මාලූ කනවද...... අපොයි එහෙනම් කියවන්නම ඕන.....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මාලූ කනවද...... අපොයි එහෙනම් කියවන්නම ඕන.....

    [FONT=&quot]මාලූ කනවද...... අපොයි එහෙනම් කියවන්නම ඕන.....[/FONT]


    Very_Fresh_Fish.jpg


    [FONT=&quot]සාමන්‍ය පිළිගැනීමක් තියෙනවා ධීවර සංස්ථාවට අයිති කඬේකින් මාලූ ගත්තම ඒවා අලූත්.... පිරිසිදුයි කියලා..... හැබැයි ඒක බොරුවක්.... මම මේ කියන්නේ නුවර ධීවර සංස්ථාව ගැනයි.... ලංකාවේ හැම ධීවර සංස්ථාවකම මේ වගේ ද කියන්න මම දන්නේ නෑ.... නුවර ලංකා ධීවර සංස්ථාවේ අවුරුදු [/FONT]15[FONT=&quot] ක් විතර වැඩ කරපු කෙනෙක්ගේ අත්දැකීම් තමයි මේ....[/FONT]

    [FONT=&quot]ලංකා ධීවර සංස්ථාවට අයත් කඩ කරගෙන යන්න දීලා තියෙන්නේ කොමිස් පදනම මත.... ඒ කියන්නේ කෙනෙකුට ලබා දෙන මත්ස්‍ය තොගය විකිණීම වෙනුවට ඔහුට ලැබෙන්නේ කොමිස් මුදලක්.... ධීවර සංස්ථාවෙන් විදුලිය[/FONT], [FONT=&quot]ජලය පහසුකම් සහිත කඩයක් ලබා දෙන අතර ශීතාගාර පහසුකම් ද නොමිලේ ලබා දෙනවා.... හැබැයි කඩය කරන කෙනා සේවකයන්[/FONT], [FONT=&quot]කඩදාසි[/FONT], [FONT=&quot]ඇසුරුම් බෑග් ආදිය තමන්ගේ වියදමින් සපුරාගත යුතුය.... ඊට අමතරව තමන්ට භාර දුන් මාලූ තොගය සම්පූර්ණයෙන්ම විකුණාගැනීමේ වගකීම ද ඔහුට පැවරෙනවා... ඒ කියන්නේ ඉතිරි ඒවා [/FONT][FONT=&quot]return[/FONT][FONT=&quot] කරන්න බෑ.... මාලූ නරක් වෙලා අයින් කරන්න වුණොත් ඒ පාඩුව ඔහු දරාගත යුතු වෙනවා.... මේ සියඵ බාධක මැද්දේ ධීවර සංස්ථාවේ කඩයක් කරන කෙනා තමන්ගේ ලාභය උපරිම කරගෙන වෙළදාම කරගෙන යන්න ඕන.... නැත්තම් අතින් පාඩු වෙනවා.... ඒ සදහා ඔවුන් අනුගමනය කරන උපක‍්‍රම ටිකක් අපි දැන් බලමුද[/FONT]? ([FONT=&quot]මේ කාරණා සාමාන්‍යයෙන් ධීවර සංස්ථාවේ පමණක් නොව සාමාන්‍ය මාලූ වෙළදසැල්වල ද අඩු වැඩි වශයෙන් කි‍්‍රයාත්මක වෙනවා කියලා අදාල පුද්ගලයා කියන්න අමතක කළේ නෑ...[/FONT][FONT=&quot])[/FONT]

    [FONT=&quot]ධීවර සංස්ථාවට අයිති ශීතාගාර [/FONT][FONT=&quot](cool room)[/FONT][FONT=&quot] වල මාලූ දැම්මහම කලූගල් වගේ හයි වෙනවා.... ඉතිං ඒවායේ [/FONT][FONT=&quot]cool[/FONT][FONT=&quot] එක උදේට අරින්න ගොඩක් අමාරුයි.... ඒකට මේ ගොල්ලෝ උපක‍්‍රමයක් භාවිතා කරනවා... ඒ තමයි [/FONT][FONT=&quot]cool[/FONT][FONT=&quot] වෙලා තියෙන මාලූවලට මූත‍්‍රා කරන එක.... එතකොට ඉක්මණින් [/FONT][FONT=&quot]cool[/FONT][FONT=&quot] එක බැහැල යනව කියල මතයක් ඒගොල්ලන් අතර තියෙනවා.... [/FONT]

    [FONT=&quot]දවස් ගාණක් [/FONT][FONT=&quot]cool[/FONT][FONT=&quot] කරපු මාලූ තිරිවානා ගලක් වගේ සුදුපැහැ වෙනවා.... ඒවා පාරිභෝගිකයෙක් ගන්න කැමති නෑ.... පාරිභෝගිකයා හැමවෙලාවෙම බලන්නේ ලේ පැහැයෙන් බැබළෙන මාඵ ගන්නයි.... ඒකටත් විකුණුම්කරු උපක‍්‍රමයක් භාවිතා කරනවා.... අඵතෙන් මාලූ තොගයක් ලැබුණහම ඒ මාලූන්ගේ කරමලය වෙන් කරල ගන්නවා... සාමාන්‍යයෙන් මාලූවෙක්ගේ කරමලය දැඩි රතු පැහැයක් ගන්නා අතර සැලකිය යුතු ලේ ප‍්‍රමාණයක් කරමලේ තැන්පත් වෙලා තියෙනවා... ඉතිං වෙළෙන්දා කරන්නේ අර කරමලයක් අරගෙන වතුර කෝප්පයක ඔබල අරගෙන අර පරණ සුදු වෙච්චි මාඵවල අතුල්ලනවා..... මෙහෙම කරපුවහම පරණ මාඵ කෑල්ල දැන් කැපුව වගේ රතු පාටින් දිලිසෙනවා..... ඉතිං පාරිභෝගිකයා රැවටෙනවා..... [/FONT]

    [FONT=&quot]අනික තමයි මාඵ කපන කොටය හැම වෙලාවකම තියෙන්නේ කඬේ ඇතුලේ පාරිභෝගිකයාට මනාව දර්ශනය නොවන විදියට.... ඉතිං මාලූ කපන කෙනා පාරිභෝගිකයා කිරල දුන්න මාලූ කපන කොට කෑල්ලක් දෙකක් කොටෙන් එහා පැත්තට සූක්ෂමව වැටෙන්න සලස්වනවා..... මේක පාරිභෝගිකයාට තේරෙන්නේ නෑ... පාරිභෝගිකයා සැක හිතිලා ආයෙත් කිරල බලපුවහම ඒ අඩුව ගැන කවදාවත් වෙළෙන්දා එක්ක තර්ක කරන්න බෑ.... මොකද කරමල්[/FONT], [FONT=&quot]බඩවැල්[/FONT], [FONT=&quot]පිහාටු ආදිය අයින් කරපුවහම මාලූවල බර අඩුවෙනවා කියන දේ ඔවුන් නිදහසට කාරණයක් විදියට ඉදිරිපත් කරන නිසා... ඉතිං දවසකට සැලකිය යුතු අතිරික්ත ආදායමක් එමගින් උපයා ගන්නවා....[/FONT]

    [FONT=&quot]ඊට අමතරව මාලූ කිරන අවස්ථාවේදීත් පොඩි පොඩි ජිල්මාට් දානවා.... ගොඩක් වෙලාවට මාලූ කිරීමට ගන්නේ දුනු මගින් කි‍්‍රයාත්මක වෙන එල්ලන තරාදි හෝ මේස තරාදියි.... ඉතිං මේ තරාදියේ දුන්න ග‍්‍රෑම් [/FONT]50 - 100[FONT=&quot] ක් අතර වැඩියෙන් කිරෙන විදියට අදිනවා.... ඒක ටිකක් සූක්ෂමව කරන්න ඕන දෙයක් වුණත් මේ ගොල්ලන්ට ඒක ටොයිස් වැඩක්..... අවුරුද්දකට සැරයක් මිනුම් දෙපාර්තමේනතුවෙන් තරාදියේ නිවැරදිතාවය තහවුර කර ලයිසන් එක යුතු බැවින් ගොඩක් වෙලාවට මෙම තරාදි පාවිච්චි කරන්නේ අවුරුද්දක කාලයක් පමණයි.... ඊළග අවුරුද්දට අලූත් තරාදියක් අරගන්නවා... ඒක ඒ ගොල්ලන්ට ඒ තරම් පාඩුවක් නෙවෙයි.... මොකද හොරට කිරල ගන්න ලාභය ඊට වඩා දහස්වාරයක් වැඩි නිසයි.... ඊට අමතරව මාඵ කිරීමට තරාදියට දාන්නේ පත්තර පිටු සෑහෙන ප‍්‍රමාණයක් තරාදිය මත තියලා..... එතනිනුත් මාලූවල සැබෑ බර ග‍්‍රෑම් ගණනකින් අඩුවෙන අතර එතනින් ද පුංචි ලාභයක් ගන්නවා....[/FONT]

    [FONT=&quot]ඉලෙක්ට්‍රොනික් තරාදිවලින් කිරීමේ දී සාමන්‍යයෙන් ඒ මත තබන [/FONT][FONT=&quot]tray[/FONT][FONT=&quot] එක තියලා තරාදිය [/FONT]zero[FONT=&quot] කරන්නේ [/FONT][FONT=&quot]tray[/FONT][FONT=&quot] එකේ බර කිරන අවස්ථාවේ දී නොසලකා හැරීමටයි.... හැබැයි ගොඩක් වෙලාවට මාලූ වෙලෙන්දා කරන්නේ තරාදිය මත [/FONT][FONT=&quot]tray[/FONT][FONT=&quot] එක නොතබා තරාදිය [/FONT]zero[FONT=&quot] කරන එකයි[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] පාරිභෝගිකයා මේ පිළිබදව ඒ තරම් සැලකිල්ලක් දක්වන්නේ නෑ.... ඉතිං මාඵ ටික තැටියට දාල තරාදියෙන් කිරන කොට තැටියේ බරත් එක්ක තමයි [/FONT][FONT=&quot]count[/FONT][FONT=&quot] වෙන්නේ..... ඊට අමතරව මාඵ කොරපොත්තකින් තරාදියේ [/FONT][FONT=&quot]display[/FONT][FONT=&quot] එකේ ඉලක්කම් සූක්‍ෂමව වසන අවස්ථා ද තියෙන බව පවසනවා.... ඒක කරන්නේ ගොඩක් වෙලාවට හවස අඳුර වැටෙන යාමයේදී..... ඊට අමතරව පාරිභෝගිකයාගේ අවධානයේ දුර්වලතාවය අනුව අවස්ථාවේ හැටියටත් වංචා සිදුකරනවා කියලා කියනවා.....[/FONT]

    [FONT=&quot]සෑම වෙලාවකම අලූත් මාලූ හා පරණ මාලූ කවලම් කරල විකිණීමත් සාමාන්‍ය දෙයක්... හැම වෙලාවකම පාරිභෝගිකයාට පේන්න තියන්නේ අලූත් මාලූ.... ඒ වුණාට කිරල දෙන්නේ වෙනමම තියාගෙන ඉන්න පරණ මාලූ.....[/FONT]

    [FONT=&quot]අනික තමයි හෝටල්වලට මාලූ දෙන කොට දෙන්නේ අන්ත විදියට පරණ වෙච්චි මාලූ.... ඒක හෝටල් අයිතිකරුවනුත් දන්නවා.... ඔවුන් ඒක ඒ හැටි ගණන් ගන්නේ නැත්තේ ඒ මාලූ ඔවුන්ට දෙන්නේ ඉතා අඩු මුදලකට වෙන නිසයි.....[/FONT]

    [FONT=&quot]එතකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට[/FONT], [FONT=&quot]පාරිභෝගික සේවා අධිකාරියේ ඇතැම් නිලධාරින්ට මේවා පේනනේ නැද්ද කියලා කෙනෙක්ට අහන්න පුලූවන්.... මොකද නැත්තේ පේනවා..... ඒ වුණාට සතියකට දෙපාරක් තුන් පාරක් අලූත්ම අලූත් මාලූ ටිකක් නොමිලේ හම්බවෙන කොට මොන කතා ද[/FONT]?

    [FONT=&quot]මෙහෙම බලපුවහම අපි මාලූ කනවා කියන්නේ සල්ලි පැත්තෙනුත්[/FONT], [FONT=&quot]සෞඛ්‍ය පැත්තෙනුත් වෙළෙන්දා අපිව නන්නත්තාර කරනවා කියන එකයි.... ඉතිං හොඳ මාලූ ටිකක් නිවැරදි බරට ගන්න පාරිභෝගිකයා මනා දැනුවත්වීමකින් ඉන්න ඕන.... මගේ මේ පෝස්ටුවෙන් ඒ දැනුවත් වීම යම්තාක් දුරට හරි ලැබුණ නම් ඒ ගැන මම අවංකව සතුටු වෙනවා....[/FONT]

    [FONT=&quot]මීට අමතරව කරන ජිල්මාට් වැඩ දන්නවා නම් ඒවත් මේ නූලටම එකතු කළොත් ගොඩක් අයට ප‍්‍රයෝජනවත් වෙයි කියල මම හිතනවා...... සලකල යන්නත් අමතක කරන්න එපා.....[/FONT]


     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    "මාලූවලට මූත‍්‍රා කරන එක" මේ මොන සක්කිලි වැඩක් ද බන් :shocked:
    TFS බන් :cool:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    boru bn oya deewara sansthawe malu wikunanawata godak malu business karayo kemethi ne un sadarana milakata dena hinda oya wage boru pathurawanne oya minissu
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මාළුවාගේ ඇහැ දිහා බලන්න

    බොර පාටට තියනවා නම් අයිස්

    අලුත් පාටට දිලිසෙන ගතිය වැඩි නම් අලුත් මාළු
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    boru bn oya deewara sansthawe malu wikunanawata godak malu business karayo kemethi ne un sadarana milakata dena hinda oya wage boru pathurawanne oya minissu

    පිස්සුද බං..... උඹ හිතුවද මම මාලූ බිස්නස් කාරයෙක් කියලා... මේ කතාව කියන්නේ ධීවර සංස්ථාවෙම කඩ කරපු එකෙක්.... බොරු නම් ගිහින් සූක්ෂමව හොයල බලපන්..... මීට වඩා පිස්සු කොර වෙන දේවල් දැන ගන්න පුලූවන් වෙයි.... අනික මම පැහැදිලිව කියල තියෙනවා හැම මාලූ කඬේකම මේව අඩු වැඩි වශයෙන් කි‍්‍රයාත්මක වෙනවා කියලා..... දැක්කේ නැතිද? :confused:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අපිත් මේ ලඟදි දීවර සංස්ථාවෙන් කියල ගත්තා උබ කිව්වා වගේ ගල් වෙලා,
    හදිස්සියට ගන්ඩ වෙන තැනක් තිබ්බේ නැ,


    වැල්ලට ගිහින් ගන්න තරම් කොලිටියක් නැ වෙන කොහෙවත්,
    හැබැයි සමහර පොඩි මාළු වෙළෙන්දෝ ඉන්නවා ඒ ගොල්ලන්ගේ දවසේ කෝට එක පැය 3-5 න් ඉවර කරන අය,
    ඒ ගොල්ලෝ නම් ඉතින් දවස ගානේ අලුත් ඒවා තම ගේන්නේ,

    රට ඇතුලේ ඉන්න අයට තම ඔය ප්‍රශ්න තියෙන මාළු ගොඩක් එන්නේ,