන්නේ හත්මුතු පරම්පරාවකට නොනැගිටින්නටය... ඒ ගැහිල්ලත් ගහන්නේ ෂර්ලොක්ටවත් හොයා ගැනීමට බැරි ගැහිල්ලකි...[/FONT][FONT="] ඉතිං කාලයක් මගේ ලෝකයේ වීරයා වුණේ ලංකාවේ දේසපාලකයාය... ඉතිං ඒ දවස්වල මම කුණු ගොඩක[/FONT], [FONT="]බැම්මක අලවල තිබුණු ඒ වීරයන්ගේ පින්තූර එකතු කළෙමි... දවසක් මගේ පින්තූර එකතුව දැක මගේ අම්මා මට බැන වැදුනේ[/FONT], ‘[FONT="]තෝ මොකට ද මේ සත්තුන්ගේ රූප එකතු කරන්නේ[/FONT]” [FONT="]කියා ය.... මගේ හීනවලට මුලින්ම පයින් ගැහුවේ මගේ අම්මා ය.[/FONT]
[FONT="]ඉතිං කාලයක් යන කොට දැනගත්තා දේසපාලූවෙක් වූ විට බෝනස් එකට තවත් තනතුරක් නොමිලේ ලැබෙන බව... ඒ පාතාල නායකකමයි... ඒ වගේම මුලින්ම පාතාල නායකයෙක් වුණොත් ෂෝට් කට් එකකින් දේසපාලූවෙක විය හැකි බවත් දැන ගතිමි... ඉස්කෝලේ දේශපාලනේ උගන්නපු සර් නම් කිව්වේ පාතාලකමත් දේසපාලනයත් යනු දෙකක් නොව එකක් කියලාය... කොහොම වුණත් මට දේසපාලූවෙක් වීමට නුසුදුසුකම් දෙකක් තිබෙනවාය කියල දැනගන්න තවත් කාලයක් ගියා... එකක් පුංචියට හරි මොළයක් තියෙන එක... අනෙක ලාවට ගැහෙන හදවතක් තියෙන එක... මම දේසාපාලකයෙකු වීමට නම් විරේකයක් කොට මේ දෙකම අයින් කරන්න ඕන... මම ඒකට බය වුණා... [/FONT]
[FONT="]මගේ බලාපොරොත්තු සුන් විසුණු වෙලා පජාත වෙලා ඉන්න කොට මෙන්න ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදි ජනරජයෙන් ඡුන්ද හිමියෙකු ලෙස [/FONT]18[FONT="]+ [/FONT][FONT="]කියලා වරමක් මට දීලා... ඒ කියන්නේ දැන් මම [/FONT]18[FONT="]+ [/FONT][FONT="]කෙනෙක්... හොරෙන් හොරෙන් බලපු [/FONT]18[FONT="]+ [/FONT][FONT="]ඒවා දැන් එළිපිට බලන්න පුලූවන් කියල හිතනකොටත් දැනෙන සනීපේ... වෙනද දේශපාලන කතාවක් මැදට ගියාම මාව එලෙව්වේ තොට ඡුන්දෙවත් නැතිව මොන දේශපාලනේ ද කියල කෝචෝක් දමමිනි... මමත් දැන් කොටහලූ වුණ කෙල්ලක් වගේ... සමාජේ පිළිගැනීමක් තියෙනවා... වෙනද අහක බලාගෙන ගිය ප‍්‍රාදේශිය මන්තී‍්‍ර ලාවට හිනා වුණේ මම ගහෙන් වැටුණු බව දැනගෙන වෙන්න ඇති... නැතිනම් ඔය යකා මට හිනා වෙන්නේ නැහැ.. මොකද මීට අවුරුද්දකට කලින් ඔය මිනිහ බාල අපරාධයක් කරල හිරේ විලංගුවේ වැටුණු එකෙක්... මොකා ලයින් එකක් දැම්මත් මගේ දේශපාලන කන්‍යාභාවය රැක ගන්නවා කියලා මම තරයේ සිතට ගත්තෙමි... හැබැයි ඒක හීනයක් වෙන්න වැඩිකල් ගියේ නෑ....[/FONT]
[FONT="]ගමේ රතු සහෝදරයා අර බඩ මහත මන්තී‍්‍රට වඩා හැන්ඞ්සම්... හීනියට රැවුල වවලා... රතු ෂර්ට් එක ඇඳලා... පාරේ යන්නේ පයින්... හරිම නිහතමානියි... මම පාරේ යන කොට අයින් වෙලා ඉඩ දුන්නේ විනීත විදියට... කතා කළේ තරුණ මගේ හෙට දවස ගැන... මමත් නොදැනී මම එයාට ආකර්ශණය වෙලා... දවසක් උදේම නැගිටලා නාලා ගිහිල්ලා පෝලිමේ ඉඳල මගේ දේසපාලන කන්‍යාභාවය රතු සහෝදරයට පූජා කලා... ඒ පෝලිමේ ඉඳිල්ල දවසක පෝලිමක් දැමීම දක්වා දුර දිග යන බව දන්නවනම් මම ගෙදරට වෙලා ඉන්නවා... කොහොම වුණත් කාලයක් යන කොට රතු සහෝදරයගේ කට විතරයි වැඩ නෑ කියල මට තේරුණා... මම හිතන් හිටියේ මට අඩුම තරමේ බයිසිකල් කට්ටක්වත් ගන්න සපෝට් එකක් දෙයි කියලා... මොන... මම දැක්කා මිනිහත් බස් හෝල්ට් එකේ කැටයක් තියන් හිගා කනවා... අපරාදේ මගේ කන්‍යාභාවය.... ඒ දේසපාලන සංසර්ගයෙන් වුණ එකම දේ තමයි මට සමාජ රෝගයක් වැළදුන එක... ඒක අදටත් නිට්ටාවට සුව වෙලා නෑ... විටින් විට කම්කරු පංතිය[/FONT], [FONT="]සමාජ විෂමතාවය[/FONT], [FONT="]පීඩිත පංතිය වගේ ඇගම කිලිපොලා යමින් රෝගය මතුවෙනවා....[/FONT]
[FONT="]අන්තිමට අම්ම කිව්වේ උඹ අර චේගුවේරගේ ඇගේ එල්ලිලා නටන නාඩගම නවත්තලා ප‍්‍රාදේශිය සභා මන්තී‍්‍ර ගැනවත් හිතපත් කියලා... ඉතිං පිළිකුලෙන් හරි ඌරෙක් වගේ ඉන්න මන්තී‍්‍ර ළගට යනවා හැර මම වෙන මෙනව කරන්නද[/FONT]? [FONT="]ඌත් කළේ චාටුව දාලා මාව දේශපාලන යහනට අරගෙන මාව දුෂණය කරපු එක තමා... එදා ඉඳන් මේ වෙන කොට දේසපාලූවන් කී දෙනෙක් එක්ක මම යහන්ගත වූවාදැයි මටවත් මතක නෑ.... [/FONT]
[FONT="]එක පාරක් බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියපු සිල් රෙදි ඇඳගත් / පඩුපැහැ රෙදි (සිවුර කියන්න දිව නැමෙන්නේ නෑ[/FONT][FONT="])[/FONT][FONT="] ඇඳගත් එව්වෝ එක්ක නිදි වැදුනේ ජාතියේ හා බුද්ධාගමේ නාමයෙන්... සිද්ද වුණු එකම දේ ආනන්තරීය පාප කර්මයකට කර ගහපු එක විතරයි...[/FONT]
[FONT="]තවත් පාරක් නිදි වැදුනේ රටෙන් බාගයක් අල්ලන එවුන් දුරු කරනවා යැයි කිවූ බැවිනි.... පොරොන්දු වූ පරිදි ඒ දේ කල නිසා නම් ඒ නිදි වැදීම ගැන මම දුක් වූයේ නැත... මම ප‍්‍රසිද්ධියේම කියා සිටියා මම අහවල් දේසපාලකයා එක්ක නිදි වැදුනා කියලා... ඒ කිව්වෙත් හරි පුරාජේරුවෙන්... ඔහු දෙවෙනි පාර නිදි වදින්න කතා කරන කොටම මම උඩ පැනගෙන ගියේ කළගුණ සලකන්නටය.... හැබැයි කාලයක් යන කොට මට තේරුණා මට මේකේ කිසි ගතියක් නෑ කියලා... හැමදාම එකම පොසිසන් එක... මම එදා හිතාගත්තා තුන්වෙනි පාර කතා කළොත් යන්නේ නෑ කියලා... [/FONT]
[FONT="]ඉතිං මට ඕන වුණා වෙනසක්... මගේ ජීවිතේ හරි මගට ගෙනියන්න.... මේ දේසපාලන ගණිකා ජීවිතයෙන් මුදවලා මාව ඉහළ තැනක තියන්න පුලූවන් වෙනස්ම දේශපාලකයෙක්... ඉතිං ඒ වෙනස වෙනුවෙනුත් මම ආයෙත් දේශපාලන යහනට ගොඩ වුණා... ගොඩ වුණා විතරක් නෙවෙයි අනෙක් අයටත් ඒ යහනට ගොඩවෙයන් කියලා උනන්දු කෙරෙව්වා... ඒත් ආයෙත් මට වැරදුණා කියල හිතෙනවා... දැන් ලපයි සිපයි හැම එකෙක්ම හිතූ හිතූ විදියට මාව දුෂණය කරනවා... මම දැන් උන්ගේ සෙල්ලම් බඩුවක් වෙලා... [/FONT]
[FONT="]මම දැන් පැත්තකට වෙලා බිත්තියේ ගහල තියෙන මගේ රටේ සිතියම දිහා බලන් ඉන්නවා... මේක පුදුම රටක්... ඉස්සර කිව්වා පෙරදිග මුතු ඇටය කියල... ඇත්ත තමයි හැඩය නිකන් ඒ වගේ.... සමහරු කිව්වා වම් පැත්තට හරවල[/FONT], [FONT="]පිටිපස්සට වලිගයක් දාල බලපන් එතකොට හරකෙක් වගේ පෙනෙයි කියලා.... ඇත්ත තමයි... එහෙම බැලූවම හරකෙක් වගේ තමයි... සමහරු උඩකුරු කරල බලපන් කිව්වා ඇත්ත තමයි එතකොට ඒක නිකන් අමුතු ඇටේ වගේ.... [/FONT]
[FONT="]මම නැවතත් සිතියම කෙළින් කරලා බලනවා... මට නම් පේන්නේ ඒක එල්ලිල මැරෙන්න තියන තොණ්ඩුවක් වගේ... ඔබත් බලන්න... ඇත්තටම ඒක තොණ්ඩුවක් වගේ නේද....[/FONT]? [FONT="]මම ඒ තොණ්ඩුවේ හිරවුණු දේසපාලන ගණිකාවක් කියල හිතෙන කොට දැනෙන්නේ පුදුම දුකක්....[/FONT]
[FONT="]දැන් මම හිත හදාගෙන ඉවරයි... සමාජේ ඉන්න හැම එකෙක්ම දේශපාලන ගණිකාවක්... උන් මොකෙක් හිරි දේසපාලූවෙක් එක්ක නිදි වැදිලා... ඉතිං උන්ගෙයි මගෙයි වෙනසක් නෑ... වෙනස තියෙන්නේ හෙට උන් මොන දේසපාලකයෙක් එක්ක නිදි වදියි ද[/FONT], [FONT="]මම මොන දේසපාලකයෙක් එක්ක නිදි වදියි ද කියන වෙනස විතරමයි....[/FONT]
[FONT="]සැ.යු. [/FONT][FONT="][/FONT]
[FONT="]උපුටා වෙනත් සමාජ අඩවියක පළ කරන්නේ නම් අඩුම තරමේ උපුටාගැනීම දක්වන්නවත් කාරුණික වන්න...[/FONT][FONT="].[/FONT]


