කොල්ලන්ව අනිවා ගොඩදාන ගින්දර වගේ ෆැෂන් ට&#3538

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
කොල්ලන්ව අනිවා ගොඩදාන ගින්දර වගේ ෆැෂන් ට&#3538

1. ස්ලිම්ෆිට් හොඳයි, රේගියුලර් හොඳාආආආයි…!

fashiontipsformen-01.jpg



කොහොමත් අපේ යාළුවො slimfit අඳින්න ආසයි. තමන්ගේ ඇඟේ හැඩය පෙන්නන්න ලස්සනට ස්ලිම්ෆිට් අඳින එකේ කිසිම අවුලක් නැහැ. සිහින් සිරුරු තියෙන අය ඕනෙවට වඩා ප්‍රමාණයෙන් වැඩි ඇඳුම් ගන්න එක එච්චර හොඳ නැහැ. එය ඔබව කැතට පෙනෙන්නට එක හේතුවක් වෙයි.

ඒ වගේම තමා මහත අය ස්ලිම්ෆිට් ඇන්දම. අවුල තියෙන්නේ ඔබ පොඩ්ඩක් හරි තරබාරු නම් ඔබේ සිරුරේ හැඩය නිසා ඔබව ස්ලිම්ෆිට් ඇඳුම් වලට කැතට පෙනෙන්න තියෙන ඉඩ වැඩි වීම. ඒ නිසා මහත ඔබට ගැලපෙන්නේ රේගියුලර් ෆිට් ඇඳුම් තමයි.

ඒ කියන්නේ? ට්‍රෙන්ඩ් අමතක කරලා තමන්ගේ හැඩයට අනුව අඳින එක කවදාවත් ට්‍රෙන්ඩි කියලයි.



2. ටිකින් ටික

fashiontipsformen-02.jpg



ඕනෙවට වඩා ඔබේ පෙනුම සංකීර්ණ කරගන්න යන්න එපා. මොනම හේතුවක් නිසාවත් වර්ණ තුනකට වඩා ඔබ පළඳින ආභරණ වර්ණවත් කරගන්න එපා. මේක ඔබ මියුසික් බෑන්ඩ් එකක ප්ලේ කරනවා නම් අදාළ නැති වෙන්න පුළුවන්. එහෙත් අපිට රොක්ස්ටාර් කෙනෙක් වගේ පාරේ යන්න බැහැනේ.
ඔබට කැපී පෙනෙන්න උවමනා නම්, එකකට එකක් ගැලපෙන ඇඳුම් තෝරන්න. එය ඔබව අනෙක් අයගෙන් වෙන් කර දක්වාවි. ඒ වගේම අඳින දේ තමන්ට සුවපහසු වෙනකොට ඒ ගැන ආශාවක් ඇතිවීම ස්වාභාවිකයි.

ඔබට විවිධ වර්ණ උත්සහ කරන්නට උවමනා නම් පොඩ්ඩක් මේ කාලේ ප්‍රචලිත වර්ණ රටා ගැන අවධානයෙන් සිටින්න. කරන උත්සහයක් බොහොම හෙමිට ක්‍රමවත්ව නොදැනෙන පරිදි කරන්නtත් පුළුවන්. එවිට ඔබගේ හිතටත් එය පහසු වෙනවා නියතයි.



3. කණ්නාඩිය ඉදිරියේ දී ඔබ, ඔබව පරීක්ෂණයට භාජනය කර ගන්න


fashiontipsformen-03.gif



පොඩ්ඩක් කැරකිලා නැවිලා හැඩට පෝස් කළා කියලා කණ්නාඩිය ඔබට චෝදනා කරන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා ඔබ අඳින ඇඳුම ඇඳලා එලියට යන්න කලින් පොඩි අත්හදා බැලීම් කිහිපයක් කලාට කමක් නැහැ.

නිදසුනක් විදිහට කමිසය තද නිල් නම් හැමදාම අඳින කළු කලිසම වෙනුවට දුඹුරු පාටට හුරු කලිසමක් ගලපන්න බලන්න, එය ඔබේ පෙනුමට අලුත් වෙනසක් එකතු කරාවි.



4. තනිවම ෂොපින් යන්න එපා

fashiontipsformen-04.jpg



ගොඩක් වෙලාවට ඔබට අවශ්‍ය ඇඳුම නෙවෙයි කඩෙන් එලියට එනකොට ඔබ අතේ තියෙන්නේ. ඔබ කතාකල සාප්පුවේ සේවකයාට උවමනා ඇඳුම. මේ නිසා ඔවුන්ට ඔබේ හිතට ඇතුළු වෙන්නට ඉඩ දෙන්නට එපා. මිල, සයිසස් ගැන වගේ ඇහුවට වරදක් නැහැ. එහෙත් ඔබට අවශ්‍ය දේට කලින් ඔවුන්ට අවශ්‍ය දේ ඔබේ හිතට පටවන්නට ඉඩ තියන්නට එපා. මේ නිසා ඔබට ඇත්ත කියන, ෆැෂන් සෙන්ස් එකක් තියෙන ඔබේ මිතුරෙක් හෝ මිතුරියක් එක්ක ෂොපින් කරන එක තමා නුවනට හුරු වන්නේ.



5. ඇරයුම්පත ගැන සැලකිලිමත් වෙන්න

fashiontipsformen-05.jpg



ඔබ යන්න හදන්නේ ඔබේ රැකියා ස්ථානයේ ප්‍රිය සාදයකට නම් නිතරම සාද ඇරයුම් පතේ තියෙන ඩ්‍රෙස් කෝඩ් එක ගැන සැලකිලිමත් වෙන්න. එහෙම නැතිනම් සාදය තිබෙන වෙලාව අනුව ඔබේ ඇඳුම සකසා ගන්න සැලකිලිමත් වෙන්න. නිතරම ඔබ කැපී පෙනෙන ලෙස ඉන්නට උත්සහ කිරීම ඔබට ඉහලින් සිටින නිලධාරින් අපහසුවට පත් කරවන හේතුවක් වන්නට පුළුවන්. එහෙත් සාදය මෙහෙය වන්නේ ඔබ නම් මේ කාරනාව ඔබට අදාළ වෙන්නේ නැහැ.



6. පුංචි දේවල් ගැන වැඩි සැලකිල්ලක්


fashiontipsformen-06-a.jpg



අපි ඉහතින් කියපු දේවල් ප්‍රධාන ඇඳුම් ආයිත්තම් ගැන නේ. එහෙත් ඔබ සිතට ගත යුතු කාරනාව තමයි. ඒ ප්‍රධාන ආයිත්තම් පරිපුර්ණ බවට පත් කරන්නේ ඔබ පළඳින කුඩා ආයිත්තම් මගින්. නිදසුනක් විදිහට ඔබ ටයි ගැටය. ඔබේ කෆ්ලින්ක්ස්, ඔබ පළඳින සොක්ස් වල වර්ණය, ඔබේ ලේන්සුවේ වර්ණය ගැන පොඩි හරි සැලකිල්ලක් දක්වනවා නම් ඔබට අතපසුවීම් වීම අඩු කරාවි. ඒ විතරක් නෙවෙයි ඔබ අඳින ඔරලෝසුවේ විලාසිතාවත් මේ කොටස් වලට අයිති වෙන බව අමතක කරන්න එපා.

අනික පොඩ්ඩක් මේ පහත රුපය ගැන සලකිලිමත් වෙන්න.


fashiontipsformen-06-b.jpg




7. හොඳ සපත්තු ජෝඩුවක්


Shoes.jpg


පුළුවන් වෙලාවක හොඳ බ්‍රෑන්ඩ් එකක සපත්තු ජෝඩුවක් දෙකක් මිලදී ගෙන තියාගන්න. උත්සව අවස්ථාවකට යන ඔබේ වටිනාකම මැනෙන්නේ ඔබේ අතේ තිබෙන ජංගම දුරකතනයෙන් නෙවෙයි. ඔබ පළඳින අඳින ඇඳුම් ආයිත්තම් සම්බන්ධයෙන් ඔබ සතුව තිබෙන ෆැෂන් සෙන්ස් එක අනුවයි. අනික ඔබ පළඳින සපත්තු ජෝඩුව නිතරම හොඳින් පිරිසිදුව පැවතීම බොහොම වැදගත් වෙනවා. එහෙත් ගොඩක් අපේ යාළුවො සැලකිල්ලක් නොදක්වන්නෙත් මේවටම තමයි. අපි හරියටම සපත්තු දෙක පොලිෂ් කරනවාද කියන එකට හරි උත්තරයක් මේ වීඩියෝ එකේ තියෙනවා. එකත් බලන්න අමතක කරන්නෙපා.

කොහොමත් ඔබේ සපත්තු දෙක ඔබ ගැන නොකියවෙන බොහෝ දේ අනික් අයට නිහඬව පවසාවි.



8. අනුග්‍රහය දක්වන්නේපා

fashiontipsformen-08.jpg



මේ කාලේ අපේ ගොඩක් යාළුවො ප්‍රින්ටඩ් ටී ශර්ට්ස් අඳින්න කැමැත්තක් දක්වනවා. එහෙත් කීයෙන් කී දෙනාද එහි කියවෙන දේ ගැන සැලකිල්ලක් දක්වන්නේ. අනික් අතට අපි මොකටද කොහෙවත් තිබෙන වෙළඳ නාමයකට නොමිලයේ අනුග්‍රහයක් දක්වන්නේ ඒවා ඇඳගෙන ගිහින් හතර වටේට ප්‍රදර්ශනය කර කර. මේ නිසා එක්කෝ බොහොම සරල ඩිසයින් එකක් හෝ ප්ලේන් ටී ෂර්ට් එකක් ඔබේ ඩෙනිමට ගලපන්න බොහොම පහසු වේවි. ඒ වගේම ඒ පෙනුම ඔබට ගෙනෙන්නේ බොහොම වැදගත් පෙනුමක්.



9. විලාසිතා වැළඳ ගන්නේ ප්‍රවේසමින්

fashiontipsformen-09.jpg



එන එන හැම විලාසිතාවක්ම ආරෝපණය කරගන්න ගියෝතින් සමාජය ඉදිරියේ විහිලුවට ලක්වෙන්නේ ඔබමයි. නිකමට හිතන්න. කොලර් සයිස් අඟල් 18 විතර වෙන කමිසය ඇඳගෙන small size ටී ෂර්ට් අඳින කෙනෙක් ගමනක් ගියොත් එහෙම දකින එකත් විහිළුවක් නේද? අපි මෙතැ1නදී එහෙම කිව්වට අතට අහුවෙන ඕනෙම දෙයක් වැළඳගන්න අය ඕනේ තරම් ඉන්නවා.

ඒ නිසා, ඔබ සතුව තියෙන ඇඳුම් එකතුවෙන් ඔබට හොඳින්ම ගැලපෙන ඇඳුම් 5 හෝ 10 වෙන් කරගන්න. ඉන් පසුව එයට ගැලපෙන ආභරණ හෝ අඳින සපත්තු සේරෙප්පුත් වෙන් කරගන්න. මේ ටික වෙනම තියාගන්න. ඒ ඇඳුම් එකතුව එකකට එකක් වෙනස් කරමින් අඳින්න උත්සහ කරන්න. ඔබ නොදැන හිටියට එයින් බොහොම ලස්සන ඔබටම අනන්‍ය වුනු විලාසිතා රැසක් නිපදවාගන්න ඔබට පුළුවන් වෙයි.



10. ඇත්තටම මට මේක ඕනේම ද?

fashiontipsformen-10.gif



මොනවා හරි ඇඳුමක් පැළඳුමක් ගන්න කලින් ඔබ ඔබෙන්ම අසාගන්න ඇත්තටම මේ දේ ගන්නේ මම මට උවමනා නිසාද එහෙමත් නැති නම් මම කැමති වර්ගයේ සන්නම් නාමයකින් එය වෙළඳ පොලට ආපු නිසාද කියලා. සමහර විට ඔබ එහි උසස් නිමාව සහ විලාසිතාවට කැමති වුනා වෙන්නත් පුළුවන්. එහෙම නම් කමක් නැහැ.

එහෙත් ඔබ නිකමටවත් හිතුවද මේ ඇඳුම/පැළඳුම මම කැමති සන්නම් නාමය යටතේ නොතිබී නිකම් පදික වේදිකාවේ වෙළෙන්දෙක් වික්කා නම් මිලදී ගනීවිද කියලා? ඒ නිසා වෙළඳ නාමය කියන පාට කන්නාඩිය ගලවලා ඔබට අවශ්‍ය දේ තෝරාගන්න. එය ඔබට මුදලත් ඔබේ විලාසිතාවටත් සාධාරණයක් ඉටු කරාවි.



11. රැවුල් /කොණ්ඩ විලාසිතාව Update කරගන්න නියම ම කාලේ

fashiontipsformen-11.jpg



ඔබ කොතරම් ලස්සනට ඇන්දත් ඔබේ රැවුල සහ කොණ්ඩය නිසිපරිදි පවත්වාගෙන ගියේ නැති නම් ඔබේ උත්සාහය හෝදලා හෝදලා ආපහු මඩේ දාපු සුදු රෙද්දක් වගේ වේවි. ඒ නිසා ඔබට මිතුරන් සිටිනවා නම් ඔබ ඔවුන්ගෙන් ඔබට ගැලපෙනම රැවුල්/කොණ්ඩ රටාව ගැන විමසන්න. මිතුරියක් සිටිනවා නම් විශේෂයෙන්ම ඇයගෙන් අදහස් විමසන්න. මොකද කෙල්ලෝ දන්නවා කෙල්ලෝ කැමති මොන වගේ කොල්ලන්ටද කියලා. ලස්සනට ඇඳලා කොණ්ඩේ රැවුල හැඩ කරලා ආවම මොන තරම් ආකර්ශනියද කියලා ඔබටවත් හිතා ගන්නට බැරි වේවි.




සලකලා යන්න ,ඉස්සුවේ aniwa.lk එකෙන්


 

Similar threads