සුක්කානමේ කතාව...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    සුක්කානමේ කතාව...

    [FONT=&quot]සුක්කානමේ කතාව...[/FONT]


    [FONT=&quot]පාරේ තියෙන වාහන කන්දරාව දකින කොට ලංකාවේ වාහන ඉතිහාසය ගැනත් හොයල බලන්න හිතුණා.... කරුණු ගොඩක් හොයා ගන්න පුලූවන් වුණා.... උඹලටත් වැදගත් වෙයි කියලා හිතුණ හින්ද මේ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එක දානවා....[/FONT]

    [FONT=&quot]පෙට්රල්වලින් දුවන පළවෙනි රථය ලංකාවට ගොඩබෑවේ [/FONT]1900[FONT=&quot] දී.... එකේ බලය [/FONT][FONT=&quot]horse power[/FONT]05[FONT=&quot] යි... ඒක කොළඹ වරායේ ඉදල ගල්කිස්සට [/FONT][FONT=&quot]drive[/FONT][FONT=&quot] කරල තියෙන්නේ වෝකර් කම්පැනියේ කළමණාකරු සිරිල් ඩෙප් ය.... අල්ලපු සීට් එකේ ඉඳල තියෙන්නෙ පස්සේ කාලේ ආරම්භ වුණු කොලෝනියල් මෝටර් කම්පැනියේ [/FONT][FONT=&quot]director / chief engineer[/FONT][FONT=&quot] වුණු ඩබ්ලිව්. පී. විඞ්වා මහත්තයයි....

    [/FONT]
    [FONT=&quot]
    fiat.jpg
    [/FONT]


    [FONT=&quot]ලංකාවට පළවෙනි [/FONT][FONT=&quot]steering wheel[/FONT][FONT=&quot] එක තිබ්බ කාර් එක ගෙනාවේ NSB බැංකුවේ වැඩ කරපු ඞී. ආර්. මාර්ෂල් කියන කෙනයි.... එතකොට මීට කලින් ගෙන්වපු කාර්වල [/FONT][FONT=&quot]steering wheel[/FONT][FONT=&quot] එකක් තිබ්බේ නැද්ද කියලා හිතෙනවා නේද[/FONT].... ?? [FONT=&quot]ඇත්තටම තිබිලා නෑ.... තිබිල තියෙන්නේ බයිසිකල් හැඩලය වගේ එකක්.... ඒ කාර් එකේ ගාණත් ලේසි නෑ.... ගාණ රු. [/FONT]3,500/- [FONT=&quot]යි. [/FONT]

    [FONT=&quot]හැබැයි මේ කාර් ගෙන්වපු ඔක්කොම විදේශිකයෝ.... මොරටුවේ ඊ. එල්. එෆ්. ද සොයිසා මහත්තයා තමයි ලංකාවට කාර් එකක් ගෙන්වපු පළමු ස්වදේශිකයා.... ඔහුගේ කාර් එක කලූ හා තද නිල් පාටින් යුක්ත වූ තනි සිලින්ඩරයේ පෙට්රල්වලින් දුවපු එකක්.... එයාගේ [/FONT][FONT=&quot]wife[/FONT][FONT=&quot] ස්පාඤ්ඤ ජාතික කාන්තාවක්... එය තමයිලූ ලංකාව ඇතුලේ පළවෙනි වතාවට කාර් එකක් [/FONT][FONT=&quot]drive[/FONT][FONT=&quot] කරපු කාන්තාව.....[/FONT]

    [FONT=&quot]ඒ කාලේ කාර් එළවන්න ලයිසන් එකක් අවශ්‍ය වුණේ නැතිලූ.... සොයියා මහත්තය කියන විදියට ඒ දවස්වලත් කාර් එකක් පාරේ [/FONT][FONT=&quot]drive[/FONT][FONT=&quot] කරන එක අමාරු දෙයක් වුණාලූ.... ඒ [/FONT][FONT=&quot]traffic jam[/FONT][FONT=&quot] තිබුණු නිසා නෙවෙයි.... කාර් එක පාරෙ යන කොට මිනිස්සු පාර දිගේ පොර කකා බලා ඉන්නේ පෙරහැරක් බලන්න වගේලූ.... ඒ මදිවට මේ අරුම පුදුම යන්තරේට බල්ලෝ බුරමින් පන්නනවලූ.... ඉතිං බල්ලෝ එලවන්න අහසට වෙඩි තියන්නත් වුණාලූ.... ඒ කාලේ මිනිස්සු කාර් එක හදුන්වල තියෙන්නේ මී හරකා කියන හුරතල් නමින් කියලත් ඔහු කියනවා....[/FONT]

    [FONT=&quot]ලංකාවට පළවෙනි මෝටර් සයිකලය ගෙන්වල තියෙන්නේ [/FONT]1903[FONT=&quot] ජනවාරි [/FONT]20[FONT=&quot] හාන් කියල මහත්තයෙක්.... ඒක එච්චර හයියෙන් යන බැරි එකක්..... [/FONT][FONT=&quot]start[/FONT][FONT=&quot] කරන්න ස්වයංකී‍්‍රය මෝටරයක් තිබිලා නෑ... තිබිල තියෙන්නේ [/FONT][FONT=&quot]foot paddle[/FONT][FONT=&quot] එකක්.... ඒ මදිවට [/FONT][FONT=&quot]chain[/FONT][FONT=&quot] එකක් තිබිලත් නෑ.... ඒ වෙනුවට [/FONT][FONT=&quot]belt[/FONT][FONT=&quot] එකක් තමයි තිබිල තියෙන්නේ.... ලේසි නෑ එක තනි ගියරයේ මෝටර් සයිකලයක්....[/FONT]

    [FONT=&quot]පළවෙනි වතාවට කොළඹ ඉදන් නුවරට මෝටර් සයිකලයක ඇවිල්ල තියෙන්නේ කොලෝනියල් මෝටර් කම්පැනි එකේ අයිතිකාරයා වුණු පෙඞ් නෙල් කියන මහත්තයයි.... ගමනට දවසක් ගතවෙලා තියෙනවා.... ඒක ඒ දවස්වල හැටියට ලොකු දක්ෂකමක්ලූ.... [/FONT]1904[FONT=&quot] න් පස්සේ ලංකාවේ මෝටර් සයිකල් ජනපි‍්‍රය වෙලා තියෙනවා..... [/FONT]1904[FONT=&quot] නොවැම්බර් [/FONT]‘[FONT=&quot]ලංකා ඔටෝ මොබයිල් ක්ලබ්[/FONT]’ [FONT=&quot]කියල සංගමයක් ආරම්භ කරල තියෙනවා.... පස්සේ කාලේ ඒක ලංකා ඔටෝ මොබයිල් සමාගම කියල වෙනස් වුණා.... ඒකෙ මුල්ම මෙම්බර්ස්ලා ගාණ [/FONT]100[FONT=&quot] යි... ක්ලබ් එකේ [/FONT][FONT=&quot]founder[/FONT][FONT=&quot] විදියට සදහන් වන්නේ උඩරට වැවිලිකාරයෙක් වුණු මේජර් හැරල්ඞ් මහත්තය යි.[/FONT]

    [FONT=&quot]පළවෙනි කාර් රේස් එක තිබිල තියෙන්නේ [/FONT]1905[FONT=&quot] දී. දුර හැතැප්ම [/FONT]20[FONT=&quot] යි. ජයග‍්‍රහකයා වෙලා තියෙන්නේ වුල්සි වර්ගයේ කාර් එකක් [/FONT][FONT=&quot]drive[/FONT][FONT=&quot] කරපු ඩබලිව්. හොරින් කියන කෙනෙක්.....[/FONT]

    1914[FONT=&quot] න් පස්සේ ලංකාවේ කාර් හා මෝටර් සයිකල් ආනයනය වැඩිවෙලා තියෙනවා..... ගොඩක් කාර් අශ්ව බල සුලූ ප‍්‍රමාණයේ සිලින්ඩර් දෙකේ ඒවයි.... පෙට්රල් ගැලූමකින් යන්න පුලූවන් හැතැප්ම [/FONT]25[FONT=&quot] ක් ලූ.... වේගය පැයට හැතැප්ම [/FONT]20[FONT=&quot] යි ලූ...[/FONT]

    [FONT=&quot]ඒ කාලේ පාරවල් වාහන ගමනාගමනයට නුසුදුසු කරත්ත පාරවල්.... ඉතිං වාහනවල රෝද ඉක්මණින් අබලන් වෙනවලූ.... ඒ මදිවට පෙට්රල් ෂෙඞ් තිබිලත් නෑ.... ඉතිං කාර් තියෙන අය කරන්නේ ගමන යන්න කලින් [/FONT]”[FONT=&quot]බැරල් කෝච්චිවල[/FONT]” [FONT=&quot]පෙට්රල් ඕන කරන තැන්වලට යවන එකයි.... ඊට පස්සෙලූ ගමන යන්නේ.... වැරදිලාවත් කාර් එක මග කැඩුණොත් හදාගන්න තැනක් නෑ.... ඉතිං වාහන අයිතිකාරයටම තමයි ඒක හදාගන්න වෙන්නේ.... හොඳට හෝ නරකට හරි ඒ දවස්වල මාර්ග සංඥා කියල දෙයක් තිබිලත් නෑ.... [/FONT]

    [FONT=&quot]පොදු ජනතාවට ගමන් කරන්න ට‍්‍රෑම් කාර් හදුන්වල දීල තියෙන්නේ [/FONT]1899[FONT=&quot] සැප්තැම්බර් [/FONT]13[FONT=&quot] වෙනිදායි... බවුස්ටඞ් කියන යුරෝපිය සමාගම තමයි ආරම්භ කරල තියෙන්නේ.... කොළඹ නගර සභාව තුළ විශාල සේවය කරපු ට‍්‍රෑම් කාර් [/FONT]1960[FONT=&quot] ජූනි [/FONT]30[FONT=&quot] වෙනිදා අවසන් කරල තියෙනවා... ඊට පස්සේ තට්ටු දෙකේ ට්‍රොලි බස් හදුන්වල දුන්නත් ඒක ඒ තරම් සාර්ථක වෙලා නෑ....[/FONT]

    3.jpg

    [FONT=&quot]Driving license[/FONT][FONT=&quot] නිකුත් කිරීම ආරම්භ කරල තියෙන්නේ [/FONT]1914[FONT=&quot] දී යි. ඒක දීල තියෙන්නේ වාහන ලංකාවට ගෙන්වන කම්පැනිවලින්මයි... පස්සේ කාලයේ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පිහිටලා ඒ මගින් [/FONT][FONT=&quot]driving license[/FONT][FONT=&quot] නිකුත් කිරීම කරල තියෙනවා.... [/FONT]

    [FONT=&quot]මේ විදියට ඉබි ගමනින් ආපු ගමන අද විදුලි වේගයෙන් දවසින් දවස වෙනස් වෙනවා.... ඒ කියන්නේ අපි පාරේ රස්තියාදු වෙන කාලයත් දවසින් දවස වැඩිවෙනවා කියන එකයි....[/FONT]

    [FONT=&quot]වැදගත් වුණා නම් සලකල යන්න....[/FONT]
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වැදගත් උනා නේන්නම්..:yes:
    හැබැයි සලකන්න විදිහක් නෑ..:sorry:
    (You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.)

     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    එළ


    You must spread some Reputation around
    before giving it to Pathfinder_A2Z again.
     
    Last edited: