රේඩාර් තිරයට නොපෙනී එන සටන්කරුවා
එක්සත් ජනපදයේ පස්වන පරම්පරාවේ ෆයිටර් වර්ගයේ එෆ්-35 ලයිට්නින් 2 යානය එරට ගුවන් හමුදාවේ අනාගත සටන්කරුවාය.ලොක්හීඩ් මාටින් සමාගම විසින් නිපදවන ලද එෆ් -35 යානය දැන ලොව තිබෙන දියුණුතම බහු කාර්යය ෆයිටර් වර්ගයේ ගුවන් යානය ලෙස සැලකේ.යානයේ එන්ජිම සහ රාමුව ආදිය නෝර්ත් රූඔ ගෘම්මෑන්,ප්‍රැට් ඇන්ඩ් විට්නි යන සමාගම්වල උදව්වෙන් නිර්මාණය කර තිබේ.
නමුත් මෙම යානයේ තිබූ සමහරක් තාක්ෂණික දෝෂ නිසා එය අසාර්ථක සහ මුදල් නාස්ති කල ව්‍යාපෘතියක් බවට චෝදනා එල්ල විය.ව්‍යාපෘතිය නිමකිරීම ප්‍රමාද වීමට එක් හේතුවක් වන්නේ ඊට යොදවන මුදල් ප්‍රමාණය ඇස්තමේන්තු කලාට වඩා වැඩිවීමත් මුදල් සපයා දීම පමාවීමත්ය.මෙම වැඩසටහන යටතේ ඇ.ඩො.බිලියන 400කට ආසන්න මුදලක් වැය කරමින් එෆ්-35 යානා 2,457ක් නිෂ්පාදන කිරීමට බලාපොරොත්තු වුවද එය මුදල ආරම්භක ඇස්තමේන්තුව මෙන් දෙගුණයක් බව කියවේ.සෙනට් සභික ජෝන් මැකේන්ට අනුව එෆ්-35 වැඩසටහන යටතේ 2016 වර්ෂය තුල යානා 1013ක් නිපදවීමට අපේක්ෂා කලද නිපදවා තිබෙන්නේ යානා 179 කි.
එෆ්-35 යානා වල ප්‍රමාදයට එක් හේතුවක් වන්නේ එහි නියමු අසුනයි.මෙය අනතුරකදී නියමුවා යානයේ පිටතට විසි කරන වර්ගයේ එකකි.එෆ්-35 යානයේ අසුන ක්ෂණිකව යානයෙන් නෙරපා හැරීමෙන් හිසට හානි සිදුවීමේ හැකියාවක් තිබෙන බව හෙළිව තිබේ.මෙම ප්‍රශ්නය මතුවන්නේ රාත්තල් 200කට වඩා බරින් අඩු නියමුවන්ටය.පහළ-වේගයකින් නියමුවා යානයෙන් විසර්ජනය කිරීමෙන් බෙල්ලට හානි සිදුවීම හෝ දරුණු තුවාල සිදුවීමේ ප්‍රවණතාවයක් මතුව තිබෙන්නේ එෆ්-35 යානය වෙනුවෙන් විශේෂයෙන් සැකසූ බරින් වැඩි හෙල්මටය සහ විසර්ජන නියමු අසුන නිසාය.මුලදී මෙම ප්‍රශ්නය මතුවන්නේ යැයි සැලකුණේ රාත්තල් 136ට වඩා අවම බරක් සහිත නියමුවන්ට පමණි.
නම සඳහන් නොකල ගුවන් හමුදා ඉහළ නිලධාරියෙකුට අනුව "රාත්තල් 136-199 අතර බරකින් යුතු නියමුවන්ට දරුණු තුවාල සිදුවීමේ හැකියාවක් එනම් නව හෙල්මටය පැළදීමෙන් මරණය හෝ බරපතල අනතුරක් සිදුවීමේ අවදානම් තිබේ".මෙම ප්‍රශ්නය සම්බන්ධව දැනට විමර්ශනය කෙරෙමින් පවතින බව සඳහන් වේ.නමුත් රාත්තල් 136ට අඩු එෆ්-35 නියමුවන් සිටින්නේ ඉතා සුලු ප්‍රමාණයක් බවයි පැවසෙන්නේ.කෙසේ වෙතත් මේ සම්බන්ධව සිදුකල අත්හදා බැලීම් වලින් හෙළිව තිබෙන්නේ පහළ වේගයකින් විසර්ජනය කෙරෙන රාත්තල් 136-165 අතර බරකින් යුක්ත නියමුවන්ට බරපතල හානි හෝ මරණය ගෙන දීමේ සම්භාවිතාවය 23%ක් බවයි.රාත්තල් 136 අඩු බරක් සහිත නියමුවන්ට මෙම අගය 98%ක් තරම් ඉහළය.
එෆ්-35 යානය සතු තවත් අඩුපාඩුවක් වන්නේ ගුවන් සටනකදී අතිශය වැදගත් අංගයක් වන maneuverability හැකියාව එෆ්-16 යානයට වඩා අවම බවයි.එෆ්-35 යානය නිර්මාණය කලේ එෆ්-16 යානා වෙනුවට භාවිතා කිරීමටය.මේ බව හෙළි වී තිබෙන්නේ එෆ්-16 සහ එෆ්-35 යානා අතර පැවැත්වූ ව්‍යාජ ගුවන් සටනකදීය.එෆ්-16 යානය සමග එෆ්-35 යානයට හැරෙන්න බැරිව මෙහිදී සනාථ වී තිබේ.එෆ්-35 යනු නූතන ෆයිටර් වර්ගයේ ගුවන් යානයක් සතු දියුණුතම අවි පද්ධතිය සහිත යානයක් වුවද ඩොග්ෆයිට් හෙවත් සතුරු යානයක් සමග ගුවනේදී සිදුකරන සටනකදී පැරණි එෆ්-16 යානයකට පරාජය වෙනවා යනු රුසියාව සහ චීනයේ පස්වන පරම්පරාවල ෆයිටර් වර්ගයේ ගුවන් යානා වලින් අනාගත සටනකදී එල්ලවන තර්ජනය ජය ගැනීමට මෙම යානය සූදානම් නොමැති බවයි.
එෆ්-16 යානය ඇමෙරිකානු ගුවන් හමුදාවට හඳුන්වා දුන්නේ 1978 වසරේදීය.රුසියානු ෆයිටර් වර්ගයේ යුද ගුවන් යානා හැසිරවීමේ පහසුව(maneuverability) අතින් ඇමෙරිකානු යානා පරයා සිටින බව බොහෝදෙනා දන්නා කරුණකි.රුසියානු ටී-50 පස්වන පරම්පරාවේ ෆයිටර් වර්ගයේ යානය ගුවනේ කරණම් ගැසීම ,ක්ෂණිකව දිශාව මාරු කිරීම අතින් ඇමෙරිකානු එෆ්-22 සහ එෆ්-35 යානා අභිබවා සිටින බව කියවේ.ටී-50 යානයට ශබ්දයේ වේගය මෙන් 1.8 වේගයකි පියාසර කල හැකි අතර එය ඇමෙරිකානු එෆ්-22 යානයේ වේගයට ගැලපෙන මුත් එෆ්-35 යානය අභිබවා යන වේගයකි.
චීනයේ ජේ-31 යානය යනු චීන සයිබර් ඔත්තු බැලීම් ඔස්සේ උපයාගත් ඇමෙරිකානු එෆ්-35 යානයේ අනුකරණයක් බව කියවේ.2014 වර්ෂයේදී කැනඩාවේදී අත් අඩංගුවට ගත් චීන ජාතිකයෙකුට එල්ල වී තිබෙන චෝදනාව වන්නේ එෆ්-35 ඇතුලු ඇමෙරිකානු යුද ව්‍යාපෘති 32ක් තොරතුරු සොරාගත් බවයි.චීන ජේ-31 යානයට එෆ්-35 සී හෙවත් නාවුක හමුදා වෙනුවෙන් නිර්මාණය කල සංස්කරණයට සමානව සිරස් අතට ගුවන් ගත වීමේ හැකියාව ලබාදීමට ක්‍රියාකරන බව සඳහන්වේ.කෙසේවෙතත් සමහරුන්ගේ අදහස වන්නේ චීනය එෆ්-35 යානය අනුකරණය කලද එහි සැබෑ හැකියාවන් ජේ-31 යානයට ලබාදීමට තරම් දැනුමක් ඔවුන් සතුව නැති බවයි.හිටපු ඇමෙරිකානු ගුවන් නියමුවෙකුට අනුව චීනයේ ජේ-31 යානය හැකියාවන් අතින් එක්සත් ජනපද හතරවන පරම්පරාවේ ෆයිටර් වර්ගයේ යානා වන එෆ්-15 සහ එෆ්/ඒ-18ඊ සුපර් හෝනට් යානාවලට සමාන වනු ඇති බවයි.චීනයේ ජේ-31 යානය ප්‍රමාණයෙන් එෆ්-35 සමාන වුවද එෆ්-35 යානයේ එන්ජිම ප්‍රමාණයෙන් කුඩාය.තවද එහි රාමුව පැතලිය.
කෙසේවෙතත් ෆයිටර් වර්ගයේ යුද ගුවන් යානාවල සාර්ථකත්වය රඳා පවතින්නේ ඒවාහි ගුවන් නියමුවන්ගේ අත්දැකීම්,පුහුණුව සහ හැකියාවන් මතය.ඒ අතින් ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරියෙන් සිටින බව අමුතුවෙන් කියයුතු නැත.එෆ්-35 යානයේ ස්ටෙල්ත් හැකියාව නිසා ගුවන් සටන් සිදුනොකර සතුරු යානා විනාශ කිරීමට හැකියාවක් තිබෙන බව සමහරු කීවද ස්ටෙල්ත් හැකියාව සම්බන්ධව අධිතක්සේරුවෙන් සිටීම නොකල යුතු බවයි එක්සත් ජනපද නාවික මෙහෙයුම් ප්‍රධානී අද්මිරාල් ජෝන් ග්‍රීනාර්ට් පවසන්නේ.යම් ආකාරයකින් එෆ්-35 යානයේ ස්ටෙල්ත් හැකියාවේ ප්‍රශ්නයක් ඇතිවුවහොත් ගුවන් සටනකදී යානයට එහි දුර්වල maneuverability හැකියාව නිසා බරපතල අවාසියක් සිදුවිය හැකිය.
එෆ්-35 යානයේ එන්ජිම,මෘදුකාංග පද්ධතිය සහ හෙල්මටයේද ප්‍රශ්න මතුව තිබේ.වාර්තා වන අන්දමට මෙම යානය සඳහා නිර්මාණය කල හෙල්මටයේ මිල ඇ.ඩො.400,000ක් පමණ වේ.මෙම හෙල්මටයේ තිබෙන ඩිස්ප්ලේ එකකට යානයේ සවිකර තිබෙන ඉහල විභේදන බලයක් සහිත කැමරා 6ක් සම්බන්ධ කර තිබේ.එෆ්-35 යානයේ කැළඹුම සහ යානයේ රාමුවට සහ පාලනයට දැනෙන කම්පනය හෙල්මටයේ ඩිස්ප්ලේ එකට බලපා තිබේ.මෙහි බලපෑම ප්‍රබල ලෙස දැනෙන්නේ මිසයිල ප්‍රහාරයකින් ගැලවීමට හැකියාව භාවිතා කරන විටය.නයිට් විෂන් හෙවත් රාත්‍රී කාලයේ දැකීමේ හැකියාව සහ ස්ට්‍රිමින් ආදියේ දෝෂ හෙල්මටය සම්බන්ධව මතුව තිබෙන අනෙකුත් ප්‍රශ්න වේ.වාසනාවට මෙම ප්‍රශ්න දැනට විශාල වශයෙන් නිවැරදි කර තිබෙන බව සඳහන් වුවද නයිට් විෂන් පද්ධතියේ ප්‍රශ්නය තවමත් පවතින බව කියවේ.
Source:businessinsider.com
-HarshaLulzSec-

F-35 යානයක්

F-35 යානයේ නියමු අසුන විසර්ජනය කිරීම පරීක්ෂාවට ලක් කරන අවස්ථාවක්

F-16 යානයක්
එෆ්-16 යානය ඇමෙරිකානු ගුවන් හමුදාවට හඳුන්වා දුන්නේ 1978 වසරේදීය.රුසියානු ෆයිටර් වර්ගයේ යුද ගුවන් යානා හැසිරවීමේ පහසුව(maneuverability) අතින් ඇමෙරිකානු යානා පරයා සිටින බව බොහෝදෙනා දන්නා කරුණකි.රුසියානු ටී-50 පස්වන පරම්පරාවේ ෆයිටර් වර්ගයේ යානය ගුවනේ කරණම් ගැසීම ,ක්ෂණිකව දිශාව මාරු කිරීම අතින් ඇමෙරිකානු එෆ්-22 සහ එෆ්-35 යානා අභිබවා සිටින බව කියවේ.ටී-50 යානයට ශබ්දයේ වේගය මෙන් 1.8 වේගයකි පියාසර කල හැකි අතර එය ඇමෙරිකානු එෆ්-22 යානයේ වේගයට ගැලපෙන මුත් එෆ්-35 යානය අභිබවා යන වේගයකි.
රුසියානු PAK FA (T-50)යානයක්
චීනයේ ජේ-31 යානය යනු චීන සයිබර් ඔත්තු බැලීම් ඔස්සේ උපයාගත් ඇමෙරිකානු එෆ්-35 යානයේ අනුකරණයක් බව කියවේ.2014 වර්ෂයේදී කැනඩාවේදී අත් අඩංගුවට ගත් චීන ජාතිකයෙකුට එල්ල වී තිබෙන චෝදනාව වන්නේ එෆ්-35 ඇතුලු ඇමෙරිකානු යුද ව්‍යාපෘති 32ක් තොරතුරු සොරාගත් බවයි.චීන ජේ-31 යානයට එෆ්-35 සී හෙවත් නාවුක හමුදා වෙනුවෙන් නිර්මාණය කල සංස්කරණයට සමානව සිරස් අතට ගුවන් ගත වීමේ හැකියාව ලබාදීමට ක්‍රියාකරන බව සඳහන්වේ.කෙසේවෙතත් සමහරුන්ගේ අදහස වන්නේ චීනය එෆ්-35 යානය අනුකරණය කලද එහි සැබෑ හැකියාවන් ජේ-31 යානයට ලබාදීමට තරම් දැනුමක් ඔවුන් සතුව නැති බවයි.හිටපු ඇමෙරිකානු ගුවන් නියමුවෙකුට අනුව චීනයේ ජේ-31 යානය හැකියාවන් අතින් එක්සත් ජනපද හතරවන පරම්පරාවේ ෆයිටර් වර්ගයේ යානා වන එෆ්-15 සහ එෆ්/ඒ-18ඊ සුපර් හෝනට් යානාවලට සමාන වනු ඇති බවයි.චීනයේ ජේ-31 යානය ප්‍රමාණයෙන් එෆ්-35 සමාන වුවද එෆ්-35 යානයේ එන්ජිම ප්‍රමාණයෙන් කුඩාය.තවද එහි රාමුව පැතලිය.
චීන J-31 යානයක්
කෙසේවෙතත් ෆයිටර් වර්ගයේ යුද ගුවන් යානාවල සාර්ථකත්වය රඳා පවතින්නේ ඒවාහි ගුවන් නියමුවන්ගේ අත්දැකීම්,පුහුණුව සහ හැකියාවන් මතය.ඒ අතින් ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරියෙන් සිටින බව අමුතුවෙන් කියයුතු නැත.එෆ්-35 යානයේ ස්ටෙල්ත් හැකියාව නිසා ගුවන් සටන් සිදුනොකර සතුරු යානා විනාශ කිරීමට හැකියාවක් තිබෙන බව සමහරු කීවද ස්ටෙල්ත් හැකියාව සම්බන්ධව අධිතක්සේරුවෙන් සිටීම නොකල යුතු බවයි එක්සත් ජනපද නාවික මෙහෙයුම් ප්‍රධානී අද්මිරාල් ජෝන් ග්‍රීනාර්ට් පවසන්නේ.යම් ආකාරයකින් එෆ්-35 යානයේ ස්ටෙල්ත් හැකියාවේ ප්‍රශ්නයක් ඇතිවුවහොත් ගුවන් සටනකදී යානයට එහි දුර්වල maneuverability හැකියාව නිසා බරපතල අවාසියක් සිදුවිය හැකිය.
F-35 යානය සඳහා නිර්මාණය කල අධි තාක්ෂණික හෙල්මටය
එෆ්-35 යානයේ එන්ජිම,මෘදුකාංග පද්ධතිය සහ හෙල්මටයේද ප්‍රශ්න මතුව තිබේ.වාර්තා වන අන්දමට මෙම යානය සඳහා නිර්මාණය කල හෙල්මටයේ මිල ඇ.ඩො.400,000ක් පමණ වේ.මෙම හෙල්මටයේ තිබෙන ඩිස්ප්ලේ එකකට යානයේ සවිකර තිබෙන ඉහල විභේදන බලයක් සහිත කැමරා 6ක් සම්බන්ධ කර තිබේ.එෆ්-35 යානයේ කැළඹුම සහ යානයේ රාමුවට සහ පාලනයට දැනෙන කම්පනය හෙල්මටයේ ඩිස්ප්ලේ එකට බලපා තිබේ.මෙහි බලපෑම ප්‍රබල ලෙස දැනෙන්නේ මිසයිල ප්‍රහාරයකින් ගැලවීමට හැකියාව භාවිතා කරන විටය.නයිට් විෂන් හෙවත් රාත්‍රී කාලයේ දැකීමේ හැකියාව සහ ස්ට්‍රිමින් ආදියේ දෝෂ හෙල්මටය සම්බන්ධව මතුව තිබෙන අනෙකුත් ප්‍රශ්න වේ.වාසනාවට මෙම ප්‍රශ්න දැනට විශාල වශයෙන් නිවැරදි කර තිබෙන බව සඳහන් වුවද නයිට් විෂන් පද්ධතියේ ප්‍රශ්නය තවමත් පවතින බව කියවේ.
දෙවන කොටසින් හමුවෙමු
.Source:businessinsider.com
-HarshaLulzSec-