පෘථිවියට අභියෝගයක් – නව වෙනි ග්‍රහයා ගැන හ&#35

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    පෘථිවියට අභියෝගයක් – නව වෙනි ග්‍රහයා ගැන හ&#35

    1111.jpg


    පෘථිවිය මෙන් දස ගුණයකින් විශාල නව ග්‍රහලෝකයක් අපේ සෞරග්‍රහ මණ්ඩලය තුළ තිබෙන බවට ප්‍රබල සාක්ෂි ඔවුන් සොයා ගෙන ඇති බව අමෙරිකානු තාරකා විද්‍යාඥයෝ පවසනවා.
    “නම වෙනි ග්‍රහයා” නමින් දැනටමත් හඳුන්වා ඇති මේ අභ්‍යවකාශ වස්තුව නෙප්චූන් ග්‍රහයා ගේ සිට සැතපුම් කෝටි ගණනක් ඈතින් පරිභ්‍රමණය වෙමින් තිබෙන බවයි කැලිෆෝනියා තාක්ෂණික ආයතනය පවසන්නේ.
    “එක මොහොතක් තිබුණා හරියටම මේ පුටුවේ වාඩිවෙලා ඉන්න කොට අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ යමක් අපේ අවධානයට යොමු වුණු.
    ඒක මගේ ඇස් අදහාගන්න බැරිවුණු මොහොතක්. එත් මම ‘හුරේ’ කියල උඩ පැන්නේ නැහැ. හැබැයි ඒක ඇත්තටම දැක්කහම මම ගල් ගැහුණා” යනුවෙනුයි කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ තාරකා විද්‍යාඥයෙක් වන මයික් බ්‍රවුන් (Mike Brown) තම කණ්ඩායම විසින් මේ නව සොයා ගැනීම සිදු කල මොහොත විස්තර කළේ.
    ලොව පුරා ඇති බොහෝ දුරේක්ෂ අතරින් එකකට මෙය දැක ගැනීමේ අවස්ථාව උදා විය හැකි බව පැවසූ ඔහු ලෝකය පුරා සිටින්නන් මෙය සෙවීමට උත්සුක වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.
    මේ පිලිබඳ වැඩිදුර පර්යේෂණ පැවැත්වෙමින් තිබෙන බවයි පැවසෙන්නේ.:P:P