හිට්ලර් පැරදුනේ ඇයි?

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හිට්ලර් පැරදුනේ ඇයි?

    vmBURzI.jpg

    ජර්මන් ජාතිය ලොව ප්‍රබලම ස්ථානයට ගෙන ඒමට ප්‍රයත්න දැරූ ඇඩොල්ෆ් හිට්ලර් ඔහුගේම දුර්වල තීරණ නිසා ජර්මනිය තිබුණාටත් වඩා පහලට ඇඳ දමන ලදි.හිට්ලර් මුල් කාලයේදී සිය රටට ජයග්‍රහණ රැසක් ලබාදීමට සමත්වුවද යතාර්ථය පිළිගැනීමට මැලිවීම සහ ඔහුගේ හමුදා ප්‍රධානීන්ගේ අවවාද නොසලකා හැර ගන්නා ලද අඥාණ තීරණ හේතුවෙන් අවසානයේදී ජර්මනිය දෙවන ලෝක යුද්ධය පරාජයට පත්විය.පහත දැක්වෙන්නේ ඒ පරාජයට හේතු කිහිපයකි.





    දුර්වල අක්ෂ පාර්ශ්වික රටවල්

    සෝවියට් දේශයට එරෙහිව සටන් කිරීමට එංගලන්තය වැනි රටක් ආකර්ෂණය කරගැනීමට වාසනාවක් නොතිබූ හිට්ලර්ට ඒ සඳහා එකතු කරගත හැකිවූයේ අඩු බලයක් සහිත රටවල්ය.ඉතාලිය යනු ඔහුගේ සහජාත තෝරාගැනීම වන්නේ එහි පාලනය ගෙන ගියේ නාසීන්ට සමාන මතවාදයක් සහිත බෙනිටෝ මුසෝලිනී නිසාය.නමුත් දෙවන ලෝක යුද්ධය ආරම්භවන විට ඔවුන්ගේ යුදෝපකරණ යල් පැන ගිය ඒවා විය.අක්ෂ පාර්ශ්වයට ඇදීගිය අනෙක් රටවල් වන රුමේනියාව සහ හංගේරියාව ආදියෙන් ඉහළ මට්ටමේ හමුදාමය සහායක් නොලැබුණි.

    S17AIrS.jpg






    පසුනොබැසීමේ ප්‍රතිපත්තිය

    1941-1942 ශීත සෘතුවේදී මොස්කව් අල්ලා ගැනීමට යැවූ හමුදාවන් අසාර්ථක වුවද දිගටම රුසියානුවන් සමග සටන් කරන්න යැ‍යි හිට්ලර් නියෝග කර තිබිණි.එහිදී පසුබැසීමට නියෝග කලේ නම් ජර්මන් ඉදිරි පෙරමුණේ සම්පුර්ණ කඩාවැටීමක් සහ සෝවියට් දේශයට ඉක්මණ් යටත්වීමක් සිදුවීමට ඉඩ තිබිණි.ඉන්පසුවත් මෙම ප්‍රතිපත්තියට ඉදිරියට ගෙන යාමට හිට්ලර් කටයුතු කලේය.කිසිදු හමුදා ඒකකයකට පසුබසින්නට ඔහුගෙන් අවසරයක් නොලැබුණි.ස්ටාලින්ග්‍රාඩ් සටනේදී ජර්මනියේ 6වන හමුදාව සම්පුර්ණ විනාශයකට ලක්වූයේ හිට්ලර්ගේ හිතුවක්කාර තීරණ නිසා බව කියවේ.ඉන්පසු පැවති සටන්වලදී පවා සිය හමුදාවේ උපක්‍රමශීලී පසුබැසීමක් හෝ සිදුවීමට ඉඩ නොදීම නිසා යුද්ධයේදී ජර්මන් හමුදාවට සිදුවූ හානිය බරපතල එකක් විය.

    WzidNBt.jpg






    තාක්ෂණයේ සදොස් භාවිතය

    නාසි ජර්මනිය යුද තාක්ෂණය අතින් මිත්‍ර පාර්ශ්විකයන් අභිබවා ගිය බවට විවාදයක් නැත.ඔවුන් සතුව සුපිරි යුද ටැංකි,ජෙට් යානා,V-1.V-2 මිසයිල ආදී අතිශය දියුණු අවි සතුවිය.නමුත් ඔවුන් සතු හොඳම යුද ටැංකි වූ පැන්තර්,ටයිගර් ආදිය සුළු ප්‍රමාණවලින් නිපදවන ලදි.සෝව්යට් ආක්‍රමණයේදී තමන්ගේ යුද ටැංකිවල හැකියාව හිට්ලර් හොඳින්ම දුටු නමුත් ඔවුන්ට සාපේක්ෂව සෝවියට් දේශය යුද ටැංකි විශාල සංඛ්‍යාවක් නිපදවීම නිසා සෝවියට් ආක්‍රමණය සාර්ථක කරගන්නට හැකිවූයේ නැත.තවද සෝවියට් දේශය T-34 වැනි එක් යුද ටැංකියක් මහා පරිමාණයෙන් නිපදවන විට ජර්මනිය විවිධ වර්ගයේ යුද ටැංකි යුද බිමට යැවීය.ඒවා තාක්ෂණික අතින් ඉහළ වුවද දෝෂයක් ඇතිවුවහොත් පිළියම් යෙදීම සංග්‍රාම භූමියේදී පහසු කාර්යයක් නොවීය.ජර්මනිය සතුව විශිෂ්ඨ කාර්මික ශක්තියක් මෙන්ම ඥානයක් තිබිණි.නමුත් එහි සම්පුර්ණ වාසිය ලබාගන්නට ඔවුන් යොමුවූයේ යුද්ධයේ අවසන් සමයේදීය.ලොවම විශ්මයට පත්කල අධි තාක්ෂණික සුපිරි අවි නිපදවූයේ යුද්ධය අවසන් වන්නට ආසන්න වන විටය.හිට්ලර් ඇමෙරිකාවේ කාර්මික නිෂ්පාදන එකලස් කිරීමේ ක්‍රමවේදය හෑල්ලුවට ලක් කරන ලදි.ඔහු සැමවිටම අපේක්ෂා කලේ තත්ත්වයෙන් උසස් නිෂ්පාදන මිස ඒවා මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම නොවේ.අවි නිෂ්පාදනය සඳහා කාන්තාවන් සහ ළමුන් යොදාගැනීම හිට්ලර්ගේ සිනහවට ලක්විය.නමුත් ඇමෙරිකානුවන් සහ සෝවියට්වරුන් හිට්ලර්ගේ අදහසට විරුද්ධ ක්‍රියාමාර්ගයක් ක්‍රියාවට ලක් කරන ලදි.ඔවුන් හැකිතරම් පිරිමින් සහ අවි යුද පෙරමුණට යවා කාන්තාවන් සහ ළමුන් යොදාගෙන අවි මහා පරිමාණයෙන් නිපදවන ලදි.අවසානයේදී කොතරම් තාක්ෂණයෙන් උසස් අවි තිබුණද ඒවාහි සංඛ්‍යාව මිත්‍ර පාර්ශ්විකයන්ගේ සංඛ්‍යාවට අභියෝගයක් දිය හැකි තරම් නොවීය.හිට්ලර් සිය අවි මහා පරිමාණයෙන් සහ ප්‍රතිමිකරණයට යොමුවන විට ප්‍රමාද වැඩිවිය.

    zSGIkKu.jpg






    එක්සත් ජනපදයට එරෙහිව යුද ප්‍රකාශ කිරීම

    1941 දෙසැම්බර් මස 11දා ජර්මනිය ,ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි.ඒවන විට ඇමෙරිකාව දෙවන ලෝක යුද්ධයට සම්බන්ධව තිබුණේ නැත.නමුත් 1941 දෙසැම්බර් මස 7 වනදා ජපානය,හාවයි හි පර්ල් වරායේ ඇමෙරිකානු නාවික හමුදාවට පහරදීම නිසා ඇමෙරිකා එක්සත් ජනපදය ,ජපානයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි.ජර්මනිය සහ ජපානය මිතුරන් වූ නිසා ජපානයේ සහායට ජර්මනිය,ඇමෙරිකාව එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි(ජපානය සහ ජර්මනිය අතර අත්සන් තැබුණු ගිවිසුමකට අනුව).යුද්ධයට රූස්වෙල්ට ජනපති සම්බන්ධ කරගැනීමේ දැඩි උවමනාවෙන් පෙළුණු චර්චිල් හට මෙය සතුටු දායක අවස්ථාවක් විය.මේ සිද්ධියෙන් ජර්මනිය තමන්ට එරෙහිව ප්‍රබල සතුරෙක් නිර්මාණය කරගන්නා ලදි.

    xHAUSSJ.jpg






    හිට්ලර් හමුදාවේ කටයුතුවලට මැදිහත්වීම

    1941 දෙසැම්බර් මාසයේදී දියත් කල මොස්කව් ප්‍රහාරය හමුවේ සෝවියට් දේශය විශාල ප්‍රමාණයේ ප්‍රතිප්‍රහාරයක් ලබාදෙන්න විය.එහිදී ජර්මන් හමුදාවලට දැඩි හානි සිදුවිය.තම නියෝග පිළිනොපදින සහ පසුබැසීමට යෝජනා කරන හමුදා නිලධාරීන් ඉවත් කිරීමට හිට්ලර් පියවර ගන්නා ලදි.තමන් අල්ලා ගත් ප්‍රදේශ ආපසු නොදිය යුතුයි යන මතයේ ඔහු සිටියේය.ඉන්පසු ඔහු හමුදාව ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස තමාව නම් කරගන්නා ලදි.ඔහු තමන්ගේම යුද උපක්‍රම ,සැලසුම් අනුව හමුදාව හැසිරවූ අතර නිලධාරීන්ද ඔහුගේ පදයට නැටීය.නාසි ජර්මනියේ පරාජයට එක් හේතුවක් ලෙස බොහෝදෙනා චෝදනා කරන්නේ හිට්ලර් හමුදාවේ තීරණවලට මැදිහත්වීම සහ තම තීරණ සෘජුවම ක්‍රියාත්මක කිරීමයි.හිට්ලර්ගේ තීරණවලට හමුදාවේ උසස් නිලධාරීන් අකැමැතිවීමට උදාහරණ ලෙස ඔහුව ඝාතනය කිරීමට ඔවුන් දරන ලද උත්සාහයක් පෙන්වාදිය හැකිය.යුද්ධය ජය ගැනීම කල නොහැකි බව පසුකාලීනව වැටහී ගියද හිට්ලර් අවසානය වෙන තෙක්ම යුද්ධය තෝරාගෙන තිබිණි.යුද්ධයේ මුල් කාලයේදී හිට්ලර්ගේ අධීක්ෂණය යටතේ ජර්මන් හමුදා විශිෂ්ඨ ජයග්‍රහණ අත්කරගත්හ.මේ නිසා හිට්ලර් තමන් යුද්ධයේ බුද්ධිමතෙක් බව සිතාගෙන කටයුතු කලේය.නමුත් පසුකාලයේදී ජර්මන් හමුදා අසාර්ථක වන විට ඔහු සිය ජෙනරාල්වරුන්ට චෝදනා කල තමන්ගේ නියෝග පිළිනොපැද්ද බව කියමින්ය.අවසානයේදී හිට්ලර් තමන්ට පමණක් අවනත පුද්ගලයෙක් බවට පත්විය.ජෙනරල්වරුන්ගේ අදහස් ඉවත දමමින් ඔහු 1944 දෙසැම්බර් මාසයේදී බෝල්ජ් සටනට සිය හමුදා මෙහෙයවීය.එහිදී ජර්මනියට හමුදාව මෙන්ම යුදෝපකරණ රැසක්ද අහිමිවූයේ මිත්‍ර පාර්ශ්විකයන්ට ජර්මනියේ යටත්වීම ඉක්මන් කරවමින්ය.තමන්ගේ මරණයත් සමග ජර්මනියම වැනසී යාම යන ආත්මාර්ථකාමී තීරණයක ඔහු අවසන් කාලයේ සිටිබව කියවේ.

    Ki5UOJZ.jpg






    බාබරෝසා මෙහෙයුම හෙවත් සෝවියට් දේශය ආක්‍රමණය කිරීම

    සෝවියට් දේශය ආක්‍රමණය කිරීම ඔස්සේ නාසි ජර්මනිය සිය මරණ සහතිකය ලියා ගත්තා පමණක් නොව කිසිදා පරාජය කල නොහැකි සතුරෙක් හා ගැටිණි.සෝවියට් දේශය පළමු ලෝක සංග්‍රාමයේදී දැක්වූ දුර්වලභාවය නිසා හිට්ලර් සිතුවේ ඔවුන්ව පහසුවෙන් පරාජය කල හැකි බවයි.සෝවියට් දේශයේ හැකියාව අධික ලෙස අවතක්සේරු කිරීම වරදක් බව නාසීන් තේරුම් ගන්නා විට ප්‍රමාද වැඩිය.මෙම ආක්‍රමණය ඔස්සේ නාසීන් දෙවන යුද පෙරමුණක් නිර්මාණය කල ගත්තේ ඔවුන්ගේ හොඳම සෙබලුන්,අවි සහ තාක්ෂණය යොදාගනිමින්ය.අවසානයේදී ඒ සියල්ල රතු හමුදාවේ ඉදිරිගමන හමුවේ වැනසී ගියේය.ජර්මනිය ,සෝවියට් දේශය සමග අත්සන් කල ගිවිසුම කඩනොකලේ නම් හෝ සෝවියට් දේශය සමග සන්ධානගත වූයේ නම් වර්තමාන ලෝකය මීට වඩා බොහෝවෙනස් වීමට ඉඩ තිබිණි.

    MYs2Q1u.jpg






    රුසියානු ශීත සෘතුව

    සෝවියට් දේශයට එරෙහිව ඉක්මන් ජයග්‍රහණයක් ලබාගත හැකිවේ යැ‍යි හිට්ලර් සිතා සිටියේය.සීත සෘතුවට පෙර පහරදීමෙන් පහසු ජයග්‍රහණයක් ලබාගත හැකි යැ‍යි සිතා සිටි ඔහු සිය හමුදා රුසියානු සීත සෘතුවට සූදානම් කරවූයේ නැතිතරම්ය.1941 සරස් සෘතුව තුල මොස්කව් අල්ලා ගන්නා සැලැස්ම සාර්ථක නොවීය.තම හමුදා සම්බන්ධව අධි තක්සේරුවකින් සිටි හිට්ලර් හට බලාපොරොත්තු නොවූ සටනක් දෙන්නට සීත සෘතුව සමග එක්වූ සෝවියට් හමුදාවන්ට හැකිවිය.

    xZi5Lon.jpg






    ග්‍රීසියට පහරදීම

    රුසියානු ආක්‍රමණයට පෙර හිට්ලර් ග්‍රීසිය අල්ලා ගැනීමට මෙහෙයුමක් දියත් කල අතර ඒ නිසා රුසියාවට පහරදීම සති 6ක් ප්‍රමාද විය.මෙම ප්‍රමාදය නිසා සරස් සෘතුවේ වර්ෂාවට මුහුණ දෙන්නට සහ සීත සෘතුවට මුහුණ දෙන්නට නාසීන්ගේ බාබරෝසා මෙහෙයුමට සිදුවිය.

    qmdOZhW.jpg






    ස්ටාලින්ග්‍රාඩ් සටන

    ස්ටාලින්ග්‍රාඩ් සටන යනු දෙවන ලෝක යුද්ධයේ දැවැන්තම විනාශය සිදුකල සටනයි.යුද්ධයේ හැරවුම් ලක්ෂයක් ලෙසද මෙම සටන හඳුන්වයි.කොකේසස් ප්‍රදේශයේ තෙල් බිම් සොයාගිය ජර්මනියේ 6 වන හමුදාවට ස්ටාලින්ග්‍රාඩ් නගරයේදී සෝවියට් හමුදාවේ ප්‍රබල ප්‍රතිවිරෝධයට මුහුණ දෙන්නට සිදුවිය.මෙම සටන නගරයේ ගොඩනැගිලි,නිවාස ආශ්‍රිතව සිදුවිය.පසුව සෝවියට් හමුදා ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් දියත් කල අතර නගරය වටකොට ජර්මනියේ 6වන හමුදාව යටත් කරගන්නා ලදි.

    JvY58NA.jpg






    පෙරමුණු දෙකක යුද්ධය

    හිට්ලර්ගේ ප්‍රාථමික ඉලක්කය වූයේ රුසියාව වුවද ජර්මනියේ බටහිර පැත්ත ආරක්ෂ කිරීමට සහ පෙරමුණු දෙකක සටන් කිරීමක් සිදුනොවන පරිදි ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ආක්‍රමණය කර නිශ්ක්‍රීය කිරීමට සූදානම් විය.ප්‍රංශය යටත් කරගැනීම ඉතා පහසු දෙයක් වූ නමුත් බ්‍රිතාන්‍යයට පහරදීමේදී හිට්ලර් අසාර්ථක විය.පසුව ඔහු ඇමෙරිකාවට එරෙහිව යුද ප්‍රකාශ කිරීමත් සමග ජර්මනියට උතුරු අප්‍රිකාවේ සහ ඉතාලියේදී බ්‍රිතාන්‍ය,ඇමෙරිකා හමුදාවට මුහුණු දීමට සිදුවිය.අවසානයේදී බටහිර යුද පෙරමුණ ප්‍රංශයට ගෙන ඒමට බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව ක්‍රියා කරන ලද්දේ නොමැන්ඩි ආක්‍රමණය හරහාය.

    M9eoSSJ.png






    දුර්වල රහස් ඔත්තු සේවා

    යුද්ධය පැවති සමයේදී මිත්‍ර පාර්ශ්විකයන්ගේ සූදානම් වීම්,රහස් මෙහෙයුම් ආදිය ගැන වැදගත් තොරතුරු අනාවරණය කරගැනීමේ හැකියාවක් ජර්මනිය සතුව තිබුණේ නැත.නමුත් ජර්මනියේ වැදගත් රහස් සතුරන් අතට පත්වීම සාපේක්ෂව ඉහළ මට්ටමක විය.දෙපසටම ඔත්තු සැපයූ නියෝජිතයින්,අල්ලාගත් අවි සහ පණිවුඩවලට රහසේ ඇහුම්කන් දීම ඔස්සේ මිත්‍ර පාර්ශ්විකයන් ජර්මනියේ රහස් රැසක් අනාවරණය කරගන්නා ලදි.

    gMpSH2j.jpg






    නාසි යටත්විජිතවල ව්‍යාප්තිය

    ලොව තිබූ බොහෝමයක් මහා අධිරාජ්‍යයන් ඒවාට පාලනය කල නොහැකි තරම් ප්‍රදේශයක පැතිර තිබීම නිසා ඉතා ඉක්මනින් බිදවැටුණි.නාසි ජර්මනියට අත්වූයේත් එවැනිම ඉරණමකි.දෙවන ලෝක යුද්ධයේ පළමු වසර අවසන් වන විට හිට්ලර් සතුව යුරෝපා භූමියෙන් විශාල කොටසක් සතුවූයේ නාසි හමුදාවල වේගවත් ජයග්‍රහණ නිසාය.හිට්ලර් සිය වාසනාව තවදුරටත් උරාගා බැලීමට මෙන් බ්‍රිතාන්‍යයටද පහරදීමට තීරණය කලේය.නමුත් ඔහු අසාර්ථක විය.ඔහු ක්‍රමයෙන් යුරෝපයේ අභ්‍යන්තරයට ගමන් ගනිද්දී නාසි හමුදාවල සැපයුම් මාර්ගවල දුෂ්කරතා මතුවිය.මෙම දරාගත නොහැකි ව්‍යාප්තිය සාර්ථක නොවන බව ඔප්පු වූයේ රුසියාවට අත තැබීමත් සමගයි.

    kJ5qBYf.jpg






    බ්‍රිතාන්‍යය යුද්ධයෙන් ඉවත් කිරීමට නොහැකිවීම

    1940 මුල් භාගය මිත්‍ර පාර්ශ්විකයන්ට සුභදායක නොවීය,විශේෂයෙන් බ්‍රිතාන්‍යයට.හිට්ලර්ගේ හමුදා ඩන්ක්‍රික් හිදී මිත්‍ර හමුදාවන්හි සෙබලුන් 340,000ක් පමණ වෙරළාශ්‍රිතව කොටු කරන ලද මුත් ඔවුන්ව විනාශ කරදමන්නට ඕනෑතරම් ඉඩ තිබියදී බේරී පළායෑමට ඉඩසලසා දෙන ලද්දේ එම සෙබලුන්ම අනාගතයේදී තම හමුදාවන්ට එරෙහිව සටන් කරන බව දැන දැනය.බ්‍රිතාන්‍යයට ගුවන් පහරදීම ඇරඹෙන්නේ ඉන්පසුවයි.හිට්ලර් බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව අවතක්සේරු කල අතර ජර්මන් ගුවන් හමුදාව සම්බන්ධව අධිතක්සේරුවකින් සිටියේය.නමුත් දෙවන වරටත් බ්‍රිතාන්‍යයට දරුණු ප්‍රහාරයක් දීමට තිබූ අවස්ථාව අසාර්ථක විය.

    HZGqwDn.jpg



    Source:warhistoryonline.com

    -HarshaLulzSec-
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    very informative post...
    thanks:):):):)
    Thanks

    wenada wagema supiriyi....
    Thanks

    වැදගත් ත්‍රෙඩ් එකක් :)
    Thanks

    Good thread
    Thanks

    Ela
    Rep+

    World War II gana mula idana saralava thiyena sinhala article ekak thiyenawanam link ekak daapanko
    Thanks
    සත්සමුදුර බ්ලොග් එකේ නම් ලෝක යුද්ධ ගැන ලිපි ටිකක් තිබුණා.සම්පුර්ණ විස්තරයක් නම් තිබුණද කියලා මතක නෑ බන්.

    Thanks

    Thanks

    tfs rep rated
    Thanks

    Thanks

    Thanks

    good post..
    Thanks

    පට්ටයි මචන්...
    Thanks

    bump........
    Thanks
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    exceptional article

    this is one of the best treads in Elakiri

    I was thinking about why Hitler was defeated. It is not a single thing but due to many reasons
     
    Last edited:

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    Mama asama ww ii stories walata machan.thanks me wage thread dammata.napolean ganath danna hambunoth.
    +7 rep
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හිතන්නේ ස්ටලින්ග්‍රාඩ් හි සටනින් තමා ජර්මනිය ඇදවැටීම ඉක්මන් වුනේ.
    මොකද ජර්මනියේ 6වෙනි සේනාංකය රුසියානුන් අතින් සමූල ඝතනය වීමත්, ජර්මන් මහ සෙනෙවි (ෆිල්ඩ් මාර්ෂල් ඈ) වොන් පවුලස් රුසියානුවන් ට යටත් වීමත් ජර්මන් හමුදාවේ ධෛර්යය විනාශ කල කාරනා.