රැජින හෝටලේ සංගීත රජා අද මහපාරේ
පහත සටහන ශ්‍රී ලංකා මිරර් උපුටා ගත්තේ තුෂාර ගල්ලස්සගේ (Thushara Gallessage) ෆේස්බුක් පිටුවෙනි.
අපි එම සටහනට කිසිදු හානියක් නොකොට මාත් ඔබත් දන්නා මේ අපූරු සිගීතවේදියා වන ජෝර්ජ් මාටින් පෙරේරාගේ සැබෑ තත්ත්වය මෙසේ හෙළිකරන්නට සිතුවෙමි.
පහත සම්පූර්ණ සටහන කියවන්න කලාව කළොත් මළා වගේද ?
කලකට ඉහත ''මහනුවර රැජිණ හෝටලයේ (කුවීන්ස් හෝටලයේ)'' නිත්‍ය පියාණෝවාදකයාණනි.
හෙට්ටි ආරච්චිලාගේ ඩොන් ජෝර්ජ් මාටින් පෙරේරා…දක්ෂ සංගීත වාදකයා.. මේ ඔබ ගැන තබන අවසන් සටහන විය හැක..අනතවත් ඔබ මොහු ගිටාරය වයන විට ඔහුගේ බිරිද ගයනවා දැක ඇති වන්නට පුළුවනි...හෝටලයෙන් පසු බස් තුළ වාදනය ඔහුගේ දවසේ ආදායම සරු කළේය...බස් තුළ හා දුම් රියේ වාදනය හා ගායනය ඔහුගේත් බිරිදගේත් ආදායම් මාර්ගය බවට පත් විය....ඔව් ඒ තුලින් ඔහුත් බිරිදත් දරුවනුත් සැප සේ දිවි ගැට ගසා ගත් බව මම දනිමි_
කාළය කොතරම් ජොර්ජ්ලව ආක්‍රමණය කරාද....ජොර්ජ් අයියට අංශභාගේ හැදුණා..ජොර්ජ් අයියට ගිටාර් එක අල්ලගන්ට ඇගිළි දිග ඇරුණේ නෑ...ජොර්ජ් ගිටාර් එක එක අතකින් තාම්පුරාවක් විදිහට ටියුන් කරගෙන මේ ගේම අතාරින් නැතුව එක අතකින් බස් වලට නැගලා වැයුවා...බිරිද ගායනා කරා...මිනිස්සුන්ට පෙර රස අඩුවක් නොවීම මොවුන් මේ වැයුම හා ගැයුම සිදු කරා...ගම්පළ කොහෙදෝ තැනක කුළියට ගත්ත ගෙදරක මේ අය නැවතිලා උන්නා..දරුවන් නුවර පාසල් වල හොස්ටල් වල කියලා මාත් එක්ක ජෝර්ජ් අයියා කියලා තියනවා..දරුවන්ට ලැජ්ජාවක් වෙයි කියලා නුවර ටවුමේ බස් වලට නැග්ගේ නෑ...ඈත නගර වල තමයි ගොඩක් උන්නේ..විශේෂයෙන් ගම්පළ….
ඒත් ළගදී ඉදන් ජෝර්ජ් අයියා ගම්පළ බස් නැවතුමේ කෙලවරක පේමන්ට් එක උඩ හරියට වැතිරිලා ඉන්නවා මම දකින්ට ගත්තා....මම නිතර ඇහුවා මොකද මේ අයියා කියලා...ඒත් ජෝර්ජ් අයියා මට බොරු කිවා...මම දන්නවා ඒක බොරුවක් කියලා...මට ජෝර්ජ් අයියව මෙහෙම මැරෙනවා බලන්ට ආස නෑ..දැන් අතේ ගිටාර් එකත් නෑ...මේ ෆොටෝ ටික ගන්නකොට ජොර්ජ් අයියට ෆ්‍රෙෂර් එක හැදිලා වෙව්ල වෙව්ලා පේමන්ට් එකේ ඇලවිලා උන්නේ..මම කථා කරා..මට ජෝර්ජ් අයියා අද ඇත්ත කීවා......මම ඒ තනි වීමේ ඇත්ත දිග අරින්ට තරම් කුහක වෙන් නෑ…
ආයේ මේ මනුස්සයා කොහෙදී හරි මේක දකින කියවන අය දැක්කොත් ස0වේදිනම් අතේ කීයක් හරි තියන්ට..ජොර්ජ් ලා පියානොවේ ඉදන් ගිටාර් එක දක්වා මිනිස්සුන්ව ජීවිත කාලෙම සතුටෙන් තිබ්බා...රිදෙව්වෙම නෑ...ජොර්ජ් මේ ප්‍රකට කරන්නේ හැබෑම දක්ශ කළාකරුවෙකුගේ අවසානය කියලා මම දන්නවා...ජෝර්ජ්ලා ටිවී වල හිටියේ නැති උනාට මිනිස්සු එක්ක උන්නා..
විශිෂ්ට හැකියාවල් තියෙන්නේ ජවය එක්ක විතරයි ජොර්ජ් අයියා...උඹව හිනස්සන්ට පුළුවන් කාව හරි එක්ක මම ඉක්මනින් උඹව බලන්ට ආයේ එනවා....එතකන් ඔතනම නිදන් ''කොහෙවත් නොගිහින්''ඉදින්.....
තුෂාර ගල්ලස්ස

Last edited: