මිනීමරුවො අල්ලන News

monson

Well-known member
  • May 7, 2007
    25,620
    28,600
    113
    මිනීමරුවො අල්ලන News

    ශ්‍රී රංගා අත්අඩංගුවට ? : සැරයන් මැරුවාදැයි සැකයක්

    රිය අනතුරක් සිදු කර සිය ආරක්ෂකයෙකු මියගිය පසු ඔහු විසින් එම රථය පදවා අනතුරකට ලක්වු බව සදහන් කරමින් ව්‍යජ පොලිස් සටහන් තැබිමේ සිද්ධියකට හිටපු පාරිලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

    අදාළ, සිද්ධිය වසර පහකට වඩා පැරණි එකක්වීම නිසා මෙසේ නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව පැවසේ.

    එම අනතුර 2011 වසරේ මාර්තු 30 වැනිදා සවස සිදුව ඇති අතර එහිදී මෝටර් රථයේ සිටි පොලිස් සැරයන්වරයෙක් මරණයට පත්ව තිබිණි.

    සැරයන් මැරුවාදැයි සැකයක්


    කෙසේවුවද, මේ රිය අනතුර අදාළ රිය අනතුරෙන් මරණයට පත් සැරයන්වරයා මරා දැමීමට සිදු කළ එකක්ද යන්න පිළිබඳවද මේවන විට පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.

    එහිදී මියගියේ ශ්‍රී රංගාගේ ආරක්‍ෂකයෙක් ලෙස කටයුතු කල පුෂ්පකුමාර (36759) නැමැති සැරයන්වරයාය.

    කෙසේවුවද අදාළ අනතුර සිදුවූ අවස්ථාවේදී පොලිසිය කියා සිටියේ සැරයන්වරයා විසින් වාහනය පදවන ලද බවය.

    සැරයන්වරයාගේ වරදින් අනතුර සිදුවී ඇති බව පෙනී යන බවද පොලිසිය පවසා තිබිණි.

    ශ්‍රී රංගා මහතාට මෙහිදී සීරීමක් හෝ සිදු නොවීය.

    මෙම සැරයන්වරයාගේ බිරිද කලකට පසුව පොලිස් මූලස්ථානයට ගොස් පැමිණිල්ලක් කරමින් කියා සිටියේ සිය සැමියා වාහනය පදවා නැති බවත් වාහනය පදවා ඇත්තේ මන්ත්‍රීවරයා විසින් බවත්ය.

    සැමියාගේ මරණය හේතුවෙන් තමන්ටත් දරුවන්ටත් ජීවත්වීමට නිවසක් ඉදිකිර දෙන බව එදා මන්ත්‍රීවරයා පොරොන්දුවූවත් එම පොරොන්දුව පවා ඉටුනොකල බව සැරයන්වරයාගේ බිරිද පොලිස් මූලස්ථානයට පැමිණිලිකරමින් සදහන්කර තිබේ.

    ඒ සම්බන්ධයෙන් යම් විමර්ශනයක් පවත්වන ලෙස හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකොන් මහතා උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිල්ල යොමුකර ඇත.

    පසුව එම පැමිණිල්ල වව්නියාව නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඉදිරිපත් වී තිබේ.

    එම පැමිණීල්ල සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ අනතුර සිදුවන විට මෝටර් රථය පදවා ඇත්තේ මිය ගිය සැරයන්වරයා නොවන බවය.

    වාහනය තාප්පයේ ගැටීමෙන් හානිවන්නේ පත්වන්නේ වාහනයේ වම් පස බවත් රියදුරු අසුන පැත්ත හානිවී නැති බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    වාහනය පැදවූයේ සැරයන්වරයා නම් ඔහුට කිසිදු හානියක් නොවන බවත් හානි සිදුවිය යුත්තේ වම්පස අසුනේ ගමන්කල බව කියන මන්ත්‍රීවරයාට බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    මෙම අනතුරින් පසු එවකට සිටි පොලිස්පති මහින්ද බාලසූරිය මහතා තමන්ට ලබාදුන් නියෝගයකට අනුව මන්ත්‍රීවරයාව පොලිස් ආරක්‍ෂාවක් සහිතව කොළඹට රැගෙන ගිය බව සෙට්ටිකුලම පොලිසියේ එකල ස්ථානාධිපතිවරයාව සිටි නිලධාරියාද කටඋත්තරයක් ලබාදෙමින් පවසා තිබේ.

    මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ඇමති ආරක්‍ෂක අංශයේ නිළධාරීන් තවත් කිහිප දෙනෙක් එම මෝටර් රථයේ ගමන්කරමින් සිට ඇත.

    ඒ අයද එකල පොලිසියට කටඋත්තර දෙමින් සදහන්කර ඇත්තේ වාහනය පදවන ලද්දේ සැරයන් වරයා විසින් බවය.

    එම නිළධාරීන් දැන් පවසන්නේ බලපෑම් මත තමන්ට එවන් කටඋත්තරයක් ලබාදීමට සිදුවුණු බවය.

    මෙම අනතුරවීමත් සමග සෙට්ටිකුලම රෝහලේ කාර්ය මණ්ඩලයද පාරට පැමිණ ඇති අතර එසේ පැමිණි රෝහල් සේවකයන් අතර සිටි රෝහල් සාත්තු සේවකයෙක් සාක්‍ෂි ලබාදෙමින් සදහන්කර ඇත්තේ සැරයන්වරයා සිටියේ වම් පස අසනයේ බවය.

    එම පැත්තේ දොර කඩා ඔහුව පිටතට ගත්තේ තමන් බවද ඔහු ප්‍රකාශයක් පොලියට ලබාදී ඇත.

    මෙම අනතුර සම්බන්ධයෙන් එකල පරීක්‍ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තාකර ඇත්තේ සෙට්ටිකුලම පොලිසියේ සැරයන්වරයෙකි.

    ඉහළ නිලධාරීණ්ගේ බලපෑම් මත වාහනය පදවන ලද්දේ සැරයන්වරයා බව අධිකරණයට කරුණු වාර්තා කරන්නට සිදුවුණු බව ඔහුද මේ වන විට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇතැයි වාර්තා වේ.


    - http://www.sinhala.srilankamirror.com/news/item/15797-ranga
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,620
    28,600
    113
    තාජුඩීන් සිදුවීම පමණක් නිරීක්ෂකයන් නැතිව තීන්දු කරලා

    විජයානි එදිරිසිංහ

    2012 වසරේ මැයි මස සිට මේ දක්වා මාරක රිය අනතුරු තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇති අතර එම අනතුරු අතරින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂකයන් කැඳවා නැති එකම රිය අනතුර 2012 මැයි 17 දින සිදුවූ ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළ අනතුර බව අනාවරණය වේ.

    නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල එම අනතුර සිදුවී තිබුණි. වසීම් තාජුඩීන්ගේ මරණය පසුව ඝාතනයක් බව රහස් පොලිසිය මගින් හෙළිකර ගනු ලැබුවත් 2012 එම සිද්ධිය සම්බන්ධ‍ව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය තීරණය කර තිබුණේ තාජුඩීන්ගේ මරණය මාරක රිය අනතුරකින් සිදුවූ මරණයක් බවයි.

    මාරක රිය අනතුරකට භාජනය වූ වාහන අනිවාර්යයෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂකවරයකු ලවා පරීක්ෂාවට ලක්විය යුතු බව රථවාහන ආඥාපනතට අදාළ නීතියක් ඇත. එහෙත් තාජුඩීන්ගේ මරණය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ නාරාහේන්පිට පොලිසිය තාජුඩීන් ගමන්ගත් වාහනය පරීක්ෂාවට මෝටර් රථ පරීක්ෂකවරයකු කැඳවා නොමැති බව අනාවරණය වී ඇති බව රහස් පොලිසිය අධිකරණයට ද දැනුම්දී ඇත. තාජුඩීන් සිය මෝටර් රථය අධික වේගයෙන් පැමිණි නිසා ම මාරක රිය අනතුර සිදුවී රථය ගිනිගෙන පිළිස්සී ඇති බව නාරාහේන්පිට පොලිසිය 2012 වසරේදී අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

    මෙම අධික වේගය අනිවාර්යයෙන්ම මෝටර් රථ පරීක්ෂකවරයකුගේ පරීක්ෂාවට ලක්වී ඔහු විසින් සකස් කරන වාර්තාවෙන් මිස විමර්ශන නිලධාරීන්ට තීරණය කළ නොහැකි වෙයි.

    එහෙත් තාජුඩීන්ගේ රිය අනතුරට අදාළ මෝටර් රථ පරීක්ෂණ වාර්තාවක් නොමැතිව එම මරණය රිය අනතුරකින් සිදුවූවක් බව ‍තීරණය කර තිබූ නිසා තාජුඩීන් ඝාතනයට අදාළ තොරතුරු හිතාමතාම පොලිසිය විසින් යටගසා ඇති බව මීට පෙර රහස් පොලිසිය විසින් අධිකරණයට ද දැනුම්දී තිබුණි. මේ සම්බන්ධව නාරාහේන්පිට පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා කිහිප අවස්ථාවක්ම රහස් පොලිසිය වෙත කැඳවා ප්‍රශ්න කර තිබිණි. එහිදී රහස් පොලිසිය අනාවරණය කරගෙන තිබුණේ එම පොලිස් නිලධාරියාට උසස් නිලධාරින්ගේ බලපෑම මත තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව ව්‍යාජ සටහන් යෙදීමට සිදුවූ බවයි.


    - http://www.dinamina.lk/?q=2016/08/11/20764
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,620
    28,600
    113
    අධිකරණයටත් හොරෙන් අනුර සේනානායක රෝහල්ගතවෙලා

    ප්‍රසිද්ධ රගර්ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ දෙවැනි සැකකරුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට හිටපු ක්‍රයිම් ඕඅයිසී සුමිත් චම්පික පෙරේරා ලබන 24 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (10) නියෝග කර තිබේ.

    අනුර සේනානායක මහතා උසාවියේ කිසිදු අවසරයකින් තොරව කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන බවත් උසාවියේ අවසරයකින් තොරව එවැනි වාට්ටුවකට පැමිණියේ කෙසේදැයි සොයා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය ජාතික රෝහල් අධ්‍යක්ෂකට නියෝග කර ඇත.

    එසේම ඔහුගේ අසනීප තත්ත්වය සඳහා අවැසි ප්‍රතිකාර බන්ධනාගාර රෝහලේ ඇත්දැයි සොයා බලන ලෙසද බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කර තිබේ.

    මේ අතර සිය දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගීවීමට අවසර දෙන ලෙස අනුර සේනානායක මහතාගේ නීතිඥවරයා උසාවියෙන් අවසර ඉල්ලා සිටි ඇති නමුත් අධිකරණයට ඊට අවසර ලබා දී නැත.


    - http://www.lankatruth.com/site/inde...0-අධිකරණයටත්-හොරෙන්-අනුර-සේනානායක-රෝහල්ගතවෙලා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,620
    28,600
    113
    ලසන්ත ඝාතකයන් හඳුනාගන්න උපාලි යළි දිවයිනට

    9845d3c220e6e5674241ce626189d694_XL.jpg



    ‘රිවිර’ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තර ලබා දීම හා අදාළ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට සහභාගී වීම සඳහා තෙන්නකෝන් මහතා ළඟදීම මෙරටට පැමිණීමට නියමිතය. මෙම විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා තෙන්නකෝන් මහතාගේ ප‍්‍රකාශය අවශ්‍ය හෙයින් ඔහු මෙරටට කැඳවීම සිදු කර තිබේ.

    ප‍්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් ප්‍රේම් දයානන්ද උදලාගම, රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධියට ද සම්බන්ධ බවට මේ වන විට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

    අත්තිඩියේ මලගල පාසල ඉදිරිපිට දී වික‍්‍රමතුංග මහතාව ඝාතනය කිරීමට දින කිහිපයකට පසු එනම් 2008 ජනවාරි 23 වන දින ගම්පහ ඉඹුල්ගොඩ දී තෙන්නකෝන් මහතාට පහරදීම සිදු කර තිබිණි. වික‍්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ විමර්ශනය සිදු කිරීම 2009.12.12 දින පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබූ නමුත් මෙම පරීක්ෂණ කටයුතු එවකට යටපත් කෙරිණි.

    තමාට එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙන් තෙන්නකොන් මහතා සහ එම බිරිඳ ජීවිත ආරක්ෂාව පතා ඇමෙරිකා එක්සත් ජනපදයට ගොස් සිටි අතර එම ආණ්ඩු පෙරළියෙන් පසුව එම විමර්ශන කටයුතු යළි ආරම්භ වුව ද තෙන්නකෝන් මහතා විදේශගතව සිටීම මත ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකිව තිබිණි. ඒ අනුව ඔහු මෙරට කැඳවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

    තෙන්නකෝන් මහතාට පහර දුන් පිරිස හා ලසන්ත ඝාතනය කළ පිරිස පාවිච්චි කර ඇත්තේ එකම දුරකථන අංක 5 ක් බව ද මේ වන විට හෙළිදරව් කර ගැනීමට හැකිව තිබේ. මේ අතර තෙන්නකෝන් මහතාගේ බිරිඳ එම මැරයන් නැවත දුටුවහොත් හඳුනාගත හැකි බවට මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබිණි. ඒ අනුව ලබන 22 වන දින තෙන්නකෝන් මහතා හා එම බිරිඳ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා සහභාගී වීමට නියමිත බව ද පැවසේ.
    - මූලාශ්‍රය - සත්හඬ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,620
    28,600
    113
    එක්නැලිගොඩ ත්‍රස්තවාදයට සම්බන්ධ නෑ: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව



    රජයේ ආයතන දහයක තොරතුරු මත කරන ලද විමර්ශනයට අනුව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට සම්බන්ධ වී හෝ ඊට අනුබලදීමක් සිදුකර හෝ නොමැති බවත් ඔහුට එරෙහිව කිසිදු ආයතනයක් හරහා අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වනු ලබන නඩුවිභාගය ඊයේ දිනද හෝමාගම අධිකරණයේ මහේස්ත්‍රාත් නිල කාමරයේදී වැඩ බලන මහේස්ත්‍රාත් සරෝජා වනිගසේකර මහත්මිය ඉදිරියේ විභාගයට ගත් අතර බන්ධනාගාර ගතව සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන් අට දෙනා ද අධිකරණයේ පෙනී සිටි අතර යළිත් මෙම සැකකරුවන් ලබන 06 වෙනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

    මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්‍ෂක ප්‍රේමතිලක මහතා ඇතුළු නිලධාරීන් පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් දර්ශන කුරුප්පු මහතා ඇතුළු නිතීඥවරුන් පෙනී සිටියහ .

    අද දින නඩු විභාගය පවත්වනු ලැබුයේ මහෙස්ත්‍රාත් නිල කාමරයේ බැවින් මාධ්‍යවේදීන්ට එම අවස්ථාව සඳහා සහභාගිවීමට අවස්ථාව නොලැබුණු අතර අධිකරණයෙන් පිටතට පැමිණ මාධ්‍යයට ප්‍රකාශයක් කළ ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ප්‍රකාශ කර සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට වැඩිදුර වාර්තාව ඉදිරිපත් කරමින් මෙසේ පැවසූ

    බවයි. ඔහු යම් අපරාධයකට හෝ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධව සිටියේද නැතහොත් යම් අපරාධ කණ්ඩායමකට හෝ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී කණ්ඩායමකට ආධාර අනුබලදීමක් සිදුකර තිබුණේද යන්න හෝ එසේත් නොමැතිනම් ඔහුට විරුද්ධව යම් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද යන්න නියෝජ්‍ය පොලිස්පතිතුමා, ගුවන් හමුදාපතිතුමා, නාවික හමුදාපතිතුමා, යුද හමුදාපතිතුමා ඇතුළු රජයේ ආයතන 10කින් තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාගත් බවත් එම ආයතනවලින් සඳහන් කර ඇත්තේ තම ආයතනයන් තුළ ප්‍රගීත් එක්නැලිගොඩ එවැනි කිසිදු දෙයකට සම්බන්ධව සිට නැති බවත්, ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙක් ලෙස කටයුතුකර තිබුණේද යන්න එම ආයතනයෙන් සිදුකළ විමසීමේදී ලේක් හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙක් ලෙස ඔහු කටයුතු කර තිබුණු බව ආයතනයෙන් ප්‍රකාශ කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට වැඩිදුර වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටි බව ඇය වැඩිදුරටත් පැවසුවා.


    - http://dinamina.lk/?q=2016/08/24/21369
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,620
    28,600
    113
    තාජුදීන් ඝාතනයේ දුරකතන සාක්කි මකා දාලා

    රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් මිය ගොස් සිටි දවසේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හා අරලියගහ මන්දිරයෙන් නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ඩේමියම් පෙරේරාට දුන් බව කියන දුරකතන ඇමතුම් ජනාධිපති ලේකම් කාර්යාලයය මකා දමා ඇතැයි රහස් පොලිසිය අද (24) උසාවියට දැන්වීය.

    රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ කියා සිටියේ එම දුරකතන ඇමතුම්වලට වගකිවයුතු නිලධරයන් ඒවා සියල්ල මකා දමා ඇති බවයි. එම නලධරයන් දැන් ඔවුන්ගේ තනතුරුවලින් ද ඉල්ලා අස්වී ඇති බව රහස් පොලිසිය කීවේය.

    දුරකතන සටහන් පිළිබඳ තොරතුරු පොත්පත්වලින් මකා දමා ඉවත් කළ බව කියන අය ගැන පරීක්ෂණ අරඹා ඇතැයි ද රහස් පොලිසිය පැවසීය.

    මෙම දුරකතන ඇමැතුම්වලට සම්බන්ධ තොරතුරු ඇතුළත් පරිගණකයේ සීපීයූ උපාංගය (මධ්‍යම සැකසුම් ඒකකය) සොයාගත් බවත්, ඒ ගැන පරීක්ෂණ සිදුකරන බවත් රහස් පොලිසිය දැන්වීය.

    රඑස් පොලිසිය මේ තොරතුරු ලබා ගත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ නිලධාරීන් දෙදෙනකුගෙන් බව ද උසාවියේ දී කියැවිණි.

    මේ අතර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළු වූයේ කෙසේද යන්නත්, ඒ පිළිබඳ නීතිපතිගේ ස්ථාවරය අධිකරණයට දන්වන්නැයි මහේස්ත්‍රාත්වරයා රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයාට නියෝග කළේය.


    - http://www.lankadeepa.lk/index.php/top_story/450712
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,620
    28,600
    113
    උපාලි තෙන්නකෝන්ට ගැසු සැරයන් හඳුනා ගනී

    2009.09.23 දින ගම්පහ ඉඹුල්ගොඩ රිවිර හිටපු කතෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන්නැයි කියන යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගමව ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මලිත් හේරත් මහතා ඉදිරියේ පැවැත්වු හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී උපාලි හා ඔහුගේ බිරිඳ හඳුනාගත්හ.

    එම සිද්ධියෙන් පසු තෙන්නකෝන් මහතා සහ බිරිඳ සමඟ රට හැර ගියේය.


    lasantha-wickramatunga-2.jpg


    Rivira_2.jpg

    upali-t-colombotelegarph.jpg


    ddddddddddddd.jpg


    - http://www.lankadeepa.lk/index.php/articles/451242
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනේ නිකන් ගොන් කතා නොකිය පල ඇන්ටියෝ යන්න. මඩ මිඩියා යුනිට් සොන්නයා. 1600යෙ බඩුව. තොපි හිතන් ඉන්නේ එළකිරියේ තොපේ කාලකන්නි ආණ්ඩුවට විරුද්ධ හැම එකාම මහින්දගේ රෙද්ද පල්ලේ ඉන්නවා කියලද තොපි පොනිල්ගේ ජංගිය අස්සේ රිංගල ඉන්නවා වගේ. වලක් කපන් වැළලියන් බුරුවා.
     
    • Like
    Reactions: deepwater

    monson

    Well-known member
  • May 7, 2007
    25,620
    28,600
    113
    රාජපක්ෂලා ‘සන්ඩේ ලීඩර්‘ කර්තෘ මරා, “නෑ මේ අපිටත් ගහනවා“ යි අඟවන්න ‘රිවිර‘ කර්තෘට පහරදුන් බව හෙලිවේ: උපාලි තෙන්නකෝන් සහ බිරිඳ තමන්ට පහර දුන් එකා හඳුනාගනී: පුදුමයි.., ඒ ලසන්ත ඝාතකයාමයි

    මැදමූලනේ රාජපක්ෂ මෘගයන්ගේ වනචාරී පාලනය විසින් වසර 7 ක් පුරා වසන් කරන ලද කුරිරු තිරශ්චීන මාධ්‍ය මර්දනයක සුල මුල හෙලිකරමින් රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතා සහ ඔහුගේ බිරිඳ විසින් තමන්ට මීට වසර 7 කට පෙර පහරදුන් ඒ තිරිසන් ප්‍රහාරකයා කව්දැයි අද හඳුනා ගන්නා ලදී. හේ අන් කිසිවෙක් නොව සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතකයා ලෙස ද මේ වන විට හඳුනාගෙන ඇති යුද හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම ය.

    අද (26) දහවල් ගම්පහ අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් මලිත් හේරත් මහතා ඉදිරියේ පැවැත්වු හඳුනාගැනීමේ පෙරට්ටුවකදී තෙන්නකෝන් යුවල විසින් ප්‍රහාරක උදලාගම කිසිදු සැකයකින් තොරව හඳුනාගන්නා ලදී. (කවීන්ද්‍රා නමැති ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙකී පෙරෙට්ටුව කල් දැමීමට කුමන්ත්‍රණය කළද ලංකා ඊ නිව්ස් 24 දා “ආමි කොල්ලො අපි බේර ගන්න ඕනේ..!“ රිවිර කර්තෘට පහර දුන් එකා බේරාගන්න ගම්පහ විනිසුරු බඩුව වලිකයි“ මැයෙන් කරන ලද හෙලිදරව්වෙන් පසු කුමන්ත්‍රණය අකුලා ගෙන අද පෙරෙට්ටුව පැවැත්වීය.)

    තෙන්නකෝන් මහතාගේ බිරිඳ ධම්මිකා මල්කාන්ති විසින් ප්‍රකාශ කර සිටියේ තෙන්නකෝන් මහතාට පහර දෙද්දී තමා අද හඳුනාගත් පුද්ගලයා ඉදිරියේ ‘ගහන්න එපා‘ කියමින් එදා වැඳ වැටුනු නමුත් ඔහු ඒ කිසිවක් නොතකා තිරිසනෙකු මෙන් පොලු වලින් පහර දුන් බවත් එය වසර 7 ක් නොව 14 ක් ගියද තමාට කිසිදා අමතක නොවන බවයි.

    රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට සහ බිරිඳට පහර දුන්නේ 2009 ජනවාරි 23 වෙනිදා උදෑසන ඉඹුල්ගොඩ දී ය. තෙන්නකෝන් යුවල සිය මෝටර් රථය නිවසේ සිට මාර්ගයට ගන්නවාත් සමග මෝටර් සයිකල් වලින් පැමිණි, අද හඳුනාගත් ප්‍රේමානන්ද උදලාගම සහ පිරිස රථයේ වීදුරු වලට පොලු වලින් පහර දී බිඳ දැම්මෝය. පසුව තෙන්නකෝන් මහතාට පොලු වලින් පහර දුන්හ. බිරිඳ මල්කාන්ති සිය සැමියා වසා ගනිමින් ඔහුට එල්ල වන ප්‍රහාර වැළැක්වීමට යද්දී ඇයටද පහර දුන්හ. කෑ ගැසීම් ඇසී වට පිටාවේ පිරිස රොක් වනවාත් සමග උදලාගම සහ මැරයෝ මෝටර් සයිකල් වල නැගී පළා ගියහ.

    උපාලිට පහර දී පාහරයා මාධ්‍ය ප්‍රධානීන්ට කීදේ...

    රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන්ට එදා පහර දුන්නේ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහ මග මරා දමා සති දෙකකට පසුව ය. ලසන්ත ඝාතනය කෙළේ 2009 ජනවාරි 08 වෙනිදා ය. උපාලිට පහර දුන්නේ ජනවාරි 23 දාය. උපාලි තෙන්නකෝන් සහ රිවිර ඒ වන විට කටයුතු කෙළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව නොවේ දැඩි සේ පක්ෂපාතීව ය. උපාලිට පහර දීමෙන් පසු 2009 ජනවාරි 27 වෙනිදා අරලිය ගහ මන්දිරයේදී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ සුපුරුදු ලෙස මාධ්‍ය ප්‍රධානීන් හමුවිය. ඒ අවස්ථාවේදී රාජිත සේනාරත්න සහ කෙහෙලිය රඹුක්වැල්ලද ඔහු සමග සිටියහ. එහිදී මහින්ද රාජපක්ෂ කියා සිටියේ රිවිර පුවත්පත් ආයතනය තම ඥාතියකුට අයත් බවත් එය පොලීසියට හෝ හමුදාවට හානි වන අයුරින් කටයුතු නොකළ බවත් එහි කර්තෘ උපාලි තෙන්නකෝන් තමාගේ ද ලෙංගතු මාධ්‍යවේදියෙකු වන අතර ඔහුට කළ පහර දීම තමාට කළ පහරදීමක් සේ සලකන බවයි. ඔහු මෙසේ කී බවට එදා ලංකා ඊ නිව්ස් වාර්තා කළ අතර කෙහෙළිය රඹුක්වැල්ල කෙසේ වෙතත් රාජිත සේනාරත්න සහ අනෙකුත් මාධ්‍ය ප්‍රධානීන් අද වුව ඊට සාක්කි සපයනු ඇත.

    දැන් සිද්ධි දෙකේම වග උත්තර කරුවන් එකම පිරිසක් බව ඔප්පු වී තිබේ. ලසන්ත ඝාතනය සේම තෙන්නකෝන් ප්‍රහාරය මෙහෙයැවූයේ යුද හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම බව පාර්ශවයන් දෙකක් විසින් හඳුනාගැනීමේ පෙරෙට්ටු දෙකකදීම තහවුරු කර තිබේ. එදා ත්‍රිවිධ හමුදාවේම සේනාධිනායකයා අන් කවරෙක් හෝ නොව මහින්ද රාජපක්ෂය. ආරක්ෂක ලේකම් අන් කවරෙක් හෝ නොව ඔහුගේ මලයා ගෝඨාභය රාජපක්ෂය. රාජපක්ෂලාගේ අණ දීමකින් තොරව ප්‍රේමානන්ද උදලාගමට කර්තෘ වරුන් මරන්නට සහ පහරදෙන්නට පුද්ගලික කෝන්තරයක් තිබිය නොහැකිය.

    රාජපක්ෂලා උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ අන් කිසිවකට නොව ඊට සති දෙකකට පෙර ඝාතනය කළ ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් රාජපක්ෂලා වෙත දිගු වූ ඇඟිල්ල වෙනතක හරවා “එහෙම නෑ මේ අපේ අයටත් කව්දෝ ගහනවා“ යැයි ලෝකයාට පෙන්වීමට ය.

    නමුත් අද ඔප්පු වූ කරුණත් සමග “උපාලි තෙන්නකෝන්ට පහර දීම මට පහරදුන්නා හා සමාන යැයි“ කියමින් තම බුද්ධි අංශ සට්ටැඹියන් ලවා උපාලි තෙන්නකෝන්ට පහර දීම කෙතරම් සාහසික මෘග කමක්ද..? මැදමූලනේ රාජපක්ෂලා යනු කුමන වර්ගයේ දුෂ්ඨ තිරිසනුන් පිරිසක් දැයි හඳුනා ගැනීමට මීටත් වඩා වෙනත් දෑ අවශ්‍ය ද?


    - http://www.lankaenews.com/news/4462/si
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රාජපක්ෂලා ‘සන්ඩේ ලීඩර්‘ කර්තෘ මරා, “නෑ මේ අපිටත් ගහනවා“ යි අඟවන්න ‘රිවිර‘ කර්තෘට පහරදුන් බව හෙලිවේ: උපාලි තෙන්නකෝන් සහ බිරිඳ තමන්ට පහර දුන් එකා හඳුනාගනී: පුදුමයි.., ඒ ලසන්ත ඝාතකයාමයි

    මැදමූලනේ රාජපක්ෂ මෘගයන්ගේ වනචාරී පාලනය විසින් වසර 7 ක් පුරා වසන් කරන ලද කුරිරු තිරශ්චීන මාධ්‍ය මර්දනයක සුල මුල හෙලිකරමින් රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතා සහ ඔහුගේ බිරිඳ විසින් තමන්ට මීට වසර 7 කට පෙර පහරදුන් ඒ තිරිසන් ප්‍රහාරකයා කව්දැයි අද හඳුනා ගන්නා ලදී. හේ අන් කිසිවෙක් නොව සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතකයා ලෙස ද මේ වන විට හඳුනාගෙන ඇති යුද හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම ය.

    අද (26) දහවල් ගම්පහ අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් මලිත් හේරත් මහතා ඉදිරියේ පැවැත්වු හඳුනාගැනීමේ පෙරට්ටුවකදී තෙන්නකෝන් යුවල විසින් ප්‍රහාරක උදලාගම කිසිදු සැකයකින් තොරව හඳුනාගන්නා ලදී. (කවීන්ද්‍රා නමැති ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙකී පෙරෙට්ටුව කල් දැමීමට කුමන්ත්‍රණය කළද ලංකා ඊ නිව්ස් 24 දා “ආමි කොල්ලො අපි බේර ගන්න ඕනේ..!“ රිවිර කර්තෘට පහර දුන් එකා බේරාගන්න ගම්පහ විනිසුරු බඩුව වලිකයි“ මැයෙන් කරන ලද හෙලිදරව්වෙන් පසු කුමන්ත්‍රණය අකුලා ගෙන අද පෙරෙට්ටුව පැවැත්වීය.)

    තෙන්නකෝන් මහතාගේ බිරිඳ ධම්මිකා මල්කාන්ති විසින් ප්‍රකාශ කර සිටියේ තෙන්නකෝන් මහතාට පහර දෙද්දී තමා අද හඳුනාගත් පුද්ගලයා ඉදිරියේ ‘ගහන්න එපා‘ කියමින් එදා වැඳ වැටුනු නමුත් ඔහු ඒ කිසිවක් නොතකා තිරිසනෙකු මෙන් පොලු වලින් පහර දුන් බවත් එය වසර 7 ක් නොව 14 ක් ගියද තමාට කිසිදා අමතක නොවන බවයි.

    රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට සහ බිරිඳට පහර දුන්නේ 2009 ජනවාරි 23 වෙනිදා උදෑසන ඉඹුල්ගොඩ දී ය. තෙන්නකෝන් යුවල සිය මෝටර් රථය නිවසේ සිට මාර්ගයට ගන්නවාත් සමග මෝටර් සයිකල් වලින් පැමිණි, අද හඳුනාගත් ප්‍රේමානන්ද උදලාගම සහ පිරිස රථයේ වීදුරු වලට පොලු වලින් පහර දී බිඳ දැම්මෝය. පසුව තෙන්නකෝන් මහතාට පොලු වලින් පහර දුන්හ. බිරිඳ මල්කාන්ති සිය සැමියා වසා ගනිමින් ඔහුට එල්ල වන ප්‍රහාර වැළැක්වීමට යද්දී ඇයටද පහර දුන්හ. කෑ ගැසීම් ඇසී වට පිටාවේ පිරිස රොක් වනවාත් සමග උදලාගම සහ මැරයෝ මෝටර් සයිකල් වල නැගී පළා ගියහ.

    උපාලිට පහර දී පාහරයා මාධ්‍ය ප්‍රධානීන්ට කීදේ...

    රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන්ට එදා පහර දුන්නේ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහ මග මරා දමා සති දෙකකට පසුව ය. ලසන්ත ඝාතනය කෙළේ 2009 ජනවාරි 08 වෙනිදා ය. උපාලිට පහර දුන්නේ ජනවාරි 23 දාය. උපාලි තෙන්නකෝන් සහ රිවිර ඒ වන විට කටයුතු කෙළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව නොවේ දැඩි සේ පක්ෂපාතීව ය. උපාලිට පහර දීමෙන් පසු 2009 ජනවාරි 27 වෙනිදා අරලිය ගහ මන්දිරයේදී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ සුපුරුදු ලෙස මාධ්‍ය ප්‍රධානීන් හමුවිය. ඒ අවස්ථාවේදී රාජිත සේනාරත්න සහ කෙහෙලිය රඹුක්වැල්ලද ඔහු සමග සිටියහ. එහිදී මහින්ද රාජපක්ෂ කියා සිටියේ රිවිර පුවත්පත් ආයතනය තම ඥාතියකුට අයත් බවත් එය පොලීසියට හෝ හමුදාවට හානි වන අයුරින් කටයුතු නොකළ බවත් එහි කර්තෘ උපාලි තෙන්නකෝන් තමාගේ ද ලෙංගතු මාධ්‍යවේදියෙකු වන අතර ඔහුට කළ පහර දීම තමාට කළ පහරදීමක් සේ සලකන බවයි. ඔහු මෙසේ කී බවට එදා ලංකා ඊ නිව්ස් වාර්තා කළ අතර කෙහෙළිය රඹුක්වැල්ල කෙසේ වෙතත් රාජිත සේනාරත්න සහ අනෙකුත් මාධ්‍ය ප්‍රධානීන් අද වුව ඊට සාක්කි සපයනු ඇත.

    දැන් සිද්ධි දෙකේම වග උත්තර කරුවන් එකම පිරිසක් බව ඔප්පු වී තිබේ. ලසන්ත ඝාතනය සේම තෙන්නකෝන් ප්‍රහාරය මෙහෙයැවූයේ යුද හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම බව පාර්ශවයන් දෙකක් විසින් හඳුනාගැනීමේ පෙරෙට්ටු දෙකකදීම තහවුරු කර තිබේ. එදා ත්‍රිවිධ හමුදාවේම සේනාධිනායකයා අන් කවරෙක් හෝ නොව මහින්ද රාජපක්ෂය. ආරක්ෂක ලේකම් අන් කවරෙක් හෝ නොව ඔහුගේ මලයා ගෝඨාභය රාජපක්ෂය. රාජපක්ෂලාගේ අණ දීමකින් තොරව ප්‍රේමානන්ද උදලාගමට කර්තෘ වරුන් මරන්නට සහ පහරදෙන්නට පුද්ගලික කෝන්තරයක් තිබිය නොහැකිය.

    රාජපක්ෂලා උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ අන් කිසිවකට නොව ඊට සති දෙකකට පෙර ඝාතනය කළ ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් රාජපක්ෂලා වෙත දිගු වූ ඇඟිල්ල වෙනතක හරවා “එහෙම නෑ මේ අපේ අයටත් කව්දෝ ගහනවා“ යැයි ලෝකයාට පෙන්වීමට ය.

    නමුත් අද ඔප්පු වූ කරුණත් සමග “උපාලි තෙන්නකෝන්ට පහර දීම මට පහරදුන්නා හා සමාන යැයි“ කියමින් තම බුද්ධි අංශ සට්ටැඹියන් ලවා උපාලි තෙන්නකෝන්ට පහර දීම කෙතරම් සාහසික මෘග කමක්ද..? මැදමූලනේ රාජපක්ෂලා යනු කුමන වර්ගයේ දුෂ්ඨ තිරිසනුන් පිරිසක් දැයි හඳුනා ගැනීමට මීටත් වඩා වෙනත් දෑ අවශ්‍ය ද?


    - http://www.lankaenews.com/news/4462/si

    ශික්. චා කේස් එක. ඕක තමා කියන්නේ පවු පල දෙනව කියල. කාටත් ඔච්චරයි
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මචං ඔය වගේ ම දාපං කෝ මේ ආණුඩුව ඇණ ගන්නා නිවුස් ත්‍රෙඩ් එකකුත්.............

    Umba fake account ekak hadagena ewilla ehema thread ekak dapan. Umba kohomath horen horen MR ta kade yanawane. :D

    අනේ නිකන් ගොන් කතා නොකිය පල ඇන්ටියෝ යන්න. මඩ මිඩියා යුනිට් සොන්නයා. 1600යෙ බඩුව. තොපි හිතන් ඉන්නේ එළකිරියේ තොපේ කාලකන්නි ආණ්ඩුවට විරුද්ධ හැම එකාම මහින්දගේ රෙද්ද පල්ලේ ඉන්නවා කියලද තොපි පොනිල්ගේ ජංගිය අස්සේ රිංගල ඉන්නවා වගේ. වලක් කපන් වැළලියන් බුරුවා.

    MR ge kale karapu mini merum,horakam eliwenakota inna ba neda?
     
    • Like
    Reactions: westpra

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    861
    504
    93
    මචං ඔය වගේ ම දාපං කෝ මේ ආණුඩුව ඇණ ගන්නා නිවුස් ත්‍රෙඩ් එකකුත්.............
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,620
    28,600
    113
    එක්නැලිගොඩ පැහැර ගෙන ගියේ හමුදා බුද්ධි අංශ නිලධාරීන් බව ඔප්පු කිරීමට සාක්‍ෂි තිබෙනවා

    ස්ටැන්ලි සමරසිංහ


    ප්‍රදීප් එක්නැලිගොඩ පැහැර ගෙන ගියේ හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් බව ඔප්පු කිරීමට සාක්‍ෂි තිබෙන බව තමා වගකීමෙන් කියන්නේ යැයි අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා ඊයේ ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.
    අගවිනිසුරු කේ ශ්‍රී පවන්, සිසිර ද ආබෘෘ සහ උපාලි අබේරත්න යන විනිසුරු මඬුල්ල හමුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එලෙස පැවැසුවේ මේ සිද්ධියට අදාළව දැනට අත්අඩංගුවේ පසුවන හමුදා බුද්ධි අංශයේ දෙදෙනෙක් ගොනු කළ පෙත්සම් දෙකට පිළිතුරු දෙමිනි.
    ඩබ්ලිව්.ජී.ඇන්.ඩී. උපසේන සහ ලාන්ස් කෝප්රල් රූපසේන මෙම පෙත්සම් දෙක ගොනු කර තිබිණි.


    එක්නැලිගොඩ සිද්ධියට තමන් කිසි අයුරකින් සම්බන්ධ නැතැයි ද මේ සිද්ධියට සම්බන්ධ බව සඳහන් කරමින් ඊට කිසිම හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන වසරකට ආසන්න කාලයක් නිකරුණේ අත්අඩංගුවේ රඳවාගෙන සිටිමින් මූලික අයිතීන් උල්ලංඝනය කරන බවත් ඇප ලබාදෙන ලෙසත් ඉල්ලා මොවුන් මෙම පෙත්සම් දෙක ගොනු කර තිබිණි.


    ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණයට කරුණු පැහැදිලි කිරීමෙන් පසු අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා මෙසේ පැවැසීය.
    ප්‍රදීප් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් වසර හයක් ගතවීමෙන් පසු මේ රටේ පොලිසියට ඒ පිළිබඳ කිසිම හෝඩුවාවක් පවා සොයා ගැනීමට නොහැකි විය. මේ පිළිබඳ සොයා ගැනීමට හැකි වූයේ රටේ පාලනයේ වෙනසක් ඇති වීමත් සමඟය. මේ රටේ ආරක්‍ෂාව සඳහා තොරතුරු සොයන බුද්ධි අංශය මඟින් මෙය සිදුවීම කොයිතරම් ඛේදජනක සිද්ධියක්ද? මොරලි සවේන්ද්‍රන් නමැති පුද්ගලයෙක් එක්නැලිගොඩට හමු විය. ඔහුට එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් දෙනු ලැබූ හඳුනා ගැනීමේ පතක් තිබිණි. යුද්ධයෙන් පසු හමුදාවට යටත් වූවෙක් ලෙස හඳුන්වා ගනිමින් දුරකතන අංක සටහන් කරගනු ලැබූ පොතක්ද ඔහුට තිබිණි.
    එම පොතේ මේ රටේ ඉතාම වැදගත් පුද්ගලයන්ගේ දුරකතන අංක සඳහන් විය. එක්නැලිගොඩට හබරන ප්‍රදේශයේ ඉඩමක් අයිතිව තිබිණි. මොරලි සහ නාදන් නමැති තවත් අයෙක් සමඟ ප්‍රදීප් හමුවීමට ත්‍රිරෝද රථයකින් එම ඉඩමට ගොස් ප්‍රදීප් හමුවිය.
    ඒ අවස්ථාවේ ත්‍රිරෝද රථය පදවා ගෙන ගියේ පෙත්සම්කරු. එහිදී ඔවුන් රටේ දේශපාලනය පිළිබඳ සාකච්ඡා කළේය. මෙහිදී ප්‍රදීප් දැඩි ලෙස රජය විවේචනය කරන්නට යෙදුණි. මේ සියල්ලම අමුත්තන් දෙදෙනා පටිගත කරගත් බව සාක්‍ෂි මඟින් හෙළි වේ.
    එම සිද්ධියෙන් පසු මොරලි තම සොහොයුරා වන නාදන් කොළඹට එන බවත් ඔහුට උදවු කරන ලෙසත් ප්‍රදීප්ට දැන්විය. රාජගිරියේ ප්‍රදීප්ගේ කාර්යාලයට ගිය මොවුන් දෙදෙනා ටික වේලාවක් ප්‍රදීප් සමඟ කතා කරමින් සිට ප්‍රදීප් සමඟ කාර්යාලයෙන් එළිය පැමිණ ඇත.
    කාර්යාලයෙන් පිට තවත් කීපදෙනෙක් සිටි බවද ඔවුන් සමඟ සහායෙන් ප්‍රදීප්ව වාහනයකට දමාගෙන ඔහුගේ මුහුණ බැඳ ඔහු ගෙන ගියේ ගිරිතලේ හමුදා කඳවුරටයි. එහිදී ප්‍රදීප්ට රටේ වැදගත් බොහෝදෙනකුගේ පින්තූර පෙන්වා ඔවුන් පිළිබඳ විමසා ඔවුන් ගැනද විමසුවේය.


    මේ වන විට ජනාධිපතිවරණයට තරග කළ සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරක අංශය භාරව ප්‍රදීප් ක්‍රියා කළේය.
    එම මැතිවරණය සඳහා ප්‍රදීප් කාටූන් චිත්‍රයක් සකස් කළ බවත් එම චිත්‍රය මොහු පැහැර ගැනීමට හේතුව බවත් සාක්‍ෂි මඟින් හෙළි වන බව අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා පැවැසීය. අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා, රජයේ ජේ‍යෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් මහතා සමඟ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
    නීතිඥ සංජීව කළුආරච්චි මහතාගේ උපදෙස් මත සුලක්‍ෂණ සේනානායක, පුලස්ති හේවාමාන්න, උපුල් කුමාරප්පෙරුම නීතිඥවරු සමඟ ජේ‍යෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා ප්‍රදීප්ගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ වෙනුවෙන් පෙනී සිටියේය. වැඩිදුර විභාගය ඔක්තෝබර් 3 වැනි දිනට කල් දැමීය.


    - http://mawbima.lk/print20160721MB20161030.php?id=1459
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,620
    28,600
    113
    ලසන්තගේ මරණ පරීක්ෂණය වැරදියි?

    මීට වසර 7 කට ඉහතදී, රාජපක්ෂ රෙජීමයේ කුලී මිනීමරුවන්, විසින් රත්මලාන අධි ආරක්ෂිත කලාපය තුල මහදවල් ඝාතනයට ලක්කළ, ‘සන්ඩේ ලීඩර් ' කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ මරණ පරීක්ෂණයේ නිගමනය වැරදි එකක් බව මේ වන විට සාක්ෂිවලින් තහවුරු වී තිබේ.

    වික්‍රමතුංග මහතාගේ මරණ පරීක්ෂණයේදී නිගමනය වී තිබෙන්නේ ඒ මහතා වෙඩි තැබීමකින් (Gun shot injuries) ජීවිතක්ෂයට පත්වූ බවයි. නමුත් නැවත ආරම්භ වූ විමර්ශණවලදී හෙලිවී ඇත්තේ ඒ මහතාට තියුණු ආයුධයකින් පහර දීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇති ආකාරයයි.
    මේ පිළිබඳව වික්‍රමතුංග මහතාගේ මරණ පරීක්ෂණය පැවැත්වූ කොළඹ දකුණ අධිකරණ වෛද්‍ය නිලධාරී සුමේද පෙරේරා මහතා මේ වන විට පවසමින් සිටින්නේ වෙඩි තැබීමෙන් මෙන්ම තියුණු ආයුධයකින් පහරදීමෙන් එකී මරණීය තුවාල ඇති විය හැකි බවයි.


    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/5357-2016-09-06-16-09-51
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,620
    28,600
    113
    ප්‍රගීත් කොටි චෝදනාවලින් නිදහස් !


    රණවිරු මාධ්‍ය මගින් කොටියෙකු ලෙස හංවඩු ගැසූ, අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ මහතා එසේ නොවන බව අද (06) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී මනා ලෙස ඔප්පු වන ලදී.

    මාධ්‍යවේදී එක්ණැලිගොඩ කොටි සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ බව ඔප්පු කිරීම සඳහා යුධ හමුදා බුද්ධි අංශය විසින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලබා දී තිබූ හඬපටය අධිකරණය මගින් මොරටුව විශ්වවිද්‍යාලයට විශේෂඥ මතයක් සඳහා යවන ලදුව එකී හඬ පටය තැනින් තැන කෑලි එකතු කොට සැදූවක් බව මොරටුව විශ්වවිද්‍යාලය විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

    ඊට අමතරව රහස් පොලිසිය මගින් ප්‍රගීත් එක්ණැලිගොඩ ත්‍රස්තවාදී කටයුතු සඳහා අවශ්‍ය කරන පුද්ගලයෙකුද ? නැද්ද ? යන්න දන්වන ලෙස ත්‍රස්තවිමර්ශණ ඒකකය, රාජ්‍ය බුද්ධි සේවය, විශේෂ විමර්ශණ ඒකකය, ජාතික රහස් ඔත්තු සේවය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුධ හමුදාවට දන්වන ලදුව, එක් ආයතනයක් හැරුණු කොට අනෙක් සෑම ආයතනයක්ම දන්වා තිබුනේ ප්‍රගීත් එක්ණැලිගොඩ කිසිවිටෙක ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සැකයට භාජනය නොවූ අයෙක් බවයි.

    මේ සම්බන්ධයෙන් තවමත් සිය විමර්ශණය රහස් පොලිසියට දන්වා නැත්තේ ශ්‍රී ලංකා යුධ හමුදාව පමනි.

    මහේස්ත්‍රාත් අධිකරණයේ නීති කෘත්‍යන් සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව අවශ්‍ය සහයෝගය ලබා නොදීම පිළිබඳව කරුනු විමසීම සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් යුධ හමුදා බුද්ධි අංශයේ ප්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතාට ඊළඟ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (06) දින නොතිසි නිකුත් කරන ලදී.

    විමර්ශණය සඳහා අවශ්‍ය සහාය ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් දිගින් දිගටම නොලැබෙන්නේ නම් යුධ හමුදාපති ක්‍රිෂාන්ත සිල්වා මහතාටද නොතීසි නිකුත් කිරීමට සිදුවන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර සිටී. යුධහමුදාපතිවරයා පොලිස්පතිවරයා හරහා රහස් පොලිසියට බලපෑම් කිරීමට කටයුතු කළහොත් තනතුර නොසලකා හමුදාපතිවරයාට එරෙහිව කටයුතු කරන බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කර සිටී.


    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/5356-2016-09-06-16-00-19
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,620
    28,600
    113
    තාජුඩීන්ගේ අස්ථි කොටස් ලොරියකින් රැගෙන ගිහින්

    රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථානගතවීම පොදු දේපළ පනත යටතේ වරදක් බව නීතිපතිවරයා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (05) දැනුම් දුන්නා.

    මෙම අස්ථි කොටස් ශීතකරණයෙන් ඉවත් කිරීමෙන් පසු ලොරියකින් රැගෙන ගොස් ඇතැයි ද සාක්ෂි තිබෙන බවයි එහිදී ප‍්‍රකාශ කෙරුණේ. අස්ථි කොටස් මෙලෙස අස්ථානගත වී ඇත්තේ කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරගේ භාරයේ තිබියදී බවද නීතිපතිවරයා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

    ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු යනු රජයේ නිලධාරියෙකු බවද ඒ නිසා ඔහු භාරයේ තිබූ අස්ථි කොටස් පොදු දේපළක් ලෙස සැලකිය හැකි බවද නීතිපතිවරයාගේ දැනුම් දීමේ සඳහන්.

    කෙසේ වෙතත් ආනන්ද සමරසේකරගේ නීතිඥයින් පැවසුවේ අස්ථි කොටස් අස්ථානගතවීම පොදු දේපළ පනත යටතේ වරදක් ලෙස අර්ථ දැක්වීම විශ්මයජනක බවයි. ආනන්ද සමරසේකර මෙහිදී අපේක්ෂිත ඇප අයදුමක් ද ඉදිරිපත් කළා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගතහොත් තමන් ඇප මත මුදාහරින ලෙසයි. ඒ පිළිබඳ තීරණය ලබන 9 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය කියා සිටියා.


    - http://nethnews.lk/article/13670
     
    • Like
    Reactions: MalindhaDR

    monson

    Well-known member
  • May 7, 2007
    25,620
    28,600
    113
    තාජුඩීන් ඝාතනය වූදා ජනාධිපති
    ලේකම් කාර්යාලයේ දුරකථන
    ඇමතුම් වාර්තාවක්‌ සීඅයිඩියට


    සමන්ත ඉලේපෙරුම

    රගර් ක්‍රීඩක මොහොමඩ් වෂීම් තාජුඩීන් ඝාතනයට ලක්‌ වූ දින එනම් 2012 මැයි 16 දා සවස 06 සිට පසුදා උදේ 06 දක්‌වා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලැබුණු හා ලබාගත් දුරකථන ඇමතුම් වාර්තාවක්‌ ලබා ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා ඊයේ (05 දා) නියෝග කළේය.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් එසේ නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු සන්නිවේදන අංශයේ අභ්‍යන්තර දත්ත ජාල පද්ධතියේ සී. පී. යූ. උපාංගය පෙන්ටියම්ස්‌ තාක්‍ෂණික ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරයා වෙත යොමු කොට අදාළ දුරකථන වාර්තා ලබාගැනීම සිදු කරන ලෙසට වැඩිදුරටත් නියෝග කළේය.

    සිද්ධිය සිදුවූ දින ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නාරාහේන්පිට පොලිසියේ ස්‌ථානාධිපතිවරයා වෙත ලබාගත් දුරකථන ඇමතුම් මකා දමා ඇති හෙයින් ඒ සඳහා එම කාර්යාලයේ දත්ත ජාල පද්ධතියේ සී. පී. යූ. උපාංගය තාක්‍ෂණික ආයතනයක්‌ වෙත යොමු කොට දුරකථන වාර්තාවක්‌ ලබාගැනීමට නියෝගයක්‌ නිකුත් කරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කරනු ලැබූ ඉල්ලීමක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් වන මෙම පැමිණිල්ල හෙට (7 දා) යළි කැඳවීමට නියමිතය.


    - http://www.divaina.com/2016/09/06/news06.html