අතහැර දැමූ යැංකි හමුදා ව්‍යාපෘති
ලොව විශාලතම ආරක්ෂක වියදම සහිත ශක්තිමත්ම හමුදාව එක්සත් ජනපදය සතු බවට කිසිදු විවාදයක් නොමැත.නමුත් වසර 2000 සිට මේ දක්වා පෙන්ටගනය ප්‍රධානතම ව්‍යාපෘති 15ක් සඳහා ඇ.ඩො.බිලියන 51.2ක් වියදම් කර තිබේ.නමුත් ඉන් බොහොමයක් පසුව අතහැර දමා තිබේ.
මෙම ව්‍යාපෘති බොහොමයක් අතරමග නවතා දමා ඇත්තේ නිෂ්පාදන වියදම් ඇස්තමේන්තු කලාට වඩා ඉහළ යෑම සහ දුර්වල ක්‍රියාකාරිත්වය හේතුවෙනි.ඇමෙරිකාව සතු ප්‍රථම ස්ටෙල්ත් තාක්ෂණයෙන් යුක්ත ප්‍රහාරක යානය මුලදී සැලසුම් කර තිබුණේ 750 නිෂ්පාදනය කිරීමටයි.නමුත් එම ව්‍යාපෘතිය ගුවන් යානා 187කින් අවසන් කරන ලදි.
අනාගත සංග්‍රාමික පද්ධති හෙවත් Future Combat Systems (FCS) යනු එක්සත් ජනපද හමුදාවේ ප්‍රමුඛ නවීකරණ වැඩසටහනකි.මෙය 2003 වසරේ සිට 2009 වසර තෙක් ක්‍රියාත්මක විය.මෙම වැඩසටහනේ අරමුණ වූයේ මිනිසුන් සහිත සහ රහිත වාහන වලින් සමන්විත පෙර නොදුටුවිරූ වේගයක් සහ සුනම්‍ය බවක් සහිත සංග්‍රාම භූමි ජාලයක් හා බැදුණු සේනාංක ඇතිකිරීමයි.2009 වසරේදී පිලිවෙලින් අප්‍රේල් සහ මැයි මාසවලදී පෙන්ටගනය සහ යුද හමුදාව මෙම රථ නිපදවීමේ වැඩසටහන නිල වශයෙන් අත්හිටවූ බව දැනුම් දෙන ලදි.Future Combat Systems (FCS) වැඩසටහන වෙනුවට ගොඩබිම් සංග්‍රාමික රථ නමින් වැඩසටහනක්(Ground Combat Vehicle (GCV)) ආරම්භ කල මුත් එයත් 2014 වසරේදී අවලංගු කර තිබෙන බව සඳහන්වේ.[ඡායාරූපය: XM1203 Non-Line-of-Sight Cannon (NLOS-C) මූලාකෘතිය (2009)]
RAH-66 Comanche සන්නද්ධ පිරික්සුම් සහ ප්‍රහාරක හෙලිකොප්ටරය
ශාඛාව: එක්සත් ජනපද යුද හමුදාව
වියදම: ඇ.ඩො.බිලියන 6.9
RAH-66 Comanche යනු එක්සත් ජනපද යුද හමුදාව වෙනුවෙන් නිර්මාණය කල සන්නද්ධ පිරික්සුම් සහ ප්‍රහාරක හෙලිකොප්ටරයකි.මෙම වැඩසටහන 2004 වසරේදී අත්හිටුවන විට ඇ.ඩො.බිලියන 7කට ආසන්න මුදලක් වියදම් කර තිබූ බව සඳහන් වේ.මෙම වැඩසටහන සඳහා බොයින්-සිකොර්ස්කයි සමාගම් දෙකෙන් තෝරාගත් කණ්ඩායමක් යෙදවූ අතර 1996 වසරේදී ඔවුන් නිර්මාණය කල RAH-66 හෙලිකොප්ටරයේ මූලාකෘතියක් පළමු ගුවන් ගමන සිදුකරන ලදි.සන්නාහ සන්නද්ධ රථ විනාශ කිරීමට අවශ්‍ය මිසයිල සහ රොකට් එය සතු විය.එහි තවත් අරමුණක් වූයේ AH-64 Apache ප්‍රහාරක හෙලිකොප්ටර්වලට ඉලක්ක සලකුණු කර දීමයි.එම කාර්යය සඳහා අවශ්‍ය දියුණු පිරික්සුම් සහ සංවේදක උපාංගද එය සතුවිය.[ඡායාරූපය: 1996 වසරේදී RAH-66 Comanche යානයේ මූලාකෘතියක් සිය ප්‍රථම ගුවන් ගමනේ යෙදුණ අයුරු]
ජාතික ධ්‍රැවීය-කක්ෂීය මෙහෙයුම් පාරිසරික චන්ද්‍රිකා පද්ධතිය
ශාඛාව:ගුවන් හමුදාව සහ ජාතික සමුද්‍රීය සහ වායුගෝලීය සංවිධානය
වියදම :ඇ.ඩො.බිලියන 5.8
National Polar-orbiting Operational Environmental Satellite System (NPOESS)යනු පෘථිවි කාලගුණය,වායුගෝලය,සාගර,ගොඩබිම සහ ආසන්න අභ්‍යාවකාශය නිරීක්ෂණය කිරීමට යෙදවීමට බලාපොරොත්තුවෙන් සිටි ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊළඟ පරම්පරාවේ චන්ද්‍රිකා ජාලයයි."C1" / "Charlie 1" නම් එම ජාලයේ පළමු චන්ද්‍රිකාව දියත් කිරීමට දින යොදාගෙන තිබුණේ 2013 වසරේදී පමණය.නමුත් සංවේදක උපාංග සංවර්ධනයේ ගැටලු සහ ඇස්තමේන්තු වියදම් ඉක්මවා යෑම නිසා NPOESS ව්‍යාපෘතිය නවතා දැමූබව කියවේ.2010 පෙබරවාරි මාසයේ 1දා ධවල මන්දිරය විසින් ඒ බව නිවේදනය කර තිබේ.
Boeing YAL-1 නම් ලේසර් අවිය නවීකරණය කල බොයිං 747- 400F යානයකට සවිකර තිබිණි.එහි ප්‍රාථමික අරමුණ වූයේ උපායමාර්ගික බැලස්ටික් මිසයිල එහි boost phase (මිසයිලය එහි උපරිම ප්‍රවේගය ලගා කරගැනීමට පෙර )අවදියේදී විනාශ කිරීමයි.YAL-1 අවිය සහිත බොයිං යානය 2007 වසරේදී අත්හදා බලා තිබේ.2010 වසරේදී YAL-1 අධි ශක්ති ලේසර් අවිය යොදාගෙන මිසයිල 2ක් විනාශ කර තිබේ.2010 වසරේදී වැඩසටහනේ අරමුදල් කප්පාදුව නිසා 2011 වසරේ දෙසැම්බර් මාසයේදී එය අත්හිටුවන ලදි.
ලොක්හීඩ් මාර්ටින් සමාගමේ VH-71 Kestrel හෙලිකොප්ටරය, AgustaWestland AW101 හෙලිකොප්ටරයේ නවීකරණය කල මොඩලයක් වන අතර එය නිර්මාණය කිරීමේ අරමුණ වූයේ මැරීන් හමුදාව සතු ජනපති ප්‍රවාහන මැරීන් වන් නම් හෙලිකොප්ටර් සහිත ඇණිය වෙනුවට යොදාගැනීමයි.නමුත් එම වැඩසටහන වෙනුවෙන් දරන්නට වන වියදම අධික වීම(හෙලිකොප්ටර් 28 සඳහා ඇ.ඩො.බිලියන 13ක් වැයවන බවට ඇස්තමේන්තු කර තිබිණි ) නිසා 2009 වසරේදී එය අත්හිටුවන්න කියා ජනපති ඔබාමා,ආරක්ෂක ලේකම්ට කියා තිබේ.ඇ.ඩො.බිලියන 4.4ක් එම වැඩසටහනට වියදම් කිරීමෙන් පසුව නාවික හමුදාව එය අත්හිටුවන ලද අතර VH-71 වර්ගයේ හෙලිකොප්ටර් 9ක් මිලදී ගන්නා ලදි.පසුව ඒවා ඇ.ඩො. මිලියන 164කට කැනඩාවට විකුණා දමා තිබේ.[ඡායාරූපය:VH-71 යානයක් නියෝර්ක් හි ඔවේගෝ ප්‍රදේශයේ පරීක්ෂාවට ලක් කරන අයුරු]
Expeditionary Fighting Vehicle - උභයචර ප්‍රහාරක රථය
ශාඛාව: මැරීන් හමුදාව
වියදම:ඇ.ඩො.බිලියන 3.3
මෙම උභයචර ප්‍රහාරක රථය(EFV) නිර්මාණය කලේ මැරීන් හමුදාව සඳහාය.එය මුහුදේ තිබෙන උභයචර ප්‍රහාරක නෞකාව සිට දියත් කල හැකිය.මෙම රථයෙන් පුර්ණ සන්නද්ධ මැරීන් භටයින් 17ක් වෙරළට රැගෙන ආ හැකිය.ගොඩබිමදී පැයට කි.මී. 72 වේගයක්ද ජලයේදී පැයට කි.මී.46ක වේගයක්ද සතු මෙම රථයේ ප්‍රධාන අවි දෙකකි.2011 වසරේදී ආරක්ෂ ලේකම්ගේ නියෝගය පරිදි මෙම ව්‍යාපෘතිය අවලංගු කරන ලදි.ඒවන විට EFV වැඩසටහනට ඇ.ඩො.බිලියන 3ක් වැය කර තිබුණ මුත් එහි සම්පුර්ණ වියදම ලෙස මුලදී ඇස්තමේන්තු කර තිබුණේ ඇ.ඩො.බිලියන 15කි. [ඡායාරූපය:Expeditionary Fighting Vehicle, Advanced Amphibious Assault Vehicle (AAAV)]
XM2001 Crusader යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊළඟ පරම්පරාවේ self-propelled howitzer කාලතුවක්කු අවියයි.මෙම අවිය සහිත රථයට පැයට කි.මී.48 උපරිම වේගයක් තිබේ.එහි තිබෙන කාලතුවක්කුව මි.මී. 155ක එකකි.එය ක්‍රියාත්ම කරවීමට තිදෙනෙකුගෙන් සමන්විත කාර්යමණ්ඩලයක් සිටියි.මෙම වැඩසටහන 2002 වසරේදී නවතා දමන විට ඒ සඳහා ඇස්තමේන්තු කර තිබූ මුදල වූයේ ඇ.ඩො.බිලියන 11කි.ඒ වනවිට එම මුදලින් බිලියන 2.2ක් වැය කර තිබිණි.[ඡායාරූපය: XM2001 Crusader අවියෙන් උණ්ඩයක් නිකුත් කරන අයුරු ]
බොයිං 767-400ER වාණිජ ගුවන් යානය මූලික කරගෙන නිර්මාණය කල E-10 MC2A යානයේ අරමුණ වූයේ එක්සත් ජනපදය භාවිතා කරන බොයිං 707 යානය මූලික කරගෙන නිර්මාණය කල E-3 Sentry, E-8 Joint STARS සහ RC-135 යන ගුවන් යානා වෙනුවට යොදාගැනීමයි.අරමුදල් කප්පාදුව නිසා 2007 වසරේදී මෙම වැඩසටහනට නැවතීමේ තිත තැබිණි.Northrop Grumman සමාගම නිර්මාණය කල E-10 මූලාකෘතිය 2009 වසරේදී බහරේන් රාජ්‍යයට විකුණා දමා ඇත්තේ ප්‍රභූන් ඇතුලු විශේෂ පුද්ගලයින් ප්‍රවාහනය සඳහා යොදාගැනීමටයි.[ඡායාරූපය: E-10A MC2 යානය සිත්තරෙකුගේ ඇසින්]
SBIRS Low - අභ්‍යාවකාශය මුලික කරගත් අධෝරක්ත පද්ධතිය-පහළ කක්ෂීය
ශාඛාව: ගුවන් හමුදාව
වියදම: ඇ.ඩො.බිලියන 1.5
SBIRS Low (Space Tracking and Surveillance System)යනු පසුකාලීනව අභ්‍යාවකාශ ලුහුබැඳීම් සහ ඔත්තුබැලීම් පද්ධතිය නමින් වෙනස් කල ව්‍යාපෘතියකි.මෙම වැඩසටහනේදී පහළ කක්ෂීය චන්ද්‍රිකා 24ක් යෙදවීමට සැලසුම් කර තිබිණි.මෙහිදී බැලස්ටික් මිසයිල ලුහුබැඳීම සහ අවිශීර්ෂ සහ වෙනත් වස්තූන් අතර වෙනස සොයාබැලීම අරමුණ වී තිබිණි.[ඡායාරූපය:SBIS Low වැඩසටහනට යෙදවීමට බලාපොරොත්තු වූ චන්ද්‍රිකාවක්]
Advanced SEAL Delivery System - සීල් සෙබලුන් ප්‍රවාහන සබ්මැරීනය
ශාඛාව:නාවික හමුදාව
වියදම: ඇ.ඩො.බිලියන 0.6
Advanced SEAL Delivery System (ASDS) යනු නාවික හමුදාවේ සීල් බලකාය රහසිගතව ප්‍රවාහනය කිරීම සඳහා නිර්මාණය කල කුඩා ප්‍රමාණයේ සබ්මැරීනයකි.එය න්‍යෂ්ඨික සබ්මැරීනයක තට්ටුව මත රඳවා ප්‍රවාහනය කරයි.1996-2000 කාලය තුල ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන යටතේ සබ්මැරීන 6ක් නිපදවීමට සැලසුම් කර තිබුණද නිපදවන ලද්දේ එකක් පමණි.එම සබ්මැරීනයත් 2008 වසරේදී ගිනි ගැනීමකින් දැඩි ලෙස හානියට පත්ව තිබේ.2006 වසරේදී මෙම වැඩසටහන අත්හිටුවා තිබේ.
Bell ARH-70 Arapaho - සන්නද්ධ ඔත්තු බැලීමේ හෙලිකොප්ටරය
ශාඛාව: යුද හමුදාව
වියදම: ඇ.ඩො.බිලියන 0.5
Bell ARH-70 Arapaho යනු එක්සත් ජනපද යුද හමුදාව වෙනුවෙන් නිර්මාණය කල සන්නද්ධ,ඔත්තුබැලීමේ හෙලිකොප්ටර් යානයකි.එහි මූලාකෘති 4ක් නිපදවා තිබේ.කාර්ය මණ්ඩලය දෙදෙනෙකුගෙන් සමන්විත ARH-70 Arapaho යානය නාගරික ප්‍රදේශවල සටන් සඳහා යෙදවීමට සැලසුම් කර තිබුණේ හමුදාව භාවිතා කරමින් තිබූ Bell OH-58 Kiowa හෙලිකොප්ටර් සඳහා ආදේශකයක් ලෙසයි.අධික ප්‍රමාදය සහ අධික වියදම නිසා මෙම වැඩසටහන 2008 වසරේදී අත්හිටුවා තිබේ.[ඡායාරූපය:ARH-70 හෙලිකොප්ටරයක් ඇලබාමා හි කේයෙන්ස් හමුදා කඳවුරේදී]
මෙය ඇමෙරිකානු යුද හමුදාව සහ නාවික හමුදාව වෙනුවෙන් නිර්මාණය කිරීමට සැලසුම් කල පිරික්සුම්/ඔත්තුබැලීමේ යානයකි.මෙම යානයට සෙබලුන්ගේ සංචලනයන් සොයාගැනීම,සතුරු සන්නිවේදනය සහ රේඩාර් සම්ප්‍රේෂණ අඩාල කිරීම සහ වෙනත් ගුවන් යානයක් සමග සන්නිවේදනය කිරීම ආදී හැකියාවන් තිබේ.මෙම වැඩසටහන 2006 වසරේදී අවලංගු කර තිබේ.[ඡායාරූපය:Aerial Common Sensorසංකල්පය/ ERJ 145 පවුලේ ගුවන් යානයක් මූලික කරගෙන නිර්මාණ කිරීමට සැලසුම් කර තිබිණි]
CG(X) ඊළඟ පරම්පරාවේ වර්ගයේ නෞකාව
ශාඛාව:නාවික හමුදාව
වියදම: ඇ.ඩො.බිලියන 0.2
මෙම වැඩසටහන යටතේ Ticonderoga පන්තියේ cruisers වර්ගයේ නෞකා(22) 2017 දී විශ්‍රාම යැවීම අරමුණ විය.සැලසුම් කර තිබූ නෞකා ගණන 19කි.ඒවා Zumwalt පන්තියේ destroyer වර්ගයේ නෞකා මුලික කරගෙන නිර්මාණය කිරීමට සැලසුම් කර තිබුණේ අමතර බැලස්ටික් මිසයිල ආරක්ෂණ පද්ධතිද සහිතවයි.නමුත් වැඩසටහන 2010 වසරේදී අවලංගු කරන ලදි.
Next-Generation Bomber හෙවත් නිල නොවන ලෙස 2018 Bomber නමින් හැඳින්වූ මෙම වැඩසටහන ගුවන් හමුදාව වෙනුවෙන් නිපදවීමට සැලසුම් කල මධ්‍යම ප්‍රමාණයේ බෝම්බ හෙළන ගුවන් යානයකි.මෙම ගුවන් යානා සේවයට පැමිණීමට දින වකවානු යොදා තිබුණේ 2018 වසරේදී වුවද එම වැඩසටහන, Long Range Strike Bomber (LRS-B)ව්‍යාපෘතියෙන් ප්‍රතිස්ථාපනය කරන ලදි.
මේවන විට එක්සත් ජනපදය තම ආරක්ෂක වියදම් ක්‍රමයෙන් අඩු කරමින් තිබුණද එය කිසිවිටෙක ඔවුන් පළමු ස්ථානයෙන් පහලට ඇද දමාවි යැයි සිතිය නොහැකිය.ඔවුන්ගේ ආරක්ෂක වියදම ලොව දෙවන විශාලත ආරක්ෂක වියදම දරන්නා මෙන් තුන්ගුණයක් විශාලය.පහත දැක්වෙන සටහනෙන් ඒ බව කදිමට පැහැදිලි කර තිබේ.මෙහි දත්ත 2015 වර්ෂයට අදාල බව සලකන්න.(ඇ.ඩො.බිලියන වලින්)
එක්සත් ජනපදයේ ආරක්ෂක වියදම ඔවුන්ට පිටුපසින් සිටින රටවල් 15හි මුළු ආරක්ෂක වියදමටත් වඩා වැඩිය.ඒ අතින් ඇමෙරිකාවට කිට්ටුවෙන් වත් සිටින්නේ චීනයයි.චීනයේ ආරක්ෂක වියදම ඇ.ඩො.බිලියන 216 වෙද්දී ඇමෙරිකාවේ ආරක්ෂක වියදම ඇ.ඩො.බිලියන 610 වේ.මෙය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයද අභිබවා යයි.
සෝවියට් දේශයේ ව්‍යාප්තවාදයට අභියෝගයක් වන පිණිස නිර්මාණය කල නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සිටින යුද සහ ආර්ථික බලවතා වන්නේද ඇමෙරිකා එක්සත් ජනපදයයි.නේටෝ සංවිධානයේ තවත් සාමාජික රටවල් 27ක් සිටියදී ආරක්ෂක වියදමෙන් 3/2 ක්ම දරන්නේ ඇමෙරිකාවයි.පහත සටහනෙන් පෙන්වා තිබෙන්නේ නේටෝ සංවිධානයේ සැලකිය යුතු ආර්ථිකයක් හිමි රටවල් විසින් ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා සිදුකරන වියදමයි(දත්ත 2014 වසරට අදාල බව සලකන්න ).2014 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය නේටෝව වෙනුවෙන් ඇ.ඩො.බිලියන 582ක් වැයකර තිබේ.බ්‍රිතාන්‍යය සිය හමුදා වෙනුවෙන් ඇ.ඩො.බිලියන 55ක් වියදම් කර තිබේ.
සැ.යු:මෙම සටහනේ සියලුම නේටෝ සාමාජිකයින්ගේ ආරක්ෂක වියදම් දක්වා නොමැත.අනෙක් රටවල වියදම සංසන්දනය කිරීමේදී නොසැලකිය හැකි රටවල් ඇතුලත් කර නැත.
Source:businessinsider.com
-HarshaLulzSec-

පහත දැක්වෙන්නේ ප්‍රමාණවත් අරමුදල් නොලැබීම/ අරමුදල් කප්පාදුව නිසා අවලංගු කල හමුදාව නවීකරණය කිරීමේ ව්‍යාපෘති කිහිපයකි.
Future Combat Systems
ශාඛාව: යුද හමුදාව
වියදම: ඇ.ඩො.බිලියන 18.1

වාසර ලේසර් අවිය - Boeing YAL-1
ශාඛාව:ගුවන් හමුදාව
වියදම:ඇ.ඩො.බිලියන 5.2
වියදම:ඇ.ඩො.බිලියන 5.2
Boeing YAL-1 නම් ලේසර් අවිය නවීකරණය කල බොයිං 747- 400F යානයකට සවිකර තිබිණි.එහි ප්‍රාථමික අරමුණ වූයේ උපායමාර්ගික බැලස්ටික් මිසයිල එහි boost phase (මිසයිලය එහි උපරිම ප්‍රවේගය ලගා කරගැනීමට පෙර )අවදියේදී විනාශ කිරීමයි.YAL-1 අවිය සහිත බොයිං යානය 2007 වසරේදී අත්හදා බලා තිබේ.2010 වසරේදී YAL-1 අධි ශක්ති ලේසර් අවිය යොදාගෙන මිසයිල 2ක් විනාශ කර තිබේ.2010 වසරේදී වැඩසටහනේ අරමුදල් කප්පාදුව නිසා 2011 වසරේ දෙසැම්බර් මාසයේදී එය අත්හිටුවන ලදි.
VH-71 Kestrel ජනපති ප්‍රවාහන හෙලිකොප්ටරය
ශාඛාව: මැරීන් හමුදාව
වියදම : ඇ.ඩො.බිලියන 3.7
වියදම : ඇ.ඩො.බිලියන 3.7
ලොක්හීඩ් මාර්ටින් සමාගමේ VH-71 Kestrel හෙලිකොප්ටරය, AgustaWestland AW101 හෙලිකොප්ටරයේ නවීකරණය කල මොඩලයක් වන අතර එය නිර්මාණය කිරීමේ අරමුණ වූයේ මැරීන් හමුදාව සතු ජනපති ප්‍රවාහන මැරීන් වන් නම් හෙලිකොප්ටර් සහිත ඇණිය වෙනුවට යොදාගැනීමයි.නමුත් එම වැඩසටහන වෙනුවෙන් දරන්නට වන වියදම අධික වීම(හෙලිකොප්ටර් 28 සඳහා ඇ.ඩො.බිලියන 13ක් වැයවන බවට ඇස්තමේන්තු කර තිබිණි ) නිසා 2009 වසරේදී එය අත්හිටුවන්න කියා ජනපති ඔබාමා,ආරක්ෂක ලේකම්ට කියා තිබේ.ඇ.ඩො.බිලියන 4.4ක් එම වැඩසටහනට වියදම් කිරීමෙන් පසුව නාවික හමුදාව එය අත්හිටුවන ලද අතර VH-71 වර්ගයේ හෙලිකොප්ටර් 9ක් මිලදී ගන්නා ලදි.පසුව ඒවා ඇ.ඩො. මිලියන 164කට කැනඩාවට විකුණා දමා තිබේ.[ඡායාරූපය:VH-71 යානයක් නියෝර්ක් හි ඔවේගෝ ප්‍රදේශයේ පරීක්ෂාවට ලක් කරන අයුරු]
Expeditionary Fighting Vehicle - උභයචර ප්‍රහාරක රථය
ශාඛාව: මැරීන් හමුදාව
වියදම:ඇ.ඩො.බිලියන 3.3
මෙම උභයචර ප්‍රහාරක රථය(EFV) නිර්මාණය කලේ මැරීන් හමුදාව සඳහාය.එය මුහුදේ තිබෙන උභයචර ප්‍රහාරක නෞකාව සිට දියත් කල හැකිය.මෙම රථයෙන් පුර්ණ සන්නද්ධ මැරීන් භටයින් 17ක් වෙරළට රැගෙන ආ හැකිය.ගොඩබිමදී පැයට කි.මී. 72 වේගයක්ද ජලයේදී පැයට කි.මී.46ක වේගයක්ද සතු මෙම රථයේ ප්‍රධාන අවි දෙකකි.2011 වසරේදී ආරක්ෂ ලේකම්ගේ නියෝගය පරිදි මෙම ව්‍යාපෘතිය අවලංගු කරන ලදි.ඒවන විට EFV වැඩසටහනට ඇ.ඩො.බිලියන 3ක් වැය කර තිබුණ මුත් එහි සම්පුර්ණ වියදම ලෙස මුලදී ඇස්තමේන්තු කර තිබුණේ ඇ.ඩො.බිලියන 15කි. [ඡායාරූපය:Expeditionary Fighting Vehicle, Advanced Amphibious Assault Vehicle (AAAV)]
XM2001 Crusader Self-Propelled Howitzer
ශාඛාව: යුද හමුදාව
වියදම: ඇ.ඩො.බිලියන 2.2
වියදම: ඇ.ඩො.බිලියන 2.2
XM2001 Crusader යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊළඟ පරම්පරාවේ self-propelled howitzer කාලතුවක්කු අවියයි.මෙම අවිය සහිත රථයට පැයට කි.මී.48 උපරිම වේගයක් තිබේ.එහි තිබෙන කාලතුවක්කුව මි.මී. 155ක එකකි.එය ක්‍රියාත්ම කරවීමට තිදෙනෙකුගෙන් සමන්විත කාර්යමණ්ඩලයක් සිටියි.මෙම වැඩසටහන 2002 වසරේදී නවතා දමන විට ඒ සඳහා ඇස්තමේන්තු කර තිබූ මුදල වූයේ ඇ.ඩො.බිලියන 11කි.ඒ වනවිට එම මුදලින් බිලියන 2.2ක් වැය කර තිබිණි.[ඡායාරූපය: XM2001 Crusader අවියෙන් උණ්ඩයක් නිකුත් කරන අයුරු ]
E-10 බහු-සංවේදක විධාන සහ පාලන ගුවන් යානය
ශාඛාව: ගුවන් හමුදාව
වියදම: ඇ.ඩො.බිලියන 1.9
වියදම: ඇ.ඩො.බිලියන 1.9
බොයිං 767-400ER වාණිජ ගුවන් යානය මූලික කරගෙන නිර්මාණය කල E-10 MC2A යානයේ අරමුණ වූයේ එක්සත් ජනපදය භාවිතා කරන බොයිං 707 යානය මූලික කරගෙන නිර්මාණය කල E-3 Sentry, E-8 Joint STARS සහ RC-135 යන ගුවන් යානා වෙනුවට යොදාගැනීමයි.අරමුදල් කප්පාදුව නිසා 2007 වසරේදී මෙම වැඩසටහනට නැවතීමේ තිත තැබිණි.Northrop Grumman සමාගම නිර්මාණය කල E-10 මූලාකෘතිය 2009 වසරේදී බහරේන් රාජ්‍යයට විකුණා දමා ඇත්තේ ප්‍රභූන් ඇතුලු විශේෂ පුද්ගලයින් ප්‍රවාහනය සඳහා යොදාගැනීමටයි.[ඡායාරූපය: E-10A MC2 යානය සිත්තරෙකුගේ ඇසින්]
SBIRS Low - අභ්‍යාවකාශය මුලික කරගත් අධෝරක්ත පද්ධතිය-පහළ කක්ෂීය
ශාඛාව: ගුවන් හමුදාව
වියදම: ඇ.ඩො.බිලියන 1.5
SBIRS Low (Space Tracking and Surveillance System)යනු පසුකාලීනව අභ්‍යාවකාශ ලුහුබැඳීම් සහ ඔත්තුබැලීම් පද්ධතිය නමින් වෙනස් කල ව්‍යාපෘතියකි.මෙම වැඩසටහනේදී පහළ කක්ෂීය චන්ද්‍රිකා 24ක් යෙදවීමට සැලසුම් කර තිබිණි.මෙහිදී බැලස්ටික් මිසයිල ලුහුබැඳීම සහ අවිශීර්ෂ සහ වෙනත් වස්තූන් අතර වෙනස සොයාබැලීම අරමුණ වී තිබිණි.[ඡායාරූපය:SBIS Low වැඩසටහනට යෙදවීමට බලාපොරොත්තු වූ චන්ද්‍රිකාවක්]
Advanced SEAL Delivery System - සීල් සෙබලුන් ප්‍රවාහන සබ්මැරීනය
ශාඛාව:නාවික හමුදාව
වියදම: ඇ.ඩො.බිලියන 0.6
Advanced SEAL Delivery System (ASDS) යනු නාවික හමුදාවේ සීල් බලකාය රහසිගතව ප්‍රවාහනය කිරීම සඳහා නිර්මාණය කල කුඩා ප්‍රමාණයේ සබ්මැරීනයකි.එය න්‍යෂ්ඨික සබ්මැරීනයක තට්ටුව මත රඳවා ප්‍රවාහනය කරයි.1996-2000 කාලය තුල ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන යටතේ සබ්මැරීන 6ක් නිපදවීමට සැලසුම් කර තිබුණද නිපදවන ලද්දේ එකක් පමණි.එම සබ්මැරීනයත් 2008 වසරේදී ගිනි ගැනීමකින් දැඩි ලෙස හානියට පත්ව තිබේ.2006 වසරේදී මෙම වැඩසටහන අත්හිටුවා තිබේ.
Bell ARH-70 Arapaho - සන්නද්ධ ඔත්තු බැලීමේ හෙලිකොප්ටරය
ශාඛාව: යුද හමුදාව
වියදම: ඇ.ඩො.බිලියන 0.5
Bell ARH-70 Arapaho යනු එක්සත් ජනපද යුද හමුදාව වෙනුවෙන් නිර්මාණය කල සන්නද්ධ,ඔත්තුබැලීමේ හෙලිකොප්ටර් යානයකි.එහි මූලාකෘති 4ක් නිපදවා තිබේ.කාර්ය මණ්ඩලය දෙදෙනෙකුගෙන් සමන්විත ARH-70 Arapaho යානය නාගරික ප්‍රදේශවල සටන් සඳහා යෙදවීමට සැලසුම් කර තිබුණේ හමුදාව භාවිතා කරමින් තිබූ Bell OH-58 Kiowa හෙලිකොප්ටර් සඳහා ආදේශකයක් ලෙසයි.අධික ප්‍රමාදය සහ අධික වියදම නිසා මෙම වැඩසටහන 2008 වසරේදී අත්හිටුවා තිබේ.[ඡායාරූපය:ARH-70 හෙලිකොප්ටරයක් ඇලබාමා හි කේයෙන්ස් හමුදා කඳවුරේදී]
Aerial Common Sensor
ශාඛාව: යුද හමුදාව සහ නාවික හමුදාව
වියදම: ඇ.ඩො.බිලියන 0.4
වියදම: ඇ.ඩො.බිලියන 0.4
මෙය ඇමෙරිකානු යුද හමුදාව සහ නාවික හමුදාව වෙනුවෙන් නිර්මාණය කිරීමට සැලසුම් කල පිරික්සුම්/ඔත්තුබැලීමේ යානයකි.මෙම යානයට සෙබලුන්ගේ සංචලනයන් සොයාගැනීම,සතුරු සන්නිවේදනය සහ රේඩාර් සම්ප්‍රේෂණ අඩාල කිරීම සහ වෙනත් ගුවන් යානයක් සමග සන්නිවේදනය කිරීම ආදී හැකියාවන් තිබේ.මෙම වැඩසටහන 2006 වසරේදී අවලංගු කර තිබේ.[ඡායාරූපය:Aerial Common Sensorසංකල්පය/ ERJ 145 පවුලේ ගුවන් යානයක් මූලික කරගෙන නිර්මාණ කිරීමට සැලසුම් කර තිබිණි]
CG(X) ඊළඟ පරම්පරාවේ වර්ගයේ නෞකාව
ශාඛාව:නාවික හමුදාව
වියදම: ඇ.ඩො.බිලියන 0.2
මෙම වැඩසටහන යටතේ Ticonderoga පන්තියේ cruisers වර්ගයේ නෞකා(22) 2017 දී විශ්‍රාම යැවීම අරමුණ විය.සැලසුම් කර තිබූ නෞකා ගණන 19කි.ඒවා Zumwalt පන්තියේ destroyer වර්ගයේ නෞකා මුලික කරගෙන නිර්මාණය කිරීමට සැලසුම් කර තිබුණේ අමතර බැලස්ටික් මිසයිල ආරක්ෂණ පද්ධතිද සහිතවයි.නමුත් වැඩසටහන 2010 වසරේදී අවලංගු කරන ලදි.
CSAR-X Combat Rescue හෙලිකොප්ටරය
ශාඛාව: ගුවන් හමුදාව
වියදම: ඇ.ඩො.බිලියන 0.2
CSAR-X වැඩසටහන යටතේ HH60 Pave Hawk හෙලිකොප්ටරය නිපදවන ලදි.ව්‍යාපෘතිය Combat Rescue Helicopter නමින් යළි ආරම්භ කර තිබේ.
Next-Generation Bomber - ඊළඟ පරම්පරාවේ බෝම්බ හෙළන යානය
ශාඛාව:ගුවන් හමුදාව
වියදම:ඇ.ඩො.බිලියන 0.1
වියදම: ඇ.ඩො.බිලියන 0.2
CSAR-X වැඩසටහන යටතේ HH60 Pave Hawk හෙලිකොප්ටරය නිපදවන ලදි.ව්‍යාපෘතිය Combat Rescue Helicopter නමින් යළි ආරම්භ කර තිබේ.
Next-Generation Bomber - ඊළඟ පරම්පරාවේ බෝම්බ හෙළන යානය
ශාඛාව:ගුවන් හමුදාව
වියදම:ඇ.ඩො.බිලියන 0.1
Next-Generation Bomber හෙවත් නිල නොවන ලෙස 2018 Bomber නමින් හැඳින්වූ මෙම වැඩසටහන ගුවන් හමුදාව වෙනුවෙන් නිපදවීමට සැලසුම් කල මධ්‍යම ප්‍රමාණයේ බෝම්බ හෙළන ගුවන් යානයකි.මෙම ගුවන් යානා සේවයට පැමිණීමට දින වකවානු යොදා තිබුණේ 2018 වසරේදී වුවද එම වැඩසටහන, Long Range Strike Bomber (LRS-B)ව්‍යාපෘතියෙන් ප්‍රතිස්ථාපනය කරන ලදි.
අදහාගත නොහැකි ඇමෙරිකානු ආරක්ෂක වියදම

Last edited: