වාහනය මීයන්ගෙන් ආරක්ෂා කරමු
අපි හැමෝම අපේ වාහන වලට ආදරෙයි. ඒ වගේම තමයි අපි අපේ වාහන බලාගන්නෙ හුඟක් ප්‍රවේසමෙන්, පොඩි හරි සීරිමක් වුන්නොත් හිතට දැනෙන දුක දන්නෙ අපිම විතරයි. හරි කොහොම වුනත් අද අපි කතා කරන්න යන්නෙ තවත් ඒ වගේ අපේ ගොඩක් අයට එන ප්‍රශ්ණයක් ගැන. ඒ තමයි මීයන්ගෙ කරදරේ. ඔව් ඔව් මීයන්ගෙන් ගෙදරට වගේම වාහන වලටත් සිදුවන කරදර වල අඩුවක් නෑ. වාහනේ වයර්, ටියුබ් වැනි කොටස් මීයන් කෑම වාහනේ ගිනිගන්න පවා හේතුවිය හැක. ඒ වගේම තමයි වාහනේ ඇතුළ මීයො කැවොත් තට්ටු වෙන්නෙ අපේ සාක්කුවටම තමයි.
මොනවද පිළියම්
ගොඩක් වෙලාවට මීයන් වැනි සතුන් වාහන තුළට රිංගන්න හේතුව තමයි ඔවුන්ට වාහන තුළ ආරක්ෂිතවීම, අඳුරු ගතිය, උණුසුම හා ආහාර ගබඩා කිරීමට හැකිවීම. මූලිකවම විය යුත්තේ වාහනය මීයන්ගේ ආකර්ශණයෙන් මඟහරවා ගැනීමයි.
ඔබ වාහනය නතර කරන ස්ථානය පිළිබඳ සැළකිලිමත් වන්න. ලී මතුපිටවල්, ඥව වැඩුණු තණකොළ හෝ තෙත් සහිත ස්ථානවල වාහනය නිතර නවතා තබන්න එපා. ඒ වෙනුවට කොන්ක්‍රීට් හෝ බොරළු මතුපිටකට නැවැත්වීම සුදුසුය. අප මෙයින් අදහස් කළේ දිගුකාලීනව හෝ රාත්‍රී කාලයේ ඔබ වාහනය නවත්වා තබන තැන ගැනයි.
වාහනය තුළ ආහාර හෝ ආහාර කැබැලි රැඳෙන්නට ඉඩහරින්න එපා. හිස් බිස්කට් පැකට්, හිස් කෝපි කෝප්ප වැනිදෑ වල ඉතුරුවූ සීනි මීයන්ගේ ඉවට හසුවේ. එම නිසා නිතර වැකුම් කර තබාගන්න.
ඔබගේ නිවස තුළ ගරාජයේ ආරක්ෂිතව වාහනය නැවැත්විය හැකි නම් හැකි සෑම විටම බොනට් එක ඇර තබන්න. මෙය එතරම් ප්‍රායෝගික ක්‍රමයක් නොවෙයි. නමුත් බොනට් එක ඇරීම නිසා ඇතුළට වැටෙන එළිය හා උණුසුමට මීයන් අකමැතිය.
ඔබ වාහනය නවත්වන ගරාජය හොඳින් පරීක්ෂා කර බලන්න. මී ගුල් වැනි මීයන් එන සියලු තැන් වසා දමන්න. ඊට අමතරව මීයන්ට රිංගිය හැකි වාහනයේ පයිප්ප, A/C & Heating units ස්ටීල් වූල් යොදා සීල් කරගන්න.
වාහනය තුළට පෙපර්මින්ට් ඔයිල්, කපුරු බෝල වැනිදෑ ඉසින්න. එම සුවඳ මීයන් වැනි සතුන් වාහනයෙන් ඈත් කරයි.
වෙළඳපොලේ මිළදීගැනීමට තියනවා මීයන් වාහනයෙන් ඈත්කරන ඉලෙක්ට්‍රොනික උපකරණයක්. එමඟින් නිකුත් කරන අල්ට්‍රා ශබ්දය මීයන්ට අසා සිටීමට අපහසුය. එම නිසා වාහනය මීයන්ගෙන් ආරක්ෂා කරගත හැක.
මීයන් බොහෝවිට රිංගන්නෙ ටේල් පයිප්පයෙන් හෝ එයාර් ඉන්ටේක් එකෙන් නිසා ඒ දෙක පිළිබඳ වැඩි අවදානයක් දෙන්න ඕන. වෙළඳපොලේ තියනවා Honda Rodent Tape කියලා නිශ්පාදනයක්. මේක ඇත්තටම ටේප් එකක්. මේකෙන් අපි කියපු ස්ථාන වගේම වාහනේ වයර් පද්ධතියත් හැකිතාක් ආවරණය කරන්න. මේ ටේප් එක මීයන් ඈත් කර තබාවි.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ මොනදේ කරත් වැඩක් නෑ වාහනේ අවුරුදු ගානක් එක තැන තියනවා නම්. ඒ නිසා දවසට සැරයක් දිව්වෙ නැතත් වාහනේ ස්ටාර්ට් හරි කරන්න. ඒවගේම වාහනේ නිතර පිරිසිදුව තබාගන්න. වාහනේ පිට විතරක් නෙවෙයි සුද්ධ කරනකොට engine bay එකත් එක්කම සුද්ධ කරන්න.
පරණ වාහනයක් නම් ගොඩින් බේරගන්න පුළුවන් හැබැයි නවීන වාහනයක් අඩපණ කරන්න මීයෙක්ට යන්නෙ පැය 24යි.
http://turboholics.lk

uba lassanata liyala thiyenawa
.
.
.