ඈතුරුදන්
rajitha_ks Well-known member Jan 13, 2009 8,856 1,305 113 Aug 11, 2016 #1 [resize=300] [/resize] Last edited: Aug 11, 2016 Reactions: kasun sandeep and toiya
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,049 5,816 113 canada Aug 11, 2016 #2 bump images loku wadi ban
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Aug 11, 2016 #3 අනේ අනිච්චං .... වෙනසක් සොයා ගිය අපට ලැබුණු ලබ්බක්.....
KDH Well-known member Jul 4, 2014 18,143 8,188 113 රූකඩ රාජ්ජේ Aug 11, 2016 #4 මේ දස කැරි ආණ්ඩුවට හෙණ ගහලත් මදි.
rajitha_ks Well-known member Jan 13, 2009 8,856 1,305 113 Aug 11, 2016 #9 This has been approved without a vote. We're fucked as a nation folks
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Aug 11, 2016 #10 unp+jvp+tna පරයො පාවල දුන්න
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Aug 12, 2016 #12 anduwata anuwa rate dawena prashana mewa anumatha karana ayath innawane
Harvard-Bio Banned Feb 26, 2016 5,204 334 0 Aug 12, 2016 #14 ‘යලි ලේ ගංගාවල පීනන්න ඉඩ දෙන්නේ නෑ, ශ්‍රී ලාංකික ජාතියක් බිහි කිරීමේ පළමු පියවර මෙයයි‘ - මංගල: වහලුන් පාර්ලිමේන්තුව මැදට කඩා පනී: ඒත් අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත ඡන්දයකින් තොරව සම්මතයි..!යලි ලේ ගංගා වල පීනන්නට ඉඩ නොතබන බවත් ශ්‍රී ලාංකික ජාතියක් බිහි කිරීමේ පළමු ක්‍රියාදාමය අද ආරම්භ කරන ලද බවත් රාජපක්ෂ වහලුන්ගේ බාධා මධ්‍යයේ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යයාලය පිහිටවීමේ පනත ඉදිරිපත් කරමින් මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය. පක්ෂ නායකවරුන්ගේ රැස්වීම් වලදී ද කාරක සභා අවස්ථාවේදී ද අනෙකුත් පක්ෂ වලින් ඉදිරිපත් කරන ලද සංශෝධන සහිතව ඉදිරිපත් කරන ලද පනතට කිසිදු හේතුවකින් තොරව වාසුදේව නානායක්කාර උදය ගම්මන්පිල සනත් නිශාන්ත ඇතුළු ජාතිවාදීන් විරෝධය දක්වමින් පාර්ලිමේන්තුව මැදට පැමිණ කඩා කප්පල් කිරීමට වෑයම් කළහ. මෙහි ඉතාමත් නින්දිත සිදුවීම නම් 88-89 යුගයේදී අතුරුදහන් වූවන්ගේ මා පිය සංගමයේ උපදේශකවරයෙකු ලෙස එදා කටයුතු කළ වාසුදේව අද අතුරුදහන් වූවන් වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවීමට විරුද්ධව වියරුවෙන් මෙන් බාධා කිරීමයි. ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක කතා කරමින් කියා සිටියේ පසුගිය කාලයේදී යුද හමුදාවේද 5000 ක් පමණ අතුරුදහන් වී ඇති බවයි. දකුණේ අතුරුදහන් වූවන්ද සිටින බව ඔහු කීය. දිනේෂ් ගුණවර්ධන මහතාගේ කතා වාරය එළැඹි බව මූලාසනයෙන් දැන්වූ නමුත් ඔහු කතා කිරීමට ඉදිරිපත් නොවීය. ඒ අනූව විවාදය අවසන් කළ මූලාසනය පනත දෙවැනි තෙවැනි වර කියැවීමේ අවස්ථාව එළඹී ඇතැයි ප්‍රකාශ කර ඡන්දයක් විමසීමෙන් තොරව පනත සම්මත කර ගත්තේය. මෙම පනත යුද හමුදාව පාවාදීමක් යැයි වහලුන් කරන චෝදනාවට පිලිතුරු දෙමින් මංගල සමරවීර මහතා අසා සිටියේ යුද හමුදා සෙබලුන් ලවා සපත්තු ලේස් දමා ගනිද්දී, දහඩිය පිසදා ගනිද්දී, අඹුවන්ගේ හැට්ට කට්ට ගසා ගනිද්දී, හිටියේ කොහේද කියාය. මෙම පනතට අධිකරණ බලතල නැතැයි කී මංගල සමරවීර මහතා අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට ප්‍රධාන කාර්යන් 04 ක් පවරා ඇති බවත් ඒවා නම් • අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම හා ඔවුන් පිළිබඳව ලේඛණ ගත කිරීම. • පුද්ගලයින් අතුරුදන්වීම පිළිබඳ පසුබිම සොයා බැලීම හා ඔවුනට සිදුවූ දේ පිළිබඳ වාර්තා කිරීම. • අතුරුදන්වීම් හා අතුරුදන් කිරීම් අවම කර ගැනීම සඳහා බලධාරීන් වෙත යෝජනා ලබා දීම. • අතුරුදන්වීම්වලට ලක්වී ඇති අයගේ පවුල්වලට සහන ලබාදීමේ ක්‍රමවේදයක් හඳුනා ගැනීම. යයි පැවසීය. Last edited: Aug 12, 2016
‘යලි ලේ ගංගාවල පීනන්න ඉඩ දෙන්නේ නෑ, ශ්‍රී ලාංකික ජාතියක් බිහි කිරීමේ පළමු පියවර මෙයයි‘ - මංගල: වහලුන් පාර්ලිමේන්තුව මැදට කඩා පනී: ඒත් අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත ඡන්දයකින් තොරව සම්මතයි..!යලි ලේ ගංගා වල පීනන්නට ඉඩ නොතබන බවත් ශ්‍රී ලාංකික ජාතියක් බිහි කිරීමේ පළමු ක්‍රියාදාමය අද ආරම්භ කරන ලද බවත් රාජපක්ෂ වහලුන්ගේ බාධා මධ්‍යයේ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යයාලය පිහිටවීමේ පනත ඉදිරිපත් කරමින් මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය. පක්ෂ නායකවරුන්ගේ රැස්වීම් වලදී ද කාරක සභා අවස්ථාවේදී ද අනෙකුත් පක්ෂ වලින් ඉදිරිපත් කරන ලද සංශෝධන සහිතව ඉදිරිපත් කරන ලද පනතට කිසිදු හේතුවකින් තොරව වාසුදේව නානායක්කාර උදය ගම්මන්පිල සනත් නිශාන්ත ඇතුළු ජාතිවාදීන් විරෝධය දක්වමින් පාර්ලිමේන්තුව මැදට පැමිණ කඩා කප්පල් කිරීමට වෑයම් කළහ. මෙහි ඉතාමත් නින්දිත සිදුවීම නම් 88-89 යුගයේදී අතුරුදහන් වූවන්ගේ මා පිය සංගමයේ උපදේශකවරයෙකු ලෙස එදා කටයුතු කළ වාසුදේව අද අතුරුදහන් වූවන් වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවීමට විරුද්ධව වියරුවෙන් මෙන් බාධා කිරීමයි. ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක කතා කරමින් කියා සිටියේ පසුගිය කාලයේදී යුද හමුදාවේද 5000 ක් පමණ අතුරුදහන් වී ඇති බවයි. දකුණේ අතුරුදහන් වූවන්ද සිටින බව ඔහු කීය. දිනේෂ් ගුණවර්ධන මහතාගේ කතා වාරය එළැඹි බව මූලාසනයෙන් දැන්වූ නමුත් ඔහු කතා කිරීමට ඉදිරිපත් නොවීය. ඒ අනූව විවාදය අවසන් කළ මූලාසනය පනත දෙවැනි තෙවැනි වර කියැවීමේ අවස්ථාව එළඹී ඇතැයි ප්‍රකාශ කර ඡන්දයක් විමසීමෙන් තොරව පනත සම්මත කර ගත්තේය. මෙම පනත යුද හමුදාව පාවාදීමක් යැයි වහලුන් කරන චෝදනාවට පිලිතුරු දෙමින් මංගල සමරවීර මහතා අසා සිටියේ යුද හමුදා සෙබලුන් ලවා සපත්තු ලේස් දමා ගනිද්දී, දහඩිය පිසදා ගනිද්දී, අඹුවන්ගේ හැට්ට කට්ට ගසා ගනිද්දී, හිටියේ කොහේද කියාය. මෙම පනතට අධිකරණ බලතල නැතැයි කී මංගල සමරවීර මහතා අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට ප්‍රධාන කාර්යන් 04 ක් පවරා ඇති බවත් ඒවා නම් • අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම හා ඔවුන් පිළිබඳව ලේඛණ ගත කිරීම. • පුද්ගලයින් අතුරුදන්වීම පිළිබඳ පසුබිම සොයා බැලීම හා ඔවුනට සිදුවූ දේ පිළිබඳ වාර්තා කිරීම. • අතුරුදන්වීම් හා අතුරුදන් කිරීම් අවම කර ගැනීම සඳහා බලධාරීන් වෙත යෝජනා ලබා දීම. • අතුරුදන්වීම්වලට ලක්වී ඇති අයගේ පවුල්වලට සහන ලබාදීමේ ක්‍රමවේදයක් හඳුනා ගැනීම. යයි පැවසීය.