දුප්පත්ව තිබු සිංගප්පුරැවෙි දියුණුවෙි ක&

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    දුප්පත්ව තිබු සිංගප්පුරැවෙි දියුණුවෙි ක&

    මීට දශක 4 කට පමණ පෙර සිංගප්පුරැව ලංකාවක් වගේ කරනවා යැයි පැවසු එවකට සිංගපුරැ අගමැති ලි ක්වාන් යු අද වන විට ලොකයේ දියුණුම රටවල් වලින් එකක බවට පත් කරපු හැටි අපි හැමෝම දැන ගෙන ඉන්න එක වැදගත්. එදා දියුණු ආර්ථිකයක් තිබිබ ලංකාවට අද වෙලා තියෙන්නේ සිංගප්පුරැවක් කරන්න. මෙ ඒ දියුනුවෙි කථාවයි. දිග වැඩි තමයි. නමුත් කියවාගෙන යන්න. ගන්න බොහෝ දේ මෙික ඇතුලේ තියෙනවා.

    ලී ක්වාන් යු සිංගප්පූරුවේ ප්‍රථම අගමැතිවරයා මෙන්ම වැඩිම කාලයක් එරට පාලනය කළ අගමැතිවරයා ද වේ. 1995 දී මැලේසියාව සමඟ ඇතිකර ගත් ගැටුමකින් අනතුරුව වෙන්වී නිද්‍රාගතව සිටි සිංගප්පූරු වරාය නගරය ගෝලීය වෙළෙඳ සහ මුල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්කරීමට ඔහු සමත් විය. වන් මෑන්ස් විව් ඔෆ් ද වර්ල්ඩ් නැමැති ඔහු 2013 දී රචිත ග්‍රන්ථයක සඳහන් කර ඇත්තේ සිංගප්පූරුව සෑමකෙනෙක්ටම සමාන අයිතිවාකම් ලැබෙන, දූෂණයෙන් තොර ඉතාම ක්‍රමානුකූල නගරයක් කිරීමටත් තමාගෙන් පසුවත් අප රට ඒ තත්ත්වයෙන් තවදුරටත් පවත්වාගෙන යාමටත් අවශ්‍ය සහාය ජනතාවගෙන් ලබා ගැනීමටත්, වසර ගණනාවක් තමා දැරූ ප්‍රයත්නය මල්ඵල ගැන්වෙනු දැකීම ජීවිතයේ ලද උපරිම තෘප්තිය බවය. 1959 සිට සිංගප්පුරුව පාලනය කළේ ලී ගේ ජනතා ක්‍රියාකාරී පක්ෂයයි. දැනට සිංගප්පූරුව පාලනය කරන්නේ ලී ගේ පුත් ලී හුසේන් ලූං ය.

    වර්ග කිලෝමීටර් හයසිය අනූනවයක්‌ වැනි කුඩා භූමි ප්‍රමාණයකින් යුත් සිංගප්පූරුව අග්නිදිග ආසියාවෙහි පිහිටි දූපතකි. දූපත් හැටතුනකින් සමන්විත වූ මෙම දේශයෙහි අසල්වැසි රාජ්‍යයන් වන්නේ මැලේසියාව සහ ඉන්දුනීසියාවයි.

    මෙහි වසන මුළු ජනගහනය මිලියන පහකි. චීන, මැලේ සහ ඉන්දියානු ජාතිකයන් ගෙන් සැදුම්ලත් මෙම ජනගහනයෙන් උපතින්ම සිංග්පපූරු ජාතිකයන් වන්නේ මිලියන 2.91 ක්‌ පමණකි. බහුවාර්ගික, බහු ආගමික හා බහු සංස්‌කෘතික රටක්‌ වන සිංගප්පූරුව ලෝක ගෝලය තුළ සුවිශේෂී හා ජනප්‍රිය දේශයක්‌ වනුයේ ඉතා කෙටි කලෙකින් ප්‍රගතියේ ඉහළ තලයක වැජඹෙන්නට සමත් වූ අසිරිමත් බිම්කඩක්‌ හැටියටය. දෙවන ලෝක යුද සමයේ ජපන් ජාතිකයන් තම යුද මධ්‍යස්‌ථානයක්‌ හැටියට භාවිතා කළ සිංගප්පූරුව ඉන් පෙර හා පසුවද දීර්ඝ කාලයක්‌ තිස්‌සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙහි යටත් විජිතයක්‌ ලෙස පැවතියේය. තවත් වරෙක මෙම කුඩා රට මැලේසියානු ෆෙඩරේෂණය තුළද අසරණව සිටියේය.

    එවන් වූ සිංගප්පූරු රාජ්‍යය තුන්වන ලෝකයෙන් පළමුවන ලෝකයට රැගෙන ආවේ ලී ක්‌වාන් යූ (Lee Kuan Yew) නම්වූ අසහාය දේශප්‍රේමී දේශපාලන නායකයා ය. ඒ ඔහුගේ අප්‍රතිහත ධෛර්යයේ හා නොපසුබස්‌නා වීර්යයේ සාර්ථක ප්‍රතිඵලයක්‌ හැටියටය. ලී ක්‌වාන් යූ උපතින් සිංගප්පූරු ජාතිකයෙකි. එහෙත් ඔහු උපන්නේ ඉංග්‍රීසි පන්නයේ සුපිරි පවුලක වැඩිමහල් දරුවා ලෙසටය. ඒ 1923 සැප්තැම්බර් මස 16 වැනිදා සිංගප්පූරුවේ කම්පොන් ජාවා මාවතෙහි අංක 95 දරන සුවිසල් දෙමහල් නිවස තුළදීය. දෙමව්පියෝ ඔහුට හැරී ලී ක්‌වාන් යූ ලෙස නම් තැබූහ. හැරී යන නම ඉංග්‍රීසි පන්නයට උචිත වනු පිණිසය. ක්‌වාන් යූ යනු මැන්ඩරීන් භාෂාවෙන් “ආලෝකය සහ දීප්තිය” යන අර්ථය ලබාදෙනු සඳහා ය.

    ධනවත් පවුලක දරුවෙකුව සිsටියද ලී ක්‌වාන් කුඩා අවදියේ දී වඩාත් ප්‍රිය කළේ අවට පැල්පත්වල විසූ ධීවර පවුල්වල දරුවන් සමග ක්‍රීඩා කරන්නටය. ඔහු තම ධීවර මිත්‍රයන් සමග සිග්ලප් වෙරළේ තරගයට සරුංගල් යෑව්වේය. වැල්ලේ බඹර කරකැවුවේය. හිතේ හැටියට ජල ක්‍රීඩා කළේය.

    ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලද ලී 1936 දී සිංගප්පූරුවේ තිබූ හොඳම ඉංග්‍රීසි පාසලක්‌ වූ “රැෆල්ස්‌” අධ්‍යාපන ආයතනයට ඇතුළත් වූයේය. එම පාසලේ දී ඔහු කේම්බ්‍රි- ජ්‍යෙෂ්ඨ විභාගයෙන් සමත් වූයේ මැලේ දේශයෙන්ම ප්‍රථම ස්‌ථානය ලබා ගනිමිනි.

    පාසල් වියේදී දඟකාර සිසුවෙකුද වූ ලී තම ජීවිතයෙහි අධ්‍යාපන චාරිකාව හමාර කළේ එංගලන්තයේ කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයෙනි. ඒ 1950 වසරේ දී නීතිඥ වෘත්තියට එක්‌වෙමිනි. බාල වියේ සිටම ඔහුගේ සිහිනය වී තිබුණේද දක්‌ෂ නීතිඥයකු වීමයි.

    ඉංග්‍රීසි උගත් රජයේ ඉහළ නිලතල දරන චීන, මැලේ සහ ඉන්දියානු මිතුරන්ගේ ඇසුර දේශපාලන ක්‌ෂේත්‍රය කරා ලී කැඳවාගෙන ගියේය. ඒ වන විට ඔහු ප්‍රබල යටත්විජිත විරෝධියකු බවට පත්ව සිටියේය.

    1950 සැප්තැම්බර් 30 දා ලී ක්‌වාන් විවාහ වූයේ ද්විතියික පාසලේ දී මෙන්ම කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ දී තම කිට්‌ටුම මිතුරිය වූ “ක්‌වා ගියොක්‌ චූ” සමගිනි.

    දෙවන ලෝක යුද සමයේ දී ජපාන හමුදා පාලකයන්ගෙන්ද, ඉන් පෙර හා පසුව ඉංග්‍රීසි ජාතික අධිරාජ්‍යවාදී පාලනයෙන්ද, පීඩා විඳි සිංගප්පූරු ජාතිකයන් වෙනුවෙන් තමා විසින් යමක්‌ කළ යුතුව ඇතැයි මේ අවදියේදී ඔහුගේ සිතට තදින්ම දැනී තිබුණි.

    ඔහු මිත්‍රයින් සමග නව දේශපාලන පක්‌ෂයක්‌ සඳහා සැලසුමක්‌ සකස්‌ කළේය. 1954 වසරේ දී සිංගප්පූරුවේ ජනතා ක්‍රියාකාරී පක්‌ෂය (People's Action Party) ආරම්භ වූයේ එහි ප්‍රතිඵලයක්‌ වශයෙනි. 1955 දී ඔහු මැතිවරණයක්‌ තුළින් පාර්ලිමේන්තුවට තේරීපත් වූයේ ඉතා පැරැණි පක්‌ෂ අභිබවමින් බොහෝ වැඩි ඡන්ද සංඛ්‍යාවක්‌ ලබා ගනිමිනි. තම නිදහස්‌ සටන දියත් කිරීම වෙනුවෙන් ලී මෙය හොඳ අවස්‌ථාවක්‌ කොටගත්තේය.

    1956 මාර්තු මාසයේ දී ඔහු සංවිධානය කළ මර්දෙකා සතිය (නිදහස්‌ සතිය) අසාර්ථක වූ නමුදු එයින් ඔහු වඩාත් ශක්‌තිමත් විය. මෙහිදී ඔහු නිදහස වෙනුවෙන් ලබාගත් අත්සන් සංඛ්‍යාව 1,70,000 ක්‌ විය.

    “අපගේ පළමු අරමුණ සියයට හැත්තෑපහක (75%) ස්‌වයං බලයක්‌ ලබා ගැනීමයි. සම්පූර්ණ නිදහස ඉන් වසර පහකට පසුව හෝ අපට ලබාගත හැකියි” ඔහු තම ස්‌ථාවරය එසේ පැහැදිලි කළේය.

    කොමියුනිස්‌ට්‌වාදය පිළිකෙව් කළ ලී ක්‌වාන් තම මාතෘ භූමියෙහි නිදහස වෙනුවෙන් අතිශය ක්‍රියාකාරී දේශපාලන නායකයකු මෙන්ම අති දක්‌ෂ නීතිඥවරයකුද වූයේය.

    අවසන ඔහු තම සටන ජය ගත්තේය. 1959 ජුනි 05 වැනිදා ආසන 51 න් 43 ක්‌ ලබා ගනිමින් මැතිවරණයෙන් ලද ජයග්‍රහණය සිංගප්පූරු ජනරජයෙහි ප්‍රථම අගමැති ධුරය දක්‌වා ඔහු කැඳවාගෙන ගොස්‌ තිබිණි. 1959 වසර සිට 1990 වසර දක්‌වාම වසර තිස්‌ එකක්‌ ලී සිංගප්පූරුවෙහි අගමැතිව සිටියේ ලෝකයේ දීර්ඝකාලීනතම අගමැතිවරයා ලෙස ලෝක වාර්තාවක්‌ද තබමිනි.

    “අපේ ජීවිතවලට කිසිවක්‌ම අහසින් කඩා වැටෙන්නේ නැත. අප ලබාගෙන ඇති සෑම හොඳ දෙයක්‌ම අප මහන්සි වී වැඩ කිරීමෙන් ලබාගත් දෑය. ජනතාවගේ සහයෝගය නොමැති රජයකට ඵලදායී යමක්‌ කළ නොහැක” අගමැති පදවිය බාර ගනිමින් 50,000 ක්‌ ජනතාව රැස්‌ව සිටි රැළියක්‌ අමතමින් ලී එසේ පැවසීය.

    ඔහු ඉතා ඉක්‌මණින්ම ඇමැති වැටුප ඩොලර් 2600 සිට 2000 දක්‌වා පහත හෙලුවේය. රටපුරා මහජන සංවිධාන බිහි කරවූයේය. ප්‍රජා ශාලා ගොඩනැංවීය. පාසල්, විශ්වවිද්‍යාල සහ උසාවි අලුතින් ආරම්භ කෙරිණි. කාන්තා පක්‌ෂය අධ්‍යාපනික හා සමාජයීය අතින් ඉදිරියට ගෙන එන්නටද ඔහු උනන්දු වූයේය. සිංගප්පූරු වරාය ප්‍රතිසංවිධානය, තට්‌ටු නිවාස හා මංමාවත් ඉදිකිරීම ඔහුගේ ආර්ථික සැලසුමෙහි සුවිශේෂී කරුණු විය.

    සිංගප්පූරුව මැලේසියානු සමූහාණ්‌ඩුව තුළම රඳවා තබමින් එය දියුණුව කරා ගෙන යන්නට ඔහු දැරූ උත්සාහය අනල්ප විය. එහෙත් මෙහිදී සමහර මැලේ නායකයන් නිසා ඔහුට විඳින්නට සිදුවූ අපහාස උපහාස හා සතුරු කුමන්ත්‍රණද අප්‍රමාණය.

    එහෙත් ඔහු ඒ සියලු අභියෝගයන්ට පුදුමාකාර ශක්‌තියකින් මුහුණ දුන්නේය. සිංගප්පූරුව මැලේසියානු ෆෙඩරේෂණය තුළින්ද ස්‌වාධීන කොටගත් හෙතෙම තම මහත්මා දේශපාලනය තුළින් සිංගප්පූරුව සමෘද්ධිය කරා රැගෙන ගියේය.

    1990 සිට 2004 වසර දක්‌වා සිංගප්පූරුවේ මහාමාත්‍යතුමා ලෙසින්ද, එතැන් සිට එනම් 2004 වසරේ සිට 2011 දක්‌වා අමාත්‍ය උපදේශක (Minister Mentor) ලෙසද තම ජාතික කර්තව්‍යය අඛණ්‌ඩව ගෙන යන්නට ලී සමත් වූයේය.

    2011 මැයි මස 14 වන දින ඔහු පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ගන්නා විට වයස අවුරුදු 85 ක්‌ විය.

    සිංගප්පූරු රජයෙහි වත්මන් අගමැති ලී සෙයින් ලූන් (Lee Hsien Loving) ලී ක්‌වාන් යූ මැතිතුමාණන්ගේ වැඩිමහල් පුතණුවන්ය.

    අද ලෝකයේ ඉහළම පෙළේ ආර්ථික මධ්‍යස්‌ථාන අතුරින් සිව්වැනි ස්‌ථානය ලැබෙන්නේ සිංගප්පූරුවටයි. ලෝකයේ තෙවැනි විශාලතම තෙල් පිරිපහදු මධ්‍යස්‌ථානය වන්නේද සිංගප්පූරුවයි. එමෙන්ම සාගරය විසින් බොහෝ දූපත් ගිලගනු ලබද්දී ගොඩබිම විසින් සාගරය අත්පත් කර ගනිමින් තම වර්ග ප්‍රමාණය විශාල කරගන්නා රටද සිංගප්පූරුවයි.

    අද අප දකින ඉතා පිරිසිදු දියුණු හා සුන්දර වර්තමාන සිංගප්පූරුව නිර්මාණය කිරීම වෙනුවෙන් සෑම සිංගප්පූරු වැසියෙකුම තම ගෞරවාදරය පුද කරනුයේ ලී ක්‌වාන් යූ නම්වූ ඒ කාර්යශූර දූරදර්ශී හා කෘතහස්‌ත රාජ්‍ය නායකයාටයි.

    ආර්ථික, දේශපාලනික හා සංස්‌කෘතික වශයෙන් ස්‌වාධීනත්වය සහ සංවර්ධනය සොයායන ඕනැම රාජ්‍යයකට ලී ක්‌වාන් යූ ආදර්ශයට ගත හැකි රාජ්‍ය නායකයකු බව අද මුළු ලොවම පිළිගන්නා කරුණක්‌ බවට පත්ව ඇත.

    සිංගප්පූරුවේ නිර්මාතෘ, හිටපු සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ අද අලුයම අභාවප්‍රාප්තවී තිබෙන බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.

    ඔහු මිය යන විට 91 වැනි වියේ පසුවිය. දේහය පළිබඳ අවසන් කටයුතු සතියක ශෝක කාලයකින් පසුව එළැඹෙන 29දා සිදුකිරිමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    සිංගප්පූරු මහ රෝහලේදී ඔහු මිය ගොස් තිබෙන අතර පසුගිය පෙබරවාරි මස මුල සිට නිව්මෝනියාව හේතුවෙන් ඔහු එම රෝහලේ ප්‍රතිකාර ලබාගනිමින් සිටියේය.

    වසර 31ක පමණ කාලයක් සිංගප්පූරුවේ අගමැති ධුරය හෙබවූ ලී ක්වාන් යූ මහතා වරාය නගරයක් සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත්කළ දේශපාලන නායකයෙකි.

    කෙසේ වෙතත් ඔහුගේ පාලන කාලසීමට විවිධ චෝදනා එල්ලවී තිබේ. ලී ක්වාන් යූ පාලන කාලසීමාව තුළ විරුද්ධවාදීන් මර්ධනයටත්, කතා කිරීමේ නිදහස අසුරා තිබූ බවටත් චෝදනා එල්ල වී තිබේ.

    1923 වසරේ සැප්තැම්බර් 16 උපත ලද ලී ක්වාන් යූ ජනතා ක්‍රියාකාරී පක්ෂයේ නිර්මාතෘ හා එහි මහලේකම් ලෙසින් සිය දේශපාලන ගමන්මග ආරම්භ කළ ලී ක්වායන් යූ එම පක්ෂය 1959 සිට 1990 දක්වා ජයග්‍රහණ 8කට පක්ෂය මෙහෙයවීය.

    1959 දී සිංගප්පූරුව නැමති ධීවර ගම්මානයේ අග්‍රාමාත්‍යවරයා බවට පත්වී වසර 31 ක් එම ධූරය දරා 1990 දී ඔහු අග්‍රාමාත්‍ය ධූරයෙන් සමුගන්නා විට සිංගප්පූරුව ආයෝජන පාරාදීසයක් බවට පත්ව තිබුණි. 1990 දී ඔහු අග්‍රාමාත්‍ය ධූරයෙන් සමුගත්තද සිංගප්පූරුවේ ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් ඔහුගේ යෝධ සෙවණැල්ල මියයන තුරුම වැටී තිබුණු බව අනාවරණය වේ.

    ලී, ඉපදෙන්නේ සිංගප්පූරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක්ව තිබියදීයි. ඔහු තරුණ වියට පත්වන විට ජපානය විසින් සිංගප්පූරුව මත මුදාහළ යටත් විජිතවාදී පාලනයේ විලිලැජ්ජා සහිත බව ඔහුගේ හදවතේ ගැඹුරටම කිඳා බසී.

    පසුව, උසස් අධ්‍යාපනය සඳහා ලන්ඩනයට යන ලී, කේම්බ්‍රිජ් සරසවියේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වන්නේය. ඔහු යුද්ධය අවසන් වූ පසුව නැවතත් සිංගප්පූරුව බලා පැමිණෙන්නේ යටත් විජිතවාදයට එරෙහි අරගලයට පණ දීම සඳහායි. මේ අනුව, පීපල්ස් ඇක්ෂන් පාටි (PAP) නැමති දේශපාලන පක්ෂය බිහිකිරීමේ පුරෝගාමියෙකු ලෙස ලී, පෙරමුණේ සිටී.

    සිංගප්පූරුව 1959 දී බ්‍රිතාන්‍යයෙන් ස්වයං රාජ්‍යත්වය දිනාගැනීමේදී මෙම පක්ෂයේ නායකයා වූයේ ඔහු වන අතර ඔහු සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරයා බවට පත්විය.

    ලී ක්වාන් යූ මහතාගේ දේශපාලන දර්ශනය ආන්දෝලනාත්මක එකක් වන අතර සමහරුන් දැඩි ලෙස විවේචන එල්ල කරද්දීත් ඔහු සිංගප්පූරුවට දැඩි නීති සහ දඬුවම් හඳුන්වාදීමට පියවර ගත්තේය. මේ ආකාරයෙන් සිංගප්පූරුව විනය ගරුක සහ පිරිසිදු රටක් බවට පත්කිරීමට ඔහුට හැකිවිය. ලී ක්වාන් යූ යටතේ සිංගප්පූරුව ආණ්ඩුවේ දැඩි පාලනයට යටත්වූ රාජ්‍යයක් බවට පත්වන අතර වාර්තා වන ආකාරයට තිබී ඇත්තේ ඉතා සීමා සහිත මහජන උද්ඝෝෂණ ප්‍රමාණයකි. මෙවන් පරිසරයක් තුළ සිංගප්පූරුවේ අඩු බදු, ඉතා දියුණු පාසැල් පද්ධතිය, අපරාධ අඩුවීම, ආයෝජනයට හිතැති නීති, දැවැන්ත යටිතල පහසුකම් ගොඩනැංවීම නිසා බටහිර සමාගම් විසින් ඉතාමත් ආකර්ශනීය ආයෝජන මධ්‍යස්ථානයක් ලෙසින් සිංගප්පූරුව තෝරා ගන්නේය.

    මේ අනුව, අග්නිදිග ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ ව්‍යාපාරික කටයුතු කරන බොහෝ යුරෝපීය සමාගම් ප්‍රමුඛ ලොව දැවැන්ත සමාගම් සිය මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත්කර ගන්නේ සිංගප්පූරුවයි.

    ඒකාධිපති නායකයෙකු ලෙසින් වැජඹුණු ලී ක්වාන් යූ හට සිංගප්පූරුව දැවැන්ත ලෙස පාලනය කිරීමේ බලය තිබුණු අතර ඔහු විසින් සිය විරුද්ධවාදීන් සිරගත කර තිබෙන අවස්ථාද තිබේ.

    වාර්තාවන ආකාරයට ඔහුගේ සමයේදී ජනමාධ්‍යවේදීන් සහ දේශපාලන විරුද්ධවාදීන් පාලනය කිරීම සඳහා විශාල වශයෙන් අධිකරණය භාවිතා කර තිබෙන අතර මේ පිළිබඳව ලී, වෙත දැඩි විවේචන එල්ල වී ඇත.

    සිංගප්පූරුව අපිරිසිදු වන බව පවසමින් ලී ක්වාන් යූ එරට chewing gum අලෙවිය පවා වරක් තහනම් කර තිබේ.

    කෙසේවෙතත්, ඔහු මෙවන් ගමනක් රැගෙන ගොස් කුඩා සිංගප්පූරුව ලොව ධනවත්ම රාජ්‍යයක් බවට පත්කිරීමට සමත්විය.

    අනාගත අවස්ථාව තම මනසින් දැක අධිෂ්ඨානයකින් යුතුව සිය ජනතාව එය වෙත රැගෙන ගොස් ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කළ හෙයින් ඔහු ලෝක සම්භාවනාවට පාත්‍රවී තිබෙන්නේ ඒකාධිපතියෙකු ලෙසින් නොව අසාහය නායකයෙකු ලෙසයි.

    වර්ග කිලෝමීටර් 716 කින් යුතු ලක්ෂ 53 ක් පමණ සිටින නගරයක් වන සිංගප්පූරුව ලෝකයේ දැවැන්ත රාජ්‍ය සමග කරට කර සිටින රටක් බවට පත්කිරීම ඔහුගේ අද්විතීය නායකත්වයේ ප්‍රබලත්වය පෙන්වීමට තිබෙන ජීවමාන සාක්ෂියයි.

    1923 සැප්තැම්බර් 16 දා උපන්, මේ වනවිට 91 වැනි වියේ පසුවන ලී ක්වාන් යූ දරුණු නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණේ පෙබරවාරි මාසයේ 5 වැනිදාය. නමුත් පසුව ආසාදන තත්ත්වයක් (infection)වැඩි දියුණු වීම හේතුවෙන් පසුගිය සතියේ ඔහුගේ තත්ත්වය වඩාත් නරක අතට හැරිණි. මේ වනවිට ඔහු ඖෂධ මගින් සිහි මූර්ඡා කොට ඇති බවත්, කෘත්‍රිම ස්වසන යන්ත්‍රයකට සම්බන්ධ කොට ඇති බවත් වාර්තා වෙයි. දහස් ගණන් සිංගප්පූරු වැසියන් සිය ආදරණීය නායකයාට ගෞරව දක්වනු පිණිස සිංගප්පූරු ජාතික රෝහල අවට රැස්ව සිටින අයුරු එරට ජනමාධ්‍ය වාර්තා කළේය. ලී ක්වාන් යූ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍ෂේත්‍රය තුළද නිතර කතාබහට ලක්වන සහ ගෞරවයට ලක්වන චරිතයක් බව රහසක් නොවේ. ලංකාවේ බොහෝ නායකයින් අපේ රටද සිංගප්පූරුවක් බවට පත් කරන්නට සිහින මැව්වේ එය ආසියාවේ ආශ්චර්යය පිළිබඳ අගනා මොඩලයක් ලෙස සැලකුණු හෙයිනි. එහෙත් ලික්වාන්යු මහතා 1959 වසරේ සිංගප්පූරුවේ පාලන බලය ලබාගත්තේ සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් කරන්නට ‍පොරොන්දු වෙමිනි. සිංගප්පූරුව මේ තත්ත්වයට පත් කළ නායකයා ලෙස සැලකෙන්නේ ලී ක්වාන් යූ ය. වසර 30 කට ආසන්න කාලයක් සිංගප්පූරුව පාලනය කළ ලී ක්වාන් යූ කිසිදු වැදගම්මක් නොවූ, දුප්පත්, කුසීත සහ බ්‍රිතාන්‍ය කොලනියක් ලෙසද පැවැති කුඩා දූපතක් ලෝකයේ දියුණුම (පළමුවැනි ලෝකයේ) රටක් බවට පත් කරන්නට සමත් වූයේය. Singapore රට සංවර්ධනය වුවද රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස දරුණු ලෙස සීමා කෙරුණු බවට ඔහුට එරෙහිව දැඩි විවේචන එල්ල වූ බව රහසක් නොවේ. නමුත් රටේ ජනතාවගෙන් අති විශාල පිරිසක් ඔහුට දැඩි ලෙස ආදරය කරන්නේ සිය මව්බිම අද පවතින තත්ත්වයට ගෙන එන්නට ඔහු කළ නිර්මාණශීලී මෙහෙවර හේතුවෙනි. බ්‍රිතාන්‍ය කොලනියක්ව තිබි 1959 දී ස්වයං පාලන තත්ත්වය දිනාගත් සිංගප්පූරුව සම්පූර්ණ නිදහස් රාජ්‍යයක් බවට පත් වූයේ 1965 වසරේය. 1963 සිට 65 දක්වා කාලය තුළ සිංගප්පූරුව පැවතුණේ මැ‍ලේසියාවේ කොටසක් වශයෙනි. සිංගප්පූරුව මේ සියලු අවස්ථාවන් පසුකරද්දී රටේ අගමැතිකම දරමින් නායකත්වය දුන්නේ ලී ක්වාන් යූ ය. 1990 වසරේ ඔහු සිය ධුරයෙන් සමුගන්නා විට, 1959 සිට වසර 30 කට ආසන්න කාලයක් අඛණ්ඩව ඔහු එරට අගමැතිවරයා ලෙස කටයුතු කර තිබිණි. නිදහස ලැබූ දා පටන්ම සිංගප්පූරුව පාලනය කළ එකම පක්ෂය වූයේ ලී ක්වාන් යූ විසින් පිහිටුවන ලද ජනතා ක්‍රියාකාරී පක්ෂය (People’s Action Party) යි. ඔහු තමාගේ විරුද්ධ මතධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත් බවද, කිසි විටෙක ඔවුන්ට නැගිටින්නට ඉඩ නොදුන් බවද ප්‍රසිද්ධ චෝදනාවකි. 1965 සිට 1981 දක්වා පැවැති මැතිවරණ එකකදීවත් විරුද්ධ පක්ෂයේ එකදු මන්ත්‍රීවරයෙකු හෝ පාර්ලිමේන්තුවට තේරී පත් වී නැත. මේ වනතුරුද එරට පාර්ලිමේන්තුවට වෙනත් පක්ෂවලින් තේරී පත්ව ඇත්තේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු පමණි. මේ වනවිට ලී ක්වාන් යූ ගේ පවු‍ලේ සාමාජිකයින්ගේ ප්‍රතිචාරවලින්ද පිළිබිඹු වන්නේ හිටපු අගමැතිවරයාගේ තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් තුළ දැඩි අවිනිශ්චිතතාවක් පවතින බව යැයිද ජනමාධ්‍ය සඳහන් කරයි. සිංගප්පූරවේ වත්මන් අගමැතිවරයා වන්නේ ලී ක්වාන් යූ ගේ පුත් ලී හ්සේන් ලූන් ය. ඔහු තම ෆේස්බුක් පිටුවේ මතෛක් පැවැති, සතුටු සිනාවෙන් යුතු සිය ඡායාරූපය වෙනස් කොට ඒ වෙනුවට වඩා ශෝකය පළකරන පෙනුමක් සහිත ඡායාරූපයක් අඩංගු කර ඇත. එසේම ඔහුගේ බිරිඳද ඇගේ ඡායාරූපය වෙනුවට නෙළුම් මලක ඡායාරූපයක් ඇතුළත් කොට තිබේ. ලී ක්වාන් යූ මහතාගේ පවු‍ලේ උදවිය කිසියම් අසුබ ආරංචියක් බලා‍පොරොත්තුවෙන් සිටින ආකාරයක් මේ තුළින් පළවන්නේ යැයි එරට පුවත්පත් වාර්තා කර තිබිණි. Singapore-hospitalමේ අතර, ලී ක්වාන් යූ මියගිය බවට ව්‍යාජ පුවත පළ කර දේශපාලන ලෝකය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ආයතන පවා මහත් ව්‍යාකූලත්වයට පත් කළ වබේ අඩවිය සම්බන්ධයෙන් එරට ‍පොලීසිය මේ වනවිට පුළුල් පරීක්ෂණයක් දියත් කර තිබේ.

    වර්ග කිලෝමීටර් හයසිය අනූනවයක්‌ වැනි කුඩා භූමි ප්‍රමාණයකින් යුත් සිංගප්පූරුව අග්නිදිග ආසියාවෙහි පිහිටි දූපතකි. දූපත් හැටතුනකින් සමන්විත වූ මෙම දේශයෙහි අසල්වැසි රාජ්‍යයන් වන්නේ මැලේසියාව සහ ඉන්දුනීසියාවයි.

    මෙහි වසන මුළු ජනගහනය මිලියන පහකි. චීන, මැලේ සහ ඉන්දියානු ජාතිකයන් ගෙන් සැදුම්ලත් මෙම ජනගහනයෙන් උපතින්ම සිංග්පපූරු ජාතිකයන් වන්නේ මිලියන 2.91 ක්‌ පමණකි. බහුවාර්ගික, බහු ආගමික හා බහු සංස්‌කෘතික රටක්‌ වන සිංගප්පූරුව ලෝක ගෝලය තුළ සුවිශේෂී හා ජනප්‍රිය දේශයක්‌ වනුයේ ඉතා කෙටි කලෙකින් ප්‍රගතියේ ඉහළ තලයක වැජඹෙන්නට සමත් වූ අසිරිමත් බිම්කඩක්‌ හැටියටය.

    දෙවන ලෝක යුද සමයේ ජපන් ජාතිකයන් තම යුද මධ්‍යස්‌ථානයක්‌ හැටියට භාවිතා කළ සිංගප්පූරුව ඉන් පෙර හා පසුවද දීර්ඝ කාලයක්‌ තිස්‌සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙහි යටත් විජිතයක්‌ ලෙස පැවතියේය. තවත් වරෙක මෙම කුඩා රට මැලේසියානු ෆෙඩරේෂණය තුළද අසරණව සිටියේය.

    එවන් වූ සිංගප්පූරු රාජ්‍යය තුන්වන ලෝකයෙන් පළමුවන ලෝකයට රැගෙන ආවේ ලී ක්‌වාන් යූ (Lee Kuan Yew) නම්වූ අසහාය දේශප්‍රේමී දේශපාලන නායකයා ය. ඒ ඔහුගේ අප්‍රතිහත ධෛර්යයේ හා නොපසුබස්‌නා වීර්යයේ සාර්ථක ප්‍රතිඵලයක්‌ හැටියටය.

    ලී ක්‌වාන් යූ උපතින් සිංගප්පූරු ජාතිකයෙකි. එහෙත් ඔහු උපන්නේ ඉංග්‍රීසි පන්නයේ සුපිරි පවුලක වැඩිමහල් දරුවා ලෙසටය. ඒ 1923 සැප්තැම්බර් මස 16 වැනිදා සිංගප්පූරුවේ කම්පොන් ජාවා මාවතෙහි අංක 95 දරන සුවිසල් දෙමහල් නිවස තුළදීය. දෙමව්පියෝ ඔහුට හැරී ලී ක්‌වාන් යූ ලෙස නම් තැබූහ. හැරී යන නම ඉංග්‍රීසි පන්නයට උචිත වනු පිණිසය. ක්‌වාන් යූ යනු මැන්ඩරීන් භාෂාවෙන් “ආලෝකය සහ දීප්තිය” යන අර්ථය ලබාදෙනු සඳහා ය.

    ධනවත් පවුලක දරුවෙකුව සිsටියද ලී ක්‌වාන් කුඩා අවදියේ දී වඩාත් ප්‍රිය කළේ අවට පැල්පත්වල විසූ ධීවර පවුල්වල දරුවන් සමග ක්‍රීඩා කරන්නටය. ඔහු තම ධීවර මිත්‍රයන් සමග සිග්ලප් වෙරළේ තරගයට සරුංගල් යෑව්වේය. වැල්ලේ බඹර කරකැවුවේය. හිතේ හැටියට ජල ක්‍රීඩා කළේය.

    ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලද ලී 1936 දී සිංගප්පූරුවේ තිබූ හොඳම ඉංග්‍රීසි පාසලක්‌ වූ “රැෆල්ස්‌” අධ්‍යාපන ආයතනයට ඇතුළත් වූයේය. එම පාසලේ දී ඔහු කේම්බ්‍රි- ජ්‍යෙෂ්ඨ විභාගයෙන් සමත් වූයේ මැලේ දේශයෙන්ම ප්‍රථම ස්‌ථානය ලබා ගනිමිනි.

    පාසල් වියේදී දඟකාර සිසුවෙකුද වූ ලී තම ජීවිතයෙහි අධ්‍යාපන චාරිකාව හමාර කළේ එංගලන්තයේ කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයෙනි. ඒ 1950 වසරේ දී නීතිඥ වෘත්තියට එක්‌වෙමිනි. බාල වියේ සිටම ඔහුගේ සිහිනය වී තිබුණේද දක්‌ෂ නීතිඥයකු වීමයි.

    ඉංග්‍රීසි උගත් රජයේ ඉහළ නිලතල දරන චීන, මැලේ සහ ඉන්දියානු මිතුරන්ගේ ඇසුර දේශපාලන ක්‌ෂේත්‍රය කරා ලී කැඳවාගෙන ගියේය. ඒ වන විට ඔහු ප්‍රබල යටත්විජිත විරෝධියකු බවට පත්ව සිටියේය.

    1950 සැප්තැම්බර් 30 දා ලී ක්‌වාන් විවාහ වූයේ ද්විතියික පාසලේ දී මෙන්ම කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ දී තම කිට්‌ටුම මිතුරිය වූ “ක්‌වා ගියොක්‌ චූ” සමගිනි.

    දෙවන ලෝක යුද සමයේ දී ජපාන හමුදා පාලකයන්ගෙන්ද, ඉන් පෙර හා පසුව ඉංග්‍රීසි ජාතික අධිරාජ්‍යවාදී පාලනයෙන්ද, පීඩා විඳි සිංගප්පූරු ජාතිකයන් වෙනුවෙන් තමා විසින් යමක්‌ කළ යුතුව ඇතැයි මේ අවදියේදී ඔහුගේ සිතට තදින්ම දැනී තිබුණි.

    ඔහු මිත්‍රයින් සමග නව දේශපාලන පක්‌ෂයක්‌ සඳහා සැලසුමක්‌ සකස්‌ කළේය. 1954 වසරේ දී සිංගප්පූරුවේ ජනතා ක්‍රියාකාරී පක්‌ෂය (People's Action Party) ආරම්භ වූයේ එහි ප්‍රතිඵලයක්‌ වශයෙනි. 1955 දී ඔහු මැතිවරණයක්‌ තුළින් පාර්ලිමේන්තුවට තේරීපත් වූයේ ඉතා පැරැණි පක්‌ෂ අභිබවමින් බොහෝ වැඩි ඡන්ද සංඛ්‍යාවක්‌ ලබා ගනිමිනි. තම නිදහස්‌ සටන දියත් කිරීම වෙනුවෙන් ලී මෙය හොඳ අවස්‌ථාවක්‌ කොටගත්තේය.

    1956 මාර්තු මාසයේ දී ඔහු සංවිධානය කළ මර්දෙකා සතිය (නිදහස්‌ සතිය) අසාර්ථක වූ නමුදු එයින් ඔහු වඩාත් ශක්‌තිමත් විය. මෙහිදී ඔහු නිදහස වෙනුවෙන් ලබාගත් අත්සන් සංඛ්‍යාව 1,70,000 ක්‌ විය.

    “අපගේ පළමු අරමුණ සියයට හැත්තෑපහක (75%) ස්‌වයං බලයක්‌ ලබා ගැනීමයි. සම්පූර්ණ නිදහස ඉන් වසර පහකට පසුව හෝ අපට ලබාගත හැකියි” ඔහු තම ස්‌ථාවරය එසේ පැහැදිලි කළේය.

    කොමියුනිස්‌ට්‌වාදය පිළිකෙව් කළ ලී ක්‌වාන් තම මාතෘ භූමියෙහි නිදහස වෙනුවෙන් අතිශය ක්‍රියාකාරී දේශපාලන නායකයකු මෙන්ම අති දක්‌ෂ නීතිඥවරයකුද වූයේය.

    අවසන ඔහු තම සටන ජය ගත්තේය. 1959 ජුනි 05 වැනිදා ආසන 51 න් 43 ක්‌ ලබා ගනිමින් මැතිවරණයෙන් ලද ජයග්‍රහණය සිංගප්පූරු ජනරජයෙහි ප්‍රථම අගමැති ධුරය දක්‌වා ඔහු කැඳවාගෙන ගොස්‌ තිබිණි. 1959 වසර සිට 1990 වසර දක්‌වාම වසර තිස්‌ එකක්‌ ලී සිංගප්පූරුවෙහි අගමැතිව සිටියේ ලෝකයේ දීර්ඝකාලීනතම අගමැතිවරයා ලෙස ලෝක වාර්තාවක්‌ද තබමිනි.

    “අපේ ජීවිතවලට කිසිවක්‌ම අහසින් කඩා වැටෙන්නේ නැත. අප ලබාගෙන ඇති සෑම හොඳ දෙයක්‌ම අප මහන්සි වී වැඩ කිරීමෙන් ලබාගත් දෑය. ජනතාවගේ සහයෝගය නොමැති රජයකට ඵලදායී යමක්‌ කළ නොහැක” අගමැති පදවිය බාර ගනිමින් 50,000 ක්‌ ජනතාව රැස්‌ව සිටි රැළියක්‌ අමතමින් ලී එසේ පැවසීය.

    ඔහු ඉතා ඉක්‌මණින්ම ඇමැති වැටුප ඩොලර් 2600 සිට 2000 දක්‌වා පහත හෙලුවේය. රටපුරා මහජන සංවිධාන බිහි කරවූයේය. ප්‍රජා ශාලා ගොඩනැංවීය. පාසල්, විශ්වවිද්‍යාල සහ උසාවි අලුතින් ආරම්භ කෙරිණි. කාන්තා පක්‌ෂය අධ්‍යාපනික හා සමාජයීය අතින් ඉදිරියට ගෙන එන්නටද ඔහු උනන්දු වූයේය. සිංගප්පූරු වරාය ප්‍රතිසංවිධානය, තට්‌ටු නිවාස හා මංමාවත් ඉදිකිරීම ඔහුගේ ආර්ථික සැලසුමෙහි සුවිශේෂී කරුණු විය.

    සිංගප්පූරුව මැලේසියානු සමූහාණ්‌ඩුව තුළම රඳවා තබමින් එය දියුණුව කරා ගෙන යන්නට ඔහු දැරූ උත්සාහය අනල්ප විය. එහෙත් මෙහිදී සමහර මැලේ නායකයන් නිසා ඔහුට විඳින්නට සිදුවූ අපහාස උපහාස හා සතුරු කුමන්ත්‍රණද අප්‍රමාණය.

    එහෙත් ඔහු ඒ සියලු අභියෝගයන්ට පුදුමාකාර ශක්‌තියකින් මුහුණ දුන්නේය. සිංගප්පූරුව මැලේසියානු ෆෙඩරේෂණය තුළින්ද ස්‌වාධීන කොටගත් හෙතෙම තම මහත්මා දේශපාලනය තුළින් සිංගප්පූරුව සමෘද්ධිය කරා රැගෙන ගියේය.

    මතු සමිබන්ධයි...මෙකේ දෙවන කොටස අද හැන්දෑවට දානවා.

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බම්ප්..අපේ නායකයෝ කියන බල්ලෝ කරන්නේ රට පස්සට ගෙනියන එක යි වෙනරටවල් දියුණු කරන්න අපේ දේවල් දන්දෙන එකයි විතරයි:angry:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    1959 සිට සිංගප්පුරුව පාලනය කළේ ලී ගේ ජනතා ක්‍රියාකාරී පක්ෂයයි. දැනට සිංගප්පූරුව පාලනය කරන්නේ ලී ගේ පුත් ලී හුසේන් ලූං ය.

    Singapore wala opposition party kiyala deyak na. Hariyat China wala wage.

    Government eka karana one wedak ehe minissu iwasagena innawa. Umbala kawadawath Singapore wala picketing,strikes gena ahala thienawada?
     
    Last edited:

    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    Good Article :yes::yes::yes::yes:

    ඔහු ඉතා ඉක්මණින්ම ඇමැති වැටුප ඩොලර් 2600 සිට 2000 දක්වා පහත හෙලුවේය. රටපුරා මහජන සංවිධාන බිහි කරවූයේය. ප්රජා ශාලා ගොඩනැංවීය. පාසල්, විශ්වවිද්යාල සහ උසාවි අලුතින් ආරම්භ කෙරිණි. කාන්තා පක්ෂය අධ්යාපනික හා සමාජයීය අතින් ඉදිරියට ගෙන එන්නටද ඔහු උනන්දු වූයේය. සිංගප්පූරු වරාය ප්රතිසංවිධානය, තට්ටු නිවාස හා මංමාවත් ඉදිකිරීම ඔහුගේ ආර්ථික සැලසුමෙහි සුවිශේෂී කරුණු විය

    සමහරුන් දැඩි ලෙස විවේචන එල්ල කරද්දීත් ඔහු සිංගප්පූරුවට දැඩි නීති සහ දඬුවම් හඳුන්වාදීමට පියවර ගත්තේය. මේ ආකාරයෙන් සිංගප්පූරුව විනය ගරුක සහ පිරිසිදු රටක් බවට පත්කිරීමට ඔහුට හැකිවිය. ලී ක්වාන් යූ යටතේ සිංගප්පූරුව ආණ්ඩුවේ දැඩි පාලනයට යටත්වූ රාජ්යයක් බවට පත්වන අතර වාර්තා වන ආකාරයට තිබී ඇත්තේ ඉතා සීමා සහිත මහජන උද්ඝෝෂණ ප්රමාණයකි.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    hapo ekadipathiyek ne. monawa thibunath wadak nane eya ekadi pathi ne. e madiwata puthawa agamathi karala. wipaksekuth nathi karala. wenasak karannama ona dan nam.
    ape gon hukannalata bassapu bolayk appa:rofl::rofl:
     
    Last edited: