පේපැල් ගැන හැමදේම

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
පේපැල් ගැන හැමදේම

eKUFzpc.jpg

ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි නැවතත් පේපැල් ගැන මේ ආකාරයෙන් සින්හලෙන්ම ලියන්න මම හිතුවා. පේපැල් ගැන සම්පූර්න විස්තරයක් මේ මගින් ලියන්න මම බලාපොරොත්තු වෙනවා. යම් අපැහැදිලි තැනක් තිබුනොත් එය මා වෙත දන්වන මෙන් ඉල්ලා සිටිමි. ඒසේම මෙය කියවිය හැකි මොඩරේටර් කෙනෙක් ඉන්නවා නම් මා ඔහුට කියා සිටින්නේ මෙම ත්රෙඩ් එක මගින් කිසිසේත්ම ප්රෝබක්ස් එකට හානි වන හෝ නීතියට පටහැනි වන කිසිවක් කිරීමට හෝ ප්රෝබක්ස් එක තුලින් අනවසරයෙන් දත්ත ලබා ගැනීමක් සදහා හෝ නොවන බවයි. එම නිසා ඉදිරියේ අප සාමාජිකයන් හට මෙම ත්රෙඩ් එක මගින් පේපැල් ගැන යම් යම් උපකාර හා උපදෙස් ලබා ගැනීම සදහා මෙම ත්රෙඩ් එක පවත්වාගෙන යාමට අවස්තාව ලබා දෙන ලෙසද කරුනවෙන් ඉල්ලා සිටිමි. එසේම මගේ යාලුවනේ මෙම ත්රෙඩ් එක මගින් ඔබට යම් කිසි ගැටලුවක් හෝ යම් කිසි ප්රශ්නයක් ඇත්නම් එය ප්රෝබක්ස් එකට හානි නොවන හෝ නීතියට පටහැනි නොවන ලෙස අසන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි.


• පේපැල් කියන්නේ මොකක්ද
ඇත්තටම පේපැල් කියන්නේ අන්තර්ජාලය හරහා ගනුදෙනු කල හැකි හා මුදල් හුවමාරු කල හැකි ලොවම පිලිගත් විශ්වාශවන්ත නො 01 බැන්කුවකි. එසේම අන්තර්ජාලය තුළ ක්රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාව පේපැල් වේ. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවත් අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ හොදම සම්මතය ලෙස හැඳින්විය හැකිය. ඊබේ වෙබ් අඩවිය තුල ගනුදෙනු කල හැකි එකම මාර්ගයද මෙයයි. පේපැල් මගින් ගනුදෙනු කරන විට වෙනත් ක්රෙඩිට් කාඩ් හෝ වෙනත් බැන්කු ගනුදෙනු මෙන් බිය විය යුතු නැහැ. මොකද අප කරන සියලුම ගනුදෙනු සියල්ලක්ම පේපැල් එකේ අදීක්ශනයෙන් සිදු වෙන නිසා. අපගේ අතින් යම් වරදක් වුනෝතින් එය නැවතත් යතා තත්වයට ගැනීමට හැකිය. එසේම අපගේ ගිනුම හරහා යම් කිසි ගනුදෙනුව්ක් කිරීමෙන් පසුව එය අප හට නොලැබුනේ නම් එම (යම් කිසි බාන්ඩයක් ඇනවුම් කර එය නොලැබුනේ නම්) අප විසින් සිදු කෙරැ එම ගනුදෙනුව අහෝසි කරන්න පුලුවන්. කවුරැන් හෝ අපව රවටා ගිනුමෙන් මුදල් ලබා ගත්තේ නම් හෝ අපගේ මුදල් පැහැර ගත්තේ නම් මයි එකවුන්ට් තුල ඇති රෙසලූශන් සෙන්ටර් මගින් කේස් එකක් ඕපන් කර එය නැවතත් අප හට ගත හැකිය. මෙවැනි ආකාරයේ පහසුකම් රැසක් පේපැල් තුලින් අප හට හිමි වේ.
ලංකාවේ සිට විදේශ රටවලට කරන ගෙවීම් සඳහා පේපැල් භාවිත කළ හැකි නමුත් අප හට ඇති එකම අවාසිය ලංකාවේ නීති වලට අනුව අපගේ රටට වෙනත් රටකින් පේපැල් හරහා මුදල් ගෙන්වා ගත නොහැකි වීමයි. එනමුත් පේපැල් අප රටට හඳුන්වාදීම කෙරෙහි මහ බැංකුවේ අවධානය දැන් යොමුව ඇත. පේපැල් විත්ඩ්රෝවල් සඳහා අනුමැතිය ලබාදිය යුත්තේ මහ බැංකුවයි. ලෝකයේ ඉතාමත් ජනප්රිය මුදල් හුවමාරු සේවාවක් වන පේපෑල් මගින් ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ අවස්ථාව අප රටට ලබාදීම තුළින් විදේශ රටවලට සේවා සපයන පුද්ගලයින්ට විශාල අවස්ථාවක් ලැබෙනවා වගේම එම සේවාවන් වඩාත් වර්ධනය වීමට එය අනුබලයක් වනු ඇත. තව ටික දිනකින් අප රටට පේපැල් විත්ඩ්රෝවල් සඳහා අනුමැතිය ලැබෙනවා නිසැකයි. එය ඉක්මනින්ම අප හට ලැබේවායි ප්රාර්තනා කරමු.
මෙම හේතුන් නිසා පේපැල් මගින් අප රටට මුදල් ලබා ගැනීමේ වෙනත් ක්රමයක් අප විසින් බාවිතා කරනවා. අප රටේ ගොඩාක් අය මෙම ක්රියාව කරන්නේ වසර කිහිපයක සිටයි. එම නිසා බය නැතුම මෙම ක්රමය මගින් ලෙහෙසියෙන්ම මුදල් ප්රෝබක්ස් සිට ඔබගේ පේපැල් ගිනුමටත් පේපැල් ගිනුමේ සිට ලන්කාවටත් මුදල් ලබා ගත හැකිය. එය කරනා ආකාරයන් පහත දක්වා ඇත.

• නව පේපැල් ගිනුමක් සදහා අවශය වන දේ
01. එච් එන් බී බැන්කු ගිනුමක් සහ එම බැන්කුවෙන් ලැබුනු ඉන්ටර්නැශනල් වීසා ඩෙබිට් කාඩ් පත
02. තමාටම හිමි ඊමේල් ගිනුමක්
03. තමාටම හිමි ක්රෙඩිට් කාඩ් එකක් සහ එහි මාසික බැන්කු වාර්තාවක්
04. තමාටම හිමි රියදුරු බලපත්රයක්
මෙහි සදහන් තමාටම හිමි ක්රෙඩිට් කාඩ් එක, එහි මාසික බැන්කු වාර්තාව සහ රියදුරු බලපත්රය පේපැල් ගිනුමක් සැදීම සදහා මුලදි අවශ්ය නොවන නමුත් එය ඔබ ලග තිබීම මගින් ඔබගේ ගිනුම ලිමිටඩ් වූ අවස්තාවක නැවත යතා තත්වයට (අන්ලිමිටඩ්) පත් කර ගැනීමට එය අවශ්ය වේ. මේ ගැන විස්තර පහත දක්වා ඇත.


• නව පේපැල් ගිණුමක් සාදමු
හරි දැන් අපි පේපැල් ගිනුමක් හදමු. මුලින්ම පේපැල් වෙබ් අඩවියට ගොස් (ඩබ්ලිව් ඩොට් පේපැල් ඩොට් කොම්) සයින්අප් ක්ලික් කරන්න. දැන් වෙබ් පිටුවේ දකුනු පැත්තේ ඉහලින් ඇති රට පිලිපීනය ලෙස වෙනස් කරන්න. ඔයාගේ රට හැටියට ශ්රී ලංකාව ලෙස දෙන්න එපා. මොකද ඔයා ශ්රී ලංකා කියල දුන්නොත් ඔයාගේ ගිණුමෙන් සල්ලි යවන්න විතරයි පුළුවන්. පිලිපීනය ලෙස දුන්නොත් ඔයාගේ ගිණුමෙන් සල්ලි යවන්නත් වගේම ගන්නත් පුලුවන්. ඒ නිසා රට පිලිපීනය ලෙස වෙනස් කරන්න. ඊට පස්සේ ප්රිමියර් යටතේ ගෙට් ස්ටාර්ටඩ් කියන බොත්තම ක්ලික් කරන්න. දැන් මීලග පිටුවේ ඔයාගේ තොරතුරු පහත දැක්වෙන ආකාරයට දෙන්න ඕන
1. ඔයාගේ ඊමේල් ගිනුම දෙන්න
2. ඔයා පේපැල් ගිනුමට දෙන්න කැමති රහස් පදයක් දෙන්න
3. නැවතත් ඔයා දුන්න රහස් පදය
4. ඔයාගේ නම
5. ඔයාගේ උපන් දිනය
6. ඔයාගේ නිවැරදි ලිපිනය.
මේකට ඔයාගේ වැරදි ලිපිනයන් දෙන්න එපා. හරි එක දෙන්න. මන්ද නිවැරදි ලිපිනයක් ලබා දීම මගින් මොකක් හරි ප්රශ්නයක් උනොත් මේ පේපැල් ගිනුම ඔයාගේ කියල ඔප්පු කරන්න පුළුවන් නිසයි.
7. ඔයාගේ ප්රාන්තය හෝ ප්රදේශය
8. ඔයාගේ පලාත
9. ඔයාගේ පලාතේ පෝස්ටල් කෝඩ් එක.
10. ඔයා කැමති දුරකතන අංකයක්. දුරකතන අන්කය මේ ආකාරයෙන් ලබා දෙන්න (0094xxxxxxxx). මෙය ලබා දුන්නා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ ගැන නම් බය වෙන්න එපා. සියලු තොරතුරැ ලබා දී අවසානයේ ඇග්රි ඇන්ඩ් ක්රියේට් එකවුන්ට් බොත්තම ක්ලික් කරන්න.

දැන් මීලග පිටුවේ ඔයාගේ ගිනුමට කාඩ් එක ලින්ක් කරන්න යැයි ඉල්ලයි. එය පසුව කිරිම සදහා පිටුවේ පහල ඇති ගෝ ටු මයි එකවුන්ට් බොත්තම කරන්න. දැන් මීලග පිටුවේ ඔයාගේ පේපැල් ගිනුම පෙන්වන අතර එය තාමත් සම්පූර්න වී නැත. එය සම්පූර්න කිරීම සදහා දකුනු පැත්තේ ඇති නෝටිෆිකේශන් කොටුවේ ඇති කන්ෆර්ම් ඊමේල් ඇඩ්ඩ්රස් බොත්තම ක්ලික් කරන්න. පසුව එන පිටුවේ දී කන්ෆර්ම් බොත්තම ක්ලික් කරන්න. එම බොත්තම කර පසුව ඔබගේ ගිනුම තහවුරු කර ගැනීම සදහා පේපැල් ආයතනය විසින් ඔබගේ ඊමේල් ගිනුමට ඊමේල් පනිවිඩයක් එවනු ලැබේ. දැන් ඔබගේ පේපැල් ගිනුමෙන් ඉවත් වී ඔබගේ ඊමේල් ගිනුම වෙත ගොස් පේපැල් මගින් එවනු ලැබූ ඊමේල් එකේ ලින්ක් එක ක්ලික් කරන්න. එවිට නැවතත් ඔබගේ පේපැල් ගිනුම වෙත පැමිනේ. දැන් නැවතත් ඔබගේ ඊමේල් එක හා රහස් පදය එක සදහන් කර පේපැල් එකට ලොග් වෙන්න. දැන් මීලග එන පිටුවේ ප්රශ්න 2 ක් තෝරලා ඒවාට ඔබ කැමති උත්තර ටයිප් කරන්න. හැබැයි මේ උත්තර හොදට මතක තියෙන්න ඕන. උත්තර ලබාදී අවසානයේ සබ්මිට් බොත්තම කරන්න. දැන් ඔබගේ පේපැල් ගිනුම සාර්තකව සාදා අවසානයි. නමුත් ඔබට ගනුදෙනු කිරීම සදහා ඔබගේ ගිනුම වෙරිෆයි වී තිබිය යුතුය. පේපැල් ගිනුම වෙරිෆයි නොකර වුනත් ඔබට ඔබගේ පේපැල් ගිනුමට මුදල් ගෙන්වා ගත හැක. නමුත් එම මුදල් ලන්කාවට ගෙන්වා ගැනීමට හෝ යම් කිසි ආයතනයකට ගෙවීමට හෝ ප්රෝබක්ස් තුලට මුදල් දැමීමට නම් අනිවාර්යෙන්ම පේපැල් ගිනුම වෙරිෆයි වී තිබිය යුතුය.

• පේපැල් ගිණුම වෙරිෆයි කරමු
අපි පේපැල් ගිනුම වෙරිෆයි කරන්නේ අපගේ එච් එන් බී කාඩ් එක හරහායි. කොමර්ශල් හෝ සම්පත් බැන්කුවේ කාඩ් එකක් උනත් ප්රශ්නයක් නැහැ. නමුත් ඔබ මුදල් ලන්කාවට ගෙන්වා ගැනීමට අදහස් කරනවා නම් එච් එන් බී කාඩ් එක තමයි මම යෝජනා කරන්නේ. මුලින්ම ඔබගේ එච් එන් බී බැන්කුවේ ගිනුමේ ශේශය අවම රුපියල් 750 ක් තිබේදැයි පරික්ශා කර බලන්න. මොකද පේපැල් ආයතනයට අපගේ පේපැල් ගිනුම වෙරිෆයි කිරීමේදී අවම $2.00 - $4.00 ක් අතර අගයක් අපගේ බැන්කු ගිනුමෙන් කපා ගන්නා නිසා එම මුදල බැන්කුවේ තිබීම අනිවාර්ය වේ. බය වෙන්න එපා ඔබේ බැන්කු ගිනුමෙන් කැපෙන එම මුදල ඔබගේ පේපැල් ගිනුම වෙරිෆයි වුනු විට පැය 2 ක් අතුලත නැවතත් ඔබගේ පේපැල් ගිනුමට බැර වෙනවා. තවද ඔබගේ එච් එන් බී කාඩ් පත අන්තර්ජාල ගනුදෙනු සදහා සක්රිය විය යුතුය. එය සක්රිය කර නොමැති නම් කාඩ් සෙන්ටර් එකට කෝල් එකක් අරන් කියන්න ඔයාගේ කාඩ් එක අන්තර්ජාල ගනුදෙනු සදහා සක්රිය කරලා දෙන්න කියලා. මේ සදහා සතයක්වත් යන්නේ නැහැ.

ඔක්කොම හරි නම් දැන් අපි පේපැල් ගිනුම වෙරිෆයි කරමු. මුලින්ම පේපැල් ගිනුමේ උඩ ඇති ගෙට් වෙරිෆයිඩ් බොත්තම ක්ලික් කරන්න. දැන් මීලග එන පිටුවේ අපට ගිනුම වෙරිෆයි කරගන්න ඔප්ශන් 2ක් පෙන්නුම් කරනවා. එයින් කන්ෆර්ම් යුවර් ක්රෙඩිට්/ඩෙබිට් කාඩ් එක සිලෙක්ට් කර ගෙට් ස්ටාර්ටඩ් බොත්තම ක්ලික් කරන්න. පසුව එන පිටුවේ දී කාඩ් වර්ගය වීසා ලෙස තෝරන්න. ඔයාගේ කාඩ් නම්බර් එක හිස්තැන් නැතුව ටයිප් කරන්න. එසේම ඔයාගේ කාඩ් එක අවලංගු වන දිනය හා කාඩ් එකේ සිකියුරිටි කෝඩ් එක ටයිප් කරන්න. අවසානයේ කන්ටිනිව් බොත්තම ක්ලික් කරන්න. දැන් සියල්ල අවසානයි. මේ වන විට ඔබගේ බැන්කු ගිනුමෙන් යම් කිසි මුදලක් පේපැල් ආයතනය විසින් කපා ගෙන ඇත. කපා ගත් මුදල කීයක්දැයි ඔබට බැන්කුවෙන් කතා කොට දැන ගත හැක. දැන් ඔබ පේපැල් ගිනුමෙන් ලොග් ඕෆ් වෙන්න. ඔබගේ පේපැල් ගිනුම වෙරිෆයි කිරීම සදහා පේපැල් ආයතනය විසින් ඔබගේ කාඩ් පත වෙත අන්ක 4 ක කෝඩ් එකක් එවනු ලබයි. එම කෝඩ් එක ලබා ගත යුත්තේ ඔබගේ කාඩ් සෙන්ටර් එක හරහාය. මෙය ලැබීමට දින 3-4 ත් අතර කාලයක් යන බැවින් එතෙක් ඉවසිය යුතුය. දින 3-4 කින් පසුව ඔබ කාඩ් සෙන්ටර් එකට කෝල් එකක් අරන් කියන්න ඔයාගේ කාඩ් එක පේපැල් එකට ලින්ක් කරා පේපැල් එකෙන් එවපු Code එක දෙන්න කියලා. මේ සදහා කිසිදු මුදලක් අය නොකෙරේ. කාඩ් සෙන්ටර් එකෙන් දෙන එම කෝඩ් එක අරගෙන ඔයාගේ පේපැල් ගිනුමට දැන් ලොග් වෙන්න. දැන් දකුනු පැත්තේ ඇති නෝටිෆිකේශන් සෙක්ශන් කොටුවේ ඇති කන්ෆර්ම් කාඩ් බොත්තම ක්ලික් කරන්න. දැන් මීලග එන පිටුවේ පේපැල් කෝඩ් යටතේ ඔයාගේ පේපැල් කෝඩ් එක ටයිප් කරන්න. පසුව කන්ෆර්ම් කාඩ් බොත්තම ක්ලික් කරන්න. දැන් ඔබට පනිවිඩයක් දිස් වේ. එහි සදහන් වන්නේ ඔබගේ පේපැල් ගිනුම වෙරිෆයි වී ඇති බවයි. දැන් ඔබට සාර්තකව මුදල් ඔබගේ ගිනුමට ගෙන්වා ගන්නත් යවන්නත් පුලුවන්.



• පේපැල් එකෙන් ලන්කාවට මුදල් ගෙනෙමු
ඔයාට ඊබේ එකේ ගනුදෙනු කරන්න නම් පුලුවන්. නමුත් සමහර අය නම් බලාපොරොත්තු වෙන්නේ එම මුදල් ලන්කාවට ගෙනෙන්න. සමහර අය නම් මෙය දන්නවා. මෙය නම් එතරම් අමාරු දෙයක් නම් නෙවෙයි. මෙන්න මෙහෙමයි. මුලින්ම ඔයාගේ පේපැල් ගිනුමට ලොග් වෙන්න. එහි උඩ සදහන් විත්ඩ්රෝ බොත්තම ක්ලික් කරන්න. දැන් මීලග එන පිටුවේ විත්ඩ්රෝ ටු ක්රෙඩිට් කාඩ් ඔප්ශන් එක සිලෙක්ට් කර ඕකේ කරන්න. දැන් ඔබට පෙනේවි ඔබ විසින් ලින්ක් කර ඇති ඔබගේ කාඩ් එක හෝ දෙක හෝ ඔබ ලින්ක් කර ඇති ඕනම කාඩ් එකක්. සාමාන්යයෙන් අපි එක කාඩ් එකක් පමනක් ලින්ක් කරාම ඇති. දැන් එම කාඩ් එක තෝරාගන්න. ඔබට ලන්කාවට ගෙන්වීමට අවශ්ය මුදලේ ප්රමානය සදහන් කරන්න. එය ඩොලර් අගයෙන් පමනක් සදහන් කරන්න. පසුව ඕකේ බොත්තම ක්ලික් කරන්න. දැන් මීලග පිටුවේ ඔබ විසින් තෝරා ගත් කාඩ්පත හා එයට ලබා ගැනීමට අවශ්ය මුදලේ වටිනාකම නැවතත් පෙන්වයි. එය හරි නම් ඕකේ බොත්තම ක්ලික් කරන්න. දැන් ඔබ සාර්තකව ඔබගේ පේපැල් ගිනුමේ සිට ඔබගේ කාඩ්පතට මුදල් ලබා ගෙන ඇත. දැන් ඔබගේ පේපැල් ගිනුමෙන් ලොග්අවුට් වෙන්න. ඔබගේ පේපැල් ගිනුමේ සිට ඔබගේ කාඩ්පතට මුදල් ලැබීමට වැඩ කරන දින උපරිම 14 ත් 21 ත් අතර යන නිසා එතෙක් ඔබට බලා සිටීමට සිදු වෙනවා. ඔබගේ කාඩ්පතට මුදල් ආවේ නැත්තම් කාඩ් සෙන්ටර් එකට කෝල් කරලා වැඩේ අවුල් කර ගන්න එහෙම එපා. බය නැතුව ඉන්න අනිවාර්යෙන්ම ඔබ්ගේ කාඩ්පතට නොහොත් ඔබගේ බැන්කු ගිනුමට මුදල් එයි.

•ලිමිට් වුන පේපැල් ගිනුම අන්ලිමිට් කරන හැටි
හරි මම දැන් කියලා දෙන්නම් කොහොමද ලිමිටඩ් උන පේපැල් එකවුන්ට් එකක් ආයෙත් අන්ලිමිට් කරන්නේ කියලා. ගොඩක් අය කරන එක වැරද්දක් තමයි තමාගේ පේපැල් ගිනුම ලිමිට් උනාම අලුත් පේපැල් ගිනුමක් ඒ නමින් ආයෙත් හදන එක. ඒක වැරදියි. මොකද අපේ ගිනුම ලිමිට් උනොත් පේපැල් ආයතනය අවදානයෙන් ඉන්නේ අපි කොයි වෙලේද තව ගිනුමක් හදන්නේ කියලා. එසේ තව ගිනුමක් හැදුව විට ඒ ගිනුමත් දින කිහිපයක් යන්නට මත්තෙන් ලිමිට් කරනවා නිසැකයි. ඒ නිසා එවැනි අවස්තාවක තව ගිනුමක් හදන්නේ නැතුව අපි අපේ තිබුන ගිනුම ආයෙත් ලබා ගමු. මෙන්න මෙහෙමයි. ඔයාගේ පේපැල් එකවුන්ට් එක ලිමිට් උනා කියලා ඔයාගේ ඊමේල් ගිනුමට පනිවිඩයක් ආ විට කෙලින්ම පේපැල් ගිනුමට ලොග් වෙන්න. උඩ තියෙන රෙසලූශන් සෙන්ටර් එක ක්ලික් කරන්න. දැන් මීලගට එන පිටුවේ ඔයාගේ ගිනුමේ ලිමිට් වූ බව පෙන්වයි. පිටුවේ පහලින් බිගින් අ ලිමිටේශන් රිවීව් යටතේ ඔබගේ ගිනුම නැවත අන්ලිමිට් කිරීම සදහා අවශය ලිපිගොනු මොනාදැයි ඉල්ලයි. එම ලිපිගොනු සෑම එකක් ලගම ඉස්සරහින් රිසොල්ව් බොත්තමක් ඇති. ඉල්ලන සෑම ලිපිගොනුවක් ලගම රිසොල්ව් බොත්තම ක්ලික් කර එයට අදාල ඔබගේ ලිපිගොනු අප්ලෝඩ් කල් හැක. අප්ලෝඩ් කල අවසානයේ ඔබ විසින් අප්ලෝඩ් කරන ලද ලිපිගොනු මොනාදැයි ලියා දක්වන්න. දැන් ඕකේ කර ලොග් ඕෆ් කර ඔබගේ පේපැල් ගිනුමෙන් ඉවත් වන්න. ගොඩාක් දුරට එයාලා ඉල්ලන්නේ ඔයාගේ පින්තූරයක්, ඔයාගේ ලිපිනය තහවුරු කරගැනීම සදහා ඔබගේ ඕනෑම ලියවිල්ලක්. මේ සදහා ඔයාගේ ක්රෙඩිට් කාඩ් පතෙහි මසික වාර්තාවක් ලබා දෙන්න. ඒකෙ ඔයාගේ ලන්කාවේ ලිපිනයන් තිබුනට බය වෙන්න එපා. පැය 24 ක් ඇතුලත ඔබගේ පේපැල් ගිනුම නැවතත් අන්ලිමිට් වූ බව ඊමේල් පනිවිඩයකින් එවනු ලබයි. දැක්කනේ හරිම ලේසියි. ඔයාගේ තිබුන පේපැල් ගිනුම අයින් කරන්නේ නැතුව මේ ආකාරයෙන් ආපසු ගන්න. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හදිස්සියෙවත් එයලා ඇහුවොත් ඔයා පිලිපීනයේ නම් ඇයි ලන්කාවේ ලිපිනයන් එව්වේ කියලා ඔයා කියලා යවන්න ඔව් මම පිලිපීනයේ හිටියාට මම රැකියාව කරන්නේ ලන්කාවේ බව. එසේ කියූ විට නැවත කිසිම ප්රශ්නයක් වන්නේ නැහැ. එහෙම මෙතෙක් ඇති වෙලත් නැහැ.


පේයොනියර් කාඩ්පත ප්රෝබක්ස් වලට නම් එතරම් වැදගත් නොවන නමුත් පේපැල් පාවිච්චි කරන අපේ යාලුවන්ට නම් මෙය ගොඩාක් වටිනවා. පේයොනියර් ගැන එක එක අය විවිද මත පල කර තිබුනත් හරියාකාර විස්තරයක් මා හටද තාමත් ලැබුනේ නැහැ. දින ගනනාවක් ගූගල් එකේ පෝස්ට් විශාල ප්රමානයක් කියවා ඒවායින් විස්තර ලබා ගෙන මා විසින් ලැබූමේ අත්දැකීම් ඔබ වෙතට මෙසේ පත් කරන්න ලැබීම ගැන මා ඉතා සන්තෝස වෙනවා. එසේම මෙම පෝස්ට් එක ගැන කිසියම් ගැටලුවක් හෝ ප්රශ්නයක් ඔබට ඇත්නම් එය සින්හල අකුරෙන් ටයිප් කර එම පැනය විමසනමෙන් ඉල්ලා සිටිමි. මොකද මෙවැනි පෝස්ට් අපහට ඉතා වටින අතර එය ආරක්ශාකර ගැනීම උදෙසා මෙසේ සින්හලෙන්ම බාවිතා කිරීම ඉතා සුදුසුය.​

-ekathuwa
 

IXXX

Member
Dec 2, 2015
825
63
0
Lankawe apita Full Paypal nathuwa mona paypal da ban..
Oya Ohey parippui bathui kala pathaka wela hitapan
 

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
Lankawe apita Full Paypal nathuwa mona paypal da ban..
Oya Ohey parippui bathui kala pathaka wela hitapan

රට දියුණු වෙන්න නම් රටට ආදායමක් තියෙන්න ඕනේ. පේපැල් වගේ එකක් නැති නිසා, ජිල්මාට් හරි දාන්න වෙනවා නැත්නම් ඔන්ලයින් බිස්නස් කරනවා බොරු.
 

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    bro


    mama paypal ekak hari address..SL kiyala country dala..tel no dala haduwa..
    verify karanna mukuth upload kale na..eth Verified kiyala watilane
    mama sampath web card link kala
    danata ebay eken badu order kala..web card eken gewwa..

    paypal nathuwa..sampath web card eken kelinma gewanna puluwan neda..eka online card ne
     
    Last edited:

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    bro


    mama paypal ekak hari address..SL kiyala country dala..tel no dala haduwa..
    verify karanna mukuth upload kale na..eth Verified kiyala watilane
    mama sampath web card link kala
    danata ebay eken badu order kala..web card eken gewwa..

    paypal nathuwa..sampath web card eken kelinma gewanna puluwan neda..eka online card ne

    මේ සීන් එක මොකක්ද?පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ..
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඕවා වැඩක් නැහැ ඕයි. ඕවා ඕන පොඩි එකෙක් දන්නවා. පුලුවන්නම් ලියපන් කොහොමද එකවුන්ට් එකක් ලිමිට් වෙන්නේ නැතුව තියාගන්නේ කියලා. ලිමිට් උන අකවුන්ට්ස් ලිෆ්ට් කරන්නේ කොහොමද කියලා.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඕවා වැඩක් නැහැ ඕයි. ඕවා ඕන පොඩි එකෙක් දන්නවා. පුලුවන්නම් ලියපන් කොහොමද එකවුන්ට් එකක් ලිමිට් වෙන්නේ නැතුව තියාගන්නේ කියලා. ලිමිට් උන අකවුන්ට්ස් ලිෆ්ට් කරන්නේ කොහොමද කියලා.

    නොදන්න එවුනුත් ඉන්නවා බන් සැහෙන්න.එකෙක් හරි ඉගෙන ගනිවිනෙ.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මම සම්පත් වෙබ් කාඩ් වලින් ගෙවන්න ගියාම,,පේපල් එකක් ඔපෙන් කරන්න ලින්ක් ආව,,දැන් වෙබ් කාඩ් එක පේපල් එකට ඇඩ් වෙලා....

    මට රිෆන්ඩ් ආවොත්,,,ඉන්කම් ආවොත් පේපල් එකටද යන්නෙ
    එතකොට ගන්න බැරිද

    සම්පත් වෙබ් කාඩ් එක පේපල් එකෙන් අයින් කරල ඒකෙන්ම ග්වුවොත් රිෆන්ස්,,ඉන්කම් සල්ලි සම්පත් බෑන්ක් එකෙන් ගන්න පුලුවන්ද

    mama paypal verify muluth kale na,,eth verified kiyala watila eke


    Probaks kiyanne monada machan