සංග්‍රාම භූමියේ රජු

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සංග්‍රාම භූමියේ රජු

    HLoDngI.jpg

    1980 වර්ෂයේ දී සේවයට පැමිණීමේ සිට එම්1 ඒබ්‍රම්ස් යුද ටැංකිය ඇමෙරිකානු පාබල හමුදාවල ප්‍රධානතම අවිය බවට පත්විය.ටොන් 67 බර මෙම දැවැන්තයා සිය හැකියාව පෙන්වූ පළමු අවස්ථාව උදා වූයේ පළමු ගල්ෆ් යුද්ධයේදීය.එතැන් පටන් මෙම යැංකි යුද ටැංකිය සංග්‍රාම භූමියේ කිසිම යුද ටැංකියකට නොදෙවෙනි අවියක් බවට පත්විය.එම්1ඒබ්‍රම්ස් යුද ටැංකිය සුවිශේෂී එකක් වන්නේ එහි සන්නාහය නිසාය.මෙම සන්නාහය නිර්මාණය කර තිබෙන අමුද්‍රව්‍ය ගැන තොරතුරු අදටත් රහසිගතය.


    මුල්ම එම්1 ඒබ්‍රම්ස් යුද ටැංකියක් 1979 වර්ෂයේදී.ඒබ්‍රම්ස් සේවයට එක්වූයේ 1980 වර්ෂයේ වුවද 1991 වර්ෂයේ ගල්ෆ් යුද්ධය තෙක් එය බරපතල මට්ටමේ සංග්‍රාමයකට මැදිහත් නොවුනි.​

    jfpDG5G.jpg




    බ්‍රිතාන්‍ය චෝබම් සංයුක්ත සන්නාහයෙන් සමන්විත පළමු යුද ටැංකිය වූයේ එම්1 ඒබ්‍රම්ස්ය.පිගන් මැටි ඇතුලු රහසිගත අන්තර්ගතයක් සහිත මෙම සන්නාහය අතිශය ශක්තිමත්ය.මෙම සන්නාහයට පින් සිදුවන්නට ඇමෙරිකානු එම්1 ඒබ්‍රම්ස් සහ බ්‍රිතාන්‍යය චැලෙන්ජර් යුද ටැංකි, නූතන යුද ටැංකි නාශක අවිවලින් එල්ලවන තර්ජනවලට මුහුණ දිය හැකි ඉහළ ආරක්ෂාව සහිත යුද ටැංකි බවට පත්ව තිබේ.

    kN1LJ7C.jpg





    ඒබ්‍රම්ස් යුද ටැංකි නිපදවන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහියෝ සහ මිචිගන් ප්‍රාන්තවලය

    UZh1vph.jpg





    ඒබ්‍රම්ස් යුද ටැංකිය කඩිසරය.එහි උපරිම වේගය පැයට සැතපුම් 40කට වැඩිය.එම්1ඒ2 මොඩලයට පැයට කි.මී.67ක උපරිම වේගයක් තිබේ

    xT9DPlmIV1NC9QYwtW.gif




    වැලි සහිත බිමක,හිම සහිත භූමියක ආදී වෙනස් තත්ත්වය වලදී මෙම යුද ටැංකිය හැසිරවීම අපහසු නොවේ.නමුත් බරින් වැඩි නිසා තෙත් පරිසරයක එරී යෑමේ ප්‍රවණතාවයක් තිබේ.තවද වැලි නිසා එන්ජිමට හානි සිදුවේ.මෙම තත්ත්වය බ්ලේහුකින් නමින් වේ.

    26FPs7LmReOcGQBH2.gif





    ඒබ්‍රම්ස් යුද ටැංකියේ ප්‍රධාන අවිය වන්නේ මි.මී.120 ස්මූත්බෝර් අවියකි.මෙම අවියෙන් විවිධ වර්ගයේ උණ්ඩ නිකුත් කල හැකිය.

    Le7I9Oq.png




    අනෙකුත් සන්නද්ධ ඒකක මෙන් ඒබ්‍රම්ස් යුද ටැංකියේ සාර්ථකත්වය රඳා පවතින්නේ එහි දෘඪාංග සහ කාර්ය මණ්ඩලය මතයි.රුසියානු ටී90 යුද ටැංකියට තිබෙනවා මෙන් ප්‍රධාන අවියට උණ්ඩ ඇතුලු කිරීමට ස්වයංක්‍රීය පද්ධතියක් නොමැත.

    3o7abAfQvCjMIA4WoE.gif




    ප්‍රධාන අවියට අමතරව ඒබ්‍රම්ස් යුද ටැංකිය සතුව එම්2එච් බ්‍රවුනින් කැලිබර් .50 මැෂින් තුවක්කුවක් තිබේ.මෙය එක්සත් ජනපද හමුදාවන් දෙවන ලෝක යුද සමයේ සිට භාවිතා කරන අවියකි.අවශ්‍ය නම් මෙම මැෂින් තුවක්කුව දුරස්ථව පාලනය කල හැකිය.

    84rrvn4.png





    එක්සත් ජනපදයට අමතරව ඉරාකය,සවුදි අරාබිය,ඊජිප්තුව සහ ඕස්ට්‍රේලියාව යන රටවල්ද ඒබ්‍රම්ස් යුද ටැංකිය සිය ප්‍රධාන සංග්‍රාමික යුද ටැංකිය ලෙස භාවිතා කරයි.

    xMqsbhi.jpg




    පළමු වරට ඒබ්‍රම්ස් යුද ටැංකිය සංග්‍රාම භූමියකට ඇතුලු වූයේ 1991 වර්ෂයේදීය.නමුත් මෙම අධි තාක්ෂණික ,ආරක්ෂිත යුද ටැංකිය ගැටුණේ ඉරාකය සතු සෝවියට් දේශයේ පැරණි යුද ටැංකි සමගයි.එහිදී ඒබ්‍රම්ස් යුද ටැංකිවලට කිසිදු අභියෝගයක් නොමැතිව ඉරාක යුද ටැංකි විනාශ කිරීමට හැකිවිය.නමුත් සතුරු යුද ටැංකි ප්‍රහාරවලින් කිසිදු ඒබ්‍රම්ස් යුද ටැංකියක් විනාශ නොවූ බව සඳහන් වේ.

    tLJ0LAK.jpg





    පළමු ගල්ෆ් යුද්ධයේදී විනාශ වූ එක ඇමෙරිකානු ඒබ්‍රම්ස් යුද ටැංකියට එම ඉරණම අත්ව තිබෙන්නේ තමන්ගේම පාර්ශ්වයෙන් එල්ල වූ ප්‍රහාරයකින් මිස ඉරාක හමුදාවල ප්‍රහාරයකින් නොවන බව සඳහන් වේ.

    eokhWwj.jpg





    නයිට් විෂන් හැකියාව,දිගු දුර ප්‍රහාරක බලය නිසා ඒබ්‍රම්ස් යුද ටැංකිය එහි ප්‍රතිවාදීන් වූ සෝවියට් යුද ටැංකිවලට වඩා බොහෝ ඉදිරියෙන් පසුවිය.

    ZcvMICx.jpg




    2003 වර්ෂයේ සිදුවූ ඉරාක ආක්‍රමණයේදී ඒබ්‍රම්ස් යුද ටැංකිවලට සටන් වදින්නට සිදුවූයේ නගරබද ප්‍රදේශවලය.නගරබද සංග්‍රාම භූමි යනු යුද ටැංකි මුහුණ දෙන නරක අවස්ථාවකි.මන්ද ප්‍රහාරක පරාසය ගොඩනැගිලි සහ ඉදිකිරීම් වලින් සීමා සහිත කර තිබේ.තවද සතුරන්ට ඉහළ සිට යුද ටැංකිවලට පහරදීමට හැකියාව තිබේ.යුද ටැංකිවල ඉහල කොටස් වල සන්නාහය දුර්වලය.මන්ද යුද ටැංකියක සන්නාහය වඩා ශක්තිමත්ව නිර්මාණය කරන්නේ තිරස්ව එල්ලවන ප්‍රහාරවලින් ආරක්ෂා වීමටය.

    KbrD4Om.jpg




    මෙම ප්‍රශ්නයට පිලිතුරක් ලෙස Tank Urban Survival Kit යන අතිරේක ආරක්ෂාව සපයන කට්ටලය හඳුන්වා දී තිබේ.මේ නිසා ඒබ්‍රම්ස් යුද ටැංකිය නගරබද සංග්‍රාම භූමිය තුලදී පවා සුරක්ෂිතය.​

    asTZDVa.jpg




    මේජර් ජොන්සන් කොන්රොයි විසින් සිය ග්‍රන්ථය වන Heavy Metal: A Tank Company's Battle to Baghdad හි විස්තර කරන පරිදි වරක් ඒබ්‍රම්ස් ඒකකයක් විසින් ඉරාක යුද්ධයේදී ටී-72 යුද ටැංකි 7ක් විනාශ කරන ලදි.​

    0UhuPM1.png





    වර්තමානයේදී ඒබ්‍රම්ස් යුද ටැංකිය එක්සත් ජනපදයේ ප්‍රධාන සංග්‍රාමික යුද ටැංකිය ලෙස බැබලෙන්නේ ඔවුන්ගේ ඉතිහාසය තුල නිර්මාණය කල සාර්ථකම යුද ටැංකිය ලෙස ගෞරවය දිනාගනිමින්ය.

    FWRmte5.png





    Source:businessinsider.com

    -HarshaLulzSec-
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,854
    6,989
    113
    අපේ දිහෑ
    හැමදාමත් වගේ අදත් සුපිරි ලිපියක්
    අති විශිෂ්ටයි
    :yes::yes::yes::yes::yes::yes:
    අරවා දෙන්න බැරිලුනේ...:(:(.පස්සේ දෙන්නම්...:D:D:D.