2වන ලෝක යුද්ධයේ රහස් මෙහෙයුම්

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    2වන ලෝක යුද්ධයේ රහස් මෙහෙයුම්

    We82Jkv.png

    දෙවන ලෝක යුද්ධයේ දැවැන්ත සටන් අතරතුර පිටත නොපෙනුන සංග්‍රාමයක්ද දියත්විය.ඔත්තු බැලීම්,කඩාකප්පල් කිරීම්,ව්‍යාජ තොරතුරු ප්‍රසිද්ධ කිරීම් සහ සතුරු භූමිය තුල විශේෂ මෙහෙයුම් සිදුකිරීම් ආදිය ඊට ඇතුලත් විය.මෙම මෙහෙයුම් වලදී භාවිතා කල විචක්ෂණ සහ සාම්ප්‍රදායික නොවන උපාය උපක්‍රම නිසා ඉන්පසු සිදුකල සටන්වලදී සාර්ථක ප්‍රතිඵල ලබාගන්නට මිත්‍ර හමුදාවන් සමත්විය.පහත දැක්වෙන්නේ මිත්‍ර හමුදා සහ නාසි හමුදා දෙවන ලෝක යුද සමයේ සිදුකල රහසිගත මෙහෙයුම් කිහිපයකි.

    ඔපරේෂන් මින්සෙමීට්

    O9HXGri.jpg

    1943 අප්‍රේල් මාසයේදී ස්පාඤ්ඤ වෙරළේ පාවෙමින් තිබියදී මිය ගිය බ්‍රිතාන්‍ය නාවිකයෙක්ගේ සිරුරක් ධීවරයෙකුට හමුවිය.ඔහුගේ මළ සිරුර සමග රහස්‍ය ලිපිගොනු කිහිපයක්ද හමුවිය.මෙම ලිපිගොනු වල තිබී සොයාගත් එක් තොරතුරක් නාසි ජර්මනිය නොමග යවන්නට හේතුවිය.එහි සඳහන් වූයේ මිත්‍ර හමුදා සිසිලිය ආක්‍රමණය කිරීම වෙනුවට සාර්ඩිනියා සහ ග්‍රීසිය ආක්‍රමණය කිරීමට සැරසෙන බවයි(ඒවන විටත් ග්‍රීසිය නාසි යටත් විජිතයක් බවට පත්ව තිබුණි.මිත්‍ර හමුදා සිසිලිය ආක්‍රමණය අරඹන්නේ 1943 ජූලි 9 වැනිදාය ).මෙම මළ සිරුර සමග තිබූ ලිපිගොනු නාසීන්ට වැදගත් බුද්ධි තොරතුරක් විය.නමුත් එහි වරදක් තිබිණි.එනම් ඒවාහි අඩංගු සියලු තොරතුරු ව්‍යාජ ඒවා විය.මෙය ඔපරේෂන් මින්සෙමීට් නම් නාසි හමුදා මුළා කිරීමේ මෙහෙයුමක් විය.සාමාන්‍යයෙන් මෙවැනි රහසිගත තොරතුරු රැගෙන කිසිවෙක් සතුරු භූමියක් ඔස්සේ නොයන බව නාසීන් දැන සිටි නිසා මිත්‍ර හමුදාවන් ඊට සුදුසු සැලැස්මක් සකස් කරන ලදි.අදාල රහස් ලිපිගොනු ගුවන් ගෙන යද්දී ගුවන් යානය අනතුරට පත්ව එහි සිටි පණිවුඩකරුවා පැරෂූටයකින් දිවිගලවා ගැනීමට උත්සහා කිරීමේදී මෙලෙස මරුමුවට පත්වූ බව ඇගවෙන අයුරින් සැලැස්ම සකස් කෙරිණි.විලියම් මාර්ටින් යන නම මිය පණිවුඩකරුවාට ලබාදී තිබූ අතර ඔහුගේ මළ සිරුර බ්‍රිතාන්‍යය නාවික හමුදා සබ්මැරීනයකින් ස්පාඤ්ඤ වෙරළ සමීපයට මුදා හරින ලදි.ඔහු සමග තිබූ බ්‍රීෆ්කේස් එකෙහි ව්‍යාජ තොරතුරු සහිත ලිපිගොනු තැන්පත් කර තිබිණි.මෙම තොරතුරු නාසි හමුදා අතට පත්වූ පසු ඔවුන් ඒවා ස්ථිර ලෙසම විශ්වාස කරන ලදි.එය සනාථ වන්නේ තොරතුරු හිට්ලර් අතට පත්වූ වහාම ඔහු යුද ටැංකි සහ හමුදා සේනාංක ග්‍රීසියට පිටත් කර හැරීමෙන්ය.තමන් මිත්‍ර හමුදාවල රැවටිල්ලකට හසුවූ බව හිට්ලර්ට වැටහුණේ මිත්‍ර හමුදා ලිපිගොනුවල සඳහන් වූ පරිදි ග්‍රීසිය ආක්‍රමණය නොකර 1945 ජූලි මාසයේදී 160,000ක පමණ හමුදාවක් යොදා සිසිලිය සහ ඉතාලිය ආක්‍රමණය කිරීමෙනි.(ඡායාරූපය:මළ සිරුරට ලබාදී තිබූ හැඳුනුම්පත)

    ඔපරේෂන් එයිච් හෙවත් මුසෝලිනී මුදාගැනීම

    CF4buSy.jpg

    ග්‍රාන් සසෝ රෙයිඩ් හෙවත් ඔපරේෂන් එයිච් යනු සිරභාරයේ පසුවූ ඉතාලියේ හිටපු පාලකයා වූත් හිට්ලර්ගේ සමීපතමයෙක්ද වූ බෙනිටෝ මුසෝලිනි මුදා ගැනීමට හිට්ලර් විසින් සිය කොමාන්ඩෝ භටයන් යොදාගෙන දියත් කල අතිසාර්ථක මෙහෙයුමකි.මෙම මෙහෙයුම සිදුවන්නේ මිත්‍ර හමුදා ඉතාලිය ආක්‍රමණය කිරීමෙන් මාස කිහිපයකට පසුවයි.1943 ජූලි මාසයේදී සිදුවන මිත්‍ර හමුදාවේ ඉතාලි ආක්‍රමණයත් සමග ඉතාලි පාලන තන්ත්‍රයේ මනාපයෙන් මුසෝලිනී තනතුරෙන් පහකරන අතර ඉතාලි රජු විසින් මුසෝලිනීව අත් අඩංගුවට ගෙන ආද්‍රියාත්‍රික් මුහුදේ පිහිටි ලා මැන්ඩලීනා නම් කුඩා දූපතක සිරකරනු ලැබේ.මුසෝලිනී මිත්‍ර හමුදා අතට පත් කරන්නට පෙර(ඉතාලි රජය සහ මිත්‍ර හමුදා අතර ඇතිවූ ගනුදෙනුවකට අනුව )ඔහුව ඉන් මුදා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කිරීමට හිට්ලර් විසින් Waffen SSහි නිලධාරියෙක් වන ඔටා ස්කෝර්සෙයිනි පත් කරයි.පළමුව ඔවුන් මුසෝලිනී රදා තැබූ ස්ථානය සොයා ගනියි.මෙහෙයුම සිතූ තරම් පහසු එකක් නොවූයේ කොමාන්ඩෝ භටයන්ට ගොඩබසින්නට සිදුවූයේ ගුවන් පථයක් හෝ නොමැති කඳුකරයට වීම නිසාය.1943 සැප්තැම්බර් මස 12 දා ඔටා ස්කෝර්සෙයිනි සහ නාසි කොමාන්ඩෝ සෙබලුන් 22 ක් ගුවන් යානාවලින් (Fi 156 Storch වර්ගයේ ගුවන් යානා යොදාගැනේ) හෝටලය අවට ප්‍රදේශවලට ගොඩබසියි.එහිදී එක් ගුවන් යානයකට හානි සිදුවේ.හෝටලය තුල හොඳින් සන්නද්ධ වූ ඉතාලි ආරක්ෂකයින් 200ක් පමණ සිටියද නාසි සෙබලුන් කිසිදු අවියක් භාවිතා නොකර ඒ සියලු දෙනාවම යටපත් කරන ලද්දේ ස්කෝර්සෙයිනි සමග පැමිණි ඉතාලි පොලිසියේ ජෙනරල් ෆ්‍රර්නෑන්ඩෝ සොලෙයිටිගේ නියෝගයට ඉතාලි ආරක්ෂකයින් හිස නැමූ නිසාය.ඉන්පසු මුසෝලිනීව ගුවනින් ඕස්ට්‍රියාවට යවන ලදි.ඉන්පසු නාසි පාලනය යටතේ තිබූ උතුරු ඉතාලියේ පාලකයා ලෙස ඔහුව පත් කරන්නට හිට්ලර් පියවර ගනියි.1945 අප්‍රේල් මාසයේදී මුසෝලිනී සිය ජනතාවගේ අතින්ම ඝාතනයට ලක්විය.(ඡායාරූපය:ජර්මන් කොමාන්ඩෝ සෙබලුන් ,ඔටා ස්කෝර්සෙයිනි සහ මුසෝලිනී)

    ඔපරේෂන් ගනර්සයිඩ්

    wEHJwAP.jpg

    වැඩිදෙනෙක් නොදන්නා දෙවන ලෝක යුද සමයේ සිදුකල රහස් මෙහෙයුමක් වන්නේ ඔපරේෂන් ගනර්සයිඩ්ය.එය ආරම්භ වන්නේ 1943 පෙබරවාරි මාසයේදී බ්‍රිතාන්‍ය විසින් පුහුණුකල නෝර්වීජියානුවන්ගේ කුඩා කණ්ඩායමක් පැරෂූට් යොදාගෙන නෝර්වේ රාජ්‍යයේ වෙමොර්ක් හි නෝර්ස්ක් ජල විදුලි බලාගාරය ආසන්න ප්‍රදේශයකට ගොඩබැස්ව වීමෙන්ය.ඒ සමයේදී නෝර්වේ රාජ්‍යය නාසි හමුදාවේ පාලනය යටතේ පැවති අතර ඉහත කී ජල විදුලි බලාගාරය බැර ජලය හෙවත් ඩියුටීරියම් ඔක්සයිඩ් නිපදවන ලොව එකම ස්ථානය ලෙසද හඳුනාගෙන තිබිණි.මිත්‍ර පාර්ශ්වික් රටවල් අනුමාන කලේ ජර්මනිය බැර ජලය යොදාගෙන න්‍යෂ්ඨික අවි නිපදවීමේ පර්යේෂණ මෙම ස්ථානයේ සිදුකරනු ඇති බවයි.වින්ස්ටන් චර්චිල් ප්‍රමුඛ මිත්‍ර පාර්ශ්වික රටවලට අවශ්‍ය වූයේ නාසීන් න්‍යෂ්ඨික බෝම්බයක් නිර්මාණය කිරීම කෙසේ හෝ වැලැක්වීමයි.1943 පෙබරවාරි 27 දා නෝර්වීජියානු කොමාන්ඩෝ භටයින් කණ්ඩායම මෙම ජල විදුලි බලාගාරයට ඇතුලුවූයේ අතිදුෂ්කර ගමනකින් පසුවයි.ප්‍රදේශය අවට නාසි හමුදා දැඩි ආරක්ෂක විධිවිධාන යොදවා තිබිණි.කෙසේ හෝ පිරිස බැර ජලය නිපදවන කොටසට රහසේ පිවිස එහි පුපුරණ ද්‍රව්‍ය අටවා පලා ගිය අතර පිපිරීමෙන් බැර ජලය නිෂ්පාදනය මාස 6ක පමණ කාලයකට අඩාල වුවද ජර්මානුවන් එම කටයුතු යළිත් ඇරඹීය.නමුත් මෙවර ගොඩබිමින් මෙහෙයුමක් දියත් කිරීම අපහසු නිසා ගුවනින් බෝම්බ හෙළීමට මිත්‍ර හමුදාවන් පියවර ගන්නා ලදි.එහි ප්‍රතිඵලයක් ලෙස නිපදවා තිබූ බැර ජලයත් රැගෙන ජල විදුලිබලාගාරයෙන් ඉවත් වන්නට ජර්මානුවන් ක්‍රියා කලහ.එම ජල සාම්පල රැගෙන නෝර්වේ හි ටින් විල ඔස්සේ යාත්‍රා කල බෝට්ටුවක් ගිල්වා දමමින් බැර ජලය ජර්මනියට ලැබීම නවතා දමන්නට කොමාන්ඩෝ භටයින් සමත්විය.(ඡායාරූපය:නෝර්ස්ක් ජල විදුලි බලාගාරය)

    ඔපරේෂන් ග්‍රෙයිෆ්

    yX1bMMZ.jpg

    බෝල්ජ් සටනේ මුල් සමය වන 1944 දෙසැම්බර් මාසයේදී ඇඩොල්ෆ් හිට්ලර්, ජර්මන් හමුදාව සතු දක්ෂතම කොමාන්ඩෝ නායකයා වූ ඔටා ස්කොර්සෙනිව විශේෂිත මෙහෙයුමක් සඳහා අනියුක්ත කරන ලදි.මෙම මෙහෙයුමේ අරමුණ වූයේ මියුස් ගංගාව හරහා වැටී තිබෙන පාලමක් හෝ කිහිපයක්,මිත්‍ර හමුදාවන් විසින් විනාශ කිරීමට පෙර අල්ලා ගැනීමයි.මෙම මෙහෙයුම ඔපරේෂන් ග්‍රෙයිෆ් නමින් හැඳින්විය.මෙහෙයුම සඳහා ස්කොර්සෙනි විසින් ඉංග්‍රීසි කතා කරන ජර්මන් සෙබලුන් පිරිසක් යොදාගන්නා ලදි.අල්ලා ගත් ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍යය සෙබලුන්ගෙන් ලබාගත් නිල ඇඳුම්,යුද ටැංකි,අවි ආදිය සමග ඔවුන් මිත්‍ර හමුදා සිටින ප්‍රදේශවලට යවන ලදි.වෙස්මාරු කරන ලද මෙම සෙබලුන් කණ්ඩායමේ අරමුණුවූයේ සතුරු සන්නිවේදනය අඩපණ කිරීම,හමුදාවන් වැරදි මාර්ගවල යැවීම සහ වැරදි නියෝග ලබාදීමයි.නමුත් මෙම සෙබලුන්ගෙන් වැඩි පිරිසකට ප්‍රමාණවත් ඉංග්‍රීසි භාෂා දැනුමක්,මිත්‍ර හමුදා නිල ඇඳුම්,යුද ටැංකි සහ අවි සපයාදීමේ නොහැකියාවක් තිබිණි.මන්ද ඊට ප්‍රමාණවත් කාලයක් ස්කොර්සෙනි හට නොලැබීමයි.මෙහෙයුම ක්‍රියාත්මක කලද අපේක්ෂා කල අරමුණු ඒ හරහා ඉටුකර ගැනීමට නොහැකිවිය.මෙහෙයුමේ තතු මිත්‍ර හමුදාවන්ට හෙළි වීමත් සමග මුර පොලවල් යොදා බේස්බෝල් සහ පොප් සංස්කෘතිය සම්බන්ධ දැනුම යොදාගෙන වෙස්වලාගෙන සිටි ජර්මන් සෙබලුන් සෙවීම ඇරඹිණි.එහිදී ජර්මානුවන් සමහරෙක් අත් අඩංගුවට පත්විය.ඔවුන් පසුව වෙඩි තබා මරාදමන ලදි.එලෙස හසුවූ නාසි කොමාන්ඩෝ භටයින් කියා සිටියේ ජෙනර්ල් ඩී.අයිසන්හොවර් ඝාතනය කිරීම සඳහා නාසි කොමාන්ඩෝ සෙබලුන් කණ්ඩායමක් පැරිස් නගරය බලා යමින් සිටින බවයි.මෙය මිත්‍ර හමුදා මුලා කිරීමේ අරමුණින් ගොතන ලද කතාවක් වුවද එහි ප්‍රතිඵලයක් ලෙස මිත්‍ර හමුදාවල ප්‍රධාන අණදෙන්නා ඝාතනයට ලක්වීමෙන් බේරාගැනීමට දැඩි ආරක්ෂ විධිවිධාන යොදවන ලදි.අසාර්ථක මෙහෙයුමකින් පසුව මිත්‍ර හමුදා අතර ඉතිරිව සිටි ස්කොර්සෙනිගේ කොමාන්ඩෝ සෙබලුන් 1944 දෙසැම්බර් මාසයේ අවසන් කාලයේදී යළි නාසි පාලන ප්‍රදේශවලට ගොස් තිබේ.නමුත් ඉන් මාස කිහිපයක් යන තුරුම මිත්‍ර හමුදා තමන් අතර වෙස්වලාගෙන ජර්මන් හමුදාව සිටින බවට තිබූ සැකය නිසා සෝදිසි කටයුතු කරගෙන ගොස් තිබේ.(ඡායාරූපය:ඇමෙරිකානු සෙබලු සේ වෙස්වලාගෙන සිටි ජර්මන් සෙබලුන් වෙඩි තබා මරාදැමීමට සූදානම් කරමින්)

    Source:history.com

    -HarshaLulzSec-
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    මචං උඔ දාපු මේ වගේ පෝස්ට් වල ඉන්ඩෙක්ස් එකක් දාපංකො
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    උබ දාන thread වල උබේ elakiri id එකෙන් ටැග් එකක් දාහන් මචං :) එතකොට ඒ ටැග් එකට ගියාම ඔක්කොම thread ටික index වෙලා තියෙයි :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.

    උඹ පොත් ලියන්න පටන් ගනින්කො
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඔපරේෂන් ග්‍රෙයිෆ්

    yX1bMMZ.jpg

    බෝල්ජ් සටනේ මුල් සමය වන 1944 දෙසැම්බර් මාසයේදී ඇඩොල්ෆ් හිට්ලර්, ජර්මන් හමුදාව සතු දක්ෂතම කොමාන්ඩෝ නායකයා වූ ඔටා ස්කොර්සෙනිව විශේෂිත මෙහෙයුමක් සඳහා අනියුක්ත කරන ලදි.මෙම මෙහෙයුමේ අරමුණ වූයේ මියුස් ගංගාව හරහා වැටී තිබෙන පාලමක් හෝ කිහිපයක්,මිත්‍ර හමුදාවන් විසින් විනාශ කිරීමට පෙර අල්ලා ගැනීමයි.මෙම මෙහෙයුම ඔපරේෂන් ග්‍රෙයිෆ් නමින් හැඳින්විය.මෙහෙයුම සඳහා ස්කොර්සෙනි විසින් ඉංග්‍රීසි කතා කරන ජර්මන් සෙබලුන් පිරිසක් යොදාගන්නා ලදි.අල්ලා ගත් ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍යය සෙබලුන්ගෙන් ලබාගත් නිල ඇඳුම්,යුද ටැංකි,අවි ආදිය සමග ඔවුන් මිත්‍ර හමුදා සිටින ප්‍රදේශවලට යවන ලදි.වෙස්මාරු කරන ලද මෙම සෙබලුන් කණ්ඩායමේ අරමුණුවූයේ සතුරු සන්නිවේදනය අඩපණ කිරීම,හමුදාවන් වැරදි මාර්ගවල යැවීම සහ වැරදි නියෝග ලබාදීමයි.නමුත් මෙම සෙබලුන්ගෙන් වැඩි පිරිසකට ප්‍රමාණවත් ඉංග්‍රීසි භාෂා දැනුමක්,මිත්‍ර හමුදා නිල ඇඳුම්,යුද ටැංකි සහ අවි සපයාදීමේ නොහැකියාවක් තිබිණි.මන්ද ඊට ප්‍රමාණවත් කාලයක් ස්කොර්සෙනි හට නොලැබීමයි.මෙහෙයුම ක්‍රියාත්මක කලද අපේක්ෂා කල අරමුණු ඒ හරහා ඉටුකර ගැනීමට නොහැකිවිය.මෙහෙයුමේ තතු මිත්‍ර හමුදාවන්ට හෙළි වීමත් සමග මුර පොලවල් යොදා බේස්බෝල් සහ පොප් සංස්කෘතිය සම්බන්ධ දැනුම යොදාගෙන වෙස්වලාගෙන සිටි ජර්මන් සෙබලුන් සෙවීම ඇරඹිණි.එහිදී ජර්මානුවන් සමහරෙක් අත් අඩංගුවට පත්විය.ඔවුන් පසුව වෙඩි තබා මරාදමන ලදි.එලෙස හසුවූ නාසි කොමාන්ඩෝ භටයින් කියා සිටියේ ජෙනර්ල් ඩී.අයිසන්හොවර් ඝාතනය කිරීම සඳහා නාසි කොමාන්ඩෝ සෙබලුන් කණ්ඩායමක් පැරිස් නගරය බලා යමින් සිටින බවයි.මෙය මිත්‍ර හමුදා මුලා කිරීමේ අරමුණින් ගොතන ලද කතාවක් වුවද එහි ප්‍රතිඵලයක් ලෙස මිත්‍ර හමුදාවල ප්‍රධාන අණදෙන්නා ඝාතනයට ලක්වීමෙන් බේරාගැනීමට දැඩි ආරක්ෂ විධිවිධාන යොදවන ලදි.අසාර්ථක මෙහෙයුමකින් පසුව මිත්‍ර හමුදා අතර ඉතිරිව සිටි ස්කොර්සෙනිගේ කොමාන්ඩෝ සෙබලුන් 1944 දෙසැම්බර් මාසයේ අවසන් කාලයේදී යළි නාසි පාලන ප්‍රදේශවලට ගොස් තිබේ.නමුත් ඉන් මාස කිහිපයක් යන තුරුම මිත්‍ර හමුදා තමන් අතර වෙස්වලාගෙන ජර්මන් හමුදාව සිටින බවට තිබූ සැකය නිසා සෝදිසි කටයුතු කරගෙන ගොස් තිබේ.(ඡායාරූපය:ඇමෙරිකානු සෙබලු සේ වෙස්වලාගෙන සිටි ජර්මන් සෙබලුන් වෙඩි තබා මරාදැමීමට සූදානම් කරමින්)

    -
    මේක False Flag කියල කියනවා, ජිනීවා සම්මුතියට අනුව වෙනරටක හමුදාවේ ඇඳුම් ඇඳන් තවත් රටකට ඇතුලුවෙන්න බෑ, කොහොම හරි ස්කෝර්සිනි වත් අල්ලගන්නවා නියෝග දුන්නයි කියල ඌ ඒත් හිරෙන් පැනල යනවා ......