නෙප්චුන් සොයා ගැනීම
දුරේක්ෂයකින් සොයාගත් ප්‍රථම ග්‍රහලෝකය වෙන්නේ යුරේනස්, ඒ සර් විලියම් හර්ෂල් විසින් 1781 දි. 1781 ඉදල අවුරුදු 70 ක් පමණ ලබාගත් දත්ත වලින් පෙනී ගිය දෙයක් තමයි යුරේනස්ගේ චලිතය නිව්ටන් ගේ ගුරුතවාකර්ශන නියමයට පටහැනිව චලනය වන බව
. නමුත් නිව්ටන් ගේ ගුරුතවාකර්ශන නියමය ඉතාමත්ම නිවැරදිව පෘතුවිය , හද , සූර්යයාගේ චලනයන් විස්තර කරයි. නමුත් සමහරුන්ගේ මතය උනේ නිව්ටන් ගේ ගුරුතවාකර්ශන නියමය සෞර්ග්රහ මණ්ඩලයේ මෙතරම් දුරකට සත්‍ය නොවන බවයි. නමුත් බහුතරයගේ මතය වූයේ යුරේනස්ගේ පිටතින් පවතින තවත් හදුනා නොගත් වස්තුවක් නිසා ඇතිවන ගුරුතවාකර්ශන බලය නිසා මෙම වෙනස් වීම සිදු වන බවයි. 
එය සෙවීමේ අභියෝගය බාර ගත්තේ ප්‍රංශ විද්‍යාඥයකු වූ Urbain Le Verrier හා බ්‍රිතාන්‍ය විද්‍යාඥයකු වූ John Couch Adams ය. එය සෙවීම ඉතා විශාල අභියෝගයක් වුයේ එහි ස්කන්ධය හා එහි ස්ථානය අවිනිශ්චිත වීමයි. ඔවුන්ගේ ගණනයන් පිටු ගණනක් පුරා විහදා ගියේය
. අවසානයේ ඔවුන් යම් ස්ථානයක් හා නිරීක්ෂණය කිරීමට වෙලාවක් බර්ලින් නිරීක්ෂනාගාරයට ලබා දුනි. Johann Gottfried Galle විසින් ඔවුන් ලබා දුන් වෙලාවේදී අදාල ස්ථානය නිරීක්ෂණය කරන ලදී. අංශක 1ක නිවැරදිතාවයක් සහිතව ඔවුන් හට අලුත් ග්‍රහලෝකයක් සොයා ගැනීමට හැකිවිය
. එම ග්‍රහලෝකය ඔවුන් නෙප්චුන් නමින් නම් කරන ලදී.
Le Verrier, Adams ගේ අනුමානයන් හා ඊ තලයෙන් නෙප්චුන්ගේ නිවැරදි පිහිටීම පෙන්වයි.
නිරීක්ෂණයෙන් තොරව භෞතික විද්‍යාවේ නියම පමණක් භාවිතා කර සොයා ගත් පළමු ග්‍රහලෝකය මෙය වේ. මේ නිසා නිව්ටන් ගේ ගුරුතවාකර්ශන නියමය තව දුරටත් තහවුරු වූ අතර එය විශ්වීය නියමයක් (A Universal Law)ලෙස හදුන්වා දෙන ලදී.
තව මේ වගේ කතා ගොඩක් තියෙනවා වෙලාව තියෙන විදියට post කරන්නම්

Last edited: