එකක් කැඩුනොත් පහම වැටෙනවාලු!

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
එකක් කැඩුනොත් පහම වැටෙනවාලු!

එකක් කැඩුනොත් පහම වැටෙනවාලු!

මීවනපලානේ සිරිධම්මාලංකාර හිමිගේ "එකක් කැඩුනොත් පහම වැටෙනවා" යන දහම් පටලවා ගැනීම ගැන විස්තරයක් පිණිස මෙතැනට පිවිසෙන්න:

http://www.trekmentor.com/si/content/book/540

එළකිරියේම පහත දැක්වෙන ත්‍රෙඩ්ද බලන්න:

  1. මීවනපලානේ මොඩර්න් බණ!
  2. කාම මිත්‍යාචාරයේ හැසිරීම ගැන මීවනපලානේ හිමිගේ වීඩියෝව

Skylark

 
Last edited:
Jul 5, 2012
1,773
265
0
ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය බෙහෙවින්ම ප්‍රතික්ෂේප කරන මීවනපලානේ සිරිධම්මාලංකාර හිමි ධර්මයට සහ විනයට අනුකූල නොවන කරුණක් වන මාංශ අනුභවයෙන් පංච ශික්ෂා පද සියල්ලම කැඩෙන බව අසන්නන්ට විස්තර කරන්න යෑමේදී කාම මිත්‍යාචාරයේ හැසිරීමද වරදවා අර්ථ ගන්වන්නේ දිව රමණය කිරීමත්, කය රමණය කිරීමත් ලෙසයි. එලෙස අර්ථ ගැන්වූ විට මාංශ අනුභවය පමණක් නොව දිව රමණය වන අන් සියළු ආහාර අනුභවයද කාම මිත්‍යාචාරයේ හැසිරීම ලෙස වැරදි ලෙස අර්ථ ගැන්වේ. එවිට ටොපි කෑම, චොකලට් කෑම, පළතුරු කෑම, බත් කෑම ආදී දිව රමණය වන සියළු ආහාර අනුභව කල පමණින් එය කාම මිත්‍යාචාරයේ හැසිරීමක් වන්නේ යැයි විහිළුවට හේතු වන අර්ථයක් ඇති කරයි. බීමත් එලෙසම වේ. මීවනපලානේ සිරිධම්මාලංකාර හිමිගේ අඥාන විස්තරයට අනුව ළදරුවෙක් තම මවගෙන් කිරි බීවත් එපමණකින්ම ළදරුවා කාම මිත්‍යාචාරයේ හැසිරී ඇත. එයට රුකුල් දීම නිසා ළදරුවාට කිරි දුන් පමණින් මවද කාම මිත්‍යාචාරයේ හැසිරීමක් කර ඇති බවට අධර්ම අර්ථයක් ඇතිවේ. වැරදි අර්ථයට අනුව සඞඝයාට ප්‍රණීත දානයක් දුන්නොත් දානය දෙන අයත්, කය සකස් වී ඇති ආකාරයට අනුව ප්‍රණීත ආහාරය වළඳන සඞඝයාගේ දිවට මිහිරි බව දැනී දිව රමණය වන බැවින් එම සඞඝයාද කාම මිත්‍යාචාරයේ හැසිරෙන බවට අර්ථ ගැන්වේ. මෙලෙස මීවනපලානේ සිරිධම්මාලංකාර හිමිගේ දේශනාව විහිළු අර්ථ ඇති කිරීමට හේතු වන බව බුද්ධ ධර්මය සුළු ප්‍රමානයක් දන්නා සාමාන්‍ය පමණින් නුවනින් විමසීමේ හැකියාව ඇති අයටත් විමසා බලා තීරණය කල හැකි සරළ කරුණකි.

:yes::yes::yes::yes:
 
Last edited:

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
සත හට ටොම් පච දෙසනා කෙනෙකු ගැනයි මම කියන්නෙ
බර්මියුඩා ත්‍රිකෝණයට දහම් කථා පටලවන්නෙ
මාංශ ආහාරය ගැන නෑසු බොරු දෙසා ලන්නෙ
කවියෙන් මේ පද තෝරන හැමෝම හට පින් ලැබෙන්නෙ

* උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?t=1797629

Skylark