Camping in Horton plains(කදවුරු බැදීම - හෝටන් තැන්න)

ushankv

Member
Feb 15, 2009
189
71
0
Camping in Horton plains(කදවුරු බැදීම - හෝටන් තැන්න)

ගොඩක් අය කැමති දෙයක් තමයි මේ camping කියන්නේ. එත් මේ පිළිබද විස්තර නම් ටිකක් හොයා ගන්න අමාරුයි ගොඩක් අයට. ඒ අයට දැනගන්න මූලික දේ තමයි මම මේ දාන්නේ. අනිත් අයත් දන්න දේවල් එකතු කරන්න.

මුලින්ම මෙහෙමයි, හෝටන් තැන්නේ Camping Site 3ක් තියනවා. මේ තුනෙන් එකකට තමයි අපිට යන්න වෙන්නේ. මේ camp site තුනම තියෙන්නේ Horton Plains visitor center එකෙන් 750m වගේ දුරින්. අනිත් park වල වගේ නෙමෙයි මෙහෙදී අපිට වාහනයකින් යන්න බැහැ camp site එක ලගට. අනික හවස 6න් පස්සේ ඇතුලේ ඇවිදින්න බැහැ. so හොදට මතක ඇතුව ඕනි කරන ඔක්කොම බඩු අරගෙන යන්න එක පාරම.

Camp Site බූක් කරන්නේ මෙහෙමයි.
0112888585 මෙන්න මේ නම්බර් එකට කතා කරලා ඔයාලගේ විස්තර කියල booking එක දාන්න ඕනි. මතක ඇතුව මේක ඔයාලා යන්න මාසෙකට වත් කලින් කරන්න. මේ නම්බර් එක Department of Wildlife Baththaramulla. පොඩි ගානක් අය කරනවා. මට ඒක හරියටම මතක නැහැ.

මෙන්න මෙහෙමයි camp site ගැන විස්තර,
හැම site එකේම toilet එකක් තියනවා. (if you are worried about that ;) )
ලොකු tent දෙකකට වගේ ඉඩ තියනවා. හැබෙයි 10 දෙනෙකුට විතරයි එයාල ඉන්න දෙන්නේ එක site එකක.
මෙන්න මේක නම් හොදට මතක තියා ගන්න. Horton plains මාරම සීතලයි රෑට. (specially JAN/FEB)
July/August මාරම හුලං. මේ කාලේ සමහර වෙලාවට tent එක බේරගන්න මාර ගේමක් දෙන්න ඕනි. අදුනිකයින් නම් මේ කාලේ මග හරින එක වඩාත් සුදුසුයි.

අනිත් එක, ටෙන්ට් අරගෙන යන්න ඕනි අපි. ඒ පැත්තේ ඒවා රෙන්ට් කරන්න එහෙම නම් නැහැ පුතෝ. මතක ඇතිව fly sheet තියන හොද ටෙන්ට් අරගෙන යන්න. මොකද හැම වෙලාවේම වගේ පොඩි වැසි and හුලං තියනවා.

ගිනි දල්වන්න බැහැ. ඒත් අපි නම් පොඩි ගින්දරක් හදා ගන්නවා කෑම රත් කර ගන්න එහෙම. ඔයාලට උයන්න එහෙම බැරි නම් Horton Plains වල මුලදීම හම්බ වෙන canteen එකට කියල කෑම ටික හදා ගන්න පුළුවන්. ඒත් බන් camp කරන්න යනවා නම් අපිම කෑම ටික හදන්න එක තමයි fun.

හවස 6න් පස්සේ නම් එළියේ ඇවිදින්න එපා. අනිත් එක තමයි camp site 1 and 2 පැත්තට දිවියා එනවා පාන්දරට. Horton Plains වල දිවියා දකින්න මාර වාසනාවක් තියෙන්න ඕනි. ඌ පට්ට ලස්සනයි. ඒ උනාට camp site වල ඉදලා දිවියා බලන්න බැහැ. දකින්න වෙන්නේ අඩි පාරවල් විතරයි. දිවියා බලන්න ඕනි නම් හවසට Far Inn Bungalow එක පැත්තේ visit එකක් දාන්න.

ලොකුම දේ තමයි, Camping ඉවර වෙලා ආපහු එනකොට ඔයා ගෙනිච්ච ඔක්කොම ආපහු අරගෙන එන්න. කිසිම දෙයක් එහෙ ඉතුරු කරලා ඇවිත් ඒ සුන්දර පරිසරය විනාස කරන්න එපා.

තව මොනවා හරි දැනගන්න ඕනි නම් PM කරන්න.

Happy Camping!
 

Sadaharitha

Member
Jul 15, 2016
122
16
0
awrudu 3 kalin wilpattuwe camping gihin maha wassakata set wela dawas 4 kale atharaman wela idala awe.. e wage athdakimak oya camping gihin jeewiteta ganna ba.
 

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    බොහොම ස්තූතියි මිත්‍රයා... හෝටන් ප්ලේන්ස් කෑම්ප් කරන එක මගෙත් හීනයක්... ඉක්මණටම හැබෑ කරගන්නවා... ආයෙත් ස්තූතියි.. වටිනාම තොරතුරු ටිකක් ලැබුණා...
     

    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    awrudu 3 kalin wilpattuwe camping gihin maha wassakata set wela dawas 4 kale atharaman wela idala awe.. e wage athdakimak oya camping gihin jeewiteta ganna ba.
    ow mchn eka eththa. but den apita thiyana kalayath ekka dawas 4k kele atharaman wela edala awoth hamba karan kana rassawath nethi wela thiyei
     

    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    බොහොම ස්තූතියි මිත්‍රයා... හෝටන් ප්ලේන්ස් කෑම්ප් කරන එක මගෙත් හීනයක්... ඉක්මණටම හැබෑ කරගන්නවා... ආයෙත් ස්තූතියි.. වටිනාම තොරතුරු ටිකක් ලැබුණා...
    aniwa. visit ekak dala enna. tread eken monawa hari dena gaththa nam sathutui :)
     

    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    mehemai mchn, Horton plains walata yanakam Public transport nehe bng. oni nam oyalata Pattipola ta yanakam train eke yanna puluwan. ethana edan wahanayak hair karanna wenawa. mokada pattipola edan 10km wage thiyanawa horton plains entrance ekata. puluwan nam ekath ewidagena yanna. loku aulakuth nehe. hebei mchn apahu enakota thami amaru. ehen ehema enna wahanayak hoya ganna nehe. loku cost ekak nam yanne nehe.