පළමු වරට Camping කරන අයට!

ushankv

Member
Feb 15, 2009
189
71
0
පළමු වරට Camping කරන අයට!

පලමු වතාවට camping කරන්න හිතාගෙන ඉන්න සහ camping කරන්න අසාවෙන් ඉන්න අයටයි මේ කතාබහ.

Camping කියන්නේ මාර සතුටක් ලබන්න පුළුවන්, වටේ ලෝකේ ඔක්කොම අමතක කරලා පරිසරය එක්ක එකතු වෙන්න පුළුවන් මාර අත්දැකීමක්. හැබැයි ඒ වැඩෙත් හරියට plan කරලා ගැලපෙන යාළුවොත් එක්ක කරන්න ඕනි. නැත්තන් Camping පට්ට boring වෙන්න පුලුවන්.

මේ කියන්න යන්නේ එහෙම boring වෙන්නේ නැතිව, තමන්ගේ පලවෙනි Camping trip එක සාර්ථක කරගන්නේ කොහොමද කියල.

Research the area

ඔයා camping යන්න ඉන්න area එක මුලින්ම අද්‍යනය කරන්න. කැලයක් ඇතුලට යනවද නැත්තම් private camping site එකකට යනවද කියල මුලින් හිතල බලන්න. දැන් ලංකාවෙත් ගොඩක් private camping site තියනවා. මේ කොහේ යනවා උනත් යන්න මාසෙකට විතර කලින් place එක බූක් කරන්න අමතක කරන්න එපා. කැලයක් ඇතුලට යනවා නම් අවශ්‍ය අවසර එහෙම කලින් ගන්න ඕනි. ඒවා ගැනත් අවදානය යොමු කරන්න.

Practice putting your tent up

කලින් Camping කරපු කෙනෙක් නෙමෙයි නම්, මීට කලින් ඔයා tent එකක් fix කරලත් නැතුව ඇති. trip එක පටන් ගන්න දවසක් දෙකක් කලින් ඔයා අරගෙන යන්න බලාපොරොත්තු වෙන ටෙන්ට් එක යාළුවොත් එක්ක එකතු වෙලා fix කරලා බලන්න ගෙදරදීම. මතක තියාගන්න, කොහේදී හරි ඔයා හිර උනොත්, Youtube ඔබේ හොදම මිතුරා බව. ඔය කවුරු මොනවා කිවත් tent එකක අමාරුම වැඩේ තමයි ආපහු tent එක හරියට අකුලලා bag එකට දා ගන්න එක.

අනිත් එක මතක තියා ගන්න ඔයා මේ අරගෙන යන ටෙන්ට් එක ඔයා යන පරිසර තත්ත්ව වලට ගැලපෙන, යන ඔක්කොටම ප්‍රමාණවත් එකක් කියලත්.


Plan for poor weather

යන පැත්තේ කොච්චර හොද කාලගුණයක් තිබුනත් ready වෙන්න worst case එකට.

Plan for good weather too

camping area එකේ දවල් කාලේ කරන්න දේවල් plan කරගන්න. Card pack එකක් උනත් ඕනි වෙන්න පුළුවන් මේ වෙලාවට.

Pack!

මෙන්න මෙතන තමයි ගොඩක් අය‍ට වරදින්නේ. මතක තියාගන්න ඔයාට ඕනි වෙන ඔක්කොම දේවල් මතක ඇතුව අරගෙන යන්න. your tent, sleeping bag, camping mat වගේම toothbrush එකත් අමතක වෙන්න පුළුවන්. Camp site එකේදී උයනවා නම් ඒ දේවල් ටිකත් කලින්ම ready කර ගන්න.

ඔන්න ඔය ටික තමයි ඉතින් මුලිකවම.
ලොකුම දේ තමයි, Camping ඉවර වෙලා ආපහු එනකොට ඔයා ගෙනිච්ච ඔක්කොම ආපහු අරගෙන එන්න. කිසිම දෙයක් එහෙ ඉතුරු කරලා ඇවිත් ඒ සුන්දර පරිසරය විනාස කරන්න එපා.

තව මොනවා හරි දැනගන්න ඕනි නම් PM කරන්න.

Happy Camping!
 

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    ආසම දෙයක් තමයි බන් :love: සෙට් එකක් එක්ක කැලේ පනින්න තියනවා නම් ආයේ මුකුත් ඕනේ නෑ :P
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,879
    11,627
    113
    Mama ohiya camping gihin thiyenawa
    Tent eka wassema gahala anthimata man nidagatte bus eke ban
    Kudallo wimane
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    OtGDCSI.jpg


    4384OGg.png
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Camping kiyanne parisaraya uparima widhinna puluwan activity ekak, me awuruddata depaarak camping kala :D mama nam kamathi common camping sites walata wada aluth place ekak hoyagena yanna. Boka daana eka thamayi muladi poddak awul, eka huruwenawa dethun paarak camping giyaama
     

    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    Camping kiyanne parisaraya uparima widhinna puluwan activity ekak, me awuruddata depaarak camping kala :D mama nam kamathi common camping sites walata wada aluth place ekak hoyagena yanna. Boka daana eka thamayi muladi poddak awul, eka huruwenawa dethun paarak camping giyaama
    ow bng aluth place walata yanna thiyana nam ela. boka case eka thamai aula neh. lol