කලාදුරු පිලිබද ඔබ දැනුවත්ද?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,086
    46,647
    113
    කලාදුරු පිලිබද ඔබ දැනුවත්ද?

    =======================
    කනේ ඇතිවන කලාදුරු පිලිබද ඔබ දැනුවත්ද?
    =======================


    rfsWjrS.jpg

    කනේ පිටත නාලයේ ඉතා කුඩාවට ඇති කෙස්මුල් ආශ‍්‍රිතව ඇති ග‍්‍රන්ථිවලින් පිටවන ස‍්‍රාවයක් මෙලෙස හැදින්වේ. මෙම ස‍්‍රාවය මගින් කනට දුහුවිලි ඇතුලු වීම කෘමීන් හා විෂ බීජ ඇතුලු වීම අවම කරයි. මීට අමතරව මෙම ස‍්‍රාවයේ ඇති තෙල් වැනි ස්වභාවය නිසා පිටත කනේ වතුර රදා පැවතීම අවම කරයි.

    මෙම ස‍්‍රාවය කනේ පිටත නාලය දිගේ එලියට විත් ඉබේම ක‍්‍රමයෙන් ඉවත්වීම වන අතර ඉතාම කලාතුරකින් වැඩිපුර මෙම ස‍්‍රාවයන් ඇතිවීමත් ඒවා ඝණවී කනේ පිටත නාලය අවහිර වීමත් විය හැක.

    1. මෙලෙස කලාදුරු හිරවීම නිසා ඇතිවිය හැකි ව්‍යාකූලතා මොනවාද?

    කනේ කැක්කුම
    කන ඇතුල පිරුණු ස්වභාවයක් දැනීම
    ඇසීම අඩුවීම
    කන ඇතුලේ ඇතිවන ඝෝෂාකාරී ස්වභාවය

    2. මෙවැනි තත්වයකදී වෛද්‍යවරයෙකු වෙත යොමු වීමට ප‍්‍රථම කල හැකි දේ මොනවාද?

    අදාල පැත්තේ කණ ඉහලට සිටිනසේ හිස පැත්තට හරවා පිටත කනේ නාලය එක් අක්ෂයක සිටින සේ පිහිටුවන්න. ඉන් පසුව ශරීරයේ උෂ්ණත්වයට සමාන පිරිසිදු ජලය කුඩා සිරින්ජයකට ගන්න. කලාදුරු ඝණ වී ඇති ස්ථානයට වහාම ඉදිරියෙන් ඇති පිටත කනේ නාලයේ බිත්තියට යොමුවනසේ ජල පහර එල්ල කරන්න. ( මේ සදහා තව පුද්ගලයෙකුගේ උදව් අවශ්‍යවේ). පසුව එකවර හිස අනෙක් පසට හරවා ජලය පිටවීමට සලස්වන්න. මේ ආකාරයට කිහිප වරක් සිදුකිරීමෙන් බොහොවිට ඝණ වී ඇති කලාදුරු ඉවත්වීම සිදුවේ. අවසානයේදී පිටත කන පිරිසිදු රෙදි කැබැල්ලකින් පිස දමන්න.

    මෙහිදී වඩා සීතල හෝ උණුසුම් ජලය පාවිච්චි කලහොත් කරකැවිල්ල ගතියක් ඇති විය හැක. මීට අමතරව බේබි ඔයිල් හා ග්ලිසරීන් වැනි තෙල් වර්ග කණට ටික වේලාවක් දමා තැබිය හැක. එමගින්ද ඝණ වී ඇති කලාදුරු බුරුල් කිරීම කරනු ලබයි.

    3. වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුත්තේ කවර තත්ව වලදීද?

    යම් හෙයකින් කලින් කන් බෙරය පුපුරා යාමක් ඇතිවී තිබේ නම් හෝ මේ සමග කනේ සැරව ගැලීමක් ඇතිවන්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතුය. එවැනි අවස්ථා වලදී ඉහත සදහන් කල ක‍්‍රියාකාරකම් නොකල යුතුවේ.

    4. නිතර කන සුද්ධ කිරීම කල යුතුද?

    කනට විවිධ දේ ඇතුල් කර සුද්ද කිරීම නොකල යුතුය. එමගින් කනේ පිටත නාලයේ බිත්තිය තුවාල වී විෂ බීජ තත්ව ඇතිවීමත් කනේ ස‍්‍රාවයන් වෙනදාට වඩා සෑදීමට පටන් ගැනීමත් සිදුවේ. එමෙන්ම කන කැසීමට පටන් ගැනීමත් දැකිය හැක. කන නිතර සුද්ද කිරීම අවශ්‍ය නොවන අතර සෑදෙන ස‍්‍රාවයන් ඉබේම පිටවීම සිදුවේ. සාමානයෙන් නාන විටදී කනේ පිටත කොටස පමණක් සෝදා හැරීම සෑහේ.


    healthy life
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    hamme mata kaladuru seen eka awilla...yako ara mokakda ekak kana athulata dala ayin kare...pissu hadenawa...masa ganak giya tika tika ayin karandath epai