රේඩාර් තිරයට නොපෙනී එන සටන්කරුවා-4

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රේඩාර් තිරයට නොපෙනී එන සටන්කරුවා-4

    HDLs9pn.jpg

    එෆ්-35 වැඩසටහන යනු එසේ මෙසේ ව්‍යාපෘතියක් නොවන වග ඉදිරි ලිපි වලින් ඔබට අවබෝධ කරගත හැකි වේවි.මන්ද එය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් තනිවම දියත් කල ව්‍යාපෘතියක් නොවන නිසාවෙනි.එෆ්-35 යානයක් නිර්මාණය කිරීමට තනි තනි කොටස් 20,000ක් සහ තවත් කුඩා කොටස් 280,000ක් පමණ යොදාගන්නා බව සඳහන් වේ.එහි මෘදුකාංග සඳහා කේත පේලි මිලියන 8කට වඩා යොදා ගනියි.ජාතීන් අටක් සහ සේවකයින් දස දහස් ගණනක් නිෂ්පාදන ක්‍රියාවලියට දායක වේ.

    Oap5r7R.jpg
    ලොක්හීඩ් මාටින් සමාගම - ෆෝර්ට් වෝර්ත්​

    කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම,තාක්ෂණය,අලුත් නිෂ්පාදන මූලධර්ම සමග 100 වන එෆ්-35 යානය 2013 වර්ෂයේදී සම්පුර්ණ කරන්නට ඔවුන් සමත් විය.සියවන යානය හැඳින්වූයේ ඒ එෆ්-41 යන නමින්ය.එය තිරස්ව ධාවන පථයක් ඔස්සේ ගුවන් ගත කිරීම සහ ගොඩබෑම කල හැකි එෆ්-35ඒ මොඩලයකි.


    පහත දැක්වෙන්නේ සියවන එෆ්-35 යානය හෙවත් ඒඑෆ්-41 නිෂ්පාදන ක්‍රියාවලියේ අවස්ථා සමහරක්ය.

    ඒඑෆ්-41 යානය එකලස් කිරීම ඇරඹෙන්නේ 2011 වර්ෂයේ අවසන් භාගයේදී එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ මැරීටාහිය.යානයේ තටු එකලස් කිරීමෙන් පසුව එය ෆෝර්ට් වෝර්ත් වෙත නැව්ගත කරන ලදි.එහිදී එෆ්-35 තාක්ෂණිකවේදීන් විසින් තටු නිර්මාණයේ අවසන් අධියරය සම්පුර්ණ කරන ලදි.

    UktE3yX.jpg



    2013 ජූලි මාසයේදී ඒ එෆ්-47 යානය එහි අවසන් අධියරයේ එකලස් කිරීම් කටයුතු සඳහා ඇතුලත් කෙරේ.මෙහිදී යානයේ සැකිල්ල සම්පුර්ණ කෙරේ.ඊට ඉලෙක්ට්‍රොනික් සහ හයිඩ්‍රොලික් පද්ධති එකතු කරන්නේ මෙහිදීය.

    J56PUuX.jpg



    2013 සැප්තැම්බර් මාසයේදී ඒඑෆ්-41 යානය ටෙක්සාස් හි ෆෝර්ට් වෝර්ත් කර්මාන්ත ශාලාවෙන් ඉවත් කරගැනේ.ඉන්පසු සිදුකෙරෙන්නේ යානය සිය පළමු අත්හදා බැලීමේ ගුවන් ගමනට එක් කිරීමයි.

    7FwPgXP.jpg


    Kt9wHqO.jpg




    එෆ්-35 කර්මාන්තශාලාව සහ යානා නිෂ්පාදනය ගැන විස්තරයක් සහිත පහත කෙටි වීඩියෝපටය නැරඹීමෙන් මේ සම්බන්ධව යම් අවබෝධයක් ලැබේවි.




    ලොක්හීඩ් මාටින් සමාගම සතු සැතපුමක් පමණ දිග කර්මාන්තශාලාවක එෆ්-35 යානා නිෂ්පාදනය කෙරේ.මෙය පිහිටා තිබෙන්නේ ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝර්ට් වෝර්ත් හීය.අවසන් එකලස් කිරීම් සහ පිටත් කර හැරීම ඉතාලියේ කැමෙරි සහ ජපානයේ නිගෝයා යන කර්මාන්තශාලාවල සිදුකෙරේ.එෆ්-35 වැඩසටහන සඳහා ලොක්හීඩ් මාටින්,නෝර්ත්රූප් ගෲමන්,බීඒඊ සිස්ටම්ස් සහ ප්‍රැට් ඇන්ඩ් විට්නි සමාගම් ප්‍රධානත්වය ගෙන ක්‍රියා කරයි.ගෝලීය කණ්ඩායමට දේශීය සහ විදේශීය සමාගම් 1400කට වැඩි ගණනක් සැපයුම්කරුවන් ලෙස සම්බන්ධ වී තිබේ.

    DYFnADZ.jpg

    නිපදවන සෑම එෆ්-35 යානයක් සඳහාම අවශ්‍ය කොටස් ඉතාලියේ නිෂ්පාදනය කෙරේ.මෙය ඉතාලි ආර්ථිකය ශක්තිමත් කිරීමටද හේතුවක් වී තිබේ.එෆ්-35 නිෂ්පාදන ක්‍රියාවලියේ උපරිමයේදී ඉතාලිය තුල පමණක් රැකියා අවස්ථා 6,300කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වනු ඇතිබවට අපේක්ෂා කරයි.2017 - 2026 කාලය තුල මේ සඳහා උපරිම ඉල්ලුම ඇතිවේ යැ‍යි විශ්වාස කරයි.එෆ්-35 නිෂ්පාදනය සඳහා සම්බන්ධ වීමෙන් ඉතාලි ආර්ථිකයට ඇ.ඩො.බිලියන 15.8 ක් වාසියක් හිමිවේ.

    OkfYmar.jpg
    Assembly and Checkout Facility - Italy​

    ඉතාලියේ පීඩ්මන්ට් ප්‍රදේශයේ අක්කර 101ක භූමි ප්‍රමාණයක නිර්මාණය කර තිබෙන ඉතාලි අවසන් එකලස් කිරීම සහ පිටත් කර හැරීමේ කර්මාන්තශාලා සංකීර්ණය යුරෝපය සතු එවැනි ආකාරයේ එකම පහසුකම ලෙස සැලකේ.එෆ්-35 යානා සඳහා අවශ්‍ය තටු වාර්ෂිකව 66 බැගින් සපයා දීමට ඉතාලියට හැකියාව තිබේ.මෙය 72 දක්වා වැඩිකිරීමට සැලසුම් කර තිබේ.මේ හා සමාන නිෂ්පාදනාගාර සංකිර්ණයක් ජපානයේ නිගෝයා හි ස්ථාපනය කර තිබේ.එහි නිෂ්පාදන කටයුතු 2016දී ආරම්භ වේ.

    L6mEZtB.jpg



    එෆ්-35 යානා එකලස් කිරීම් සිදුවන්නේ ලොක්හීඩ් මාටින් සමාගම සතු සැතපුමක් පමණ දිග ගොඩනැගිලි සංකිර්ණයක් තුලය.​

    dcAuhFY.jpg




    යානයක් එහි එකලස් කිරීමේ අංශයෙන් ඉවතට ගෙන යමින්

    3O80GOU.jpg



    ජනෙල්වලින් තොර තට්ටු කිහිපයකින් සමන්විත වර්ග අඩි 226,000ක් පමණ ඉඩක් සහිත අවසන් සැකසුම් කටයුතු සිදුකෙරෙන ගොඩනැගිල්ල​

    1eHR6Aw.jpg




    මෙම යානා ලේසර් තාක්ෂණය යොදාගෙන පින්තාරු කරන වැඩසටහන් ගත කල රොබෝවරු යොදාගෙන හෙවත් රේඩාර් තරංග උරාගත හැකි තීන්ත වර්ගයක් පින්තාරු කටයුතු සඳහා භාවිතා කරයි.

    KmbtDE5.jpg




    මෙම පින්තාරු කිරීම් සඳහා දින තුනක් ගත වේ.පළමුවරට මෙම පින්තාරු කිරීමක් සිදුකලේ 2008 වර්ෂයේදී එෆ්-35බී මොඩලයේ යානයකට බවයි පැවසෙන්නේ.

    Und5KDv.jpg




    මෙම අංශයේදී මාසයකට එෆ්-35 යානා 7ක් සඳහා සේවය ලබාදේ.2020දී එය යානා 17ක් දක්වා වැඩිකිරීමට බලාපොරොත්තුවේ.

    8rpCB3B.jpg




    එෆ්-35 යානා එකලස් කිරීමේ කටයුතු සිදුකරන ආකාරය දැක්වෙන තවත් ඡායාරූප කිහිපයක්

    S2KanLL.jpg


    KzEU71i.jpg


    4m7TRnG.jpg


    GDG8VPb.jpg


    XARLQxJ.jpg


    U0rZ0q3.jpg


    qjo8SwK.jpg


    oJqztuT.jpg


    Y9EWlxm.jpg


    FwHHAgy.jpg


    1Udd1Vs.jpg


    cYJRDxF.jpg


    nWLKGfm.jpg


    gYUw08W.jpg


    9emE5DZ.jpg


    86gV8yO.jpg


    81d5Y4M.jpg


    72g1LeE.jpg






    පස්වන කොටසින් හමුවෙමු​




    Source:businessinsider.com

    -HarshaLulzSec-
     

    Similar threads