මානසික ව්‍යාධි සහ පරිසර සාධක අතර සම්බන්ධ&#3514

MindTalk

Member
Jun 11, 2016
162
41
0
මානසික ව්‍යාධි සහ පරිසර සාධක අතර සම්බන්ධ&#3514



mental.jpg
"ඩොක්‌ටර් මට නිතර ම ඇහෙනවා දිව්‍ය ලෝකයේ ඉඳලා මගේ ආච්චි මට කතා කරනවා කියලා. එයා මට හුගක්‌ ආදරෙන් හිටියේ. එයා මැරුණා. සමහර දාට උදේ පාන්දර ම 'පුතේ පුතේ නැගිටින්න' කියනවා. මට හොඳට ම විශ්වාසයි ඒ හීනයක්‌ නො වෙයි කියලා මොකද ඒ කටහඩ මට හොඳට මතකයි".

"මට හිතෙනවා මං විශේෂ කෙනෙක්‌ කියල. මට හිතෙනවා මං මේ ලෝකෙට විමුක්‌තිය උදා කරන්න ඉපදුණ කෙනෙක්‌ කියලා. මම මේ දේවල් ගැන කිව්වා ම අනෙක්‌ අය විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේ ම තමයි ඩොක්‌ටර් මා අවට ඉන්න හැම දෙනා ම මට ඉරිසියායි. මං විශිෂ්ට කෙනෙක්‌ වුණත් ඒ අය ඒ බව පිළිගන්නේ නැහැ. මට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා. ඇත්තට ම ඇයි ඒ?"

මෙවැනි විස්‌තරයක්‌ කිසියම් කෙනකු මනෝ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරද්දී මේ තැනැත්තා ගොදුරු ව සිටින්නේ භින්නෝන්මාදය (Schizoprenia‌) නැමැති මානසික රෝගයට විය හැකි බව වෛද්‍යවරයා අනුමාන කිරීමට ඉඩ ඇත. (මේ ඇතැම් ලක්‌ෂණ වෙනත් කායික රෝගවල ලක්‌ෂණ ද වන බැවින් මෙය තහවුරු කරගන්නට තවදුරටත් ප්‍රශ්න නැගිය යුතු වේ).

භින්නෝන්මාදය වැළඳී ඇතැයි යෑයි අනුමාන කරන තැනැත්තා ගෙන් වෛද්‍යවරයා අසනු ඇති ඉදිරි ප්‍රශ්න මොනවා දැයි ඔබට අනුමාන කළ හැකි ද?

සාමාන්‍යයෙන් වෛද්‍යවරයා නගනු ඇති එක්‌ ප්‍රශ්නයක්‌ වන්නේ 'ඔබ ගේ ළග ම ඥතියකුට භින්නෝන්මාදය වැළඳී තිබුණා ද?' යන්නයි. මන්ද යත් භින්නෝන්මාදය ප්‍රවේනිකව ද වැළඳිය හැකි බැවිනි. එහෙත් එයට හේතුව ප්‍රවේණිය ම නො වේ. කුඩා කල දී අපචාරවලට බඳුන් වී ද යන ප්‍රශ්නය ද ඊළගට නැගිය හැකි ය. මන්ද යත් එය ද භින්නෝන්මාදයට හේතුවක්‌ විය හැකි බැවිනි. ඊළගට ඔබ මරිජුවානා හෝ වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ ද යන ප්‍රශ්නය සුලබ එකකි. ඒ මත්ද්‍රව්‍ය භාවිතය නිසා ද භින්නෝන්මාදය ඇති විය හැකි හෙයිනි.

'ඔබ වත්තේ නිතර ම කුණු පුච්චනවා ද?'

එහෙත් මේ තැනැත්තා ගෙන් වෛද්‍යවරයා ඔබ ගේ වත්තේ නිතර ම කුණු පුච්චනවා ද? ඔබ වාහන දුම අධික පාරක ද වැඩට යන්නේ? කුඩා කාලේ ඉඳලා හැදුණේ වැඩුණේ කොළඹ ම ද? බොන්නේ ළිං වතුර ද? ටැප් වතුර ද? කෑමට ගන්න එළවළු ඔබ ගෙදර වවාගන්නවා ද? ඒ එළවළුවලට කෘමිනාශක ගහල ද? ඔබ කොතරම් දුම්පානයේ යෙදෙනවා ද? ඔබේ උපන් දිනය කවදා ද? වැනි ප්‍රශ්න ඇසු වහොත් ඒ ප්‍රශ්න මානසික රෝගයකට අදාළ වන්නේ කෙසේ දැයි ඔබ කල්පනා කරන්නට ඉඩ තිබේ. සමහර විට වෛද්‍යවරයාට මානසික රෝගයක්‌ ඇතැයි ඔබ සිතීමට ද ඉඩ ඇත.

එහෙත් සැබැවින් ම භින්නොන්මාදයට ප්‍රවේණික සාධක මෙන්ම පාරිසරික සාධක ද ප්‍රබල ලෙස බලපෑමේ හැකියාවක්‌ ඇති බව නවතම අධ්‍යයනවලින් හෙළි වෙමින් තිබේ. එය සැබෑවත් නම් භින්නෝමාදයට පමණක්‌ නො ව වෙනත් බොහෝ මානසික රෝගවලට ද පාරිසරික හා සමාජීය හේතූන් බලපායි. අනෙකක්‌ තබා ඔබේ උපන් දිනය පවා ඒ සඳහා බලපායිෘ

රොචෙස්‌ටර් වෛද්‍ය විද්‍යාලයයේ පාරිසරික වෛද්‍ය විද්‍යා මහාචාර්ය Deborah Cory Slechta ඇතුළු පිරිස විසින් කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ වායු දූෂණය නිසා භින්නොන්මාදය වැළඳීමට ඇති ඉඩකඩ ඉහළ යන බවයි. මෙයට අදාළ අධ්‍යයනය Environmental Health Perspective ජර්නලයෙහි පළ විය. මේ අධ්‍යයනය සිදු කරන ලද්දේ මීයන්ට අදාළව වුවත් Deborah පෙන්වා දෙන්නේ මිනිසුන්ට අදාළව ද මෙය මේ ආකාරයට ම ක්‍රියාත්මක වන්නට ඉඩ ඇති බවයි. කෙසේ වෙතත් ඒ සඳහා ඉදිරි අධ්‍යයනය සිදු කළ යුතු බව ඇය පෙන්වා දෙයි. වාහන දුම් නිසා මෙන්ම ගෙදරදොර කුණු පිළිස්‌සීම් නිසා ඇති වන දුම් නිසා විශාල ලෙස වායුගෝලය දූෂණය වන බවත් මේවා මිනිසාට භින්නොන්මාදය ඇති කරවීමට හේතු විය හැකි බවත් ඇය පෙන්වා දෙයි.

ඇය ගේ අධ්‍යයනය සතුන් ඇසුරු කරගත්තක්‌ වුවත් ඉන් ඔබ්බට යමින් ළමයින් යොදාගෙන කළ වෙනත් අධ්‍යයනයක ප්‍රතිඵල ද ඇය ගේ අදහස සනාථ කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි ය. මිචිගන් විශ්වවිද්‍යාලයයේ ස්‌වාභාවික සම්පත් හා පරිසර අංශයේ මහාචාර්ය Paul Mohai විසින් කරන ලද අධ්‍යයන මගින් පෙනී ගොස්‌ ඇත්තේ වායු දූෂණය හේතු කොටගෙන ළමයින් මානසික රෝගවලට ගොදුරු වීමේ ඉඩකඩ ඇති බවයි. විශේෂයෙන් ම මතකය සම්බන්ධ ගැටලුවලට දරුවන් ගොදුරු වීමට පරිසර දූෂණය හේතු වන බව ඔහු පෙන්වා දෙයි. (Monitor on Psychology August 2015 VOL 43 NO7 P. 32)

මේ අතර පසුගිය දා Anals of Neurology ජර්නලයෙහි පළ වූ වාර්තාවකින් (doi:10.1002/ana.24460) කියෑවුණේ වායූ දූෂණයට දිගු කලක්‌ නිරාවරණය වීමෙන් කෙනකු ඩිමෙන්ෂියාවට ගොදුරු විය හැකි බවයි.

එසේ ම මෑතක දී Stroke ජර්නලයෙහි පළ වූ අධ්‍යයනයකින් හෙළි වූයේ මොළයේ ව්‍යqහාත්මක වෙනස්‌කම් ඇති කරවීමට වායු දූෂණයෙන් ශරීරගත වන සියුම් අංශු හේතු වන බවයි. මේ අධ්‍යයනය මෙහෙයවා තිබුණේ හාවඩ් වෛද්‍ය විද්‍යාලයයේ Elissa Wilker ය. මස්‌තිෂ්ක පරිමාව වෙනස්‌ කරවීමට මේ අංශු හේතු වන බව ද එහි දී අනාවරණය විය.

ටෝකියෝ විශ්වවිද්‍යාලයයේ N. Okada ඇතුළු පිරිස විසින් පසුගිය මාසයේ දී කරන ලද අධ්‍යයනයකින් (doi:10.1038/mp.2015.209) හෙළි වූයේ භින්නොන්මාදයෙන් පෙළෙන අය ගේ මෂ්තිෂ්ක පරිමාවේ අසාමාන්‍යතා පවතින බවයි. මේ අධ්‍යයනය ගැන තොරතුරු Molecular Phychiatry ජර්නලයේ පළ විය. මොළයේ පරිමාව වෙනස්‌ වීම භින්නොන්මාදය ඇති වීමට මුල් වනවා යෑයි එමගින් පෙන්වා නො දෙන නමුත් භින්නොන්මාදය හා මොළයේ පරිමා වෙනස්‌ වීම් අතර අතර සබඳතාවක්‌ ඇති බව එය පෙන්වා දෙයි.

වායූ දූෂක මගින් මොළයට හානි වන හැටි

අධ්‍යයන මඟින් පෙන්වා දෙන ආකාරයට, සියුම් අංශු (fine particles) එක්‌කෝ සෘජු ව ම නියුqරෝනවල (ස්‌නායු සෛල) ගැටී ඒවාට තුවාල කරයි. එසේ ම එවැනි අංශු මගින් මොළයෙහි පවතින මයික්‍රොග්ලියා (Microglia) නමැති සෛල විශේෂයට ද අනතුරු ඇති වේ. මයික්‍රොග්ලියා යනු මධ්‍ය ස්‌නායු පද්ධතිය තුළ ප්‍රතිශක්‌තිකරණ ක්‍රියා සිදු කරන සෛල වේ. එසේ ම මොළයේ පවිත්‍රකරණ කටයුතු (අපවිත්‍ර සෛල ඉවත් කිරීම වැනි) සිදු කරන්නේ ද මේවා ය. සියුම් අංශූ මයික්‍රොග්ලියා අසලට ආ විට ඒ සතුරකු හෝ අපවිත්‍ර සෛලයක්‌ යෑයි වරදවා වටහාගන්නා මයික්‍රොග්ලියා ඒවාට පහර දීමට සිතා රසායනික ද්‍රව්‍ය (විෂ) නිකුත් කරයි. මෙතැනට ආවේ ජීව සෛල සහිත සතුරකු නම් එම රසායන ද්‍රව්‍ය මගින් ඊට හානි වේ. එහෙත් මෙතැනට ආ අජීවී සියුම් අංශූවලට හානියක්‌ නො වේ. සිදු වන්නේ ළග ඇති මස්‌තිෂ්ක සෛලවලට විෂ වැදීමයි. විෂ තැවරුණු අංශූ ඉදිරියට යද්දී ඒ යන යන තැන්වලට හානි සිදු වේ. මෙය දිගට ම හානිකර අවියක්‌ සේ ක්‍රියා කරයි. එනිසා මයික්‍රොග්ලියා සැලකිය යුතු ප්‍රමාණයක්‌ විනාශ වන අතර ප්‍රතිශක්‌තිකරණ ක්‍රියාවලට ද බාධා පැමිණේ. මෙය මොළය මගින් පාලනය වන කටයුතු අවුල් වීමට ද හේතු වේ.

වායු දූෂණය මානසික සහනය හා සතුට අහෝසි කරයි

ඔන්ටාරියෝහි ට්‍රෙන්ට්‌ විශ්වවිද්‍යාලයයේ Byron Lew හා Mark Avin තමන් විසින් කරන ලද නවතම අධ්‍යයනයක්‌ මගින් පෙන්වා දුන්නේ වායූ දූෂණය මානසික සහනය හා සතුට අහෝසි කරන බවයි. මේ අධ්‍යයනය පිළිබඳ තොරතුරු Green Economics ජර්නලයෙහි පළ විය. (http://dx.doi.org/10.1504/IJGE.2012.051492)ග මේ හා සමාන ම අධ්‍යයනයක්‌ 2014 දී Zhengtao Li, Henk Folmer හා Jianhony Xue යන අය විසින් කරන ලද අතර ඒ ගැන තොරතුරු Ecological Economics ජර්නලයේ (2014 Vol 99) පළ විය. එම අධ්‍යයනයේ ප්‍රතිඵල ද කලින් එකට ම සමාන ය.

නාගරීකරණය හා භින්නොන්මාදය

ඇමස්‌ටඩෑම් විශ්වවිද්‍යාලයයේ හා නෙදර්ලන්තයේ Mastricht ආචාර්ය Lydia Krabbndam හා Jim Van විසින් කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ නාගරීකරණය භින්නොන්මාදයට සෘජු ලෙස ම හේතු වන බවයි. භින්නෝන්මාද රෝගීන් ගෙන් තුනෙන් එකක්‌ පමණ ම එම තත්ත්වයට ගොදුරු වන්නේ නාගරීකරණයට සම්බන්ධ හේතු මත බව ඔවුන් ගේ මතයයි. මේ අධ්‍යයනය ගැන තොරතුරු Schizoprenia
Bulleti ජර්නලයේ පළ වී තිබේ.

මෑතක දී ජර්මනියේ මෑන්හයිම්හි මානසික සෞඛ්‍ය ආයතනයේ ආචාර්ය Andreas Meyer හා Linden Bery ඇතුළු පිරිස සිදු කළ අධ්‍යයනයක දී හෙළි වූයේ ද නාගරික දිවිය භින්නොන්මාදය වර්ධනයට හේතු වන බවයි. මේ අධ්‍යයනය 2011 දී Nature ජර්නලයෙහි පළ වූ අතර එයින් පසු ලොව පුරා මේ පිළිබඳ ප්‍රබල කතිකාවතක්‌ පැන නැංෙග් ය. නගරය අපව පිස්‌සු වට්‌ටන්නේ ය යන මතය ජනමාධ්‍ය වෙතින් ඉදිරිපත් විය. මෙවැනි ම අධ්‍යයනයක්‌ ඕලන්ද පර්යේෂකයකු වන Jape Peen ද සිදු කර තිබේ. එම අධ්‍යයනයේ දී පෙනී ගියේ නාගරික ජීවිතය භින්නොන්මාද අවදානම සියයට දෙසියකින් ඉහළ නංවන බව ය. (doi:10.1038/nature10190)

කෙසේ වෙතත් කලින් සඳහන් කළ ඇමැස්‌ටර්ඩ්‍රෑම් අධ්‍යයනය නිරවද්‍ය එකක්‌ නො වන බවට මත පළ විය. ඒ සඳහා ගත් සාම්පලය එතරම් ලොකු එකක්‌ නො වන බවට චෝදනා එල්ල විය. එහෙත් ඒ අධ්‍යයනයට පුද්ගලයන් 918ක ගේ දත්ත රැස්‌ කෙරිණි. මේ අය වයස අවුරුදු 14-17 පරාසයේ පසු වූ අයයි.

මේ පුද්ගලයන් ගේ සෞඛ්‍ය තත්ත්වය (වෙසෙසින් ම භින්නෝන්මාද වර්ධනය) අවුරුදු තුන හමාරක්‌ තිස්‌සේ රැස්‌ කරන ලදී. මෙහි දී මේ පිරිස පළමුව කාණ්‌ඩ දෙකකට බෙදන ලදී. එක්‌ කොටසක්‌ නගරබදව ජීවත් වූ අයයි. අනෙක්‌ කොටස ගම්බද අයයි. අවුරුදු තුන හමාරකට පසු පෙනී ගියේ නගරබද අය තුළ අන් අයට සාපේක්‌ෂව භින්නොන්මාදය වැඩියෙන් ව්‍යාප්තව තිබූ බවයි.

උපන් දිනය මගිනුත් මානසික රෝග ගැන කිව හැකියි?

ඔබ ගේ උපන්දිනය අසා පලාඵල කියන සාස්‌තරකරුවන් ඔබට ඕනෑ තරම් හමු වී තිබේ. ඔබ ගේ උපන් දිනය අසා ඔබට වැළඳෙන ලෙඩරෝග, මාරක ඒරාෂ්ටක ගැන ඔවුන් කියන්නේ ඔබ උපන් වේලාව අනුව හඳහනක්‌ හදාගනිමිනි.

ඔබට වැළඳෙන ඇතැම් රෝග ගැන විශේෂයෙන් ම මානසික රෝග ගැන විද්‍යාත්මකව අනාවැකි කියන්නට ද උපන් දිනය යොදාගත හැකි බව නවතම අධ්‍යයනයක්‌ ද පෙන්වා දී තිබේ.

එම අධ්‍යයනය මෙහෙයවනු ලැබ ඇත්තේ කොලම්බියා විශ්වවිද්‍යාලයයේ ආචාර්ය Nicholas Talenetti ඇතුළු පිරිස විසිනි. එම අධ්‍යයනයට අනුව කෙනකුට ADHD (Attention Deficit Hyperactivity Disorder) නැමැති මානසික රෝගය වැළඳේ ද නැද්ද කීමට උපන් දිනය යොදා ගත හැකි ය. මේ අධ්‍යයනය සඳහා පර්යේෂකයෝ ලෙඩුන් ලක්‌ෂ 17ක ගේ තොරතුරු විශ්ලේෂණය කළ හ. මානසික රෝග පෙරැයීම් අධ්‍යයනයක්‌ සඳහා වැඩි ම නියෑදියක්‌ භාවිත කළ අවස්‌ථාව ලෙස ද මෙය ඉතිහාසගත වේ.

ඉතා දිගු කලක්‌ තිස්‌සේ මේ පුද්ගලයන් ගේ දත්ත නිරීක්‌ෂණයෙන් ඔවුන් සොයාගත් කරුණක්‌ වූයේ ඔක්‌තෝබර් මාසයේ උපත ලද්දවුන් අන් අයට සාපේක්‌ෂව වැඩියෙන් ADHDවලට ගොදුරු වන බව යි.

"ඔක්‌තෝබර් මාසයේ උපත ලද අය මේ ගැන ලොකුවට කණගාටු වෙන්න ඕනේ නැහැ. එහෙත් වැඩි අවදානමක්‌ තිබෙන නිසා සැලකිලිමත් වීම හොඳයි." එසේ පවසන්නේ Nicholas ය.

මේ පර්යේෂණය එවැනි දෙයක්‌ අනාවරණය කරන්නේ නම් මානසික උපදේශකයකු රෝගියකු තම රෝගී තත්ත්ව විස්‌තර කරද්දී ඔහු ගේ උපන්දිනය ගැන ඇසීම සිදු විය හැකි දෙයකි.

ඉහත විස්‌තර කළ අධ්‍යයනය පිළිබඳ තොරතුරු පළ වන්නේ Journa; of American Medical Informatics Associationහි ය.

ඔවුන් ගේ අධ්‍යයනයේ දී පෙනී ගියේ මානසික රෝගවලට අමතරව වෙනත් රෝග සඳහා ද උපන් දිනය බලපාන බවයි. එනම් මාර්තු උපත ලද අය වැඩියෙන් හෘදයාබාධවලට ගොදුරු වීමට ඉඩ තිබිය හැකි බවයි.

ADHDවලට අදාළ ව මීට සමානව ප්‍රතිඵල ලබා දුන් අධ්‍යයනයක්‌ 2012 දී ද සිදු ව තිබේ. එම අධ්‍යයනය දැන් විස්‌තර කළ අධ්‍යයනයෙන් වෙනස්‌ වන්නේ එහි (2012) ඔක්‌තෝබර් මාසය ගැන විශේෂිතව සඳහන් නො වීම මගින් පමණි. එහි දී පර්යේෂකයන් පෙන්වා දුන්නේ අවුරුද්දේ අවසාන මාසවල (ඔක්‌තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්) උපත ලබන දරුවන් අන් අයට සාපේක්‌ෂව ADHD වලට වැඩියෙන් ගොදුරු වීමට යම් අවදානමක්‌ ඇති බවයි.

2014 දී හංගේරියාවේ බුඩාපේස්‌ට්‌ විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය Xenia Gonda විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ගිම්හානයේ උපත ලබන දරුවන් ඉරියව්, මනෝභාව (mood) සම්බන්ධ සංකූලතාවන්ට වැඩියෙන් ගොදුරු වන බවයි. මීට සමාන අධ්‍යයනයක්‌ PNAS ජර්නලයේ Vol 113 හි පළ විය. (PNAS, www.pnas.org/cgi/doi/10.1073/pnas.1518129113

ලන්ඩනයේ ක්‌වීන්ස්‌ මේරි විශ්වවිද්‍යාලයයේ Sreera Ramagoelan විසින් කරන ලද අධ්‍යයනයකින් පෙනී යන්නේ ජනවාරි මස උපත ලද අන් අයට වැඩියෙන් භින්නොන්මාදයට හා ද්විධ්‍රැව සංකූලතාවට (Bipolar Disorder) ගොදුරු වීමේ ඉඩක්‌ ඇති බවයි. මැයි මාසයේ දී උපත ලද අය විශාදයට වැඩියෙන් ගොදුරු වන්නට හැකි බව ද එම අධ්‍යයනය පෙන්වා දෙයි.
mental1.jpg


මනෝඡ් රත්නායක



SOURCE: http://www.vidusara.com/2016/05/18/viduindex.htm
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පාරිසරික දේවල් විතරක්ම නෙවෙයි සාමජීය දේවල් උනත් බලපානවා.
    තමන් හාදිච්ච ආකාරය තමන්ට සමාජයෙන් සලකපු ආකාරය එහෙමත් බලපානවා.
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ado ADHD nam matath thiyenawada manda..mata hari amarui awadanaya thiyan inna.amathaka wenawa nikan me loke nemei wage.danna kenek kiyapallako meka goda daganna widiyak
     

    MindTalk

    Member
    Jun 11, 2016
    162
    41
    0
    පාරිසරික දේවල් විතරක්ම නෙවෙයි සාමජීය දේවල් උනත් බලපානවා.
    තමන් හාදිච්ච ආකාරය තමන්ට සමාජයෙන් සලකපු ආකාරය එහෙමත් බලපානවා.

    :yes::yes::yes:
     

    MindTalk

    Member
    Jun 11, 2016
    162
    41
    0
    ado ADHD nam matath thiyenawada manda..mata hari amarui awadanaya thiyan inna.amathaka wenawa nikan me loke nemei wage.danna kenek kiyapallako meka goda daganna widiyak

    මතක ඇතිව අමතක වීම ගැන සැලකිලිමත් වෙන්න..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ado ADHD nam matath thiyenawada manda..mata hari amarui awadanaya thiyan inna.amathaka wenawa nikan me loke nemei wage.danna kenek kiyapallako meka goda daganna widiyak

    ADHD නෙමෙයි.. දෙයක් මතක තියා ගන්න අමාරු අපි ඒ දෙයට අවදානයක් නොදී සිටීමයි..සමහර වෙලාවට අපි අපිවම රවට්ට ගන්නවා අපි ඒ දේ මාරම අවදානයක් දීලා අහන් ඉන්න බව ඇඟ වෙන්න Act කරල.. වටේ පිටේ උන් හිතනවා මූ මාරම මෙව්ව එකකින් අවදානේ දීගෙන ඉන්නේ කියලා. :rolleyes::rolleyes::rolleyes:
    හොඳට හිතල බලන්න ඔයා ඔය මතක තියා ගන්න බැරි දේවල් තිබුණ ගොඩක් තැන්වල අවදානය දීල තියෙන්නේ වෙන දේකට.
    හිත එකතැනක නැති උනාම ඒ වැඩේ කරන්න ටිකක් අමාරුයි. :yes::yes::yes:

    ලේසිම විදියට හිත එක තැනක තියා ගන්න පුරුදු කරන එක.. (භාවනාව) උඹල අපි කරන භාවනා. :P:P:P:P:P
    ඒ නිසා මේ දේ කරල බලන්න.. අපි යම් දෙයක් උදාහරණයක් විදියට අපි ඊයේ දවස ගත කලේ කොහොමද කියල පොඩ්ඩක් මතක් කරල බලන්න.කරපු හැම දේම A to Z මතක නැති වෙයි.මතක තියෙන්න ඕනෙත් නෑ..ඒත් නිකමට මතක් කරල බලන්න.ඒ දේන් කරන්න අපිට පරණ මතක නැවත උඩට ගන්න පුලුවන් ද බලන එක..පාඩම් කරන කෙනෙක්ට අදාලව කියුවොත්..

    පාඩමකට අදාලව නම් හිතන්න කරුණු විස්සක් ගැන බැලුවා කියල. බලල ඉවර වෙලා පොත වහලා මනසට වදයක් නොවෙන විදියට කරුණු ටික මතක් කරන්න.1 මොකද්ද 2 මොකද්ද...3..4.. ඔහොම යද්දි ඔයාට 20 ම එක පාර මතක් කර ගන්න බැරි වෙයි..
    එහෙනම් මුලින් කරුණු 5ක් බලන්න.. බලල නැවත පොත වහලා මතක් කරන්න බලන්න කරුණු 5 මතකද..හරි මතකයි නම් තව 15ක් තියෙනව නේ තමන් දන්නවා තමන්ට මතකෙට ගන්න පුලුවන් ලිමිට් එක.. තව කරුණු 5ක් අමාරුවෙන් බලල මතක තියා ගත්තා කියමු.. පුලුවන්නම් නිදා ගන්න කලින් ආයේ පාරක් හිතින් මතක් කරන්න..මොනවද ඒ කරුණු 10 කියලා.. ගොඩක් වෙලාවට ඔය 10න් මැද 2ක් 3ක් හෝ 4ක් කේස්...උදේ නැඟිටලා ආයේ පොත ඇරලා බලන්න කලින් නැවත පෙර දවසේ බලපු කරුණු මතක් කරන්න එතකොට අර රෑ අමතක ගොඩේ තිබ්බ 4න් දෙකක් විතර ආයේ මතක් වෙන්නත් පුලුවන්.. අලුත් කරුණු මොලේ ට දා ගන්නකොට පරණ ඒවා උඩට Replace කර ගන්න නොදී අසුර ගත යුතුයි.
    ඒක කරන්න නම් කලින් ඇතුලට දාපු ඒවා නිතර නිතර ඇදල බැලිය යුතුයි. එතකොට ඒ දේවල් අමතක වෙන්නේ නෑ.. :yes::yes::yes::yes:

    අනික අපි ඔය කිසි දෙයක් මතක් කරගන්න බෑ බෑ කියුවට..තමන්ට වෙච්ච පජාත සීන් ලේසියකින් අමතක වෙන්නේ නෑ නේද.. :P:P:P
    ඒකට හේතුවත් ඕක මොකෝ ඒ මගුල් යට යන්න දෙන්නෙම නෑ ඇදලා ආයේ ආයේ අපේ මොලේ තියෙන ෆයිල් ගොඩේ උඩ තියා ගන්නවා. :frown::frown::frown::frown: එතකොට වෙන්නේ උඩ තියෙන්න ඕන අපේ වැඩ වලට අදාල ෆයිල් නිකන්ම යට යනවා.ඉතින් අමතකයි තමයි...

    මම කියන්න හදපු දේ කියවපු උන්ට තේරෙයි ද දන්නේ නෑ.වෙලාවක් තිබ්බොත් මේ ගැන කියන්නම්..සමාවෙයල්ල. උඩින් පල්ලෙන් ත්‍රෙඩ් බලන් යද්දි දැක්ක නිසයි මේක කෙ‍ටුවේ... :dull::dull::dull::dull: