රේඩාර් තිරයට නොපෙනී එන සටන්කරුවා-2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රේඩාර් තිරයට නොපෙනී එන සටන්කරුවා-2

    biRtQ26.jpg

    එක්සත් ජනපදය විසින් නිෂ්පාදනය කල පස්වන පරම්පරාව යටතට වැටෙන එෆ්-35 ජොයින්ට් ස්ට්‍රයිකර් ෆයිටර් ගුවන් යානයේ තිබෙන දෝෂ සම්බන්ධව කලින් ලිපියේදී උඩින් පල්ලෙන් විමසා බැලූ බව ඔබට මතක ඇති.අසාර්ථකත්වය නිසා සීතල යුද සමයේදී හමුදා ව්‍යාපෘති සැලකියුතු ප්‍රමාණයක් එක්සත් ජනපදය විසින් අතහැර දමන ලදි.නමුත් එලෙසම එෆ්-35 වැඩසටහනත් අත්හිටුවන්නට පුලුවන් යැයි කෙනෙක් කියන්නේ නම් ඒ ඔහු හෝ ඇයට මෙම ව්‍යාපෘතියේ දිග පළල ගැන හරි හැටි අවබෝධයක් නොමැත.මෙම යුද ගුවන් යානය එක්සත් ජනපදයේ පමණක් නොව තවත් රටවල් රැසක ඉදිරි දශක ගණනාවක ගුවන් හමුදාවල ශක්තිය බවට පත්වන්නට අපේක්ෂාවෙන් සිටින යානයකි.තවද මෙම ව්‍යාපෘතිය ඇමෙරිකාවේ ජනපද රැසක සහ බ්‍රිතාන්‍යය,ඕස්ට්‍රේලියාව,ප්‍රංශය,ඉතාලිය ආදී රටවල් 8ක පමණ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන්නකි.කොතරම් ප්‍රශ්න මතුවුවද,හොද හෝ නරක වුවද ඇමෙරිකාව සහ එහි මිත්‍ර රටවල අනාගතය මෙම යානයයි.

    මෙම කොටසින් පෙන්ටගනය විසින් හඳුනාගත් එෆ්-35 යානයේ තිබෙන ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් ගැන කතා කරනු ඇත.



    මෘදුකාංග ප්‍රමාදය

    p7NgdYU.jpg

    පෙන්ටගනය විසින් මෙම යානයේ බ්ලොක්2බී මෘදුකාංග පද්ධතියේ අඩුපාඩු තිබෙන බව හඳුනාගෙන තිබේ.බ්ලොක්2බී මගින් කෙරෙන්නේ යානයේ අත්‍යාවශ්‍ය සංග්‍රාමික හැකියාවන් වන ඩේටා ලින්ක්ස් සහ සජීවී-අවි ප්‍රහාරක පද්ධතිය පාලනය කිරීමයි.මෙහිදී සොයාගත් ඉතා නරකම අඩුපාඩුව වන්නේ බ්ලොක්2බී හි නැවිගේෂන් හැකියාව සහ නිරවද්‍යතාවය සම්බන්ධ මෘදුකාංගවල දෝෂයි.මෙම මෘදුකාංග ප්‍රශ්න නිසා අවි අනුකලනය සහ පියාසර අත්හදා බැලීම් සහ සම්පුර්ණ යානයේ සංවර්ධන කටයුතු මන්දගාමී කර තිබේ.මෘදුකාංගවලට රේඩාර්,නිෂ්ක්‍රීය සංවේදක,සතුර හෝ මිතුරා හඳුනාගැනීම සහ ඉලෙක්ට්‍රෝ-ප්‍රකාශ ඉලක්ක කිරීම් ආදිය භාවිතා කිරීමේදි ප්‍රශ්න මතුව තිබේ.බ්ලොක්2බීඑස්5 මෘදුකාංග පැකේජය ක්‍රියාත්මක වන්නේ සංවේදක සමගයි.එහිද යම් යම් අපහසුතා මතුව තිබේ.යානයේ තිබෙන සංවේදක වලින් ලැබෙන තොරතුරු හා සම්බන්ධ වීමේදී අඩුලුහුඬුකම් මතුව තිබේ.වැරදි ඉලක්ක ලුහුබැඳීම සහ දුර්වල ස්ථායිතාවය ආදී දුර්වලතා මෙම මෘදුකාංගවල තිබෙන බව පෙන්ටගනය නිකුත් කල වාර්තාවක දක්වා තිබේ.





    එෆ්-35බී යානයේ නැවත සැලසුම් කල ඉන්ධන ටැංකිය

    tWvkm0v.jpg

    එෆ්-35බී යානයේ ඉන්ධන ටැංකිය නැවත සැලසුම් කර තිබෙන්නේ යානයේ ඉන්ධන ටැංකිය තුල තිබෙන වායු සහ ඔක්සිජන් අතර පුපුරණ සුළු අන්තර්ක්‍රියා සිදුවීම වැළැක්වීමටයි.නමුත් පසුකාලීන අත්හදා බැලීම්වලදී මෙම නැවත සැලසුම් කල පද්ධතියේ ප්‍රශ්න තිබෙන බව හෙළිව තිබේ.මෙම දුර්වලතා ඉවත් කිරීමට දෘඪාංග සහ මෘදුකාංගවල නවීකරණයන් සිදුකල යුතුව තිබේ.





    අකුණුවලින් ආරක්ෂා වීම

    bJuZ55S.jpg

    එෆ්-35 යානයේ අකුණු ආරක්ෂක පද්ධතිය ඉවත් කර තිබෙන නිසා එයට කුණාටුවකට සැතපුම් 25 ක් පමණ දුරකින් හෝ පියාසර කල නොහැකි බව කියවේ.මෙම ප්‍රශ්නය තිබෙන්නේ එෆ්-35බී මොඩලයේය.අකුණු ආරක්ෂක පද්ධතිය ඉවත් කර තිබෙන්නේ මැරීන හමුදාවේ අවශ්‍යතාවයකට අනුව යානය බර අවම කිරීමට බවයි පැවසෙන්නේ.





    පියාසැරි පාලනයේ ප්‍රශ්න

    w2b9rEB.jpg


    එෆ්-35බී යානය තීව්‍ර ගුවන් තත්ත්වයන්හිදී නිශ්චිත කෝණවලදී ප්‍රහාර එල්ල කරද්දී අසීරුතාවයන්ට පත්වන බව සඳහන් වේ.ඊට හේතුව පියාසැරි පාලන පද්ධතියේ පහත වැටීමයි.





    හෙල්මටයේ ඩිස්ප්ලේ එකෙහි දුර්වලතා

    SsfVosN.jpg

    ගුවන් යානයට අතිශය වැදගත් තොරතුරු හෙල්මටය තුලදීම දර්ශනය වන අයුරින් එහි ඩිස්ප්ලේ එක නිර්මාණය කර තිබේ.ආරක්ෂක සහ ප්‍රහාරක ඉරියව්වලදී ඩිස්ප්ලේ එක සපයන තොරතුරු සෘණාත්මක බලපෑමක් කරන බව සඳහන් වේ.මිසයිල ප්‍රහාරයකින් ගැලවීමට දරන උත්සාහයකදී මෙම දුර්වලතාවයේ අනිටු විපාක ලැබීමට වැඩි ඉඩක් තිබේ.





    යානයේ බහුවිධ කොටස් විශ්වාස කල නොහැකි තත්ත්වයේ තිබේ

    mF5gJH0.jpg

    එෆ්-35 යානයේ තිබෙන කොටස් ගණනාවක් අපේක්ෂා කලාට වඩා නිතරම නඩත්තු කිරීමට සිදුව තිබේ.පෙන්ටගනයේ වාර්තාවට අනුව ගුවන් තාක්ෂණික උපකරණවල ප්‍රොසෙසර්,ගොඩබැස්සීමේ ගියර් ටයර්,තාපජ කලමනාකරණ පද්ධති,විසර්ජන අසුන,නියමු කුටියේ ඩිස්ප්ලේ ඉලෙක්ට්‍රොනික් ඒකකය,හෙල්මටයේ ඩිස්ප්ලේ ඒකක,අසුන් ප්‍රවර්තන කට්ටල,ටර්බයින් එන්ජින්වල ජ්වලකය සහ ඔක්සිජන් නිෂ්පාදන පද්ධතිය ආදියේ දුර්වලතා තිබේ.මෙම පද්ධතිවල අවිශ්වාසවන්ත බව නිසා නඩත්තුව සඳහා වැයවන මුදල සහ කාලය ඉහල යෑමෙන් වැඩසටහනට වැය වන මුදලද ඉහල ගොස් තිබේ.





    ඔටෝමැටික් ලොජිස්ටික්ස් ඉන්ෆෝමේෂන් සිස්ටම්

    2TWetmw.jpg

    ALIS යනු එෆ්-35 යානයේ තොරතුරු තාක්ෂණික පිට කොන්දයි.ඒ ඔස්සේ මෙහෙයුම් සම්බන්ධ තොරතුරු ,ගුවන් යානය සම්බන්ධ තොරතුරු නියමුවාට සපයන්නේ සහ පොළොවත් යානයත් අතර සන්නිවේදනය තබා ගැනීමත් සිදුකෙරේ.මෙම පද්ධතියේ තිබෙන අඩුලුහුඬුකම් නිසා එය කාලසටහනේ පිටුපසට දමා තිබේ.මෙම පද්ධතියේ තිබෙන දුර්වලතාවයක් වන්නේ යානයේ සෞඛ්‍යය සම්බන්ධව වැරදි තොරතුරු ලබාදීමයි.




    තුන්වන කොටසින් හමුවෙමු​




    Source:businessinsider.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: Troop and HKavinda

    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ
    ඔව් මෙහි බර පන නාසා ආයතනයේ තැරැව්කාර සමාගමක් යටතේ ඇමරිකාවට ඩි ඇත්තේ එලොන්ටා ග්‍රහ ලෝකයේ ජීවින් විසිනි