ගත්ත බඩ්ඩ තමා මේක.
මං කලින් Thread එකක් දැම්මා Custom එකෙන් මේක ගන්නෙ කොහොමද කියලා.ඉතින් ඒකට කිරියෙ ගොඩක් අය ප්‍රතිචාර දක්වලා මට උදවු කරා.ඒ හැම කෙනාටම ස්තූතියි
ඉතින් මං ඊයෙ ගියා ඒක ගන්න.පුදුම කට්ටක් කෑවෙ.
රස්තියාදු උනා පැය 2ක් විතර.උන් දවල්ට කන්නම පැයක් ගන්නවා.අපි උඩ බලන් ඉන්න ඕනා නාලා කාලා ඔක්කොම කරන් එනකන්.උන්ව දැක්කම අපිටත් කම්මැලි හිතෙනවා.සුද්දියෙක් ඇවිත් කෑගහලා ගියා බැනලා.රටටත් එක්ක ලැජ්ජයි
මේ එතන හිටිය වෙලාවෙ කරන්න දෙයක් නැතුව.කස්ටම් ඔෆිසර් වලදනවා
ඇත්තම කියනවා නම් පෙට්ටිය දූෂණය කරා මං ඉස්සරහම.පොත්තටම යනකන්ම ඇරලා බැලුවා.පෙට්ටිය ඩැමේජ් කරා.කිසිම පරිස්සමක් නෑ

මේ තියෙන්නෙ ඇතුලෙ තිබ්බ පෙට්ටි දෙක,එකක කැම් එක.අනික් එකේ මයික් එකක්.දැක්කද ඉරි පාරවල්
මෙන්න ඩැමේජ් කරපු එක.පිහියෙන් පොලිතින් එක කැපුවෙ අනුන්ගෙ දෙයක් කියලවත් පරිස්සමින් නෙමෙ.ඔහේ කැපුව පෙට්ටියත් කැපෙන්න.

මෙන්න මයික් එකේ බොක්ස් එක.ඇතුලෙ මයික් එක.ඔස්මෝ එකේ audio recording දුර්වලයි එ නිසා මේක එයාල පස්සෙ නොමිලෙම දෙන්න තීරණය කරා.
මෙන්න තියෙනවා බඩු.මෙකෙ අස්සෙ තමා භාණ්ඩෙ තියෙන්නෙ.ලස්සන පොඩි බෑග් එකක් යන යන තැන අරන් යන්න ලේසි වෙන්න
මේ තියෙන්නෙ කැම් එක.පොඩි පටියක් තියෙනව වැටෙන් නැතුව තියෙන්න
අතට පහසුයි.සෙල්‍ෆි ස්ටික් එකක් වගේ තමයි.ඒත් වැඩ ගොඩාක් කරන්න පුලුවන්.
මේ ටික තමා ඇතුලෙ තිබ්බෙ මැනුවල් එහෙම එක්ක.චාජර් එකයි.බැට්‍රියයි.අතේ එල්ලන් ඉන්න පුලුවන් පොඩි පටියයි ඔය වගෙ පොඩි පොඩි අයිටම්.මේකෙ storage තියෙන්නෙ Micro SD එකේ.16GB කාඩ් එකක් මේකත් එක්කම හම්බෙනවා
බැට්‍රිය පැයක් චාජ් කරන්න කියලා තිබ්බා.ඉතින් කරා.මෙන්න එකෙන් ගත්ත පොටෝ එකක්.ඉස්සරහට කරන වීඩියෝ මෙකෙන් තමා කරන්න හිතන් ඉන්නෙ.එතකොට දාන්නම් කො.පොටෝ එක ලොකු වැඩි වෙයි කියලා මං quality එක අඩු කරා.12mp still Resolution තියෙනවා මාර smooth ෆ්ලැට් ප්‍රොෆයිල් ගැහුවෙ
මේක මං ගත්තෙ 559$කට වගේ.ඒ කියන්නෙ රුපියල් 80,000=/ කට වගේ
මේකෙ විෂේශත්වය තමා stabilization.මේකෙ කැම් එක stabilize වෙන්නෙ 3-axis gimbal කියන එකෙන්.ඔය නිකන් කැමරාව වටේ අංඩවල් වගේ තියෙන්නෙ කෑලි.ඒවගෙන් තමා ඕක වෙන්නෙ.stabilization තියෙන හින්දා හෙල්ලෙන්නෙ නෑ පාවෙනවා වගේ.
පොඩි හින්ද පාලනය කරන්න ඉතාම ලෙසීයි. 4K වෙනකන් වීඩියෝ කරන්න පුලුවන්.1080p60fps පුලුවන්.slow motion වීඩියෝ පුලුවන්.time lapse වීඩියෝ පුලුවන්.

DJI Inspire 1 එකේ x3 කැම් එක තමා පොඩ්ඩක් මොඩිෆයි කරලා මේක හදලා තියෙන්නෙ.
මේකෙ display එක නෑ.ඉතින් ඒ වෙනුවට තමන්ගෙ android නැත්නම් apple ෆෝන් එකක් පාවිච්චි කරන්න වෙනවා.එයාල compatible list එකක් දීලා තියෙනවා.මා ගාව තියෙන්නෙ Sony Z3 එකක්.ඉතින් අපි ෆෝන් එකට DJI Go ඇප් එක දාලා තමා කැම් එකේ සෙල්ලං දාන්න පුලුවන්.
shutter speed,ISO,color profiles,resolution.තමුන්ට කැමති කැමති විදිහට settings හදාගත්තැහැකි.
තව මේකට අනං මනං ගැජට් කෑලි ගන්න පුලුවන් ඕන නම්.
හොද වගේම ඕනම දේක නරකත් තියෙනවා
මේකෙ නරක නං,battery life අඩුයි.කලින් තිබ්බ විදිහට පැය බාගයක් වගේ විතරයි රෙකෝඩ් කරන්න පුලුවන්.ඒත් එයාල දීපු අලුත් අප්ඩේට් එකෙන් පැයක් රෙකෝඩ් කරන්න පුලුවන්.පැය 6ක කාලයක් standby තියන්න පුලුවන්.තව ඉතින් බැට්‍රියක් 2ක් ගත්ත නම් වැඩේ ශේප්

ඒ වගේම මේකෙ තියෙන audio quality එක හරිම අඩුයි.මේක හදාගන්න පුලුවන් හොද වර්ගයක මයික් එකක් ගැහුවම.
(දීපු flexi mic එකත් අවුලක් නෑ)
තව low light shooting අවුල්.ඒ කියන්නෙ රෑ කාලයේ රෙකෝඩ් කරන ඒවා අවුල්.
එත් settings හදලා මොනා හරි කරන්න පුලුවන්.
තව zoom කරන්න බෑ.හැබැයි Digital Zoom තියෙනවා.depth of field එකත් මේ කැම් එකෙ නම් නෑ
osmo එකේ limits තියෙනවා.එත් ඒ limit එක ඇතුලත කරන්න පුලුවන් දේවල් බොහොමයි.

වීඩියෝ වැඩ කරන්න ආසා අය ඉන්නව නම්(Home Videos,Youtube videos,Vlogging වගේ) මේක නියම භාණ්ඩයක්.
මම මේක ගත්තෙ මට මේක ගොඩාක් ප්‍රොයොජනවත් වෙනවා.මොකද මං dancing කරන හිංදා video shoot කරන්න නියමයි.
Post එක හොද නම් දන්න නොදන්න අයට බලන්න එක්ක bump එකක් දාගෙන යන්න.ස්තූතියි!
මෙන්න සයිට් එක
http://store.dji.com/product/osmo

(දීපු flexi mic එකත් අවුලක් නෑ)තව low light shooting අවුල්.ඒ කියන්නෙ රෑ කාලයේ රෙකෝඩ් කරන ඒවා අවුල්.
එත් settings හදලා මොනා හරි කරන්න පුලුවන්.තව zoom කරන්න බෑ.හැබැයි Digital Zoom තියෙනවා.depth of field එකත් මේ කැම් එකෙ නම් නෑ
osmo එකේ limits තියෙනවා.එත් ඒ limit එක ඇතුලත කරන්න පුලුවන් දේවල් බොහොමයි.

වීඩියෝ වැඩ කරන්න ආසා අය ඉන්නව නම්(Home Videos,Youtube videos,Vlogging වගේ) මේක නියම භාණ්ඩයක්.
මම මේක ගත්තෙ මට මේක ගොඩාක් ප්‍රොයොජනවත් වෙනවා.මොකද මං dancing කරන හිංදා video shoot කරන්න නියමයි.
Post එක හොද නම් දන්න නොදන්න අයට බලන්න එක්ක bump එකක් දාගෙන යන්න.ස්තූතියි!
මෙන්න සයිට් එක
http://store.dji.com/product/osmo
Last edited:
rs. 85,000
වැරැද්ද දැන්ම හැදුවා