අප පාසල් ගිය කාලයේ....

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අප පාසල් ගිය කාලයේ....

    ඕනිම දේක අගය දැනෙන්නේ ඒ දේ නැතිවූ විටයි. ඒකට හොදම උදාහරණය තමයි අපේ පාසල් ජිවිතය. ඒකාලේ දැනුන ඒ වින්දනය, නිදහස, හිතේ සැහැල්ලු බව අද නැති නිසා ඒකාලේ අගය දැන් අපිට ගොඩක් වැඩියෙන් දැනෙනවා.
    අහන්න සිංදු ටික තෝර තෝර ඉන්න වෙලාවෙ හිටිහැටියෙම මේ සිංදුව මගේ ඇස ගැටුනා.

    සුළගේ ලෙලෙනා මලසේ දඟපා
    අප පාසල් ගිය කාලයේ
    යාළුවො අද නැත - වෙන අය එහි ඇත
    කාලය මැවූ වෙනසක අරුමේ

    ලොකු පංතියෙ අය පොඩි පංතියෙ අය
    හැමදෙන එක පංතියෙ විලසේ..//
    අප පොත්වල දුටු රජවරු සිටුවරු
    වෙන්නයි කවුරුත් සිත් මැවුවේ..

    සාම ලා අමරලා පොත්තුල තව ඇත
    එන එන අය හා යාළු වෙතේ..//
    අපේම පාසල අපේම මව විය
    එදවස් අපහට නැත ආයේ...


    මේ සිංදුවත් සිංදුවේ අර්තය වගේම තමයි. මේ සිංදුවත් මම ඉස්කෝලේ යන කාලෙ නම් රේඩියෝ එකෙන් අහන්න ලැබුනා. ඒත් දැන් නම් මේ සිංදුවත් ඒ වගේ ප්‍රචාරය වෙන්නෙ නැති ගානයි. මේකේ අර්ථය ගොඩක් සරළයි. විචාරයක් කරන්න තරම් දෙයක් නැතිගානයි. එව්නාට සිතේ ගැඹුරුම තැනට ආමන්ත්‍රණය කරන්න මේ සිංදුව සමත් කිව්වොත් ඔය හැම කෙනෙක්ම මාත් එක්ක එකග වෙනවා නොඅනුමානයි.

    සුළගේ ලෙලෙනා මලසේ දඟපා
    අප පාසල් ගිය කාලයේ
    යාළුවො අද නැත - වෙන අය එහි ඇත
    කාලය මැවූ වෙනසක අරුමේ


    මේ පද ටික ඇහෙනකොට ඉස්කෝලේ පොඩි පංති වල දුවල පැනලා සෙල්ලම් කරපු හැටි, ඒ ගොඩ නැගිලි, ගහකොල මතක් වෙන එක නම් නවත්තන්න බැ. මනසේ බොහෝම අලංකාර චිත්‍රයක්වගේ ඒ හැමදේම මැවිලා පෙනෙනවා. අද ඒ ඉස්කෝලේ ඒ පරිසරයටම ගියත් යාලුවෝ නෑ, මට සෙල්ලම් කරන්නත් බෑ. වෙන එකක් තියා පරිසරය පවා වෙනස් වෙලා. ගහකොල නැති වෙලා, තව තව පංති කාමර එක්ක ගොඩනැගිලි ඉදිවෙලා. හැබැයි මල්වගේ ලමයි නම් හැම තැනම දුවනවා. :) එයාලා මගේ යාලුවෝ නම් නෙවෙයි.

    ලොකු පංතියෙ අය පොඩි පංතියෙ අය
    හැමදෙන එක පංතියෙ විලසේ..//
    අප පොත්වල දුටු රජවරු සිටුවරු
    වෙන්නයි කවුරුත් සිත් මැවුවේ..


    පාසල් කාලෙදි ලමයින්ගේ පංති බේදයක් නෑ. මෙයා අර ලොක්කගේ පුතා කියලා අපිට විශේෂත්වයක් නෑ. හැමෝම එකා වගේ. එකට සෙල්ලම් කරනවා. එකට රන්ඩු වෙනවා. ආයිත් ටිකකින් යාලුවෙනවා. නමුත් අද ඒ යාලුවොම මොන තරම් වෙනස් සමාජ තත්ව වලද ඉන්නේ. :nerd: සිංදුවේ මේ කොටස යනකොට අඹයාලුවෝ කතාවත් මට නම් මතක් වෙනවා.
    303.png


    සාම ලා අමරලා පොත්තුල තව ඇත
    එන එන අය හා යාළු වෙතේ..//
    අපේම පාසල අපේම මව විය
    එදවස් අපහට නැත ආයේ...


    දැන් නම් සාම ලා අමරලා පොත්වල ඉන්නවද දන්නෙ නෑ. මොකද සිලබස් වෙනස් වුනානේ. ඒත් මගේ ලග නම් සාම ලා අමරලා තවම ඉන්නවා. හිතින් විතරක් නෙවෙයි හෝඩි පොතේ එක පිටුවක් වත් අඩු නැතුව එක කොළයක් වත් ඉරෙන්නේ නැතුව මඩ ගැවෙන්නේ නැතුව මගේ ලග තියනවා.
    picture.php


    මේ සිංදුව අහනකොට මේ සිංදුව විතරක් නෙවෙයි මේ වටේ තියන තවත් සිංදු ගොඩක් මතක් වෙනවා. අඹයාලුවෝ එකේ තේමා ගිතය, අයන්න කියන්න, අකුරු මැකි නැ ඉන් කීපයක් විතරයි.
    මගේ හිතට දැනුන හැගිම ඔයාලගේ හිත්වලටත් දැනෙන්න ඇතැයි සිතමි. :)

    ඔබට හෝ ඔබේ සහෝදර සහෝදරියන්ට පාසල් යන වයසේ ලමයි ඉන්නව නම්. එයාලගේ ලමාකාලය එයාලට විදින්න ඉඩදෙන්න. එයාලව ලමාකාලය විදින්න යොමු කරන්න. ෆෝන් එකක්, කම්පියුටර් එකක් ඉස්සරරා ඒ ජීවිත හිර කරන්න ඉඩ තියන්න එපා. 2,3 වසරවල ඉදලා ටියුෂන් යවලා හැගිම් නැති මිනිස්සු බිහි කරන්න එපා. අපි වගේම පොඩි කාලේ ගැන හිතලා සතුටු වෙන්න එයාලටත් ඉඩ හරින්න.



     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ado sirawata .mara dukai bn,dan e tharam fun ekak na.habai api nam poth deela awa .yako uba pothak ussala ne:lol:

    :lol: උස්සලා නෙවෙයි බං අපෙන් පස්සේ අලුත් පොත් දෙනවා කියලා ඕව අපිට තියාගන්න දුන්නා. :)
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    :lol: උස්සලා නෙවෙයි බං අපෙන් පස්සේ අලුත් පොත් දෙනවා කියලා ඕව අපිට තියාගන්න දුන්නා. :)

    Aaa eka thama.mona unath uba gawa potha thama thiyanawane.thanks for the rep bro
     
    රත්තරං;20404487 said:
    ඉස්සෙල්ලම කෙල්ලෙක් කොල්ලෙක් එක්ක මල් කඩන සීන් එකක් දැක්කේ එක වසරේ පොතෙන්:):):lol:


    උඹ ඉතින් කියවලා තියෙන්නේ ඔය පොත විතරයිනේ. උඹට චූන් නේ. :love:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුළගේ ලෙලෙනා මලසේ දඟපා
    අප පාසල් ගිය කාලයේ
    යාළුවො අද නැත - වෙන අය එහි ඇත
    කාලය මැවූ වෙනසක අරුමේ

    ලොකු පංතියෙ අය පොඩි පංතියෙ අය
    හැමදෙන එක පංතියෙ විලසේ..//
    අප පොත්වල දුටු රජවරු සිටුවරු
    වෙන්නයි කවුරුත් සිත් මැවුවේ..

    සාම ලා අමරලා පොත්තුල තව ඇත
    එන එන අය හා යාළු වෙතේ..//
    අපේම පාසල අපේම මව විය
    එදවස් අපහට නැත ආයේ...


    :love::love::love::love: