තිබහ වෙලාවකට කූල් මයිලෝ එකක් කියන්නෙ දිව පිනා යන පානයක්. හැබැයි කඩෙන් ගන්න මයිලෝ පැකට් එක උගුරු දෙකටත් මදි නේද? හදාගමුද තිබහට රසවත් අයිස් මයිලො එකක්? දවසක් හැදුවොත් ආයෙ ආයෙ හදල බොන්න හිතෙන රසක් තියෙන මේ අයිස් මයිලෝ එක හරියටම හදාගන්නෙ මෙහෙමයි.
අවශ්‍ය ද්‍රව්‍ය (මිලිලීටර් 300ක වීදුරුවක් සඳහා)
- මයිලෝ තේ හැඳි 3-5 (චොක්ලට් රසට ගොඩක් කැමති අය 5ක් දාන්න)
- කිරි පිටි මේස හැඳි 3
- සීනි තේ හැන්දක්
- අයිස් කැට
- උණු වතුර 100 ml
- කූල් වතුර 100 ml
- අයිස් කැට
- උඩින් ඉසීමට වෙනම මයිලෝ මේස හැඳි 2ක්
- මයිලෝ, කිරිපිටි සහ සීනි වීදුරුවකට දාල හොඳින් එකට මිශ්‍ර කරගන්න.
- ඒකට උණුවතුර එක් කර කැටි නොහිටින ලෙස හොඳින් දිය කරගන්න.
- කූල් වතුර එක් කර මිශ්‍ර කර වීදුරුව පිරෙන තුරු අයිස් කැට පුරවන්න.
- එයට උඩින් මයිලෝ කුඩු එක් කර රස බලන්න.
එච්චරයි! රස නහර පිනා යන රසයක් සහතිකයි.
කූල් මයිලෝ එකට වැනිලා අයිස් ක්‍රීම් ස්කූප් දෙකක් දාගෙන ඒකට උඩින් තව මයිලෝ කුඩු ටිකක් දා ගත්ත නම් රස්නෙ දවසක කූල් වෙන්න කියාපු බීමක්.
මේ මයිලෝ ප්‍රමාණයටම කිරි පිටි සහ සීනි නොදා ඒ වෙනුවට උණු වතුර පොඩ්ඩකින් මයිලෝ ටික දියකරන් මිල්ක්මේඩ් මේස හැඳි 1 1/2ක් එකතු කරන්න. ඒකට ෆුල් ක්‍රීම් ෆ්‍රෙශ් මිල්ක් දාන්න වීදුරුව පිරෙනකම්. හදලම බලන්නකො රස.
Code:
aniwa.lk
Last edited:

කෙලත් ඉනුවා.. 

